Showing posts with label ධම්ම කායෝ. Show all posts
Showing posts with label ධම්ම කායෝ. Show all posts

Monday, July 22, 2019

හැපනින් බෝමා දිනයක් ගෙවීම හෙවත් මතක බණ පෙරැළිය



එක දවසකට මෙච්චර හැපනින් නම් වැඩියි තමා. අපේ ගුරු මණ්ඩල සාමාජික පතිරණ මහතාගේ ස්වාමි දියණිය චම්පා විජේසුන්දර මහත්මිය අභාවප්‍රාප්ත වුනේ දවස් කිහිපයකට කලින්. පිළිකාවකින් කකුල් දෙක ම ඉවත් කරලා හිටි ඒ මැතිනිය එක්තැන් වෙලා ඉද්දි පුරා මාස හයක වගේ කාලයක් අපේ පතිරණ මහත්මයා ඉතා ආදරෙන් බලා කියා ගත්තා. කොටින් ම ඒ කාලය පුරා ම පාන්දර හතරට නැගිටලා රාගම රෝහලට ගිහින් උදේ ලෙඩාව බලලා දහයට ධර්ම විද්‍යාලයේ අවසාන පන්තියේ දේශනයත් කරලා දොළහට ආයෙත් ලෙඩාව බලලා ආදී වශයෙන් ඉතා ම කැප කිරීමකින් ඒ ගුරුභවතා තම ස්වාමි දූ බලා ගත්තා.

මේ සලාදේ නම් කොහෙමත් ම පූර්වාපර සන්ධි ගැළපෙන එකක් වෙයි කියලා හිතන්න අමාරුයි. මොක ද ඇවරිතුමූ මාර ම කොන්පියුස් අද. නමුත් දවසක් තුළ මං විඳගත්ත දේවල් බොහොමයක් නිසා රැන්ඩම්ස් කීපයක් ලියන්න බැලුවේ. මගුලට නොගියත් මරණෙට යාම ඇවරිගේ පිළිවෙත බව මේවා කියවන උදවිය දන්නවා ඇතිනේ. ඉතිං මේ මරණෙටත් ඇවරි ගියා. අපේ මයිනා තුමා එක්ක පාලර් එක වහනකම් ම එහි හිටියා. හත්දොහේ පිංකම තිබුණු ඉරිදාවේ බණ ගෙදර වෙනුවෙන් සහෝදර ගුරුභවතුන්ගෙන් ආධාර පත්‍රය එකතු කළෙත් ඇවරි. ඒ වැඩත් එක්ක පින්කමට යාම අනිවාර්ය වුනා.

සවස්යාමේ ඇවරිතුමා ලක ලැහැස්ති වෙද්දි කාරිය ස්මග්ලින් නිශා ඇවරිතුමාගේ නිල නිවසට ආවේ බිස්නස් වවැඩකට. එතුමා එක්ක ආගිය කතා බහ නිසා දවස ෆුල් මාර්වලස් වෙලා තිබුණේ. නිශා ගැන වෙන ම පෝස්ටුවක් ලියන්න හිටියත් ඒක මිස් වුනා. මේ පාර චරිතයක් එක්ක ඒක ලියන්නම්. ෂුවර්. පොර නම් කියවන්න වටින චරිතයක්.

පතිරණ සර්ගේ පුත්‍රයා ළහිරු ඉතා නිහඩ චරිතයක් වුනාට ඇවරිතුමාට ඔහු මතක හිටින කාරණාවක් තිබුණා. හැමදාම වෙසක් පහන් කූඩු තරගය වෙනුවෙන් පොල් මටොළු, වේලපු හබුරු කොළ, ළූණු සිවි මොකක් හරි ජිල් මාර්ට් එකක් අමුණලා ලස්සන පහන් කූඩුවක් පන්සලට එවන්න ඒ පොඩ්ඩා අමතක කළේ නෑ. පොඩ්ඩා කිව්වට මේ අවුරුද්දේ උසස් පෙළ විභාගයත් ලියනවා. ඇවරිතුමා හැමදාම ඒ කූඩුව විශේෂයෙන් බලලා පේන තැනක එල්ලන්නේ ගොඩක් කතාබහට ලක්වන කූඩුවක් එවන නිසා. දවසක් මේකේ අයිතිකාරයා එක්ක කතා කළා ම මේ අදහස් හේම දීලා තිබුණේ නැසීගිය චම්පා විජේසුන්දර මාතාව තමා. ඒක නිසා ඒ දවස්වලත් ඇය සැලකිය යුතු චරිතයක් හැටියට ඇවරිතුමා කියවාගෙන තිබුණා. අද බණ ගෙදර ගියා ම තමා දන්නේ දේවි බාලිකාවක වූ එතුමිය ඉගෙනීමෙන් පරතෙරට ගිය කාන්තාවක් වූ බව. ඇගේ සමකාලීන මානිල් ගුරු මහතාත් ඒ ගැන තහවුරු කළා.

මතක බණට වැඩ ම කළ අපේ පණ්ඩිත හාමුදුරුවො පැයක් එක සීරුවට බණ කිව්වා ආයෙත් ඇ‍ඩෙන්න. අනිත්‍ය ගැන අපූරු විග්‍රහයක් කළ අපේ පොඩී හරි බුහුටියට දහම් කරුණු ටිකක් කියලා දුන්නා. 

අනන්වාතෝ තතෝ ආහ
අනනුන් ඤාතෝ ඉතෝ ගතෝ තමා ගාථාව. කවුරුත් අපිට මේ ලෝකෙට එන්න කිව්වේ නෑනේ. අපි ගන්ධබ්බව කුසක පිළිසිඳගත්ත. ඉතිං පස්සේ නෑදෑ සම්බන්ධකම් හදාගෙන දැන් මේ ලෝකෙ හැරදා යද්දි කාකත්ථ පරිදේවනා. නැත්නම් වැළපෙමින් ශෝක කරනවා කියලයි උන්වහන්සේ තේරුම් කරලා දුන්නේ. ඊට ලස්සන කතාවස්තුවකුත් කිව්වා.

