Sunday, October 24, 2010

හෙළිදරව්ව හා මගේ කලදසාව

ගිංඔය සම්බන්ධයෙන් මා හෙළි කළ තොරතුරු සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අදහස්, චෝදනා, යෝජනා සියල්ලට පළමුව තුති පුදමි. මේ දිනවල මාගේ ජංගම දුරකථනය ද බොහෝ විට ක්රියා විරහිත කර ඇත්තේ නිර්නාමික මරණ තර්ජන ලැබී ඇති බැවිනි. නමුත් මේ තර්ජන එල්ල කරන්නෝ විශාල සේවයක් කරති. එනම් තමා අසවල් මුදලාලිගේ මිනිහෙක් යැයි කියන විට මට ලැබී ඇති නම් ලැයිස්තුව ප්රකාව මේ කවුරුන්දැයි මම නිශ්චය කරගනිමි. අඩුම තරමේ කසිප්පු වාඩියේ නියම කෙරුම්කාරයන්ගෙන් දෙතුන් දෙනෙකු ගැන හෝ නිර්ණාමික ඇමතුම්කරුවන් හෙළි කරයි. නැත්නම් මා ඔහු පචකර ඇමතුම විසන්ධි කරමි. උන්ගේ ඇමට මා කූනිස්සෙක් තරම් වත් නොවන හෙයින් “තමුසෙ හැමදේ ම දන්නවා උනාට හරකා වගේ ලියන්න එපා මිනිහෝ” යැයි කී කසිප්පු පෙරන්නන් ගණන තුනකි. දැන් ඔවුන් මා හා ෂේප් ය. “ඇත්තට ම මල්ලි අපිටත් ප්රශ්න තියනවා. මුදලාලියා නම් ෂේප් වෙයි. අපි එපෑ හිරේ දපන්න. සල්ලි ගෙව්වට බං මේක මහ කරුම රස්සාවක්” ඒ ඔවුන්ගේ අඳෝනාවයි.
ගිංඔය කසිප්පු ජාවාරමට පසුවදනක් සැපයීමට තව ම කල් වේලා වැඩිය. ඒ තවත් තොරතුරු ලැබෙමින් පවතින හෙයිනි. මේ සියල්ල කම්මල ප්රදේශවාසීන් දනියි. මා හෙළි කිරීමේ අමුත්තක් නැත. අවම වශයෙන් දැන් කසිප්පු ජාවාරමේ ඇත්ත ස්වභාවය ඔබ දනී. මේ තාක් කසිප්පු ජාවාරම ඔබට අමුත්තක් විය. ඒ නිසා ඔබ මා දන්නා දේ ලියා තැබීම අනාගතයට අවශ්යීය. පාතාලය සම්බන්ධයෙන් ද එසේය. මැද කොළඹ සිංහල පාතාලය සේම ෆාජි, ඔහුගේ බිරිඳ කුඩු චූටි ගේ පටන් මෑතකදී මරණයට පත් ආනමාලු ඉමිටියාස් දක්වා මුස්ලිම් පාතාලයේ කතන්දරය නොදන්නෙක් නැත. ඔබ එය නොදන්නේ නම් ඒ හුදෙක් ඔබ පාතාලය ගැන සවිඤ්ඤණික නොවීම නිසා ය. අනුර හොරේෂස් ගිනි අවි සහ ගිනි කෙළි මගින් සිනමාත්මකව හෙළි කළේ මේ යථාර්ථයයි. ගෝණවල සුනිල් මා දන්නා අනෙක් චරිතයයි. ගෝනවල සුනිල්ලා වැඩ පෙන්වනවිට මා ඉපදීවත් නැතැයි ඔබ කියනු ඇත. නමුත් ඔහුගේ පුතා තාත්තා මෙන් නොව වඩා නිහඩ චරිතයක් වූ මා පන්ති සගයා ය. තාත්තා ගැන ඔහු කියූ කතාන්දර බොහොමයක් මා මතකයේ තිබේ. ඒ සියල්ල වෙන ම ලිවිය යුතුය.
මේවා තවදුරටත් රහස් නොවේ. පාතාලය ඇතුලු සියල් ජාවාරම් අපි වටා ම ක්රියාත්මකය. එහි හොඳක් නැතුවා ම නොවේ. උදාහරණ ලෙස කඩුවෙල වසන්ත ජීවත්ව සිටියදී ජාම වෙලාවට වුව ද කලාපයේ කෙල්ලන්ගේ ආරක්ෂාව ඔහු විසින් සහතික කර තිබිණි. දැන් තත්ත්වය වෙනස් වී තිබේ. මා නැවතත් අවධාරණය කරන්නේ මේ සියලු අපරාධකරුවන් ම.ද.නි ලෙස නම් කර හංවඩුගැසීම යුක්ති යුක්ත නොවන බවයි. අප කළ යුත්තේ ඔවුන්ගේ ස්වභාවය තේරුම් ගැනීමය. ඔවුන්ට විරුද්ධ වීමට පෙර ඔවුන්ගේ ක්රියාකාරීත්වය අවබෝධ කරගත යුතුය. ඊට සාමාන්යය වැසියා ලෙස ඔබ මා දන්නා තොරතුරු කුමන ආකාරයකින් හෝ විසුරුවා හැරිය යුතුය. මේ සියල්ලට ආවේණික තාක්ෂණයක් ඇත. බසයේ ගැටකපන්නේ ද පිටකොටුවේ ගෑනු උස්සන්නේ ද කුඩු බිස්නස්, කොළඹ කොටුවේ පුංචි පෙට්ටි කාමර වල නීති විරෝධී කැසිනෝ ආදී සියල්ල කෙරෙන්නේ නිසි තත්ත්වයන් යටතේ සිදු කෙරෙන තාක්ෂණයන් සමගිනි. එය වඩා රසවත් ය. පුද්ගලිකව මට අපරාධ මැඩීමට ඇති ආසාවක් නැත. නමුත් මේ සියලු මගඩිකම් යට ඇති ටැක් ටික්ස්, ශිල්ප ක්රම දැනගන්නට මා අසීමිතව ආශා කරමි. ඒ බොහෝ දේ ඔබ ද දන්නවා ඇත. කළ යුත්තේ නිහඩ නොවී ඒ සියල්ල හෙළි කිරීමයි. අප දැනුවත් වන තරමට ඔවුන් නව ක්රම සොයාගනී. ඊට කම් නැත. අපිට ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටිය හැකි නම් සාර්ථකත්වය එතැනය

1 comment:

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....