Tuesday, August 14, 2018

සුදු ඇඳුමෙ ඇයි හොදි ගෑවුනේ - දැන් නම් ඉතිං ගෙදරින් බනියි.. නංගෝ

කලින් අපි දුන්න ළමා නිවාස දානය ගැන ලියැවුනා මේ ඉතිරි කොටේ..



බැරි සිල් නොගනින් අඹරෝ කිව්වලු..!! ඇවරිතුමා සෙට් වුනොත් හා ගන්නවා කියන්නේ කිකන් ද?
පේනවනේ ළමා සාරියට ජය සිරි මංගලම් වෙව්වි අපූරුව...

ළමයි ජාතික ඇඳුම අදින නිසා ගුරුභවතුන්ටත් ජාතික ඇඳුම අඳින්න වුනා. හාමුදුරුවොත් වඩින නිසා චාන්ස් එකක් ලැබුණෙ නෑ. අපේ දිලංකා අක්කා ඇගේ ලොරිය අපට එවලා තිබුණ නිසා දානෝපකරණ ප්‍රවාහනය පහසු වුනා. ශිෂ්‍ය නායකයන් සහ ගුරුභවතුන් වෙනුවෙන් බසයක් යොදවලා තිබුණේ අපේ දුමින්ද ගුරුභවතාගේ අනුග්‍රහයෙන්. රාත්‍රී ආහාරය වෙනුවෙන් තෝසේ සහ වඩේ ලබා දීමට ළමා නිවාසය මගින් නිර්දේශ කළ නිසා ඇනවුම් කොට එම ආහාර සාදනු ලැබුවා. වඩේ 200 ඒ වෙද්දිත් සූදානම්ව නොතිබුණ නිසා මයිනා මහතා සමඟ ඇවරිතුමා වඩේ බදින තැනට පිටත් වුනා. ඒ අතින් මහේෂ මැතිතුමා පින්කමට ඇවිත් ගමන් පහසුව සලසා දීමත් ලොකු දෙයක්.

ඇවරිතුමා මන්ත්‍රී හාමු වගේ සිංහ පාර්ට් ඒකෙන් කැහැපට ගහගෙන සුදු ඇඳුම පිටින් ම කුස්සියට යද්දිත් වඩේ බදිනවා. තව ටික වෙලාවකින් හරි කිව්වත් පැය භාගයක් ම වඩේ බදිනන්න අපිටත් සිද්ධ වුනා. ඇවරි ටිකක් සද්දදේ දැම්මත් දානයක් නිසා බොහොම ඉවසීමෙන් කටයුතු කළා. අපිත් එක්ක ප්‍රධාන ශිෂ්‍ය නායකයා හිටියා. මෙන්න මගක් දුර යද්දි පොර කියනවා මගින් අයිස්ක්‍රීම් වගයක් ගන්නත් ඕනෑලු. සාරිත මේක ප්‍රයිවෙට් බස් එකක් නෙමෙයි, කාර් එකක්. ඉතිං සර් නේ කිව්වේ මාව ගන්න කාර් එකේ එනව කියලා.... එහෙම කියලා ලොරියක බඩු ගෙනියන්න තියා ගත්තා ම හරිද පුතෝ...? කොටිය ම කාපිය.

අපි යද්දි ජනයා එහි පැමිණ තිබුණා. බියගම විහාරමහා දේවි ළමා නිවාසයට ඇවරිතුමා ඒ ආවෙ සෑහෙන්න කාලෙකින්. ඉස්සර මුතුහර යන කාලෙ වාර්ෂිකව එහි ගියත් දැන් ඒවායින් බැහැර වෙලා නිසා ගොඩක් යැවෙනවා අඩුයි. ඒ කාලෙ අපි අවුරුද්දට දෙතුන් සැරයක්වත් කතෝලික පල්ලියට ගියා. ගීතිකා කිව්වා. ඒකට දැන්. මිඩ් නයිට් මාස්වත් යන්නේ නෑ නෙව. අපි බෞද්ධ කියාගෙන ලොකු සීන් දෙන එක නෙමෙයි වැඩේ. එහෙම දේවල්වලින් අනික් ආගම්වලට ගරු කරන්න, ඒ සිරිත් විරිත් ගැන දැනීමක් ලැබෙනවා. පුංචි කාලෙ ඇවරිතුමාට නම් එහෙම ලොකු වෙනසක් දැනුනේ ම නෑ. මොක ද අපි මේ සතියේ පන්සලේ බෝධිපූජාවක් තියලා පහන් පන්සියක් ලස්සන වැකියකට පත්තු කරලා, ඊළඟ සතියේ කොඩි ඇදලා, කැරොල් කියලා පල්ලියේ පූජාව කළ නිසා. අම්මා තාත්තා දෙන්නම බෞද්ධ වෙලත් අපිත් මංගල්ලෙට පාර සරසන්න ගියා. ඒකට දැන්. පට්ට ම රේසිස්ට්. ජාතී වාදී පර හැත්ත. නැත්නම් මුන් ඡන්දෙ දෙන්න නෑනේ අපේ හාමුදුරුවනේ.

ඒ ඉපැරණි ගොඩනැඟිලි අතරින් ඇවරිතුමා ඇවිදගෙන ගියා. පුංචි ළමයින්ගෙ කොටසේ සුදු වැලි ඇතුරූ සෙල්ලම් ඉසව්වේ දැන් ගස් වවල. අපි දන්න කාලෙ හිටන් හිටිය විහාරමහා දේවිය නම් තාමත් රනින් බැබලෙමින් ඉන්නවා. පරණ කවිච්චිත් එහෙමයි. ඉස්සර අපි ආව ම මුතුහරේ අයියලා අක්කලා ඒ ළමයි වටකරගෙන සින්දු කියනවා. අල්ලන සෙල්ලම් කරනවා. පුංචිම කට්ටියට බත් කවනවා. අප්පා එකම සද්දයක් තමා. දැන් එහෙම කරන්න ළමා රක්ෂණ අධිකාරියෙන් අවසර ගන්න ඕනෑලු. කෑම කන්න කලින් එයාලා අනුග්‍රාහකයන්ට පින් දෙමින් පාඨයක් කියනවා. ඒක ඒ දවස්වල අපිට පාඩම්. මෑතක දී  ඇවරිතුමා  උදේ කෑමක් කද්දි        කියනවා ඇහුනා. බලද්දි අපේ තරූ තමා කන්න කලින් එහෙම කියලා තියෙන්නෙ. පොඩි ළමයි එක්ක ඉඳලා එයාට පුරුදු වෙලා.

ළමා නිවාස ජීවිතේ පහසු එකක් නෙමෙයි. හැමදේම කාලසටහනට. ඒ අය රෑට කෑවෙ හයට විතර. හතහමාරට ගේට්ටු වහනවා. අපිට හතට කන්න කිව්වොත් නාට්‍ය ටික තාම ඉවර නෑ පිස්සු ද කියලා අහයි. නමුත් ළමා නිවාසෙ එහෙමයි. හැබැයි ඉස්කෝලෙ යන්න, දහම් පාසල් යන්න සියලු පහසුකම් දෙනවා. ඒ ජීවිතේන් එයාලට නිදහසක් ලැබෙන්නේ දහ අට පිරුණාම. අපි දන්න කාලෙත් විශ්ව විද්‍යාලයට පවා ගියපු අයියලා අක්කලා එහි හිටියා. පස්සේ කාලෙක විවාහ වෙලා ආයෙත් තමන්ගේ නංගිලා මල්ලිලා වෙනුවෙන් උදව් උපකාර කරපු අයත් හිටියා. එහෙම අයත් අපි යන දවසට එනවා. එතන ගොඩාක් ආදරේ තිබුණ තැනක්. අපේ අයියලා අක්කලා ගිහින් ඒ ළමයි තුරුල් කරගෙන අනාගතේ අම්මලා තාත්තලා වෙන්න හීන දැකපු, ආයෙත් ඉක්මණින් එන බවට අපි පොරොන්දු ගිවිස ගත්තු, ඉදිරිපත් කිරීම් කරලා හිනාවුනු, වචනයෙන් කියන්න බැරි තරම් ආදරණීය හැඟීමක් ඒ ගොඩනැඟිල්ලෙන් ඇවරිතුමා වින්දා. පුදුම නොස්ටොල්ජික් ගතියක්..

මෙදා අපි ඒ වැඩි වැඩ නොකර දානෙ දීලා ළමයින් එක්ක කතා බහ කරලා ආව. අපි ගෙනාපු තෑගි දීලා, කෑම බෙදලා සතුටු වුනා. ළමා නිවාසෙ වාර්ෂික කොන්සර්ට් එකක් තියෙනවා. ඒක මතක් කරන හැටියට ඇවරි පාලිකාවන්ට මතක් කළා. දානපතියන්ට ඒ ළමයින්ව කාර්ය මණ්ඩල ප්‍රධානින් සමඟින් එක්දින චාරිකා සඳහා රැගෙන යාමේ අවසර තියෙනවා. අපි ඒවගේ වැඩකුත් කරන්න ඕන චාමර කියලා ඇවරිතුමා තමුන්ගේ ලේකම් මිටියට කිව්වේ ඒවා බොහෝ සතුට ගෙන දෙන කතාන්දර විය හැකි නිසා. දහම්පාසල වෙනුවෙන් අමුත්තන් පොතේ සටහනක් තැබූ ඇවරිතුමා පරණ මතකයන් කන්දරාවකට සමු දුන්නේ දුකෙන්. ආයෙත් පරණ ම මිනිස්සුත් එක්ක පොඩි කාලෙ වගේ ඒ දානෙ කරන්න තියේ නම්.....!

