Showing posts with label උගත මනා. Show all posts
Showing posts with label උගත මනා. Show all posts

Sunday, July 7, 2019

X Y සමීකරණය හා මා දැල් බෑම හෙවත් අලුත් පරපුරේ නාඩිය ඇල්ලීම


දැන් හැදෙන පරම්පරාව ඉතා ම ඉන්ඩිවිජුවලිස්ට්ලා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. උන්ගෙන් කණ්ඩායම් වැඩක් කරගන්නවා කියන්නේ ඉතා ම අමාරු වැඩක්. මොක ද තනියෙන් ම දෙයක කරන්න උත්සාහ ගන්න අය තමා වැඩි. ඔන්න අපේ දහම් පාසලේ දෙවන වාරයේ විභාග කටයුතු හේම ආවා. විභාග වලදී ප්‍රශ්න පත්‍ර ධර්ම විද්‍යාලය තුළ දී ම සැකසෙන්නේ විභාග කමිටුව මගින්.

සාමාන්‍යයෙන් දහම් පාසලේ දී ගැහැණු පිරිමි වෙන් වෙන් ව වාඩි කළත් විභාගයේ දී එක බංකුවක තිදෙනා බැගින් වාඩි කරවීම සිද්ධ වෙනවා. එහෙම කරන්නේ කොපි කිරීම්, අසා ලිවීම් වගේ විභාග අක්‍රමිකතා වළක්වන්න. ලොකු සීන් එකේ ඉන්න බුවාස්ලා සහ බුවීස්ලා කිසිම විටක එහා පැත්තේ ඉන්න කොල්ලා හෝ කෙල්ලගෙන් එක උත්තරයක් හෝ අසා නොගන්නා බව අපි පළපුරුද්දෙන් දන්නවා. දෙතුන්සීයක් විභාගය ලියුවත් මීයට පිම්බ ගාණට නිශ්ශබ්දතාවයකින් විභාග පවත්වන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ මේ සාර්ථක ක්‍රමවේදය නිසා. හැබැයි පුතයව එහෙම වාඩි කරවන්න ලොකු ගේමක් ගහන්න ඕන. ගෑනු ළමයෙක් ළඟින් වාඩි වුනොත් අතක් පයක් ගැළවෙයි වගේ හිතාගෙන තමා කොල්ලො ඉන්නේ. ඒත් පන්තියේ කාටිස් එකක් පුපුරවලා හරි, කොස්සක් කඩලා වගේ හරි මොකක් හරි කුප්ප වැඩක් සිද්ධ වෙලා කවුද කළේ කියලා අහන්න කෝ. මළාට එකෙක්වත් පාවාලා දෙන්නෑ මුළු පන්තිය පිටින්ම පනිෂ්මන්ට් එක කාලා අඬාගෙන ගියත්...

ඒවා නිල නොවන මට්ටමේ මාර පොලිටික්ස්. අපිත් කොරවෙන ජාතියේ ඩීල් තමා දැන් ළමයි ළඟ තියෙන්නේ. අපි වටේ ගිහින් කැටේ පුරවන් එද්දි උන් නාහෙන් රිංගලා තියෙයි. ලොවෙත් විභාග දවසේ සවස් වරුවේ පන්තියේ පාඩමක් කරන්න වෙන්නෑ. මොකද වෘත්තිය සමිති ලෙඩේ අදින නිසා. එදාට ගොඩක් වෙලාවට ශිෂ්‍ය සමිති තමා තියන්න වෙන්නේ. නමුත් ඒකෙදිත් හැමදා ම සින්දු කියන ළමයා ගීත ගායනා කරනවා විනා අලුත් කථිකයො බිහි වෙන්නෙ නෑ. ඇත්තට ම අපේ එහෙම ඕපන් ස්ටේජ් එකක් ප්‍රමෝට් කළත් මාර්කට් එකක් නෑ. ඉතිං ඇවරිතුමා අලුත් සෙටප් එකක් හැදුවා විශේෂයෙන් ම දහම් දැනුම ප්‍රමෝට් කරන්න.

