Sunday, February 23, 2020

දෙමාපිය රැස්වීම හෙවත් 2020ට වැඩ ඇල්ලීම...



පහුගිය දවස්වල ඇවරිතුමාට වුන දැකපු කරපු කියපු දේවල් බ්ලොගේ ලියන්න බැරි වුන නිසා සාංකාවෙන් හිටිය දෝ මන්දා. මොක ද ඒ තරම් ම හැපනින් සහ ඔකරින්ස් ටිකක් අපි වටේ සිද්ධ වෙලා තිබුණා. මේ ඔක්කොම පටාන් ගත්තේ දෙමාපිය රැස්වීමත් එක්ක. දෙමාපිය රැස්වීම කියන්නේ වසරක නිල උත්සවයක්. අපේ ධර්ම විද්‍යාලයේ ලොකු ම හයිය තමා මේ දෙමාපිය සම්පත වසර පුරා ම තියෙන නිල උත්සව සංවිධානයේ දී ඒ ඇත්තො ලබා දෙන දායකත්වය ඉතා විශාලයි.

මේ දෙමාපිය රැස්වීම පැවැත්වෙන්නේ සාමාන්‍යයෙන් වර්ෂයේ නිල උත්සව සංවිධානය කරගන්න වසර සැලසුම එළිදැක්වීමට සහ ඒ වෙනුවෙන් ඇතුළත් විය යුතු නිල යෝජනා මොනවා ද යන්න විස්තර කරන්න. මෙවර දෙමාපිය රැස්වීමට මල්ටි මීඩියා මගින් කුඩා ඉදිරිපත් කිරීමක් කළ යුතු බවට යෝජනා කළ ඇවරිතුමා පහුගිය වසරවල කරන ලද බොහෝ ව්‍යාපෘති වල ඡායාරූප ඉදිරිපත් කරමින් ඒ පිළිබඳ තමන්ගේ කතාවේ දී පැහැදිලි කිරීමක් කළා.

එහිදී ධර්ම විද්‍යාලය තුළ ඉංග්‍රීසි මාධ්‍ය පන්ති ආරම්භය පිළිබඳ සාකච්ඡා කිරීම ප්‍රධාන යෝජනාවක්. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර පාසල් දරුවන් වෙනුවෙන් මේ සද්කාර්ය අප විසින් සිදු කළ යුතුව තිබෙනවා. මොක ද බහුතරයක් ඇවරිතුමාගේ සමකාලීන මිත්‍රයන්ගේ දරුවන් පවා දැන් අධ්‍යාපනය ලබන්නේ ජාත්‍යන්තර පාසල් වලින්. දෙමාපියන් ගමේ පන්සල ආශ්‍රය නිශ්‍රය කරගෙන සැඳැහැති දායකයන් ලෙස දාන මාන පින්කම් ආදියට සහභාගී වුනාට මේ මාධ්‍ය වෙනස නිසා ඒ අක් මුල් සිඳෙන තැනකට ඇවිත් තියෙනවා. එතකොට  එතනින් දුරස් වෙන ගමේ පන්සලත් එක්ක තියෙන නෑකම තුන්වෙනි පරම්පරාව මඟහරින්නේ නිරායාසයෙන්.

අපිට ඒ දායකයන්ගේ දරුවොත් දරුවො නිසාත්, අපෙන් දුරස් වෙන්නේ අපේ ම හතර පේරුවේ කුළුපග දායකයො නිසාත් විශේෂ කැපකිරීමක් දරලා අවම වශයෙන් එක් පන්තියක් හෝ 2020 ආරම්භ කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවට ඇවැරිතුමා පෙරදැක්මක් මේ දෙමාපිය රැස්වීමෙදී ඉදිරිපත් කරනවා. විශේෂයෙන් ම එහිදී අපේ මිනෝලියානෝගේ දූ සිඟිත්ත නිසා වැඩේ කඩිනම් කළ යුතුව තියෙනවා. දූ එවන්නේ පන්තියක් දානවනම් විතරයි කියලා සද්ද දාපු මිනෝලි දුව එන කාලෙට ඉංග්‍රීසි පන්තියක් පටන් ගන්නත් කැමැත්ත පළ කරනවා හැබැයි මේ 2022 දී. කෝමත් වේගයෙන් දුවන අශ්වයා තරගය දිනන නිසාත් ඇවරිතුමා උපාය මාර්ගික වශයෙන් ඉදිරිය ගැන හිතලා වැඩ කරන නිසාත් තාමත් පෙර පාසල් යන දුවා දරුවන් වෙනුවෙන් අපි දැන්ම ආයෝජනයන් සිදු කළ යුතුය කියන තැන ඉඳන් මේ යෝජනාව ඉදිරිපත් කළා.

ඊට අමතරව ධර්ම විද්‍යාලයේ ශිෂ්‍ය සමිති ශක්තිමත් කිරීම ගැනත් යෝජනාවක් සම්මත කළා. ඇත්තට ම ඇවරිතුමා සභාවේ කතා කරද්දි, අපිට ඉහළ ශ්‍රේණිවල හිටි පහළ අපේ පැරණි ධර්ම ශාලාවේ උළු ගැළවෙන්න වගේ කතා කරපු මහා දැවැත්ත කථික පෞරුෂයන් දෙමාපියන් වෙලා රැස්වීමේ වාඩිවෙලා හිටියා. කොටින්ම කිව්වොත් ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකු වුන ආර්. ප්‍රේමදාස මහත්තයාත් අපේ ධර්ම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. එතුමාගේ එවකට පන්තිභාර සුදෝසුදු කාව්‍ය පන්තියේ කර්තෘ කේයස් හෙවත් සාගර පලන්සූරිය මහත්තයා ශිෂ්‍ය සමිතියක දී කතාවක් භාර දුන්නාම ප්‍රේමදාස ශිෂ්‍යයා ඩෙස්කුවක් යට හැංගිලා ඉඳලා තියෙනවා. නමුත් ඊළඟ සමිති වාරයේදී ඉතාමත් චතුර ලෙස හරවත් කතාවක් ඉදිරිපත් කරලා තිබුණා. අන්තිමේදී නතර වුනේ ජනාධිපතිවරයෙන් වෙලා. එහි හිටි දෙමාපියන්ගෙන් ඇවරිතුමා ප්‍රශ්න කළේ අවසන වශයෙන් දරුවන්ගේ ශිෂ්‍ය සමිතිය සඳහා වන ඉදිරිපත් කිරීමක ගෙදරදී කෙරෙන පෙර පුහුණුවක් දෙමාපියන් විසින් නිරීක්ෂණය කළේ කවදාද කියලයි. එහි සිටි බොහෝ දෙනා මේ ශිෂ්‍ය සමිති ව්‍යාපාරය ගැන තොරතුරු දැනුවත්ව සිටියේත් නෑ.

අනිත් කාරණාව තරග දක්ෂතාවයන් සඳහා අවශ්‍ය සූදානම. අපි කලාපයේ පළමු ධර්ම විද්‍යාලය ලෙස බෞද්ධ කටයුතු තරගාවලී ජයග්‍රහණය කරන්නේ ඊට ම විශේෂයෙන් උනන්දු වන දරුවන් පුහුණු කරන කැපවූ සමස්ත ගුරුමණ්ඩලයක් සිටින නිසා. දෙමාපියන් කළ යුතුතේ සුළු හෝ හැකියාවක් හඳුනාගෙන දරුවන් අදාළ ගුරුභවතුන් වෙත භාර දීම පමණයි. එතැන් සිට අවශ්‍ය පුහුණුවීම් නොමිලේ ම බලා දෙමින්, ඇතැම් විට ආහාර, ඉඳුම් හිටුම් පවා ලබා දෙමින් අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් සපයමින්, බරපැන දරමින් දරුවන් ජයග්‍රහණ සඳහා යොමු කරවනා ගුරු මණ්ඩලයක් අප සතුවනවා. ඒක තවත් නොමිලේ සැපයෙනා සේවාවක්.

ඒවගේ ම 2020 දී අප ආරම්භ කළ මනෝ උපදේශන සේවාව ඉතා ම සාර්ථක වූ බව කිව යුතුයි. ගුරු මණ්ඩල සභිකයන් දරුවන්ගේ ප්‍රශ්නවලට ඇහුම්කම් දෙන අතර ඊට අදාළ නිසි මඟපෙන්වීම් සිදු කරනු ලබනවා. ඕනෑම දරුවකුට මේ සේවාව සඳහා කාර්යාලයෙන් අවශ්‍ය වෙලාව වෙන් කිරීමක් සිදු කරගත හැකියි. එය සමථ මණ්ඩලයක් හා සමානයි. ගුරුවරුන් තමන්ට ලැබෙන සිද්ධි අධ්‍යයනය කරලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරනවා. ඉන් ප්‍රතිඵල ලබා ගත් දරුවන් බොහෝ වෙනවා. මුලින් ම අපේ ශිෂ්‍ය නායක මුළුවට මේ සේවාව ලබා දුන්නත් දැන් අපි සමස්ත ධර්ම විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් මේ සේවාව නොමිලේ ලබා දීමට තරම් ශක්තිමත් වෙලා තියෙනවා.

ඊට අමතරව වැඩිහිටි දරුවන් වෙනුවෙන් අවශ්‍ය වෘත්තිය මඟපෙන්වීම සහ වෘත්තිකයන්ගේ උපදෙස් ලබා ගැනීමට දරුවන් යොමු කරවීම අපේ තවත් මූලික සේවාවක්. අපි දතක් ගළවාගන්න පශු වෛද්‍යවරයෙක් චැනල් නොකරනවා වගේ වෛද්‍යවරයෙක් වෙන්න බලාපොරොත්තු වන දරුවකුට අවශ්‍යය උසස් අධ්‍යාපනික උපදෙසක් වෙතොත් අපි අපේ වෛද්‍යවරයෙක්ට දරුවා සම්බන්ධ කරනවා. අනිත් මොනයම් ක්ෂේත්‍රයක් වෙනුවෙන් වුනත් එහෙමයි. මොක ද අපේ ඩේටාබේස් එකේ වෘත්තිකයන් පන්සියයක් විතර ඉන්නවා. 2020 හැම උදේ රැස්වීමක ම ආදි ශිෂ්‍යයෙක් ඔබ අමතයි කියලා පොඩි ප්‍රවර්ධන වැඩකුත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙම කෙනෙක් එක ඉරිදාවක උදේ රැස්වීමට ඇවිත් එයා වගේ වෙන්නේ කෝම ද කියලා අපිට කියනවා. හරි අපූරු සංකල්පයක්.