දානෙ ඉවර වුනාම ළමයින්ටයි ගුරුවරුන්ටයි තෝසෙ කන්න ආරාධනා කළා. ඒකත් බස් එකට. ආහ් බස් එකේ රියදුරු සිතිර අයියා ඇවරිතුමා බොහොම හොඳින් දන්න නිසා බස් එක ඇතුළෙ භෝජන සංග්‍රහය පැවැත්වීම ගැන අමනාප වුනේ නෑ. එතකොටත් ඇවරිතුමා හිටියේ මයිනාතුමා හා සුලා එක්ක කාර් එකේ. ගොසාව විතරයි මුන් එකෙක්වත් කෑම කන පාටක් නැති නිසා ඇවරිතුමා ම බස් එකට ඔළුව දාලා බැලුවා. හානා හීය පානා අඬහැරෙන් දැනේ කියනවනේ ආයිබෝන්. මල් පෝච්චිහ් මල් පෝච්චිහ් කියන්නේ ඉල්ලුමට තරම් සැපයුම නැති එකලු.
තවත් බලබලා ඉන්න බැරි තැන ඇවරිතුමූ වැඩේට එන්ටර් වුනා. ඇවරි බාර ගත්තේ ගොඩ හොද්ද බෙදන වැඩේ. ප්‍රධාන ශිෂ්‍ය නායිකා හිරුෂිමා තෝසෙ බෙදුවා. 

ඇවරිතුමා කොච්චර කැපවීමෙන් තෝසෙ පිඟන්වලට හොදි බෙදලා ද කිව්වොත් අන්තිමේදී හිරුෂිමාගේ ළමා සාරියෙත් වක්කරලා තිබුණා. ඇවරි වැඩක් කළොත් ආයෙ කියලා වැඩක් නෑ නෙව. හැමෝට ම කෑම දීලා අපිත් බෙදාගෙන කෑවා. ඒ ළඟ මැටල් ගොඩක් උඩ සෙරෙප්පු දාලා වාඩි වෙලා ඉතාමත් සරණාගත ලීලාවෙන් රාත්‍රී ආහාර ගැනීම ඉතා රසවත් අත්දැකීමක් වුනා. හැමෝට ම යෝගට් බෙදාදීමකුත් සිදු කෙරුණා. කෑමෙන් පස්සේ ළමයි හැමෝ ම බස් එකට දාලා ඇවරිතුමා මයිනා මහතා සමඟ සුලා මැතිනියත් ඇරලවගෙන පන්සලට ආවා.

බස්එක පන්සලට ආවම තමා ඇවරිතුමාට උන්හිටිතැන් අමතක වෙන්නේ. අප්පා පැමිණිලි අටෝරාසියයි. වැඩේ පරක්කු වෙලාලු. අපි ළමයි එනකම් බලාගෙන ඉන්නවලු. ආදී වශයෙන් කලින් ආපු අම්මලා තාත්තලාගේ ගෝරනාඩුව. අපි හරියට හතහමාර වෙද්දි එළියට ආවත් ළමයින් කාලා බීලා ඉවර වෙද්දි ටිකක් ප්‍රමාද වුනා. ඊට හපන් වුනේ ඉතිරි වෙලා තිබුණ තෝසෙ සහ වඩේ කන්දරාව දැක්කාම. වහා ම ඒ සියල්ල පාර්සල් කරන්න අණ කළ ඇවරිතුමා කිසිවක් ඉවත නොදමා සියලු ආහාර ක්‍රමවත්ව බෙදා හැරලා ඉක්මණින් එතනින් පිටත්වුනේ ඇවරිතුමාගේ පුද්ගලික ජෝතීර්වේදියාණන් හමුවීමට වෙලාවක් වෙන් කරල තිබුණ නිසා. 

ඒකත් පට්ට ත්‍රිල් විසිට් එකක්. ජෝතිකා දුන්නේ උපරිම සැපයක්. අහා කොටු දොළහේ විස්තරේ ඈ කිව්වේ තොරණක් විස්තර කරන්නා වගේ අනේ. අම්මාපල්ල මට හිනාත් ගියා කියාන්කෝ සමහර තැනකදී. ඒ ගැන පස්සේ ලියන්නම්කෝ හොඳේ...

කොහොම නමුත් ඉතා කෙටි දැනුම් දීමක් නිසා ඇවරිතුමා හා එක්ව දානයට අවශ්‍ය කළමනා කටයුතු කළ මයිනා මහතාව හා සුලාවෝ මැතිනියට පුන්‍යානුමෝදනාත්මක ස්තූතිය පළ කළ වගට ලියා තියන්න ඕනෑ..!!

Wednesday, August 8, 2018

පුරිය ඇතුලේ පන්ති කිරීම හෙවත් නැවත මුුතුහර යාම.. මාමුරූළස


මේ සලාදය ඇඩ්ලින් ගුරු මාතාව හා ලියැවුණු පළමු ඒක හා බැඳේ ‌හොඳේ‍‍‍‍‍...  

වාර්ෂික පොළ කියමුකෝ. මෙගා ෆන්ඩ් රේසින් ඉවෙන්ට් එකක්. සාමාජිකයන්ට කැමති කැමති වෙළඳ කුටි දාන්න පුළුවන්. අච්චාරු විකුණන වගේ ස්ටෝල්ස්. ඇවරි නම් වික්කේ ම කොළ කැඳ. ලේසිනේ බන්. හතට පටන් ගත්තොත් දොළහට කඩේ වහන්න පුලුවන්. ගේම් සෝන් එකක් තිබුණා. රුපියල් දෙකේ පහේ ගේම් තියෙන. වැඩිම ඉටිපන්නදම් පත්තු කරන්න. ඩාර්ටන් වගේ වැඩ. සල්ලිම නෙමේ. විකුණන්න උගන්නන්න.

අධ්‍යාපනික ප්‍රදර්ශනය පට්ට. ඒකට හෝල් එක ම එක තේමාවකට සකස් කරනවා. අපි කියමුකෝ ගෝලීය උණුසුම තීම් එක නම් එන්ට්‍රන්ස් එකේ ලෝක ගෝලයක් ගිනිගන්නවා. බට වලින් පට්ටමක් හදලා, පත්තර පල්ප් කරලා, රිජිෆෝම් ගිනි දැල්එන්න රතුපාට ලැකර්ගාලා. ඒ වගේ. ඉතිං ඔතන ඉංජිනේරුවො, වැඩ මූලිකයො, නිදිමරන ගැන්සිය ආදී නානා විධ කෑකෝ පප්පලා ඉන්නවා. හැබැයි වැඩේ කරනවා ගතියට ම. මුතුහරේ වෙනස තමා ඒක එක ම වයස් කාණ්ඩය නියෝජනය නොකරන ඒකකයක් වීම. අයියලා වැඩ දාලා ගහද්දි මල්ලිලා ඉගෙන ගන්නවා. අක්කලා නංගිලා තේ හදලා සහයෝගය දෙනවා.

තව වැඩක් තිබුණා කොස් දන්සැලක්. අම්මා සෝරු කිව්වලු. පයිලට් අයියලා ගම පුරා කොස් කඩවලා, පොරවෙන් කොටලා, වතුරේ දාලා මදුලු ගලවලා, කොහොල්ලෑ ගලවලා, කොස් කපලා, කොස් කිරලා, කොස් තම්බලා, සම්බෝල කොටලා, මිනිස්සුන්ට බෙදලා, පාර්සල් බැඳලා අන්න පින යාලු. ප්ලේන්ටියකුත් දුන්නා දැවිල්ල යන්න. තාමත් අපි දන්සැල් කරන්න බහින්නේ ඒ පුරුද්දෙන්. අපි නිකම් අයිස්ක්‍රීම් නෙමෙයි බොහොම ජල්තර් දන්සැල් දුන්න මිනිස්සු. දැන් මේ එක හත්තිලව්වක්වත් නොකර සයිලෙ හිටියට.   

