Thursday, July 11, 2019

නොවක් අඟනන් හා ඇම්මට ක්ලොරෙක්ස් දැමීම හෙවත් වෛශාඛ දානයේ සහරාන් හමුවීම

ඔව් ඔව් හැමෝම එක ම කොම්පැනියෙ තමා... පේන්නැද්ද පට්ටන්දරේ කරේ එල්ලෙන අපූරුව ...?

සදාලය තාමත් ලියනවා ද කියලා අහන බොහෝ දෙනාට කියන්න තියෙන්නේ තාමත් ලියනවා කියලයි. නමුත් ඉතිං ඔකේෂනලි තමා. මූලික කාරණාව හොරකම් කරගන්න තරම් කාලයක් නැති එක. දැන් වෙන්න ඕන අනික් පැත්ත නමුත් බ්ලොග් ලිවීම තරම් වෙනත් කිසිවකින් ඇවරිතුමා පුද්ගලිකව තෘප්තිමත් නොවන බවත් කියන්න ඕන.

අවුරුදු නිවාඩුවත් සමඟ ආ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ දහම් පාසල ආරම්භ වුනේ ඉතාම මෑතක දී. ඒ අතරේ මෙවර සුපුරුදු පරිදි පැවැත්වෙන වෙසක් හීල් දානය ගැන ලියන්න මඟහැරුන නිසා කෙටියෙන් හෝ ඒ ගැනත් යමක් දෙසා වදාරන්න මේ වෙලාව වෙන් කරනවා. නැත්නම් කවදා හරි දවසක ඇවරියානෝ සිංහාවලෝකනයේ දී ඒ වෙසක් දානය මඟහැරිලා තිබුණොත්.

නෑ එහෙම වෙන්න බෑ. ඇවරිතුමා නැවතත් සියොළඟ දූලි ගාගෙන, කහට යහමින් උලා ගනිමින් මෑණියන්දෑට වද දෙන පෝරප් පෝ ජාතියේ කැරැට්ටුවක් බවට පත් කළ ඒ වෙසක් දානය අමතක වෙන්නේ කෝම ද? දාන ලේඛන පුරුදු පදිරි ඇවරිතුමා අතින් සැකසුනේ සිල් ඇත්තන් දහසක් වෙනුවෙන්. ආසන්න වශයෙන් ඉඳිආප්ප විසිදහසක ඇණවුමක් අප කණ්ඩායම විසින් කළමනාකරණය කළ යුතු වුවත් පාස්කු ප්‍රහාරයත් සමඟින් ආරාක්ෂාව පිළිබඳ ඇති වූ හදිසි තත්ත්වයන් ගැන සලකා සිල් ඇත්තන් පන්සියයකට පමණක් දානය සකසන්න ඇවරිතුමාට උපදෙස් ලැබෙනවා. ඒ අතරේ දරුවන් වෙනුවෙන් පවත්වන සීල සමාදානය අත්හිටුවීමටත් තීරණය කෙරෙද්දි ඒ දානයන් සම්පූර්ණයෙන් නවත්වන්නටත්, තෝරාගත් පන්ති සඳහා පමණක් දානය සකසන ලෙස දැනුම් දෙන්නත් විශාල වගකීමක් ඇවරිතුමා වෙත පැවරී තිබුණා.

නිකන් හිතන්නකෝ වෙන වෙන ම දන් භාරගත් ධර්ම විද්‍යාලයේ දෙමාපියන් වන හැම දායකභවතෙකුට ම පුද්ගලිකව කතා කරලා දානය තහවුරු කිරීම හෝ අත්හිටුවීම ඉතා ම වෙහෙසකර කටයුත්තක්. නමුත් සේවාව කියන්නේ ඒකට. සතියක් තුළ අපි හැමෝට ම අවශ්‍ය දැනුවත් කිරීම් කළා. ආයුබෝවන් මල්කාන්ති මහත්මිය, මේ සපුගස්කන්ද පන්සලෙන්, ඔබතුමිය වෙසක් හීල් දානයට භාරගෙන තිබෙන ඉඳිආප්ප පන්සීයේ දන්කද ලැබෙනවා නේද කියලා දැනගන්නයි කතා කළේ කිව්ව ම ඒ අය ඇත්තට ම පුදුම වෙනවා. සීවන්ච්චරං දෙයියනේ...? එච්රචර කර්ටසි එකක්, එච්චර වටිනාකමක්, එපමණ නිවීමක් පුදුමයි?? අනිවාර්යෙන් ම දානෙ ගේනවා සර්. එහෙම කන්ෆර්මේෂන් ගද්දි එන හැඟීම වචන වලින් කියන්න බෑ. ඒ අයටත් මාර ගටක් එන්නේ. අඩේ මුන් මෙච්චර මහන්සි වෙන නිසා දානේ ගේන්න ම වෙනවා වගේ හැඟීමක් අපි දනවනවා. මොන ප්‍රශ්න ආවත්, බෝම්බ කොහොම ගැහුවත් වෙසක් හීල් දානෙ දෙමාපියන්ගෙන් ගෙන්නල දෙන බවට ඇවරිතුමා ගත්තු වගකීම ඉෂ්ට කළේ ඒ විදියට.

සුළුතර සිල් ඇත්තන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඊළඟ බරපතල තත්ත්වය. ආරක්ෂක විධිවිධාන සැලැස්මක් අපිට තියෙන්න ඕන. මොක ද පන්සල හතර පස් පැත්තෙන් ම ඕපන්. එක ඇතුල්වීමක් පමණක් තියාගන්න සැපයුම් සේවා සඳහා වෙනත් මාර්ගයක් භාවිතා කරන්න. සියලු ම දෙනා සෝදිසි කර ඇතුල් කරන්න, ආදී වශයෙන් අතිශය සූක්ෂම ආරක්ෂණ සංග්‍රහයක් සකසා ගන්නා අපේ අය දෙමාපියන් ඒ වෙනුවෙන් පුහුණු කරගන්නවා. වෙසක් දවස පුරා ම දායක සභාව ඒ ඒ ඩියුටි පොයිනන්ට්ස්වල රාජකාරී කරන අතරේ අපි ඒ අයට ප්‍රත්‍ය පහසුකම් සපයමින් බලාකියාගන්න අමතක කළේ නෑ. වැඩිපුර හැතැප්මක් ගිහින් 2019 වෛශාඛ මංගල්‍ය පිළිවෙතින් සමරන්නට අපි කටයුතු කළේ එහෙමයි. 

වෙසක් දවසේ සිල් ඇත්තන්ට පහසුකම් සපයන අතරේ හොස්ට් හැටියට එයාලට කතා කරන්න එක ඇවරිතුමා ඉතා ම ආසාවෙන් කරන දෙයක්. එහෙම සිල් ඇත්තන්ගේ ඵාසු විචාරද්දි තමුන් හරියට චක්‍රවර්තී රජතුමා වගේ කියලා ඇවරිට හිතෙනවා. හා කෝම ද? දානෙ ඇති ද? තව පරිප්පු ටිකක්? දැන් එහෙම ඇහුවට මේ අතේ පරිප්පු බාල්දියක් නෑ. නමුත් අහනවා. එතන තමා ලල් එක තියෙන්නේ. මෙදාපාර සිල් ඇත්තන් අඩු වුන නිසා ගෙවදින මළුවේ අඹගහ යට එළිමහනේ තමා හීල් දානය ලෑස්ති කරලා තිබුණේ. දානෙ බෙදන අයට අමතර ගුරු මණ්ඩලේ ඇත්තෝ පිඟන් දරාගෙන කෝප්ප දරාගෙන හිටියා. පිඟන් අතට අරන් ලන්ච් ෂීට් අයින් කළා. පිඟන් හෝදන්න නිල දායක ඇත්තික් හිටියා. එතුමිය කොච්චරවත් ළිඳෙන් වතුර ඇදලා සිල් ඇත්තන්ට අත පැන්වත් කරනවා. ඒක එක ම වැඩසටහනක්. අපි කණ්ඩායමක් හැටියට එක්කෙනාට එක්කෙනා බැක් කරගෙන නියම ගේමක් ගහනවා. පත සයිස් කටාරම් පරිප්පු භාජන, බේසම් පිටින් ඉඳිආප්ප නිතර ඉහළ පහළ යන්නේ ඉතා සැහැල්ලුවෙන්.

ආහ් මෙදා පාර ඇවරිතුමා පණ්ඩිත වැඩක් කරන්න ගිහින් අතපුච්චා ගන්නව. තේ හදන්න අපිට අම්මලා දෙදෙනෙක් සහ තාත්තෙක්ගේ වෙන ම නිල කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ අය කෝප්ප දාහක් උනත් ගාණට ලයින් කරලා වෙසක් හීල අවසන් වෙලා සංවිධායක පිරිසත් දානෙ අරන් ඉවර වුනා ම එදාට උදේ පන්සල් සිල් ඇත්තන්ට දෙන දන්සැලටත් තේ දෙනවා. තේ පාර්ටිය සොලිඩ් දොළහ වෙනකම් ම යනවා. මැද ටර්න්ස් ගද්දි අපේ කට්ටියට මහන්සි නිසා ගුරු මණ්ඩලේ අපිත් තේ හදනවා. එදාත් අම්මලා දෙන්න එපා කියද්දි බක පණ්ඩිත ඇවරිතුමා උණු වතුර ජෝග්ගුවක් ළඟ නමන්න ගිහින් හුමාලෙට අත පුච්චා ගන්නවා. පස්සේ අංගනාවෝ බැණ බැණ දවල් බත් කැව්වත් මතකයි.

