Monday, May 31, 2010

අපි අපි වගේ ද මන්දා....!!

අස්ප කුළප්පුව හැදුනු සිස්සයො ගොන්නු වගේ තප්පුලන්න ගත්ත නිසා අපේ විස්ප විජ්ජාලෙ වහලා දාපු නිසා කස්ටිය ගෙවල් වලට වෙලා දුක සේ ගෘහ විද්‍යාව, සත්ත්ව පාලනය, වතු වැඩ වගේ හස්ත කර්මාන්ත වල නිරත වන බව ආරංචියි. ගෙයක් දොරක් තිබුණ ද නැද්ද කියලා වගේ වගක් නැතිව වගේ වේවැල්දූවේ බෝඩිම් කාමර වල හිටිය රාජකුමාරිකාවෝ මේ දවස් වල නම් අම්මලාට උයන්න පිහන්න උදව් දෙනවලු. “දෙයියනේ කියලා කැම්පස් වහලා ගෙදර ඉන්න ටිකේ අපරාදේ කියන්න බෑ ලමිස්සියො ගෙදර වැඩ නම් හොයා බලා කරනවා. විභාගෙ කාලෙ ගෙදර ආවත් කාමරේට වෙලා පොතේ ම නේ??” අනේ අපි නොදන්න මොනර තැන්න කිව්වලු.
සමහරු ලද අවසරයෙන් මේ ආකාරයට ලකුණු දාගන්න ‘අතරේ යුනි සික්’ හැදිච්ච ළඟපාත අපේ කට්ටිය සෙනසුරදා, ඉරිදා බාහිර සිසුන් වෙසින් ඇවිත් නම ලකුණු කරලා යනවා ඇවරිගේ නේත්තරාවන්ට මට්ටු වුනේ ගිය ශනිදාවෙදි. “ නෑ මචං, නිවාඩු තමා අපි මේ එදා වීසි කරපු බෝතලයක් සොයා ගන්න ආවා”...... අනේ වාසනාවන්. කිව්වට මොකද සමහරුන්ට කැම්පස් වහලා උනත් පුරුද්දට කන්ද නැඟෙනවා. ජිම් එකට වෙලා යාළු මිත්තරයන් එක්ක වල් පල් දොඩන්න තව කාලයක් බලා ඉන්න වෙන නිසා තවත් සමහරුන් කැම්පස් පටන් ගන්නකල් ඇඟිලි ගණිනවා. බාහිර බහිරවයෝ නම් අපේ අයියලා නැති අතරේ ජිම් එකේ බඩ පිනුම් ගහනවලු. ලූලා නැති වලට කණයා පණ්ඩිතයා කියනවනේ.
කොටන්නත් ඇති තරම් වෙලාවක් තියෙන නිසා අපේ අපේ කතන්දර ටිකක් ලියන්න හිතුවා. අනුරපුර පාපැදි සවාරිය, නුවර එළිය හග්ගල සවාරිය ආදී අල ගිය මුල ගිය නිවාඩු ගැන කතන්දර හුඟක් තියනවා. නිවාඩුවට කොහේ හරි යන එක අපේ පුරුද්දක් වුනා. ආපහු හැරිලා බැලුවොත් ඒ වාත කල්ලිය කවදා, කොහොම, කොහේදි හම්බුනා ද කියන්න අමාරුයි. පතාගෙන ආපු කරුමේ සතා නොවී ඔතාගෙන යන්න හිතාගෙන අපි එකිනෙකා ඉවසමින් මිත්‍රයො වුනා. පළමු වසරේ දේශන හරිම සුන්දර සමනල් කාලයක්. උදේ අට වෙද්දි ධර්මාලෝකයට ගාල් වෙච්චි අපි සාද කතාවෙන්, අයී ටී වන්දනවෙන්, දවස ගෙවා දැම්මා. මුලින් ක්ලෝසා ඇරුණා ම මං වෙන කාවවත් දැනගෙන හිටියේ නෑ. කොහොමත් අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑනේ??
දවසක් කැන්වස් දාපු, දුර නොපෙනෙන, රැවුල වවපු කොල්ලෙක් හොස්ටල් ගේට්ටුව ළඟ ඉද්දි තවත් කොල්ලෙක් විස්තර කතා කළා. “මගේ මේස් කුට්ටම හොස්ටල් එකේනේ මචං අරන් යන්න ආවා.” අමුතු ඉලංදාරියා කීවා. මිනිහා ටිකක් රැඩිකල්. හිතන්න එක ම මේස් කුට්ටමක් තියෙන කැන්වස් පළඳින්නෙක්!! මං අලුතාව මුලින් ම දැක්කේ එහෙමයි. අලුතාගේ මිත්‍ර නායකන් ගයියාත් අපේ ගජයා. අපි අතරින් කාර්ය බහුල ම fixed time table එක තියෙන්නේ ගයියාට. DH මිතුරන් අතරින් පෙතියා, නියම බ්‍රයිටා. (ඒ ඉස්සර දැන් රකාරාංශය අඩුවෙලාලු) හැමදාම කෝච්චියෙන් එන කීනා ඒ දවස් වල ධර්මාලෝකය අරින්නත් කලින් ඇවිත් ඉන්නවා මට මතකයි. වීසී සහ කෝබ්‍රාත් මේ අතරේ සිටි මිතුරන්. නමින් ම පැහැදිලි වන අන්දමට මෑන්ස් නයා ම තමා!! මතකනේ සිරස කුමරා. කට ඇරියොත් සමාජවාදියා හැබැයි ඒ ගැන මියුසියස් එ‍කෙන් තමා අහන්න ඕනෑ.