දැන් ඉස්සර අපිට ගොඩක් පාඩම් වුනා ට මේ අයියලා පොතේ ගුරුන් හෝ ගිරවුන් නොවන නිසා කිසිවක් පාඩම් නෑ. මුන්ට එක කවියක් ලස්සනට තාලෙට සමුද්‍රඝෝෂෙට කියන්න බෑ. මං හිතන්නේ කවි පාඩම් කරපු අවසාන පරම්පරාව අපි වෙන්න ඕනා. කිසිම සාහිත්‍ය රසාස්වාදනයක් නෑ. රස නිෂ්පත්තිය ගැන දන්නේ නෑ ආදී චෝදනා ගොඩාක් නිසා ඒ දේවල් අලුත් විදියට දෙන්නේ කොහොම ද කියලා ප්‍රශ්නයක් අපිට තිබුණා. ඒ වගේ ම දහම් දැනුම අංශයෙන් අපෙන් ගිළිහෙන තරඟ දක්ෂතාවය නැවත අප වෙත ගන්න ගරිල්ලා සැලැස්මක් ඉදිරිපත් කිරීමේ වගකීමත් ඇවරිතුමා වෙත තිබුණා. බැමිණිතියා සාගතය වෙලාවෙ මුඛ පරම්පරාවෙන් පැවත ආ ත්‍රිපිටක ධර්මය විනාශ වී යා නොදී ස්වාමීන් වහන්සේලා වැලි ගොඩකට පිට දීගෙන කර කොළ අනුභව කරමින් පාඩම් කළාය කියලා සඳහන් වෙනවනේ. දැන් වෙස්සන්තරේ පී.ඩී.එෆ් ඔන්ලයින් තියෙනවා. නමුත් බාලේ පෙම්බර කොණ්ඩා බැන්දත්... කඳුළු වැටෙන්න භක්තියෙන් කියන්න දන්න එකෙක් නෑ. දැනගෙන හිටිය අපේ ආච්චිලා මැරිච්ච තැන්වල ගසුත් පැළවෙලා.

හරි දැන් එච්චර ම හාත සීන් නෑනේ. පෙළපොත් වෙනුවට ටැබ් දෙන කාලේ අසවල් පොතේ අසවල් පිටුවේ ඇති බව මතක තියා ගත්තා ම ඇතිනේ. සහස්සරේ වේගෙන් යන දැන් මේ කාලේ - කෝම්පිට්ටු උයලා වැඩක් තියේ ද රාළේ කියලා අහන්න පුළුවන්. ඇත්තට ම ඔව්. නමුත් මතකයේ තබා නොගන්නා තාක් කල් ඒවා ප්‍රායෝගිකව භාවිතා කරන්න ඔබට නොහැකි වෙනවා. පස්සේ ඔබේ පරිකල්පනය මොට වෙනවා. දැනුවත් බව නැති වෙනවා චින්තනය පටු වෙනවා කිව්වට උන්ට තේරෙන්නේ නෑ. පස්සේ තේරෙන විදියට මේම කිව්වා. ඔය හැමතැනක ම අපි ඉගෙන ගන්නේ සිද්ධාන්ත විතරයි. ප්‍රායෝගිකව යොදා ගන්න කරලා බලන්න වෙනවා. ඒ දැනුමෙන් අලුත් දෙයක් හිතන්න නම් අර දැනුම අත්පත් කරගෙන තියෙන්න ඕන. හරි වැඩි කතා ඕනෑ නෑ. අපි දැන් කණ්ඩායම් වැඩක් කරන්නයි යන්නේ. කවුද කැමැත්තෙන් ඉදිරිපත් වෙන්නේ.