ඔය අහු අස්සේ මෙවනාට මල පැනලා එක විජ්ජුම්බරයක් වුනා. අපේ කට්ටිය කුණු පුච්චන්න ඇවිත් නැතුව මෙවන් තනියෙන් ම කුණු එකතු කරලා බැණ බැණ පිච්චුවලු. ඒ මදිවට සහරාන්ගේ මල්ලි පන්සල් ඇවිත් මෑන්ස්ට රටේ නැති කතා කියලා අන්තිමට දානෙත් දීලා තේත් අල්ලපු කතාව අමතක වෙන්නෑ. 

ඔන්න හීල ඉවර වෙද්දි සුදු කළිසමක් ඇඳලා සුදු ටී ෂර්ට් එකක් ඇඳපු රැවුල්කාරයෙක් පල්ලෙහා මකර තොරණින් ඇතුල්වෙලා උඩට ආවා. මඟක දි ඒ මෑන්ස් උතුරු සලුවක් ඇඳලා තියෙනවා. ඩයලය ගැන සැක හිතපු ආරක්ෂක කමිටු සාමාජිකයන් එයත් එක්ක ම ඇවිත් උඩ මළුවේ පඩි පෙළ ළඟ නවත්තලා ප්‍රශ්න කළා. අනන්‍යතාවය ඔප්පු කරලා විශේෂ පොලිස් නිලධාරියෙක් ගෙන්වලා සුද්දයක් දාලා එහෙම තමා මෑන්ස්ට උඩට යන්න දුන්නේ. එතුමා ගැන කරුණාවක් ඇති වුන අපේ දේවකී අක්කා දානෙ ටිකක් ගන්න කතා කළා. පොරත් ආවා. දැන් දානෙ බෙදන අතරෙ මැතිනිය කතාව. මේකනේ මේ රටේ ප්‍රශ්න නිසා සිල් ඇත්තන්ටත් කරදරේ නේද? ගෙවල් මෙහේ කිට්ටුව ද? නෑ මං මහනුවර වත්තේගම. ආ බැන්දේ කොළඹින්. මං බැඳලා නෑ අනේ. ආ.. හැබෑට නැද්ද? වැඩි වයසක් නැතුව ඇති මයෙ හිතේ. යකෝ මේ යෝදි..? මොන ත්‍රස්තවාදියත් නාරි පානිය ඉදිරියේ දීන වන බව ඉන්තේරුවෙන් සනාථ වුනේ එදා ආයිබෝන්. කෝමත් උන් සිංහල ගෑනුන්ව බැන්දනම් බෝම්බ ගැහිලි වානා කියලත් කතා වුනා නේ?

පහුවදා දානෙටත් අපිට ආරාධනා ලැබුණ නිසා ගියා. ඒකනම් ටෆ් ගේමක්. හතර පේරුවේ දායක දායිකාවෝ කුළඟන සමිතිය හේම තමා මේක කරන්නේ. සියක් නමකගේ පින්කමක්. දහම් පාසලේ ඇත්තො සහභාගි වෙනවා අඩුයි.  ගුරුභවතුන් පිරිකර හෝ දානෝපරකරණ භාර ගෙන තියෙන නිසා වක්‍රාකාරව ඊට එක්වෙනවා. නමුත් ශිෂ්‍ය නායකයන්ගේ ඉහළ නිලයන් ඊට චාරිත්‍රනුකූලව එක්වෙනවා. මයිනා සහ ඇවරිස් හිටියේ තැම්බූ එළවලු පිඟන් හදන්න. ලන්ච් ෂීට් දිග අරිමින් අපි එක නැටුමක් නැටුවා. මධූෂා, බුදාරා පළතුරු වට්ටි හැදුවා. දෙලුම් ඇට ගලවන්න වෙන ම අංශයක්. සාංඝික කරන්න මේසත් අපි බැලුවා. ඒ දන් කද තියන්න අඩි ගාණක මේස ඕනා. පඩික්කම් වගේ ම උණු සහ ඇල් තැඹිලි වතුර සොමි බෝයිස් කණ්ඩායම. එච්චර විතරක් නෙමේ. හැම හාමුදුනමක් ම මුතු කුඩෙන් වඩමවන්න පිරිමි. හැම රියදුරෙක්ට ම බත් පැකට් එකක් දෙන්න බැක් ඔෆිස් එකක්. හාමුදුරුවො වැහෙන්න ලැබෙන පිරිකර, කැවිලිවට්ටි, පලතුරු වට්ටි අරන් යන එක හාමුදුරුවන්ට එක බැගින් ඇබිත්තයො හප්පා ඒක මාර වැඩ ගොඩක්. 
   
ගේන දානෙ දායිකාවෝ තැන තැන හංගන්නේ පස්සේ භුක්ති විඳින්න. සියක් නම වඳළලා අහවර වෙලා වැඩියාම පන්සලේ පොඩි හාමුදුරුවො දායක ඇත්තන්ට වාඩි වෙන්න කියලා තමන් වහන්සේ සහ තරුණ දායක ඇත්තන් ලවා බත් ව්‍යාංජන දායකයන්ට පිළිගන්වලා ආශිර්වාද කරන නිල නොවන චාරිත්‍රයක් මේ දානෙ ඇතුළත් වවන නිසා බොහෝ වැඩිහිටියො ඒ දන්කදේ වළඳන්න ම එනවා. ඇවරි මාතා, ඇවරි පිතා මේ දානේ අට පිරිකරක් අනිවාර්ය සේවා භාරගන්න නිසා හැමදාම වෙසක් දවල් දානයට යනවා. පින්කම් මුකුත් ගැන නැතත් ඒ දාන වේල ගැන උජාරුවෙන් කියනවා. පොඩි හාමුදුරුවො හරි පිළිවෙලට කළමනා අපිටත් බෙදුවා ය කියලා. ගෙවල් වල කෑම කොච්චර තිබුණත් ඒ සහභෝජනය මිනිස්සු අගය කරනවා.  දානෙට මහන්සි වුන හතර පේරුවේ දායකයන්ට හාමුදුරුවො සලකන්න එපෑය. එදාට දානෙ බෙදන තරුණ ඇත්තන්ට වෙන ම දන්කදක් උන්වහන්සේ තමුන්ගේ දානෙත් එක්ක වෙන් කරලා තියෙනවා. සියක් නමකට දන් දුන්නත් තමන් වහන්සේ දන් වළදන්නේ ඒ හැමෝ ම වළඳන බව තහවුරු කරගෙන.  

මෙදාපාර දානෙ අහවරවෙලා දානෝපේත කතාවේ දී අපේ පණ්ඩිත හාමුදුරුවෝ සහරාන්ට නිවන් සැප ප්‍රාර්ථනා කිරීමත් විශේෂ සිද්ධියක් වුනා. බොහෝම සාමකාමීව බෞද්ධයන් වෙනත් ආටෝප වැඩවලින් මඟ හරවලා වෙසක් සැමරීම වෙනුවෙන් ම රටක් හැටියට ඒකරාශී කිරීම වෙනුවෙන් තමා එහෙම ප්‍රර්ථනා කළේ.  

කලින් කිව්වනේ ඇවරි ඇඳුම ජරා කරගත් කතාව වුනේ සිරිපාල මෙදාපාර නාපු නිසා. ඇවරිපිතා තමා ෆුට් සැලඩ් චෙෆ්. සොයිසා අන්කල් තමා තැඹිලි කරත්තේ. ඒ ඒ අය ඒ ඒ වැඩ තමා කරන්නේ. තැඹිලි කපන අය කෝම්බ හතරට පළලා ගෝනිවල දාලා පහළට යවන්න ඕනා. නැත්නම් දානෙ ඉවර වෙද්දි කෝම්බ සීයක් විතර ගොඩ ගැහිලා. දානෙ ඉවර වෙලා පිඟන් කෝප්ප එවෙලේ ම හෝදනවා. එවෙල වේලලා එවෙලෙ ම ආවාසෙ සොල්දරෙන් නමනවා. කෝමත් සවස පහ විතර වෙනකම් වැඩ. එදා සිරිල් නැති නිසා ඒ වැඩේ ඇවරිත් මයිනාත් අපේ මෙවන් කොලූත් භාර ගත්තට මොක ද ඇවරිගෙ සුදු ඇඳුමේ කහට ගොඩාක් ගෑවුනා. කැලැල් දැක සිනාසෙන්නෝ තුවාල නොලද්දෝ යැයි කියමින් දෙකේ පන්තියෙ පොඩි එකා වගේ ඒ කහට ඇති ජාතික ඇඳුම ඇඳලා බූ බබාගෙන් බැණුම් ඇසීමයි. නොවක් අඟනන්ගෙන් ක්ලොරෙක්ස් දාන්නකෝ කියලා අහගන්නයි ඇවරිතුමා ඉතාම ආශා කළ බවත් කියන්න ඕනා. වසරේ අභිමානවත් දානය වෛශාඛ හීලය අහවර වෙන්නේ එහෙම. ඊළඟට එළඹෙන සැප්තැම්බර් කඨින මහා දානය වෙනකම් පින්කම් කරන්න ආවඩා ආයුබොහෝ වේවා!   
පහුවදා දානෙට ආ පිරිස...
හොනරබල් වළංකටු කුමාරී හෙවත් මෙඩූෂා රංගනියත් ඒ අතර..


