Showing posts with label නොස්ටැල්ජික් මෙව්වාඑක. Show all posts
Showing posts with label නොස්ටැල්ජික් මෙව්වාඑක. Show all posts

Wednesday, August 8, 2018

පුරිය ඇතුලේ පන්ති කිරීම හෙවත් නැවත මුුතුහර යාම.. මාමුරූළස


මේ සලාදය ඇඩ්ලින් ගුරු මාතාව හා ලියැවුණු පළමු ඒක හා බැඳේ ‌හොඳේ‍‍‍‍‍...  

වාර්ෂික පොළ කියමුකෝ. මෙගා ෆන්ඩ් රේසින් ඉවෙන්ට් එකක්. සාමාජිකයන්ට කැමති කැමති වෙළඳ කුටි දාන්න පුළුවන්. අච්චාරු විකුණන වගේ ස්ටෝල්ස්. ඇවරි නම් වික්කේ ම කොළ කැඳ. ලේසිනේ බන්. හතට පටන් ගත්තොත් දොළහට කඩේ වහන්න පුලුවන්. ගේම් සෝන් එකක් තිබුණා. රුපියල් දෙකේ පහේ ගේම් තියෙන. වැඩිම ඉටිපන්නදම් පත්තු කරන්න. ඩාර්ටන් වගේ වැඩ. සල්ලිම නෙමේ. විකුණන්න උගන්නන්න.

අධ්‍යාපනික ප්‍රදර්ශනය පට්ට. ඒකට හෝල් එක ම එක තේමාවකට සකස් කරනවා. අපි කියමුකෝ ගෝලීය උණුසුම තීම් එක නම් එන්ට්‍රන්ස් එකේ ලෝක ගෝලයක් ගිනිගන්නවා. බට වලින් පට්ටමක් හදලා, පත්තර පල්ප් කරලා, රිජිෆෝම් ගිනි දැල්එන්න රතුපාට ලැකර්ගාලා. ඒ වගේ. ඉතිං ඔතන ඉංජිනේරුවො, වැඩ මූලිකයො, නිදිමරන ගැන්සිය ආදී නානා විධ කෑකෝ පප්පලා ඉන්නවා. හැබැයි වැඩේ කරනවා ගතියට ම. මුතුහරේ වෙනස තමා ඒක එක ම වයස් කාණ්ඩය නියෝජනය නොකරන ඒකකයක් වීම. අයියලා වැඩ දාලා ගහද්දි මල්ලිලා ඉගෙන ගන්නවා. අක්කලා නංගිලා තේ හදලා සහයෝගය දෙනවා.

තව වැඩක් තිබුණා කොස් දන්සැලක්. අම්මා සෝරු කිව්වලු. පයිලට් අයියලා ගම පුරා කොස් කඩවලා, පොරවෙන් කොටලා, වතුරේ දාලා මදුලු ගලවලා, කොහොල්ලෑ ගලවලා, කොස් කපලා, කොස් කිරලා, කොස් තම්බලා, සම්බෝල කොටලා, මිනිස්සුන්ට බෙදලා, පාර්සල් බැඳලා අන්න පින යාලු. ප්ලේන්ටියකුත් දුන්නා දැවිල්ල යන්න. තාමත් අපි දන්සැල් කරන්න බහින්නේ ඒ පුරුද්දෙන්. අපි නිකම් අයිස්ක්‍රීම් නෙමෙයි බොහොම ජල්තර් දන්සැල් දුන්න මිනිස්සු. දැන් මේ එක හත්තිලව්වක්වත් නොකර සයිලෙ හිටියට.   

බැති ගීය කළේ සිඟිති අක්කා ලේකම් වෙලා සම්පත් අයියා සභාපති වුන අවුරුද්දේ. අපි චමිත අයිය, පල්ලි අයියා එක්ක සෙට් වෙලා ගොක් කොළ කැටයම් පාරක් දැම්මා ලොවෙත් නැති. චමිත අයියා තමා අවසාන ගොක්කොළ ආර්ටිස්ට්. ඇවරිතුමාටත් ගොක් ගෙඩියක්, ගොක් පහනක් ලැයින් කරගන්න පුළුවන් වුනේ මුතුහරට පින් සිද්ධ වෙන්න.අපි කැටයම් කපන ජූනියර් ආර්ටිස්ලා. කෙහෙල් බඩේට ගොක් කොළේ නවලා ගහන්නේ ලොක්කා. අපි පවුලේ කට්ටිය එහෙම ලෙසට ම වැඩක් දැම්මේ, අල්පිටියේ හසිනි අක්කාගේ වෙඩිමෙදි. තව මෑතකදී කුලරත්න ශාලාවෙත් වැඩක දී චමිත අයියා, ඇවා,  සිරිපාල, කොටියා බලන අක්කා නිමල්කා, ආදී සෙට් එකක් බැහැලා ඔයිල් ලෑම්ප් ඩෙකෝ එකක් කළා. ඒ අක්කාගෙ නැටුම් ෂෝ එක ද කොහේ ද?

වාර්ෂික චාරිකාව තමා ඩෙෆාම එක. ඒකට ආදී අයියලා අක්කලාත් එනවා. දැන් කාලෙ ට්‍රිප් යද්දි ගිටාර් දර්බක් ගෙනිච්චාට මේ ට්‍රිපට සම්පූර්ණ මෝලම් සෙට් එකක් හයර් කෙරෙනවා. බේස් එක රොෂාන් අයියා, සයිඩ් එක සම්පත් අයියයි, සිම්බල් එකයි. තව දැන් මහා කවි චක්‍රවර්තී කෙනෙක් වන මහේන් සූරි නැන්තම් මහේන්ද්‍ර සූරියාරච්චි අයියා බටනලා පිඹිනවා කෘෂ්ණාට ප්ලේස් නැති වෙන්න. විදුර තුල්සි ඩයස් අයියා, සමිතා අක්කා, රඛිත අබේගුණවර්ධන අයියා, යසස්, චාමර කපුගේ, චමිත අල්විස්, කෝකිල අයියා, සුපුන් හෙට්ටිආරච්චි, කණකා අල්විස් සෙට් එක තමා ගායක පිරිස. උදේ හතරට පටන් ගත්තා ම රෑ එක විතර වෙනකම් සින්දු කියාගෙන එක දිගට නටනවා කියන්නකෝ. උගුරු ගිහින් තියෙන්නේ ලොවෙත්. දැන් ට්‍රිප් යද්දි ඇවරිතුමා සින්දු කියනවා දැකලා බොහෝ දෙනා අහනවා ඔච්චර සින්දු කටපාඩමින් කියන්නෙ කෝම ද? බෙර ගහලා මහන්සි නැද්ද වගේ දේවල්. අපි හැම අවුරුද්දෙ ම ඒ ට්‍රිපේ ෆන් එකට සෙට් වෙලා දැන් දවස් තුනේ හතරේ ට්‍රිප්වල වුනත් එක දිගට සින්දු කියන එක ගේමක් නෙමේ. අනික දැන් බොහෝ බස්වල මයික්ස් දෙනවනේ. කාලෙ අලුත් තාලෙ වෙනස් බේබි. 