අපි නම් මළත් නැගිටින්නෑ සර්. ඇවරිතුමා මේ බව දන්න නිසා නායකයෙක් සහ නායිකාවක් අහඹු ලෙස ගත්තා. පස්සේ කොල්ලො දෙන්නයි, කෙල්ලො දෙන්නයි කැමැත්තෙන් උච්චි උච්චි දාගෙන එන්න කියලා යැව්වා. උන් මාර නම් දාගෙන ආවේ. කැප්ටන් ඇමරිකා ද තෝර් ද? ටීනා ද යුරේනි ද? (දෙන්න ම එපා) සංගීත් ද බාචි ද? මුන් යකෝ.... බැනලා වැඩක් නෑ පුතී ඒක තමයි ඒ ජෙනරේෂන් එකේ පල්ස් එක. අපි මේ කොන්ටිනෙන්ටල් ඩ්‍රිෆ්ට් එකට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එකඟ වෙන්න ඕන. නැතිනම් ඩයිනෝසරයින් වගේ වඳ වෙන්න ඕනා.

පළමු වටයේ දහම් දැනුම ප්‍රශ්න ලියන ලද චිට්වලට උත්තර දීම තිබුණෙ. ඇවරිතුමා කලින් දා පැයක් අරන් ප්‍රශ්න හදාගෙන තිබුණා. ඒවා නොදන්න තරගකරුවන්ට ප්‍රේක්ෂකාගාරයත් ආක්ස් දි ඕඩියන්ස් හරහා උදව් කරමින් සම්බන්ධ වුනා. දෙවන වටයේ විනාඩි තුනට අභිධර්මය හා සම්බන්ධ වචන හැකි ප්‍රමාණයක් ලියන්නයි තිබුණේ. කට්ටිය කෑ කෝ ගසමින් උනන්දුවෙන් වචන ලියන වෙලාවේ අපේ මයිනා මහතාත් පන්තියට ආවා.

තුන්වන වටය තමා ඉතා ම රසවත්. ඇවරිතුමා ගීත දහයක් තෝරාගෙන ඒවායේ විස්තර කාඩ්පතක ලියා තිබුණා. දරුවන්ට අදාළ ගීත තේරීමටයි තිබුනෙ. තරගකරුවන් අංකය තෝරාගත් පසු වේදිකාවේ කෙනෙක් තමා අදාළ කාඩ්පත කියෙව්වේ.

කෙළෙස් ප්‍රහීන කරන ලද රහතන් වහන්සේලා අහසින් වැඩම කළ හෙයින් හිරු රශ්මිය නැති වී, වී වේලා ගන්නට නොහැකි විය. සේරුන් සමූහයා පිහිනන අනුරාධපුර වැව් දිය මත මානෙල්, නෙළුම්, ඕලු මල් පිපී තිබේ.

ගීතය දන්නෝ බුදුන්ගේ. කියාගන්න සෑහෙන්න අමාරු වුනා. සමරහරු අනුරාධපුරය ඔබයි වගේ ඒවත් කිව්වා. ඒවා අපි පිළිගන්න ඕනා. ළමයින්ට ඇහෙන දේනේ...!!!

සත්සර නඟලා ටිකින් ටික සෙලවෙන ළා දලු බෝපත්වල නාදය ඔබට ඇසුණා ද? හිම කඳු මුදුනින් හමන සීතල සුවඳ මන්ද මාරුතය පීරා නේරංජනා ගං තෙරින් එන්නේ සඳුන් සුවඳයි.

ආ සර් මහබෝ වන්න ම. සින්දු වේ මුල මොකක් ද? ටර ටන් ටටන් ටර ටන් ටටටටං.... මුල කියන්න ඉතිං. වැලි තල අතරේ අනේ. කවුද ලිවුවේ මානවසිංහ. අපි කියමු ද? හා අනේ ෂෝක් සර්..!! ටර ටන් ටටන් ටර ටන් ටටටටං.... (නටන ගමන්)

ඊළඟට කාර්ඩ් එක ගත්තු කොල්ලා ලැජ්ජාවෙන් ඇඹරෙනවා. එක්කෝ මේක සර් ම කියන්න. මට නම් බෑ.

