Showing posts with label විනෝදාස්වාදන. Show all posts
Showing posts with label විනෝදාස්වාදන. Show all posts

Monday, January 27, 2020

අංජලිකා බැලීමට ලෙක්චරස් කට් කිරීම හෙවත් ඇහැට කූල් ගන්නට අයි ඩ්රොප්ස් ස්පෙක්ස් දැමීම.....




අංජලිකාට අවුරුදු තිස් දෙකයි. ඇවරිට අංජලිකා බලන්න යන්න ලොකු උවමනාවක් තිබුණාට මොක ද අංජලිකා එන දවසේ ලෙක්චර්ස්. හවස හත විතර වෙනවා කොළඹට ගොඩ බහිද්දි කෝම කෝම හරි මේ වර්ජන සීන් එකක් නිසා ලෙක්චර්ස් කැන්සල් වෙනවා. හැරෙන තැපෑලෙන් භාත්කණ්ඩේ ප්‍රමිදයාට සීට් එක කන්ෆර්ම් කරපු ඇවරිතුමා විවේකී ඉදිරිදාවේ අංජලිකාව බලන්න යනවා. තාල කොන්සර්ට් එක සංවිධානය කළේ දිස්ත්‍රික් 306 A2 සිංහ සමාජය අනුබද්ධ මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය මගින්. අපේ ප්‍රමිදයා තමා ප්‍රොජෙක්ට් හෙඩ්. මහරගම යූත් එකේ තාල කොන්සර්ට් එකේ ටිකට්ස් සෝල්ඩ් අවුට්. ඒ වගේ ම මේරියන්ස්ලාගේ 2020 පළවෙනි ම කොන්සර්ට් එක.

ඒ සියල්ල නිසා අන්ප්ලග් බලපු ඇවරිතුමාට අංජලිකාව බලන්න යන්න ම ඕන වුනා. මියැසිත් අමනාප වුනේ තනියම යන නිසා. ඒත් සලාදය කියවන අය දන්න ආනන්ද බාප්පා සහ වස්තු පුංචි, විසංකා නංගි එකක් ඇවරිත් වාඩි වුනා ඉස්සරහින් ම. අම්බෝ මට එච්ච්ර ට ම මේරියන්ස් සින්දු කට පාඩම් ද කියලා මම ම පුදුම වුනා. පැය දෙකහමාර ම තිබුණු හැම සින්දුවක් ම අපි කිව්වා. අපි කියන්නේ මායි ආනන්ද මාමායි. ඉස්සරහ රෝ එකේ කපල් එකත් අපි එක්ක චියර් එකක් දුන්නා. ලොකු ම අඩුපාඩුව දෙදහෙ ටිකට්ස් නිසා නටන්න වුනේ නැති එක විතරයි. ඊට හරියන්න ලියෝ ටීම් එක නැටුවා ආයෙත් අපිත් හොල්මන් වෙලා යන්න. වරක නතිං - වැල සම්තිං කිව්වලු උන්ට පට්ට සැප සුදූ (ඉරිසියාව උපරිමයි ඉතිං අපි පුටුවල ඇළවිලානේ බන්ස්)

සැලෙන ලෙලන දළුව විලස නටපු කෙල්ලො ටික හලෝ පිස්සු හැදෙනවා. ඒ අස්සේ ඉස්සරහ පේළියේ අංගනාවකගේ ඇලුම් බැලුම් නිසා පොට යනවා ඇහේ. අයියයි අයියයියාරේ රීරී ඩාන්ස් එකත් ෆට්ට. රෝසාගේ ලයියා අපේ ෂිවන්ත ප්‍රනාන්දුගේ අමිරිතා දේවි නම් රූ ශ්‍රියා, ඔන්ලි ෆීල් අලයිව්, ඇහැට කූල් ගන්නට අපි අයිඩ්‍රොප්ස් ස්පෙක්ස් දාන්නේ නෑ වගේ සීන් ගොඩක්. දශක තුනක මිසැසි මිතුරකු වූ නලීන් පෙරේරා ඇතත්ට ම පොරක්. අර හාල්පන්කොස්සෙක් වගේ ඉද්දි කාගෙද ගී නද ඔඩිෂන් ගියාම ගත්තු පින්තූර තාමත් ඇති. නිකම් බිරියානි කාලා රෙකෝඩින් බලපු කාලෙ. එයාලගේ පළවෙනි ඇල්බම් එකේ පළමුව සිනාසෙයි සින්දුවත් ගැහුවා. අර යාළුවො වෙනුවෙන් කියපු සින්දුව මට සුමිත් ප්‍රියංකර සහ ජූඩ්ව මතක් කළා. ඒ දෙන්නා තමා කාගෙද ගී නදේ හිටියේ. එයාලගේ ෆෝටෝස් තිරයේ පෙන්නන්දි නලින් උනත් ටිකක් සංවේදී වුනා. ඇත්තට ම අපි ළඟ හිටියත් නැතත් අපි මිතුරන්ව සමරන්න ඕන කියලයි නලීන් කිව්වේ. නොමැකෙන මිතුදම ප්‍රසන්න රෝසා තාමත් ඒ වගේ මයි. ඇයි නලින් ඒ ගාණමයි.  දශක තුනක් කියන්නේ මාර කාලයක්. දැන් එයාලා වෙඩින් වල බෑන්ඩ් ගහපු කපල්ස් එයාලගේ ළමයින්ගේ වෙඩින්වලත් ප්ලේ කරන්න කියනවාලු.

නංගිගෙ නම හංසමාලි ද...?

ඔහු නියම පූරකවරයෙක්. හරිම සජීවී ඉදිරිපත් කිරීමක් අපි දැක්කා. ලියෝ සෙට් එක සමරු ඵලකයක් හේමත් දුන්නා. ඒක දුන්නේත් අපේ ප්‍රමිදයා සහ සභාපතිතුමා. ආහ් කියන්න අමතක වුනානේ පර්කෂන් කොලුවාගේ වැඩමන්ට් එක. ජෙම්බෙකට තැලුවා ආයෙත් පොරි හැලෙන්න. වැද්දා නළාව ගහපු හැටිත් නියමයි. ඒක අත්‍යා බෙර අයිටම් එකක් වාගේ. ඒ කියන්නෙ බෙර කාරයො දෙන්නෙක් ළංවෙලා මාරුවෙන් මාරුවට දෙන්නගේ බෙර දෙක එක්ව වාදනය කරන අවස්ථාවක්. මේකට නම් යොදා ගත්තේ ලීඩ් ගිටාර් එකක්. කාට හරි නටන්න එන්න කියපු ඕපන් ඉන්විටේෂන් එකටත් පැනලා ගියේ කෙල්ලො. එච්චර හැපනින් කොන්සර්ට් එක. නංගිගේ නම හංසමාලි ද? කියන සින්දුවත් නැඟලා ම ගියා. ඒක දන්නේ අපේ රංජා ම තමයි!! කියලා හඩපට තියාගන්න එපා කියලාත් නක්කලයක් දැම්මා. ඒ අතින් නම් ඔහු අංක එකේ එන්ටර්ටේනර් කෙනෙක්. වේදිකාව ම හිනස්සවන්නෙක්. රොසලිනා - එපා එපා එපා එපා දාල යන්න එපා වගේ ම අන්තිමට තෝරගත්තේ සාමේ සඳේ රැස් මාලාවේ ගීතය. පට්ට පරණ එකක්.