කරුවල වැටුනම තණකොළ පෙත්තෝ තමා මරුම පහර. සියලුම සාමාජිකයන් කරගෙන යන, කරන ලද විවිධාකාර කටයුතු බුරිය කියන තැනදි කොහොම ද කෙරෙන්නේ කියලා සින්දුවෙන් කියන එක තමා ඒකෙදි වෙන්නේ. උදාහරණයක් විදියට කණකා අක්කා නැටුම් ගුරුවරියක් නේ. එයා නැටුම් පන්ති කරන නිසා කට්ටිය මේම කියනවා.
තණකොළ පෙත්තෝ - සූකිරි බට්ටෝ - පැණි වරක මදුල මගේ සුසානෝ
උඹ නැති දාට අනේ - මං මැරෙනවා අනේ - පනිනව මෝය කටේ පම් පම් ගාලා

බුරිය දැකලා කණකා අක්කා මේම කියනවා 
බුරිය ඇතුළෙ නැටුම් පන්ති කරමු කියනවා
අපි බුරිය ඇතුළෙ නැටුම් පන්ති - බුරිය ඇතුළෙ නැටුම් පන්ති 
බුරිය ඇතුළෙ නැටුම් පන්ති කරමු කියනවා....

ඔහොම මොකා හිටියත්, එයාට අදාළව ලීක්වුන ප්‍රසිද්ධ බයිටක් සභාගත කිරීමයි මේ බුරි සින්දුවේ අරමුණ. ඉතිං හිතන්නකෝ හතළිහක් ගියා නම් කතා හතළිහක්. හැබැයි මේ ට්‍රිප හැටක් විතර යනවා. පොඩිම උන් ගණන් ගැනෙන්නේ නෑනේ. අයියලා අක්කලා පොඩි උන්ට කවනවා. එක මගුලයි ඒවයේ. සමහරුන්ට කාර්ඩ් එක දෙක වදින වෙලාත් තියෙනවා. අපි ලංකාවෙ දුර ම තැන්වලට තමා යන්නේ. එකපාරක් දෙගල්දොරවෙ හේමත් ගියා. ඇවරි අද චාරිකා සංවිධායකයෙක් විදියට ඉන්නේ ඉස්සර එහෙම හැම අවුරුද්දේ ම එකක් කරලා තියෙන නිසා. මිනිස්සුන්ව නටවලා, මචා කරවලා, උපරිම සුදියක් දෙන්න අපිට තාමත් පුළුවන්කම තියෙනවා. වැඩ නිසා තමා බැරිවෙලා තියෙන්නේ.

ආයෙත් ඇඩ්ලා කියවීම. ඇය බොහෝ සංවේදී මාතාවක්. කටපුරා මගේ රත්තරන් දරුවො කියලා බදාගෙන ඉඹින ඕ තොමෝ අවසාන සතියේත් දහම් පාසල් ආවෙ තුනේ පන්තියේ පොඩ්ඩන් බලන්න. ඇගේ සැමියා කැළණියන්ගොඩ මහත්තයා නීතිකාරයා. අපි සභාවාරයට පුටු අරන් පිළිවෙලට නොතිබ්බා ම එතුමිය තමා බැණුම් අහන්නේ. ඇය මැරෙනකම්ම වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවේ තමුන්ගේ අයියා වෙනුවෙන් පිරිනමන ත්‍යාගය අඛණ්ඩව දුන්නා. එතුමිය දෙන සලාක දානයත් වරද්දන්නෙ නැතුව දුන්න බව ඇවරිතුමා පුද්ගලිකව දන්නවා.

ඉක්මණට බැඳපන් කොල්ලෝ මට මඟුලට එන්න ඕන කියලා ඇය කිව්වේ අපි ඔක්කොම ගියපු මධුරංග මල්ලිගෙ වෙඩින් එකේ දී. ඔයාගෙ එකට එන්න ඕන මොක ද ඒකෙදි මට නටන්න පුළුවන් නලින. ඇයි කණකලා ඔක්කොම නටනවනේ. වයස අවුරුදු අසූ තුනයි කියාන්කෝ. ඒත් හිතේ හයිය. (මටත් එහෙම වෙන්න ඕන බේබි.) එතුමිය අපේ ගුරුභවතුන්ගේ ට්‍රිප් එකේ නිත්‍ය සාමාජිකාවක්. මේ කොල්ලො තමා මාව රට වටේ ගෙනිච්චේ මුතුහර තියෙන කාලෙ. කොහේ ගියත් කමක් නලින මම එනවා.

