Friday, May 21, 2010
ඔපරේෂන් ගැහුවා-වැහුවා...!!
[Episode 1]
බදාදා කියන්නේ මට නම් අතිශය කාර්ය බහුල දවසක්. මොකද කිව්වොත් දවස පුරා ම දේශන පැවැත්වෙනවා. නමුත් එදාට මං අවදි වෙන්නේ ටිකක් ප්රුමාද වෙලා. පළමු දේශනය එකොළහට තියෙන නිසා සතිය මැද එකතු වන කුණු රෙදි ටික සෝදා ගන්නට බදාදා උදේ වරුවේ සුබ නැකතක් යෙදෙනවා. සුපුරුදු පරිදි දවස පටන් ගන්න මං ළතැවුනේ රෙදි හේදුවට වේලගන්න අව්වක් නැති වෙච්ච නිසා. වැස්ස වළාහක දෙවියොත් පියම්බිකාව එක්ක කොක්ක දාගෙන හට්ටි මුට්ටි පොඩි කිරීමේ පුන්යක කර්මය හේතුවෙන් මිලි මීටර බර ගණනක වරුසාවක් වහිනවා. “මගේ කලිසම වේල ගන්නට අව්ව නැති වූ ලෝකයේ...” කිය කිය තෙත බරිත ඩෙනිම ඩ්රසයරයට දාලා මමත් ලක ලැහැස්ති වුනේ එකොළහේ දේශනයට යන්න.
මගේ මෝනින් ෂෝ එක ටිකක් අපතට් උනේ, උදේ පාන්දර ම ක්ලෝසා කතා කරලා දුන්න ආරංචිය නිසා. “මචං මෙහේ ගහගන්නවා. මං මේ ලෙක්චරේට යන ගමන්. උඹත් ඇවිත් ම බලපන්.” හත්තිලව්වට ගහපු කලාබරේ කිව්වලු. සීවරං දෙයියනේ මගේ කසාදෙත් කැඩෙන වැඩක් නේ මේක?? මට දෙලෝ රත්වුනා. පරදාර සේවනය නිසා අගබිසව මට විරුද්ධව හවුස් කෝට් එකේ කේස් එකක් ෆයිල් කරලයි තියෙන්නේ. උසාවි නියෝගය ප්රයකාරව ඈ මට බ්රුහ්ම දණ්ඩය පනවලා අදට දින පහක්. අයියෝ අද කොහොම හරි සාකච්චා මාර්ගයෙන් සමථයකට පත් කරගන්න ඕනෑ. නැත්නම් ප්රේටම පූජාසනේ සුනේ සුන්.... කොහෙද වලි සුනාමියට මං හදපු වැලි මාළිගා ගසා ගෙන ගියානේ?? හිතෛෂී අන්තඃපුර සේවිකාවන් මගින් මඟට ම ඇමතුම් දෙමින් ගෙදර ඉන්න කිව්වත් “බිය නොවන්න සොඳුරිය, මාගේ මේ දුන්නෙන් හා කඩුවෙන් මම ඔබ ආරක්ෂා කරමි” වගේ පොර ටෝක් ටිකක් දිදී මං පාරට ආවා. අවංකව කියනවා නම් මොනව හරි උනොත් දුවා ගන්න පාරත් මදි වෙනවා. අර ප්රෞ ඩ කියනවා වගේ ඒත් ඒක දන්නෙ මං විතරනේ?? මේ සියලු කැටයම් අග රැජින සමඟ යළි සන්ධාන ගත වීමේ ද්වන්ධ අරගලය වෙනුවෙන්. අපි වෙනුවෙන් මං කියලා හිතාගෙන සරසවි යුධ පෙරමුණට යන්න මං තීරණය කළා. හෙල්මට් එකක්, සිද්ධාර්ථ තෙල් කුප්පියක්, තෙත තුවායක් වගේ අඩුම කුඩුම ටිකක් තිබුණ නිසාත් යන්තරේ කරේ තියෙද්දි කිරි පාට පිරිත් නූලක් අතේ තිබුණ නිසාත් චකිතයත් තිබුණේ නෑ. අතපාළුවට දොදොල් පත්ත දුමෙන් ගන්න මං අමතක කළේ නෑ.