කොන්සර්ට් එක පටන් ගද්දි එච්චර සෙනඟක් හිටියේ නෑ. මගේ එහා පැත්තේ හිටිය සිංහ දොස්තර මහත්මයා පුතා ගොඩක් කට්ටිය එන්නැති වෙයි නේද කියලා ඇහුවා. ඇවරි නම් කිව්වේ 1500/- සෝල්ඩ් අවුට් නිසා රෑ වෙද්දි කට්ටිය බහී කියලයි. පස්සසේ අපි හැරිලා බලද්දි හවුස් ෆුල්. කෝම නමුත් තවත් විශාල ප්‍රජා සත්කාරයක් ඒ අය කළා. ඒ මිහිතලයට පැල 1500ක් රෝපණය කරන්නට කටයුතු යෙදීම මගින්. ප්‍රවේශ පත්‍ර මුදල් එයාලගේ ප්‍රොජෙක්ට් එකකට තමා යොමු වුනේ. ඔය ඔක්කොම අස්සේ පහුවදා සඳුදා අටහමාරට ප්‍රමියාගේ ෆයිනල් පේපර් එක. එතන හිටි ගොඩ දෙනෙක්ගේත් එහෙම තමා. උන් ඔක්කොම කෝම හරි ලියනවා කිව්වා. ඉංජොනේ වැඩ්ඩො නේහ්. ලියයි නේහ් කියලා අපි ආව.


ව්‍යාපෘති සභාපති ප්‍රමිදයා ලියෝ ඒ2 සභාපතිතුමා සමඟ උපහාර පිදීම...

කාලෙකින් රිඹ දෙදරන්න ෆන් එකක් දැම්මා. 2020 කොන්සර්ට් නම් ඔක්කොම බලනවා කියලා හිතා ගත්තා. අපි ඩී.එච් එකේ නැට් එකේ එහෙම හැම මඟුල ම බලලා දැන් නීට් පිට වාඩිවෙලා නෙළුම් පොකුණේ සම්මාන රාත්‍රීන් විතරක් බලන මිනිස්සු. කාලය මැව් වෙනසක අරුමේ කියන්නේ සල්ලි තියෙද්දි වෙලාව නෑ බේබි. දැන් සීන් එක වෙනස්. දැන් හැදෙන එකාලට සල්ලි තියෙනවා ඒ කාලේ ඉඳන්. අම්මා අප්පා දීලා නෙමේ. උන් හොයාගත්තුවා. ප්‍රවණතාවක් හැටියට ඒක හොඳා.!   



Wednesday, December 25, 2019

පර්කෂන් තලා භාත්කණ්ඩයේ එස්රාජ් ගැසීම හෙවත් මගේ කාලයේ ගුත්තිලයන් දෙදෙනා හමුව....




මේ කතාව ලියැවෙන්නේ ආලෝක වර්ෂ බර ගාණකට පස්සේ 2019 අවුරුද්ද ඉවර වෙන්න ඔන්න මෙන්න කියල තියලා. සලාදය නොලියනවා කියලා කනු කුනු ගාණ අයට කියනන්න තියෙන්නේ ඒ නිසා ඇවරිතුමාගේ සවුක්කියත් අන්තෙට ම පිරිහෙලා කියලායි. හරියට නිකන් අතපය තලා දැම්මා වගේ පුල් මාර්වලස් පීලින්ග් එකක් එන්නේ සලාද නොලියවුන නිසා වෙන්න ඕනෑ.

2019 කියන්නේ සලාද ලියන්න තරම් ගුවන් තොටිල්ල ප්‍රශ්න නැතිව යාත්‍රා කරපු කාලයක් නෙමේ. රැකියා වෙනස, ඉරිදාත් වැටුණු දේශන මාලා, කන්සල්ටන්සි සේවා සහ ඇවරියානෝ සිහිනය ආදී බොහෝ හැල හැප්පීම් මත කාර්ය බහුලව ගෙවුනු කාල පරිච්ඡේදයේ දුක්ඛ දායක ම කතන්දරේ ආරාධිත සලාද මඟහැරීම. මේ ආරාධිත සලාද කියන කැටගරියේ එන්නේ ඇවරිතුමා අනිවාර්ය සේවා ලියා තැබිය යුතු දින සටහන්, සැමරීම්, මතකයන් වගේ ලල් සලාද සැට් එකක්. කෝම නමුත් ඇවරිතුමා අලුත් තැන පුල් ආසික් සුප්පෙක් යටතේ රාජකාරියට නිල වෙලා තියෙන නිසාත් ඒ හැම උලව්වකට වඩා පහුගිය අවුරුදු හයේ ම නොවිඳපු සසිරි බර මෙසිරි ලංකාවේ නිවාඩු කැලැන්ඩරයේ ආල්හ්දජනක රජයේ සහ වෙළඳ නිවාඩු සඳහා සුදුසුකම් ලැබීම මත සලාද සඳහා අලුතින් කාලයක් වෙන් කරවා ගන්න පුළුවන් වෙලා තියෙනවා.

මූ පොඩිකාලෙත් මේම මල් වට්ටියට හිනා වෙනවා.......
දැන් ඇයි මේ හදිසියේ කොටාන්න හිතුනේ කිව්වොත් අපේ ෆෝකසින්ස්ලාගේ ප්‍රමිද වින්දික කුලරත්න (ලුමිනස්) හෙවත් බාත්කණ්ඩේ මලයා උගේ විස්ස විජ්ජාල ජීවිතේ අවසාන වසරේ හිටන් අන්තිමට කොරාපු මියුසික් වැඩ ගැන දාපු පෝස්ටුවක් බුකියේ කියෙව්වා. නොදන්න අයට ලුමිනස් ගැන ටිකක් ලියන්න එපෑය. වින්දික (නෑ ප්‍රමිද තමා ඇවරිතුමා කියන්න කැමති නම. නමුත් ඌ කැමති සහ කැම්පස් එකේ ඌට කියන්නේ වින්දික) අපේ අම්මාගේ පොඩි නංගීගේ දෙවැනි පුතා. අපේ වස්තු පුංචිගේ බඩ පිස්සා. අයියෝ සිරිසේන. ඇවරිතුමා මේ නෑකම් කියන්න යාමෙන් කෙළ පැමිණි පොරක් හරිය.

අතුරු කතාව - ඔන්න දවසක් ඇවරිතුමා පොඩි කාලෙ බාලදක්ෂ කරන දවසක ඇඳුම අරන් යන්න අමතක වෙනවා. රෙදි නෑ... දැන් රෙදි නෑ...!! ඉස්කෝලෙ ඔෆිස් එක ඉස්සරහ කොයින් බූත් එකෙන් කෝල් එකක් ගන්න ඇවරියානෝ මාමාලාගේ ගෙදරට කතා කරලා ලොකු මාමාට ම සැර ටෝකක් දෙනවා.