මෙදා දෙමාපිය රැස්වීමේ දී විශේෂයෙන් අවධාරණය කළ අංශ අතර ප්‍රධාන අවධානයක් යොමු වුනේ වෙසක් දානය සඳහා අදාළ දනෝපකරණ බෙදා දීම වෙනුවෙන්. අප්‍රේල් මාසය සහ මැයි මාසය වෙනුවෙන් කෙරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ කුමන ආකාරයේ හදිසි තත්ත්වයක් ඇති වුවත් දාන කටයුතු සඳහා පෙර සූදානමක් අවශ්‍ය වූ නිසා අපි කලින් ම දානෝපකරණ බෙදා දීමට තීරණය කරනවා. පළමු වාර නිවාඩුව මාර්තු 13වනදා ලබා දීම සහ පාසල් දහම් පාසල් වසා දැමීම යන කාරණාව උඩ වුනත් වෙසක් දානය සහ දරුවන් ගේ දානය සඳහා අවශ්‍ය සියලු ම දානෝපකරණ අපි මේ වෙද්දිත් බෙදා දී අවසන්. අවධානමට පෙර සූදානම කියන්නේ ඒක තමා.
 

2020 ආරම්භය අපි රොක් කළේ මේන් මේ විදිහේ අලුත් දේවල් ගොඩක් එක්ක. රටේ පවත්නා වත්මන් තත්ත්වය හමුවේ මේ දේවල් කොහොම වුනත් අපි ස්ථිර වැඩසටහනක ඉන්නවා. ඇවරිතුමාට තියෙන ලොකුම දුක තමා මේ ශිෂ්‍ය නායක මුළුව සම්බන්ධයෙන් පවත්නා අවිනිශ්චිත තත්ත්වය. ඇත්තට ම අපි ඒ වෙනුවෙන් සාධනීය මැදිහත්වීමක් කර නැති නිසා 2020 දී ටිකක් ඒ ගැන විශේෂ අවධානයක් දෙන්නත් බලාපොරොත්තු වෙනවා.


Tuesday, February 18, 2020

බබා පාර්ට් එකෙන් පවුල ම ගොඩ දැමීම හෙවත් හාරත රැජින හා නාටක බැලීම 2




නාට්‍යයේ සිහිය නැතුව ඉන්න ශිෂ්‍යයා සිහිය එද්දි පොඩි ළමයෙක් වාගෙ වෙයි කියන නිසා සුප් පොවමින් රාළහාමිලා දෙන්නා ආදරණීය පරිසරයක් දරුවා වෙන්වෙන් නිර්මාණය කරලා තියෙනවා. කොල්ලාට සිහිට එන වාරයක් වාරයක් පාසා පේළි පේළි පේළි සැදී ඇත්තු ඇදෙනවා සින්දුවට ඒ අය නටනවා. ඔය අතරේ ගෙදර අය එනවා. පවුලේ ඛේදවාචකය වුනත් සැපක් කරගන්න ඒ අය තමුන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර දිගහරිනවා. කොල්ලට සිහිය නැතත් යාන්ත්‍රණය විසින් මොළ ශෝධනය කොට සිහින මාළිගා විවර කර දීමෙන් ඒ අය තමන්ගේ ඕනෑ එපාකම්වලට කොල්ලාව ඉත්තෙක් කරගන්න හැටි අපූරුවට පෙන්නවා. පවුලේ තත්තා මයුර අයියාත් අම්මා සුලෝචනා අක්කාත් මාර ෂාර්ප්. ඊට දෙවැනි නෑ දුව නදීෂා. පිස්සු හැදෙනවා හෑ..!

එයාට මුලින් මදුරුවන්ට පවා ආදරය කරන්න උගන්වන්න ඕන. දේවල් හොඳට තේරෙනකොට මැරුවට ප්‍රශ්නයක් නෑ කිව්ව ම හරි.

හොඳම වැඩේ බලද්දි එයාලාටත් ආර්මි ට්‍රේනින්ග් එකක් දීලා. හැබැයි ට්‍රේනින්ග් එක මගදි නවතිනවා. පස්සේ දැනගත්තා ම එයාලාටත් ට්‍රේනින්ග් දීලා තියෙන්නේ එච්චරයි. හේ හේ... අන්න එතන දී පොලිස් කාරයොත් මනුස්සයො නේද කියලා හිතෙනවා. ඒ අතරේ සිහිය දෙන්න දොස්තර එනවා. ඒ විශ්ව ශක්තිය ආරෝපණය කරලා. විද්‍යාව අභිබවන මිත්‍යාවට අපි කොච්චර වහල් වෙලා ද කියලා දොස්තර මහත්තයාගේ ජවනිකාවලින් පේනවා. 

උඹලා පාතාලේ නෙවෙයි කියලා මට විශ්වාසයි. නැත්නම් මට මෙච්චර කියවන්න දෙන්නෙ නෑනේ?

නමුත් දොස්තරත් තුවක්කුවක් තියාගෙන හිටියේ. එයාලටත් සිස්ටම් එක එච්චරට පත්තියම් වෙලා. විශ්ව ශක්තිය බර කරලා දීලා කොල්ලාට සිහිය ගන්නවා. නමුත් කොල්ලා පොඩි එකෙක් වෙන්නේ නෑ. පවුලේ හැමෝ ම බල කළත් කොල්ලා කියන්නේ තමුන්ට ගැහුවේ පොලිසියෙන් කියලා. දැන් බබා වගේ ඉඳලා මේ පවුල ගොඩ දැමීම උගේ වගකීමක් වෙලා. පෙරපාසල් ගුරුවරියක වන ගෙදර දුව නදීෂා මල්ලීට දෙන පනිෂ්මනට් එකත් නියමයි.

අන්තිමේ දී කර්නල් ඇවිත් පවුලේ ම අය තවත් නටවනවා. එයාගෙත් ඇජෙන්ඩාවක් තියෙනවා කුලපති වෙන්න. එයාගේ හෘද සාක්ෂිය ඇත්ත මොකක්ද තමුන් කෝම ද කර්නල් වුනේ කියලත් දන්නවනේ!! කර්නල් ගියාම කොස්තාපල්ලා දෙන්නත් යනවා. හැබැයි ඇත්ත කියලා. සීසීටීවී වලින් හැමෝම බලා සිටි නිසා පවුලේ අය රජය රැවැට්ටූ බව එයාලා කියනවා. ඒ සමඟින් එන ඇමතුමෙන් කියැවෙන්නේත් ඒ දර්ශන මාධ්‍යට නිකුත් කරන බව සහ කටඇරියොත් පවුල ම විනාශ කරන බවයි.

අවසානයේ දී විකල්පය වෙන්නේ කොල්ලට සිහිය අරන් ලෝකෙට ඇත්ත කියන එකයි. නමුත් ඒ වෙද්දි කොල්ල ආයෙත් පොඩි දරුවෙක් වෙලා.   

ලහිරු මාඩිවිල අයියාගේ සංගීතේ අපි ඇහුවේ ඩී.එච් එකේ වුනාට ලහිරු අයියා (ඔව් ඒ කොණ්ඩකාරයා තමා) පේන්න හිටියේ නෑ. අමා විජේසේකර අක්කාගේ කොස්ටියුම්ස්. හොඳ ම කතාව ඇවරි නයිට් රයිඩර් බලන්න ගියපු දවසේ ෆෙස්ටිවල් එක හොල්ලපු සෞකලාවියේ ගැන්සිය ම බැහැලා තිබුණා. නමුත් ලේකම්මිටය නිසා ඒ අයට වේව් කරන්න විතරයි වෙලාවක් තිබුණේ. ඇවරිට ධවලෙන් තෝසයක් කන්න නම් ගොඩක් ඕනවුනා. පොදු පරීක්ෂණේ දවසේ කාලා බිල නොගෙවා දුවලා මාරු වුන එකට දැන්වත් සාධාරණයක් ඉෂ්ට කරන්න එපෑයැ! දන්න කාලෙ ඉඳන් ඉන්න අරවානලා බල බල අපි කෑවා. ආහ් අරවානා කිව්ව ම මතක් වුනේ. දැන් ඇවරිලාගේ ගෙදරත් අරවානෙක් ඉන්නවා. සිරිපාලතුමා ගෙනැත්. සාලෙ මැද ටැංකියේ. ඇවරිමාතාව තමා එයාවත් බලා ගන්නේ. මාළුන්ට ඉතිං බුරන්නත් බැරි වුනාට මාර ලීලයක් තමා පාන්නේ.

එදා ඇවරිතුමා නෙප්ලන්තයට එද්දි රෑ දහයයි. ආයෙත් පහුවදා දේශන. හතරට නැඟිටින්න ඕනෑ. කොච්චර මහන්සි වුනත් වැදගත් වැඩක් වැදගත් විදියට ප්ලෑන් කරන්න ගිහින් ඇණගත්තු ලේකමී ඇතුළු සියලු ම දෙනාට කෘතවේදී මෙව්වා එක පිරිනමමින් 2020 රාජ්‍ය නාට්‍ය උළෙලේ ආරම්භක නාටකය ගිනි ගිනි මාලේ මෙයින් නිමා කරනවා!