දවසක් ගොවියෙක් තමුන්ගේ පුතත් එක්ක කුඹුරට ගියාලු. කුඹුරට ආ නාගයෙක් මේ පුතාට දෂ්ට කළ නිසා පුතා මියැදුනාලු. ඒ ළඟින් ගිය කොල්ලකු අතේ තාත්ත ගෙදරට පණිවියක් යැව්වලු අද දවාලට එක්කෙනෙක්ට විතරක් කෑම ගේනනය කියලා. තව සුදු ඇඳුමකින් සැරසිලා පවුලේ හැමෝටම ඒ කිව්වේ හාමිනේයි, දුවයි සේවිකාවයි, හැමෝට ම කුඹුරට එන්න කිව්වලු. දවල් කෑම කාපු ගොවියා පවුලේ අයත් එක්ක එකතු වෙලා අවශ්‍ය වත් පිළිවෙත් කරලා පුතා වළදැම්මලු. කිසිදු අයුරකින් ශෝක නොකළ මේ ගොවි පියා ගැන පැහැදුනු ශක්‍රයා මහළු වෙසකින් පෙනී සිටිමින් තමුන්ගේ අතිජාත පුත්‍ර රත්නය වළ දැමීම ගැන අබැටක හෝ ශෝකයක් නොවන්නේ කෙසේදැයි ප්‍රශ්න කළා ම මේ සංසාරේ ඔහු තමාට පුත්‍ර වූ අවස්ථා බොහෝ විය හැකි බවත් සසර ගමන එසේ වන බවත් දක්වීම නිසා ශක්‍රයා තම වෙසින් පෙනී සිට සාදු කාර දුන් බව දේශනා කළා.  

දැන් නම් උන්නාන්සේ ලොකු හාමුදුරුවො ම තමා. ඒ වචන, ඒ විරාමයන් ගැනීම්, ඒ අවධාරණය කිරීම් ඒ වගේ නොදන්න ගාථා අරන් පැහැදිලි කිරීම් පර්ෆෙක්ට්. පැය කෝම ගියාද කියලා නෑ. කටහඩ පාලනය ඉතා දියුණුයි. හරිම ආස හිතුනා. හොර අලියා වගේ සමහර දේවල් රැල්ලේ යැව්වට අපේ පොඩිනම සුපිරි බුලට් එකක් බව අත්දැකීමෙන් ඇවරිතුමා දන්නවා. කොච්චර වැදුනා ද කියනවා නම් පහුවදා උදේ ම කෝල් කරලා ගාථාව අහගන්න තරම් ඇවරිතුමා උනන්දු වුනා. අප්පේ මගේ බණ අහන්න මෙච්චර කැමතියි කියලා දන්නෙ නෑ නෙව. පොඩි හාමුදුරුවො අපි ඉන්න තැන බණ කියන්නෑ නෙව. අපිත් අර වගේ පොට්ට චාන්ස් එකක් පාද ගත්තොත් මිසක්. නලිනලා කරන වැඩවලට වැඩලා බෑ දුවන්න ම වෙනවනේ. පොඩි හාමුදුරුවොත් සැර ම දෙසුවා.

සාමාන්‍යයෙන් ඉස්සර හත් දොහේ පින්කමකට මළගෙදරට තරම් ම සෙනඟක් හිටියත් දැන් කාලෙ වෙනස් වෙලා හින්දා බණ අහන්න එචචර සෙනඟක් එන්නේ නෑ. හැබැයි කන වෙලාවට බුරුතු පිටින් පාත් වෙන්නේ. මේ ගැන දන්න හාමුදුරුවො කන්න ආපු උඹලාට දෙන්නම් ජම්බු කියලා සමහර වෙලාවට නවය, දහය විතර වෙනකුත් බණ කියනවා. මොකෝ අපි එපා කිව්වයි කියලා නවත්තන්න බෑනේ. සුනාථ ධාරේථ චරාථ ධම්මේ කියලා අහගෙන ඉන්න වෙනවා. එහෙම වැඩවලින් මුල ඉඳන් ශ්‍රද්ධාවෙන් බණ අහපු දායකයො වගේ ම සංවිධායක පාර්ශවයත් බොහොම අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඇවරිතුමාට ඒ වගේ සර්ව රාත්‍රික බණකටත් සහභාගී වෙන්න තිබුණ නිසා ඒ ගැන හොඳින් ම දන්නවා.

අපේ හාමුදුරුවො නම් පැයට විනාඩි දහයක් විතර වැඩි වෙන්න බණ හමාර කරලා පින් දුන්නා. ශ්‍රාවකයන්ට කරුණාවෙන් ධර්ම දේශනය වෙනුවට දෙන්නම් බැටේ බණක් කියලා වැඩක් වෙන්නෑනේ. චීවරයට මෙච්චර කෙණෙහිලිකම් කරන කාලෙ ඇවරිත් මුව හම ආයෙ ආයෙත් තළන්න යන්නේ නෑ.

Thursday, August 30, 2018

වෙසක් දානයේ අඩුක්කු පිරවීම හෙවත් ඉඳිපාප්ප විසිහතරදාහ ගැම්මට ලැයින් කිරීම



2018 වර්ෂයේ සුපුරුදු සලාදයක් වන නිල වෙසක් දාන සලාදය ලියන්න තමා ඇවරිතුමා මේ සුදානම් පොජ්ජ මන්දු කරන්නේ. සම්ප්‍රදායේ හැටියට වෙසක් දින හීල් දානය පැවැත්වෙන්නේ ධර්ම විද්‍යාලයීය සිසු දරු දැරියන්ගේ දායකත්වයෙන් බව දන්නවා ඇති නෙව. ඇවරිතුමා දානය වෙනුවෙන් ලේඛන කටයුතු සිදුකිරිම ආරම්භ කළේ සති කිහිපයකට කළින්. ඒවා දැන් බොහොම සාමාන්‍ය දේවල් වෙලා. හරියට පෙරහැරට කප් සිටුවනවා වගේ. දානය කෙරෙන්න නම් දාන ලේඛන සියල්ල විධිමත්ව පවත්වා ගැනීම අවශ්‍යයි. එතනින් තමා හා හා පුරා කියලා වැඩේ පටාන් ගන්නේ. පස්සේ ඒ ලේඛන පන්ති මට්ටමින් එකතුවෙලා තමා සිල් ඇත්තො දාහකට විතර හීල් දානයක් හැදෙන්නේ. අනුරාජපුරේ මහාපාලී දාන ශාලාවේ එක වේලකට පන්දාහක් රහතුන්ට වළදන්න දුන් එකේ, ඉඳිආප්ප විසිහතර දාහක් කියන්නේ ලොකු දානයක් නෙමේ ඉතිං.