හලෝ.. මේ ඩොක්ටර් අල්විස්ගේ නංගිගෙ පුතා, නලින කතා කරන්නේ ඉද්කෝලෙ ඉදන්. මගේ බාලදක්ෂ ඇඳුම ගෙදර දලා ඇවිත්. අම්මා එද්දි ඉස්කෝලෙට අරන් එන්න කියන්න. ආහ් මේ ඩොක්ටර් අල්විස් කතා කරන්නේ. මගේ නංගිගේ පුතාගේ ඇඳුම නංගි එද්දි ගේන්න කියන්නම් හරිනේ? කියලා මාමා ෆෝන් එක තිබ්බා. ගෙදර ආවාම දුවන්න පාරවල් නෑ. ඈ බොල චූ කොල්ලො.. නලින කියන්නේ මගේ නංගිගේ පුතා කියලා මං දන්නේ නෑ එතකොට? ඇත්තට ම ඒ කාලේ ඒ නම්බර් එකට ගොඩක් කෝල්ස් එනවා. කවුරු ගනීද කියලා දන්නේ නැති නිසාත් මං කොයින්ස් දාලා කතා කළ නිසාත් එහෙම විස්තර ඇතුව කිව්ව බව මාමාට කියලා යන්තම් ෂේප් වුනා.

අපි ලොකු වෙද්දිත් මොබයිල් තියා ෆෝන්වත් තිබුණේ නෑ. මට තාම මතකයි විනාඩියට රුපියල් එකොළහක් ගෙවලා තත්පර 59න් කට් කරන්න කතා කරපු දවස් තිබුණා. දැන්ටත් නම් විකුණනන්න ඇවරි හරි දක්ෂයා. I’m Nalina calling from අහවලාස් ඔෆිස් කියලා පටන් අරන් වැල් බයිලා මරන්න ඇවරි දක්සයා. එහෙම කතා කළා ම අහවලා හෙවත් ලොක්කට පට්ට වාසියි. කොක්ටේල් ඉන්විටේෂන් හම්බෙනවා. ඩිනර් අවුටින්. හැම්පර්ස් තව ෆැම් එන්න කියනවා එක මඟුලයි. දැන් උඹ මාව විකුණලා එක එකීව ෆෝම් කළා නම් උඹ ම හැන්ඩ්ල් කරපන්. ආ පලයන් ගිහිල්ලා හම්බවෙලා ම නළවලා වරෙන්. ඉබ්බා දියේ දැම්මා ම ඇන්නෑවෙ කිව්වාලු.       

ආයෙ කතාවට. සංගීතයට උපන් හපන් බාත්කණ්ඩේ ලියෝවෙක් හැටියටත් ගොඩක් ඉවෙන්ට්ස් කරලා තියෙනවා. දක්ෂ පර්කෂන් ආර්ටිස් කෙනෙක්, වයලින්, ගිටාර්, කී බෝරඩ් ආදී හැම දේම වාදනය කරන්න පුළුවන් පොරගේ යාත්‍රා කොන්සර්ට් එක (මොරටුව විශ්ව විදයාලයේ CMS එකේ) බලන්න ඇවරිතුමා විශේෂයෙන් මහරගම යූත් එකට යනවා. මට මතක හැටියට ඒ දවස්වල පී.ඒ හිටපු රවුඩි බේබි ඇවරිතුමාට බුක් කරපු කැබ් එකත් පරක්කුවෙලා පැය බාගයක් විතර පරක්කු වෙලා තමා කොන්සර්ට් එකට සෙට් වෙන්නේ. එච්චර මියුසික් ෆෑන් නොවුනට ඇවරි මාතාවත් මේ ජිල්මාර්ට් එක බලන්න ගිහින් තිබුණා. ඒක ගැම්මෙන් එක පවුලේ කල්ට් එක. කවුරු හරි පවුලේ කෙනෙක් පෆෝර්ම් කරනවා නම් අන්තිම තත්පරේ හරි අපි යනවා.

පට්ට ම සෝලෝ වයලින් පාර්ට් එකකුයි කන්ඩක්ටින්ග් වැඩකුයි කරපු ප්‍රමිදයා වගේ ම ස්ටෑන්ඩ් බයි මී අකපෙලා එකත් පරණ සෙට් එක කියපු කේමදාසගේ සින්දු ටිකයි, නානායක්කාරවසම්ගේ දේශනේයි හැම දෙයක් ම මම වින්දා. ඇත්තට ම අපූරු ප්‍රසංගයක්. ඊටත් අපූරු වැඩේ ඇවරිගේ පර්ස් එක නැති වුන එක. ඒ දවස්වල පාවිච්චි කළේ ලෙදර් දිග පර්ස් එකක්. සෘජුකෝණාස්‍රාකාර. සාක්කුවේ දාන්න බැරි තරම්. ඔය කියන දවසේ ෂෝ එකේ අන්තිමට ඔකෙස්ට්‍රා එක කර්ටන් කෝල් එක ප්ලේ කරලා නවත්තලා ආපහු ප්ලේ කරද්දි ඇවරිතුමා මෙලෝ සිහියක් නැතුව හයියෙන් ම අත්පුඩි ගහලා අවසානෙදි සීට් එකෙන් පර්ස් එක ගන්න අමතක කරනවා. 


පර්ස් එක නැතිවීම කෙසේ වුවත් ඇවරිතුමා ගොඩක් පශ්චාතාප වුනේ ප්‍රමියාට කීයක්වත් දෙන්න නැතිවුන නිසා. එක්කො මල් ගෙනියන්න ඕන. නැතිනම් සල්ලි දෙන්න ඕන. දැන් දෙක ම නෑ. යුනි අයිඩී. එකයි. ආනන්ද අයිඩී එකයි නැතුව අනිත් ඔක්කොම ප්‍රශ්නයක් නෑ. කාර්ඩ්ස් සී4 කැන්සල් කරන්න පුළුවන්නේ. කෝමත් මට අයි.ඩී දෙකක් තියෙනවා. එකම නම්බරේට හැබැයි!

හැබැයි වැරැද්ද පී. ඒ අතේ. එයා හිටිය නම් ඒ ඔක්කො ම එයා ගාවනේ. කෝමින් කෝම හරි ගෙදර ඇවිත් පැයකින් විතර ප්‍රමියා කතා කරලා කිව්වා පර්ස් එක හම්බුනා කියලා. ඇහිඳපු කෙනෙක් ඩීන්ට දීලා තිබුණා. ඊටත් දවස් හතරකට විතර පස්සේ ඇවරිතුමා පර්ස් එක ප්‍රොෆෙසර්ගේ ගෙදරින් ගත්තා. ඒ අතින් මෝරලා පට්ට ආහ්. උන්ට වෙලාව තියෙන්නේ කෝම ද අප්පා මේවා කරන්න. මට තේරෙන්නෙ නෑ. පුදුම බැලන්ස් කිරිල්ලක්.    