ඔබ ඉතා සෝබමාන කාන්තාවක් බව සැබෑය. අඩ සඳක හැඩය ගත් පටු නළළ, අඳුන් ගල්වන ලද ඇස්, දේදුනු මවන ඇහි බැමි ඇති ඔබ ඇස්වලින් විදුලිය මැව්වද මට කම් නැත. කරුණාකර මෙතැනින් ඉවත්වන්න. 

අතගාලා ටොකු අනිනවා කියන්නේ මේවට සර්. අන්තිම ටික නම් සැර වැඩියි. හරියට බෝම්බයක් තියෙනවා අයින් වෙන්න කියනවා වගේ. කටකාර කොල්ලෙක් සභාව ම හිනාගැස්සුවා. හරි මේ ගීතය කියන්නේ දුටුගැමුණු මහරජතුමා. ආ ස්වර්ණපාලියේ.. නෑ නෑ ළමයි ස්වර්ණමාලියේ. නොදන්න කට්ටිය රන් තෙළඹුවේ කතාව අහගන්ඩ.

ඔය ආකාරයට ගීත දහයට කතා දහයක් කියමින් ගිය ඒ සෙෂන් එක අපූරු එකක් වුනා. ඒ සින්දු දාලා අහන්න දෙන්න වුනා නම් ගොඩක් හොඳයි. පහුගිය අවුරුද්දේ ඇවා කළ මියුසික් තෙරපිය සලාදයේ ඒ ගැන ලියැවිලා ඇති. එතන සහෙන්න මීටරෙන් ඉන්න සවිඤ්ඤාණික නාඩි කීපයක් අල්ලාගන්න ඇවරිතුමාට පුළුවන් වුනා. මේ වගේ හිටි ගමන් මා දැල් දාලා මාලු බෑම ඇවරිගේ විනෝදාංශයක්. වෙනත් දහම් පාසලකින් ආපු දරුවෙක් දහම් දැනුමට කරේ තියන් උත්තර දුන්නේ බෝනස් ප්‍රශ්නත් අරගෙන. ඒ කියන්නේ චිට් එකේ තියෙන ප්‍රශ්නයට අමතරව ඊට අදාල ක්ෂණික ප්‍රශ්නයක් ලබා ගෙන ඒකටත් හරි උත්තරේ දුන්නොත් ලකුණු දෙගුණ වීමේ පදනම යටතේ.


මේ අදහස ඇවරිගේ ඔළුවට ආවෙ ඉතා ම අහම්බෙන්. වැඩියෙ හිතන් නැතිව අපි කරලා ම බැලුවා. අපි වෙනස් වෙන්න ඕන කොහොම ද කියන එක ගැන අදහසක් ගන්න මේ නියාමන ව්‍යාපෘතිය ඉතා ම වැදගත් වුනා. මීටරෙන් ඉන්න නාඩි කීපයක් ලයින් කරගත්තනේ. අගෝස්තු නිවාඩු කඳවුරත් අපි කෝම හරි කරන්න ඕනා. මේ අත්දැකීම් අපිට ළමා කාලයේ තිබුණා වගේ ම දැන් ඉන්න දරුවටන්ටත් තියෙන්න ඕනා. අපි ඒවා ඩිෆෝල්ට් කරනවා කියන්නේ අපේ පිරිහීම මිසක් ඒ ළමයින්ගේ වරදක් නෙමේ. මීට වඩා වැඩ කරන්න ඕන ඇවරි. අනේ මට බෑ. හැබැයි අපිට පුළුවන්...


Monday, April 22, 2019

රාජ්‍ය නම් මාය හෙවත් කුණිසි ජනතාව බිලී කොක්කේ ඇමිණීම


ඉරිදා දවසේ ධර්ම විද්‍යාලය නිවාඩු වුනත් ගුරු රැස්වීමට සහභාගී වුන ඇවරිතුමා එය අවසාන වෙලා ගුරු මණ්ඩයත් එක්ක පොඩි පොඩි නිල චාරිකා කිහිපයක ගියා. කුරිරු අන්තවාදී ප්‍රහාරයන් එල්ල වුන ඒ ඉරිදාවේ අවාසනාවන්ත සිදුවිම්වලින් මිය ගිය සියලු දෙනාගේ පවුල්වලට සාතිශය සංවේගය පළ කරන අතරේ එම විපතින් තුවලා ලබා රෝහල්ගත කළ සියලු දෙනාට ඇවරිතුමා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

