මේ සලාදය ඇඩ්ලින් ගුරු මාතාව හා ලියැවුණු පළමු ඒක හා බැඳේ හොඳේ...
වාර්ෂික පොළ කියමුකෝ. මෙගා ෆන්ඩ් රේසින් ඉවෙන්ට් එකක්. සාමාජිකයන්ට කැමති කැමති වෙළඳ කුටි දාන්න පුළුවන්. අච්චාරු විකුණන වගේ ස්ටෝල්ස්. ඇවරි නම් වික්කේ ම කොළ කැඳ. ලේසිනේ බන්. හතට පටන් ගත්තොත් දොළහට කඩේ වහන්න පුලුවන්. ගේම් සෝන් එකක් තිබුණා. රුපියල් දෙකේ පහේ ගේම් තියෙන. වැඩිම ඉටිපන්නදම් පත්තු කරන්න. ඩාර්ටන් වගේ වැඩ. සල්ලිම නෙමේ. විකුණන්න උගන්නන්න.
වාර්ෂික පොළ කියමුකෝ. මෙගා ෆන්ඩ් රේසින් ඉවෙන්ට් එකක්. සාමාජිකයන්ට කැමති කැමති වෙළඳ කුටි දාන්න පුළුවන්. අච්චාරු විකුණන වගේ ස්ටෝල්ස්. ඇවරි නම් වික්කේ ම කොළ කැඳ. ලේසිනේ බන්. හතට පටන් ගත්තොත් දොළහට කඩේ වහන්න පුලුවන්. ගේම් සෝන් එකක් තිබුණා. රුපියල් දෙකේ පහේ ගේම් තියෙන. වැඩිම ඉටිපන්නදම් පත්තු කරන්න. ඩාර්ටන් වගේ වැඩ. සල්ලිම නෙමේ. විකුණන්න උගන්නන්න.
අධ්‍යාපනික ප්‍රදර්ශනය
පට්ට. ඒකට හෝල් එක ම එක තේමාවකට සකස් කරනවා. අපි කියමුකෝ ගෝලීය උණුසුම තීම් එක නම්
එන්ට්‍රන්ස් එකේ ලෝක ගෝලයක් ගිනිගන්නවා. බට වලින් පට්ටමක් හදලා, පත්තර පල්ප් කරලා,
රිජිෆෝම් ගිනි දැල්එන්න රතුපාට ලැකර්ගාලා. ඒ වගේ. ඉතිං ඔතන ඉංජිනේරුවො, වැඩ
මූලිකයො, නිදිමරන ගැන්සිය ආදී නානා විධ කෑකෝ පප්පලා ඉන්නවා. හැබැයි වැඩේ කරනවා
ගතියට ම. මුතුහරේ වෙනස තමා ඒක එක ම වයස් කාණ්ඩය නියෝජනය නොකරන ඒකකයක් වීම. අයියලා
වැඩ දාලා ගහද්දි මල්ලිලා ඉගෙන ගන්නවා. අක්කලා නංගිලා තේ හදලා සහයෝගය දෙනවා.
තව වැඩක් තිබුණා
කොස් දන්සැලක්. අම්මා සෝරු කිව්වලු. පයිලට් අයියලා ගම පුරා කොස් කඩවලා, පොරවෙන්
කොටලා, වතුරේ දාලා මදුලු ගලවලා, කොහොල්ලෑ ගලවලා, කොස් කපලා, කොස් කිරලා, කොස්
තම්බලා, සම්බෝල කොටලා, මිනිස්සුන්ට බෙදලා, පාර්සල් බැඳලා අන්න පින යාලු. ප්ලේන්ටියකුත්
දුන්නා දැවිල්ල යන්න. තාමත් අපි දන්සැල් කරන්න බහින්නේ ඒ පුරුද්දෙන්. අපි නිකම්
අයිස්ක්‍රීම් නෙමෙයි බොහොම ජල්තර් දන්සැල් දුන්න මිනිස්සු. දැන් මේ එක
හත්තිලව්වක්වත් නොකර සයිලෙ හිටියට.
