බැරි සිල් නොගනින් අඹරෝ කිව්වලු..!! ඇවරිතුමා සෙට් වුනොත් හා ගන්නවා
කියන්නේ කිකන් ද?
පේනවනේ ළමා සාරියට ජය සිරි මංගලම් වෙව්වි අපූරුව... |
ළමයි ජාතික ඇඳුම අදින නිසා ගුරුභවතුන්ටත් ජාතික ඇඳුම අඳින්න වුනා. හාමුදුරුවොත් වඩින නිසා චාන්ස් එකක් ලැබුණෙ නෑ. අපේ දිලංකා අක්කා ඇගේ ලොරිය අපට එවලා තිබුණ නිසා දානෝපකරණ ප්රවාහනය පහසු වුනා. ශිෂ්‍ය නායකයන් සහ ගුරුභවතුන් වෙනුවෙන් බසයක් යොදවලා තිබුණේ අපේ දුමින්ද ගුරුභවතාගේ අනුග්‍රහයෙන්. රාත්‍රී ආහාරය වෙනුවෙන් තෝසේ සහ වඩේ ලබා දීමට ළමා නිවාසය මගින් නිර්දේශ කළ නිසා ඇනවුම් කොට එම ආහාර සාදනු ලැබුවා. වඩේ 200 ඒ වෙද්දිත් සූදානම්ව නොතිබුණ නිසා මයිනා මහතා සමඟ ඇවරිතුමා වඩේ බදින තැනට පිටත් වුනා. ඒ අතින් මහේෂ මැතිතුමා පින්කමට ඇවිත් ගමන් පහසුව සලසා දීමත් ලොකු දෙයක්.
ඇවරිතුමා මන්ත්‍රී හාමු වගේ සිංහ පාර්ට් ඒකෙන් කැහැපට ගහගෙන සුදු ඇඳුම පිටින් ම කුස්සියට යද්දිත් වඩේ බදිනවා. තව ටික වෙලාවකින් හරි කිව්වත් පැය භාගයක් ම වඩේ බදිනන්න අපිටත් සිද්ධ වුනා. ඇවරි ටිකක් සද්දදේ දැම්මත් දානයක් නිසා බොහොම ඉවසීමෙන් කටයුතු කළා. අපිත් එක්ක ප්රධාන ශිෂ්‍ය නායකයා හිටියා. මෙන්න මගක් දුර යද්දි පොර කියනවා මගින් අයිස්ක්රීම් වගයක් ගන්නත් ඕනෑලු. සාරිත මේක ප්රයිවෙට් බස් එකක් නෙමෙයි, කාර් එකක්. ඉතිං සර් නේ
කිව්වේ මාව ගන්න කාර් එකේ එනව කියලා.... එහෙම කියලා ලොරියක බඩු ගෙනියන්න තියා
ගත්තා ම හරිද පුතෝ...? කොටිය ම කාපිය.
අපි යද්දි ජනයා එහි පැමිණ තිබුණා. බියගම
විහාරමහා දේවි ළමා නිවාසයට ඇවරිතුමා ඒ ආවෙ සෑහෙන්න කාලෙකින්. ඉස්සර මුතුහර යන කාලෙ
වාර්ෂිකව එහි ගියත් දැන් ඒවායින් බැහැර වෙලා නිසා ගොඩක් යැවෙනවා අඩුයි. ඒ කාලෙ අපි
අවුරුද්දට දෙතුන් සැරයක්වත් කතෝලික පල්ලියට ගියා. ගීතිකා කිව්වා. ඒකට දැන්. මිඩ්
නයිට් මාස්වත් යන්නේ නෑ නෙව. අපි බෞද්ධ කියාගෙන ලොකු සීන් දෙන එක නෙමෙයි වැඩේ.
එහෙම දේවල්වලින් අනික් ආගම්වලට ගරු කරන්න, ඒ සිරිත් විරිත් ගැන දැනීමක් ලැබෙනවා.
පුංචි කාලෙ ඇවරිතුමාට නම් එහෙම ලොකු වෙනසක් දැනුනේ ම නෑ. මොක ද අපි මේ සතියේ
පන්සලේ බෝධිපූජාවක් තියලා පහන් පන්සියක් ලස්සන වැකියකට පත්තු කරලා, ඊළඟ සතියේ
කොඩි ඇදලා, කැරොල් කියලා පල්ලියේ පූජාව කළ නිසා. අම්මා තාත්තා දෙන්නම බෞද්ධ වෙලත්
අපිත් මංගල්ලෙට පාර සරසන්න ගියා. ඒකට දැන්. පට්ට ම රේසිස්ට්. ජාතී වාදී පර හැත්ත.
නැත්නම් මුන් ඡන්දෙ දෙන්න නෑනේ අපේ හාමුදුරුවනේ.