ප්‍රමියා ඉංජෙක් වුනත් මියුසික් අතහරින එකක් නම් නෑ. ඒක ෂුවර්. මොක ද ඌට තරම් කැපවෙලා ඒක කරන්න පුළුවන් තවත් අයෙක් නෑ. මේ වෙලාවේ මගේ අනිත් කසිනා හෙවත් අපේ මනුවංශ මාස්ටර්ගේ බඩපිස්සා සුදීප්ත ලේකම්ගේ කොලූ ගැනත් සටහනක් තියන්න ඕනෑ. සුදීත් 2019 පහුගියදා පළමු පන්ති සාමාර්ථයක් එක්ක සෞකලාවියේ උපාධිය හමාර කරනවා. ඊයේ පෙරේදා දිසුර සංගීත නිකේතනයේ නියෝජ්‍ය කළමනාකාරතුමාත් වුන නිසා ඒ වෙනුවෙනුත් සුබ පැතුම් එකතු කරනවා. 
සුදීප්ත ලේකම්ගේ වෙන්ඩ ගාන්ධර්ව මලයා.. 

මේ වගේ රසයක් තියෙන ප්‍රෝ ලෙවල් සෞන්දර්යයවේදීන් අපේ පවුලේ සිටීම වාසනාවක්. දුක කියන්නේ මුන් ඔක්කො ම එක දවසක එකට එකතු කරන්න බැරි එක. අපේ අල්විස් වරිගේ මහ හූරා චමිත හෙවත් හිච්චි මහත්තයා ජපානයෙන් ලංකාවට ඇවිත් ඉන්න නිසා පැදුරක් සෙට් කරන්න ප්ලෑනක් තියෙනෝ. ජනේරුවේ ඉඳන් ම රිද්මෙට රොක්වෙන්නයි කල්පනාව.. හොඳා.. හොඳා....

Thursday, June 27, 2019

මැම්බර් වෙන්න දතකන ග්‍රාමසේවක බුවාගේ කරන්ට් එෆෙයාර් එක හෙවත් විජේකලාගේ ආප්පය යුරේනිට කැවීම



ඇවරිගේ සලාදයේ කාලීන වැඩසටහන් ඒකකය සහමුලින් ම ඇණහිටලා ය කියලා හිටන් ඇත්තන්ට පවා පැමිණිල්ලක් ගිහින් තිබුණා. මේ ගැන වග විභාග කරන්න අමරබන්දු රූපසිංහ ඇත්තෝ අරලිය මන්දිරේ පැත්තේ ඇවිත් යන්න කියලා සාටක මහින්ද අතේ පණිවිඩයක් එවලා තිබුණත් වැඩ රාජකාරී නිසා හිටන් හුටන් හම්බෙන්න වෙලාවක් තිබුණෙ නෑ. අන්තිමේ දී ඇවරිතුමා සියලු ම රේඩාර් පද්ධතිවලින් වහන් වෙලා මේ දවස්වල දෙවැනි පාරත් මැම්බර්කමට පොරකන ග්‍රාමසේවක බුවාව හම්බෙන්න සෙනසුරාදා උදේ ගියා.

අරලිය මන්දිරේ හාන්සි පුටුවකට වෙලා නිදි කිර කිර හිටි ජනාධිපති හිටන් ඇවරිතුමා දැකලා හරිබරි ගැහිලා ඉඳගත්තා. එවෙලේ විජේකලා ළමාතැනී උදේ කෑමට හිටන් ලොක්කට කතා කරනවා. ඇවරිතුමාත් කෑමට සෙට මෝල් වුනා. ආප්පයකින් සප්පායම් වෙලා චීෆ් ප්‍රසියා හිටගෙන ම කතාව පටාන් ගත්තා. අයිසේ, ඇවරියා දැන් බලනවකෝ තමුසේ මේ කිසි ම කරන්ට් එෆෙයාර්ස් ගැන අප්ඩේට් එකක් දාන්නේ නෑනේ. අප්පට යකෝ මේ අවුරුදු පහට මූ ඉංගිරිසිත් ඉගෙන ගෙනනෙ බන්? අපේ කලාත් කිව්වා කම්මැලිකමට කියවන්න මුකුත් ම නෑ කියලා. විකලා අම්මණ්ඩිටත් නිකා ඉන්න බැරි හැටි. ලොක්කට කේළාම් කියන්නේ. අනික මේ ලොක්කගේ ඊනියා බිබික්කන් කුමාරිකාවන් පිනවන්න අකුරු ලියන්න අපිට අහවල් අමාරුවක් යැ?? මං ඔය පට්ට පඳුරියන්ට බ්ලොග් ලියන්නැහැය කියලා කියන්න හිතුවත් කලාවෝ ගැන හිටමාගේ දෘඩතර ආලය ගැන හිතලා කරබාගෙන හිටියා. මොකෝ හෙට උදේ ම එෆ්.සී.අයි.ඩී එකේ පඩි නඟින්න ඕන නෑනේ..?

හරි....හරි සොරිසේන මං උඹේ පෝස්ට් එකක් දාලා වැඩේ අප් කරලා ගන්න හිතද්දිම තෝ තපුල්ලන්න තියාගන්නවනේ. බලපන් අර ලී මෝල් කතාව. මොන මෝඩ මල්කොහෙක් ද බං හේම කියන්නේ..? කොහෝ කොහෝ.. කොහේ ඉඳන් කොහෝ කියනව දෝ? හිටන් ෆුල් ආසික් මූඩ් එකේ ඉඳන් ගීයක් මුමුණන්න ගත්තා. හරි එහෙනම් මේම කරමු අද හවස දෙකයි තිහට තරංගනියේ දෙරණ ලක්ස් සිනමා උළෙලට ගිහින් එන්නයි තියෙන්නේ. මේන් පාස් දෙකක් ම තියේ. ෆිල්ම් දෙක බලලා හිටන් මොනා හරි ලියන එකයි ඇත්තේ. අපේ කෙල්ලගේ හිත සැනසෙන්න. අම්මපා හිටන් ඔයා දෙයියෙක් නෙමේ දේවාලයක්!

සීමිත කොණ්ඩයෙන් අසීමිත තට්ටය වසා සිටිනා හිටමාගේ නළලට හාද්දක් දුන් ඇවරි එසැණ ගිරා මාරු වුනා. බුවා පාස් දෙකක් ම දුන්න එකේ සම්බන්ධීකරණ ලේකම් එක අමතා ඒ ගැන කිව්වත් ලේකමී සෙනසුරාදා උදේ වෙනකම් නිදා ගන්න නිසා ෆෝන් ආන්සර් කළේ නෑ. ලේකමී දෙක ඒ සෙනසුරාදාවේ කොළඹ හතේ වැඩ කරන නිසා සප්‍රයිස් විසිට් එකක් කරන්න හිතාගෙන ඇවරිතුමා කුමාරිහාමිගේ කන්තෝරුව පැත්තේ ගියා. වරුවයි කිව්වට ඇගේ වැඩ තවත් පැය ගාණකට අහවර නොවන එකේ මාගමුන් එක්ක පිචෑර් බැලීම කරදරේ නිසා ඇවරිතුමා තුමූ ම චිත්තරපටිය බලන්න පිටත් වුනා. පළමු චිත්‍රපටය වුනේ නයිට් රයිඩර් ඇවරිගේ ප්‍රියත ම එකක්.