බැති ගීය කළේ
සිඟිති අක්කා ලේකම් වෙලා සම්පත් අයියා සභාපති වුන අවුරුද්දේ. අපි චමිත අයිය, පල්ලි
අයියා එක්ක සෙට් වෙලා ගොක් කොළ කැටයම් පාරක් දැම්මා ලොවෙත් නැති. චමිත අයියා තමා
අවසාන ගොක්කොළ ආර්ටිස්ට්. ඇවරිතුමාටත් ගොක් ගෙඩියක්, ගොක් පහනක් ලැයින් කරගන්න
පුළුවන් වුනේ මුතුහරට පින් සිද්ධ වෙන්න.අපි කැටයම් කපන ජූනියර් ආර්ටිස්ලා. කෙහෙල්
බඩේට ගොක් කොළේ නවලා ගහන්නේ ලොක්කා. අපි පවුලේ කට්ටිය එහෙම ලෙසට ම වැඩක් දැම්මේ,
අල්පිටියේ හසිනි අක්කාගේ වෙඩිමෙදි. තව මෑතකදී කුලරත්න ශාලාවෙත් වැඩක දී චමිත
අයියා, ඇවා, සිරිපාල, කොටියා බලන අක්කා
නිමල්කා, ආදී සෙට් එකක් බැහැලා ඔයිල් ලෑම්ප් ඩෙකෝ එකක් කළා. ඒ අක්කාගෙ නැටුම් ෂෝ
එක ද කොහේ ද?
වාර්ෂික චාරිකාව
තමා ඩෙෆාම එක. ඒකට ආදී අයියලා අක්කලාත් එනවා. දැන් කාලෙ ට්‍රිප් යද්දි ගිටාර්
දර්බක් ගෙනිච්චාට මේ ට්‍රිපට සම්පූර්ණ මෝලම් සෙට් එකක් හයර් කෙරෙනවා. බේස් එක
රොෂාන් අයියා, සයිඩ් එක සම්පත් අයියයි, සිම්බල් එකයි. තව දැන් මහා කවි චක්‍රවර්තී
කෙනෙක් වන මහේන් සූරි නැන්තම් මහේන්ද්‍ර සූරියාරච්චි අයියා බටනලා පිඹිනවා කෘෂ්ණාට
ප්ලේස් නැති වෙන්න. විදුර තුල්සි ඩයස් අයියා, සමිතා අක්කා, රඛිත අබේගුණවර්ධන
අයියා, යසස්, චාමර කපුගේ, චමිත අල්විස්, කෝකිල අයියා, සුපුන් හෙට්ටිආරච්චි, කණකා
අල්විස් සෙට් එක තමා ගායක පිරිස. උදේ හතරට පටන් ගත්තා ම රෑ එක විතර වෙනකම් සින්දු
කියාගෙන එක දිගට නටනවා කියන්නකෝ. උගුරු ගිහින් තියෙන්නේ ලොවෙත්. දැන් ට්‍රිප්
යද්දි ඇවරිතුමා සින්දු කියනවා දැකලා බොහෝ දෙනා අහනවා ඔච්චර සින්දු කටපාඩමින්
කියන්නෙ කෝම ද? බෙර ගහලා මහන්සි නැද්ද වගේ දේවල්. අපි හැම අවුරුද්දෙ ම ඒ ට්‍රිපේ
ෆන් එකට සෙට් වෙලා දැන් දවස් තුනේ හතරේ ට්‍රිප්වල වුනත් එක දිගට සින්දු කියන එක
ගේමක් නෙමේ. අනික දැන් බොහෝ බස්වල මයික්ස් දෙනවනේ. කාලෙ අලුත් තාලෙ වෙනස්
බේබි.
කරුවල වැටුනම තණකොළ
පෙත්තෝ තමා මරුම පහර. සියලුම සාමාජිකයන් කරගෙන යන, කරන ලද විවිධාකාර කටයුතු බුරිය
කියන තැනදි කොහොම ද කෙරෙන්නේ කියලා සින්දුවෙන් කියන එක තමා ඒකෙදි වෙන්නේ. උදාහරණයක්
විදියට කණකා අක්කා නැටුම් ගුරුවරියක් නේ. එයා නැටුම් පන්ති කරන නිසා කට්ටිය මේම
කියනවා.
තණකොළ පෙත්තෝ -
සූකිරි බට්ටෝ - පැණි වරක මදුල මගේ සුසානෝ
උඹ නැති දාට අනේ -
මං මැරෙනවා අනේ - පනිනව මෝය කටේ පම් පම් ගාලා
බුරිය දැකලා කණකා
අක්කා මේම කියනවා
බුරිය ඇතුළෙ නැටුම් පන්ති කරමු කියනවා
අපි බුරිය ඇතුළෙ
නැටුම් පන්ති - බුරිය ඇතුළෙ නැටුම් පන්ති
බුරිය ඇතුළෙ නැටුම් පන්ති කරමු
කියනවා....