Sunday, February 16, 2020

2020 දී කලාබර බුවෙක් වීම හෙවත් හාරත රැජින හා නාටක බැලීම...1



2020 කියනනේ ම සෑහෙන්න කික් එකක් තියෙන අවුරුද්දක්. ඇවරිතුමා කොච්චර කලාබර වුනත් වෙලාව හරස් වෙන නිසා නිවීසැනසිල්ලේ චිත්‍රපටියක් නායටකයක් හේම බලන්න ලැබෙන වෙලාවල් ගොඩක් අඩුයි. හැබැයි කලින් කිව්ව වගේ කොන්සර්ට් නම් ටිකක් බැලෙනවා. වවුලගේ ගෙදර ගියා ම එල්ලිලා ඉන්න ඕන වගේ, නාට්‍ය කාරයො එක්ක හිටියා ම ඒවට යන්න වෙන එක සාමාන්‍යයි. අනික් කාරණේ 2020 දී ඇවරිතුමා අගනුවරට සම්ප්‍රාප්ත වුන නිසා අගනුවර කලා කටයුතු එක්ක පොඩ්ඩක් ලයින් එකේ ඉන්න වෙලාවක් ලැබුණා. රාජ්‍ය නාට්‍ය උළෙල 2020 බලන්න සෙට් වෙන්නේත් එහෙම.

එච්චර කැප කිරීමකින් නාට්‍යක් බලපු කාලයක් මතක් වෙන්නේ ම නෑ. උළෙල පටාන් ගත්තු සෙනසුරාදාවේ ඇවරිතුමාට ලෙක්චර්ස් වැටෙනවා කුලියාපිටියේ, හවස හතරට දේශන ඉවර කරලා කෙලින් ම එල්ෆින්ස්ටන් ඇවිත් සවස 6.30 නාට්‍ය බලන්න සියලු කටයුතු සංවිධානය කරන්නෙ ඇවරිතුමාගේ විධායක ලේකම්තුමිය විසින්. හැබැයි කාරියකරවන උත්තමාවියට අපේ අමාත්‍යංශ පරිශ්‍රය වන බත්තරමුල්ලේ සිට මරදානට එන්න ගිය වෙලාවට කලින් ඇවරිතුමා කුළියාපිටියේ සිට මරදානට ආ බවත් ලියා තියන්න ඕන. ඇවරි රාජ්‍ය නාට්‍ය උළෙල බලන්නේ ගොඩාක් පොඩි කාලෙ ඉඳන්. ඒ ඇත්තට ම අප්පච්චි නිසා. අප්පච්චිට ආරාධනා ලැබෙනවා. රාජ්‍ය සේවකයොනේ බේබි. නමුත් ලොකු වුනාට පස්සේ ඒ පුරුදු අතහැරෙන්නේ ආදරණීය නගරය වන මරියකඩේ අතහැරීමත් එක්ක. පොෂ් වෙලා අවුරුදු හයක් ම මවුන්ට් ලැවිනියාවේ තපිද්දි කොළඹ දූවිල්ල අමතක වෙනවා. හැබැයි ආයෙත් බේරේ වැවේ පල් ගඳට ආදරේ කරද්දි ඕන් මරියකඩේ, ධවලේ හිල ඇති උළුඳු වඩේ රහ දැනෙන්න ගන්නවා. නාට්‍ය උළෙලත් එහෙමයි හතළිස් අට වන නාට්‍ය උළෙල කිව්ව ම පොඩි ද නේද?

ලේකමී පිස්සුවක් නටලා ෆ්‍රී සීටින් වාසිය නොගත් නිසා ටිකක් අමනාපයෙන් සිටියත් ලාබසිනා කෝමත් ඒ වගේ හාර්ට් ඇටෑක් දෙන නිසා ඉවසා වදාරාගෙන දකුණු කෙළවරක ජාතික රූපවාහිනී කෲ එකත් එක්ක වාඩි වුනා. කේ. බී හේරත්, ශ්‍රියන්ත මෙන්ඩිස්, වසන්ති චතුරානි සහ යශෝධා විමලධර්ම (ලේකම්තැන කියන හැටියට හැමදාම එකවගේ නිළිය) ආරාධිතයන් විදියට එකතු වුනා. ආහ් අපි ගිනි ගිනි බෝලේ තමා අද බලන්නේ....? නෑ කිරි කිරි බෝලේ... පිස්සු ද හැටි ද අෆ්පා... ගිනි ගිනි මාලේ. කෝ මගේ ටිකට් එක? මං ළඟ දෙක ම ඔයා කලින් ආවේ නෑනේ ටිකට් ගන්න. කෝ කෝ මෙහාට දෙන්න දැන් චෙකර්ස්ලා ආවොත් මට පෙන්නන්න එකක් නැති වෙනවා. හිතුවා ද අපි මේ කෝච්චියේ යනවා කියලා? ඇත්තට ම මීට කලින් ස්ටේඡ් ඩ්‍රාමා බලලා ම නැද්ද? ආහ් මේ සෑර්.. නිකන් වාත වෙන්න එපා මං රාජිත සේනාරත්නගේ නාට්‍ය හැම එක ම බලලා තියෙනවා. හා හා දැන් රාජිත තමා ඔයාගෙ වීරයා? නෑ අනේ ශේක්ස්පියර්! හත්වලාමේ ප්ලාස්ටරයක් ගන්න බැරි වුන හැටි මේකිගේ කට වහන්න!

උළෙල ඇරඹුනේ අවසන් වටයට නිර්දේශ වීම වෙනුවෙන් අධ්‍යක්ෂක සුදත් අබේසිරි වෙත සම්මාන පිරිනැමීමෙන්. නාට්‍යයේ තේමාව ඉතා ම කාලෝචිතයි. වැඩ කරන අපේ විරුවා ඉන්න රටේ, යුද්ධයක් දිනපු ආරක්ෂක ලේකම් කෙනෙක් පාලනය කරන, යුද්ධ හමුදාපති කෙනෙක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වන යුද්ධය දිනපු සෙන්පතියෙක් යුධ හමුදාපතිවන ලංකාවේ සිවිල් වැසියන්ට යුධ පුහුණුව කියන්නේ කජු කනවා වගේ ලේසියෙන් දෙන්න පුළුවන් ට්‍රේනින්ග් එකක්. වීරයෙක් කියන්නේ ම සෙබළෙක්. හැම සෙබළෙක් ම ජීවන අරගලයට මුහුණ දෙනවා. ඒක නිසා යුධ පුහුණුව අනිවාර්ය කළ යුතුයි කියලා හැම රට වැසියෙක් ම ගෝට්ෆාදර්ගේ ඩෙමොන්ස්ට්‍රේෂන් සයිට් එකේ ඊළඟ නිදහස් දවසට ජාතික කොඩියත් අරං හිටන්නවා සිකුරුයි.

වීරයා මැරිලා ද නැත්නම් වීරයා මරලා ද කියලා හිතාගන්න බැරි වෙන්නේ මේ අය දාගෙන තියෙන ඩීල් ඒ තරම් ම සංකීර්ණ නිසා. නාටකේ පටන් ගත්තේ දියව් දියව් කියාගෙන යන පෙළපාලියකින්. කපා කපා කෑලි කපා... ලේකමී දඩ අලිච්චියෙක් වුනාට පිකට් එකේ වචන කටපාඩම් වීම ගැන ඇවරි පුදුම වුනා. ඒ කාලෙ එක ම පිකට් එකකටවත් නොගිහින් කසගස් සෙවණේ තුත්තිරි ගළවපු කොළඹ කඩේ අලි කෙල්ලො දැන් පිකට් එකක් ඇහුණත් දියව් දියව් ගානවා. මට බෑ සාන්ත. පිකට් එකේ දී පහර දීමකින් රෝහල්ගත වන විශ්ව විද්‍යාල ශිෂ්‍යයා ළඟ ඉන්න පොලිස් රාළහාමිලා දෙන්න තමා කතාව පටන් ගන්නේ. කොල්ලට ගහන්නේ පොලීසියෙන් වුනාට කොල්ලා ගහන්න එපා කියලා යාළුවන්ගේ නම් කියන නිසා උන්වත් කූඩුවේ දානවා.


හාරත රැජින මොනවාදෝ අන්ධකාරයේම කියවමින් නාටකේ රසවින්දා. හැබැයි එළියට ආවා ම නම් ඈට සෑහෙන්න දේවල් කියන්න තිබුණා. සිදුවූ ප්‍රමාද දෝෂයට සමාව භාජනය කිරීම හැරුණු කොට. ඒ ගැන ගිනි ගිනි මාලේ දෙවන කොටසින් ඩීල් දැමීමේ කෙළ පැමිණි අය ඇණගන්නා හැටි බලමු...





Friday, February 7, 2020

2020 නිදහස් දින සැමරුම හෙවත් අලුත් හුස්මක් ළය පුරා විඳීම...


විස්සයි විස්ස කියන්නේ ටිකක් රොකින් අවුරුදක්නේ, සරම නොඅඳින, අත්කොට කමිස අඳින ජනාධිපති කෙනෙක් ඉන්න රටක විස්සයි විස්සේ නිදහස කියන්නේ හැබෑම සුවිශේෂී එකක්. හැබැයි මෙදාපාර නිදහස් දවසේ ගෙදරට වෙලා නිදහසේ ඉන්නවාට වඩා වටිනා කටයුතුත්තක් වෙනුවෙන් වැය කරන්න ඇවරි හිතුවා. සාමාන්‍යයෙන් නිදහස් දවස් කියන්නේ පුල් මාවලස් දවස් තමා. 

ඇවරිතුමාට මතක හිටින නිදහස් දවස් හැටියට සුනාමියෙන් පස්සේ ආපු නිදහස් දවස ම මීටියාගොඩ පොලීසියේ ගත කරපු එකයි, ලොකු අක්කා කාර් එක හප්පගෙන බොරැල්ල පොලීසියේ ගත කරපු නිදහස් දවසයි ඇත්තට ම නිදහස් උත්සවයක් නරඹපු අවුරුද්දයි විශේෂයි. මෙදා ගුරු පුහුණු වැඩසටහන අපේ ප්‍රධානාචාර්ය හාමුදුරුවන්ගේ අදහසකට අනුව අප ධර්ම විද්‍යාලයේ ම ගුරු භවතුන් වෙනුවෙන් සංවිධානය කරන්නට කටයුතු යෙදුණා. අපේ හාමුදුරුවො දෙයක් හිතුවොත් ඉතිං කරලා ම තමයි නවතින්නේ. ඇත්තටම ධර්ම විද්‍යාලයත් විශාල අභියෝග මැද පවත්වාගෙන යන අතරේ ගුරු පුහුණුවක් සංවිධානය කරන්න හිතුන එක ම ලොකු දෙයක් කියලයි දේශක දෙපළ කිව්වේ.