ගින්දරයි පුළුනුයි ළං කළා ම පිච්චෙනවනේ. මුතුහරට මඟුල්හර කියලා මිනිස්සු කතා හදද්දිත් ඇය බොහොම එඩිතරව ඊට මුහුණ දුන්නා. මුතුහරින් කසාද බැඳපු අයියලා අක්කලා බොහොමයකට ඇඩ්ලා ආශිර්වාද කළා. ඇගේ දෙසුම පැවැත්වුවෙත් අපේ දුමින්ද අයියා. මාව අමුවෙන් ම ඇඩෙව්වා. ඇවරි ගොඩ කාලෙකින් අඩලා නෑ. හැබැයි ඇය වෙනුවෙන් ඇඩුවා. හරියට ම 1996 ඔක්තෝබර් අම්බුන්ඩිව ආදාහනය කළ දවස වගේ. නමුත් ඒ ආච්චිලා මැරෙන්නේ නෑ. අපිට ඉන්නකම් එයාලා ගොඩක් අගේ නෑ. හැබැයි නැති වුනා ම මේ රෑත් ඇඩෙනවා. ළමයි වෙනුවෙන් මං කරන හැම හොඳ වැඩකින් ම ඇඩ්ලින් හපුආරච්චි මාතාවනි, ඔබට පින් අනුමෝදන් වෙත්වා!!!

අවසාන වශයෙන් ඇවරිතුමා අම්මුණ්ඩිගේ සොහොන් කොතේ අදටත් කොටා ඇති මේ පාඨයෙන් සලාදය හමාර කරනවා. මේ අත්තම්මාත් ඊට ඉතා ම සුදුසුයි.

සීතලව වැතිර ගත්
දයාබර මෑණියනි,  
ඔබේ සෙනෙහස අහිමි
අප සදා අසරණය...!
    

Sunday, July 29, 2018

මේ උන්කා ගුලාම් හේයි හෙවත් ආර්ය මහා සේනාවක් තනිව ඇමතීම | බැති ගී දෙක

සලාද මාත්‍රාව ගැන ලියන්න වෙලාවක් ලැබුණෙ කාලෙකි් අද දවසේ... බැති ගී ව්‍යාපෘති සලාද කිහිපයක් යන නිසා ඒවායේ කතාකරන පින්තූර ගැනත් ලියන්න හිතුනා.

කොහොමින් කොහොම හරි වැඩේ තීන්දු වුනාට පස්සේ මේ ගැන නිල වශයෙන් දැනුම් දෙන්න දෙමාපිය රැස්වීමක් කාරිය තියන්න යෝජනා වුනා. ඒ වෙද්දි වාර විභාග සඳහා දින නියම වෙලත් ඉවරයි. හුට්ටප්පරේ කියන්නේ අම්මලා තාත්තලා දෙසීයක් විතර ආපු දෙමාපිය රැස්වීමට කතා කරන්න වුනේ ඇවරිතුමාට විතරක් වීම. ප්‍රධානාචාර්ය හාමුදුරුවන් බැහැර වැඩීමත්, අමිල අයියා සහ ගයාන් අයියා නොපැමිණීමත් නිසා ඇවරිතුමාට ම ආර්ය මහා සේනාව අමතන්න වුනා. හොඳ වෙලාව උපාසක මහත්ම මහත්මීන්ට දෙකක් දෙසන්න කියලා හිතාපු ඇවරිතුමා බොහොම ශ්‍රද්ධාවෙන් පුංචි හාමුදුරුවො පන්සිල් දුන්නාට පස්සේ පටාන් ගත්තා.


අපේ කෙටි දැනුම් දීමෙන් අම්මලා තාත්තලා මේ රැස්වීමට පැමිණීම ගැන බොහොම සතුටු වෙනවා. මේක කැඳවීමේ හේතුව අම්මලා තාත්තලා දැනටමත් දන්නවා වෙන්න පුළුවන්, ලබන මාසෙ 27 වැනිදා පොසොන් පොහොයට පැවැත්වීමට නියමිත භක්ති ගීතය ගැන කතා කරන්නයි අද අපි මේ දෙමාපිය රැස්වීම කැඳවා තියෙන්නේ. ඊට කලින් අම්මලා තාත්තලාගෙන් මා ධර්ම විද්‍යාලය වෙනුවෙන් මෙවර අපේ බක් මහ උළෙල අපට පැවැත්වීමට නොහකි වීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටීමට කැමතියි. මෙවර වෙසක් දානය අප්‍රේල් අග යෙදීම නිසා ඔබේ දුව පුතා වෙනුවෙන් පවත්වන ඒ කටයුත්ත අපිට සිදු කරන්න නොහැකි වුනා. මේ භක්ති ගීතය කියන්නේත් දරුවන් බොහෝ කැමති කටයුත්තක්. පහුගිය රාමසාන් නිවාඩු දිනයේ මේ ශාලාවේ පැවති පුහුණුවීම් සැසිය සඳහා මමත් පුද්ගලිකව සහභාගී වුනා, එහිදී මම දැක්කා ඔබ දෙමාපියන් වශයෙන් කෙතරම් උනන්දුවෙන් දරුවන් මෙහි රැගෙන ආවාද ඒ දරුවන් කෙතරම් උනන්දුවෙන් අදාළ පුහුණුවීම් කටයුතු සඳහා සහභාගී වුනා ද යන කාරණාව.
අපේ ප්ලේ බැක් ගායන තරු පෙළ
ඔය වමේ සිට කුන්වෙනි අංකය ඉතා සිරා චරිතයක්. ඇය Sanam Teri Kasam හි සාරු වගේ පිස්සු නටන්නේ.
පන්සිල් ගද්දි අත්දෙක නළලේ තියාගෙන ඔන් කරපු මයික් එනේ පන්සිල් දුන්න පිස්සු ම කෙල්ලක්. 
ඉතිං අම්මේ තාත්තේ, අපේ නොහැකියාව නිසා, අපේ කාර්ය බහුලත්වය නිසා, කෙටියෙන් ම කිව්වොත් අපේ අලසකම නිසා මේ වගේ දරුවන් වෙනුවෙන් පවත්වන කටයුතු මඟහැරීම හෝ නොපැවැත්වීමට අපේ ආචාර්ය මණ්ඩලය ඉතා විරුද්ධයි. මුදල් නිසා ඒවා නොකෙරෙනවා නම් ඔවුන් තම පුද්ගලික මුදල් පවා යොදවනු ඇති. දැන් මං තනිව මේ සභාව අමතන්නේ සෙසු සියලු ගුරුවරුන් තව සති කිහිපයකින් පැවැත්වෙන විභාග වෙනුවෙන් අවශ්‍ය පාඩම් කටයුතු සම්පූර්ණ කිරීමේ නිරත වන නිසා. 


