Saturday, May 29, 2010

WESAK BOUTIQUE 2


අපේ මල්ලි කඩේ ඉඳිද්දි මාර වැඩ කරන්නේ. පුංචි එකෙක්ට වෙස් මුහුණක් විකුණලා ත්රීන විලරේට නැඟලා ඒක දාගනිද්දි වෙස් මූණු දෙකක් තිබුණ නිසා පොඩි එකා තාත්තට ටිකක් ඉන්න කියලා එක මූණක් ගෙනත් දුන්නා. ප්ලාස්ටික් චීන මූණු ගලවාගන්න අමාරුයි. මමත් කඩේ හිටි නිසා වැඩේ ජල්තර වෙච්ච බව මල්ලි දැනගත්තා. පොඩි එකා මල්ලි ළඟට ඇවිත් “මාමේ මේකේ තව මූණක් තිබුණනේ” කිව්වා. “තමක් නෑ, ඔයා ඒක ගෙදර ගෙනියන්නැතිව අරං ආව නිසා ඕක ඔයා ම අරං ගිහින් මල්ලිට දෙන්න”. අපේ වෙස්සන්තරයා කිව්වා. ඒත් මට මල්ලියෙක් නෑනේ?? නංගියෙක් නම් ඉන්නවා!! එහෙනම් අපි නංගිට අර මිකී මවුස් දෙමු. වෙස් මූණ ගලවලා පුංචි එකාව පිටත් කරලා ඇරලා කැෂියර් එකට ඇවිත් රුපියල් තිහක් දාපු අපේ එකා මං දිහා බලලා “මොනවා වුනත් ඌ අවංක කොල්ලා” කිව්වා. “හ්තම්....ඒකට උඹ මෝඩ වෙස්සන්තරයා.” මං නෝන්ඩියක් දැම්මා.
සාමාන්යකයෙන් එළිය පෙට්ටි වලට ගහන සත්සතිය බන්ඩලේ සත් සතිය සෙට් හතක් එනවා. කොළ හතළිස් නවයයි. නමුත් පණහක් වෙන්න සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය කියලා අමතරව මුල් කොළේ එකතු කරලා තියෙනවා. ඒක කාටවත් විකුණන්නේ නෑ. ඉතිං බාප්පා මල්ලිට කිව්වා සත්සතිය වෙන් කරලා කට්ටල හදන්න කියලා. මේ මකබාස් ලේසියට පළමු සතිය හත අරගෙන රෝල් කරලා සෙලෝටේප් දැම්මා. සත්සතිය පැක් එකක් එවන්න කියලා බාප්පා කිව්ව ම මෑන්ස් පළමු කට්ටලය ගෙනිහින් විකිණුවා. ඉතිරි කට්ටල හතත් බැඳලා ඉස්සරහට යැව්වා. හවස ආපහු අර කස්ටමර් සත්සතියත් අරං එනවා. “අයියෝ මුදලාලි, මේකෙ තියෙන්නේ පළමු සතියෙන් කොළ හතක් නේ???” නයි කයි ද ටිපිටිප් කිව්වලු! බාප්පා නිකමට අනිත් ඒවත් ඇරලා බැලුවා. එතන තුන්වෙනි සතියෙන් කොළ හතක්. අපි දැන් දෙවන සතිය කාටද විකුණලා. වෙලාවට තවත් බන්ඩල් තිබුණ නිසා අර මනුස්සයට සති හත එකතු කරලා දුන්නා. රෑ වෙද්දි දෙවන සතිය විතරක් ගෙනිච්ච එක්කෙනත් ඇවිත් මාරු කරගෙන ගියා. “මහලොකුවට අවසාන විභාගෙත් පාස් කරපු ධර්ම විද්යා්ලෙ ප්රඑධාන ශිෂ්යස නායකයා, සත් සතිය අඳ්ර නන්නේ නෑ....??” පොඩි පුතා අන්තෙට ම පච වුනා. ඔය වගේ අත්දැකීම් විශාල ප්රකමාණයක් වෙසක් කඩය හරහා අපි ලබා ගත්තා. විශාල ලාභයකුත් උපයන්න හැකි වුනා.
වෙසක් දවසේ රෑ අපි කඩේ සව්කොළ විකුණන්න උනන්දු වුනේ නැත්තේ දැන් සව්කොළ වලින් කරන වැඩ ඉවර නිසා. නමුත් කට්ටියක් ඇවිත් සව්කොළ, බකට්, බකට් කම්බි, හැමදේ ම අරං ගියා. ඔවුන්ට දෙන්න කැපූ උණ බට හෝ නිම කළ කූඩු නම් තිබුණේ නෑ. මේ අමුත්තන් ටිකක් සුවිශේෂ නිසා පුංචි අම්මා මේ පොසොන් එකට කූඩු හදන්න ද? කියලා ඇහුවා. බලද්දි ඒ අය මහනුවර ගිහිල්ලා වෙසක් දා තොරන් බලාගෙන මහ රෑ ගෙදර යන ගමන් දැන් බඩු අරං යන්නේ හෙට (වෙසක් දාට පහුවෙනිදා) ගෙදර කූඩු එල්ලන්න!! හරි අපූරුයි....