තරුපහේ හෝටල් තුනක සිදුවූ ප්‍රහාරයන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බවට නිල වශයෙන් රජයෙන් ප්‍රකාශ කර ඇති පසුබිමක් තුළ, ජාතික ආරක්ෂාව හමස් පෙට්ටියට දාපු අපේ ආරක්ෂක කවුන්සිලේ ඇත්තෝ කොළඹ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, ප්‍රියලාල් දසනායක මහතාගේ ලියනමක් උස්සාගෙන බෝල පාස් කරමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම ඉතා ම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. කොහොමත් ජාතියක් හැටියට පවතින ආරක්ෂාව පිළිබඳ කල්පනා කරමින් නැවතත් විමසිලිමත්ව කටයුතු කරන තැනට අපිව බැක්ට්‍රැක් කිරීම සෑහෙන වෙහෙසකර කටයුත්තක් වෙනු ඇති.

මේ ප්‍රහාරයත් එක්ක අරලිය මන්දිරේ පුරුද්දට සතිපතා රැස්වෙන ආරක්ෂක කවුන්සිලේ පුටු රත්කරන මකබාස්ලා සෙට් එක දඩිබිඩියේ නැඟී හිටියේ හරියට ලංකාව මුහුදින්, ගුවනින් හතරවටින් ම වට කළා වගේ. එවෙලේ ජනාධිපති මන්දිරේ සන්නද්ධ හමුදා ප්‍රධානීන් පණ දුන්නේ සීසර්ගේ කුලී හේවායින්ගේ භූමිකාව. සීසර්... දෙන්න අණ කරන්න වැඩ.. රානිල් දීපිය අණ.... අල්ලන්න ටෙරාව.. රානිල්.. කියකිය ලොක්කගේ පය ලෙවකන තැනට හමුදාව වැටුණ බව කියන්න ඕන. හැබැයි ලොක්කා ගාව දෙකට නැමිලා, ලෙවකාලා හරි ගත්තු ඕඩරේ නිසා පැය දෙකක් ඇතුළත දෙමටගොඩ මහවිල උද්‍යානයේ ස්පයිස් ලොක්කාගේ පොට් එකෙන් මහමොළකාරයින් සෙට් එකක් කුදලගෙන එන්න අපේ වීරයන් සමත් වෙනවා. එතනදී දිවිපිදූ පොලිස් නිලධාරීන් තුන් දෙනාගේ පවුල්වලටත් ඇවරි ශෝකය ප්‍රකාශ කරනවා. එහෙම ජීවිතේ පූජා කරලා හරි අල්ලගන්න අපේ සන්නද්ධ සේවා දක්ෂ වුනා.

ඉතිං කවුරුහරි කියනවා නම් අපේ අපේ සන්නද්ධ සේවා අඩපණයි කියලා ඒක අමූලික බොරුවක්. ප්‍රශ්නය තියෙන්නේ අණ දෙන්න කොන්ද පණ ඇති නායකයෙක් නැති එක. දැන් අපි ඔය පාරම්බාන ලියුම ගැන වුනත් සමාජගත අදහස ඉතා ව්‍යාකූලයි. එයින් ඉල්ලා සිටින්නේ ප්‍රභූ ආරක්ෂාව තර කරන හැටියට. ඉතිං ඒ ටික වෙලා තියෙනවනේ. දැන් කොයි ඇමතිගේ ද පවුලට සම්බන්ධ එකෙක් හරි, අඩුම තරමින් ගෑවිච්ච එකෙක් හරි මළේ...? ඒ පාස්කු ඉරිදාවේ අහඹු ලෙස ප්‍රධාන හෝටල් තුනක ම පුපුරද්දි කොයි ඇමතියගේ ද ටේබල් රෙසවේෂන් එකක්වත් තිබුණෙ? ඒ අස්සේ හරීනයා කියපි, සති ගාණක් ලෙඩ වෙලා ඉන්න තාත්තා සීන් එකේලු. අන්න බල්ලා පැන්නා මල්ලෙන් එළියට.