පළමු දේශනය පැවැත්වුනේ කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ කථිකාචාර්ය මහාචාර්ය දේශප්‍රිය ගුණසේන මැතිතුමා. දහම් පාසැල් ගුරුවරයාගේ භූමිකාව ගැන එතුමා හරවත් යමක් කියාදුන්නා. හරි දැන් කවුද ඉස්සෙල්ලා ම දහම් අධ්‍යාපනය ගැන කටයුතු කළේ? ආනන්දේ අද ආනන්දයි කියාගෙන අපිත් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා විසින් ගාල්ලේ වැලිවත්තේ විජයාන්නද දහම් පාසල බිහිකිරීම ගැන ලොරි ටෝකක් දිග ඇරියා. ඒකත් අතෙකින් හරි. නමුත් දහම් අධ්‍යාපනය ලබා දීම ආරම්භ කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ම තමා. මතකනේ චරක භික්ඛවේ චාරිකං - බහුජන හිතාය සුඛාය ආදී වශවෙන් දේශනා කළා. ඒ ‍හෙයින් උන්වහන්සේ ශාස්තෘ නම් වන සේක. සත්ථා (ශාස්තෘ) සාසු + අත්ථු හෙවත් අනුශාසනා කරන්නා ශාස්ත්‍රාවරතරණය කරන්නා යන අදහසින් තමා උතුම් ගුරුවරයා ලෙස හැඳින්වෙන්නෙ. ඒ අනුව දහම් පාසල් ගුරුවරයා යනු හුදෙක් නිස්සරණාධ්‍යාශයෙන් ධර්මය දේශනා කරන්නෙක් පමණක් ම නොව ජීවිතයේ නිසි පිරිවිතරයන් සකසමින්, නිපුණතාපාදිත ඇගයීම් ඇසුරෙන් සිසුන් තුළ මනා ජීවිත පරිඥානයක් ගොඩනංවන්නෙක් හැටියට එතුමා විග්‍රහ කළා.

දැන් බුදුහාමුදුරුවන්ට තිබූ අභියෝගත් එක්ක ගත්ත ම අපි ගුරුවරු හැටියට ඇති අභියෝග මොනවාද කියලා හිතෙනවා. සමතකාලීන භාරතීය ඉගැන්වීම් අතර වූ දෙසැටක් මිත්‍යාදෘෂ්ටීන් පරදවමින්, බ්‍රහ්ම සහව්‍යතාවයට එරෙහිව මතයක් නිර්මාණය කිරීම ම සියතින් ගෙළ සිඳගැනීමක් වගේ තමා. උපනිශද් ආරාණ්‍යක චින්තනය තුළ සදාකාලික, සුනිත්‍ය, සුඛනම්‍ය ආත්මයක් ඇති බවට කෙරෙන ශාස්වතවාදී ඉැන්වීම් ප්‍රතික්ෂේප කරමින් යද නිච්චං තං අනිච්චං - තං අනත්මං තං අනිත්‍යං වශයෙන් ත්‍රිලක්ෂණය පදනම් කරගත් මෙළොව පරලොව වශයෙන් දෙළොව නිෂ්ටාවට හේතුවන පරමාර්ථ දහමක් දේශනා කළ බව මහාචාර්යතුමා තවදුරටත් පැවසුවා.



ඒ අනුව සත්ථා කියන වචනය තුළ අරමුණු තුනක් සඳහා මගපෙන්වීමක් කරනවා. ඒ පහත වශයෙන්;

දිට්ඨධම්මික - මෙලොව දියුණුවට අදාළ කාරණා දේශනා කිරීම
සම්පරායික - පරලොව දියුණුවට හේතුවන කරුණු දේශනා කිරීම
පරමත්ථේහි - පරමාර්ථ වශයෙන් නිවණ සාක්ෂාත් කිරීම

ගුරුවරුන් වශයෙන් අපහට සකස් කළ භෞතික සම්පත් දියුණු පන්තිකාමරයක් පවතින බවත් ශිෂ්‍ය සංඥාව හෙවත් හඳුනාගත් ශිෂ්‍ය ප්‍රජාවක් පවතින නමුත් බුදුන් ශිෂ්‍යාවෙතට ගොස් ඉගැන්වීම කළ බවත් ඊට සිසුන්ට ගැළපෙන උපමා භාවිතා කළ බවත් ප්‍රකාශ කළා. මහා කරුණාවෙන් ශිෂ්‍යයා වෙත සත්‍යය සාක්ෂාත් කරවීම ස+අක්ෂි එනම් තම ඇස් ඉදිරියට පමුණුවාගැනීමට තමන්ගේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයට විෂය කරගැනීමට අවකාශ සැලසූ බවත් වැඩිදුර පැහැදිළි කළා.
බටහිර අධ්‍යාපන විද්‍යාවේ එන බෙන්ජමින් බ්ලූම්ගේ න්‍යායක් බුදු දහම සමඟ ගළපන ලද්දේ මේ ආකාරයට;

ප්‍රජානන - දැනුම ලබාදීම - ධර්මය ඇසීමට සැලැස්වීම (සුනාථ)
ආවේදනික - ආකල්ප දියුණු කිරීම - ධර්මය දැරීම (ධාරේථ)
මනෝචාලක - කුසලතා දියුණු කිරීම - ධර්මයේ හැසිරීම (චරාථ) 

ශාසනික පිළිවෙතට, බෞද්ධ අධ්‍යාපන ක්‍රමයට එකඟව දරා ගැනීමේ හැකියාව ඇති මනා පෞරුෂ ගොඩනංවන්නෙක් ලෙස ගුරුවරයා හැඳින්වූ එතුමා අධ්‍යාපනය මිනිසා තව තවත් දියුණු කිරීමට යොදා ගැනෙනක් බවට ප්‍රකාශ කළා.

බුද්ධො සෝ භගවා - බෝධාය ධම්මං දේසේති 
(බුදු වූ බුදුහු අන්‍යන්ට බුදු වීමට බණ දෙසති)
දන්තෝ සෝ භගවා - දමතාය ධම්මං දේසේති 
(දමනය වූ බුහුදු ඉඳුරන් දමනයට බණ දෙසති)
සත්තෝ සෝ භගවා - සත්තාය ධම්මං දේසේති 
(සිතුවිලි ශාන්ත වූ බුදුහු සිතුවිලි ශාන්ත වනු පිණිස බණ දෙසති)
තින්නෝතෝ භගවා - තරණාය ධම්මං දේසේති 
(සසර තරණය කළ බුදුහු සසර කතරින් එතෙර වීමට බණ දෙසති)
පරිනිබ්බුතෝ සෝ භගවා - පරිනිබ්බාය ධම්මං දේසේති 
(පිරිනිවියා වූ බුදුහු පිරිනිවීම පිණිස බණ දෙසති)

තමුන් විසින් තමුන් මෙනෙහි කිරීම මගින් වඩා නිවැරදි ප්‍රතිඵල ලැබෙන බවත් අත්ථ දීපා විහරථ, අත්ථානං උපමං කත්වා, ඔවා දෙනු පරහට තමා සමතෙහි පිහිටා සිට, යථාවාදී තථාකාරී ආදී බොහෝ දහම් කොටස් අපි වෙනුවෙන් පැහැදිලි කර දුන්නා. මේ සියල්ල තුළින් ගුරුවරයා චරිතායනයට සුදුසු ආකෘතියක් වන බවයි එතුමා තහවුරු කළේ.

හිතුවට වඩා පෝස්ට් එක දික් වුන නිසා මෙතනින් නවත්තවා. මේ ඔක්කො ම අපි දවසින් ඉගෙනගත්තු දේවල්. ඇවරිතුමා සිරිතක් වශයෙන් අලුතින් ඉගෙන ගන්න දහම් කරුණු බ්ලොග් එකේ ලියනවා. සමහරවිට හත්දවසේ මතක බණක කියන පාලි ගාථාවක් වගේ වෙන්නත් පුළුවන්. ඊළඟ සලාදයෙන් ඉක්මණින් හමුවෙමු.

Thursday, January 30, 2020

ගෙම්බා සුරතල් සතෙකි හෙවත් රාජකුමාරියගේ මණ්ඩුක ව්‍රතය



මේ දවස්වල ඇවරිගේ විනෝදාංශය කතා ඇසීම, ඒක කතාන්දර ඇසීම හෝ පද ඇසීම වගේ කාරණා වලින් වෙනස් වෙන්න පුළුවන්. කෝමත් ඇවරි රටේ ම කතා අහලා තියෙන්නේ. සියලු පද අල්ලලා කස්තිරම් නටලා තිබුණත් මේ  කතා කියන්නේ ඇත්ත කතා. ඥානකතා වගේ නෙමේ. තව කිව්වොත් අර කණාමැදිරි රාත්‍රියේ සීන් හෝ අපේ රජ එෆ්.එම් කතා නෙමෙයි. අපි අලුතින් ම “How I met your mother”  සහ  “How I met your dad” සීරීස් දෙකක් ලියන් යනවා. රැන්ඩම් ඉන්ටර්විව්ස් තියෙන්නේ. වැඩියෙන් ම කතා කියන්නේ ගෑනු ළමයි. අපිව දන්න අය නම් කතා කියනවානේ පට්ට පර්සනල් ඒවා. හැබැයි නොදන්න අයත් කියනවා මේකේ. මාර රසයි ඉතිං.

දැන් මේක කියනවන ඔබේත් කතාවක් තියනවනේ. සමහරු දන්න, බහුතරය නොදන්න. දැන් ඔබට අසහනය කියලා හිතාගෙන ඔබ සුමිත්‍රයෝ ගියා නම් එයාලා දෙන ට්‍රීට්මන්ට් එකත් මේක ම තමා. ඒකාන්තර කථනය. අපි හූමිටි තියනවා. ඉතිං ඊට පස්සේ? ඕහ් කිසිම දෙයක් අහන්නැතිව ඔයත් කැමති වුනා? වගේ සක්ක කෑලි පුරවනවා. එයාලා දිගට ම කියනවා. කියනවාට වඩා ලියනවා. චැට් එකේ. මාර ෆන් ඉතිං. දැන් කියපන් ඕපදූප ගොසිප් කියලා. ඇත්ත අපිට මොක ද අපි අටසිල් උපාසක - ඉබ්බන්ගේ පුච්චන්නේ අනිත් කොණ කියන්නත් පුළුවන්.