විශේෂයෙන් ම අපේ වැඩිහිටි ගුරුවර ගුරුවරියන්ගේ විශ්‍රාම වැටුපෙන් සැලකිය යුතු කොටසක් මාසිකව යෙදවෙන්නේ දරුවන්ගේ කටයුතු සඳහා ශිෂ්‍ය නායක මණ්ඩලය හරහා යෙදවෙන ප්‍රදානයන් වෙනුවෙන්. සැබෑ ජීවිතයේ දී ඔවුන් ආච්චි සීයාවරුන්. ඉතිං කවදාවත් එයාලා දරුවන්ට නැහැ බැහැ කියන්න දරුවො අසතුටින් තියන්න කැමති නෑ. ගෙදර දි වුනත් ඔබ ගැහුවොත් බැන්නොත් හරි දරුවො දුවලා යන්නෙ ආච්චි සීයලා ළඟට. ඒ අය බොහෝ ත්‍යාගශීලීයි.
අපේ කාලෙ මෙහෙම නෑ හාමුදුරුවනේ...

අපි මේ සටන් කරන්නේ අපි වෙනුවෙන් නොවෙයි. ඉරට ගිහින් එන්න නොවෙයි. ඔව් ලෝකෙ වටේ යන්න නොවෙයි..! අපිට තාම දරුවන් නැති නිසා මේ බුදුහාමුදුරුවො කියාපු පුත්ථා වත්ථු මනුස්සානං වෙනුවෙන්. නොඑසේ නම් ඔබේ දරුවන් වෙනුවෙන්. දෙමාපියන් හැටියට ඔබෙන්, මේ ව්‍යාපෘතියේ භාරකරු හැටියට මා අපේක්ෂා කරන්නේ අපි හා එක්ව වැඩ කළ හැකි ශක්තිමත් කණ්ඩායමක් ගොඩනඟා ගැනීම. ඔබ හිතනවා නම් අප මේ රැස්වීම කැඳවීමේ අරමුණ දෙමාපියන්ගෙන් ආධාර එක් කිරීමටය කියා ඔබට වැරදීමක් වෙලා. එහෙම බැති ගී කියන ළමුන්ගෙන් නියමිත මුදලක් එකතු කිරීම අපේ ක්‍රමයට විරුද්ධයි. ප්‍රධානාචාර්ය හිමියන් තදින් ම ඒ වාරණය අප වෙත පනවා ඇති බව කිව යුතුයි.

නෑ අපට අවශ්‍ය වන්නේ මේ දරුවන්ගේ වගකීම ඔබ හා බෙදා ගැනීමටයි. මේ කතා කරනා පොසොන් පොහොය දිනයේ දී පන්සලට එක් රැස්වන ජනකාය අති විශාලයි. එක දරුවෙක් හෝ නැති වුනොත්, වැළහුනොත් එහි බරපතලකම අපට හිතාගන්නවත් බෑ. ගුරුවරුන් පවා බැති ගී ගායනා කිරීම නිසා ඔවුන් මත සමස්ත වගකීම පැවරීම කිසිසේත් කළ නොහැකියි. එසේනම් ඒ ඒ බැති ගී කණ්ඩායම් වෙනුවෙන් වගකියන දෙමාපිය කමිටු පත් කරගැනීම අත්‍යවශ්‍යයි. මගේ දරුවන් නැවත නියමිත භාරකරුවන්ට භාර දෙන තෙක් රැකබලා ගැනීම, ඔවුන්ට ආහාර පාන බෙදා දීම, ඔවුන් පෙළ ගැස්වීම, ඔවුන් අතට ගන්නා මල් මාලා, ඉටිපන්දම් හෝ වෙනයම් උපකරණ සකසා දීම, කුඩා දරුවන්ට වැසිකිලි පහසුකම් සැලසීම ආදී සියලු සත්කාරක සේවා ඒ ඒ බැති ගී කණ්ඩායම් නියෝජනය කරනා දෙමාපියවරුන් දැරිය යුතුයි. කෙටියෙන් කිවහොත් අදාළ දෙමාපියන් වේදිකාවට ද නැඟිය යුතු අතර වේදිකාව මත අදාළ කණ්ඩායම සමඟ රැඳී සිටිය යුතු බැවින් මව්වරුන් සාරියෙන් සහ පියවරුන් ජාතික ඇඳුමෙන් සහභාගී විය යුතුයි. එක් කණ්ඩායමක් දෙමාපියන් දහයකින් සමන්විත වනු ඇති. සංග්‍රහ කමිටුවට තවත් දෙමාපියන් විස්සක් පත් කෙරේ. ඔවුන් රිමාර්කෝ බේකර්ස් අනුග්‍රහයෙන් ලබා දෙන කෑම බීම බෙදා දීම, නෙස්කැෆේ සෑදීම සහ ආරාධිත සංග්‍රහයන් බෙදා දීම සිදු කරනු ඇති.     

නාමයෝජනා බාර දීම දැන් ඇරඹුනා. එන්න නම් පුළුවන් ඒත් ඇඳුම තමා ප්‍රශ්නේ නේද තාත්තලා. එක දවසයිනේ වෙනසකටත් එකක සරමට බහිමු. මේ මං දැනුත් බැහැලානේ ඉන්නේ. එහෙම කිව්ව විතරයි දෙමාපියො ඉක්මණින් ඉදිරිපත් වුනා. මේ සභාවේ කවුරුන් හෝ මූල්‍යමය පරිත්‍යාගක්, හට් පුටු වේදිකා වෙනුවෙන් අනුග්‍රහයක් කිරීමට හෝ ශ්‍රම දායකත්වයට අමතර වෙනත් කවර ආකාරයක හෝ පරිත්‍යාගයක් කිරීමට සතුටින් භාර ගනී නම් මේ රැස්වීමෙන් පසුව මා හමුවීමට පුළුවන්. ඒ වගේ ම මේ සියලු දෙනාට බැතිගී ප්‍රසංගය සඳහා බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නටත් මෙය අවස්ථාවක් කරගන්නවා. කමිටුවට නම් ලබා දුන් දෙමාපියන් තවත් විනාඩි කිහිපයක් මෙහි රැඳෙන්න. පැමිණි ඔබට තෙරුවන් සරණයි..! කෝමද බබා පාර්ට් එක? සලලලලා සැගී...