හැමෝ ම දැන් රැඟුවට කල්තියා ම දැනගෙන හිටියා මහත්වරුනේ. පක්ෂ විපක්ෂ දේශපාලකයන්, රටේ ජනතාව සමූල ඝාතනය වන සැටි බලන්න පාස්කු ඉරිදාවේ ඉතා ම භක්තියෙන් සැදී පැහැදී හිටියා ආමෙන්. කවුරුත් කටක් ඇරියේ නෑ. මොක ද මේකට ෆ්ලෑෂ් මොබ් ඉෆෙක්ට් එකක් දීලා ත්‍රස්තවාදී ලේබලෙන් අත පිහිදා ගන්න හැමෝට ම උවමනාව තිබුණා. මේ ඡන්ද කටේ. අවුරුදු සෙලික්කේ. කිසිකෙනෙකුට කට්ටට බෙර ගහන්න ඕන වුනේ නෑ. අබ කෑව එකාට නේ දන්නේ. සියලු දේහයන් රජයේ වියදමින් භූමදානය... තව ඕනනම් ආචාර වෙඩිමුර 21ක් දෙන්නම්. පොලීසිය ඒකත් කරලා දේවි. ජීවිතයකට ලක්ෂයක් ආපදා කළමනාකරණෙන් දීලා පල්ලිටික හදලා දෙමු. සති දෙකෙන් මුන්ට ඕවා අමතක නිසා ඡන්දෙත් දේවි. අපි බදු ගෙවලා තියාගෙන ඉන්න සන්නද්ධ හමුදා රටේ මහඑවුන්ගේ පුද්ගලික බූදලයක් බව ඔප්පු වී හමාරයි. මේ තරමින් හරි ඕඩර්ස් නොදෙන්න රට ම පිපිරෙනකම් දියවන්නාවේ සෙට් එක තමුන්ගේ සමිට් ෆ්ලැට්වලට වෙලා පුළුලු තිර ඔස්සේ තමුන්ගේ ජනතාව මැරෙන හැටි සජීවීව නරඹමින් ඉන්න තිබුණ මිත්‍රවරුනි. රෝමය ගිනි ගද්දිත් නිරෝ වීණා වැයුවලුනේ..?

මීඩියාකාරයො ටිකත් හොද්ද බොර වුන වෙලේ පැය විසිහතරේ ම බ්‍රේකින් නිවුස් දීලා තමන්ගේ වගකීම ලෙසට ම කළා හැබැයි. ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය පූර්ණ අකර්මන්‍යයි. තොරතුරු කිසිම පාලනයක් නෑ. සියල්ල අර පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විතරයි. ඊළඟ පිපිරීම දිවා පුවත් විකාශයෙන් කියන්න හැමෝම දත මැදගෙන හිටියේ. පිස්සු බල්ලො වගේ මීඩියා හැම එකක් ම මස්කෑලි විකුණද්දි ලොක්කා කළේ සමාජ ජාල අවහිර කිරීම විතරයි.