Sunday, July 7, 2019

X Y සමීකරණය හා මා දැල් බෑම හෙවත් අලුත් පරපුරේ නාඩිය ඇල්ලීම


දැන් හැදෙන පරම්පරාව ඉතා ම ඉන්ඩිවිජුවලිස්ට්ලා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. උන්ගෙන් කණ්ඩායම් වැඩක් කරගන්නවා කියන්නේ ඉතා ම අමාරු වැඩක්. මොක ද තනියෙන් ම දෙයක කරන්න උත්සාහ ගන්න අය තමා වැඩි. ඔන්න අපේ දහම් පාසලේ දෙවන වාරයේ විභාග කටයුතු හේම ආවා. විභාග වලදී ප්‍රශ්න පත්‍ර ධර්ම විද්‍යාලය තුළ දී ම සැකසෙන්නේ විභාග කමිටුව මගින්.

සාමාන්‍යයෙන් දහම් පාසලේ දී ගැහැණු පිරිමි වෙන් වෙන් ව වාඩි කළත් විභාගයේ දී එක බංකුවක තිදෙනා බැගින් වාඩි කරවීම සිද්ධ වෙනවා. එහෙම කරන්නේ කොපි කිරීම්, අසා ලිවීම් වගේ විභාග අක්‍රමිකතා වළක්වන්න. ලොකු සීන් එකේ ඉන්න බුවාස්ලා සහ බුවීස්ලා කිසිම විටක එහා පැත්තේ ඉන්න කොල්ලා හෝ කෙල්ලගෙන් එක උත්තරයක් හෝ අසා නොගන්නා බව අපි පළපුරුද්දෙන් දන්නවා. දෙතුන්සීයක් විභාගය ලියුවත් මීයට පිම්බ ගාණට නිශ්ශබ්දතාවයකින් විභාග පවත්වන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ මේ සාර්ථක ක්‍රමවේදය නිසා. හැබැයි පුතයව එහෙම වාඩි කරවන්න ලොකු ගේමක් ගහන්න ඕන. ගෑනු ළමයෙක් ළඟින් වාඩි වුනොත් අතක් පයක් ගැළවෙයි වගේ හිතාගෙන තමා කොල්ලො ඉන්නේ. ඒත් පන්තියේ කාටිස් එකක් පුපුරවලා හරි, කොස්සක් කඩලා වගේ හරි මොකක් හරි කුප්ප වැඩක් සිද්ධ වෙලා කවුද කළේ කියලා අහන්න කෝ. මළාට එකෙක්වත් පාවාලා දෙන්නෑ මුළු පන්තිය පිටින්ම පනිෂ්මන්ට් එක කාලා අඬාගෙන ගියත්...

ඒවා නිල නොවන මට්ටමේ මාර පොලිටික්ස්. අපිත් කොරවෙන ජාතියේ ඩීල් තමා දැන් ළමයි ළඟ තියෙන්නේ. අපි වටේ ගිහින් කැටේ පුරවන් එද්දි උන් නාහෙන් රිංගලා තියෙයි. ලොවෙත් විභාග දවසේ සවස් වරුවේ පන්තියේ පාඩමක් කරන්න වෙන්නෑ. මොකද වෘත්තිය සමිති ලෙඩේ අදින නිසා. එදාට ගොඩක් වෙලාවට ශිෂ්‍ය සමිති තමා තියන්න වෙන්නේ. නමුත් ඒකෙදිත් හැමදා ම සින්දු කියන ළමයා ගීත ගායනා කරනවා විනා අලුත් කථිකයො බිහි වෙන්නෙ නෑ. ඇත්තට ම අපේ එහෙම ඕපන් ස්ටේජ් එකක් ප්‍රමෝට් කළත් මාර්කට් එකක් නෑ. ඉතිං ඇවරිතුමා අලුත් සෙටප් එකක් හැදුවා විශේෂයෙන් ම දහම් දැනුම ප්‍රමෝට් කරන්න.

දැන් ඉස්සර අපිට ගොඩක් පාඩම් වුනා ට මේ අයියලා පොතේ ගුරුන් හෝ ගිරවුන් නොවන නිසා කිසිවක් පාඩම් නෑ. මුන්ට එක කවියක් ලස්සනට තාලෙට සමුද්‍රඝෝෂෙට කියන්න බෑ. මං හිතන්නේ කවි පාඩම් කරපු අවසාන පරම්පරාව අපි වෙන්න ඕනා. කිසිම සාහිත්‍ය රසාස්වාදනයක් නෑ. රස නිෂ්පත්තිය ගැන දන්නේ නෑ ආදී චෝදනා ගොඩාක් නිසා ඒ දේවල් අලුත් විදියට දෙන්නේ කොහොම ද කියලා ප්‍රශ්නයක් අපිට තිබුණා. ඒ වගේ ම දහම් දැනුම අංශයෙන් අපෙන් ගිළිහෙන තරඟ දක්ෂතාවය නැවත අප වෙත ගන්න ගරිල්ලා සැලැස්මක් ඉදිරිපත් කිරීමේ වගකීමත් ඇවරිතුමා වෙත තිබුණා. බැමිණිතියා සාගතය වෙලාවෙ මුඛ පරම්පරාවෙන් පැවත ආ ත්‍රිපිටක ධර්මය විනාශ වී යා නොදී ස්වාමීන් වහන්සේලා වැලි ගොඩකට පිට දීගෙන කර කොළ අනුභව කරමින් පාඩම් කළාය කියලා සඳහන් වෙනවනේ. දැන් වෙස්සන්තරේ පී.ඩී.එෆ් ඔන්ලයින් තියෙනවා. නමුත් බාලේ පෙම්බර කොණ්ඩා බැන්දත්... කඳුළු වැටෙන්න භක්තියෙන් කියන්න දන්න එකෙක් නෑ. දැනගෙන හිටිය අපේ ආච්චිලා මැරිච්ච තැන්වල ගසුත් පැළවෙලා.

හරි දැන් එච්චර ම හාත සීන් නෑනේ. පෙළපොත් වෙනුවට ටැබ් දෙන කාලේ අසවල් පොතේ අසවල් පිටුවේ ඇති බව මතක තියා ගත්තා ම ඇතිනේ. සහස්සරේ වේගෙන් යන දැන් මේ කාලේ - කෝම්පිට්ටු උයලා වැඩක් තියේ ද රාළේ කියලා අහන්න පුළුවන්. ඇත්තට ම ඔව්. නමුත් මතකයේ තබා නොගන්නා තාක් කල් ඒවා ප්‍රායෝගිකව භාවිතා කරන්න ඔබට නොහැකි වෙනවා. පස්සේ ඔබේ පරිකල්පනය මොට වෙනවා. දැනුවත් බව නැති වෙනවා චින්තනය පටු වෙනවා කිව්වට උන්ට තේරෙන්නේ නෑ. පස්සේ තේරෙන විදියට මේම කිව්වා. ඔය හැමතැනක ම අපි ඉගෙන ගන්නේ සිද්ධාන්ත විතරයි. ප්‍රායෝගිකව යොදා ගන්න කරලා බලන්න වෙනවා. ඒ දැනුමෙන් අලුත් දෙයක් හිතන්න නම් අර දැනුම අත්පත් කරගෙන තියෙන්න ඕන. හරි වැඩි කතා ඕනෑ නෑ. අපි දැන් කණ්ඩායම් වැඩක් කරන්නයි යන්නේ. කවුද කැමැත්තෙන් ඉදිරිපත් වෙන්නේ.

අපි නම් මළත් නැගිටින්නෑ සර්. ඇවරිතුමා මේ බව දන්න නිසා නායකයෙක් සහ නායිකාවක් අහඹු ලෙස ගත්තා. පස්සේ කොල්ලො දෙන්නයි, කෙල්ලො දෙන්නයි කැමැත්තෙන් උච්චි උච්චි දාගෙන එන්න කියලා යැව්වා. උන් මාර නම් දාගෙන ආවේ. කැප්ටන් ඇමරිකා ද තෝර් ද? ටීනා ද යුරේනි ද? (දෙන්න ම එපා) සංගීත් ද බාචි ද? මුන් යකෝ.... බැනලා වැඩක් නෑ පුතී ඒක තමයි ඒ ජෙනරේෂන් එකේ පල්ස් එක. අපි මේ කොන්ටිනෙන්ටල් ඩ්‍රිෆ්ට් එකට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එකඟ වෙන්න ඕන. නැතිනම් ඩයිනෝසරයින් වගේ වඳ වෙන්න ඕනා.

