අපේ විශ්ව විද්යා!ලය නිල වශයෙන් දෙවන අර්ධ වාර්ෂිකය සඳහා ආරම්භ වුනේ පහුගිය සඳුදා. ඒ මොකද කිව්වොත් තැන තැන රවුමට ඉඳගෙන කොපර කොපර පිපිඤ්ඤා කරපු උදවිය, අලියාට බනිස් කවපු අය, අවුරුදු කුමාරි හැන්ද උඩ තියන් ගියපු අය, ඉදිකටුවෙන් ඇණ බැලුම් පුපුරවපු අය, අන්ධයාට ඇස තියපු අපේ අයියලා අක්කලාට කැම්පස් එක මතක් උනේ සඳුදා නිසා... හැබැයි සමහර අය නම් කුකුළා අතේ අර ගෙන ම වැඩ පටන් අරං තිබුණා. අපේ අයිමැට් ඩිපාර්ට්මන්ට් එකේ බුවාලත් එහෙමයි.... අපිට නම් ඉතිං තව කල් තියෙන නිසා ලිප ගිනි මොළවන තෙක් නැතත් සන් ක්රීම් එකක් ගා ගත්තහම ඉන්පස්සෙත් ඉන්න පුළුවන්...
ගිය සෙම් එකට නිවාඩු දෙන දවසේ අවසන් භෝජන සංග්රහය ජිම් කැන්ටිමේ දි විඳින ගමන් අපේ මිත්තරයක් මහා ගැටලුවක් ඉදිරිපත් කළා. එදා අපි රොටි කද්දි පූසෙකුට රොටි කන්න දෙන කොට “මචං ඇත්තට ම අපි අවුරුදු කද්දි මේ සත්තු මෙහෙට වෙලා මොනවා කනවා ඇත් ද???? ” ඇත්තට ම මිතුරාගේ පැනය හරි සාධාරණයි. නමුත් අවසන් වූ විභාගෙදිවත් ඒ වගේ ඒක එල්ලේ උත්තර දිය නොහැක් ප්රස්නයක් තිබුනණේ නෑ. කිව්වමමොක ද මෙහෙම ලොවෙත් පුරස්නයක් යොමු කළේ අපේ අලුතා.. තවත් කිව්වොත් ක්ලෝසගේ ජංගමයාගේ කැම්පස් එකේ ඉන්න සියලුම පූසන්ගේ ඡායාරූප රැගත් ගොනුවක් තියෙනවා... ඔබ හිතයි මිනිහට නම් පිස්සු ද කොහෙද කියලා... (සොල්ලි වේල ඉල්ලෙයි අප්පා) මෙහෙම කීවට ජන සන්නිවේදන අධ්යියන අංශයේ ධම්මික බණ්ඩර ආචාර්යතුමා කැලණිය විශ්ව විද්යා්ලයේ සතුන් නමින් අධ්යකයනයක් කරලත් තියෙනවා. අපේ අක්කා කෙනෙක් තමන් හැමදාම කෑම දුන්න බැල්ලියක් රෝගී වූ අවස්ථාවක තමන්ගේ වියදමින් ඇගේ ශෛල්ය කර්මය සිදු කරන්න තරම් කාරුණික වෙලා තියෙනවා.. ඔන්න ඕකයි තත්වෙ...
මේ අලුත් නිව්ස් එක අපිට හම්බවෙන්නේත් ජිම් කැන්ටිමෙන් ම තමා.. දෙවන වසර ආර්ථික විද්යාෙ විශේෂවේදී විද්යාතර්ථින් තිදෙනෙක් තමා මෙයට මූලිකත්වය ගෙන කටයුතු කළේ. චතුරිකා, ප්රවදීපා සහ අයේෂා යන තුන් කට්ටුව විසින් බල්ලන් උදෙසා දෙන ලද මහා දානය අපේ ඇස ගැටෙන්නේ හරිම අහම්බෙන්. එක පාරට ම මට ඉදිරියෙන් ගෑනු පරාණයක් “හා දැන් ඉතිං හොඳ ළමයා වගේ නැඟිටින්න.. නැඟිටිලා කෑම කන්න එන්න” කියනවා ඇහුනා.