මේකත් හරියට ම සුනාමිය ආව වගේ. සුනාමිය ඉස්සෙල්ලා ම දැනගත්තෙ දියේගෝ ගර්ෂියාවේ අමෙරිකා නාවුක මධ්‍යස්ථානය. අපිට කිව්වේ ටී. සුනාමි එනවා කියලා විතරයි. මොකක්ද ඒ කියලා දැනුවත් කළේ නෑ. නමුත් කෙසේ හෝ බලය පවත්වා ගැනීම අපේ ම නායකයින් සියල්ල දැනුවත්ව අපිට ම නරුම විදියට හිනාවෙන්නේ ඔවුන් අපේ ශ්‍රී ලාංකික ලේ දැක සතුටු වෙන නිසායි. අගමැති කියන්නේ තමා නොදැනුවත් බව සහ තොපි මළත් රට අස්ථාවර වෙන්න ඉඩ නොතබන බවයි. ජනාධිපති රටෙත් නෑ. බයේ පැනලා ගිහින්. රාජ්‍ය නම් මාය කිව්වේ නැපෝලියන්. නමුත් හිටන් ද ග්‍රේට් ඇණ ගන්නේ නැපෝලියන් වෝටර්ලූ සටන පරාද වුනාටත් වඩා අන්ත පරාජයක් ලබමින්. රටේ ජාතික ආරක්ෂාව ඉහළ පන්තියේ ප්‍රභූන්ගේ තවත් සුඛෝපභෝගී වරදානයක් වූ කල  කවර ජාතියක කවර ආගමක වුවත් ඔබත් මමත් ඔවුන්ගේ බිලී කොක්කේ ඇමට එල්ලන කූණිස්සන් පමණයි..!!

ඔව් දැන් කියාපල්ලා ප්‍රභාකරන් සුදු කොඩි වැනුවා වගෙයි කියලා....     

Monday, April 3, 2017

ථොක ථොකං ඛණේ ඛණේ හෙවත් ගැ/පි/ම/ප පන්තියේ ලැයින්කිරිල්ල

ඇවරිතුමා පස්ට පන්චුවල් නිසා ගිය අවුරුද්දේ පෝස්ට් පබ්ලිෂ් වෙන්නේ දැන්, ඒ කිව්වේ 2017 පළමු කාර්තුවත් අහවර වුනාට පස්සේ. මේවා ලියලා තිබුණට අප් කරලා නැත්තේ වෙලාවක් නැති කමින්. කෝම නමුත් මේ පෝස්ටුව ගිය දිසැම්බරයේ ලියවුන බව හිතාගෙන කියෙව්වනම් හරි....!!!!!


පහුගිය ඉරිදාවේ දහම් පාසල් දරුවන්ට නිවාඩු දුන්නා. ඇවරිතුමා ඉතිං කවදාවත් වෙලාවට කලාවට ඒ වැඩවලට නොයන නිසා අඩුම වසයෙන් අවසාන දවසේවත් වෙලාවට යන්න හිතාගෙන ටිකක් කල් වේලා ඇතිව නැගිට්ටා. ඇවරි මාතාවත් එදා ප්‍රාන්තයෙන් පිට හිටි නමුත් ඇමතුමක් දීලා ඇවරිතුමා ඇහැරවලා තිබුණා. ආයෙ ඇවරිමාතාගේ රේඩාරය රජ දහනෙන් පිට හිටියත් වැඩ ඉතිං. ක්වික් රෙෆරන්ස් ම තමා.

2016 ඇවරිතුමාගේ දහම් පාසල් චාරිකාව ගැන තරමක සාධනීය වාර්තාවක් ලබා දෙන්න පුළුවන්. ඊට හේතු වුනේ ඇවරි ඇල්මෙන් දහම්පාසල් යාම නෙමෙයි, සහෝදර ගුරුතුමී අංශ ප්‍රධානී චන්දිමා මැතිනියගේ නොපැමිණීම. විවාහප්‍රාප්ත වුනාට පස්සේ පදිංචිය වෙනස් වීමත් එක්ක චන්දිමා මැතිනිය දහම් පාසල් ගමන නවත්වනවා. ඉතිං ඇවරිතුමාට කලින් අවුරුදු වල ඇරියස් පිටින් කවර් කරවන්න සිද්ද වෙන්න බොහොම සෝචනීය ආකාරයට පින්වතුනි. ඉස්සර ඇවරිතුමා උයන්කෙළියට ප්‍රාන්තයෙන් පිටයන කාලෙදි චන්දිමා මැතිනිය ඇවරිගේ පන්තියත් බාර ගෙන සෑහෙන්න හොඳ සහයෝගයක් දීලා තියෙනවා.