නමුත් අවසානයේ දී ස්වයං නිගමනයකට එන්න පුළුවන් වෙනවා. ආහ් මට එයාව අත්හරින්න ම බැරි වුනා, ඒ නිසා මේම වුනා. මට ඒක ම ඕන වුනා ඒක නිසා අපිට මේම වුනා වගේ කතා අහන්න ලැබෙනවා. තවත් වැදගත් දෙයක් තමා ඒ අය එදා කරපු ඇගයුම්ශීලී ප්‍රකාශන අදටත් වලංගු ද නැද්ද? ඒවා වෙනස් වෙලා ද කියලා ඒ අයට ම හිතාගන්න ලැබෙන එක. ගෙම්බා හුරතල් සතෙකි කියලා ලව් කරන කාලෙ කිව්වට ගෙම්බා කියන තරම් හුරතල් ද කියලා තේරෙන්නෙ එක වහළක් යටට ආවම. ගෙබ්බා සුරතල් සතෙක් වෙයි කියලා හිතාගෙන රාජ කුමාරී ගෙම්බාව සිපගත්තාට ගෙම්බා කඩවසම් රාජකුමාරයෙක් වෙන්නෑ පින්වතුනි. රාජ කුමාරි ඩෙස්පරෙට් වෙනවා මිසක් ලොල්. ඒක ගෙම්බාගේ හැටි. කුමාරි තේරුම් ගන් ඕන. සමහර කතාවල රාජකුමාරි වෙන ගෙම්බෙක්ව ටෙස්ට් කරන්න ඉඹිනවා, ගෙදර එකා වෙනස් නොවුන නිසා, ඉතිං වැඩේ තවත් සංකීරණ වෙනවා.

මේකේ කතා කරන ජෝඩු හරියට සෙරෙපපු කුට්ටම් වගේ. එකකට එකක් හාත්පසින් ම වෙනස්. හැබැයි ඒ කුට්ට ම තමා මැච් වෙන්නේ. දෙන්නා ම එක ම විදිය නම් අපිට ඒ සෙරෙප්පු ජෝඩුව දාන්න බැරි වෙනවානේ. සමහර කතා වලදි එයාලා මිස් වුන තැන් හොයා ගන්නවා. හරියට අර බැන්දට පස්සේ ඔයා එක ම චිත්‍රපටියක්වත් බලන්න මාව එක්ක ගියේ නෑ කියන පොදු තර්කය වගේ. ඉතිං මාර සෙන්ටිමෙන්ටල්. මාර නොස්ටෙල්ජියාවක් ඒවගේ තියෙන්නේ. ඒ කාලෙ බබා ඔයා මේමයි. ඒකට දැන්...?

අර ස්ටේජ් ඩ්‍රාමා එකක තුමිදු දොඩන්තැන්න මේම කියනවා. මේ ලෝකේ හැම දෙයක් ම වෙනස් වෙනවා.
නිළිය - එතකොට අපේ ආදරෙත් වෙනස් වෙයි ද?
තුමිඳු - ඔව් දැනටමත්...

සල්ලිවලට හුස්ම වැටෙන ලෝකයේ කවුරුත් නැවතිලා කාගෙවත් කතා අහන් ඉන්නේ නෑ. ඕපදූප මිසක්. කාටවත් එච්චර වෙලාවක් නැති වුනත් අපිට තියෙනවා. “It’s a professional service – not else ware classified” කියලා ගහලා ම තියෙන්නෙ ඒකයි. කෝමත් නරි නෑවීම කලාවක් නම් ඇවරි එහි පිකාසෝ කෙනෙක් නිසා ප්‍රශ්නයක් ම නෑ. නැතිනම් හත්ඉලව්වේ වසලා හමරයි මෙතන.

අනිත් පැත්තෙන් උන් ආයෙත් හනිමුන් හොලිඩේස් බුක් කළා ම අපිට බිස්නස් එකක් වෙනවා. ඒවා වෙන ම කතාන්දර. කෝම නමුත් මේක කපලින් UoK එකේ තවත් දිගුවක්. කපලින් පෝස්ට් නම් තවත් දාන්න බැරි වෙයි. ඒ බැකප් එක විනාශ වුනා. ඒත් මේක වැඩ කරයි. වයින් වගේ පරණ වෙන්න වෙන්න රසයි. අපි ආකයිව් කරන්නේ හෙට ඉපදෙන්න ඉන්න පරම්පරාවට. සෝෂල් එක්ස්පරිමන්ට්ස් අපිටත් කරන්න පුළුවන් ද බලන්නයි අපි මේක ලෝන්ච් කළේ. ටිකෙන් ටික අපි දේවල් ඉගෙන ගන්නවා. දැනට හොඳයි. අපි බලමුකෝ ඉස්සරහට.    


Monday, January 27, 2020

අංජලිකා බැලීමට ලෙක්චරස් කට් කිරීම හෙවත් ඇහැට කූල් ගන්නට අයි ඩ්රොප්ස් ස්පෙක්ස් දැමීම.....




අංජලිකාට අවුරුදු තිස් දෙකයි. ඇවරිට අංජලිකා බලන්න යන්න ලොකු උවමනාවක් තිබුණාට මොක ද අංජලිකා එන දවසේ ලෙක්චර්ස්. හවස හත විතර වෙනවා කොළඹට ගොඩ බහිද්දි කෝම කෝම හරි මේ වර්ජන සීන් එකක් නිසා ලෙක්චර්ස් කැන්සල් වෙනවා. හැරෙන තැපෑලෙන් භාත්කණ්ඩේ ප්‍රමිදයාට සීට් එක කන්ෆර්ම් කරපු ඇවරිතුමා විවේකී ඉදිරිදාවේ අංජලිකාව බලන්න යනවා. තාල කොන්සර්ට් එක සංවිධානය කළේ දිස්ත්‍රික් 306 A2 සිංහ සමාජය අනුබද්ධ මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය මගින්. අපේ ප්‍රමිදයා තමා ප්‍රොජෙක්ට් හෙඩ්. මහරගම යූත් එකේ තාල කොන්සර්ට් එකේ ටිකට්ස් සෝල්ඩ් අවුට්. ඒ වගේ ම මේරියන්ස්ලාගේ 2020 පළවෙනි ම කොන්සර්ට් එක.

ඒ සියල්ල නිසා අන්ප්ලග් බලපු ඇවරිතුමාට අංජලිකාව බලන්න යන්න ම ඕන වුනා. මියැසිත් අමනාප වුනේ තනියම යන නිසා. ඒත් සලාදය කියවන අය දන්න ආනන්ද බාප්පා සහ වස්තු පුංචි, විසංකා නංගි එකක් ඇවරිත් වාඩි වුනා ඉස්සරහින් ම. අම්බෝ මට එච්ච්ර ට ම මේරියන්ස් සින්දු කට පාඩම් ද කියලා මම ම පුදුම වුනා. පැය දෙකහමාර ම තිබුණු හැම සින්දුවක් ම අපි කිව්වා. අපි කියන්නේ මායි ආනන්ද මාමායි. ඉස්සරහ රෝ එකේ කපල් එකත් අපි එක්ක චියර් එකක් දුන්නා. ලොකු ම අඩුපාඩුව දෙදහෙ ටිකට්ස් නිසා නටන්න වුනේ නැති එක විතරයි. ඊට හරියන්න ලියෝ ටීම් එක නැටුවා ආයෙත් අපිත් හොල්මන් වෙලා යන්න. වරක නතිං - වැල සම්තිං කිව්වලු උන්ට පට්ට සැප සුදූ (ඉරිසියාව උපරිමයි ඉතිං අපි පුටුවල ඇළවිලානේ බන්ස්)

සැලෙන ලෙලන දළුව විලස නටපු කෙල්ලො ටික හලෝ පිස්සු හැදෙනවා. ඒ අස්සේ ඉස්සරහ පේළියේ අංගනාවකගේ ඇලුම් බැලුම් නිසා පොට යනවා ඇහේ. අයියයි අයියයියාරේ රීරී ඩාන්ස් එකත් ෆට්ට. රෝසාගේ ලයියා අපේ ෂිවන්ත ප්‍රනාන්දුගේ අමිරිතා දේවි නම් රූ ශ්‍රියා, ඔන්ලි ෆීල් අලයිව්, ඇහැට කූල් ගන්නට අපි අයිඩ්‍රොප්ස් ස්පෙක්ස් දාන්නේ නෑ වගේ සීන් ගොඩක්. දශක තුනක මිසැසි මිතුරකු වූ නලීන් පෙරේරා ඇතත්ට ම පොරක්. අර හාල්පන්කොස්සෙක් වගේ ඉද්දි කාගෙද ගී නද ඔඩිෂන් ගියාම ගත්තු පින්තූර තාමත් ඇති. නිකම් බිරියානි කාලා රෙකෝඩින් බලපු කාලෙ. එයාලගේ පළවෙනි ඇල්බම් එකේ පළමුව සිනාසෙයි සින්දුවත් ගැහුවා. අර යාළුවො වෙනුවෙන් කියපු සින්දුව මට සුමිත් ප්‍රියංකර සහ ජූඩ්ව මතක් කළා. ඒ දෙන්නා තමා කාගෙද ගී නදේ හිටියේ. එයාලගේ ෆෝටෝස් තිරයේ පෙන්නන්දි නලින් උනත් ටිකක් සංවේදී වුනා. ඇත්තට ම අපි ළඟ හිටියත් නැතත් අපි මිතුරන්ව සමරන්න ඕන කියලයි නලීන් කිව්වේ. නොමැකෙන මිතුදම ප්‍රසන්න රෝසා තාමත් ඒ වගේ මයි. ඇයි නලින් ඒ ගාණමයි.  දශක තුනක් කියන්නේ මාර කාලයක්. දැන් එයාලා වෙඩින් වල බෑන්ඩ් ගහපු කපල්ස් එයාලගේ ළමයින්ගේ වෙඩින්වලත් ප්ලේ කරන්න කියනවාලු.