පළමු වටයේ දහම් දැනුම ප්‍රශ්න ලියන ලද චිට්වලට උත්තර දීම තිබුණෙ. ඇවරිතුමා කලින් දා පැයක් අරන් ප්‍රශ්න හදාගෙන තිබුණා. ඒවා නොදන්න තරගකරුවන්ට ප්‍රේක්ෂකාගාරයත් ආක්ස් දි ඕඩියන්ස් හරහා උදව් කරමින් සම්බන්ධ වුනා. දෙවන වටයේ විනාඩි තුනට අභිධර්මය හා සම්බන්ධ වචන හැකි ප්‍රමාණයක් ලියන්නයි තිබුණේ. කට්ටිය කෑ කෝ ගසමින් උනන්දුවෙන් වචන ලියන වෙලාවේ අපේ මයිනා මහතාත් පන්තියට ආවා.

තුන්වන වටය තමා ඉතා ම රසවත්. ඇවරිතුමා ගීත දහයක් තෝරාගෙන ඒවායේ විස්තර කාඩ්පතක ලියා තිබුණා. දරුවන්ට අදාළ ගීත තේරීමටයි තිබුනෙ. තරගකරුවන් අංකය තෝරාගත් පසු වේදිකාවේ කෙනෙක් තමා අදාළ කාඩ්පත කියෙව්වේ.

කෙළෙස් ප්‍රහීන කරන ලද රහතන් වහන්සේලා අහසින් වැඩම කළ හෙයින් හිරු රශ්මිය නැති වී, වී වේලා ගන්නට නොහැකි විය. සේරුන් සමූහයා පිහිනන අනුරාධපුර වැව් දිය මත මානෙල්, නෙළුම්, ඕලු මල් පිපී තිබේ.

ගීතය දන්නෝ බුදුන්ගේ. කියාගන්න සෑහෙන්න අමාරු වුනා. සමරහරු අනුරාධපුරය ඔබයි වගේ ඒවත් කිව්වා. ඒවා අපි පිළිගන්න ඕනා. ළමයින්ට ඇහෙන දේනේ...!!!

සත්සර නඟලා ටිකින් ටික සෙලවෙන ළා දලු බෝපත්වල නාදය ඔබට ඇසුණා ද? හිම කඳු මුදුනින් හමන සීතල සුවඳ මන්ද මාරුතය පීරා නේරංජනා ගං තෙරින් එන්නේ සඳුන් සුවඳයි.

ආ සර් මහබෝ වන්න ම. සින්දු වේ මුල මොකක් ද? ටර ටන් ටටන් ටර ටන් ටටටටං.... මුල කියන්න ඉතිං. වැලි තල අතරේ අනේ. කවුද ලිවුවේ මානවසිංහ. අපි කියමු ද? හා අනේ ෂෝක් සර්..!! ටර ටන් ටටන් ටර ටන් ටටටටං.... (නටන ගමන්)

ඊළඟට කාර්ඩ් එක ගත්තු කොල්ලා ලැජ්ජාවෙන් ඇඹරෙනවා. එක්කෝ මේක සර් ම කියන්න. මට නම් බෑ.

ඔබ ඉතා සෝබමාන කාන්තාවක් බව සැබෑය. අඩ සඳක හැඩය ගත් පටු නළළ, අඳුන් ගල්වන ලද ඇස්, දේදුනු මවන ඇහි බැමි ඇති ඔබ ඇස්වලින් විදුලිය මැව්වද මට කම් නැත. කරුණාකර මෙතැනින් ඉවත්වන්න. 

අතගාලා ටොකු අනිනවා කියන්නේ මේවට සර්. අන්තිම ටික නම් සැර වැඩියි. හරියට බෝම්බයක් තියෙනවා අයින් වෙන්න කියනවා වගේ. කටකාර කොල්ලෙක් සභාව ම හිනාගැස්සුවා. හරි මේ ගීතය කියන්නේ දුටුගැමුණු මහරජතුමා. ආ ස්වර්ණපාලියේ.. නෑ නෑ ළමයි ස්වර්ණමාලියේ. නොදන්න කට්ටිය රන් තෙළඹුවේ කතාව අහගන්ඩ.

ඔය ආකාරයට ගීත දහයට කතා දහයක් කියමින් ගිය ඒ සෙෂන් එක අපූරු එකක් වුනා. ඒ සින්දු දාලා අහන්න දෙන්න වුනා නම් ගොඩක් හොඳයි. පහුගිය අවුරුද්දේ ඇවා කළ මියුසික් තෙරපිය සලාදයේ ඒ ගැන ලියැවිලා ඇති. එතන සහෙන්න මීටරෙන් ඉන්න සවිඤ්ඤාණික නාඩි කීපයක් අල්ලාගන්න ඇවරිතුමාට පුළුවන් වුනා. මේ වගේ හිටි ගමන් මා දැල් දාලා මාලු බෑම ඇවරිගේ විනෝදාංශයක්. වෙනත් දහම් පාසලකින් ආපු දරුවෙක් දහම් දැනුමට කරේ තියන් උත්තර දුන්නේ බෝනස් ප්‍රශ්නත් අරගෙන. ඒ කියන්නේ චිට් එකේ තියෙන ප්‍රශ්නයට අමතරව ඊට අදාල ක්ෂණික ප්‍රශ්නයක් ලබා ගෙන ඒකටත් හරි උත්තරේ දුන්නොත් ලකුණු දෙගුණ වීමේ පදනම යටතේ.


මේ අදහස ඇවරිගේ ඔළුවට ආවෙ ඉතා ම අහම්බෙන්. වැඩියෙ හිතන් නැතිව අපි කරලා ම බැලුවා. අපි වෙනස් වෙන්න ඕන කොහොම ද කියන එක ගැන අදහසක් ගන්න මේ නියාමන ව්‍යාපෘතිය ඉතා ම වැදගත් වුනා. මීටරෙන් ඉන්න නාඩි කීපයක් ලයින් කරගත්තනේ. අගෝස්තු නිවාඩු කඳවුරත් අපි කෝම හරි කරන්න ඕනා. මේ අත්දැකීම් අපිට ළමා කාලයේ තිබුණා වගේ ම දැන් ඉන්න දරුවටන්ටත් තියෙන්න ඕනා. අපි ඒවා ඩිෆෝල්ට් කරනවා කියන්නේ අපේ පිරිහීම මිසක් ඒ ළමයින්ගේ වරදක් නෙමේ. මීට වඩා වැඩ කරන්න ඕන ඇවරි. අනේ මට බෑ. හැබැයි අපිට පුළුවන්...


Thursday, June 27, 2019

මැම්බර් වෙන්න දතකන ග්‍රාමසේවක බුවාගේ කරන්ට් එෆෙයාර් එක හෙවත් විජේකලාගේ ආප්පය යුරේනිට කැවීම



ඇවරිගේ සලාදයේ කාලීන වැඩසටහන් ඒකකය සහමුලින් ම ඇණහිටලා ය කියලා හිටන් ඇත්තන්ට පවා පැමිණිල්ලක් ගිහින් තිබුණා. මේ ගැන වග විභාග කරන්න අමරබන්දු රූපසිංහ ඇත්තෝ අරලිය මන්දිරේ පැත්තේ ඇවිත් යන්න කියලා සාටක මහින්ද අතේ පණිවිඩයක් එවලා තිබුණත් වැඩ රාජකාරී නිසා හිටන් හුටන් හම්බෙන්න වෙලාවක් තිබුණෙ නෑ. අන්තිමේ දී ඇවරිතුමා සියලු ම රේඩාර් පද්ධතිවලින් වහන් වෙලා මේ දවස්වල දෙවැනි පාරත් මැම්බර්කමට පොරකන ග්‍රාමසේවක බුවාව හම්බෙන්න සෙනසුරාදා උදේ ගියා.

අරලිය මන්දිරේ හාන්සි පුටුවකට වෙලා නිදි කිර කිර හිටි ජනාධිපති හිටන් ඇවරිතුමා දැකලා හරිබරි ගැහිලා ඉඳගත්තා. එවෙලේ විජේකලා ළමාතැනී උදේ කෑමට හිටන් ලොක්කට කතා කරනවා. ඇවරිතුමාත් කෑමට සෙට මෝල් වුනා. ආප්පයකින් සප්පායම් වෙලා චීෆ් ප්‍රසියා හිටගෙන ම කතාව පටාන් ගත්තා. අයිසේ, ඇවරියා දැන් බලනවකෝ තමුසේ මේ කිසි ම කරන්ට් එෆෙයාර්ස් ගැන අප්ඩේට් එකක් දාන්නේ නෑනේ. අප්පට යකෝ මේ අවුරුදු පහට මූ ඉංගිරිසිත් ඉගෙන ගෙනනෙ බන්? අපේ කලාත් කිව්වා කම්මැලිකමට කියවන්න මුකුත් ම නෑ කියලා. විකලා අම්මණ්ඩිටත් නිකා ඉන්න බැරි හැටි. ලොක්කට කේළාම් කියන්නේ. අනික මේ ලොක්කගේ ඊනියා බිබික්කන් කුමාරිකාවන් පිනවන්න අකුරු ලියන්න අපිට අහවල් අමාරුවක් යැ?? මං ඔය පට්ට පඳුරියන්ට බ්ලොග් ලියන්නැහැය කියලා කියන්න හිතුවත් කලාවෝ ගැන හිටමාගේ දෘඩතර ආලය ගැන හිතලා කරබාගෙන හිටියා. මොකෝ හෙට උදේ ම එෆ්.සී.අයි.ඩී එකේ පඩි නඟින්න ඕන නෑනේ..?

