දැන් වැහි කාලේ උනාට අපේ අධ්ය යනාංශ වල ඇත්තන්ට වාර්ෂික චාරිකා එහෙම යන්න මතක් වෙන්නේ මේ කාලේ තමා. චාරිකා ගැන කතා කරද්දි මා අයත් වන සංචාරණ විශේෂවේදී අධ්යයයන චාරිකා සඳහා ඇත්තේ කුප්රතකට ඉතිහාසයක්. අපේ උන්දැලා චාරිකා සංවිධානයේ කොපමණ කෙළ පැමිණි ද කිව්වොත් එපමණ කෙළ පැමිණියි. අපි දවස් දෙකේ චාරිකා තනි දවසින් ගිහින් ආපු උදවිය. තව පැය අටක් කොළඹ සිට නුවරට චන්දනාවේ ගිය අය. ගිය පාරත් ෆීල්ඩ් ට්රිිප් එක කුජීත වෙච්ච නිසා මේ පාර වැඩේ හරියට කරමු කියලා කස්ටිය කතා වුනා.
අපරාදේ කියන්න බෑ දින දෙකක් අනුමත කරගෙන අපි වැඩේට බැස්සා. දැන් කොහේ ද යන්නේ??? කොහේ ද යන්න ඕනෙ??? සභාපතිතුමා ප්ර ශ්නයක් ඇහුවා. අපි යන්නේ දකුණට හයිලෙවල් පාරෙන් ගිහින් ගාලු පාරෙන් එන්නයි හිතන් ඉන්නේ.... නරක ම නෑ. හැබැයි අපිට නූතන ලංකාවේ අගනගරය බලන්න ඕනෑ. හරි අපි හම්න්තොට පෙන්නන්න ලෑස්තියි. මේ එකඟතාවයන් මැද අපි ගමනට ලැහැස්ති වුනා. වවුල්පනේ ගුහාව, හුම්මානය, උණවටුන ආදී කී නොකී දාහක් ස්ථාන අත්හැර දැමූ අපි පහුගිය 14 වැනිදා පහේ කණිසමට චාරිකාව ආරම්භ කළා.
මුලින් ම ගියේ බෝපත් ඇල්ලට. දැන් නම් ඒක බලන්න යනවට වඩා හොඳයි නොගිහින් ඉන්න එක. ඒ තරම් ම පරිසරය විනාශ කරලා. බෝතල් කටු හැම තැන ම. ප්රා දේශීය සභාවෙන් රු.6/=ක මුදලක් අය කළාට එහි කිසිදු සංවර්ධනයක් නෑ. අඩුම වශයෙන් පිටාර යන ගංගාව තරණය කරමින් එහා ඉවුරට යන්න ක්ර මයක් නෑ. මගේ වෙලාවට පාරු කරුවෙක් කැඩුණු පාරුවක් අලුත්වැඩියා කරන්න ඉවුරට ගෙනාවා. පාරුවක් කිව්වට උණ බම්බු පුරුද්දපු පැළැල්ලක්. දැන් මට ඉවසිල්ලක් නෑ මේකට නඟින්න. පාරු කාරයා නම් ගොඩ දාගත්තැකි. නමුත් නිසි බලධාරියා තමා අවුල වෙන්නේ??
කලින් කියන්න බැරි වුනානේ. කාන්තා පාර්ශවයත් ගිය නිසා වගකීම පිළිබඳ විශාල ගැටලුවක් මතු වුනත් මෙලාති සල්ඩින් අපේ ආචාර්යවරිය තනිවම ඒ සියල්ල බලා ගත්තා. නිලන්ත රාමනායක සහ දර්ශන රත්නායක යන ආචාර්යවරුත් විශාල සහයෝගයක් දුන්නත් සම්පූර්ණ වගකීම කරට ගත්තේ මැඩම් තමා. ඒ අතින් නම් ඈ යකඩ ගැහැනියක්. මං ඉතිං කුණු කුණු ගාලා පාරුවට නැඟ ගත්තා...... කරුමයක මහත පාරු කාරයා මාවත් ඊට නැඟගත් අපේ අටුවාවත් අරං එහා ඉවුරට ගමන් කළා. අපූරු වැඩේ. වතුර තිබුණේ ඔහුගේ පපුව හරියට පාරුකරු දියේ බැහැලා පාරුව තල්ලු කරනවා. වතුරේ නිසා සීයක් දැම්මත් බරක් නෑ.
එහා ඉවුරට ගිය අපි ඉහළට ම ගිහින් සේයා රූ ලබා ගෙන ඉක්මණට පැමිණියේ නැත්නම් බැණුම් කෙළ කෝටියක් අහන්න වෙන නිසා. අපිව එගොඩ කළාට සන්තෝෂට වශයෙන් මං රුපියල් පණහක් දුන්නත් ඔහු ගන්න බෑ කිව්වා. අපි උදේට කෑවෙත් බෝපත් ඇල්ලෙන් මයි. ඒ ළඟ ගෙදරක ඉන්න ආච්චි කෙනෙක් එක්ක කතා කළා ම අපිට බොන්න වතුර දුන්නා. අපරාදේ කියන්න බෑ අපේ ගෙදර වගේ ලෑලි බංකුවකට වෙලා කෑවා. දැන් මගේ නෑයෝ එහෙත් ඉන්නවා.
මීළඟට අපි නැරඹුවේ සංඛපාල විහාරය. වැඩි දෙයක් කියන්න නෑ. හැබැයි එහි දොරක ලියා තිබූ දහ අට කවිය ද මොකක්ද එකක් මේ ගමනේ දී මට දකින්න ලැබුණා. ඇඹිලිපිටියේ අපේ සගයෙක් තමා ඒක පෙන්නුවේ. කොයි පැත්තට කියෙව්වත් සිව්පද කවියක් ඉන් ලැබෙනවා. මීළඟ සැරේ ගියා ම ඔබත් බලන්න.
සවස් වෙන කොට අපි උඩවළව ජාතික වන උද්යානනය නරඹන්න යොදා ගෙන තිබුණා. මා පුද්ගලිකව ලද භාග්යවවත් ම අවස්ථාවක් ලෙස එය සඳහන් කරන්න පුළුවන්. අපේ බස් එකේ පිරිස හැත්තෑවකට අධිකයි. නමුත් අපි වෙනුවෙන් උඩවළව සෆාරි හෝටලයේ ෆෝ වීල් ඩ්රුයිව් කැබ් රථ හතරක් සූදානම් වී සිටියා. පාක් එක සවස වහනකම් ම අපි රවුම් ගැහුවා. හැබැයි ඉතිං අලි විතරයි දැක්කේ. නමුත් අමතක නොවන ගමනක් වුනේ වළවල් ගොඩැලි මතින් යන ජීප් රථයේ ප්ර වේශමෙන් දෙඅතින් නොඅල්ලා සිටීම. අපි ඊට ඔට්ටුවක් දැම්මා. උණ හපුළුවා වගේ එල්ලී ගිය මට එය අමාරු වුනේ නෑ. හැබැයි අපරික්ෂාකාරීව ගමන් කිරීම යටතේ මිස් නම් කණ පැළෙන්න බැන්නා.
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....