නංගිගෙ නම හංසමාලි ද...?

ඔහු නියම පූරකවරයෙක්. හරිම සජීවී ඉදිරිපත් කිරීමක් අපි දැක්කා. ලියෝ සෙට් එක සමරු ඵලකයක් හේමත් දුන්නා. ඒක දුන්නේත් අපේ ප්‍රමිදයා සහ සභාපතිතුමා. ආහ් කියන්න අමතක වුනානේ පර්කෂන් කොලුවාගේ වැඩමන්ට් එක. ජෙම්බෙකට තැලුවා ආයෙත් පොරි හැලෙන්න. වැද්දා නළාව ගහපු හැටිත් නියමයි. ඒක අත්‍යා බෙර අයිටම් එකක් වාගේ. ඒ කියන්නෙ බෙර කාරයො දෙන්නෙක් ළංවෙලා මාරුවෙන් මාරුවට දෙන්නගේ බෙර දෙක එක්ව වාදනය කරන අවස්ථාවක්. මේකට නම් යොදා ගත්තේ ලීඩ් ගිටාර් එකක්. කාට හරි නටන්න එන්න කියපු ඕපන් ඉන්විටේෂන් එකටත් පැනලා ගියේ කෙල්ලො. එච්චර හැපනින් කොන්සර්ට් එක. නංගිගේ නම හංසමාලි ද? කියන සින්දුවත් නැඟලා ම ගියා. ඒක දන්නේ අපේ රංජා ම තමයි!! කියලා හඩපට තියාගන්න එපා කියලාත් නක්කලයක් දැම්මා. ඒ අතින් නම් ඔහු අංක එකේ එන්ටර්ටේනර් කෙනෙක්. වේදිකාව ම හිනස්සවන්නෙක්. රොසලිනා - එපා එපා එපා එපා දාල යන්න එපා වගේ ම අන්තිමට තෝරගත්තේ සාමේ සඳේ රැස් මාලාවේ ගීතය. පට්ට පරණ එකක්.

කොන්සර්ට් එක පටන් ගද්දි එච්චර සෙනඟක් හිටියේ නෑ. මගේ එහා පැත්තේ හිටිය සිංහ දොස්තර මහත්මයා පුතා ගොඩක් කට්ටිය එන්නැති වෙයි නේද කියලා ඇහුවා. ඇවරි නම් කිව්වේ 1500/- සෝල්ඩ් අවුට් නිසා රෑ වෙද්දි කට්ටිය බහී කියලයි. පස්සසේ අපි හැරිලා බලද්දි හවුස් ෆුල්. කෝම නමුත් තවත් විශාල ප්‍රජා සත්කාරයක් ඒ අය කළා. ඒ මිහිතලයට පැල 1500ක් රෝපණය කරන්නට කටයුතු යෙදීම මගින්. ප්‍රවේශ පත්‍ර මුදල් එයාලගේ ප්‍රොජෙක්ට් එකකට තමා යොමු වුනේ. ඔය ඔක්කොම අස්සේ පහුවදා සඳුදා අටහමාරට ප්‍රමියාගේ ෆයිනල් පේපර් එක. එතන හිටි ගොඩ දෙනෙක්ගේත් එහෙම තමා. උන් ඔක්කොම කෝම හරි ලියනවා කිව්වා. ඉංජොනේ වැඩ්ඩො නේහ්. ලියයි නේහ් කියලා අපි ආව.


ව්‍යාපෘති සභාපති ප්‍රමිදයා ලියෝ ඒ2 සභාපතිතුමා සමඟ උපහාර පිදීම...

කාලෙකින් රිඹ දෙදරන්න ෆන් එකක් දැම්මා. 2020 කොන්සර්ට් නම් ඔක්කොම බලනවා කියලා හිතා ගත්තා. අපි ඩී.එච් එකේ නැට් එකේ එහෙම හැම මඟුල ම බලලා දැන් නීට් පිට වාඩිවෙලා නෙළුම් පොකුණේ සම්මාන රාත්‍රීන් විතරක් බලන මිනිස්සු. කාලය මැව් වෙනසක අරුමේ කියන්නේ සල්ලි තියෙද්දි වෙලාව නෑ බේබි. දැන් සීන් එක වෙනස්. දැන් හැදෙන එකාලට සල්ලි තියෙනවා ඒ කාලේ ඉඳන්. අම්මා අප්පා දීලා නෙමේ. උන් හොයාගත්තුවා. ප්‍රවණතාවක් හැටියට ඒක හොඳා.!   



Wednesday, January 22, 2020

ඉන්ටර්නැෂනල් මහිලා සමිතියක මුලසුන හෙබවීම හෙවත් සුබාවන්ගේ බබා බැලීමට යාම....





///තුම්පත් රෑන///
ඇවරිතුමා සහ එතුමාගේ කැම්පස් බොක්කවල් සැට් එක අපේ සුබා මැතිනියගේ අලුත උපන් දුවණියැන්දා බලන්ට යාම මේ පෝය දවසේ ඉෂ්ට සිද්ධ වුනා. ඇත්තට ම කිව්වොත් සුබාවෝ ප්‍රෙගී කාලෙත් අපි එතුමිය බැහැ දැකුම් පොජ්ජ මන්දු කරන්න ගියා. දැන් මේ දෝණි ලැබුණු කාලෙ යන්න තියෙන ගමන වුනාට තාම ඒ කෙලීට මාස හයක් වත් නෑ. හැබැයි අපි කුළුඳුලේ ම ගියේ අපේ අනුවාගේ පෙරැත්තේ හින්දාමයි. ගමන යොදාගෙන තිබුණෙ මීට මාස ගාණකට කලියෙන්. නමුත් කෝම කෝම හරි පෝය දවසේ කවුවාත් නිවාඩු වුන නිසා වැඩේ සෙට් වුනා. කලින් දා රෑ පොරොන්දුවෙච්චි හැටියට ම ඇවරිතුමාට වේකප් කෝල් එක දුන්නේත් අනුවා. 

ප්‍රධාන කතාවට කලින් හැමදාම වගේ අතුරු කතාවක් අමුණන්න හිතුවා. කොකුන් ගෙනා බබුන් බලන්නට යන බිළිඳු දැකුම් සලාද සීරීස් එකේ තවත් එකක් එන්න තියෙනවා. තවත් එකක් යන්න තියෙනවා. ඒ තමා අපේ වත්සලාවන්ගේ අලුත උපන් බිළිඳිය දකින්නට. ඇවරිතුමා වත්සලාවන්ගේ මෑණියන්ගේ අවමංගල්‍ය ගැන සලාදයක් ලියුවා වගේ මතකයි. ගම්පහ හංස මාවතේ ඇගේ නිවසට හවසක ගියේ ඒ උත්තමාවිය වෙනුවෙන් ඇවරිතුමා හදපු පැණි වළලු දැකුම් කදක් බාර දෙන්නට. පැණි වළලු සතුටින් භාර ගත්තු වත්සලා කුමාරිකාව ගැත්තාට අනුකම්පාකොට ත්‍රී පෝෂ මලු දෙකක් ම දුන්නේ කාලා මහත් වෙන හැටියට ඇවරිතුමාට බල කරමින්. තව ගඩා ගෙඩි බොහොමයකුත් මල්ලකට දාලා දුන්නා මතකයි. ඉතිං බිළිඳු දැකුම් කියන්නේ ඇවරිතුමාගේ චිරාගත සම්ප්‍රදායක්. කෝමත් පොඩි ද ලොකු ද කියලා අදාළ නෑ, බේබි සිටින් කියන්නේ අපේ වෘත්තියේ කොටසක් ම තමා. 

ඒයි කුම්භකර්ණේ ඇහැරියාන්. අනුරාධියෝ අඬහැරේ පටාන් ගත්තේ ටකේ හොල්ලන ගමන්. ඒ ඝණ්ඨා නාදයට නම් කැටේ පිරෙන එක අහන්න දෙයක් නෑ. උපාසිකාවො මේ පෝය දවසේ මහ හඬින් සාදුකාර දෙන්නේ. දැන් උඹලා නවයාමාරය වරෙව්. අපි දෙන්නා එන්නම් කොකිස් කඩේට. හා කියලා සෙනිකෙට අනිත් පැත්ත හැරිලා ගොරොවන්න තියා ගත්තු ඇවරි ආපහු ඇහැරුණේ ඉෂාන් ශිවන්දනගේ ඇමතුමට. මං කොකිස් කඩේ තෝ කොහේ ද? මං කිරිබත්ගොඩ. තෝ කොකිස් විතරක් කකා හිටපිය. පිස්සුද බං මං ගෙදර. මං ඇඳේ යකෝව්. යමන් මං උඹට බැංකුවෙන් ගන්නම්. ඉෂානා නවය වෙද්දි ආපු නිසා අපි වෙලාවට ම වගේ පිටත් වුනා. අනුවාත් කව්වාත් බබාට මොනවාද ගත්තයි කියපු නිසා අපි මාමාලා දෙන්නා වැඩෙන් නිදහස් උනා. හැබැයි ඊට හරියන්න රයිනයි, සූකරයි ඒ මෝඩ ජෝඩුව එනකම් ලුතිනන් නිශ්ශංක මාවත ඉස්සරහා ඉඳන් නුවර පාරේ වාහන ගණින්න වුන බවත් කියන්න ඕන. 


අපි කයියක් හේම දාගෙන ඉද්දි අනු බෝලෙයි පනු බෝලෙයි ආවා. කව්වීගේ අයියාතුමාගේ විවාහ මංගල්‍ය තිබුණේ අගෝස්තු අට වැනිදා ඉෂාන් ෂිවාට සහ ඇවරියානාට ආරාධනා කරලත් තිබුණත් වැඩ රාජකාරී හින්දා ඊට සහභාගී වෙන්න බැරි වුනා. අපි දෙන්නා ම හිතුවේ කව්වා අපි දැක්ක ගමන් ළඟ ම මඩවලෙන් දෙදෙනාගේම මුව දොවලා වස්ති කරවලා රැගක් දෙයි කියලා. හැබැයි ඉතිං සුද්දොත් නැතුව හන්තර් වෙලා ඉන්න දුක්ඛිත ජීවිත දෙකක් වන අපි දෙන්නට පොදු සමාවක් දීලා බදු සහනයකුත් දුන්න බව කියන්න ඕනා. ඇවරිතුමා මුලින් ම බයිකලේ ඉෂාන් එක්ක ගෙදර ගියා. රයිනී සහ සූකරී පසුවට එකපාර ආවා. කෝම කෝම හරි අපි ගෙදර එද්දි පුංචි පැංචි දොයිය බබා වෙලා. 