හරි....හරි සොරිසේන මං උඹේ පෝස්ට් එකක් දාලා වැඩේ අප් කරලා ගන්න හිතද්දිම තෝ තපුල්ලන්න තියාගන්නවනේ. බලපන් අර ලී මෝල් කතාව. මොන මෝඩ මල්කොහෙක් ද බං හේම කියන්නේ..? කොහෝ කොහෝ.. කොහේ ඉඳන් කොහෝ කියනව දෝ? හිටන් ෆුල් ආසික් මූඩ් එකේ ඉඳන් ගීයක් මුමුණන්න ගත්තා. හරි එහෙනම් මේම කරමු අද හවස දෙකයි තිහට තරංගනියේ දෙරණ ලක්ස් සිනමා උළෙලට ගිහින් එන්නයි තියෙන්නේ. මේන් පාස් දෙකක් ම තියේ. ෆිල්ම් දෙක බලලා හිටන් මොනා හරි ලියන එකයි ඇත්තේ. අපේ කෙල්ලගේ හිත සැනසෙන්න. අම්මපා හිටන් ඔයා දෙයියෙක් නෙමේ දේවාලයක්!

සීමිත කොණ්ඩයෙන් අසීමිත තට්ටය වසා සිටිනා හිටමාගේ නළලට හාද්දක් දුන් ඇවරි එසැණ ගිරා මාරු වුනා. බුවා පාස් දෙකක් ම දුන්න එකේ සම්බන්ධීකරණ ලේකම් එක අමතා ඒ ගැන කිව්වත් ලේකමී සෙනසුරාදා උදේ වෙනකම් නිදා ගන්න නිසා ෆෝන් ආන්සර් කළේ නෑ. ලේකමී දෙක ඒ සෙනසුරාදාවේ කොළඹ හතේ වැඩ කරන නිසා සප්‍රයිස් විසිට් එකක් කරන්න හිතාගෙන ඇවරිතුමා කුමාරිහාමිගේ කන්තෝරුව පැත්තේ ගියා. වරුවයි කිව්වට ඇගේ වැඩ තවත් පැය ගාණකට අහවර නොවන එකේ මාගමුන් එක්ක පිචෑර් බැලීම කරදරේ නිසා ඇවරිතුමා තුමූ ම චිත්තරපටිය බලන්න පිටත් වුනා. පළමු චිත්‍රපටය වුනේ නයිට් රයිඩර් ඇවරිගේ ප්‍රියත ම එකක්.

එහි පුරාණ කතාව ඉතා දුරයි. චිත්තරපටියට වඩා එහි අධ්‍යක්ෂවරයා, කසුන් චන්ද්‍රනාත් පතිරණ හෙවත් ඉස්කෝලෙ යන කාලේ චන්ද්‍ර-නයා නිසා චිත්‍රපටය බොහෝ විශේෂ එකක් වුනා. නළුවරණයත් ඉතා විශේෂ වීමෙන් අනිවා ඒ පින්තූරෙ බලන්න හිතුවා. අසෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පතිරණ ගුරු පියාණන්ගේ කනිටු පුත්‍රරත්නය වුන චන්ද්‍ර-නයා ඒ කාලෙත් හරි ම ඇම්ඩා. ලොකු අයියා උදාන්ත දියනාත් පතිරණ හෙවත් දිය-නයා නිහඬ වැඩකරු. ඇවරි මේ දෙන්න එක්ක ම බාලදක්ෂ වැඩකටයුතු කරලා තිබුණා. පස්සේ දිය-නයා අයියා පරිගණක ඉංජිනේරුවෙක් වෙද්දි මදාවි චන්දරේ කොළඹ කැම්පස් ගිහින් ඇඩ්වර්ටයිස් වල හෙන පොරක් වෙලා පස්සේ නයිට්රයිඩර් හරහා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙනවා.

ඇවරිගේ සරසවි මිතුරියක වන මේ සලාදයේ මුල පෝස්ට්වල ලියැවී ඇති චතූරිකා.. නෑ සිරිසේන නෙමේ, වීරසේකර ළමාතැනීගේ අක්කණ්ඩිය පබා වීරසේකර මැතිනිය චන්ද්‍ර-නයා සමඟ විවාහ වීම නිසා චන්ද්‍ර නයා ගැන නිතර දෙවේලෙ බුකිගත අප්ඩේට්ස් ලැබෙනවා. ලොක්ක දුන්න පාස් තිබුණත් ඇවරිට ඇවරිවීමේ දවස් ඉතා ම අඩු නිසා සාමාන්‍ය ජනතාව වගේ පෝලිමට එකතු වෙලා යන්න තීරණය කළා. කොටින් ම ප්‍රධාන නළුවා කලණ ගුණසේකරත් ඒ පෝලිමේ ම පස්සෙන් ඉද්දි අපි නිකන් පාස් පෙන්නගෙන ලොකු සීන් එකේ යන එක ඇවරිට ඇල්ලුවේ නෑ. අනික එතන හිටයේ සිනමාකාමී දන්න කියන ප්‍රජාවක්. බහුතරය අති ආතල්කාමී සෞ.කලා වියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්. උන්ට සාපේක්ෂව ඇවරි ඉතා ම නාකි වුනත් කාමය වයස්ගත නොවන නිසා කෙල්ලො දෙදෙනෙක් සහ කොල්ලෙක්ගේ සමාගමයට ඇවරිත් එකතු වුනා.

නිනෝ ලයිව් ගැනයි, චින්තනගේ බහුචිතවාදියා ගැනයි, දැකලා පුරුදු කෙනෙක් ගැනයි, සමාධි ගැනයි, දසුන් පතිරණ සහ ලිවින් ටුගෙදර් සංස්කෘතිය ගැනයි කොටින් ම ආෆ්ටර් පාර්ටි සුස්තිය ගැනයි දක්වා වූ දිගක් පළලක්, බරක් පතළක් නැති සාරගර්භ, ළඳ බොළඳ සහ ඇතැම් විටක ඉතා ම හරසුන් කතාන්දර අපි කතාබහ කළා. කෙල්ලො දෙන්නා නම් නොන්ස්ටොප් එෆ් එම් දෙකක්. ඇවරි කාලයක් තිස්සේ ඇබ්බැහිවුන අසන්නෙක් වෙන්න ආසා කළා. එහිදී ඉතා පහසුවෙන් ඒ අවස්ථාව ලැබුණ කිව්වොත් නිවැරදියි.

ප්‍රවේශපත්‍ර දෙසීයක් නිකුත් කළා. ඒ වගේ දෙගුණයක් ආපහු හැරිලත් ගියා. හැබැයි ඕන අයට බිම වාඩිවෙලාත් බලන්න තිබුණා. ඇවරිට හිමිවුනේ තරංගනී ශාලාවේ පළමු ආසන පේළියේ මැද සිට පළමු අසුන. වමේ බොහොම හෙමින් කතා කරන කෝච්චිය. ඒ වෙද්දි අපි සෑහෙන්න කතා කරන තැනට ඇවිත් තිබුණා. ත්‍රාසය, භීතිය, කුතුහලය පිරි ඔවුන්ගේ වීර චාරිකාව ගැන බලන්න ගිහින් ඇගේ චාරිකාවේ ගොඩාක් තැන් අහගත්තා. හදිසියේ හමුවන ගමන් සගයන් හිතුමතේ පාට කරන චිත්‍රවලත් අමුතු ලස්සනක් තියෙනවා. අර මැරයෝ කාමරේට කඩා පනින වෙලාවේ ඈ බොහොම තදින් මගේ අත අල්ලා ගත්තේ ඇත්තට ම බය වෙලා වෙන්න ඕන.

දන්න කියන ලොකේෂන් නිසා චිත්තරපටිය සෑහෙන්න සුපුරුදු බවක් දැනුනා. කලණ සෑහෙන්න සාධාරණයක් ඉෂ්ට කළත් යුරේනිට තව ටිකක් හොඳින් කරන්න තිබුණා කියලා හිතනවා. පිටපත ඉතා ම ප්‍රබලයි. හැබැයි අමුවට ලියැවුණ තැනුත් තිබුණා. දෙබස් විසින් සියල්ල වහලා දැම්මා කිව්වොත් හරි. අති ධාවනකාරී නයිට්රයිඩර් ඉතා ඉක්මණින් වෙනස්වන ෆිල්ම් එකක්. මෙහෙම මෙහෙම කරද්දි සීන් එක වෙනස් වෙලා. කතාව වෙන පැත්තකට ගිහින්. ඒ කුතුහලය සහ අවසානයට ඇවරි පුද්ගලිකව ඉතා කැමතියි. නමුත් මුල ඉඳන් ම මොකක්දෝ හදිස්සියක් මං දැක්කා. ඒක කතාවට අවශ්‍ය වුනත් ඇතැම් සිදුවීම් දඩි බිඩි ගාලා වුනා වගේ කියලත් හිතෙනවා. කැමරා කෝණ සහ සංස්කරණය කම්මැලිකම නැතිකරලා ඇස් තිරයට අලවලා තිබුණා. සංගීතයත් වාණිජ සිනමාවට ගැළපෙන හැටියට භාවිතා කරලා තිබුණා. එහි ගරු රඟපෑම් දක්වපු පිරිස අතිවිශාලයි. අර කුමාර හාදයා ෂෙඩ් එකේ කරන රංගනය ප්‍රශස්තයි. ගහනවා නෙවෙයි වැදෙනවා මල්ලී....!!