අවසානයේ කාර්යාලයීය පිටපත මගින් සමස්ත දාන ලේඛන සාරංශ සටහන් කිරීම, සිහි කැඳවීම් පණිවිඩ නිකුත් කිරීම, වෙසක් දින උදෑසන දාන භාර ගැනීමේ ලේඛන සැකසීම, වෙසක් දින දානය ගෙන ඒමට නොහැකි වූ පිරිස  හඳුනා ගැනීම, ඔවුන්ට ශිෂ්‍ය සීල සමාදාන දින දානෝපකරණ බෙදා දීම, දන් පිළිගන්වන භාජන සැකසීම, බුද්ධ පූජා භාණ්ඩ, පිරිකර බෙදාදීම්, අවශ්‍ය සැරසිලි, ඩෙක්ස් බංකු, වතුර, කුණු ඉවත් කිරීම්, වැසිකිලි ආදී එකී මෙකී නොකී සෑහෙන්න කටයුතු අටෝරාසියක් මේ වෙසක් හීල් දාන ව්‍යාපෘතිය හා සම්බන්ධයි. ඇවරිතුමා මේ සියල්ල ම සිදු නොකළත් දානය මදි පාඩුවක් නොවී ගෙන්වා දීමේ වගකීම එකෙන් ම භාරගන්නවා. එතනදී දානය මදි වුනත් අපි බැලන්ස් කරන්න ඕන. වැඩි වුනත් බැලන්ස් කරන්න ඕන. සැඳැහැ ඇත්තන් දුන් දේ අපවත් නොකළ මනාය මහරජ. ඒ නිසා දානය ඉතුරු නොවෙන්න බෙදන්න අපි වගබලා ගන්න ඕනෑ. නැත්නම් ඉතිං බැණුම් තමා.

එදා ටිකක් පාන්දරින් ඇවරි නැගිට්ටත් ඇවරි මාතා ඇවරිපිතා දෙදෙනා වහන්සේලා ම අෂ්ටාංග උපෝසත ශීලය සමාදන් වෙන්න ගිය නිසා පාන්දරින් නැඟිටලා ආයෙත් නිදා ගත්තා. ඇවරි පන්සලට යද්දිත් දාන භාර ගැනීමේ වැඩ සිදුවෙමින් තිබුණා. උදේ පාන්දරින් මුලින් ම කරගන්න ඕන වතුර උණු කරන එක. අලුත් අවුරුද්ද පහුවෙලා දවස් හතළිස් පහෙන් වැස්ස පටන් ගන්නේ බක්මහ අකුණුත් එක්ක. වෙසක් කියන්නේ හේදෙන මාසය. අපි සිල්ඇත්තන්ට උණුවතුර ම බොන්න දෙන්න ඕන. තේ හදන වතුර නටවන්න කළින් උණු පැන් වෙන්කරලා කේතල්වලට දාන්න ඕන. ඒවා බැලන්ස් කළා ම අනික්වා ලේසියි. කෝ ඇවරිතුමා යද්දිත් ගිනි පෙට්ටියක් නෑ නෙව.

දන් භාජන සේරමත් පිළිවෙල කරලා තිබුණ නිසා ලොකු ප්‍රශ්නයක් වුනේ නෑ. පිහි ප්‍රශ්නය ඇරෙන්න. පාන් පිහි හොයන්න ඇවරිතුමා හොයාගෙන ආවෙ අසල්වැසි සෝමදාස අංකල්ගේ ලොකු පුතා. ඒ අයියත් අක්කාත් පොඩ්ඩත් තුන් දෙනාම පන්සල් ඇවිත් තිබුණේ, සෝමදාස යුවල සිල් ගත් නිසා. සාමාන්‍යයන් ඕන දෙයක් ඉල්ලන්නේ ෆ්ලෝර් මැනේජර් වන ඇවරිගෙන් තමා. දානය සකසන අයට කියලා තියෙන්නේත් එහෙමයි. ඕන ම දෙයක් එතුමාට කියන්න කියල තියෙන්නේ හැමෝට ම ඒක තමුන්ගේ දෙයක් කියලා හිතෙන්න. ආනේ මේ පන්සල අපේ නෙමෙයි නේ. අපි බඩු කොහෙද තියෙන්නේ කියලා දන්නේ නෑනේ ආදී බොහෝ කාරණා නිසා දානය සකසන පිරිස ඊට සහභාගී නොවෙන්න පුළුවන්.

බුදු හාමුදුරුවොත් කිසා ගෝතමියට කියන්නේ අප කියාලූ බහෙත් සපයා ලිය නොහ් නම් අප කරන්නේ කිම්ද කියලා? ඒක නිසා බඩු නැතිව වැඩ කරන්න බැහැ. ඇවරිතුමා තවත් සහයක ඩැනීලා පහ හයක් තියාගෙන කරන්නේ දානය සකසන අය ඉල්ලන ඉල්ලන හැමදේම ඉල්ලන සැණින් අතට, පයට, ගෙනත් වඩම්මවන එක. ගිනි පෙට්ටියේ ඉඳන් ඉඳිආප්ප බෙදන අයට පොලිතින් අත්වැසුම්, මුකවාඩම් පවා අපි සම්පාදනය කරනවා. මොක ද අපි අපේ කණ්ඩායම සතුටු කරන්න ඕන. එතකොට තමා ඒ අය පහසුවෙන් දානය බෙදන්නේ. පිහි ලැබුණා ම සෝමදාස පුත්‍රයෝ ගොඩක් සන්තෝෂ වුනා. මිනිස්සු එහෙම සතුටු කිරීම තමා පින කියන්නේ. නැතුව ඒ අය අනේ පිහි නෑනේ කියලා බකන් නිලාන හිටිය නම් කාට ද ආඩම්බර චාමර?