අතිගරු දරණගම ඤාණසිරි අපේ නායක හාමුදුරුවන්වහසේ..
කමිටුව රැස් වුනා ම ඒ අය තමුන්ගේ වගකීම් ගැන සාකච්ඡා කළා. දෙමාපියන් නෙලුම් මල් සපයා දීමත්  භාර ගත්ත නිසා අපට බොහෝ ඉස්පාසුවක් වුනා. කොටින් ම ඇවරිතුමාට ඉතුරු වුනේ ඩෙකෝ, පුටු, හට්, කැනපි, බැක්ඩ්‍රොප් ගැන පුංචි පුංචි හිසරද ටිකක් විතරයි. ඒතක් බැක්ඩ්‍රොප් මිහින්තලාව, පුටු සීයත් මගේ අතේ තිබුණා. ඩෙකෝ සිරිපාලතුමා භාර ගත්තා. බැක්ඩ්‍රොප් එක කෝමත් ඇවරිතුමා ම තමා ගහන්නේ. ඒකෙ අවුලක් ම නෑ.

ලොක්කා වුනා ම ෆුල් රිලැක්ස් එකේ හැමෝ ම එක්ක හිනාවෙලා ෆන් ගනිමින් ඩොප්පි නකන් තාලෙට පිස්සු කෙලින්නේ ඔය වගේ ඉන් ඩීටේල් වැඩ බෙදා දීම නිසා. හෝම්වර්ක් ඕල් ඩන් බේබි. මේරේ ලෝකෝකා හන්ඩ්‍රඩ් පසන්ට් ෆරෝසා හේයි. අපිට තියෙන්නේ එම්. සී. ආර් එකේ ඉඳන් වෙලාව ආවම කට්ටියව පොඩ්ඩක් කොනිත්තන්න විතරයි. වැඩේ කෙරිලා ඇති. මේ උන්කා ගුලාම් හේයි. ලේකින් උන්කා අස්ලී මාලික් හේයි මාලික් යාර්...!
මේ ඇවරිපිතාගේ පහන් සංවේගයට පත් වු මොහොතක්...

Friday, July 6, 2018

විශ්වය සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදන්නට මට කියාදුන් අත්තම්මා නිවන් ගිය දෑය


අනුපමේය ‌සෙනෙහසක මහිමය.. 
පහුගිය දවස්වල ඇවරිතුමා බොහොම ශෝකවුන කාරණය වුනේ ඇඩ්ලින් හපුආරච්චි ගුරුමාතාවගේ  මරණය නිසා. ඇවරිතුමාට හිටපු හොඳම ආත්තම්මා තමා නැති වුනේ. මේ ලියන මොහොතෙත් මගේ ඇස් කඳුළින් පෙඟෙන්නෙ ඇගේ සෙනෙහස ඒ තරම් මා වෙත බැඳී තිබූ නිසා වෙන්න ඕන.

ඇවරිතුමාට ආච්චිලා දෙන්නගේ ආදරේ අහිමි වෙන්නේ ගොඩාක් පොඩිකාලේ. ඇවරි පිතාගෙ මෑණියන් වහන්සේ අන්ත්‍රා වෙන්නේ ඇවරි හතර වසරෙදි විතර. මොර සූරන්න වහින දවසක ඇවරිතුමා මාමත් නැන්දත් එක්ක ඉස්කෝලෙ ඇදුම පිටින් මළගමට ගියා. කොටින්ම මට එතුමියගේ නම වත් මතක නෑ. හැබැයි හිතේ රූපය තියෙනවා. ඇවරි මාතාවගේ අම්මට අපි කියන්නෙ අම්බුණ්ඩි කියල. අමඩි, අම්මණ්ඩි වෙලා මුණුබුරු මිණිපිරියන් වෙත එද්දී අම්බුණ්ඩි වෙනව. ගරු කටයුතු මාතාව යන තේරුම් ඇතුව. ඉස්සර ගමේ ගියාම, ඇය කතා කියල දීල බත් කවාපු අතීතයක් අපිට හීනෙකින් වගේ මතකයි. ජයවර්ධන වෙද හාමිනේත් වැරැල්ලානේ වෙද මුත්තණ්ඩිත් ඇරුණාම ඇවරිගේ මහ සීයා ජීඩින් සිඤ්ඤෝ හිටියෙ අලුත්ගම වුනාට ආරොන්ගෙ මල්ලි බාරොන් වගේ මොරටුවේ දක්ෂ වඩුවා. වෙද මුත්තණ්ඩි ගැන නම් ඇවරිතුමාට සැලකිය යුතු මතකයක් තියෙනවා. මොක ද එතුමා එක්ක සෑහෙන්න තරම් වැඩ කරන්න ලැබුණ නිසා  එතුමා සෑහෙන්න කියවපු කරපු කෙනෙක්.

ඇඩ්ලා ගැන ලියන්න ඇවරිතුමා පටාන් ගන්නෙ එතුමාත් ජංගි අඳින කාලෙ පටන්. ඇඩ්ලින් ටීචර් තමා මාකොළ සපුගස්කන්දේ මුතුහර රූපවාහිනි ළමා සමාජයේ මුල පටන් ම අනුශාසකත්වය දැරුවේ. ඒ හරියට ම කිව්වොත් මීට අවුරුදු තිහකට විතර කලින් ඉඳන්. ඒ නිසා ඒ සද්ගුණවත් මාතාව පිළිබඳ ඇවරිට ඇති මතකයන් සියල්ල මුතුහරට අදාළයි.