කතාසරිත් සාගරේ ඉතා ම කැමති වුනේ ඒ රින්ගින් ටෝන් එකට. ගන්නකෝ.. ගන්නකෝ..! එයාට ඒ රිදම් එක පවා මතක තිබුණා. ඇවරිතුමා මොනවා කිව්වත් මාලක ඉස්සරහා යුරේනිගේ රඟපෑම අති විශිෂ්ටයි කියලා ඒ දැරිවි කිව්වා ම  හැරෙන තැපෑලෙන් ගෑනු මායම් කියපු තැන ඉඳන් ඇවිලුණ ගින්න නිවෙද්දි ඇගේ ඇස් රතුවෙලා තිබුණා. හීනියට දුකක් කාන්දු වුනත් ඊළඟ ෆිල්ම් එකට පෝලිමේ ඉද්දි නෙස්කැෆේ අල්ලසකින් දඩයක් ගෙවන්නත් වුනා.

නයිට්රයිඩර් සංවාද මණ්ඩපයට නොඉඳ අපි හතරදෙනා එළියට ආවේ හුස්ම බලන්න පෝලිමට එකතු වෙන්න. ඒ අතරේ වැස්සක් කඩා වැටුන නිසා පෝලිම් කැඩිලා තෙරපලා ඉස්සරහට ම එන්න පුළුවන් වුනා. මල් වැහි හතක් වැස්සක් උලකුඩය දේවී නෙමේ තමුන්ගේ කුඩ රාජයා ඉහළන්න තියා ගත්තේ. පාවිච්චි නොකරන දේවල් ඈලියාවට යනවා ඉබ්බි.. මගේත් කට හොඳ නෑනේ. ඒ දවසේ දෙවැනි ඇඬුම.

ඔය අතරේ පෝලිම් පනින සීන් එකක දී ඇවරිතුමා ඇතුළු කණ්ඩායමට වොන්ඩර් වුමන් කෙනෙක් හඳුනාගන්න ලැබෙනවා. ඇගේ නමක් ගමක් නැතත් ඉස්සරහට එන මයි කාර්-මයි පෙට්‍රල් චිත්‍රපටයේ අධ්‍යක්ෂිකාව ඇයයි. පට්ට ම ෆෝවර්ඩ් කෙල්ලක වූ ඇය ඒ වෙද්දි ආරම්භ වූ සංගීත මියැසියේ පළමු නර්තන ශිල්පිනිය බවට ද පත්වුනා. අමා විජේසේකර අක්කත් ඈත් එක්ක නැටුමට සෙට් වුනා.  සුරේන්ද්‍ර, ඩ්‍රීම් ස්ටාර් එකේ සරං කොල්ලා, පේෂල සහ තට්ට කී බෝර්ඩ් බුවා එකතු වෙලා දුන්න සැප කියන්න වචන නෑ. සුරේන්ද්‍ර අයියා මැන්ඩලීන් ගැහුව හැටි අපේ සෙට් එකේ කනුවා ඩබ් කළේ මේම.

පේෂල - ඊයේ මොනා ද බං ගෑනි හැදුවේ...
සුරේන්ද්‍ර - නූඩ්ල්ස් බන් නූඩ්ල්ස්.. ආ තව බිත්තරේකුත් තිබ්බා. 
පේෂල - මට වැඩි වෙලා එහෙම ම නිදා ගත්තා බං.
බලපන් උන් දෙන්නා ගේමට ප්ලේ කළත් ඕපදූප කියවන හැටි. ඔය වගේ නානා ප්‍රකාර විහිළු. උන් තුන් දෙනා නළුවන් වීමේ ආනුභාවයෙන් හිනාවෙලා ම මගේ ඉල ඇටවල එලයිමන්ට් අවුල් ගියා.

දෙවැනියට බලපු හුස්ම ෆිල්ම් එක නම් කොපියක්. අපි පෝලිමේ ඉද්දි ඒකේ ඔරිජිනල් එකේ ට්‍රේලරයක් සහ වීමෝහි තිබූ ෆුල් මූවි එකෙන් කොටස් කීපයක් බැලුවා. ඒක හරියට කෙටි චිත්‍රපටක් වගේ කියලා මට හිතුනා. උන් සෙට් එක එච්චරට ම කලාව ගැන සවිඤ්ඤාණිකයි. ඇත්තට ම කිව්වොත් අනූවෙ සෙට් එකක් එක්ක යම් කිසි ලෙවල් එකක කොලිටි ෆන් එකක් ගත්තේ එදා. නමුත් අවාසනාවට ඇවරිගේ ඒජන්තවරියක් බ්‍රවුන් හෝටලයේ දී හමුවීමට තිබූ නිසා හුස්ම සංවාදයටත් නොඉඳ සමුගන්න සිද්ධ වෙනවා. ඒ ගැන නම් සගයන් හිටියේ කැමැත්තකින් නෙමේ.

Thursday, June 20, 2019

උඩ පැන්නම අහසේ රැඳෙන්නේ නෑ තමයි - හැබැයි පොළොව පැලෙන්න පුළුවන් හෙවත් දන්ත කල්‍යාණියේ ටකටමේනියාව



මහවැලි මහා සෑ රජාණෝ.. 

කොත්මලේ ව්‍යාපෘතිය ඉතා වැදගත් එකක් වුනත්
,කොත්මලේ ව්‍යාපෘතිය නිසා වසර දහස් ගණනක් සිය මුතුන් මිත්තන්ගෙන් උරුම වූ වටිනා ඉඩ කඩම්, දහදිය මහන්සියෙන් තනාගත් ගෙවල් දොරවල්,වගා බිම් ජාතියේ උන්නතිය වෙනුවෙන් පූජා කල දුම්බර මිටියාවතේ වැසියන්ට අපි පින් දෙන්න ඕනා. ග්‍රාම සේවා වසම් 16 ක්, ගම 66 ක්, තේවතු 4 ක්, කඩදොර ශ්‍රී ප්‍රියබිම්බාරමය, මොරපේ බෝධි මාලකාරාමය, මොරපේ සුභද්‍රාරමය, හැදුණුවැව මැදගොඩ ගංගාරාමය, ඔතලාවේ බෝධිරුක්කාරාමය, නවන්ගම අබිනවාරාමය සහ තිස්පනේ ශ්‍රී සුබ්ද්‍රාරාමය වැනි පෞරාණික පන්සල් 18 ක් ද, මොරපේ දේවාලය සහ හැදුණුවැව මැදගොඩ පත්තිනි දේවාලය යන හාස්කම් ඇති දේවාලයන්ද මහා කොත්මලේ ජලකඳ යට සැඟවිලා තියෙනවා.