ඒ ඉපැරණි ගොඩනැඟිලි අතරින් ඇවරිතුමා
ඇවිදගෙන ගියා. පුංචි ළමයින්ගෙ කොටසේ සුදු වැලි ඇතුරූ සෙල්ලම් ඉසව්වේ දැන් ගස් වවල.
අපි දන්න කාලෙ හිටන් හිටිය විහාරමහා දේවිය නම් තාමත් රනින් බැබලෙමින් ඉන්නවා. පරණ
කවිච්චිත් එහෙමයි. ඉස්සර අපි ආව ම මුතුහරේ අයියලා අක්කලා ඒ ළමයි වටකරගෙන සින්දු
කියනවා. අල්ලන සෙල්ලම් කරනවා. පුංචිම කට්ටියට බත් කවනවා. අප්පා එකම සද්දයක් තමා.
දැන් එහෙම කරන්න ළමා රක්ෂණ අධිකාරියෙන් අවසර ගන්න ඕනෑලු. කෑම කන්න කලින් එයාලා
අනුග්‍රාහකයන්ට පින් දෙමින් පාඨයක් කියනවා. ඒක ඒ දවස්වල අපිට පාඩම්. මෑතක දී ඇවරිතුමා උදේ කෑමක්
කද්දි කියනවා
ඇහුනා. බලද්දි අපේ තරූ තමා කන්න කලින් එහෙම කියලා තියෙන්නෙ. පොඩි ළමයි එක්ක ඉඳලා
එයාට පුරුදු වෙලා.
ළමා නිවාස ජීවිතේ පහසු එකක් නෙමෙයි.
හැමදේම කාලසටහනට. ඒ අය රෑට කෑවෙ හයට විතර. හතහමාරට ගේට්ටු වහනවා. අපිට හතට කන්න
කිව්වොත් නාට්‍ය ටික තාම ඉවර නෑ පිස්සු ද කියලා අහයි. නමුත් ළමා නිවාසෙ එහෙමයි.
හැබැයි ඉස්කෝලෙ යන්න, දහම් පාසල් යන්න සියලු පහසුකම් දෙනවා. ඒ
ජීවිතේන් එයාලට නිදහසක් ලැබෙන්නේ දහ අට පිරුණාම. අපි දන්න කාලෙත් විශ්ව විද්‍යාලයට
පවා ගියපු අයියලා අක්කලා එහි හිටියා. පස්සේ කාලෙක විවාහ වෙලා ආයෙත් තමන්ගේ නංගිලා
මල්ලිලා වෙනුවෙන් උදව් උපකාර කරපු අයත් හිටියා.
එහෙම අයත් අපි යන දවසට එනවා. එතන ගොඩාක් ආදරේ තිබුණ තැනක්. අපේ අයියලා අක්කලා
ගිහින් ඒ ළමයි තුරුල් කරගෙන අනාගතේ අම්මලා තාත්තලා වෙන්න හීන දැකපු, ආයෙත් ඉක්මණින්
එන බවට අපි පොරොන්දු ගිවිස ගත්තු, ඉදිරිපත් කිරීම් කරලා හිනාවුනු, වචනයෙන්
කියන්න බැරි තරම් ආදරණීය හැඟීමක් ඒ ගොඩනැඟිල්ලෙන් ඇවරිතුමා වින්දා. පුදුම
නොස්ටොල්ජික් ගතියක්..
මෙදා අපි ඒ වැඩි වැඩ නොකර දානෙ දීලා
ළමයින් එක්ක කතා බහ කරලා ආව. අපි ගෙනාපු තෑගි දීලා, කෑම බෙදලා
සතුටු වුනා. ළමා නිවාසෙ වාර්ෂික කොන්සර්ට් එකක් තියෙනවා. ඒක මතක් කරන හැටියට ඇවරි
පාලිකාවන්ට මතක් කළා. දානපතියන්ට ඒ ළමයින්ව කාර්ය මණ්ඩල ප්‍රධානින් සමඟින් එක්දින
චාරිකා සඳහා රැගෙන යාමේ අවසර තියෙනවා. අපි ඒවගේ වැඩකුත් කරන්න ඕන චාමර කියලා
ඇවරිතුමා තමුන්ගේ ලේකම් මිටියට කිව්වේ ඒවා බොහෝ සතුට ගෙන දෙන කතාන්දර විය හැකි
නිසා. දහම්පාසල වෙනුවෙන් අමුත්තන් පොතේ සටහනක් තැබූ ඇවරිතුමා පරණ මතකයන් කන්දරාවකට
සමු දුන්නේ දුකෙන්. ආයෙත් පරණ ම මිනිස්සුත් එක්ක පොඩි කාලෙ වගේ ඒ දානෙ කරන්න තියේ
නම්.....!