අපි අංක 319 මාකොළ මුතුහර රූපවාහිනී ළමා සමාජය. ඇවරිතුමා තමා එහි අවසාන සභාපතිවරයා. මගේ ලේකම්ට හිටියේ තිර්මිලා. මූ තමා විනාස කළේ. එදා ඇඩ්ලින් ටීචර්ගේ මළගෙදර දී ආදී අයියලා අක්කලා ඇවරිතුමා පෙන්නලා ම කිව්වා. ඔව් ඒකට ඇවරි වග කිව යුතුයි. නමුත් අපි බාරගන්නකොටත් ට්‍රෙන්ඩ් එක වෙනස් වෙලා. ළමයි මුතුහරට වඩා සෙනසුරාදා පන්ති යන්න අරන්. සභාවාරයට අවශ්‍ය ඝන පූර්ණයවත් නැතුව කට්ටිය හැලිලා හැලිලා අන්තිමට සභාපතිතුමා විතරක් ඉතිරි වෙලා මුතුහර නැවතිලා ම ගියා. ඇවරි පතිරගේව හදන්න මේ කියන මුතුහර බොහෝ දායකත්වයක් දුන්න. වගකීම් දරන්න. නායකත්වය ගන්න. ඉවෙනට්ස් කරන්න ආදී බොහොමයක් අපි එයින් ඉගෙන ගත්තා.
ඒ සියල්ලගේ ම පුන්‍යානුමෝදනාව ඇඩ්ලාට යන්න ඕන. ඇඩා කියන්නේ ඇවරි ආදරේට කියන නම. එතුමියට සම වයසේ ගුරුවරියන් කතා කරන්නේත් ඒ නමින්. ඇවරිත් බොහෝවිට එහෙමත් කිව්වා. ඒක ආදරේ උල්පතක්. මුතුහර සංකල්පය ඉතා රසවත්. වාර්ෂිකව වැඩසටහනක් එහි තිබුණා. ඒ අංග කටයුතු සිදු කිරීමට අදාළ නිලධාරී මණ්ඩයක් තෝරා පත්වනවා. කාරක සභිකයන් හතක් සමඟින්. ඒ අය නිල අංගයන් සහ සාමාජිකයන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් එන වෙනත් කටයුතු සිදු කරනවා. වසර පටන් ගත්තේ පන්සලේ සහ පල්ලියේ තියෙන පින්කම් දෙකකින්. අපි බෞද්ධ වුනාට හැම අවුරුද්දක ම අඩු ම දෙසැරයක්වත් පල්ලි ගියා. ගීතිකා කිව්වා.

බාලයන් මා වෙතට එන්න ඉඩදෙනු කියා - කියයි අදත් ඒ ජේසු තුමා
දහම් දෙසන්න පතුරවන්න එන්න සැම දෙනා කියා 
කියයි අදත් ඒ ජේසු තුමා... (තාම කටපාඩම් බේබි!!)

අපි මාබිම කල්වරියත් නැංගා. එය බහු සංස්කෘතික, බහු ආගමික තැනක්. තව කඳවුරක් තිබුණා. කණ්ඩායම් වලට ළමයි බෙදලා මෙනු එකක් දීලා ඒක උයන්න කියලා විනිශ්චය මණ්ඩලයකින් ලකුණු දෙන. පරිප්පු, පළා වර්ගයක්, බත්, බිත්තර ආදී වශයෙන් මෙනු එකක් තියෙනවා උයන්න. තව එහිම ගවේශනයක් තිබුණා. කණ්ඩායම් වාර්තාවක් සැපයිය යුතු. හවසට ආදි අයියලා අක්කලයි, අපියි බෙදිලා එල්ලෙ ගැහුවා. වල්ගම ඉස්කෝලෙ පිට්ටනියේ. දැන් මතක් වෙද්දි ඇස්වලට කඳුළු එනවා මොකද අපි ඒ තරම් සතුටු වුනා, මාබිම ඉඳන් මාකොළට බස් එකේ සාස්පාන් වලට තට්ටු දාදා සින්දු කිය කිය ඇවිල්ලා. මේක කියවද්දි ඔබ හිතින් මවා ගන්න. කණ්ඩායමක් හැටියට උයන, ඇඩ්වෙන්ඩර් ඉවෙන්ට් තියෙන, සවසට ඉදිරිපත් කිරීම් කරන, හොඳම කණ්ඩායම තෝරන කොටින්ම තරුණ විසේට රැස් විහිදෙන ඉවෙන්ට් එකක්. ඇවරිතුමා යුනි යන කාලෙ පිළිකුත්තුව චැලෙන්ජ් නමින් කළ ඕපන් ඇඩ්වෙන්චර් ඉවෙන්ට් එකට පාදක වුනේ ඒ අත්දැකීම්.

ඉදිරි කාලෙ අපි මේක දහම් පාසල් මට්මින් කරන්න හිතාගෙන ඉන්නවා. අගෝස්තු නිවාඩුවට. ඇඩ්ලාට උපහාරයක් වශයෙන්. මොකද දවස ඉවර වෙද්දි කොච්චර මහන්සිවෙලා හිටියත් ඒ කන්සෙප්ට් එකෙන් මාර ත්‍රිලක් එනවා. හිතෙට දැනෙන සුව ගතට දැනෙන බව ඔබ රහසින් නෙමෙයි මූණට ම කියාවි. මේ සීසන් එකේ අපි කරමු. බොහොත් මසා ආයෙන්ගී.
ඒ හැරුණා ම ළමා නිවාස හා වැඩිහිටි නිවාස දාන (විහාර මහා දේවී ළමා නිවාසයට හා දෙල්ගොඩ වැඩිහිටි නිවාසයට) වගේ ම වාර්ෂික පොළ. වාර්ෂික චාරිකාව, අධ්‍යාපනික ප්‍රදර්ශනය, බැති ගී සරණිය, අවසානයේ දී රංගාවතරණය හෙවත් සංවත්සර ප්‍රසංගය ඇතුලු තව ගොඩාක් ඒවා තිබුණා මට මතක මෙච්චරයි. ලියන්න අමාරුයි බන් කඳුළු එනවා හෝ ගාලා. කෙටියෙන් කිව්වොත් මේ සියල්ල ඒ වචනයෙන් කියන්න බැරි තරම් ළමා අපට ආදරය කළ අත්තම්මාගේ අනුශාසකත්වය මත හැදුනු, දියුණු වුන දේවල්. ඒ තරුණ ජීවිත වලට ඇය දුන්න ආලෝකය ම ඇති නිවන් දකින්න. මම ඒ ඉවෙන්ට්ස් ගැන පොඩියට ලියන්නම්. මොක ද මේ නොස්ටොල්ජික් ගතිය ඇඩ්ලාට මාව ගොඩක් සමීප කරවනවා.