වේල්ල දිගේ කෙළවරට යන්න අපි කන්ද බැහැලා පිවිසුමට ආව ම පොඩි හාමුදුරුවොත් ඒ ගමනට එක් වුනා. අපි අවසාන කෙළවර දක්වා ම ගමන් කළා. එදා තමා අපේ තරුපබාවෝ කොත්මලා වේල්ල උඩ ස්ථානගත කර ඇති ක්රේන් රාජයාටත් වඩා බරබව අපිත් දැනගත්තේ. ඇගේ තුනු සිරින් බබලනා තබ්බදෝරු සරීර ස්කන්ධය දරාගත නොහී, ඇඹරෙමින් මිරිකෙමින් සිටි මහා වේලි රාජයා විශාල පැල්මක් ඇති කරමින් දෙබෑවී ගියේ ඇස් අදහාගන්න බැරි වෙන අසුරු සැණෙකින්. ඒක නෙමේ ගාණකවත් ගත්තේ ගුම් නාදේ රෑනෙන් රෑනේ විෂුවල් එකේ වගේ මේ හොල්මන සමනල්ලු පදිනවා කියන්නකෝ චාමර. විනාස කාලේ විපරීත බුද්ධීං!!
මෙච්චර හරියක් වෙලාත් මේකිට වගේ වගක් නැති හැටි.... ?
කොත්මලේ ව්‍යාපෘතිය නිසා යටවූ පෞරාණික සිද්ධස්ථානවල ස්වාමින්වහන්සේලාගේ ඉල්ලීම පරිදි මහවැලි කඩිනම් ව්‍යාපෘතියේ නිර්මාතෘ දිවංගත ගාමිණී දිසානායක ශ්‍රීමතාණන්ගේ උදාර පරිකල්පනාව අනුව කොත්මලේ ජලාශය නිසා නැතිවූ පූජා ස්ථාන සිහිපත් කරනු පිණිස මහවැලි මහා සෑය 1983 මාර්තු 20 ආරම්භ කළා.  කොත්මලේ ජලාශයට නුදුරින් මුළු දුම්බර මිටියාවතම දර්ශනීයව පෙනෙන ලෙස මෙම විශ්මිත ස්තුපය සැලසුම් කරන ලද්දේ එවකට මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයේ මුලසුන දැරූ විද්‍යාජෝති ආචාර්ය A.N.S කුලතුංග මහතා. මෙය අඩි 289 ක් උස අතර වට ප්‍රමාණය අඩි 628 ක් පමණ වේ. මෙය සැලසුම් කරන ලද්දේ ශ්‍රී ලංකාවේ විශාලම ස්තුපය වන රුවන්වැලි සෑයට වඩා අඩි දෙකක් පමණ උසින් අඩුවන විදියට. එහි භූගතව විදුලි බලාගාරයට සම්බන්ධ වන උමං දොරටු ආදී බොහෝ දේ ගැන වටිනා විස්තරයක් අපිට දැනගන්නත් ලැබුණා. 
වේලි සාදා ඇත්තේ උඩ පැන විනාශ කිරීමට නොවන බව හය හතර නොදත් ඔබේ දරුවාට කියා දෙන්න.. 
හොම්බයි කටයි බොම්බයි මොටයි කරගන්න අපේ කස්ටිය ගැම්මට උඩ පනින්න ගිහිල්ලා තටු ගළවන් හොටබරි කට බිම ඇණගත් අහෝ ඛේදයකි! ඉරකි, තිතකි වගේ සීන් එකකුත් වාර්තා වුනා. අනේ හැබෑට ම නිම්නයක් අතරින් ගඟක් ගලද්දි ඒ නෙරු දෙක යාකර වේල්ලක් බදින්නේ මේ වගේ පස්ස කැඩිච්චි කඩි පැටවුන්ට උඩ පනින්න නොවන බව මහයො හැටියට කියා දෙන්ට ඕනෑ. කොහේ ද මෙවුන්ට සවුක්යක් කියලා තියෙන එකක්යැ. අන්තිමේ දී අපිට වුනේ සන්දි සුදා හැන්ද ගානේ පොවලා කැඩුම් බිඳුම් තෙල් කුප්පිය ගාණෙ නස්න කරවන්න. ලොල්


කුන්දු පනින්නයි වච්චි කියලා දුවන්න අපේ කස්ටියට වෙන තැනක් නැතුව වගේ ඩෑම් එක උඩ ඔට්ටුවට දිවීමේ තරගයක් තිබ්බා. ඇවරිතුමා සාමාන්‍යයෙන් වේගයෙන් ඇවිදින්න දක්ස වුනාට දුවන්න හොරා. රුසිරු තමා තරගෙන් දිනුවේ. අපි මඟකදි සෙරෙප්පු ගලවලා එහෙමම දාලා දිව්වා. ආපහු එද්දි ගන්න පුළුවන් නිසා. ඒ අතින් හරිම නිදහසේ පිස්සු නැටුවා. 

අපේ පැරණි මුතුන්මිත්තන්, ඒ කිව්වේ රාජ ලේ ඇති ආර්යන් ක්ලෑන්ස් වගේ ම මෑත කාලීන දේශපාලන නායකයන් යන දෙපාර්ශවය ගැන ම ආදරේ හිතෙන තැනක් තමා කොත්මලේ කියන්නේ. අපි මෙහේ නිතර ආවේ ගියේ ඇමන්ඩානිගේ හොලිඩේ හෝම් එකක් මෙහි තිබූ නිසා. කැම්පස් යන කාලෙ හිතුන ගමන් ඇවිල්ලා, කොත්මලා ඔයේ නාලා, කැනන් ඩී එකෙන් හිතුන හිතුන පොටෝ ගහලා, රෑට සාම්බාරු එක්ක ඉඩ්ලියක් කාලා, කයියක් ගහගෙන කෝපි ටිකක් බීලා, සාලේ ම කොසී කවුච්එකේ නිදාගෙන උදේ ආයෙත් මාලු බාලා හතරේ බස් එකේ කොළඹ ආපු දවස් අනන්තයි. ඒ සාලෙ ගිනිමැලේ ළඟ සනීපෙට වාඩි වෙලා අපි කියවපුවා, පිස්සු කතා, තාමත් මැවි මැවී පේනවා වගෙයි.
ඊට පස්සේ ආවේ සියල්ලන් පුල පුලා බලා සිටි ජලක්‍රීඩා මංගල්‍යය. නුවර ගියොත් අපි නාන්නේ ගම්පල පාරෙ ජීවමාලී තොටුපලේ.

කන්ද  මුදුන්නේ  පොකුණක්      තනාලා      
එදිය කෙළින්නට තිසරෙක් මවාලා               
එලිල මෙපිල මල් දෙපිලක් සැදීලා 
බිසව් නාති රැලි උකුලෙන් වසාලා 

සියලු ජලචර සත්ත්වයන් ඥාතී නිවසින් බස්සපු කෝච් රාජයා ජලභීතිකාව නැති අයත් එක්ක පේරාදෙණි ගියා කෑම ගේන්න. ඒ ගිහින් එද්දි ටිකක් පරක්කු වෙලා. ජලකෙළියට අපි කලින් ඉඳන් ම සූදානම් වෙලා ගියේ. ඇවරිතුමා ගිල්බර්ට් රග්බි බෝලෙයි කලින් ට්‍රිප් එකේ අර නාන ළඳුන්ගේ දිය රෙදි කඩපු සීන් එක වෙලාවෙ ගත්ත බෝලෙයි දෙක ම අරන් ගියා. එතන හිටි ඕලෙවල් කොල්ලො සෙට් එකකුත් අපිත් එක්ක ජලතරංගයට එකතු වුනා. පීල්ල දිගේ ලිස්සන සීන්, ගැඹුරු ම තැනට පීනන සීන් ආදී බොහොමයක් ජලචර ජල්තර එහිදී සිදු වුනා.


අප්පු තාන් තාන් තාන් - ගොරක ඩේන් ඩේන් ඩේන්....// හොඳට බැලුවොත් මැතිනිය පිස්සා නම් ඔළුව වනයි වන වනානේ වන වනා තාලෙට ඔළුව වනනවාත් බලා ගන්න තිබුණා. පැත්තෙන් ඉන්න බුලෝත් නිකන් බර්සෝරේ තාලෙට නටන ඇක්ෂන් එකක් දෙන්නේ. ඒ අතරෙ තවත් කුජීත අවස්ථාවකට ගරුතර ව්ද්වතත් සභාවේ අවධානය යොමු කරන්න කැමතියි. නාටකාංගනාව, නෘත රැජන හෙවත් සිංහලෙන් ම කිව්වොත් ඩ්‍රාමා ක්වීන් අපේ තරුපබා සාගර වතුර ගහන්නත් ඉස්සෙල්ලා කවර්කරන් ඉන්නේ ඇයි කියලා පැහැදිලිනේ..? අනේ අම්මපල්ල ඇම්බැක්කෙත් නෑ ෂුදේව මේම කැටයම්. මයිනා ඒ ඕපෙ පසිඳුට කියද්දි අපි දැක්කෙත් නැතෝ - අපි ඕපපට නැතෝ කියාගෙන පසිඳුවා දෑත්න් ම මූණ වහගන්නවා.    

අප්පු තාන් තාන් තාන්...
වතුර වෑස්සෙන සීසෝවේ කෙළවරට ගිහින් තවත් ඉහත්තාවට යන්න අපි සැලසුම් කළේ කස්ටිය වැඩියි කියලා හිතලා. ඇවරිතුමා දියකාවෙක් නොවන නිසා ඉක්මණින් ජල සන්නිය හැදිලා දන්ත කල්‍යාණියට ටකටමේනියාව හැදෙන්න ගන්නවා. යූ නෝව්, අර ගල් ගැහෙන සීතලට දත්සැට් එක මැන්ඩලින් ගහන්න අවස්ථාව. බැස සීතල ගඟුලේ නාල නාලා පීනසේ නඟෝ කියාගෙන ගොඩට එන ගමන් අවසාන හරියේ දී ගෙබ්බා පොළොවේ ගැහැව්වා වගේ ආපහු වතුරට වැටෙන ඇවරිතුමාට අපේ අයයි බටු කොල්ලො සැට් එකයි නොසෑහෙන්න හිනාවුන බවත් ලියන්න ඕන.


හිරිකිත් රොසාන්ගේ මල්ලි වගේ සික්ස් පැක්ස් ඇති හොට් හොට් මෙවනාගේ කළුගල් පොකුණේ කෝමල රේඛාවන් විදහා දැක්වෙන ඡායාරූපයත් ඉතා උක්කුස්ට එකක්. උඩ පැනලා, දිව විකාගෙන, වැඩ දාලා ගහපු ඩෑෂ් එකට සෑ වාව් කියාගෙන ලකුණක් එකතු වුනාත් ඒ පොටෝව දැකපු ඇවරිතුමාගේ ලේකම්තුමිය නම් කිව්වේ මෙවනා හරියට ස්ලටී ඩොල්ෆින් ට්‍රේනර් කෙනෙක් වගේ කියලා. ඇහැට කණට පේනන කොල්ලෙක්ට පාඩුවේ ඉන්න දෙන්නැති සමාජයක් දැන් තියෙන්නේ හැබෑට. 