වෙලාව දහයයි කාලයි. වේලාසන වැඩි ද මන්දා?? කිරිබත්ගොඩ ගලලා නිසා සැලකිය යුතු වෙලාවක් වාහන පෝලිමේ ගියා ම එකොළහටවත් කැම්පස් යනවා බොරු. මර්වින් අංකල්ට පින් සිද්ධ වෙන්න දහයයි හතළිස් පහ වෙනකොට මං කැම්පස් එක ඉස්සරහා. ( මර්වින් අංකල් ඉක්මණට ඇළ කපපු නිසා වතුර බැහැලා ගිය බවයි මිනිස්සු කියන්නේ) කලබලේ පාර පැනලා ඉක්මන් ගමනින් උඩට යන්න එනකොට හෝල්ට් එකේ හිටපු මිනිස්සු මා දිහා බැලුවේ කන්න වගේ. හැමෝ ම අමුතු හිනාවක් දැම්මේ ‘තමුන් පණ කඩන් දුවන් ගියාට වැඩක් නෑ කියන්න වගේ. ටිකක් උඩහට නඟන කොට ම කාකි කෝට් සමඟ අයියලා හරි හරියට ගුස්ති අල්ලනවා දැකගන්න පුළුවන් උනා. ‘ඇර සොයිසා ඇර’!! පාර දිගේ දුරස්ථ අධ්යාුපනේට ම ආවා. ඝෝෂාව සමඟ වලිය නැඟලා යනවා. වෙලාව 11.05 යි. දෙපැත්තට ම ගල් පියාඹනවා. එතන නිකම් මුල්ලි වයික්කාල් වගේ. පොද්දෝ වීදුරු බෝතල් උඩින් එවන කොට අලයෝ පොලු මුගුරු උරුක් කරන් ඒවා බ්ලාස්ට් කරනවා. තව ටිකක් සංවර්ධනය කළ නම් පොර පොල් වගේ ජාතික ක්රීුඩාවක් ආරම්භ කරන්න තිබුණා. දහයාමාරට පටන් ගත්ත වලිය කූටප්රා ප්තියට පත් වුනේ 11.15 විතර වෙන කොට මේ වෙන කොට A3 ක්රී්ඩාගාරය වගේ ම N3 විවෘත හා දුරස්ථ අධ්යයන කේන්ද්රනය ආදී උස් තැන්වල අතුරු සිදුරු නැතිව කට්ටිය පිරිලා. ඒවා A ශ්රේ ණියේ නැරඹුම් මැදිරි.
“නුවරු සඳලු සිය දහස් පුරා නැඟෙමින් ඝෝෂා දෙන්නට වන. ජනී ජනයා මැසි මත්තෙහි මැසි බඳිමින් කුමක් වන්නේ දෝහෝයි බලා සිටියහ. අයෙක් අනේ අපොයි! කීහ. තවකෙක් සාධු සාධූ යැයි කියන්නට වන.”
- විද්යායචක්රහවර්තී, බුත්සරණ - නාලාගිරි දමනය
මහපාර තමයි එකම අභය ස්ථානය. පාර පුරා පොලිස් ආරක්ෂාව. කැලණි පොලිස් අධිකාරී කිත්සිරි ගනේගම මහත්තයා 61-7142 නිල රථයෙන් සිද්ධියට එන්ටර් වුනේ මේ වෙලාවේ. සයිරන් ගහගෙන පළාතම අඩවගෙන ආපු ගනේගම අංකල් නිසා හිටපු පොලිස්කාරයින්ට සේලයින් ටිකක් ලැබුණා. ප්රොථම කඳුළු ගෑස් ප්රගහාරයටත් අණ දුන්නේ ගනේගම. නමුත් කිසිම විටක ගැටුම පාලනයට පොලිසියට නිල වශයෙන් අවසර ලැබුණේ නෑ. ඔවුන් කළේ මහජන හා දේපළ ආරක්ෂාව වෙනුවෙන් කැරලිකාරී පිරිස් මර්දනය කර විසිරුවා හැරීම පමණයි. LE - 9019 සෝකෝ රථයක් තෙල් බැම්ම ඉස්සරහ නතර කරගෙන ජිම් එක හා විද්යාණ පීඨය අතර මහපාරේ පොලිසිය හිටියේ ගැටුම තරමක් හෝ නතර කරන අදහසින්.
Subscribe to:
Post Comments (Atom)
මේ විශේෂ වාර්තාකරු ඇවරි කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිට :)
ReplyDelete