Friday, June 29, 2018

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ හෙවත් චිංචි අක්කාගේ දාන පාරමිතාව...


මේ කුජීත අවස්ථාව ළමා නිවාස දානය අහවර කරලා අපි නයිට් විෂන් දාලා කෑම කන වෙලාව...
මයිනාතුමාට දානය සරි කරන්නේ අර කියාපු චිංචි අක්කා ඉදලානි තමා.
මෙහා පැත්තේ ඉන්න තැඹිලි සාරිය මේ පින්තූරෙට අදාළ නෑලු හොඳේ....!





























ඇවරිතුමා ධර්ම විද්යාලයේ දරුවන්ට ධර්ම දානය දෙන්න දාස වෙලා වැඩ රාජකාරි ඉටු කරන බව සලාද කියවන ඈයො දන්නවා ඇති නෙව. 2018 පළමු නිවාඩුව ඇවරිතුමාට පහුගිය දවසක ගන්න සිද්ධ වුනේ රාජකාරීමය කටයුත්තකට කණ්ඩලමට යන්න තිබුණ නිසා. රාජකාරි කියන්නෙත් චැරිටි තමා. කටයුතු ගැන වෙන සලාදයකින් ලියන්න හිතාගෙන නිවාඩුවෙන් පස්සේ ඇවරිතුමා ගිය දහම් පාසල් ගිය ඉරිදා දවස ගැන කෙටි සටහනක් ලියන්නයි කම්පනා කළේ.
කියන්න බැරි වුනා නෙව අපේ දහම් පාසලේ කාලීන වැඩසටහන් යටතේ මව්පිය ගුණ සම්භාවනා වැඩසටහනක් හේම කළා. ඒක අපේ ඇත්තෝ ඔය හිතාන ඉන්න අම්මා තාත්තා දෙන්න ගෙන්නවලා දණ ගහලා වැඳලා ගුණ කියවන වගේ වැඩක් නෙමෙයි. මේක බොහෝ සෞන්දර්යාත්මක වැඩක්. මව්ගුණ පිය ගුණ ඇතුළත් ගීත දරුවන්ට ඒවායේ අදහස් තේරුම් කරමින් ළයාන්විතව ගායනා කිරීමයි මෙහිදී සිද්ධ වුනේ.
වැඩසටහන මෙහෙයවීම සිදුකළේ වසරේ හෘදයාංගම පූරකයා වශයෙන් ඊට කලින් දා රාත්රියේ රයිගම් සම්මානයෙන් පිදුම් ලද මහේෂ් නිශ්ශංක මහතා. මහේෂ් අයියා පුරුදු හිනාවත් එක්ක හැමදේට සන්තෝෂයි, සන්තෝෂයි කියාගෙන ඉතා කුළුපගව අපිත් එක්ක වැඩේ කරගෙන ගියා. ඔහුගේ ගායක මණ්ඩලයත් හොද සහයෝගයක් දුන්නා. ජීවිතේ අපිට හමුවන, අපිට ආදරේ කරන, ආදරේ කියන, හැමෝ එක සිතුවිල්ලකින් හරි අපිව අත්හරිනවා. එහෙම සිතුවිල්ලකින් හරි අත් නොහරින්නේ අම්මා - තාත්තා විතරයි කියමින් තමුන්ගේ මෑණියන් රෑ එළි වෙනකම් ඇඳුම් මහලා ඉදිමුණු කකුල් ඇතිව ඔහු පාසල් යවා ලොකු මහත් කළ අතීතයත් මතක් කළා.
ඇවරි මහේෂ් අයියාගේ සිහිනයකි රෑ හැමදාම බලනවා. බලනවට වඩා ඒක පොඩ් කාස්ට් එකක් හැටියට කන්වර්ට් කරලා අහන්න ඇවරිතුමා ඉතා කැමතියි. මොක දුර ගමන් යද්දි එක දිගට සින්දු අහන්න ගියාමත් එපා වෙනවනේ. අනික මහේෂ් කියන දේවල් නිස්කාන්සුවේ හිතන්න සෑහෙන්න තරමේ නිදහසක් ලැබෙන්නෙ තනියෙන් ට්රැවල් කරද්දි විතරයි. ඒක නිසා පොඩ් කාස්ට් හරි වටිනවා.
මේ කියන දවසේ අපිට තිබුණු ලොකු අභියෝගය වෙසක් දානය ගැන තමා මොකද දාහක් පමණ වන උවැසි උවැසියන්ට වෙසක් පෝ දින හීල් දානය වාර්ෂිකව පවත්වනන්නේ ධර්ම විද්යාලයේ අනුග්රහයෙන්. මදිවට එදා අවුරුදු නිවාඩුව දෙන දවස. අස්සේ ශිෂ් සමිතිය. ඇවරිගේ පන්තියේ දරුවනුත් සඳහා සහභාගී වුනා. ඇවරිතුමාගේ පන්තියේ දරණි දුව පැණ මඩ කඩිති සින්දුව ශිෂ් සමිතියේ කියලා පස්සේ ඇවරිතුමාව මුණ ගැහිලා නියම කතාවක් කිව්වා. සර්, සින්දුව මං කිව්වේ සර්ට.. අපේ ළමයි දහම් පාසල් එන කාලෙකත් සර් දහම් පාසල් එයි. ඒකනම් ෂුවර්. පොඩිකමට කෙල්ල එහෙම කිව්වට ඒක එහෙම වෙන්න පුළුවන් විත්තිය කල්පනා කරපු ඇවරිතුමාට තනියම හිනාවක් ගියා