එහි පුරාණ කතාව ඉතා දුරයි. චිත්තරපටියට වඩා එහි අධ්‍යක්ෂවරයා, කසුන් චන්ද්‍රනාත් පතිරණ හෙවත් ඉස්කෝලෙ යන කාලේ චන්ද්‍ර-නයා නිසා චිත්‍රපටය බොහෝ විශේෂ එකක් වුනා. නළුවරණයත් ඉතා විශේෂ වීමෙන් අනිවා ඒ පින්තූරෙ බලන්න හිතුවා. අසෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පතිරණ ගුරු පියාණන්ගේ කනිටු පුත්‍රරත්නය වුන චන්ද්‍ර-නයා ඒ කාලෙත් හරි ම ඇම්ඩා. ලොකු අයියා උදාන්ත දියනාත් පතිරණ හෙවත් දිය-නයා නිහඬ වැඩකරු. ඇවරි මේ දෙන්න එක්ක ම බාලදක්ෂ වැඩකටයුතු කරලා තිබුණා. පස්සේ දිය-නයා අයියා පරිගණක ඉංජිනේරුවෙක් වෙද්දි මදාවි චන්දරේ කොළඹ කැම්පස් ගිහින් ඇඩ්වර්ටයිස් වල හෙන පොරක් වෙලා පස්සේ නයිට්රයිඩර් හරහා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙනවා.

ඇවරිගේ සරසවි මිතුරියක වන මේ සලාදයේ මුල පෝස්ට්වල ලියැවී ඇති චතූරිකා.. නෑ සිරිසේන නෙමේ, වීරසේකර ළමාතැනීගේ අක්කණ්ඩිය පබා වීරසේකර මැතිනිය චන්ද්‍ර-නයා සමඟ විවාහ වීම නිසා චන්ද්‍ර නයා ගැන නිතර දෙවේලෙ බුකිගත අප්ඩේට්ස් ලැබෙනවා. ලොක්ක දුන්න පාස් තිබුණත් ඇවරිට ඇවරිවීමේ දවස් ඉතා ම අඩු නිසා සාමාන්‍ය ජනතාව වගේ පෝලිමට එකතු වෙලා යන්න තීරණය කළා. කොටින් ම ප්‍රධාන නළුවා කලණ ගුණසේකරත් ඒ පෝලිමේ ම පස්සෙන් ඉද්දි අපි නිකන් පාස් පෙන්නගෙන ලොකු සීන් එකේ යන එක ඇවරිට ඇල්ලුවේ නෑ. අනික එතන හිටයේ සිනමාකාමී දන්න කියන ප්‍රජාවක්. බහුතරය අති ආතල්කාමී සෞ.කලා වියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්. උන්ට සාපේක්ෂව ඇවරි ඉතා ම නාකි වුනත් කාමය වයස්ගත නොවන නිසා කෙල්ලො දෙදෙනෙක් සහ කොල්ලෙක්ගේ සමාගමයට ඇවරිත් එකතු වුනා.

නිනෝ ලයිව් ගැනයි, චින්තනගේ බහුචිතවාදියා ගැනයි, දැකලා පුරුදු කෙනෙක් ගැනයි, සමාධි ගැනයි, දසුන් පතිරණ සහ ලිවින් ටුගෙදර් සංස්කෘතිය ගැනයි කොටින් ම ආෆ්ටර් පාර්ටි සුස්තිය ගැනයි දක්වා වූ දිගක් පළලක්, බරක් පතළක් නැති සාරගර්භ, ළඳ බොළඳ සහ ඇතැම් විටක ඉතා ම හරසුන් කතාන්දර අපි කතාබහ කළා. කෙල්ලො දෙන්නා නම් නොන්ස්ටොප් එෆ් එම් දෙකක්. ඇවරි කාලයක් තිස්සේ ඇබ්බැහිවුන අසන්නෙක් වෙන්න ආසා කළා. එහිදී ඉතා පහසුවෙන් ඒ අවස්ථාව ලැබුණ කිව්වොත් නිවැරදියි.

ප්‍රවේශපත්‍ර දෙසීයක් නිකුත් කළා. ඒ වගේ දෙගුණයක් ආපහු හැරිලත් ගියා. හැබැයි ඕන අයට බිම වාඩිවෙලාත් බලන්න තිබුණා. ඇවරිට හිමිවුනේ තරංගනී ශාලාවේ පළමු ආසන පේළියේ මැද සිට පළමු අසුන. වමේ බොහොම හෙමින් කතා කරන කෝච්චිය. ඒ වෙද්දි අපි සෑහෙන්න කතා කරන තැනට ඇවිත් තිබුණා. ත්‍රාසය, භීතිය, කුතුහලය පිරි ඔවුන්ගේ වීර චාරිකාව ගැන බලන්න ගිහින් ඇගේ චාරිකාවේ ගොඩාක් තැන් අහගත්තා. හදිසියේ හමුවන ගමන් සගයන් හිතුමතේ පාට කරන චිත්‍රවලත් අමුතු ලස්සනක් තියෙනවා. අර මැරයෝ කාමරේට කඩා පනින වෙලාවේ ඈ බොහොම තදින් මගේ අත අල්ලා ගත්තේ ඇත්තට ම බය වෙලා වෙන්න ඕන.

දන්න කියන ලොකේෂන් නිසා චිත්තරපටිය සෑහෙන්න සුපුරුදු බවක් දැනුනා. කලණ සෑහෙන්න සාධාරණයක් ඉෂ්ට කළත් යුරේනිට තව ටිකක් හොඳින් කරන්න තිබුණා කියලා හිතනවා. පිටපත ඉතා ම ප්‍රබලයි. හැබැයි අමුවට ලියැවුණ තැනුත් තිබුණා. දෙබස් විසින් සියල්ල වහලා දැම්මා කිව්වොත් හරි. අති ධාවනකාරී නයිට්රයිඩර් ඉතා ඉක්මණින් වෙනස්වන ෆිල්ම් එකක්. මෙහෙම මෙහෙම කරද්දි සීන් එක වෙනස් වෙලා. කතාව වෙන පැත්තකට ගිහින්. ඒ කුතුහලය සහ අවසානයට ඇවරි පුද්ගලිකව ඉතා කැමතියි. නමුත් මුල ඉඳන් ම මොකක්දෝ හදිස්සියක් මං දැක්කා. ඒක කතාවට අවශ්‍ය වුනත් ඇතැම් සිදුවීම් දඩි බිඩි ගාලා වුනා වගේ කියලත් හිතෙනවා. කැමරා කෝණ සහ සංස්කරණය කම්මැලිකම නැතිකරලා ඇස් තිරයට අලවලා තිබුණා. සංගීතයත් වාණිජ සිනමාවට ගැළපෙන හැටියට භාවිතා කරලා තිබුණා. එහි ගරු රඟපෑම් දක්වපු පිරිස අතිවිශාලයි. අර කුමාර හාදයා ෂෙඩ් එකේ කරන රංගනය ප්‍රශස්තයි. ගහනවා නෙවෙයි වැදෙනවා මල්ලී....!!