හා දැන් අම්මලා තාත්තලා දානය බෙදන තැන්වලට යන්න කිව්වම සියලු දෙනා ස්ථානගත වුනා. ඡන්ද පෝලිමේ වගේ සිල් ඇත්තො පේලි තුනකින් දානය බෙදා ගන්න ඇතුළට එනවා. අපේ දරුවන්ගේ අම්මලා තාත්තලා දානය බෙදනවා. තවත් කට්ටිය අඩු බෙදන පෙරහැරට එකතු වෙලා. ඒ අය අතින් ඉඳි ආප්ප පෙට්ටි, පරිප්පු බාල්දි, සම්බෝල භාජන අරන් ගිහින් අඩු බෙදන එක තමා කරන්නේ. ඒ අම්මලා තාත්තලත් දැන් අවුරුදු ගාණක් අපිත් එක්ක දානයට එකතුපහදු වෙනවා. ඉතිං අපි කියන්න ඕන නෑ. වෙන්න ඕන මොකක්ද කියලා එයාලා දන්නවා. අවුල්පත් අයින් කරන්න. ඉඳුල් භාජන හෝදලා දෙන්න, තේ පිළිගන්වන්න ආදී බොහෝ දේ ඒ අය කරලා දුන්නා. ඒ හැම දෙයක් ම දාන සේවාවේ වෙන වෙන අංශ. අපි ඒ හැම වැඩේට ම අවධානය දෙන්න ඕන. නැති වුනොත් දාහක් දෙනා හීල අහවර කරන්න පැය දෙකක්වත් යාවි. එතකොට බණට පරක්කුයි. උපරිම විනාඩි හතළිහෙන් දාන වැඩ අහවර කරන්න ඕන. උදාහරණයක් හැටියට වතුර කරාම කිහිපයක් ඒ පරිශ්‍රයේ තිබුණත්, සිල් ඇත්තන්ට අත් හෝදන්න බේස්ම්වල වතුර පුරෝලා තියෙනවා. ඉඳුල් පිඟන් හෝදන්න හැම කරාමයක ම රෙසිඩන්ට් ඩිෂ් වොෂර් කෙනෙක් විම් කැට තියාගෙන ඉන්නවා. ඒක තමා සර්විස් එක බේබි. ඒකටනේ එයාලට පඩි ගෙවන්නේ. අනේ එහෙම නෑ පඩියට නෙමේ. මෙතන ඉඳුල් පිඟන්ටික හෝදලා දෙනවාද කියල ඇහුවොත් එයාලා බෑ කියන්නේ නෑ. අපිට හෝදන්න දෙන්නෙත් නෑ.

සාමාන්‍යෙයන් ඇවරිතුමා දාන ශාලාවේ ඇතුල්වෙන පෝලිමේ ඉඳන් සිල් ඇත්තන් එක්ක හිනාවෙලා කතාබහ කරන එක සිරිතක්. මොක ද අපි දෙන දානය ගන්න එන සිල් ඇත්තන්ව අපි පෙරගමන් කරලා පිළිගන්න ඕන. එහෙම නැතිව පිඟන් අරන් වරෙල්ලා කියලා ඉඳලා හරියන්නේ නෑ. ඊළඟට ආස ම අඩු බෙදන්න. වැඩියෙන් ම ආස අත් හෝදවන්න. ඒක හරි ෆන් වැඩේ. හිස් බේසමකට අත අල්ලන්න කියලා කෝප්පෙකින් වතුර වත්කරනවා. අත් හෝදවන අය ළඟ භාජන දෙකක් තියෙනවා. කරාමයක් එක්ක හරඹ කරනවාට වඩා සිල් ඇත්තො හරි කැමතියි ඒ වැඩේට. අපේ ළමයිනුත් හරි කැමතියි අත් හෝදවන වැඩේට. ඒකේ මාර ලල් එකක් තියෙන්නේ.

මෙදා පුංචි උන් සිල් ගත්තු වෙලාවේ අත් හේදිල්ල නැඟලා ම ගියා. ධර්ම ශාලාව මඩවෙලා ආපහු මොප් කරවන්න බැරි නිසා අපි පොඩිඋන්ට එළියේ කරාම ළඟට යන්න දුන්නේ නෑ. ඒ වෙනුවට වෙසක් දා වගේ අපි අත් හෝදන්න ආව. එක දෙක වසරවල පුංචි අත්වලට වතුර පොඩ්ඩක් දැම්මත් ඇති. එක්ස්ප්‍රස් සර්විස්. ළමෝ හිනා වෙනවා සතුටින්. ඒක අපිත් අලුතින් ඉගෙනගත්තු සුපිරි ෆන් එකක්.





Tuesday, August 14, 2018

සුදු ඇඳුමෙ ඇයි හොදි ගෑවුනේ - දැන් නම් ඉතිං ගෙදරින් බනියි.. නංගෝ

කලින් අපි දුන්න ළමා නිවාස දානය ගැන ලියැවුනා මේ ඉතිරි කොටේ..



බැරි සිල් නොගනින් අඹරෝ කිව්වලු..!! ඇවරිතුමා සෙට් වුනොත් හා ගන්නවා කියන්නේ කිකන් ද?
පේනවනේ ළමා සාරියට ජය සිරි මංගලම් වෙව්වි අපූරුව...

ළමයි ජාතික ඇඳුම අදින නිසා ගුරුභවතුන්ටත් ජාතික ඇඳුම අඳින්න වුනාහාමුදුරුවොත් වඩින නිසා චාන්ස් එකක් ලැබුණෙ නෑඅපේ දිලංකා අක්කා ඇගේ ලොරිය අපට එවලා තිබුණ නිසා දානෝපකරණ ප්රවාහනය පහසු වුනාශිෂ් නායකයන් සහ ගුරුභවතුන් වෙනුවෙන් බසයක් යොදවලා තිබුණේ අපේ දුමින්ද ගුරුභවතාගේ අනුග්රහයෙන්රාත්රී ආහාරය වෙනුවෙන් තෝසේ සහ වඩේ ලබා දීමට ළමා නිවාසය මගින් නිර්දේශ කළ නිසා ඇනවුම් කොට එම ආහාර සාදනු ලැබුවාවඩේ 200  වෙද්දිත් සූදානම්ව නොතිබුණ නිසා මයිනා මහතා සමඟ ඇවරිතුමා වඩේ බදින තැනට පිටත් වුනා අතින් මහේෂ මැතිතුමා පින්කමට ඇවිත් ගමන් පහසුව සලසා දීමත් ලොකු දෙයක්.

