අපේ කාලසටහන් එහෙම පහුගිය සිකුරාදා වන විට දමා තිබුණා. ඒ හැටියට මට නම් සිකුරාදා සහ අඟහරුවාදා යන දින දෙක ම නිවාඩු හැටියට සලකන්න පුළුවන්. ඒ අතින් නම් මල් තමා නමුත් බදාදා කන්න විනාඩි පහළොවක් හොයා ගන්න අමර දුකක් විඳින්න වෙන බව පේනවා. කාරි නෑ මේ පාර සෙමෙස්ටරේ සති දහයයිලු. අපිට දවසකට වැඩි පැය ගණනක දේශන පවතවන්න වෙලා තියෙන්නේ මේ දඩි බිඩිය නිසාලු.... ( වී.සී නම් කියන්නේ ඒ අපේ ආරක්ෂාවට කියලයි. කවුද ඉතිං ඕවා දන්නේ???)
පහුගිය සිකුරාදා මට යොදා ගත් වැඩකට සංචාරක අමාත්යංිශයට යන්න සිද්ද උනා... පොලිස් අප්පුහාමිලාගේ වන් වේ ප්රුතිපත්තිය නිසා ඒ ළගින් බස් යන්නේ නෑනේ.. ඇවිද්ද පය දහස් වටී කියාගෙව මමත් ගාලු මුවදොර හරහා පයින් ම මිනිස්ටරියට පැද්දේ උදෑසන ගාලු මුවදොර පිස හමන සුළඟේ කරිජ්ජ ඉවසගෙන. ගිහින් ඉතිං ගිය වැඩේ හමාර කරගෙන මං එන කොට දවල් දොහළට විතර ඇති. ගිනි මද්දහනේ අව් කූටකේ වෙලත් ගාණක් නැතිව ඒ ළඟ බංකුවකට වෙලා පෙම් සුව විඳින කුරුලු තොරන් දැක්කම ලංකාවේ අගනුවර පෙම්වතුන්ට කොච්චර බාධක ද කියලා මට හිතුනා... පව් අප්පා, අර ඇස් බී අංකල් හදනවා කිව්ව ප්රේම උද්යාතනය නොහදපු එකේ පාඩුව කියලා මට හිතුනා.. පහුගිය මහ ඡන්දේ කාලේ රතුවංශගේ දැන්වීමක ප්රවධාන පසුතලයක් වෙච්චි ගාලු මුවදොර මුහුදු පාලම අද නිකන් පාලුවට ගිහින් වගේ තිබුණා... හැබැයි මේ දවස් වල වරායේ දියකඩනය අලුත් වැඩියා කරන නිසා වැලි ගොව්වා නැව නංවන බොර පැහැති වතුර මල නම් ගාලු මුවදොරට ගේන්නේ අමුතු ලස්සනක්...
ළඟ හිටිය හිම කිරම වෙළෙන්දාගෙන් හිම කිරමක් ගත්ත මං පිළිවෙළකට ගාලු මුවදොර හෝටල් අන්තයේ සිට අනෙක් කෙළවරට ඇවිදගෙන ගියා.. මේ ගමනේ දී සුප්රාසිද්ධ ගාලු මුවදොර සිහිවටන ඵලකය දැක්කම මට ඒ ළඟ නැවතිලා කියවන්න හිතුනා.. මේ ඵලකය 1856 දී නිර්මාණය කළේ ගාලු මුවදොර පා ගමන සමරන්න සර් හෙන්රි වෝර්ඩ් ආණ්ඩුකාරයා විසින් එය පිහිටුවා තිබෙනවා. එහි ‘for the use of ladies and children of Colombo in whose interest was recommended to the care of successive governors’ යනුවෙන් සඳහන් කරලා තිබෙනවා. අද ගාලු මුවදොර තියෙන්නේ නියම ඵලකය නෙමේ එහි නියම ඵලකය ඇත්තේ කොළඹ පැරණි පුරහල කෞතුකාගාරයේ.. අද වන විට එය හුදෙක් සිහිවටනයක් පමණයි.
කොහොම වුනත් කාන්තාවන්ගේ හා ළමුන්ගේ පාවිච්චියට මේ ස්ථානය නඩත්තු කිරීම කෙසේ වෙතත්අපේ කිං බානට් තුමාගේ සුප්රහසිද්ධ වෘත්තාකාර ස්ටිකරයක් ඒ මත අලවා ඇති බව දකින්නට ලැබුණා. මහ රජා වුනත් ජාතික පුරාවස්තුවක් මත පහරපු එක ගැන මං අසතුටු වුනා. ඒක හරිම අසික්කිත වැඩක්. පස්සේ මා දිහා කවුරුත් බලා නොසිටි නිසා මගේ සාක්කු පිහිය ගෙන ඒ ස්ටිකරය සූරලා දැම්මා. හෙට එතනට ගියොත් මං සූරපු සලකුණු දකින්න ලැබේවි. සමහර විට කින්ග් බානට් තුමා කොළඹ හිටියොත් හැමදාම උදේ කාටත් කලින් ගාලු මුවදොරට ජොගින් කරන්න එන බව දන්න පාක්ෂිකයෙක් ඒ තුමාට පෙනෙන්න එතුමාගේ ම මූණත්තහඩුව ප්රදර්ශනය කළා වෙන්නත් පුළුවන්..
තවත් ටික දුරක් ඇවිදගෙන එන කොට ප්ලාස්ටික් බෝතල් මගින් සුන්දර වෙරළ තීරය අපවිත්රේ කර ඇති ආකාරය දකින්න පුළුවන් උනා.. මේ අතර ජනප්රිය ම බීම වර්ගය ස්ප්රයයිට් කියලයි මට හිතුනේ. මගේඑක නිසා පුරුද්දකට කෑමට බීච් එකට එන බොහෝ දෙනා ඇවිත් හිටියා. මගේ පැරණි මිත්තරයො ටිකක් බියර් දෙකක් අරං මූදු වෙරලේ දැක්ක ම මටත් ටිකක් අවුල ගියා මං දන්න තරමින් ගාලු මුවදොර බොන්න නොදෙන නිසා. ‘නෑ මචං අපි හැමදාම මෙහෙම ලන්ච් එකට සෙට් වෙනවා. ලිමිට් තියාගෙන අරං ආපහු වැඩට යනවා. මේ පොලිස් කාක්කො කවුරුත් අපේ ප්රෙන්තො තමා. කවුරුත් අපිට සද්ද දාන්නේ නෑ. හැබැයි හිස් බෝතල් වෙරලේ දාලා යන්න නම් බෑ. බලපං සැන්ඩි කරන්න ගෙනාපු ස්ප්රදයිට්, කොකා කෝලා තැන තැන දාලා ගියාට උඹට එක වීදුරු බියර් බෝතලයක් සොයා ගන්න පුළුවන් ද කියලා. ඒ අතින් නම් බොන මිනිස්සු තමා නියම පරිසර හිතකාමියෝ...’ මිත්රයා හිනා වෙවී කිව්වා. ඒ කතාව නම් ඇත්ත ම තමා..
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....