බැති ගීය කළේ සිඟිති අක්කා ලේකම් වෙලා සම්පත් අයියා සභාපති වුන අවුරුද්දේ. අපි චමිත අයිය, පල්ලි අයියා එක්ක සෙට් වෙලා ගොක් කොළ කැටයම් පාරක් දැම්මා ලොවෙත් නැති. චමිත අයියා තමා අවසාන ගොක්කොළ ආර්ටිස්ට්. ඇවරිතුමාටත් ගොක් ගෙඩියක්, ගොක් පහනක් ලැයින් කරගන්න පුළුවන් වුනේ මුතුහරට පින් සිද්ධ වෙන්න.අපි කැටයම් කපන ජූනියර් ආර්ටිස්ලා. කෙහෙල් බඩේට ගොක් කොළේ නවලා ගහන්නේ ලොක්කා. අපි පවුලේ කට්ටිය එහෙම ලෙසට ම වැඩක් දැම්මේ, අල්පිටියේ හසිනි අක්කාගේ වෙඩිමෙදි. තව මෑතකදී කුලරත්න ශාලාවෙත් වැඩක දී චමිත අයියා, ඇවා,  සිරිපාල, කොටියා බලන අක්කා නිමල්කා, ආදී සෙට් එකක් බැහැලා ඔයිල් ලෑම්ප් ඩෙකෝ එකක් කළා. ඒ අක්කාගෙ නැටුම් ෂෝ එක ද කොහේ ද?

වාර්ෂික චාරිකාව තමා ඩෙෆාම එක. ඒකට ආදී අයියලා අක්කලාත් එනවා. දැන් කාලෙ ට්‍රිප් යද්දි ගිටාර් දර්බක් ගෙනිච්චාට මේ ට්‍රිපට සම්පූර්ණ මෝලම් සෙට් එකක් හයර් කෙරෙනවා. බේස් එක රොෂාන් අයියා, සයිඩ් එක සම්පත් අයියයි, සිම්බල් එකයි. තව දැන් මහා කවි චක්‍රවර්තී කෙනෙක් වන මහේන් සූරි නැන්තම් මහේන්ද්‍ර සූරියාරච්චි අයියා බටනලා පිඹිනවා කෘෂ්ණාට ප්ලේස් නැති වෙන්න. විදුර තුල්සි ඩයස් අයියා, සමිතා අක්කා, රඛිත අබේගුණවර්ධන අයියා, යසස්, චාමර කපුගේ, චමිත අල්විස්, කෝකිල අයියා, සුපුන් හෙට්ටිආරච්චි, කණකා අල්විස් සෙට් එක තමා ගායක පිරිස. උදේ හතරට පටන් ගත්තා ම රෑ එක විතර වෙනකම් සින්දු කියාගෙන එක දිගට නටනවා කියන්නකෝ. උගුරු ගිහින් තියෙන්නේ ලොවෙත්. දැන් ට්‍රිප් යද්දි ඇවරිතුමා සින්දු කියනවා දැකලා බොහෝ දෙනා අහනවා ඔච්චර සින්දු කටපාඩමින් කියන්නෙ කෝම ද? බෙර ගහලා මහන්සි නැද්ද වගේ දේවල්. අපි හැම අවුරුද්දෙ ම ඒ ට්‍රිපේ ෆන් එකට සෙට් වෙලා දැන් දවස් තුනේ හතරේ ට්‍රිප්වල වුනත් එක දිගට සින්දු කියන එක ගේමක් නෙමේ. අනික දැන් බොහෝ බස්වල මයික්ස් දෙනවනේ. කාලෙ අලුත් තාලෙ වෙනස් බේබි. 

කරුවල වැටුනම තණකොළ පෙත්තෝ තමා මරුම පහර. සියලුම සාමාජිකයන් කරගෙන යන, කරන ලද විවිධාකාර කටයුතු බුරිය කියන තැනදි කොහොම ද කෙරෙන්නේ කියලා සින්දුවෙන් කියන එක තමා ඒකෙදි වෙන්නේ. උදාහරණයක් විදියට කණකා අක්කා නැටුම් ගුරුවරියක් නේ. එයා නැටුම් පන්ති කරන නිසා කට්ටිය මේම කියනවා.
තණකොළ පෙත්තෝ - සූකිරි බට්ටෝ - පැණි වරක මදුල මගේ සුසානෝ
උඹ නැති දාට අනේ - මං මැරෙනවා අනේ - පනිනව මෝය කටේ පම් පම් ගාලා

බුරිය දැකලා කණකා අක්කා මේම කියනවා 
බුරිය ඇතුළෙ නැටුම් පන්ති කරමු කියනවා
අපි බුරිය ඇතුළෙ නැටුම් පන්ති - බුරිය ඇතුළෙ නැටුම් පන්ති 
බුරිය ඇතුළෙ නැටුම් පන්ති කරමු කියනවා....

ඔහොම මොකා හිටියත්, එයාට අදාළව ලීක්වුන ප්‍රසිද්ධ බයිටක් සභාගත කිරීමයි මේ බුරි සින්දුවේ අරමුණ. ඉතිං හිතන්නකෝ හතළිහක් ගියා නම් කතා හතළිහක්. හැබැයි මේ ට්‍රිප හැටක් විතර යනවා. පොඩිම උන් ගණන් ගැනෙන්නේ නෑනේ. අයියලා අක්කලා පොඩි උන්ට කවනවා. එක මගුලයි ඒවයේ. සමහරුන්ට කාර්ඩ් එක දෙක වදින වෙලාත් තියෙනවා. අපි ලංකාවෙ දුර ම තැන්වලට තමා යන්නේ. එකපාරක් දෙගල්දොරවෙ හේමත් ගියා. ඇවරි අද චාරිකා සංවිධායකයෙක් විදියට ඉන්නේ ඉස්සර එහෙම හැම අවුරුද්දේ ම එකක් කරලා තියෙන නිසා. මිනිස්සුන්ව නටවලා, මචා කරවලා, උපරිම සුදියක් දෙන්න අපිට තාමත් පුළුවන්කම තියෙනවා. වැඩ නිසා තමා බැරිවෙලා තියෙන්නේ.

ආයෙත් ඇඩ්ලා කියවීම. ඇය බොහෝ සංවේදී මාතාවක්. කටපුරා මගේ රත්තරන් දරුවො කියලා බදාගෙන ඉඹින ඕ තොමෝ අවසාන සතියේත් දහම් පාසල් ආවෙ තුනේ පන්තියේ පොඩ්ඩන් බලන්න. ඇගේ සැමියා කැළණියන්ගොඩ මහත්තයා නීතිකාරයා. අපි සභාවාරයට පුටු අරන් පිළිවෙලට නොතිබ්බා ම එතුමිය තමා බැණුම් අහන්නේ. ඇය මැරෙනකම්ම වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවේ තමුන්ගේ අයියා වෙනුවෙන් පිරිනමන ත්‍යාගය අඛණ්ඩව දුන්නා. එතුමිය දෙන සලාක දානයත් වරද්දන්නෙ නැතුව දුන්න බව ඇවරිතුමා පුද්ගලිකව දන්නවා.

ඉක්මණට බැඳපන් කොල්ලෝ මට මඟුලට එන්න ඕන කියලා ඇය කිව්වේ අපි ඔක්කොම ගියපු මධුරංග මල්ලිගෙ වෙඩින් එකේ දී. ඔයාගෙ එකට එන්න ඕන මොක ද ඒකෙදි මට නටන්න පුළුවන් නලින. ඇයි කණකලා ඔක්කොම නටනවනේ. වයස අවුරුදු අසූ තුනයි කියාන්කෝ. ඒත් හිතේ හයිය. (මටත් එහෙම වෙන්න ඕන බේබි.) එතුමිය අපේ ගුරුභවතුන්ගේ ට්‍රිප් එකේ නිත්‍ය සාමාජිකාවක්. මේ කොල්ලො තමා මාව රට වටේ ගෙනිච්චේ මුතුහර තියෙන කාලෙ. කොහේ ගියත් කමක් නලින මම එනවා.

ගින්දරයි පුළුනුයි ළං කළා ම පිච්චෙනවනේ. මුතුහරට මඟුල්හර කියලා මිනිස්සු කතා හදද්දිත් ඇය බොහොම එඩිතරව ඊට මුහුණ දුන්නා. මුතුහරින් කසාද බැඳපු අයියලා අක්කලා බොහොමයකට ඇඩ්ලා ආශිර්වාද කළා. ඇගේ දෙසුම පැවැත්වුවෙත් අපේ දුමින්ද අයියා. මාව අමුවෙන් ම ඇඩෙව්වා. ඇවරි ගොඩ කාලෙකින් අඩලා නෑ. හැබැයි ඇය වෙනුවෙන් ඇඩුවා. හරියට ම 1996 ඔක්තෝබර් අම්බුන්ඩිව ආදාහනය කළ දවස වගේ. නමුත් ඒ ආච්චිලා මැරෙන්නේ නෑ. අපිට ඉන්නකම් එයාලා ගොඩක් අගේ නෑ. හැබැයි නැති වුනා ම මේ රෑත් ඇඩෙනවා. ළමයි වෙනුවෙන් මං කරන හැම හොඳ වැඩකින් ම ඇඩ්ලින් හපුආරච්චි මාතාවනි, ඔබට පින් අනුමෝදන් වෙත්වා!!!