කතාසරිත් සාගරේ ඉතා ම කැමති වුනේ ඒ රින්ගින් ටෝන් එකට. ගන්නකෝ.. ගන්නකෝ..! එයාට ඒ රිදම් එක පවා මතක තිබුණා. ඇවරිතුමා මොනවා කිව්වත් මාලක ඉස්සරහා යුරේනිගේ රඟපෑම අති විශිෂ්ටයි කියලා ඒ දැරිවි කිව්වා ම  හැරෙන තැපෑලෙන් ගෑනු මායම් කියපු තැන ඉඳන් ඇවිලුණ ගින්න නිවෙද්දි ඇගේ ඇස් රතුවෙලා තිබුණා. හීනියට දුකක් කාන්දු වුනත් ඊළඟ ෆිල්ම් එකට පෝලිමේ ඉද්දි නෙස්කැෆේ අල්ලසකින් දඩයක් ගෙවන්නත් වුනා.

නයිට්රයිඩර් සංවාද මණ්ඩපයට නොඉඳ අපි හතරදෙනා එළියට ආවේ හුස්ම බලන්න පෝලිමට එකතු වෙන්න. ඒ අතරේ වැස්සක් කඩා වැටුන නිසා පෝලිම් කැඩිලා තෙරපලා ඉස්සරහට ම එන්න පුළුවන් වුනා. මල් වැහි හතක් වැස්සක් උලකුඩය දේවී නෙමේ තමුන්ගේ කුඩ රාජයා ඉහළන්න තියා ගත්තේ. පාවිච්චි නොකරන දේවල් ඈලියාවට යනවා ඉබ්බි.. මගේත් කට හොඳ නෑනේ. ඒ දවසේ දෙවැනි ඇඬුම.

ඔය අතරේ පෝලිම් පනින සීන් එකක දී ඇවරිතුමා ඇතුළු කණ්ඩායමට වොන්ඩර් වුමන් කෙනෙක් හඳුනාගන්න ලැබෙනවා. ඇගේ නමක් ගමක් නැතත් ඉස්සරහට එන මයි කාර්-මයි පෙට්‍රල් චිත්‍රපටයේ අධ්‍යක්ෂිකාව ඇයයි. පට්ට ම ෆෝවර්ඩ් කෙල්ලක වූ ඇය ඒ වෙද්දි ආරම්භ වූ සංගීත මියැසියේ පළමු නර්තන ශිල්පිනිය බවට ද පත්වුනා. අමා විජේසේකර අක්කත් ඈත් එක්ක නැටුමට සෙට් වුනා.  සුරේන්ද්‍ර, ඩ්‍රීම් ස්ටාර් එකේ සරං කොල්ලා, පේෂල සහ තට්ට කී බෝර්ඩ් බුවා එකතු වෙලා දුන්න සැප කියන්න වචන නෑ. සුරේන්ද්‍ර අයියා මැන්ඩලීන් ගැහුව හැටි අපේ සෙට් එකේ කනුවා ඩබ් කළේ මේම.

පේෂල - ඊයේ මොනා ද බං ගෑනි හැදුවේ...
සුරේන්ද්‍ර - නූඩ්ල්ස් බන් නූඩ්ල්ස්.. ආ තව බිත්තරේකුත් තිබ්බා. 
පේෂල - මට වැඩි වෙලා එහෙම ම නිදා ගත්තා බං.
බලපන් උන් දෙන්නා ගේමට ප්ලේ කළත් ඕපදූප කියවන හැටි. ඔය වගේ නානා ප්‍රකාර විහිළු. උන් තුන් දෙනා නළුවන් වීමේ ආනුභාවයෙන් හිනාවෙලා ම මගේ ඉල ඇටවල එලයිමන්ට් අවුල් ගියා.

දෙවැනියට බලපු හුස්ම ෆිල්ම් එක නම් කොපියක්. අපි පෝලිමේ ඉද්දි ඒකේ ඔරිජිනල් එකේ ට්‍රේලරයක් සහ වීමෝහි තිබූ ෆුල් මූවි එකෙන් කොටස් කීපයක් බැලුවා. ඒක හරියට කෙටි චිත්‍රපටක් වගේ කියලා මට හිතුනා. උන් සෙට් එක එච්චරට ම කලාව ගැන සවිඤ්ඤාණිකයි. ඇත්තට ම කිව්වොත් අනූවෙ සෙට් එකක් එක්ක යම් කිසි ලෙවල් එකක කොලිටි ෆන් එකක් ගත්තේ එදා. නමුත් අවාසනාවට ඇවරිගේ ඒජන්තවරියක් බ්‍රවුන් හෝටලයේ දී හමුවීමට තිබූ නිසා හුස්ම සංවාදයටත් නොඉඳ සමුගන්න සිද්ධ වෙනවා. ඒ ගැන නම් සගයන් හිටියේ කැමැත්තකින් නෙමේ.

Wednesday, October 26, 2016

අයියෝ බජිරාඕ හෙවත් හින්දි වදන් තෙපලන්නිය හා පිච්චැර් සමයම

ඇවරි සාමාන්‍යයෙන් පිච්චර් පිස්සෙක් තමා. කොච්චර වැඩ තිබුණත් සැටඩේ නයිට් බ්ලොක් බස්ටර් එක නම් බලනවා. ඉන් රිටර්න් ඉරිදාට කුණුකෙළ පෙරාගෙන දහම්පාසල් ගිහින් නිදිමරගාතෙ ළමයින්ට බණසනු දේශනා කිරීම වෙන කතාවක්. සාමාන්‍යයෙන් හිට් හින්දි ෆිල්ම් බලන්න නම් එතුමා එතුමාගේ හින්දි රසිකාවිය ප්‍රී බුක් කරගන්නවා. එතකොට වාසිය වෙන්නේ ඉංග්ලිෂ් සබ්ස් නැතිව හින්දි වලින් ම ෆිල්ම් එක බලන්න පුළුවන් වීමයි. ඒක සිරා වැඩක් මොක ද එයා හින්දියෙන් දෙබස් කියනවා. ඇවරිතුමා ඉංග්‍රීසි සබ් බලලා සිංහලෙන් කියනවා. දෙබස් කියනවා කිව්වට අපි දෙන්න ම මූඩ් එකෙන් රඟපානවා. සමහරවෙලාවට දෙපැත්තේ ඉන්න මිනිස්සු නොරිස්සුමෙන් රවා බලන්නත් බැරිනෑ. පිර් සෙ කරෝ/කහෝ තමා එපාම වෙන වාක්‍ය ඛණ්ඩය. එතකොට ආයෙත් කියන්න වෙනවා.