ශිෂ් සමිතිය පවත්වන්නේ ළමයින්ගේ කුසලතා එළිදක්වන්න නෙව. දැන් ඔය ලංකාව දන්න රණසිංහ ප්රේමදාස ජනාධිපතිතුමාත් ඇවරිගේ ධර්ම විද්යාලයේ ආදි ශිෂ්යයෙක්. එතුමාගේ පන්තිභාර ගුරුවරයා කේයස් හෙවත් කලල්ඇල්ලේ ආනන්ද සාගර නැතිනම් සාගර පළන්සූරිය ප්රේමදාස ශිෂ්යයාට කතාවක් කරන්න කිව්වා ඔහු පුටුව යට හැංගිලා තියෙනවලු. නමුත් පස්සේ ලංකාව හොල්ලන තරමට කතා කරපු ජනාධිපතිවරයෙක් වුනා. වගේ ළමයින්ට ගුරුවරුන් පුදුම කරවන්නත්, ගුරුවරුන්ට ළමයින් පුදුම කරවන්නත් ලැබෙන අවස්ථාවක් තමා ශිෂ් සමිති කියන්නේ. කවි සින්දු ගායනා නෙමෙයි. දැනුම මිනුම තරග, නාට් වගේ ලොකු ලොකු ව්යාපෘතිත් එහි තියෙනවා
එදා නම් ඇවරි ඒවාට එපමණ සම්බන්ද නොවුනේ දානකටයුතු කට ළඟට ඇවිදින් තිබූ නිසා. දාන ලේඛන සමාලෝචන සටහන් සෑදීම බාරගත්තේ බුදාරා, සමාරා සහ වින්දනා. වින්දනා මැතිනිය අයිස් නේ. ඉතිං අනිත් අංගනාවන් දෙන්න තමා ගොඩක් වැඩ කළේ අම්මපා. ඉඳිආප්ප විසිපන්දාහක් කිව්ව පොඩිද? පොල් සම්බෝල, ලූණු තෙල් දාලා, පරිප්පු ආදී ගොඩක් දානෝපකරණ ප්රමාණයන් එකතු කරලා මදිපාඩු සොයාගන්න ඕන. නැත්නම් එව්රිබොඩි තින්ක් සම්බොඩි වුඩ් ඩූ ඇන්ඩ් නෝබොඩි ඩස් තමා. බාරගත්ත දානෝපකරණ වුනත් කෝල් කරලා රී කන්ෆර්ම් කරගන්න ඕන. නැත්නම් ඒත් එක ආනිශංසය තමා. පන්තිවලින් අඩුවෙන් එකතු වුනත් පාලක මැදිරියේ ඇත්තෝ ඒවා ගානට බැලන්ස් කරගන්න ඕන. නැත්නම් අන්තිමේ ජාතිය අමතද්දි උත්තර බඳින්න වෙනවා දානය මදිවීම සම්බන්ධයෙන්. ඔය දේවල් නිසා හෝම්ව්ර්ක් අපි හරියට කරලා ඉන්න ඕන.
අලකලංචි අස්සේ විහාරමහා දේවි ළමා නිවාසයට රාත්රී ආහාර දානයක් දෙන්නත් අපේ ශිෂ් නායක පිරිස ඉරිදාවෙ යොදාගෙන තිබුණා. අපි හැමෝම මහන්සිවෙලා දාන ලේඛනවල වැඩ හමාර කරද්දිත් ශිෂ් නායකයො ළමයින්ට ගෙනියන්න තෑගි සූදානම් කරනවා. පොත්, ගම් බෝතල්, පුයර සහ ඕඩික්ලෝන් ඇතුළත් තෑගි ඇසුරුම්වල වැඩ අහවර වෙලා නැති නිසා ඇවරිතුමා ඇතුළු කණ්ඩායම වැඩේටත් එන්ටර් වුනා. අහු අස්සේ අයිස් රාජිනිය මිසින්. ඇවරිතුමාට අභිනයෙන් කතා කළ බුදාරා ගේට්ටු කණුවක් බදාගෙන හිටි අංගනාව කැමරාවට අහු කරගත්තා. මැඩම් අපි යන්න කියලා. ඔබතුමී මල් කැඩුවට කමක් නෑ. මේ ගේට්ටු කණුවෙන් බැස්සනම් හොඳයි. අනේ අම්මාපල්ල මේ කෙල්ලන්ගේ කැටයම්. මල්හෝත්රාව ෆෝන් එක කණේ ගහගෙන ගේට්ටුවේ එල්ලිලා එහාට එකපාරයි මෙහාට එකපාරයි ගේට්ටු පදිනවා. මොන ජීවිත චාමර මෙව්වා??
ළමා නිවාස දානය ගැන දන්න නිසා ඇවරිතුමා වහා තමුන්ගේ දායක පින්වතුන්ටත් වග මතක් කරමින් පිනට ඇදලා ගන්න අමතක කළේ නෑ. මුලින් කතා කළේ මිනෝලි මැතිනියට. මචං හවසට ළමා නිවාසෙට වරෙන් කිව්වත් කෙළි සිඟිත්ත නිසා මැතිනිය පැමිණීම තහවුරු කළේ නෑ. ඊළඟ ඇමතුම මයිනාට. මහ බැංකුවේ වෙන්න අධිපති මහේෂ නිර්මාල් හෙවත් මයිනා මහතා ඉදිරිදාවෙත් ඔෆිස්. බජට් එක තාම ඉවර නෑ බං. මං අදත් වැඩට ආවෙ අයි.එම්.එෆ් යන චාර්ට් වගයක් අඳින්න. බොහොම බැරෑරුම් රාජකාරියක් කරන එතුමා වුනත් ඇවරිගේ කීමට එන්න පොරොන්දු වුනා.
බුදුන් පවා චිංචි මානවිකාවට සමාව දුන්න එකේ ඇවරිත් ලෝකල් චිංචිං නෝනා හෙවත් සුලාටත් ඉන්වයිට් කළේ එතුමිය ළමයි සම්බන්ධ පින්කම්වලට බොහොම කැමති නිසා. වෙද්දිත් මැතිනිය ඉරිදාවෙ කඩුවෙල අසපුවේ දී ලේ දන්දීලා උඩු කුරිඤ්ඤං ගහලා හිටියේ. පයින්ට් එකක් ගත්තා බං මට මේ පණ නැතුව ඉන්නේ. අනේ මේ අලියට පෑගිලත් ඔය හොඳින් ඉන්න බොට ලේ පයින්ට් එක කජ්ජක් සුලා කිව්ව අනිත් පැත්තේන් ඇහුණ වචන සෙට් එක ලියන්න තරම් ශිෂ්ට නෑ ඉතිං.