දානෙ ඉවර වුනාම ළමයින්ටයි ගුරුවරුන්ටයි
තෝසෙ කන්න ආරාධනා කළා. ඒකත් බස් එකට. ආහ් බස් එකේ රියදුරු සිතිර අයියා ඇවරිතුමා
බොහොම හොඳින් දන්න නිසා බස් එක ඇතුළෙ භෝජන සංග්‍රහය පැවැත්වීම ගැන අමනාප වුනේ නෑ.
එතකොටත් ඇවරිතුමා හිටියේ මයිනාතුමා හා සුලා එක්ක කාර් එකේ. ගොසාව විතරයි මුන්
එකෙක්වත් කෑම කන පාටක් නැති නිසා ඇවරිතුමා ම බස් එකට ඔළුව දාලා බැලුවා. හානා හීය
පානා අඬහැරෙන් දැනේ කියනවනේ ආයිබෝන්. මල් පෝච්චිහ් මල් පෝච්චිහ් කියන්නේ ඉල්ලුමට
තරම් සැපයුම නැති එකලු.
තවත් බලබලා ඉන්න බැරි තැන ඇවරිතුමූ වැඩේට
එන්ටර් වුනා. ඇවරි බාර ගත්තේ ගොඩ හොද්ද බෙදන වැඩේ. ප්‍රධාන ශිෂ්‍ය නායිකා හිරුෂිමා
තෝසෙ බෙදුවා.
ඇවරිතුමා කොච්චර කැපවීමෙන් තෝසෙ පිඟන්වලට හොදි බෙදලා ද කිව්වොත් අන්තිමේදී හිරුෂිමාගේ ළමා සාරියෙත් වක්කරලා තිබුණා. ඇවරි වැඩක් කළොත් ආයෙ කියලා වැඩක් නෑ නෙව. හැමෝට ම කෑම දීලා අපිත් බෙදාගෙන කෑවා. ඒ ළඟ මැටල් ගොඩක් උඩ
සෙරෙප්පු දාලා වාඩි වෙලා ඉතාමත් සරණාගත ලීලාවෙන් රාත්‍රී ආහාර ගැනීම ඉතා රසවත්
අත්දැකීමක් වුනා. හැමෝට ම යෝගට් බෙදාදීමකුත් සිදු කෙරුණා. කෑමෙන් පස්සේ ළමයි හැමෝ
ම බස් එකට දාලා ඇවරිතුමා මයිනා මහතා සමඟ සුලා මැතිනියත් ඇරලවගෙන පන්සලට ආවා.
බස්එක පන්සලට ආවම තමා ඇවරිතුමාට
උන්හිටිතැන් අමතක වෙන්නේ. අප්පා පැමිණිලි අටෝරාසියයි. වැඩේ පරක්කු වෙලාලු. අපි
ළමයි එනකම් බලාගෙන ඉන්නවලු. ආදී වශයෙන් කලින් ආපු අම්මලා තාත්තලාගේ ගෝරනාඩුව. අපි
හරියට හතහමාර වෙද්දි එළියට ආවත් ළමයින් කාලා බීලා ඉවර වෙද්දි ටිකක් ප්‍රමාද වුනා.
ඊට හපන් වුනේ ඉතිරි වෙලා තිබුණ තෝසෙ සහ වඩේ කන්දරාව දැක්කාම. වහා ම ඒ සියල්ල
පාර්සල් කරන්න අණ කළ ඇවරිතුමා කිසිවක් ඉවත නොදමා සියලු ආහාර ක්‍රමවත්ව බෙදා හැරලා
ඉක්මණින් එතනින් පිටත්වුනේ ඇවරිතුමාගේ පුද්ගලික ජෝතීර්වේදියාණන් හමුවීමට වෙලාවක්
වෙන් කරල තිබුණ නිසා.
ඒකත් පට්ට ත්‍රිල් විසිට් එකක්. ජෝතිකා
දුන්නේ උපරිම සැපයක්. අහා කොටු දොළහේ විස්තරේ ඈ කිව්වේ තොරණක් විස්තර කරන්නා වගේ
අනේ. අම්මාපල්ල මට හිනාත් ගියා කියාන්කෝ සමහර තැනකදී. ඒ ගැන පස්සේ ලියන්නම්කෝ
හොඳේ...
කොහොම නමුත් ඉතා කෙටි දැනුම් දීමක් නිසා
ඇවරිතුමා හා එක්ව දානයට අවශ්‍ය කළමනා කටයුතු කළ මයිනා මහතාව හා සුලාවෝ
මැතිනියට පුන්‍යානුමෝදනාත්මක ස්තූතිය පළ කළ වගට ලියා තියන්න ඕනෑ..!!
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....