ඇත්තට ම අධික කාර්යබාහුල්‍ය නිසා අපිට වෙලාවක් දාගෙන හින්දි ඩබ් කරමින් ෆිල්ම් එකක් බලන්න වෙන්නේ ගොඩක් කළාතුරකින්. හැබැයි එහෙම සෙට් වුනා ම ඒක විනෝද සාගරයක්. කොහොමින් කොහොම හරි ඇවරි අවසාන වශයෙන් එහෙම බලපු ෆිල්ම් එක තමා සන්ජේ ලීලා බන්සාලිගේ බජිරාඕ - මස්තානි. දීපිකා, රන්වීර් ඇවරිතුමාගේ කෝමත් ෆේවරිට්. ඇවරිතුමා සෑහෙන්න වෙලාවට වැඩ කරන නිසා ඇය මට කලින්ම ඇඩ්වසිස් පාරක් දුන්නා. ඇඩ්වාන්ස් බුකින්ස් වුනාට කමක් නෑ කලින් එන්න. නැත්නම් තුජෙ පිච්ර්කි ලියේ ලේට්ට කරුන්ගී .. තමා ඕන්.

අන්න පුතා බලනවා නම් මූවීස්ග සබ්ස් දැම්මත් අපිට මෙලෝ මඟුලක් නොතේරෙන නිසා තමා වෘත්තිය දෙබස් කියන්නියක් අවශ්‍ය කරන්නේ. කොහොමින් කොහොම හරි මං ඒ ලව් ස්ටෝරිය නම් බොක්කෙන් ම බැලුවා. පස්සෙ මට බජිරාඕ බල්ලාල් ඇත්තට ම හිටියා ද කියලා සැකයක් ඇතිවුනා. අපි ඒ ගැන සෑහෙන්න වාද කරමින් කොෆි ෂොප් එකක කල් ගෙව්ව මතකයි. මගේ ඉතිහාසකාරී සෑහෙන්න දෙයක් ඒ ගැන කියවලා තිබුණ නිසාත් ඇය හින්දි සංස්කෘතිය ගැන ප්‍රාමාණික බුද්ධිමත් කාන්තාවක් වීම නිසාත් ඇවරිතුමා තමුන්ගේ ටිකිරි මොළෙන් අහපු තකතිරු ප්‍රශ්න බොහොමයකට අනුකම්පාවෙන් ඈ පිළිතුරු දුන්නා. උදාහාරණයක් විදියට බලන්න මේ සෙට් එක මුල ඉඳන් ම ගහලා කිව්වා ම නෑ මනුස්සයෝ ඒ ජයිපූර් ඇම්බර් ෆෝර්ට් එක කියලා ඈ කියලා දුන්නා. ඈට පින්සිද්ද වෙන්න  ශ්‍රීමන්ත් පෙෂ්වා බජිරාඹ් බල්ලාල් ගැන සෑහෙන්න තොරතුරු ප්‍රමාණයක් දැනකියාගන්න ලැබුණා. 

අගමැති බජිරාඕ හතරවැනි මරාති චත්‍රපති රජු වශයෙන් පාලනය කළා. ඉතිහාස කතා කියන හැටියට බජිරාඕ කියන්නෙ කිසිම යුද්ධයක් පරාජ නොවූ ඉන්දියාව විසින් බිහිකළ ශ්‍රේෂ්ඨත ම සේනාධිනායකයා. නැගෙනහිර ඩෙකෑනයේ ආර්යාවර්ථයක් බිහිකළ රජුන් අතර ඔහු ප්‍රධාන වෙනවා. කොහොමින් කොහොම හරි මූඝල්වරුන් මධ්‍යප්‍රදේශයේ රාජ්පුත් චත්‍රසාල් රජ්ජුරුවන් ආක්‍රමණය කළ වෙලාවෙ චත්‍රසාල් තමුන්ගේ දූ කුමරිය මස්තානි උදව් ඉල්ලා බජිරාඹ් වෙත එවනවා. බජිරාඕගේ ආයුධ ගැනත් අපිට ලොකු ගැටලුවක් තිබුණ හැබැයි. යුද්දෙ දින්නට පස්සෙ බජිරාවෝ වෙත එල්ල කෙරෙන හීතලයකින් ඈ ගළවාගන්නා මස්තානිට කැපුම් තුවාලයක් වී ඈ ඇද වැටනෙවා. පස්සේ ඈගේ කාමරේට බජිරාඕ ගියා ම කියවෙන දෙබස් ටිකත් ලස්සනයි. අර මම කිව්වේ මගේ අවසරයක් නැතුව කාටවත් කාමරේට යන්න එන්න බෑ කියන දෙබස් ටික. එතනදී බජිරාඕ මස්තානි තමුන්ගේ පණ බේරා දුන් බව කියනවා. බජිරාඕ තමුන්ගේ රට බේරා දුන් බව තමා ඈ පිළිතුරු හැටියට කිව්වේ. (තුම් මෙරි ජාන් බචාලියා- තුම් හම්කේ මුල්ක් බචාලියා)

බජිරාඕ නේ මස්තානි සේ මොහාබත් කරි හෙයි අයෛයාෂි නහී. තමුන්ගේ ආදරය ඇත්ත එකක් මිසක් සල්ලාලකමක් නෙමෙයි කියලා මස්තානි කියන දෙබස මැඩම් හරි ලස්සනට, සෙක්සි විදියට කිව්වා. ඒ වෙලේ ඇවරිතුමා නම් කැමති වුනේ ඇගේ ඇස් දෙක දිහා බලා ඉඳින්න. ඒවා කොච්චර තියුණු වුනා ද කිව්වොත් ඈට බජිරාඕ එක්ක තිබුණ කේන්තියට අහිංසක ඇවරිව මරන් කන්න වුනත් හොඳට ම ඉඩ තිබුණා.. වෙලාවට ෂී ඉස් වෙජිටේරියන් මත්ලව් කියන්නේ ඇවරිමස් හා සමානි ගෙරි මස් කන්නේ නෑලු...ලොල්..!!

ඊට පස්සේ, දුනියා හම් දෝනෝකි ඒක් හි නාම් සේ යාද් රකේන්ගී.. බජිරාඕ - මස්තානි කියන දෙබස තමා ඇවරිට ටේක්ස් ගොඩක් ගියා කියලා මතක එක. කෝමත් ඇවරිතුමා තමුන්ගේ ටැබ්ලට් එකේ එම්.කේ.වී ෆයිල් එක අරන් ගියා. ඒ නිසා ෆිල්ම් එකෙන් පස්සෙත් දෙබස් ආයෙ ආයෙ කියන්න ලේසි වුනා කිව්වොත් හරි. බයි දැට් ටයිම් ෂී වෝස් සෝ ෆර්ම් ඇන්ඩ් කොන්ෆිඩන්ට් ඔන් වට් ෂී සෙඩ් කියන්නේ මං කට් කියනවා ඇහුනෙ නැති නිසා ඉවරයි මලහත්තිලව්වේ කියලා කෑ ගහන්නත් වුනා....!!