සැැලෙන ලෙලන දළුව විලස බෝල පාස් කිරීම..

නාන තටාකය මේ නොවැ මැණීකේ කබරගොයා, දියබරියා සහ ටිකිරිලියා සෙල්ලම පටන් ගත්තේ රුසිරු කොලූ. දියබරියා වතුර යටින් ගිහින් ටිකිරිලියාගේ කකුලේ වලලුකරෙන් ඇල්ලුවා ම කබරගොයා උත්පල තමා මාට්ටු වෙන්නේ. මොකද තඩිබඩා හිපෝ පැටියා වගේ වතුරේ කොහොම ගිලුනත් මාට්ටු වෙනවනේ? දියබරි රුසිරු කොයිතරම් ඒ වැඩේ දක්ෂ ද කිව්වොත් මෑන්ස් මතු වෙන්නේ තවත් කිලෝමීටර් ගාණක් එහායින්.

අපි නම් ආයිබෝන්, දෙසිත සහ කොකුම් පිනි දිය සඳුන් ගෙනාවෙ නැති නිසා ලයිෆ් බෝයි ගාලා නෑවා. නාමු තොසේ - වාපි ජලේ - සෙම්බු තාල උකුලේ හොවා ආදී වශයෙන් අංගනාවො නානුමුරේට කවි කිව්වට ගිලිලා නාන්නත් බය තේ උඩිච්චියෝ අහසට පිඹිනා බකට් කළේයා කියමින් බකට් අඩව්වක් ඇල්ලුවා. සමහරක් නාන තොටේ සලු පාලි ඇඩම්ස් ඔන්ලි නිසා ලියන්නත් බෑලු ආයිබෝන්. රන්විල රිද්දිවිල කෙළිනා බිසවුන්ට නාලා ගොඩ එන්ට සෑහෙන්න වෙලා ගියා මයෙ හිතේ. මුන් ඊට පන්සේ ලන්ච් ඇවිත් කනවා නෙමේ බත් පිඹිනව බොලන්. ඇවරිතුමා බයවුනේ කෑම මදි වෙයි කියලා.
  1. බොහෝ කතා බහට ලක්වූ පුද්ගලික 


නා පිරිසිදු වී, සුවඳැති සඳුනුත් ගාගෙන අපි කෙළින් ම ගියේ දළදා මාළිගාව වන්දනාමාන කරගන්න. මාළිගාව වඳින්න මල්වතු පාර්ශවෙන් අපේ පන්සලේ කාලකෙට කලින් වැඩ වාසය කළ පුංචි හාමුරුනමකුත් වැඩම කළා. ඒ පහන් පත්තු වුන ගමන් ම තේවාව වෙලාවේ දළදා වැඳීම ඉතා ම අපූරු අත්දැකීමක්. එදා නම් ඇවරිතුමාට වැඩ හිඳිනා මාළිගාවට යන්න නොහැකි වුනේ සුදු ඇඳුමකින් නොහිටි නිසා. තරුපබා නම් බස්එකේ දී චේන්ජ් එකක් දා ගත්තා. නමුත් අපේ බොහෝ දෙනා වැන්දා. ඒ ගැන සිතට සතුටුයි.

කොහොමින් කොහොම හරි එදා ආරක්ෂාව තර කරලා තිබුණේ ගුවන් හමුදාවේ සංවත්සරයක් වෙනුවෙන් පැවති විශේෂ පූජාවක් නිසා. වැඩ සිටිනා මාළිගයට යන්න නොහැකි වුන නිසා මඟුල් මඩුව පැත්තේ කරක් ගහපු ඇවරිතුමාට පාසල් මිතුරෙක් වුන ජයසුරිය පියාසර කපිතාන්තුමාව හම්බවෙන්නේ ඉතා අහම්බෙන්. නලියා කොහේ ද බන් මෙහේ? යමන් මොනා හරි කන ගමන් කතා කරමු කියමින් මඟුල් මඩුව කෙළවර තිබූ නිලධාරීන්ගේ කලාපයකට ගෙනිහින් හොඳට කන්න බොන්න දුන්නා. කපිතාන්තුමාගේ සංග්‍රහ සත්කාර විඳි ඇවරිතුමාට ආවේ මොකා එක්ක ද කියලත් අමතක වුනා කියන්නකෝ. මචං මං අත්‍යවශ්‍ය රාජකාරියක ඉන්නේ. දැන් යන්න ඕන බොක්ක. ආහ් කෝ උඹලා අපේ තැන්වලට ආවත් ඉන්නේ නෑනේ. එල එල මොනවා හරි තිබුණොත් කියපන් කියලා එතුමා ඇවරිට සමු දුන්නා. අප්පට කස්ටිය කොහේද කියලා හොයලා බලද්දි පාතමාලෙන් ආපු අය පිටත් වෙලා ගිහිල්ලත් එක්ක. ඇවරිතුමා පත්තිරිප්පුව ඉස්සරහ දී නඩේ අල්ලා ගත්තා.

මිසින් ජෝනා දෙවන කොටස රඟ දැක්වුනේ එහිදී. මේපාර ජෝනා ඩබලක් වෙලා. හිතාගන්න පුළුවන් ද කවුද මේ මෝඩ ජෝඩුව කියලා. ඒ තමා තරුපබා සහ සාගර ඩබල. දෙන්නා ම ඇවරිතුමා එක්ක මඟුල් මඩුව ඉස්සරහ පිච්ච ගස් පේළිය ළඟ හිටියා. අයියේ අපි පොටෝ ටිකක් ගහන් එන්නම් කිව්ව ම මාත් හා කිව්වා. කවුද හිතුවේ මුන් දෙන්නා සෙනිකෙට හැමෝගෙන් ම වහං වෙයි කියලා. උන් දෙන්න වෙනම සූටින් ගිහිල්ලා. සින්දුව පින්වතුනි වික්ටර් අංකල්ගේ හඳපානේ.. අඩ අඳුරේ.. කාල වරෙංකෝ චාමර.

ඈවරවිතාන දැන් සුපිරිය ම ෆොක්ස් වෙලා තුම්මුනින් දාඩිය වෑස්සෙනවා හරියට කැලණි ගඟෙන් මහ මුහුදට ගලනවා වගේ. පල්ලෙහා වළාකුලු බැම්ම හරියේ මට පේනවා පොඩිහාමුදුරුවො ළඟ කස්ටිය පේළි පේළි පේළි සැදී කුටු කුටු ගානවා. යකුනේ ගිය දිහාස් එකකින් වරෙව් මගේ සායම යවන්නේ නැතුව. දළදා හාමුදුරුවන්ට ම ඔප්පු වෙච්චාවෙ ආයිබෝන්. මාළිගාවේ සිල් සුවඳට ඉව අල්ලමින් ඉස්සරහින් පේන නාථ දේවාලය දිසා හිස් බැල්මක් දාගෙන කල්මරමින් ඉද්දි ඕන් හීනෙන් වගේ ඇහෙනවා මේන් මෙයා මෙතන. ඇති යන්තන් තොපි ඩබල තාම ඉන්නවා. මං හිතුවා අල්ලපු වැටේ කරාටි පන්තියට ගියාවත් ද කියල. ආහ් නෑ නෑ. කරාටි ක්ලාස් අද නෑ. සාගර හැරෙන තැපෑලෙන් උත්තර දුන්නා. අබ කෑව මිනිහට නේ දන්නේ ආයිබෝන්.

ආයෙත් පිළිවෙලකට පැක් වෙචිචි අපි සවස කෑමට ජිනදාස අංකල් ළඟ නැවතුනාමත් සිරා කතා ටිකක් වුනා. සින්දු කියලා වෙනම ලෝකවල හිටි අපේ කස්ටිය ටොයිලට් මාරු කරගෙන. දවසේ අවසාන භෝජන සංග්‍රහය හෙවත් සහභෝජනය වූ එය රටේ මහ එකාගේ ප්‍රියතම කෑම වන ආප්පයෙන් හමාර කරන්න හිතාගත්තත් කොත්තුවක් දෙකක් හේමත් පල්ලම් බැස්සා. ආයෙත් ගෙදර එනකම් ම නොනවතින ගීත රැල්ලක් සමඟින් දනමන පොබයන යාමේ සත්සර රාව නැංවූ ගුනරතන ගුරු චාරිකා 2018 ඒ ආකාරයට නිමා වුනා.
සොමියට වරෙන් පුතා සීට් නැතත් බස් එකේ....! මයිනා ඒත් එල්ලිලා කියන්ඩකෝ... කුජීතයි මෙයාලා

නිකම් හිතලා බලන්න මෙයාලා මේ සිද්ධිය වුනේ 2018 දෙසැම්බර්. දැන් බ්ලොග් ගත වෙන්නේ 2019 ජුනි. තථත්‍ය කාලය සහ බ්ලොග් අවකාශය අතර මාස ගණනාවක පරතරයක් ඇති බව පේනවනේ?