ඇවරිතුමා මන්ත්‍රී හාමු වගේ සිංහ පාර්ට් ඒකෙන් කැහැපට ගහගෙන සුදු ඇඳුම පිටින්  කුස්සියට යද්දිත් වඩේ බදිනවාතව ටික වෙලාවකින් හරි කිව්වත් පැය භාගයක්  වඩේ බදිනන්න අපිටත් සිද්ධ වුනාඇවරි ටිකක් සද්දදේ දැම්මත් දානයක් නිසා බොහොම ඉවසීමෙන් කටයුතු කළාඅපිත් එක්ක ප්රධාන ශිෂ් නායකයා හිටියාමෙන්න මගක් දුර යද්දි පොර කියනවා මගින් අයිස්ක්රීම් වගයක් ගන්නත් ඕනෑලුසාරිත මේක ප්රයිවෙට් බස් එකක් නෙමෙයිකාර් එකක්ඉතිං සර් නේ කිව්වේ මාව ගන්න කාර් එකේ එනව කියලා.... එහෙම කියලා ලොරියක බඩු ගෙනියන්න තියා ගත්තා ම හරිද පුතෝ...? කොටිය ම කාපිය.

අපි යද්දි ජනයා එහි පැමිණ තිබුණා. බියගම විහාරමහා දේවි ළමා නිවාසයට ඇවරිතුමා ඒ ආවෙ සෑහෙන්න කාලෙකින්. ඉස්සර මුතුහර යන කාලෙ වාර්ෂිකව එහි ගියත් දැන් ඒවායින් බැහැර වෙලා නිසා ගොඩක් යැවෙනවා අඩුයි. ඒ කාලෙ අපි අවුරුද්දට දෙතුන් සැරයක්වත් කතෝලික පල්ලියට ගියා. ගීතිකා කිව්වා. ඒකට දැන්. මිඩ් නයිට් මාස්වත් යන්නේ නෑ නෙව. අපි බෞද්ධ කියාගෙන ලොකු සීන් දෙන එක නෙමෙයි වැඩේ. එහෙම දේවල්වලින් අනික් ආගම්වලට ගරු කරන්න, ඒ සිරිත් විරිත් ගැන දැනීමක් ලැබෙනවා. පුංචි කාලෙ ඇවරිතුමාට නම් එහෙම ලොකු වෙනසක් දැනුනේ ම නෑ. මොක ද අපි මේ සතියේ පන්සලේ බෝධිපූජාවක් තියලා පහන් පන්සියක් ලස්සන වැකියකට පත්තු කරලා, ඊළඟ සතියේ කොඩි ඇදලා, කැරොල් කියලා පල්ලියේ පූජාව කළ නිසා. අම්මා තාත්තා දෙන්නම බෞද්ධ වෙලත් අපිත් මංගල්ලෙට පාර සරසන්න ගියා. ඒකට දැන්. පට්ට ම රේසිස්ට්. ජාතී වාදී පර හැත්ත. නැත්නම් මුන් ඡන්දෙ දෙන්න නෑනේ අපේ හාමුදුරුවනේ.

ඒ ඉපැරණි ගොඩනැඟිලි අතරින් ඇවරිතුමා ඇවිදගෙන ගියා. පුංචි ළමයින්ගෙ කොටසේ සුදු වැලි ඇතුරූ සෙල්ලම් ඉසව්වේ දැන් ගස් වවල. අපි දන්න කාලෙ හිටන් හිටිය විහාරමහා දේවිය නම් තාමත් රනින් බැබලෙමින් ඉන්නවා. පරණ කවිච්චිත් එහෙමයි. ඉස්සර අපි ආව ම මුතුහරේ අයියලා අක්කලා ඒ ළමයි වටකරගෙන සින්දු කියනවා. අල්ලන සෙල්ලම් කරනවා. පුංචිම කට්ටියට බත් කවනවා. අප්පා එකම සද්දයක් තමා. දැන් එහෙම කරන්න ළමා රක්ෂණ අධිකාරියෙන් අවසර ගන්න ඕනෑලු. කෑම කන්න කලින් එයාලා අනුග්‍රාහකයන්ට පින් දෙමින් පාඨයක් කියනවා. ඒක ඒ දවස්වල අපිට පාඩම්. මෑතක දී  ඇවරිතුමා  උදේ කෑමක් කද්දි        කියනවා ඇහුනා. බලද්දි අපේ තරූ තමා කන්න කලින් එහෙම කියලා තියෙන්නෙ. පොඩි ළමයි එක්ක ඉඳලා එයාට පුරුදු වෙලා.

ළමා නිවාස ජීවිතේ පහසු එකක් නෙමෙයි. හැමදේම කාලසටහනට. ඒ අය රෑට කෑවෙ හයට විතර. හතහමාරට ගේට්ටු වහනවා. අපිට හතට කන්න කිව්වොත් නාට්‍ය ටික තාම ඉවර නෑ පිස්සු ද කියලා අහයි. නමුත් ළමා නිවාසෙ එහෙමයි. හැබැයි ඉස්කෝලෙ යන්න, දහම් පාසල් යන්න සියලු පහසුකම් දෙනවා. ඒ ජීවිතේන් එයාලට නිදහසක් ලැබෙන්නේ දහ අට පිරුණාම. අපි දන්න කාලෙත් විශ්ව විද්‍යාලයට පවා ගියපු අයියලා අක්කලා එහි හිටියා. පස්සේ කාලෙක විවාහ වෙලා ආයෙත් තමන්ගේ නංගිලා මල්ලිලා වෙනුවෙන් උදව් උපකාර කරපු අයත් හිටියා. එහෙම අයත් අපි යන දවසට එනවා. එතන ගොඩාක් ආදරේ තිබුණ තැනක්. අපේ අයියලා අක්කලා ගිහින් ඒ ළමයි තුරුල් කරගෙන අනාගතේ අම්මලා තාත්තලා වෙන්න හීන දැකපු, ආයෙත් ඉක්මණින් එන බවට අපි පොරොන්දු ගිවිස ගත්තු, ඉදිරිපත් කිරීම් කරලා හිනාවුනු, වචනයෙන් කියන්න බැරි තරම් ආදරණීය හැඟීමක් ඒ ගොඩනැඟිල්ලෙන් ඇවරිතුමා වින්දා. පුදුම නොස්ටොල්ජික් ගතියක්..