අපේ අනිත් ළඟ ම නෑයින් සම්බන්ධ කරන්නේ අරවින්ද වන්ද්‍රපද්ම කියන චිර ප්‍රසිද්ධ බහුකාර්යය සත්ත්වයා විසින්. අරවින්ද ගැන ඉතිං අමුතුවෙන් පුරප්පට්ටුවක් දෙන්න ඕන නෑනේ. හිත හොඳ හාදයා. හැබැයි තව දසමයක් එහේ මෙහේ වුනා නම් අරවින්ද ගැන මෙහෙම කියන්න වෙන්නේ මගේ මළකඳට තමා. (ඒක පරණ කතාවක්) ඔහුගේ හොඳ ම යාළුවා විදියට තමයි csව අඳුන්වලා දෙන්නේ.මගේ දැනු‍මේ හැටියට ඌ තමයි තමන්ගේ කාඩ් එක තමන් විසින් ම නිර්මාණය කරගත් එකම තැනැත්තා. ‘නම ම නේ බං, ඒක ඔය අපත නම් වලට වඩා නම්බුයි!!’ ඒ දවස් වල අපි ELTU යන කාලේ දවසක් අපිට උගන්නපු මිස් එදායින් පස්සේ එන්නේ නෑ කියලා කිව්ව ම csට මිස්ට තෑග්ගක් දෙන්න ඕනැයි කියලා හිතෙනවා. පස්සේ අපි දෙන්නා පයින් ම කිරිබත්ගොඩට ගියා මතකයි. එදා තමයි පොර නාට්‍ය නළුවෙක් කියලා මං දැනගත්තේ. ‘මට හොඳ නළුවෙක් වුනොත් ඇති වෙන ලොකු ප්ලෑන් නම් නෑ’ එදා එහෙම කිව්ව cs අද වෘත්තිය කැමරා ශිල්පියෙක් වෙන්න අයිමැට් කරනවා. හැබැයි නළුකම අතහැරපු නැති එක ගැන මං සතුටුයි. (cs අයිමැට් ස්පෙෂල් කිරීමත් තවත් මෙහෙයුමක ප්‍රතිඵලයක්. නැත්නම් විශේෂ ප්‍රවේශ විද්‍යාර්ථියෙක් යැයි කියමින් csට නැටුම් ස්පෙෂල් එකක් තමයි කරන්න වෙන්නේ)
අලව්ව වෙන්ඩ නාගරික මන්ත්‍රී චන්දන මහතා (රගා)ත් සීසර් JRරුත් csගේ රූමලා. කොහොමින් කොහොමම හරි රගාගේ අයියාගේ වෙඩින් මඟුලටත් අපිට ආරාධනාවක් ලැබෙනවා. අන්න ඒ ගමනේ දි තමයි අලව්වෙන් වලව්වක් ගන්න ගියපු ලොකු පොළගෙක් අමාරුවේ වැටෙන්නේ. පස්සේ කා‍ලෙක වෙළඳ ව්‍යාපාරික වෙන්ඩ මන්ත්‍රී රගා මහතා ටියුෂන් කඩයක් දාගෙන චන්දන සෑර් විදියට මූණත්තහඩුව අලුතින් ටින්කරින් කරගත්තට පස්සේ ඒ පන්තියේ මුල් ම ශිෂ්‍යයින් විදියට රඟපාන්නත් අපිට ම ආරාධනා කරනවා. මොකක් හරි අහේතුවකට මට යන්න බැරි වුනත් ක්ලෝසා, ලයිටා, පෙතියා, කිනා එක්සත් පෙරමුණ මේ ගමනට එකතු වෙනවා. ලයිටා හෙවත් ආලෝක බණ්ඩාර ගැනත් වදනක් කියන්න ඕන. කාලයක් අලුතාගේ චමරියේත් හිටියා.
(ඒකේ නම් අපේ යාළුවෝ බර ගාණක් තාවකාලිකව හිටියා. අර විශ්ණු දෙවියො බටකොළ කන්න කැ‍ලේට වෙලා කාලයක් හිටියේ. අන්න ඒ වගේ අපේ අයියලටත් නරක දසාව ලබලා බටකොළ කන්න වුනා ම නවතින්නේ අලුතාගේ ග්‍රීන්ලන්තයේ තමා!! වයිපර්, කීනා ඒ ආකාරයට එහි නැවතී සද්බාවයෙන් බටකොළ අනුභව කළ අය හැටිය‍ට දක්වන්න පුළුවන්.) කොහොම කොහොම හරි පන්තියේ වැඩේට අලව්වට ගියපු අපේ පිරිස ඉක්මණට එන්න හිතාගෙන දුර බස් එකකට නඟිනවා. අන්න එතනදී ක්ලෝසා කළ සමාජ සේවයක් නිසා තමයි පෙතියාට සතියකට වරක් ඉබ්බාගමුව-කොළඹ දුර ගමන් සේවාවන් ආරම්භ කරන්න සිද්ධ වුනේ.