අවසාන වශයෙන් ඇවරිතුමා අම්මුණ්ඩිගේ සොහොන් කොතේ අදටත් කොටා ඇති මේ පාඨයෙන් සලාදය හමාර කරනවා. මේ අත්තම්මාත් ඊට ඉතා ම සුදුසුයි.

සීතලව වැතිර ගත්
දයාබර මෑණියනි,  
ඔබේ සෙනෙහස අහිමි
අප සදා අසරණය...!
    

Sunday, July 29, 2018

මේ උන්කා ගුලාම් හේයි හෙවත් ආර්ය මහා සේනාවක් තනිව ඇමතීම | බැති ගී දෙක

සලාද මාත්‍රාව ගැන ලියන්න වෙලාවක් ලැබුණෙ කාලෙකි් අද දවසේ... බැති ගී ව්‍යාපෘති සලාද කිහිපයක් යන නිසා ඒවායේ කතාකරන පින්තූර ගැනත් ලියන්න හිතුනා.

කොහොමින් කොහොම හරි වැඩේ තීන්දු වුනාට පස්සේ මේ ගැන නිල වශයෙන් දැනුම් දෙන්න දෙමාපිය රැස්වීමක් කාරිය තියන්න යෝජනා වුනා. ඒ වෙද්දි වාර විභාග සඳහා දින නියම වෙලත් ඉවරයි. හුට්ටප්පරේ කියන්නේ අම්මලා තාත්තලා දෙසීයක් විතර ආපු දෙමාපිය රැස්වීමට කතා කරන්න වුනේ ඇවරිතුමාට විතරක් වීම. ප්‍රධානාචාර්ය හාමුදුරුවන් බැහැර වැඩීමත්, අමිල අයියා සහ ගයාන් අයියා නොපැමිණීමත් නිසා ඇවරිතුමාට ම ආර්ය මහා සේනාව අමතන්න වුනා. හොඳ වෙලාව උපාසක මහත්ම මහත්මීන්ට දෙකක් දෙසන්න කියලා හිතාපු ඇවරිතුමා බොහොම ශ්‍රද්ධාවෙන් පුංචි හාමුදුරුවො පන්සිල් දුන්නාට පස්සේ පටාන් ගත්තා.


අපේ කෙටි දැනුම් දීමෙන් අම්මලා තාත්තලා මේ රැස්වීමට පැමිණීම ගැන බොහොම සතුටු වෙනවා. මේක කැඳවීමේ හේතුව අම්මලා තාත්තලා දැනටමත් දන්නවා වෙන්න පුළුවන්, ලබන මාසෙ 27 වැනිදා පොසොන් පොහොයට පැවැත්වීමට නියමිත භක්ති ගීතය ගැන කතා කරන්නයි අද අපි මේ දෙමාපිය රැස්වීම කැඳවා තියෙන්නේ. ඊට කලින් අම්මලා තාත්තලාගෙන් මා ධර්ම විද්‍යාලය වෙනුවෙන් මෙවර අපේ බක් මහ උළෙල අපට පැවැත්වීමට නොහකි වීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටීමට කැමතියි. මෙවර වෙසක් දානය අප්‍රේල් අග යෙදීම නිසා ඔබේ දුව පුතා වෙනුවෙන් පවත්වන ඒ කටයුත්ත අපිට සිදු කරන්න නොහැකි වුනා. මේ භක්ති ගීතය කියන්නේත් දරුවන් බොහෝ කැමති කටයුත්තක්. පහුගිය රාමසාන් නිවාඩු දිනයේ මේ ශාලාවේ පැවති පුහුණුවීම් සැසිය සඳහා මමත් පුද්ගලිකව සහභාගී වුනා, එහිදී මම දැක්කා ඔබ දෙමාපියන් වශයෙන් කෙතරම් උනන්දුවෙන් දරුවන් මෙහි රැගෙන ආවාද ඒ දරුවන් කෙතරම් උනන්දුවෙන් අදාළ පුහුණුවීම් කටයුතු සඳහා සහභාගී වුනා ද යන කාරණාව.
අපේ ප්ලේ බැක් ගායන තරු පෙළ
ඔය වමේ සිට කුන්වෙනි අංකය ඉතා සිරා චරිතයක්. ඇය Sanam Teri Kasam හි සාරු වගේ පිස්සු නටන්නේ.
පන්සිල් ගද්දි අත්දෙක නළලේ තියාගෙන ඔන් කරපු මයික් එනේ පන්සිල් දුන්න පිස්සු ම කෙල්ලක්. 
ඉතිං අම්මේ තාත්තේ, අපේ නොහැකියාව නිසා, අපේ කාර්ය බහුලත්වය නිසා, කෙටියෙන් ම කිව්වොත් අපේ අලසකම නිසා මේ වගේ දරුවන් වෙනුවෙන් පවත්වන කටයුතු මඟහැරීම හෝ නොපැවැත්වීමට අපේ ආචාර්ය මණ්ඩලය ඉතා විරුද්ධයි. මුදල් නිසා ඒවා නොකෙරෙනවා නම් ඔවුන් තම පුද්ගලික මුදල් පවා යොදවනු ඇති. දැන් මං තනිව මේ සභාව අමතන්නේ සෙසු සියලු ගුරුවරුන් තව සති කිහිපයකින් පැවැත්වෙන විභාග වෙනුවෙන් අවශ්‍ය පාඩම් කටයුතු සම්පූර්ණ කිරීමේ නිරත වන නිසා. 


විශේෂයෙන් ම අපේ වැඩිහිටි ගුරුවර ගුරුවරියන්ගේ විශ්‍රාම වැටුපෙන් සැලකිය යුතු කොටසක් මාසිකව යෙදවෙන්නේ දරුවන්ගේ කටයුතු සඳහා ශිෂ්‍ය නායක මණ්ඩලය හරහා යෙදවෙන ප්‍රදානයන් වෙනුවෙන්. සැබෑ ජීවිතයේ දී ඔවුන් ආච්චි සීයාවරුන්. ඉතිං කවදාවත් එයාලා දරුවන්ට නැහැ බැහැ කියන්න දරුවො අසතුටින් තියන්න කැමති නෑ. ගෙදර දි වුනත් ඔබ ගැහුවොත් බැන්නොත් හරි දරුවො දුවලා යන්නෙ ආච්චි සීයලා ළඟට. ඒ අය බොහෝ ත්‍යාගශීලීයි.
අපේ කාලෙ මෙහෙම නෑ හාමුදුරුවනේ...

අපි මේ සටන් කරන්නේ අපි වෙනුවෙන් නොවෙයි. ඉරට ගිහින් එන්න නොවෙයි. ඔව් ලෝකෙ වටේ යන්න නොවෙයි..! අපිට තාම දරුවන් නැති නිසා මේ බුදුහාමුදුරුවො කියාපු පුත්ථා වත්ථු මනුස්සානං වෙනුවෙන්. නොඑසේ නම් ඔබේ දරුවන් වෙනුවෙන්. දෙමාපියන් හැටියට ඔබෙන්, මේ ව්‍යාපෘතියේ භාරකරු හැටියට මා අපේක්ෂා කරන්නේ අපි හා එක්ව වැඩ කළ හැකි ශක්තිමත් කණ්ඩායමක් ගොඩනඟා ගැනීම. ඔබ හිතනවා නම් අප මේ රැස්වීම කැඳවීමේ අරමුණ දෙමාපියන්ගෙන් ආධාර එක් කිරීමටය කියා ඔබට වැරදීමක් වෙලා. එහෙම බැති ගී කියන ළමුන්ගෙන් නියමිත මුදලක් එකතු කිරීම අපේ ක්‍රමයට විරුද්ධයි. ප්‍රධානාචාර්ය හිමියන් තදින් ම ඒ වාරණය අප වෙත පනවා ඇති බව කිව යුතුයි.

නෑ අපට අවශ්‍ය වන්නේ මේ දරුවන්ගේ වගකීම ඔබ හා බෙදා ගැනීමටයි. මේ කතා කරනා පොසොන් පොහොය දිනයේ දී පන්සලට එක් රැස්වන ජනකාය අති විශාලයි. එක දරුවෙක් හෝ නැති වුනොත්, වැළහුනොත් එහි බරපතලකම අපට හිතාගන්නවත් බෑ. ගුරුවරුන් පවා බැති ගී ගායනා කිරීම නිසා ඔවුන් මත සමස්ත වගකීම පැවරීම කිසිසේත් කළ නොහැකියි. එසේනම් ඒ ඒ බැති ගී කණ්ඩායම් වෙනුවෙන් වගකියන දෙමාපිය කමිටු පත් කරගැනීම අත්‍යවශ්‍යයි. මගේ දරුවන් නැවත නියමිත භාරකරුවන්ට භාර දෙන තෙක් රැකබලා ගැනීම, ඔවුන්ට ආහාර පාන බෙදා දීම, ඔවුන් පෙළ ගැස්වීම, ඔවුන් අතට ගන්නා මල් මාලා, ඉටිපන්දම් හෝ වෙනයම් උපකරණ සකසා දීම, කුඩා දරුවන්ට වැසිකිලි පහසුකම් සැලසීම ආදී සියලු සත්කාරක සේවා ඒ ඒ බැති ගී කණ්ඩායම් නියෝජනය කරනා දෙමාපියවරුන් දැරිය යුතුයි. කෙටියෙන් කිවහොත් අදාළ දෙමාපියන් වේදිකාවට ද නැඟිය යුතු අතර වේදිකාව මත අදාළ කණ්ඩායම සමඟ රැඳී සිටිය යුතු බැවින් මව්වරුන් සාරියෙන් සහ පියවරුන් ජාතික ඇඳුමෙන් සහභාගී විය යුතුයි. එක් කණ්ඩායමක් දෙමාපියන් දහයකින් සමන්විත වනු ඇති. සංග්‍රහ කමිටුවට තවත් දෙමාපියන් විස්සක් පත් කෙරේ. ඔවුන් රිමාර්කෝ බේකර්ස් අනුග්‍රහයෙන් ලබා දෙන කෑම බීම බෙදා දීම, නෙස්කැෆේ සෑදීම සහ ආරාධිත සංග්‍රහයන් බෙදා දීම සිදු කරනු ඇති.     