මෙදා අපි ඒ වැඩි වැඩ නොකර දානෙ දීලා ළමයින් එක්ක කතා බහ කරලා ආව. අපි ගෙනාපු තෑගි දීලා, කෑම බෙදලා සතුටු වුනා. ළමා නිවාසෙ වාර්ෂික කොන්සර්ට් එකක් තියෙනවා. ඒක මතක් කරන හැටියට ඇවරි පාලිකාවන්ට මතක් කළා. දානපතියන්ට ඒ ළමයින්ව කාර්ය මණ්ඩල ප්‍රධානින් සමඟින් එක්දින චාරිකා සඳහා රැගෙන යාමේ අවසර තියෙනවා. අපි ඒවගේ වැඩකුත් කරන්න ඕන චාමර කියලා ඇවරිතුමා තමුන්ගේ ලේකම් මිටියට කිව්වේ ඒවා බොහෝ සතුට ගෙන දෙන කතාන්දර විය හැකි නිසා. දහම්පාසල වෙනුවෙන් අමුත්තන් පොතේ සටහනක් තැබූ ඇවරිතුමා පරණ මතකයන් කන්දරාවකට සමු දුන්නේ දුකෙන්. ආයෙත් පරණ ම මිනිස්සුත් එක්ක පොඩි කාලෙ වගේ ඒ දානෙ කරන්න තියේ නම්.....!

දානෙ ඉවර වුනාම ළමයින්ටයි ගුරුවරුන්ටයි තෝසෙ කන්න ආරාධනා කළා. ඒකත් බස් එකට. ආහ් බස් එකේ රියදුරු සිතිර අයියා ඇවරිතුමා බොහොම හොඳින් දන්න නිසා බස් එක ඇතුළෙ භෝජන සංග්‍රහය පැවැත්වීම ගැන අමනාප වුනේ නෑ. එතකොටත් ඇවරිතුමා හිටියේ මයිනාතුමා හා සුලා එක්ක කාර් එකේ. ගොසාව විතරයි මුන් එකෙක්වත් කෑම කන පාටක් නැති නිසා ඇවරිතුමා ම බස් එකට ඔළුව දාලා බැලුවා. හානා හීය පානා අඬහැරෙන් දැනේ කියනවනේ ආයිබෝන්. මල් පෝච්චිහ් මල් පෝච්චිහ් කියන්නේ ඉල්ලුමට තරම් සැපයුම නැති එකලු.
තවත් බලබලා ඉන්න බැරි තැන ඇවරිතුමූ වැඩේට එන්ටර් වුනා. ඇවරි බාර ගත්තේ ගොඩ හොද්ද බෙදන වැඩේ. ප්‍රධාන ශිෂ්‍ය නායිකා හිරුෂිමා තෝසෙ බෙදුවා. 

ඇවරිතුමා කොච්චර කැපවීමෙන් තෝසෙ පිඟන්වලට හොදි බෙදලා කිව්වොත් අන්තිමේදී හිරුෂිමාගේ ළමා සාරියෙත් වක්කරලා තිබුණා. ඇවරි වැඩක් කළොත් ආයෙ කියලා වැඩක් නෑ නෙව. හැමෝට කෑම දීලා අපිත් බෙදාගෙන කෑවා. ළඟ මැටල් ගොඩක් උඩ සෙරෙප්පු දාලා වාඩි වෙලා ඉතාමත් සරණාගත ලීලාවෙන් රාත්‍රී ආහාර ගැනීම ඉතා රසවත් අත්දැකීමක් වුනා. හැමෝට ම යෝගට් බෙදාදීමකුත් සිදු කෙරුණා. කෑමෙන් පස්සේ ළමයි හැමෝ ම බස් එකට දාලා ඇවරිතුමා මයිනා මහතා සමඟ සුලා මැතිනියත් ඇරලවගෙන පන්සලට ආවා.

බස්එක පන්සලට ආවම තමා ඇවරිතුමාට උන්හිටිතැන් අමතක වෙන්නේ. අප්පා පැමිණිලි අටෝරාසියයි. වැඩේ පරක්කු වෙලාලු. අපි ළමයි එනකම් බලාගෙන ඉන්නවලු. ආදී වශයෙන් කලින් ආපු අම්මලා තාත්තලාගේ ගෝරනාඩුව. අපි හරියට හතහමාර වෙද්දි එළියට ආවත් ළමයින් කාලා බීලා ඉවර වෙද්දි ටිකක් ප්‍රමාද වුනා. ඊට හපන් වුනේ ඉතිරි වෙලා තිබුණ තෝසෙ සහ වඩේ කන්දරාව දැක්කාම. වහා ම ඒ සියල්ල පාර්සල් කරන්න අණ කළ ඇවරිතුමා කිසිවක් ඉවත නොදමා සියලු ආහාර ක්‍රමවත්ව බෙදා හැරලා ඉක්මණින් එතනින් පිටත්වුනේ ඇවරිතුමාගේ පුද්ගලික ජෝතීර්වේදියාණන් හමුවීමට වෙලාවක් වෙන් කරල තිබුණ නිසා. 

ඒකත් පට්ට ත්‍රිල් විසිට් එකක්. ජෝතිකා දුන්නේ උපරිම සැපයක්. අහා කොටු දොළහේ විස්තරේ ඈ කිව්වේ තොරණක් විස්තර කරන්නා වගේ අනේ. අම්මාපල්ල මට හිනාත් ගියා කියාන්කෝ සමහර තැනකදී. ඒ ගැන පස්සේ ලියන්නම්කෝ හොඳේ...

කොහොම නමුත් ඉතා කෙටි දැනුම් දීමක් නිසා ඇවරිතුමා හා එක්ව දානයට අවශ්‍ය කළමනා කටයුතු කළ මයිනා මහතාව හා සුලාවෝ මැතිනියට පුන්‍යානුමෝදනාත්මක ස්තූතිය පළ කළ වගට ලියා තියන්න ඕනෑ..!!

Sunday, July 29, 2018

මේ උන්කා ගුලාම් හේයි හෙවත් ආර්ය මහා සේනාවක් තනිව ඇමතීම | බැති ගී දෙක

සලාද මාත්‍රාව ගැන ලියන්න වෙලාවක් ලැබුණෙ කාලෙකි් අද දවසේ... බැති ගී ව්‍යාපෘති සලාද කිහිපයක් යන නිසා ඒවායේ කතාකරන පින්තූර ගැනත් ලියන්න හිතුනා.