සුබා තෙරණියෝ ඇතුලු අපි පස්දෙනාට සෑහෙන ඕපාදූප තිබුනා කතා කර කර ඉන්න. කොම් බෑන්ක් අධිපති ගෘහ මූලික තෙමේ පෝය නිඩාවුවෙත් රාජකාරි නිසා එතුමා හිටියේ නෑ. තව අපි දන්න දන්න අයට බබාලා ලැබිලා තිබුණ නිසා ඒ කස්ටිය ගැන කතා කලින් ම. තිලිණි රූබසිංහ, ඉබ්බා කියලා අපි කියන අනුවලාගේ ඉක්කෝලෙ ගම්පහ රත්නාවලියේ සැට් එක ගැන කතා වුනා. තිලිණි දැන් කටාර් ඉන්න නිසා තනියම ගහන ගේම ගැන විස්තර, ළමා සංවර්ධනය ගැන. ෆීඩින් චාර්ට්ස්, ස්ලීප් ට්‍රේනිග්, උණ ගැනීම සහ ඉන්ජැක්සන්, ඩේ කෙයාර් - නෝ කෙයාර් වගේ හරවත්, වැදගත් ටොපික්ස් බොහොමයක් කතා වුනා. ඇවරිතුමා ඉතිං නිවාඩු පාඩුවේ ඔය ශ්‍රී ලංකන් මම්, ඩෑඩ්, පේරන්ටින් ඩොට් එල්කේ, වගේ සයිට්ස් බලන නිසාත් ඩේ කෙයාර් සීන් එකේ ඉන්න නිසාත් මේම ඉන්ටර්නැෂනල් මහිලා සමිතිවල වුනත් ගෑනු එක්ක කරට කර ටෝක්ස් දෙන්න තරම් පරිණත බුවෙක් වෙලා තිබුණා. සමස්තයක් වශයෙන් ඒ කතාවල හරය සරලයි. පරම්පරා ගණනාවක් ගිහින් වුනත් දරුවෙක් හදන්න අම්මලා තාත්තලා පට්ට ම ගේමක් දෙන වග හැබෑවට ම ඔප්පු වුනා. 

අඩේ ඇත්තට ම අපිව හදන්න අම්මලා මොන තරම් කට්ටක් කන්නැද්ද කියලා දැන් තමා බං තේරෙන්නේ. අනා එහෙම කියන්න එපා බං මේ බලපන් මං අතේ අපූරුවට ඉන්න හැටි. ඔව් ඔව් ඇඳක් උඩින් තියලා බලන්න ඕන දාංගලේ. ඒ වෙද්දි කෙල්ල මගේ අතේ කව්වී ඇගේ පුංචි ඇඟිලි අල්ලන් ඉන්නවා. ඇවරි පොඩ්ඩිව සීසෝ පද්දනවා. ඒකත් වටේ ම බලබලා හිනාවෙනවා ඕන්. හැබැයි ඇත්තට ම පුතා ඉස්සර ළමයි එහෙම නෑ. කිරි දුන්නා ම බීලා නිදා ගන්නවා. මෙයා පොඩි කාලෙ මං කිරි දීලා ගම්පහ හිටන් ගිහින් එනවා. සද්ද නෑ නිදි. අපේ කතාවට එකතු වුනේ සුබාගේ අම්මා. 

ඒවා කොහෙද බබා බඩේ ඉද්දිත් මෙයා රෑ වෙනකම් ඇහැරන් ඉඳලා දැන් එළියට ආව ම නිදා ගන්නෑ කියලා අපිට බනිනවා නේද සංකොටේ? හැබැයි ඒක නම් ඇත්ත බං ඒ කාලෙත් අපි පරක්කු වෙලා නිදා ගත්තේ. ඒකනේ ඉතිං. දැන් නම් දවාලකටවත් නිදි කරන්නේ නෑ. කෝම ද බං රෑ පුරා ඇහැරිලා ඉන්නේ? තව ඉතිං පුංචි කාලෙ ඉදන් ටී. වී බැලීම, ෆෝන් එකට හුරු වීම, ෆෝන් එකෙන් නින්දට යාම වගේ මේ පරම්පරාවේ දරුවන්ට ආවේණික ලක්ෂණ බෝමයක් ගැන අපි කතා බහ කළා. ඒ මැදින් තවත් බොහෝ උපදේශන සේවා. කව්වගේ පිම්පල් මැකීම ගැන, ඇවරිට කුෂ්මාණ්ඩ රසායනය පෙවීම, අනූට ගැළපෙනා ඩයට් ප්ලෑනක්, ඉසාන්ට ඇවිල්ලා නොයන කෙල්ලෙක්? ආදී වශයෙන් එකී මෙකී නොකී ප්‍රශ්න. 

ඒ පෝය දා විසිට් එකේ අවසාන නිගමනේ හරි ම ශෝචනීයයි පින්වතුනි. සුබා බලන්නට ගිය අනුවා විතරයි බැඳලා හිටියේ. කව්වීත්, ඇවරිත්, ඉෂානුත් එක හෙළා නිගමනය කළේ බැන්ද ම ප්‍රශ්න නිසා මේම සිටීම සැපයි කියලයි. අනුවා තීරණය කළේ ළමයි නම් දැන් ම එපා කියලයි. හයියෝ සල්ලි. පෝය දවසේ අනිත්‍ය මෙනෙහි කළාට ඇලීම් දුකක් ය කියලා දුන්නා සුබාට පින්. (ලොල් සීන්)

Monday, January 20, 2020

මෙවන්කුමාර කුජීත වූ සප්‍රායිස් බර්ත් ඩේ එක හෙවත් නැට්ටිච්චි අතින් සල්ලන් වීම....!

මේ තමා මෙවන් සාන්ත......


ඇවරිතුමාගේ වර්ෂාවසාන සලාද තාම ලියැවෙන නිසා මේ පරණ අවුරුදු සලාදයක් විදියට ලියැවෙන්නක්. උපන්දිනයකට සප්‍රයිස් පාර්ටියක් දෙන්න ගිහින් අනාථ නාථ වෙච්චි, ඇබැද්දියක් අපේ කස්ටියට වනේ අවුරුද්ද ලැබුවත් එක්ක. තරු පබාවන්ගේ උපන්දිනය තමා හා හා පුරා කියලා අවුරුද්ද මුලින් ම එන්නේ. ඒ ජනවාරි තුන්වැනි දා. ඕන් ඉතිං නව වසරට ලබන්න ඕන් මේන් තියෙන්නත් කලින් ඉඳන් අපේ මෙවනා වින්දනා තරු පබාවන්ට හොරන් වෙනම වට්ස්ඇප් ගෲප් එකක් හේම හදලා ලකයට සප්‍රයිසයක් දෙන්න මාස්ටර් ප්ලෑනක් ගහනවා.

ඒ කොල්ලා තනියම ගේමට බැහැලා තුන් වෙනිදා විෂ් නොකරන හැටියට අපි හැමෝට ම දැනුවත් කරනවා. අයියේ ඕන් තුන්වෙනිදා ඔයා තරුපබාට විෂ් කරන්න හේම තියාගන්න එපා. අපි කවුරුවත් විෂ් කරන්නේත් නෑ. ඒක තමා සප්‍රයිස් එක. ආහ් කිරි අප්පගේ සප්‍රයිස් යකූ එව්වා. වෙන්න පුළුවන්. වයසක මිනිස්සුන්ට ඉක්මණින් අමතක වෙනවනේ.

පාර්ටිය සඳහා සියලු වියදම් අපේ මෙවන්කුමාර ම දරනා බවත් ඔහුට අවශ්‍ය දායකත්වයන් දක්වන හැටියටත් දැනුම් දුන් නිසා ආරාධිතයන් හැටියට අපිට මුකුත් ම තිබුණෙ නෑ. මෙවන් කුමාර තොරණ වගේ ලයිට් දාන්න වැලුයි, තව හැප්පි හැප්පි බර්ත් ඩේ ඩොකෝ ටිකයි තනිය ම කරන්න බාරගෙන තිබුණා. එක ළඟ ම උපන්දින කීපයක ම වැඩ කරලා මෙවනාගේ ඩෙකෝ ඇරෙන්ජ්මන්ට්ස් එවන් අසිරිමත් ජාතිය - ජයෙන් උදාරයි වෙලා තිබුණේ... මෙවන් කුමාරන්ගේ කැපවීම දැකපු අපේ චමරි අක්කා මෙවන් කුමාර වෙනුවෙන් තරුපබාවන්ගේ නිල උපන්දින කේක් රාජයා සෑදීමේ වගකීමත් බාරගෙන. ඔය කාටත් ආතල් දෙන ගාඩ්ඩි මස්සිනා වන අපේ කණිෂ්ක සුද්දා කෑකෝ පප්පාගේ චරිතය රඟපාන්න ගත්තා ගිටාරෙ කරට. මෙවන්කුමාර වද කළ නිසා ම ප්‍රමිත්ට කීබෝර්ඩ් එකක් කොහෙන් දෝ මන්දා කුදලාගෙන එන්නත් සිද්ධ වුනා.