නාමයෝජනා බාර දීම දැන් ඇරඹුනා. එන්න නම් පුළුවන් ඒත් ඇඳුම තමා ප්‍රශ්නේ නේද තාත්තලා. එක දවසයිනේ වෙනසකටත් එකක සරමට බහිමු. මේ මං දැනුත් බැහැලානේ ඉන්නේ. එහෙම කිව්ව විතරයි දෙමාපියො ඉක්මණින් ඉදිරිපත් වුනා. මේ සභාවේ කවුරුන් හෝ මූල්‍යමය පරිත්‍යාගක්, හට් පුටු වේදිකා වෙනුවෙන් අනුග්‍රහයක් කිරීමට හෝ ශ්‍රම දායකත්වයට අමතර වෙනත් කවර ආකාරයක හෝ පරිත්‍යාගයක් කිරීමට සතුටින් භාර ගනී නම් මේ රැස්වීමෙන් පසුව මා හමුවීමට පුළුවන්. ඒ වගේ ම මේ සියලු දෙනාට බැතිගී ප්‍රසංගය සඳහා බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නටත් මෙය අවස්ථාවක් කරගන්නවා. කමිටුවට නම් ලබා දුන් දෙමාපියන් තවත් විනාඩි කිහිපයක් මෙහි රැඳෙන්න. පැමිණි ඔබට තෙරුවන් සරණයි..! කෝමද බබා පාර්ට් එක? සලලලලා සැගී...

අතිගරු දරණගම ඤාණසිරි අපේ නායක හාමුදුරුවන්වහසේ..
කමිටුව රැස් වුනා ම ඒ අය තමුන්ගේ වගකීම් ගැන සාකච්ඡා කළා. දෙමාපියන් නෙලුම් මල් සපයා දීමත්  භාර ගත්ත නිසා අපට බොහෝ ඉස්පාසුවක් වුනා. කොටින් ම ඇවරිතුමාට ඉතුරු වුනේ ඩෙකෝ, පුටු, හට්, කැනපි, බැක්ඩ්‍රොප් ගැන පුංචි පුංචි හිසරද ටිකක් විතරයි. ඒතක් බැක්ඩ්‍රොප් මිහින්තලාව, පුටු සීයත් මගේ අතේ තිබුණා. ඩෙකෝ සිරිපාලතුමා භාර ගත්තා. බැක්ඩ්‍රොප් එක කෝමත් ඇවරිතුමා ම තමා ගහන්නේ. ඒකෙ අවුලක් ම නෑ.

ලොක්කා වුනා ම ෆුල් රිලැක්ස් එකේ හැමෝ ම එක්ක හිනාවෙලා ෆන් ගනිමින් ඩොප්පි නකන් තාලෙට පිස්සු කෙලින්නේ ඔය වගේ ඉන් ඩීටේල් වැඩ බෙදා දීම නිසා. හෝම්වර්ක් ඕල් ඩන් බේබි. මේරේ ලෝකෝකා හන්ඩ්‍රඩ් පසන්ට් ෆරෝසා හේයි. අපිට තියෙන්නේ එම්. සී. ආර් එකේ ඉඳන් වෙලාව ආවම කට්ටියව පොඩ්ඩක් කොනිත්තන්න විතරයි. වැඩේ කෙරිලා ඇති. මේ උන්කා ගුලාම් හේයි. ලේකින් උන්කා අස්ලී මාලික් හේයි මාලික් යාර්...!
මේ ඇවරිපිතාගේ පහන් සංවේගයට පත් වු මොහොතක්...

Friday, July 13, 2018

රන්මැණිකා බ්‍රෝක් වීමෙන් පඳුරු අඟනන්ගේ ලොකු සීන් බැලීමට සිදුවීම හෙවත් ඩෝන්ට් ගිමී ලුක්ස් ඕකේ..!!