අංගනාව කතා කරන්නේ මට ද නෙමෙයි කියලා ගණන් නොගෙන හිටියත් ආයෙත් ආරාධනාව ඇහුනා. කලින්නම් මං ඉස්සරහා හිටියේ අලස සුවය විඳින බල්ලෙක් දැන් බල්ලා කොල්ලෙක්වත් උනා ද බලන්න මමත් හිස එසෙව්වා. බල්ලා තාමත් එහෙමමයි. හැබැයි ලස්සන ගැහැණු සෙරෙප්පුවක් ලතාවකට බල්ලගේ කර වටේ එතෙනවා දැක්කම සෙරෙපුප්වේ අයිතිකාරිය සොයා ගන්න මට ඕනෑ උනා. බැලින්නම් මගේ යෙහෙළියක් තමා මේ බල්ලට අතවර කරන්නේ... හැබෑට ම බල්ලෙක්ටවත් පාඩුවේ ඉන්න බැරි හැටි. මට අනේ අපොයි කියවුනා. බල්ලත් මහ කපටියා. ඇයි වදේ ටිකක් බුරපන් මොන ඔහෙ නෑ. උත් සනීපෙට ගෑනු උණුහුමට දැවටි දැවටි ඉන්නවා. බල්ලා කෙල්ලට මායම් වන අතරේ මං මේ අරුමැක්ක තේරුම් ගන්න ඈට කතා කළා.
“බලන්න අනේ මං මෙයාට එදත් කෑම දුන්නා. අද කන්න බෑ වගේ ඉන්න හැටි. නැඟිටින්නකො පැටියෝ.” පුංචි කාලෙ අපේ අම්මා මං කෑම කන්න අදි මදි කරද්දි නම් එහෙම පෙරැත්ත කරනවා. මෑ ඉතිං කුක්කගේ අම්මායැයි??. “දැන් ඉතිං එදා කෑම දුන්න පළියට අද දෙන්න ඕන්නෑනේ. මං උදැල්ල දැම්මා. මට නම් විළිසංගේ බැරුවා. අහළ පහළ සියලු දෙනා මේ බලු හුරතලය දෙස නෙත් අයා බලාගෙන. ටිකකින් ඉවතට ගිය කුක්කාගේ අම්මා හෙවත් ‘බලු මාතාව’ කෑම පංගුව කුක්කා ළඟට ගෙනැවිත් ඌට ඉව කරන්න දුන්නා විතරයි. පුදුමයකට වගේ බලු කුක්කා නැට්ට කෙළින් කරන් නැඟී සිටියා. පස්සේ නීච කුල වශී ගුරුකමක් කර ගත්තා වගේ ඈ දැපනේ වැටිලා පස්සෙන් ගියා. මටත් ඕන්නැති කෙහෙල් මුවක් නෑනේ.
ජිම් එක කෙළවර වතුර කරාම අන්තයට අපි යන කොටත් අනෙක් අංගනාවන් දෙදෙනාත් තවත් බල්ලන් දෙදෙනෙකුට කෑම දෙනවා. (හරියට ම කිව්වොත් කවනවා.) අපි ඉතිං ඒ කටයුත්තට සුභාශිංසන පළ කළා. “ඇත්තට ම අපි කරන්නේ සමාජ මෙහෙවරක්. අපි දිගින් දිගට ම මේ ආකාරයට සුරතලුන්ට කෑම දෙන්න උත්සහ කරනවා. අනාගතයේ අපි මේක බළලුන් දක්වා ව්යා්ප්ත කරන්න උත්සහ කරනවා. ඔය අයටත් පුළුවන් බලු දානයක් සඳහා දිනයක් වෙන් කරවා ගන්න. හරි පහසුයි. කැන්ටිමෙන් බත් එකක් අරං දෙන්න විතරයි තියෙන්නේ. මෙහේ කෑම බල්ලෙක්ටවත් කන්න බෑනේ. අපි නම් මෙයාලට දෙන්නේ ගෙදරින් ගෙනාපු බත්. ඒක තමයි මෙහි විශේෂත්වය.” බලු දාන සංකල්පයේ නිර්මාතෘ චතුරිකා වීරසිංහ එසේ අදහස් දැක්වූවා....
කොහොම වුනත් මං නම් හිතනනේ ඒක ටිකක් වටින වැඩක්. හැමදාම ජිම් එකට වෙලා ගෙදරින් ගේන බත් එක කාලා පච හල හල ඉඳලා ගෙදර යන මේවගේ අය මෙහෙම වැඩක් කිරීම අපි අගය කළ යුතුයි. කෑම ඉවර වුනාම බල් සුරතලුන් කාපු කෑම කොළ කුණු කූඩයට විසි කරනත් කුක්කන්ට යෝගට් කෝප්පයකට වතුර දමා දෙන්නත් ඔවුන් අමතක කළේ නෑ... ඒ අතින් නම් කැම්පස් එකේ බල්ලෙක් නොවුනේ පූරුවේ (අ)වාසනාවට කියලත් හිතෙනවා...!!!
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....