කොහොමින් කොහොම හරි වැඩේ තීන්දු වුනාට පස්සේ මේ ගැන නිල වශයෙන් දැනුම් දෙන්න දෙමාපිය රැස්වීමක් කාරිය තියන්න යෝජනා වුනා. ඒ වෙද්දි වාර විභාග සඳහා දින නියම වෙලත් ඉවරයි. හුට්ටප්පරේ කියන්නේ අම්මලා තාත්තලා දෙසීයක් විතර ආපු දෙමාපිය රැස්වීමට කතා කරන්න වුනේ ඇවරිතුමාට විතරක් වීම. ප්‍රධානාචාර්ය හාමුදුරුවන් බැහැර වැඩීමත්, අමිල අයියා සහ ගයාන් අයියා නොපැමිණීමත් නිසා ඇවරිතුමාට ම ආර්ය මහා සේනාව අමතන්න වුනා. හොඳ වෙලාව උපාසක මහත්ම මහත්මීන්ට දෙකක් දෙසන්න කියලා හිතාපු ඇවරිතුමා බොහොම ශ්‍රද්ධාවෙන් පුංචි හාමුදුරුවො පන්සිල් දුන්නාට පස්සේ පටාන් ගත්තා.


අපේ කෙටි දැනුම් දීමෙන් අම්මලා තාත්තලා මේ රැස්වීමට පැමිණීම ගැන බොහොම සතුටු වෙනවා. මේක කැඳවීමේ හේතුව අම්මලා තාත්තලා දැනටමත් දන්නවා වෙන්න පුළුවන්, ලබන මාසෙ 27 වැනිදා පොසොන් පොහොයට පැවැත්වීමට නියමිත භක්ති ගීතය ගැන කතා කරන්නයි අද අපි මේ දෙමාපිය රැස්වීම කැඳවා තියෙන්නේ. ඊට කලින් අම්මලා තාත්තලාගෙන් මා ධර්ම විද්‍යාලය වෙනුවෙන් මෙවර අපේ බක් මහ උළෙල අපට පැවැත්වීමට නොහකි වීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටීමට කැමතියි. මෙවර වෙසක් දානය අප්‍රේල් අග යෙදීම නිසා ඔබේ දුව පුතා වෙනුවෙන් පවත්වන ඒ කටයුත්ත අපිට සිදු කරන්න නොහැකි වුනා. මේ භක්ති ගීතය කියන්නේත් දරුවන් බොහෝ කැමති කටයුත්තක්. පහුගිය රාමසාන් නිවාඩු දිනයේ මේ ශාලාවේ පැවති පුහුණුවීම් සැසිය සඳහා මමත් පුද්ගලිකව සහභාගී වුනා, එහිදී මම දැක්කා ඔබ දෙමාපියන් වශයෙන් කෙතරම් උනන්දුවෙන් දරුවන් මෙහි රැගෙන ආවාද ඒ දරුවන් කෙතරම් උනන්දුවෙන් අදාළ පුහුණුවීම් කටයුතු සඳහා සහභාගී වුනා ද යන කාරණාව.
අපේ ප්ලේ බැක් ගායන තරු පෙළ
ඔය වමේ සිට කුන්වෙනි අංකය ඉතා සිරා චරිතයක්. ඇය Sanam Teri Kasam හි සාරු වගේ පිස්සු නටන්නේ.
පන්සිල් ගද්දි අත්දෙක නළලේ තියාගෙන ඔන් කරපු මයික් එනේ පන්සිල් දුන්න පිස්සු ම කෙල්ලක්. 
ඉතිං අම්මේ තාත්තේ, අපේ නොහැකියාව නිසා, අපේ කාර්ය බහුලත්වය නිසා, කෙටියෙන් ම කිව්වොත් අපේ අලසකම නිසා මේ වගේ දරුවන් වෙනුවෙන් පවත්වන කටයුතු මඟහැරීම හෝ නොපැවැත්වීමට අපේ ආචාර්ය මණ්ඩලය ඉතා විරුද්ධයි. මුදල් නිසා ඒවා නොකෙරෙනවා නම් ඔවුන් තම පුද්ගලික මුදල් පවා යොදවනු ඇති. දැන් මං තනිව මේ සභාව අමතන්නේ සෙසු සියලු ගුරුවරුන් තව සති කිහිපයකින් පැවැත්වෙන විභාග වෙනුවෙන් අවශ්‍ය පාඩම් කටයුතු සම්පූර්ණ කිරීමේ නිරත වන නිසා. 


විශේෂයෙන් ම අපේ වැඩිහිටි ගුරුවර ගුරුවරියන්ගේ විශ්‍රාම වැටුපෙන් සැලකිය යුතු කොටසක් මාසිකව යෙදවෙන්නේ දරුවන්ගේ කටයුතු සඳහා ශිෂ්‍ය නායක මණ්ඩලය හරහා යෙදවෙන ප්‍රදානයන් වෙනුවෙන්. සැබෑ ජීවිතයේ දී ඔවුන් ආච්චි සීයාවරුන්. ඉතිං කවදාවත් එයාලා දරුවන්ට නැහැ බැහැ කියන්න දරුවො අසතුටින් තියන්න කැමති නෑ. ගෙදර දි වුනත් ඔබ ගැහුවොත් බැන්නොත් හරි දරුවො දුවලා යන්නෙ ආච්චි සීයලා ළඟට. ඒ අය බොහෝ ත්‍යාගශීලීයි.
අපේ කාලෙ මෙහෙම නෑ හාමුදුරුවනේ...

අපි මේ සටන් කරන්නේ අපි වෙනුවෙන් නොවෙයි. ඉරට ගිහින් එන්න නොවෙයි. ඔව් ලෝකෙ වටේ යන්න නොවෙයි..! අපිට තාම දරුවන් නැති නිසා මේ බුදුහාමුදුරුවො කියාපු පුත්ථා වත්ථු මනුස්සානං වෙනුවෙන්. නොඑසේ නම් ඔබේ දරුවන් වෙනුවෙන්. දෙමාපියන් හැටියට ඔබෙන්, මේ ව්‍යාපෘතියේ භාරකරු හැටියට මා අපේක්ෂා කරන්නේ අපි හා එක්ව වැඩ කළ හැකි ශක්තිමත් කණ්ඩායමක් ගොඩනඟා ගැනීම. ඔබ හිතනවා නම් අප මේ රැස්වීම කැඳවීමේ අරමුණ දෙමාපියන්ගෙන් ආධාර එක් කිරීමටය කියා ඔබට වැරදීමක් වෙලා. එහෙම බැති ගී කියන ළමුන්ගෙන් නියමිත මුදලක් එකතු කිරීම අපේ ක්‍රමයට විරුද්ධයි. ප්‍රධානාචාර්ය හිමියන් තදින් ම ඒ වාරණය අප වෙත පනවා ඇති බව කිව යුතුයි.