සුදු වස්තුව....!
රෝස කැකුල, කිරි බින්දුව, පැණි මුට්ටිය
මේ සතීගේ බිළිඳිය වෙනුවෙන් ලියවෙනා සලාද පෝස්ටුව දෙක. මතකනේ ගිෆ්ට් ගැනීම අවුට් සෝර්ස් කරලා ලේකමී රවපු රැවිල්ල. ඒ වැඩේ මුලින් ම භාර ගත්තේ ඇවාගේ ගරු කටයුතු නැඟණිය වන රන්මැණිකා මැතිනිය. රන් මැණිකා සොපින් කරලා සබ්බ සකලමනාව ම හින්දගන්න නිසා අදාළ තෑග්ග තෝරාගන්න බැරි වෙනවා. පස්සේ තමා ලේකම් මිටිය වැඩේ ට එන්ටර් වෙන්නෙ. මේ චීත්ත දෙක ම පොදුවේ තමාට කෙළවන බව දැනගෙනත් ඇවරිතුමා පෙටිකෝට් ආණ්ඩුවට ම වැඩේ බාර දුන්නේ එච්චරට ම වැඩ රාජකාරි අධික වූ නිසා. නැතනම් මෙහෙම වැඩ ස්ව හස්තයෙන් උපයා සකසා සිදු කිරීමට ඇවරිතුමා බොහෝ කැමතියි.
අදු සරියා..? එන්න? අන්ද පොන්නුක්කු ගිෆ්ට් මා? ඕ සරි. එන්ග පෑරුන්ගෝවෙන්. ප්ලීස් Can you do some work for a change please? සාමන්‍යෙයන් ලේකම්වතීට කේන්ති යන්නේ වැඩ බාගෙට කළා ම. කොච්චරවත් ඇවරිතුමාට ඈ කියන්නේ දුටුගැමුණු කුමාරයා යුද්ධ කළා වගේ අතනින් බාගයයි, මෙතනින් බාගයයි කරන්න එපා කියලයි. නමුත්මේ  අවස්ථාවෙ උන්දැට පුෂ්ප රංජනයක් සිදු කරන්න තරම් වැලීඩ් රීසන් එකක් තිබ්බෙ නැති බව කම්පනා කළ ඇවරිතුමා හොඳවයින් දෙක තුනක් කොටන්න හිතාගෙන ටැබාව අතට ගත්තා.
නී පාර්ක.. ඒමද පුංචි නෝනා හා බලමුකෝ.You lekamee scoundrel witch ටයිප් කළාට පස්සෙ තමා සැර වැඩි බව තේරුණේ. බෑග් එකෙන් පුංචි පෙට්ටියක් ගත්තු ඈ මේසය උඩින් තියලා ආපහු හැරුණා. තෑන්ක්ස්. Just open it and see. No need I know it should be perfect earrings. කණක්ක එව්වළව්? බිල් තැරලාමා..? හික්ස් නෝන්ඩි හිනාවක් දාපු ලේකමී හැරිලා ගියා. එතකොට ඇවරියාණෝ සප්ලයර් පේමන්ට් වගයක් ෆයිනලයිස් කරමින් හිටියේ. පස්සේ ම ඇරලා බලනවා කියලා හිතාගෙන වැඩේ කරගෙන ගියා. බිලත් වට්ස්ඇප් කළා. ඇවරි පෙට්ටිය ඇරලා බැලුවාම පුංචි පෙන්ඩන්ට් එකක්. වයි දිස් කොළවරි ඩී? ඉෂ් හිනාවෙනවා.
වැඩත් එක්ක මට ආපහු ඈට කතා කරන්න ලැබුණෙ එන ගමන්. මොකද පෙන්ඩන්ට් එකක්? අයියෝ ඔයාගෙ යාළුව කෙල්ල නේ. බබා තාම පුංචි නේ. බබා ලොකු වෙනකම් මේක අම්මට දාන්නත් පුළුවන් නේ. ඒකයි ගත්තේ. එයා කැමති වෙයි. ඒක ලස්සනයි. ෂා වාහ් ක්‍යා කමාල් හේ ඉෂ්. නී සූපර් ඩා..! එන්න වණුම්? ඔන්ඩුම් ඉල්ලයි. එහෙම කිව්වට ඇගේ පැණි වළලු පංගුව ඇවරිතුමා කලින් ම වෙන් කළා තම පුද්ගලික කාර්ය මණ්ඩලය වෙනුවෙන්.  
ලෙක්චර්ස් අහවර වෙලා සත් බලන්න යන ගමන කැන්සල් වෙන්නේ අයහපත් කාලගුණය නිසා. ඊළඟ සෙනසුරාවේ පැය පහක් දේශන පවත්වන්න වුන නිසා ඇවරිට රෑ වෙනවා. ඊළඟ සතියේ බදාදා හදිසියෙන් ම සත් කතා කරනවා. මං රත්මලානෙ දැන් ඉන්නේ. ඔයා බලන්න ගල්කිස්සට එන්න ද? අනිද්දා අපි යනවා. ආවට කමක් නෑ සුදා, ඔයාට රෙඩි කරපු කිසිම දෙයක් මා ළඟ නෑ. මං හෙට උදේ ම ගෙදරට එන්නම්.
වහාම පහුවදා උදේ සියලු ම කටයුතු එහෙ මෙහේ කරලා පුළුවන් ඒවා ඉෂ්ට දාලා ඇවරිතුමා දංකොටුවේ ලක්ෂාන් මහතාගේ පාරම්පරික නිවෙස්නය වෙත පියමනින්න කටයුතු සංවිධානය කළා. දංකොටුව කිව්ව ම දැන් නම් ගෙදර වගේ ම තමා මොකද ලෙක්වැර්ස් ඉවර වෙන වෙලාවට කුලියාපිටියෙන් කොළඹ බස් නැති නිසා මීගමු බස් එන්නේ දංකොටුවට විතරයි. එතනින් තෝප්පුවට කුරුණෑගල ඉඳන් එන බස්වල යන්න ඕන. සෙනසුරාදා ආපහු ගෙදර එන ඒ ගමන පැය පහක විතර අති දුෂ්කර එකක්. අපේ ලකීබෝයි ඉන්න සදාසරණ මාවත ඇවරිතුමා බොහොම පහසුවෙන් සොයා ගත්තා. එහි යද්දි දෝණියැන්දෑ නම් දොයියගෙන හිටියේ. සත් ආපු ගමන් කතාවට වැටුණා. ලකී මැතිතුමාත් ඇවරිතුමා සාදර බහුමානයෙන් පිළිගත්තා. සත් නම් ටිකක් අලි වෙලා තිබුණා.
ලේකමී සිලෙක්ෂන්.. ලොල්
අපි ලක්ෂාන් මහතා සමඟ දීර්ඝ සාකාච්ඡාවකත් නිතර වුනා. එතුමාත් කලින් ටුවරිසම් ෆීල්ඩ් එකේ හිටි නිසා එදාමෙදාතුර බොහෝ දේ තිබුණා කතා කරන්න. ප්‍රින්සස් ලිනාරි තමා සෝයි. මාස පහේ දූ සිඟිත්ත ඇවරිතුමාගේ අතේ සෑහෙන්න වෙලාවක් හිටියා. ඇවරිතුමා එළියට එක්ක ගිහින් බෘම් පෙන්නනයි ගොඩක් සෙල්ලම් කළා. කෙලි පොඩ්ඩට ගාණක්වත් නෑ. කොච්චරවත් අතේ හිටියා. අම්මා තේ හදාගෙන එනකම්. පස්සේ දැඟලිල්ල වැඩි වෙලා ඇවරිතුමාගේ කමිසෙ කිරිත් හලලා ඒ සංකොටේ පිස්සුවක් නැටුව ඕන්. දෝණි ලක්ෂාන් වගේමයි. හැබැයි හිනාවයි නහයයි සත්වගේ. පහුවදා තමා ඇගේ කොණ්ඩෙ කපන්න යොදාගෙන තිබුණෙ. ඒ වෙද්දි නම් සැලකියයුතු කොණ්ඩයක් තිබ්බා. ඇගේ ආදර සීයා තමා මංගල කේශ කල්‍යාණි ජේදනය සඳහා ආරාධනා ලැබ තිබුණෙ. 
සත් පැණිවලලුවල ක්‍රිස්පි ගතියට කැමති වුනා. ඇත්තට ම කිව්වොත් කලින් දා සත් කී නිසා අපිට පැය කිහිපයයි ඒ සියල්ල කරගන්න තිබුණෙ. උඳු පිටි පිපෙන්න වෙලාව මදි වුන නිසා මෙලෙක අඩු වුනා. ආගිය කතා කියවලා ඇවරිතුමා එන්න පිටත් වෙනකම් ම දූ සිඟිත්ත දත් කැකුළු පාමින් හිනැහුනා. සත් අයෙෂ්ට පාර්සලයක් බාර දීමේ කුරියර් සේවාවක් ඇවරිතුමා ලවා කරවා ගැනීම නිසා ඊළඟ සති අන්තයේ අයේෂානිව බලන්න යන්න ඇවරිතුමා යොදා ගත්තා.
ලකීබෝයිගේ මලණුවන් තමා ඇවරිතුමාව දංකොටුව ටවුමට ඇරලුවේ. හිතුවට වඩා කලින් ම කොළඹට ආපු ඇවරිතුමාගේ සත්‍යාංගි ළමා කොලම නිමා වෙන්නේ ඕන් ඔය හැටියට. යන්න කලින් අල්ලාගන්න ලැබීම ගැන නම් ඇවරිතුමා ගොඩක් සතුටු වුනා. නැත්නම් ආයෙත් ලබන අවුරුද්දේ තමා බැහැදැකුම් කරන්න වෙන්නේ.

Friday, July 6, 2018

විශ්වය සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදන්නට මට කියාදුන් අත්තම්මා නිවන් ගිය දෑය


අනුපමේය ‌සෙනෙහසක මහිමය.. 
පහුගිය දවස්වල ඇවරිතුමා බොහොම ශෝකවුන කාරණය වුනේ ඇඩ්ලින් හපුආරච්චි ගුරුමාතාවගේ  මරණය නිසා. ඇවරිතුමාට හිටපු හොඳම ආත්තම්මා තමා නැති වුනේ. මේ ලියන මොහොතෙත් මගේ ඇස් කඳුළින් පෙඟෙන්නෙ ඇගේ සෙනෙහස ඒ තරම් මා වෙත බැඳී තිබූ නිසා වෙන්න ඕන.

ඇවරිතුමාට ආච්චිලා දෙන්නගේ ආදරේ අහිමි වෙන්නේ ගොඩාක් පොඩිකාලේ. ඇවරි පිතාගෙ මෑණියන් වහන්සේ අන්ත්‍රා වෙන්නේ ඇවරි හතර වසරෙදි විතර. මොර සූරන්න වහින දවසක ඇවරිතුමා මාමත් නැන්දත් එක්ක ඉස්කෝලෙ ඇදුම පිටින් මළගමට ගියා. කොටින්ම මට එතුමියගේ නම වත් මතක නෑ. හැබැයි හිතේ රූපය තියෙනවා. ඇවරි මාතාවගේ අම්මට අපි කියන්නෙ අම්බුණ්ඩි කියල. අමඩි, අම්මණ්ඩි වෙලා මුණුබුරු මිණිපිරියන් වෙත එද්දී අම්බුණ්ඩි වෙනව. ගරු කටයුතු මාතාව යන තේරුම් ඇතුව. ඉස්සර ගමේ ගියාම, ඇය කතා කියල දීල බත් කවාපු අතීතයක් අපිට හීනෙකින් වගේ මතකයි. ජයවර්ධන වෙද හාමිනේත් වැරැල්ලානේ වෙද මුත්තණ්ඩිත් ඇරුණාම ඇවරිගේ මහ සීයා ජීඩින් සිඤ්ඤෝ හිටියෙ අලුත්ගම වුනාට ආරොන්ගෙ මල්ලි බාරොන් වගේ මොරටුවේ දක්ෂ වඩුවා. වෙද මුත්තණ්ඩි ගැන නම් ඇවරිතුමාට සැලකිය යුතු මතකයක් තියෙනවා. මොක ද එතුමා එක්ක සෑහෙන්න තරම් වැඩ කරන්න ලැබුණ නිසා  එතුමා සෑහෙන්න කියවපු කරපු කෙනෙක්.

ඇඩ්ලා ගැන ලියන්න ඇවරිතුමා පටාන් ගන්නෙ එතුමාත් ජංගි අඳින කාලෙ පටන්. ඇඩ්ලින් ටීචර් තමා මාකොළ සපුගස්කන්දේ මුතුහර රූපවාහිනි ළමා සමාජයේ මුල පටන් ම අනුශාසකත්වය දැරුවේ. ඒ හරියට ම කිව්වොත් මීට අවුරුදු තිහකට විතර කලින් ඉඳන්. ඒ නිසා ඒ සද්ගුණවත් මාතාව පිළිබඳ ඇවරිට ඇති මතකයන් සියල්ල මුතුහරට අදාළයි.