7 comments:

  1. එළ එළ ඉතුරු ටිකත් ලියපන්. අපේ වෙන්ඩ මන්ත්‍රී තුමාට කෝකටත් කියලා ගරු කෑල්ලත් දාලම කතා කරපන්. ගරු වෙන්ඩ මන්ත්‍රී චන්දනතුමා. පිදිය යුත්තන් පිදීම නේ.

    ReplyDelete
  2. ඔබ තුමන්ලාට අවංකවම කියන්ඩ .... මටනම් මේ ලෝකෙ දෙයක් තේරුණේ නෑ.....අම්මප .....

    ReplyDelete
  3. ahata kadulu enawa... ape kathawath naraka ne neda ban.. mewa liyala thiyana eka hodai... muka param parawen enawata wada..... - Alutha

    ReplyDelete
  4. @ අරා තව එකක් තියනවා කියෙව්වෙ නැද්ද..... http://evarigesaladaya.blogspot.com/2010/05/blog-post_3433.html

    අපිට ජයවේවා.............!!

    ReplyDelete
  5. @Kumaraya
    තේරුණේ නැති එක පුදුමයක් නෙමෙයි. මන් හිතන්නේ අපේ සැට් එකේ එවුන්ට හැර කැම්පස් එකේ එවුන්ටවත් මේක තේරෙන එකක් නෑ.

    ReplyDelete
  6. අනේ කුමාරයා මට සමාවෙන්න. ඇත්තට ම ඒක නම් තේරෙන්නේ අපිට ම විතරයි

    ReplyDelete
  7. අනේ.. මෙතන දෙන්නෙක් අඩුයිනේ.....

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....