නෑ අපට අවශ්‍ය වන්නේ මේ දරුවන්ගේ වගකීම ඔබ හා බෙදා ගැනීමටයි. මේ කතා කරනා පොසොන් පොහොය දිනයේ දී පන්සලට එක් රැස්වන ජනකාය අති විශාලයි. එක දරුවෙක් හෝ නැති වුනොත්, වැළහුනොත් එහි බරපතලකම අපට හිතාගන්නවත් බෑ. ගුරුවරුන් පවා බැති ගී ගායනා කිරීම නිසා ඔවුන් මත සමස්ත වගකීම පැවරීම කිසිසේත් කළ නොහැකියි. එසේනම් ඒ ඒ බැති ගී කණ්ඩායම් වෙනුවෙන් වගකියන දෙමාපිය කමිටු පත් කරගැනීම අත්‍යවශ්‍යයි. මගේ දරුවන් නැවත නියමිත භාරකරුවන්ට භාර දෙන තෙක් රැකබලා ගැනීම, ඔවුන්ට ආහාර පාන බෙදා දීම, ඔවුන් පෙළ ගැස්වීම, ඔවුන් අතට ගන්නා මල් මාලා, ඉටිපන්දම් හෝ වෙනයම් උපකරණ සකසා දීම, කුඩා දරුවන්ට වැසිකිලි පහසුකම් සැලසීම ආදී සියලු සත්කාරක සේවා ඒ ඒ බැති ගී කණ්ඩායම් නියෝජනය කරනා දෙමාපියවරුන් දැරිය යුතුයි. කෙටියෙන් කිවහොත් අදාළ දෙමාපියන් වේදිකාවට ද නැඟිය යුතු අතර වේදිකාව මත අදාළ කණ්ඩායම සමඟ රැඳී සිටිය යුතු බැවින් මව්වරුන් සාරියෙන් සහ පියවරුන් ජාතික ඇඳුමෙන් සහභාගී විය යුතුයි. එක් කණ්ඩායමක් දෙමාපියන් දහයකින් සමන්විත වනු ඇති. සංග්‍රහ කමිටුවට තවත් දෙමාපියන් විස්සක් පත් කෙරේ. ඔවුන් රිමාර්කෝ බේකර්ස් අනුග්‍රහයෙන් ලබා දෙන කෑම බීම බෙදා දීම, නෙස්කැෆේ සෑදීම සහ ආරාධිත සංග්‍රහයන් බෙදා දීම සිදු කරනු ඇති.     

නාමයෝජනා බාර දීම දැන් ඇරඹුනා. එන්න නම් පුළුවන් ඒත් ඇඳුම තමා ප්‍රශ්නේ නේද තාත්තලා. එක දවසයිනේ වෙනසකටත් එකක සරමට බහිමු. මේ මං දැනුත් බැහැලානේ ඉන්නේ. එහෙම කිව්ව විතරයි දෙමාපියො ඉක්මණින් ඉදිරිපත් වුනා. මේ සභාවේ කවුරුන් හෝ මූල්‍යමය පරිත්‍යාගක්, හට් පුටු වේදිකා වෙනුවෙන් අනුග්‍රහයක් කිරීමට හෝ ශ්‍රම දායකත්වයට අමතර වෙනත් කවර ආකාරයක හෝ පරිත්‍යාගයක් කිරීමට සතුටින් භාර ගනී නම් මේ රැස්වීමෙන් පසුව මා හමුවීමට පුළුවන්. ඒ වගේ ම මේ සියලු දෙනාට බැතිගී ප්‍රසංගය සඳහා බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නටත් මෙය අවස්ථාවක් කරගන්නවා. කමිටුවට නම් ලබා දුන් දෙමාපියන් තවත් විනාඩි කිහිපයක් මෙහි රැඳෙන්න. පැමිණි ඔබට තෙරුවන් සරණයි..! කෝමද බබා පාර්ට් එක? සලලලලා සැගී...

අතිගරු දරණගම ඤාණසිරි අපේ නායක හාමුදුරුවන්වහසේ..
කමිටුව රැස් වුනා ම ඒ අය තමුන්ගේ වගකීම් ගැන සාකච්ඡා කළා. දෙමාපියන් නෙලුම් මල් සපයා දීමත්  භාර ගත්ත නිසා අපට බොහෝ ඉස්පාසුවක් වුනා. කොටින් ම ඇවරිතුමාට ඉතුරු වුනේ ඩෙකෝ, පුටු, හට්, කැනපි, බැක්ඩ්‍රොප් ගැන පුංචි පුංචි හිසරද ටිකක් විතරයි. ඒතක් බැක්ඩ්‍රොප් මිහින්තලාව, පුටු සීයත් මගේ අතේ තිබුණා. ඩෙකෝ සිරිපාලතුමා භාර ගත්තා. බැක්ඩ්‍රොප් එක කෝමත් ඇවරිතුමා ම තමා ගහන්නේ. ඒකෙ අවුලක් ම නෑ.

ලොක්කා වුනා ම ෆුල් රිලැක්ස් එකේ හැමෝ ම එක්ක හිනාවෙලා ෆන් ගනිමින් ඩොප්පි නකන් තාලෙට පිස්සු කෙලින්නේ ඔය වගේ ඉන් ඩීටේල් වැඩ බෙදා දීම නිසා. හෝම්වර්ක් ඕල් ඩන් බේබි. මේරේ ලෝකෝකා හන්ඩ්‍රඩ් පසන්ට් ෆරෝසා හේයි. අපිට තියෙන්නේ එම්. සී. ආර් එකේ ඉඳන් වෙලාව ආවම කට්ටියව පොඩ්ඩක් කොනිත්තන්න විතරයි. වැඩේ කෙරිලා ඇති. මේ උන්කා ගුලාම් හේයි. ලේකින් උන්කා අස්ලී මාලික් හේයි මාලික් යාර්...!
මේ ඇවරිපිතාගේ පහන් සංවේගයට පත් වු මොහොතක්...