අපි අංක 319 මාකොළ මුතුහර රූපවාහිනී ළමා සමාජය. ඇවරිතුමා තමා එහි අවසාන සභාපතිවරයා. මගේ ලේකම්ට හිටියේ තිර්මිලා. මූ තමා විනාස කළේ. එදා ඇඩ්ලින් ටීචර්ගේ මළගෙදර දී ආදී අයියලා අක්කලා ඇවරිතුමා පෙන්නලා ම කිව්වා. ඔව් ඒකට ඇවරි වග කිව යුතුයි. නමුත් අපි බාරගන්නකොටත් ට්‍රෙන්ඩ් එක වෙනස් වෙලා. ළමයි මුතුහරට වඩා සෙනසුරාදා පන්ති යන්න අරන්. සභාවාරයට අවශ්‍ය ඝන පූර්ණයවත් නැතුව කට්ටිය හැලිලා හැලිලා අන්තිමට සභාපතිතුමා විතරක් ඉතිරි වෙලා මුතුහර නැවතිලා ම ගියා. ඇවරි පතිරගේව හදන්න මේ කියන මුතුහර බොහෝ දායකත්වයක් දුන්න. වගකීම් දරන්න. නායකත්වය ගන්න. ඉවෙනට්ස් කරන්න ආදී බොහොමයක් අපි එයින් ඉගෙන ගත්තා.
ඒ සියල්ලගේ ම පුන්‍යානුමෝදනාව ඇඩ්ලාට යන්න ඕන. ඇඩා කියන්නේ ඇවරි ආදරේට කියන නම. එතුමියට සම වයසේ ගුරුවරියන් කතා කරන්නේත් ඒ නමින්. ඇවරිත් බොහෝවිට එහෙමත් කිව්වා. ඒක ආදරේ උල්පතක්. මුතුහර සංකල්පය ඉතා රසවත්. වාර්ෂිකව වැඩසටහනක් එහි තිබුණා. ඒ අංග කටයුතු සිදු කිරීමට අදාළ නිලධාරී මණ්ඩයක් තෝරා පත්වනවා. කාරක සභිකයන් හතක් සමඟින්. ඒ අය නිල අංගයන් සහ සාමාජිකයන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් එන වෙනත් කටයුතු සිදු කරනවා. වසර පටන් ගත්තේ පන්සලේ සහ පල්ලියේ තියෙන පින්කම් දෙකකින්. අපි බෞද්ධ වුනාට හැම අවුරුද්දක ම අඩු ම දෙසැරයක්වත් පල්ලි ගියා. ගීතිකා කිව්වා.

බාලයන් මා වෙතට එන්න ඉඩදෙනු කියා - කියයි අදත් ඒ ජේසු තුමා
දහම් දෙසන්න පතුරවන්න එන්න සැම දෙනා කියා 
කියයි අදත් ඒ ජේසු තුමා... (තාම කටපාඩම් බේබි!!)

අපි මාබිම කල්වරියත් නැංගා. එය බහු සංස්කෘතික, බහු ආගමික තැනක්. තව කඳවුරක් තිබුණා. කණ්ඩායම් වලට ළමයි බෙදලා මෙනු එකක් දීලා ඒක උයන්න කියලා විනිශ්චය මණ්ඩලයකින් ලකුණු දෙන. පරිප්පු, පළා වර්ගයක්, බත්, බිත්තර ආදී වශයෙන් මෙනු එකක් තියෙනවා උයන්න. තව එහිම ගවේශනයක් තිබුණා. කණ්ඩායම් වාර්තාවක් සැපයිය යුතු. හවසට ආදි අයියලා අක්කලයි, අපියි බෙදිලා එල්ලෙ ගැහුවා. වල්ගම ඉස්කෝලෙ පිට්ටනියේ. දැන් මතක් වෙද්දි ඇස්වලට කඳුළු එනවා මොකද අපි ඒ තරම් සතුටු වුනා, මාබිම ඉඳන් මාකොළට බස් එකේ සාස්පාන් වලට තට්ටු දාදා සින්දු කිය කිය ඇවිල්ලා. මේක කියවද්දි ඔබ හිතින් මවා ගන්න. කණ්ඩායමක් හැටියට උයන, ඇඩ්වෙන්ඩර් ඉවෙන්ට් තියෙන, සවසට ඉදිරිපත් කිරීම් කරන, හොඳම කණ්ඩායම තෝරන කොටින්ම තරුණ විසේට රැස් විහිදෙන ඉවෙන්ට් එකක්. ඇවරිතුමා යුනි යන කාලෙ පිළිකුත්තුව චැලෙන්ජ් නමින් කළ ඕපන් ඇඩ්වෙන්චර් ඉවෙන්ට් එකට පාදක වුනේ ඒ අත්දැකීම්.

ඉදිරි කාලෙ අපි මේක දහම් පාසල් මට්මින් කරන්න හිතාගෙන ඉන්නවා. අගෝස්තු නිවාඩුවට. ඇඩ්ලාට උපහාරයක් වශයෙන්. මොකද දවස ඉවර වෙද්දි කොච්චර මහන්සිවෙලා හිටියත් ඒ කන්සෙප්ට් එකෙන් මාර ත්‍රිලක් එනවා. හිතෙට දැනෙන සුව ගතට දැනෙන බව ඔබ රහසින් නෙමෙයි මූණට ම කියාවි. මේ සීසන් එකේ අපි කරමු. බොහොත් මසා ආයෙන්ගී.
ඒ හැරුණා ම ළමා නිවාස හා වැඩිහිටි නිවාස දාන (විහාර මහා දේවී ළමා නිවාසයට හා දෙල්ගොඩ වැඩිහිටි නිවාසයට) වගේ ම වාර්ෂික පොළ. වාර්ෂික චාරිකාව, අධ්‍යාපනික ප්‍රදර්ශනය, බැති ගී සරණිය, අවසානයේ දී රංගාවතරණය හෙවත් සංවත්සර ප්‍රසංගය ඇතුලු තව ගොඩාක් ඒවා තිබුණා මට මතක මෙච්චරයි. ලියන්න අමාරුයි බන් කඳුළු එනවා හෝ ගාලා. කෙටියෙන් කිව්වොත් මේ සියල්ල ඒ වචනයෙන් කියන්න බැරි තරම් ළමා අපට ආදරය කළ අත්තම්මාගේ අනුශාසකත්වය මත හැදුනු, දියුණු වුන දේවල්. ඒ තරුණ ජීවිත වලට ඇය දුන්න ආලෝකය ම ඇති නිවන් දකින්න. මම ඒ ඉවෙන්ට්ස් ගැන පොඩියට ලියන්නම්. මොක ද මේ නොස්ටොල්ජික් ගතිය ඇඩ්ලාට මාව ගොඩක් සමීප කරවනවා.

Thursday, July 5, 2018

අයේෂාවන්ගේ චිකන් ඉස්ටුව හෙවත් ඇවරියාර් කුරියර් වීම...



ඔෂේන් මින්දිව්  කුල කුමරුවාණන්, අයේෂාවන් සහ කරුණා නිධාන වූ නිමන්ත මැතිඳාණන්...

අර කිව්වත් වගේ අයේෂාවන්ගේ සහ අපේ නිමන්තත ඇල්විටිගල මැතිඳාණන්ගේ කුළුදුල් පුත්‍ර රත්නය ඔෂේන් මින්දිව් කුල කුමරුවන් බැහැදැකුම් කරන්න ආසන්න ම සිද්ධිය වුනේ සතීගෙන් ලද පාර්සලය. ඇවරියණෝ කුරියරින් සේවාව වෙනුවෙන් ඒ කටයුත්ත සිද්ධ කරන්න නියම වුනාට ඒ ගමන බොහෝ කාලෙකට පෙර ඉඳන් යෝජනා වුන එකක්. ඇවරිතුමාගේ අතිජාත මිත්‍ර ප්‍රතිරූපක තෙමේ හෙවත් අපේ සුගිතාභිනන්දන අම්බලන්ගොඩයා ඇවරිගේ අයිඩියාවට කළුගල් පෙරළිම නිසා අවස්ථා කිහිපයකදී ම ඒ ගමන මඟ හැරෙනවා. අන්තිමේ දී තනිව හෝ යම්හයි සිතාගෙන ඉද්දි තමා මේ කුරියර් රස්සාව සෙට් වුනේ.