මේ වෙසක් එකට මට පන්සල් යන්න බැරි වුණ අනිත් හේතුව තමයි මම ගියපු ළදරු පාසල වන යොෂීඩාවේ බැති ගී සරණියේ කටයුතු වලට හවුල් වෙන්න තිබීම. අපි ගියපු යොෂීඩාවට දැන් යන්නේ අපේ අක්කගේ පුංචි දඟකාරයා. අපේ අක්කත් ගියේ යොෂීඩාවට. ඒ අපේ පවුලේ පළමු පරම්පරාව, ඊළඟට අපේ අයියලා සහ පුංචි අක්කලා, මං-නංගි - මල්ලි තුන්වෙනි පරම්පරාව, දැන් මේ හතරවෙනි පරම්පරාව, පරම්පරා කීයක් ගියත් සපුගස්කන්ද යොෂීඩා ෂෝකංජිය තාමත් එහෙමමයි. අපේ කාලයේ විදුහල්පතිනිය තාමත් එහි සේවය කරනවා. නමින් ඈ ෂර්මිලා ලංකාතිලක මිය. කාරණේ තාමත් ඇයට අපි ගියා ම නමින් අඳුනා ගන්න හැකි වීම, මගේ පළමු ගුරුතුමිය තිලකා රණසිංහ මහත්මිය දැකගන්නට ලැබීමත් වැදගත් සිදුවීමක් වුනා. එදා ඈ තරුණියක්, අද දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඇය වයසට ගිහින්. අපි වැඩිහිටි වෙලා. නමුත් අදත් පුංචි බබාට අපිව මතක් වෙලා තියෙන්නේ කියලා ඈ පුරුදු විදියට තරවටු කළා. එක පාරක් මං තිලකා ටීචර් එක්ක තරහා වෙලා සඳමාලි ටීචර්ගේ පංතියට ගියේ “ඔයා හොඳ නෑ. ඔයත් එකක් මං තරහයි කියලා.” සති ගාණක් මං බලෙන් ම ගිහින් ඒ පන්තියේ වාඩි වුනා. හැබැයි තිලකා ටීචර් මා එක්ක තරහා වුනේ නෑ. අන්තිමේදී පෙරහැරේ යන්න යාළුවන්ට මං නැතිව බෑ කියපු නිසා ම ටීච ම ඇවිත් මාව යාළු කරගත්තා. ඒ අතීතය හරි සුන්දරයි.
යොෂීඩා රාත්රීෑ කඳවුර, පෙරහැර, පියවරුන්ගේ-මව්වරුන්ගේ-ගුරුවරුන්ගේ දින සැමරුම් උත්සව, සිඟිති පොළ ආදී කතාන්දර රාශියයි. අදටත් අක්කගේ පුතා ගේන්න ගියා ම අර දඟකාර පුංචි උන් අතරේ බටු ඇට දෙකක් උස නැති මං වගේ එකෙක් ඉන්නව ද කියලා හොයන එක නතර කරලා නෑ. මේ ඉමේජ් එකේ තියෙන්නේ නම් පුංචි උන් කියපු බැති ගීයක්. ආට් වර්ක් එක අලුතාගේ. වෙසක් දාට කළින් දවසේ පාන්දරම කුණු කෙළ පිටින් අලුතා වැඩ ම කළේ පරිගණකයට. මං යද්දි නිල් කොටු සරමක් ඔළුවේ හිටන් ඔතාන ග්රී න්ලන්තයට වෙලා නිදි දෙව්දුව තදින් වැළඳගෙන හිටපු අලුතා මං ගිය නිසා ඈ ජනේලෙන් පිටමන් කරලා ඇඟ මැලි කඩමින් දොර ඇරියා. අපරාදේ කියන්න බෑ මොන ජිල් මාට් එක වුනත් අලුතා කරගහනවා. එදා අපි මේ කොළේ නැවත ෆොටෝ ප්රිදන්ට් කරලා බැති ගීය කියපු ළමුන් විසි පස්දෙනාට ම දුන්නා.

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....