කරාටේ සාගර, ඩොක්සන් රොසයිරෝ, බටු ඇටේ බුදාරෝ ඔක්කො ම එක්සත්ව එක්සිත්ව දැන් ඉල්ලන් යන් සපරායිස් වෙන්නයි සුජානම. මේන් හවස හතරට විතර මෙවන් කුමාරයාට කළුකුමාර දිස්ටිය වැහිලා පාර්ටි ලොකේෂම වෙනස් කළ බවත් අපිට රාජ්ගීර් වෙත එන ලෙසත් දන්වා සිටිනවා. යකෙක් වුනත් කුමාරයෙක් නෙව කියල හිතලා බොහොම කරුණාවෙන් සමා අවසර කියාගෙන මොකක් ද බොල තෝ කියන්නේ පාර්ටි නැතෙයි ඇහුව ම මෙවන් කුමාර හරියට නිකන් තොවිල්පලේ ආතුරයා වගේ වුනා. දැන් පාර්ටිය තියෙන්නේ එහේ, අපේ පාර්ටිය කැන්සල්. එතකොට රෑ කෑම ඇණවුම? අක්කා හදලා දුන්න කේක් එක? අදාළ නෑ පාර්ටිය කැන්සල්//


චමරි අක්කා නැට්ටිච්චිට හදපු කේක් එක.. ඈ එදා අපිව නැටෙව්වා පින්වතුනි!!

දැන් එතකොට පාර්ටි නෑ? චැට් එක පුරා ම ප්‍රමිතයා පරලා වෙලා දඟලනවා. බොහෝ දෙනා චැට් එක හැරගිහින්. අන්තිමේදී සියලු සංවිධානගත වීම් වලින් හෙම්බත්වුන ජනයා අමන්දානන්දයට පත්වෙලා දිවකට පූට්ටු කරගෙන අඩවන්ව සිහිසුන් වෙමින් සප්‍රයිස් වෙලා පාර්ටිය නිමා වුනා. ලැබුණු කීර්ති ප්‍රශංසාවලින් ප්‍රියෙන් ඔද්දල් වුන මෙවනාගේ කණේ සිරවුණ පුළුන් ඇබ දෙක පහුවදා නොගළවන්න ඒකාව අයි.සී.යූ දාන්න වෙනවා සාන්ත. තවත් අතිසාර්ථක සප්‍රයිස් පාර්ටියක් අවසාන වුනේ ඒ විදියට. ආයෙත් නම් එහෙම සප්‍රයිස් ලොවෙත් එපා අපේ හාමුදුරුවනේ.  

සාදයට ආ පිරිස වමේ සිට දකුණට - කණිෂ්ක, මහේෂ, තිලිණි සහ කොට මොඩල් බුදාරා...



Saturday, January 18, 2020

පෝයට දළදා වඳින්න බෑ කී මැණිකේ කා කියාගෙන මඤ්ඤොක්කා දන්සැල් වැඳීම



දුරුතු පෝයට දළදා වඳින්න එනවා ද මැණිකේ කියලා පණිවිඩයක් තිබ්බත් මැණිකේ ඇවරිතුමා එක්ක බකට් එකක් පෙරළගෙන ගම්පහට වෙලා හිටියා. එතුමිය සෙංකඩගල හිටියා නම් අඩුම තරමේ එහේ යන්න හේතුවක් වත් වෙනවනේ. අන්න ඒකට කුමාරිහාමිලා. ගේම නම් ගේම ම තමා.

කොහොම නමුත් ඒ පෝය දවසේ ඇවරිතුමාට ටිකක් විශේෂ රාජකාරී ටිකක් තිබුණා. ඒ අතරින් වැඩියෙන් ම වැදගත් වුනේ අංකුර රචකයන් සොයා යාමේ හන්ටින් වැඩසටහන 2020ට ආරම්භ කිරීමටත් තිබුණා. ලොකු ම අඩුපාඩුව වුනේ ඇවරිතුමාගේ කාරිය කරවන රාළලා සියලු දෙනා ම කොළඹින් පිට ස්ථානගත වෙලා තිබීම. තරු පබාවෝ සුපුරුදු පරිදි මේ කාලසීමාවේ දී කතරගම කරගම් නර්තනය නැත්නම් කවුරුත් දන්න කොහොඹ කලේ සඳහා පිටත්ව තිබීම නිසා මණ්ඩලේ ටිකක් පාළුවට ගිහිල්ලා තිබුණේ. බුදාරාවෝ අවිස්වාස වේල්ල පැත්තේ  දිනක චාරිකාවකත් මයිනා මහතා දින කීපයක් තිස්සේ හිටන් සීගිරිය, අනුරාධපුර චාරිකාවකත් නිරත වුන නිසා සුපේෂල ආතල් ප්‍රජාවගේ සහභාගීත්වය සෘණ අගයක් ගනු ඇතැයි ඇවරි සිතුවා.

පෝය දවසේ වැඩ ගොඩක් තිබුණත් පටන් ගත්තු දේවල් අහවර කරන්න ම ඕන නිසා අනිවාර්ය සේවා පන්සල් ගිහින් රචනා ටික බලනවා කියලා ඇවරිතුමා හිතා ගත්තා. එතැනට අපේ තිලිණි කුමාරිහාමිනේත් ආපු නිසා වැඩේ ටිකක් ඉක්මණට කෙරුණා. අපි උදේ කෑමට රිමාර්කෝ ගිහින් ඉද්දි තමා මෙවනා ක්ලාස් ඉවර කරලා එහි ආවේ. ආවත් හරි තුන් දෙනා ඉස්මුරුත්තාවට එනකම් ම කෑවා. ඉන්පස්සෙ ගියා ආයෙත් පේපර්ස් බලන්න. ඒ අතරේ අසරණ ප්‍රජාවට තේකක් කාරිය ලැබුණා. අපි තේ බොන අතරෙ තමා අපේ සුද්දා කණිෂ්ක ආවේ. රචනා බැලිල්ල අහවර කරලා අපේ නඩේ කෙලින් ම පිටත් වුනේ මාකොළ තරුණ කැළ සංවිධානය කළ මඤ්ඤොක්කා දන්සැලේ ප්‍රගති සමාලෝචනය වෙනුවෙන්.

වාහනෙන් බැහැලා අපි හතර දෙනා කෙළින් ම ගියේ කුස්සියට. ඒ වෙද්දි මඤ්ඤොක්කා ටික ලිපේ තියලා තිබුණා. අපි ඉක්මණින් ලිපෙන් බාන කල්දේරම් හෝදලා වතුර දාලා ලිපේ තියන්න උදව් කළා. හැබැයි විනාඩි හතළිස් පහක් විතර ගියා මුල් ම කල්දේරම් බා ගන්න. ඒවා පත කෑලි. තැම්බන්න යන වෙලාව වැඩියි. පස්සේ අපේ තුන් දෙනාට පිහි දීලා ඒවා කපලා දෙන්න කිව්වා ම කට්ටිය ඒකත් කළා. හැබැයි මෙවන් මහතා නම් මඤ්ඤොක්කා කැපුවාට වඩා පැලුවා කිව්වොත් හරි. ඒ පැලිල්ල අල්ලගන්න ගිහිල්ලා කණ්ෂ්ක සුද්දා අල්ල පලා ගත්තා. වෙලා යද්දි මඤ්ඤාක්කා වල ඉරි යන්න ගන්නවා. ඒ හුළඟට. ඉතිං හැකි ඉක්මණින් ලිපේ තියන්න සූදානම් වුනා. වතුර අස් කරනන්. පත්තෙන් කළවම් කරන්න වගේ සියලු ම බරපතල වැඩ අපි භාරගෙන කළේ කල්දේරම් බත්වල රහ බලපු ඔස්තාර්ලා වගේ. කොටින් ම අපේ වැඩක් නොවුනත් අපේ වගේ කියලා හිතෙන්න අපි වැඩ කළා.

ඒ කාගෙන්වත් ලකුණු ගන්න නෙවි. ඒ වෙලාවේ තිබුණු වැඩවල හැටියට අපි එහෙම කළයුතුව තිබුණා. ලොකු කණ්ඩායමක් උදේ ඉඳන් මඤ්ඤොක්කා කපලා සුද්ධ කරලා ගිහින් තිබුණා. ඒ අය දවල්ට උයන්න හේම ගෙදර ගිහිල්ලා. අපේ හෙඩ් චෙෆා ප්‍රීති අංකල්ලා කොහොම හොයා ගත්තා ද කියලා අපිත් පුදුම වුනේ ඒ අයියා කසාවා ඔස්තාර් කෙනෙක් වූ නිසා. අපි මෙහෙම ගේම ගොඩ දානකොට ඒ අයටත් ලොකු ගටක් ඇවිත් සෑහෙන්න ඉක්මණට කඩිනම් මහවැලි ගේමක් ගැහුවා. අප්පේ ඇති වෙන්න මඤ්ඤොක්කා දැක්කා.

ඒ අස්සේ අපිට බත් කන්න කියලා සංවිධායකයො එක පයින් නෙවෙයි දෙපයින් ම හිටගෙන දෙතුන් විඩේ මතක් කළත් අපේ ආචාරශීලී බෝයිස්ලා දෙපළ නෙමේ බත් කමු කිව්වේ. අන්තිට ම මේ අටමංගලේ හරි නොයන බව තේරුණ නිසා පිඟානක් අරගෙන මඤ්ඤොක්කා ටිකක් බෙදලා දීලා තිලිණිට දුන්න කස්ටියට කවන්න කියලා. ලුණු මිරිස හැදුනේ එරන්ද මලයාගේ ගෙදර. ඇවරිතුමා එතන වැඩ බලන්න ඕන නිසා සිරිපාලතුමාට පංගාර්තු කළා තිලිණිට ලුණු මිරිස් බෙදාදීම. උඹලා වැඩ ඉවර වෙන්නත් කළින් කනවා නේද? සිරිපාලතුමා සෝලි තියන්න ගත්තා. හැබැයි ටිකක් බැඳන් යන්නත් ඉල්ලුවා ම ඒ වැඩේත් කරලා දුන්නා. සිරිල් සාමාන්‍යයෙන් පාර්සල් සංස්කෘතියට විරුද්ධ ජාතික වීරයෙක්. දානයක වුනත් පාර්සල් ගැසීම ගැන එතුමා වැඩි මනාපයක් නෑ.

දන්සැල් දුන් පිනෙන් අපේ ඇත්තට බොහෝ සැප සම්පත් අත්වේවායි පතමින් කාපු බීපු තැන වැඩි වෙලා ඉන්න හොඳ නැති නිසා අපි ගිරා මාරු වුනා...!