ඉරිදට සී සයිඩ් එකේ සයික්ලින් පාරක් දාන්න හිතාගෙන හිටියාට ඉරිමා උදය කියන්නේ රාජකාරී බහුල දවසක්. ඇවරි දහම්පාසල් යන්න කාලය තාමත් වෙන් කරලා තියෙන්නේ ඉරිදා කියන්නේ පබ්ලික් ඩේ එක නිසා. එදාට තමා අපි ගොඩක් හිනා වෙන්නේ. පොඩ්ඩොත් එක්ක කාලය ගත කරන්න, ඇවරිතුමා කොච්චර තණ්හාසයි කිව්වොත් පැයක් පරක්කුවෙලා හරි එහි යනවා. ගිහින් අපේ ධර්මාචාර්ය දේශන වාරයන් කරනවා. ඇවරිතුමා බොහොම කැමතියි පන්තියේ ළමයින්ට ඇහුම්කන් දෙන්න. එයාලා අපූරු කතා කියනවා. මේ කියන දවසේ නම් භක්ති ගීත ප්‍රසංගය සඳහා අවශ්‍ය සූදානම් වීම් වෙසක් සීල සමාදානය ආදී ඉවෙන්ට්ස් කිහිපයක් ගැනත් කතා කරගන්න තිබුණා. ඒ ඔක්කොමත් හරි කළුගුණේගේ දඟවැඩ තාමා ඉවසන්න අමාරු. ඔව් අනේ මේ වහිනවා. මේ පායනවා නේ.

ඇවරිතුමා වෙනුවෙන් විශේෂ දහවල් කෑමක් අයේෂ් මැතිනිය හදලා තිබුණා. එකොළහට විතර කෝල් කරපු එතුමිය අයහපත් කාලගුණය නිසා වෙන දවසක එන හැටියට ඉල්ලීමක් කළත් වෙන දවස් කියන්නේ නොඑන දවස් නිසා ඇවරිතුමා තරයේ ම ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. අපි එනව කිව්වොත් මැඩම් අනිවා එනවා. වෙලාව තමා කියන්න බැරි. මොක ද මම තාම පන්සලේ. කොහොම වුනත් නොකා එනවා. මං කෑම හැදුවේ. අනිවා කඩෙන් කන්න වෙන බව දැන දැන ම ඇවරිතුමා හා කිව්වේ ඇගේ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න දානමය පුන්‍ය ක්‍රියාව වචනයකින්වත් ඉඳුල් නොකටයුතු නිසා.

කඩවතට ගිය ඇවරිතුමා මහරගමක නැඟලා කොට්ටාවට වෙනකම් සුවසේ නිදා ගන්නවා. පැය බගෙ ගමන වගේ ද යාළු නිදි දෙව්දුව වැළඳගන්න එද්දි එපා කියන්නේ මොකා ද? දැන් නැඟිට්ටා ම ඩිරෙක්ෂන්ස් ඔක්කොම අමතකයි කියන්කෝ. අයෙෂ්ට කෝල් කළත් නෝ ආන්සර්. ගෙදර අය පාර දන්න නිසා ඇගේ පස්යාලෙ නිවස අමතන ඇවරිතුමා අයේෂ්ගේ අම්මාගෙන් පාර අහගන්නවා. ඒත් ඇන්ටිටත් ගේ හරියට ම මතක තිබුණෙ නෑ. කාරි නෑ ඉතිරිය පයින් ම යනවා කියලා හිතාගෙන ටුක් එක රිලීස් කරද්දි ම මේන් අයෙෂ් මිදුලක ඉන්නවා. ඇගේ පළමු ප්‍රශ්නය තමා ක්ලැසික් ම.

කෝමද දන්නේ ගේ මේක කියල. ඔයා කලින් ඇවිත් නෑනේ. 

හඩ්ඩන් කෙල්ලං - සුගන්ධ ධූපං, උඩ්ඩං හුළඟං ගසා වහන්තෝ... 

හඩු කෙල්ලන්ගේ ගඳ උඩු ගුවනේ ද පැතිරේ. දැන් සනීපද? අනේ යනවා යන්න. අම්මා මේ තමා නලීන්. ඇය ඇල්විටිගල මහත්මියට ඇවරිතුමාව හඳුන්වා දුන්නා. ආහ් මට මතකයි. එදා වෙඩින් එක දවසේ කතා කළේ. පුතා හොඳට කතා කරනවානේ. හරියට එෆ්.එම් එකක වගේ. ඔව් අම්මා ඒ රස්සාව විතරයි තාම නොකළේ. කතාවෙන් කතාවෙන් ඉතාමත් උණුසුම්ව ඇවරිතුමාව පිළිගත් ඕ තොමෝ එහෙමම කතාවට සෙට් වුනා.

අපේ අයේසාවන්ගේ ගරු කටයුතු නන්දම්මිය පේරාදෙණි විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක්.  අර භීෂණ කාලෙ කැම්පස් ගියපු සෙට් එකේ බර කකුලක් ආයිබෝන්. ඒ කාලෙ ගැන ගොඩක් ඇවරිතුමා තමුන්ගේ මාමාතුමාගෙන් අසා දැනගෙන තිබුණා. ඒ දවස් ගැන කියමින් පුතා නළවමින් අම්මා ගොඩක් කතාන්දර කිව්වා. ප්‍රසිද්ධ බැචාලා ගැන රසවත් යාන්ස් ඇවරිතුමා ඉතා සතුටින් අහගෙන හිටියේ සේරම අම්මා උයා පිහා තිබ්බත් අයේෂ්ට පපඩම් ටික බැදලා කෑම මේසේට යවන්න අවම වසයෙන් තව පැයක්වත් යන බව අත්දැකීමෙන් දන්නා නිසා. සුදා ගින්දරේ සෝපාකලා...!!

යන්තම් බැඳපු නිසා පපඩම් බදින්නවත් ඉගෙන ගත්තා නෙව කියාගෙන ඇවරිතුමා කෑම මේසෙට වාඩි වුනා. අවංකෙට ම අම්මා හදපු නිසා ෆ්‍රයිඩ් රයිස් එක රසට තිබුණා. අයෙෂ්ගේ චිකන් මූස් එක ආ නෑ නෑ චිකන් ඉස්ටුව. සෑහෙන්න අලංකාර භෝනයක් වගේ පෙනුනා. (කෑව ම ටිකක් අවුල් ඉතිං.. සුපුරුදු පරිදි) නෑ නෑ සිරා ව්‍යාංජනේ කුරුඳු හේමත් පදමට දාලා දහලා තිබුණ නොවැ. කෑමෙන් පස්සේ බරසාර පුඩිමකුත් වැඩැම්මුවා. ඇවරිතුමා කෝපි ඕඩර් කළේ ඒකත් කන්න කලින්. අයෙෂ්ට කෝපි හදන්න පුළුවන් බව නම් ඇවරිතුමා හොඳින් ම දැන්ගෙන හිටියා. 


හොරි කහපිය - ගණන් බලාපිය වගේ
තෑගි තෝරන්න දීලා තව ලොකු සීන් බලන්නත් බැරි නිසා
මේපාර වෙනත් උපාසිකාවකට වැඩේ භාර කළා.  මේ ඇගේ චොයිස් එක..!  

කෑම කාලා ඉවර වෙද්දි වගේ අපේ නිමන්ත ජී ආවා. කවදාවත් පුතේ බිස්නස්කරන මිනිස්සුන්ව බඳින්න එපා. මේ පේන්නෙ නැද්ද. නිදහසක් ඇත්තේ ම නෑ. අම්මා කිව්වෙ නිමාගේ නිමා නොවන වැඩ රාජකාරී ගැන මතක් කරලා. ඒ යෝජනාව ඒ සැණින් අයේෂාවෝ ඉස්තිර කළා. එතුමියටත් කොටුව කපා ගන්න ලැබුණොත් ඒ ඇති ඉටිම්. ආගිය කතා වලට අමතරව කන්තෝරු කතාත් රැසක් එළියට ආව. නිමාතුමා හේමාස් ලෙෂර්හි හිටපු නියෝජ්‍ය ගණකාධිකාරීතුමා. එතුමාගෙන් ඇවරිතුමාට ඉගෙනගන්න සෑහෙන්න දේවල් තිබුණ. අපි එහෙම ලොකු ලොකු ප්‍රශ්නත් කතාබහ කළා. 

ඇවරිතුමාට මේ නිල සංචාරය කුරියර් කොන්ත්‍රාත්තුවක් නිසා ම සිද්ධ කරන්න වුනාට මොකෝ, එතුමා චාලිත්තරේ හැටියට අයේෂාවන්ට පැණිවළලුත් මින්දිව් කුමරුන්ට පංචායුදේකුත් අරන් ගියා. තව පුංචි කාර්ඩ් එකක් ලියවලා දුන්නා. කුමාරයා ලොකු මිනිහෙක් වුන දවසකට මතක හිටින්න. අනිවා අයේෂාවෝ කෙසේ වෙතත් ඒ සියලු ප්‍රසාද් තෝෆාවන් නිමතුමා බොහොම ප්‍රවේශම් කරන බව ඇවරි දන්නවා. ඇවරි බොහෝ සතුටු වුන තවත් බිළිඳු දැකුමක් නිමා වුනේ අන්න ඒ විදියට...!

කාගෙත් ආදරේ දිනාගත් ඔෂේන් මින්දිව් කුල කුමරුවන්ට සතුටින් වැඩෙමින් ඉක්මණට ලොක්කෙක් වෙන්න ආසිරි පතමින් ඇවරි කස්ටඩ් කෑ විසිටින් අයෙෂාවෝ සලාදය මෙතෙකින් නිමා කරනවා....!!