ඔහොම මොකා හිටියත්,
එයාට අදාළව ලීක්වුන ප්‍රසිද්ධ බයිටක් සභාගත කිරීමයි මේ බුරි සින්දුවේ අරමුණ. ඉතිං
හිතන්නකෝ හතළිහක් ගියා නම් කතා හතළිහක්. හැබැයි මේ ට්‍රිප හැටක් විතර යනවා. පොඩිම
උන් ගණන් ගැනෙන්නේ නෑනේ. අයියලා අක්කලා පොඩි උන්ට කවනවා. එක මගුලයි ඒවයේ. සමහරුන්ට
කාර්ඩ් එක දෙක වදින වෙලාත් තියෙනවා. අපි ලංකාවෙ දුර ම තැන්වලට තමා යන්නේ. එකපාරක්
දෙගල්දොරවෙ හේමත් ගියා. ඇවරි අද චාරිකා සංවිධායකයෙක් විදියට ඉන්නේ ඉස්සර එහෙම හැම
අවුරුද්දේ ම එකක් කරලා තියෙන නිසා. මිනිස්සුන්ව නටවලා, මචා කරවලා, උපරිම සුදියක්
දෙන්න අපිට තාමත් පුළුවන්කම තියෙනවා. වැඩ නිසා තමා බැරිවෙලා තියෙන්නේ.
ආයෙත් ඇඩ්ලා
කියවීම. ඇය බොහෝ සංවේදී මාතාවක්. කටපුරා මගේ රත්තරන් දරුවො කියලා බදාගෙන ඉඹින ඕ
තොමෝ අවසාන සතියේත් දහම් පාසල් ආවෙ තුනේ පන්තියේ පොඩ්ඩන් බලන්න. ඇගේ සැමියා
කැළණියන්ගොඩ මහත්තයා නීතිකාරයා. අපි සභාවාරයට පුටු අරන් පිළිවෙලට නොතිබ්බා ම
එතුමිය තමා බැණුම් අහන්නේ. ඇය මැරෙනකම්ම වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවේ තමුන්ගේ
අයියා වෙනුවෙන් පිරිනමන ත්‍යාගය අඛණ්ඩව දුන්නා. එතුමිය දෙන සලාක දානයත් වරද්දන්නෙ
නැතුව දුන්න බව ඇවරිතුමා පුද්ගලිකව දන්නවා.
ඉක්මණට බැඳපන්
කොල්ලෝ මට මඟුලට එන්න ඕන කියලා ඇය කිව්වේ අපි ඔක්කොම ගියපු මධුරංග මල්ලිගෙ වෙඩින්
එකේ දී. ඔයාගෙ එකට එන්න ඕන මොක ද ඒකෙදි මට නටන්න පුළුවන් නලින. ඇයි කණකලා ඔක්කොම
නටනවනේ. වයස අවුරුදු අසූ තුනයි කියාන්කෝ. ඒත් හිතේ හයිය. (මටත් එහෙම වෙන්න ඕන
බේබි.) එතුමිය අපේ ගුරුභවතුන්ගේ ට්‍රිප් එකේ නිත්‍ය සාමාජිකාවක්. මේ කොල්ලො තමා
මාව රට වටේ ගෙනිච්චේ මුතුහර තියෙන කාලෙ. කොහේ ගියත් කමක් නලින මම එනවා.
ගින්දරයි පුළුනුයි
ළං කළා ම පිච්චෙනවනේ. මුතුහරට මඟුල්හර කියලා මිනිස්සු කතා හදද්දිත් ඇය බොහොම
එඩිතරව ඊට මුහුණ දුන්නා. මුතුහරින් කසාද බැඳපු අයියලා අක්කලා බොහොමයකට ඇඩ්ලා
ආශිර්වාද කළා. ඇගේ දෙසුම පැවැත්වුවෙත් අපේ දුමින්ද අයියා. මාව අමුවෙන් ම ඇඩෙව්වා. ඇවරි
ගොඩ කාලෙකින් අඩලා නෑ. හැබැයි ඇය වෙනුවෙන් ඇඩුවා. හරියට ම 1996 ඔක්තෝබර් අම්බුන්ඩිව ආදාහනය කළ දවස වගේ. නමුත් ඒ ආච්චිලා මැරෙන්නේ නෑ. අපිට ඉන්නකම් එයාලා
ගොඩක් අගේ නෑ. හැබැයි නැති වුනා ම මේ රෑත් ඇඩෙනවා. ළමයි වෙනුවෙන් මං කරන හැම හොඳ
වැඩකින් ම ඇඩ්ලින් හපුආරච්චි මාතාවනි, ඔබට පින් අනුමෝදන් වෙත්වා!!!
අවසාන වශයෙන් ඇවරිතුමා
අම්මුණ්ඩිගේ සොහොන් කොතේ අදටත් කොටා ඇති මේ පාඨයෙන් සලාදය හමාර කරනවා. මේ
අත්තම්මාත් ඊට ඉතා ම සුදුසුයි.
සීතලව වැතිර ගත්
දයාබර මෑණියනි,
ඔබේ සෙනෙහස අහිමි
අප සදා අසරණය...!
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....