ඇවරිට කියන්න තිබුණ දෙබස් නම් හරි ම ආන්දමිකයි. ම් ජනම් සෙ බ්‍රාහ්මින් හේ කරම් සෙ ක්ෂත්‍රිය. මෙහෙම කිව්වාට බජිරාඕ පෙෂ්වාටත් එරෙහි වෙන්නේ එයාගේ කුලය. බජී විවාහ කරගන්නේ කාෂිබායිව ඈට දාව ඔහුට පුතුන් තිදෙනෙක් සිටිනවා. ඉන් බාලයා කුඩා කාලයේ දී මිය යනවා. බලාජි බජිරාඕ සහ රඝුනාථ් රාඕ තමා පුතුන් දෙදෙනා. ඔහුට පවරා දුන් බිසව මස්තානි මුස්ලිම් කාන්තාවක් නිසා බජීරාඕගේ අම්මා කැමති වෙන්නෑ.

අර පේරැස් මුද්ද බෝට්ටුකරුවට දීලා යන සීන් එකත් ඇවරි ආසම තැනක්. එහෙම සෑහෙන්න අවදානමක් අරන් ගිහින් අහස පොළොව සපථ කරන සීන් එක නම් ඇවරිතුමාට හරියට කරන්න බැරි වුනා. කොටින් ම මං සම්මානිත නළුවෙක් නෙමෙයි. මෑණීයන් දෑ දැඩි විරෝධය පළකරන දෑය වුනාට බජිරාඕ පූනේ තමන්ගේ මාලිගය ෂනිවාර් වඩාහ් තිබියදී මස්තානි මහල් නමින් තවත් මාළිගයක් හදනවා. මස්තානිගෙන් බජිරාවෝට ලැබෙන පුතා නම් කරන්නේ ක්‍රිෂ්ණ රාඕ නමින් නමුත් සිඟිති පුතුගේ උපනයන කර්මයට සහභාගීවීමට බ්‍රාහ්මණයන් ප්‍රතික්ෂේප කරන්නේ ඔහුගේ මව මූඝල් කාන්තාවක් බව හඟවමින්. පසුව පූර්ණ මුසල්මානුවෙකු ලෙස වැඩෙන රාජ බීජය (හොරාකෑවේ සීරජ නාටකයෙන් බව සලකන්න) ෂම්ෂර් බහදූර් නමින් හැඳින්වෙනවා.

කාෂිබායිට ඇවරි කැමති ඇය සෑහෙන්න ඉවසන සුළු කාන්තාවක් වූ නිසා. උන්හෝහෙ තුමාරා හාත් පක්ඩා හේ පර් චෝඩා තෝ නහී.. කාෂි විශ්වාස කළේ ඒ අදහස. බජිරාඕ තමා ඔබේ අත අල්ලා ගත්තේ - දැන් අතහරින්නත් ඕන බජිරාඕ මිස ඔබ නොවේ...! මස්තානිගේ දරුවා ක්‍රිෂ්ණ කුඩා කාලයේදී තමන්වෙත ගනිමින් දෙදෙනාට ම මවක වෙමින් ඇය දක්වන සෙනෙහස ගැන අපි බොහෝ සතුටු වුනා. මස්තානි ක්‍රිෂ්ණ රාඹ් වඩාගෙන සටන් කරන වෙලාවෙ නම් ඈ බොහෝ බය වුනා. ඒ හරියෙ දෙබස් නොතිබුණ නිසා වඩා හොඳයි...!!

සේදා හම්ලා කරෝ ජෙයිසේ කිස්මත් කරි කත්රි හේ.. - වාසනාව උරගා බැලීම ඉරණම විසඳා ගැනීමට ඉක්මන් වීමකි. කොහොම නමුත් බජිරාඕ අවසාන කාලය වෙනකම් ම මස්තානිට ආදරය කරනවා. බජිරාඕ දිල්ලියට යන අතරමඟ කාගෝර්හි දී පපුවේ අමාරුවක් හැදිලා පිලමන්ට් එක ගැසී යාම නිසා සෙත්ත පෝච්චි වෙනවා.  යුද්ධයට ගියා ම මස්තානිව සිර කරන හැටියට නාටකේ තිබුණත් මස්තානිබායි ගේ මරණය අදටත් අභිරහසක් හැටියට සඳහන් වන බවයි මගේ මහාචාර්යවරිය අපේ සතරකන් ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ දී කියා සිටියේ. මස්තානි සියදිවි නසාගත්තා ද? තම සදාදර සැමියා වූ බජිරාඕගේ වියෝවෙන් ළය පැළී මිය ගියා ද? ආදී වශයෙන් ඒ කාලෙ පොත්වල තිබුණු පොසිබල් ගොසිප් ඇතුළත් පදරංග චීත්ත හෑලි මාත් එක්ක දිගහරිද්දි නම් ඈට රෑ වෙන එක ගැන වගේ වගක් නොවූ බවත් සඳහන් කරන්න වටිනවා.

කොහොම ආදරේ කළත් අනේ මස්තානිගේ දයිය කොච්චර කූරු වුනා ද කිව්වොත් එයාට බජීගේ මිනිය බලන්නවත් අවසර ලැබෙන්නේ නෑ. ෆිල්ම් එකේ දී ඔයා දැක්කනේ බජීගේ මල්ලි චිම්නාජි අප්පා වගේ ම කාෂිබායිගේ පුතා නානාසහේබ් එච්චරත් බලකරලා ආපහු භුන්දෙල්කන්ද් යන්න කියද්දි ඈ ප්‍රතික්ෂේප කළ අපූරුව. ඒකට කියන්නේ පියෝ ලව් කියලා සරියා.. ඇවරිතුමාට සරදමක් කළ ඈ ඊළඟට හින්දියෙන් දොඩන්න ගත්තා.

දේකියේ මහාරාජ්, මස්තානි ආප්නී තඛ්ධීර් කුද් ලික්ති හෙයි.. ඔව් ඔව් මස්තානි එයාගේ ඉරණම තමන් ම ලියා ගත්තා. මුජේ බොහෝත් පසන් හෙයි... නහි බබා තුම් කෙලියේ නහී වෝ මස්තානි කෙලියේ..! ඒ එයා හරි.. ඒක් සචාල් පූචෝ..? කොංජ චින්න පිරච්චිනෙයි!! අබි බෝලෝ, ඔබතුමීට කෝමද ලියලා දෙන්න ඕන???  කරුමෙ කියන්නේ මිත්‍රවරුනි, ඒකට එදා නම් උත්තරයක් ලැබුනෙ නෑ. ලෙකීන් ජල්දී ජල්දී  ජවාබ් මිල්චුකී හෙයි තමා...@@@




ඇවරිතුමා ආස ම කරන බජිරාඕ මස්තානිලා ගොඩක් සාමාන්‍ය ජීවිතේ දී ඉන්නවා. කොටින් ම කිව්වොත් හැබෑ ජීවිතේ ඒ චරිත නම් මාව සෑහෙන්න විනෝද කරනවා. ඒ හැමෝට ම ඇවරිගේ සුබ පැතුම් එක්ක කරන ගමන් හින්දි වදන් තෙපලන්නී හා පිච්චර් සමයම මෙතෙකින් හමාර කරනවා.