කොටින් ම ඇවරිතුමා මාතලේ හැදුවා මම ගේ තට්ටු කියාගෙන, කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු කියාගෙන ආසික් එකේ කොටු පනින කාලෙ, ජස්ට් අ මැටර් ඔෆ් ෆෝන් කෝල් නිසා ම, “මැඩම් අද මං මාතලේ...!! පීස් හෙට ගිහිල්ලා පන්තිය කරන්න.“ කිව්වම “මෙහෙම බෑනේ නලින ඔයා රට වටේ ම උඩිච්චියො එක්ක සවාරි යන්නයි, එතකොට මං ගිහින් පන්ති දෙකක් එකට දාලා උගන්නනයි සාධාරණ නෑනේ??“ ආදී වශයෙන් මේඝ ගර්ජනා පවත්තලා ඒ මදිවට හිටන් ජාතිය ඇමතීමේ හේෂාරාවයත් පවත්වලා කරලා කාරිය බර බරේ දැම්මාට සනුහරේ එක පන්තියට දාලා, ඒ ඇත්තී මගේ දරුවො ටිකත් අපූරුවට බලාගන්න බව ඇවරි ඇස්දැකීමෙන් දැනගෙන හිටියා.

අවුරුදු විසි ගාණක් ම නිස්සරණාධ්‍යාෂයෙන් දහම් පාසල් ගුරු සේවයේ හිටි ඇයට පන්ති දෙකක් කරනවා කියනේ කිරි කජු වැඩක්. ඉතිං දෙවැනි වාරයේ සිට ඇය දහම් පාසල් නොපැමිණීම පිළිබඳ ඇවරි කිසිම කහටක් නැතිව ඇගේ පන්තියත් භාර ගත්තා. එදා උදේ වරුවේ අපි අවසාන ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කළා. සවස් වරුවේ පුංචි ප්‍රයිවෙට් වැඩක් කළා. පන්තියේ ළමයි හතළිහක් එක්ක එක්සර්සයිස් එකක් කළාම ඒක ප්‍රයිවෙට් වැඩක් වෙන්නේ නෑනේ ඇවරිතුමෝ. එලෝ විකාරෙන් මෙලෝ පොල් අතගානවාද මන්දා?? ලොල්

ඒක ප්‍රයිවෙට් වෙන්න තමුන් ගැන අහන නිසා. අර බුකියේ සෙයාර් වෙන පෝස්ට්වල වගේ ඔයාටත් සුපිරි ම ළමා කාලයක් තිබුණා නම් මතක ඇති අපි ගැ/පි/ම/ප කළා. දැන් එහෙම සුප්පා සුපිරි ළමා කාලයක් නොතිබුණ සසුන් ලැදි, දෑ හිතකාමී, සුපේෂල අම්බරු රත්නයන් සහ එම රත්නාවන් මගෙන් අහපල්ලා ඒ මොකා ඒ යකෝව් කියලා..?? දෙන ලද අකුරකින් පටන් ගන්නා ගැහැණු, පිරිමි, මල්, පලතුරු, සත්තු, ගම්, රටවල්, පත්තර, චිත්‍රපටි වගේ දේවල්වල නම් ලිවීම තමා මේ සෙල්ලම. මුලින් ම ලියා අවසාන කළ තරඟකරුවා සීයට ගණන් කරන අතරේ අනික් අයට ලියන්න පුළුවන්. ඉවර වෙන අයත් ගණන්කරන්න එකතු වෙනවා. සීයට ගැන්නා ම කාලය අවසානයි. කෙනෙක් ලියපු පිළිතුර තවත් කෙනෙක් ලියා ඇත්නම් ලකුණු පහයි. නැත්නම් දහයයි. 

ඉතිං ඔය ගම් වගේ ලියද්දි පානදුර වගේ දන්න කියන ගමක් නොලියා පදියපැලැල්ල වගේ සුඹුලකටානට කිට්ටු හද්දා ඩොටේ නමක් ලියන්න කස්ටිය පරිස්සම් වෙනවා. ඔය සෙල්ලම දහ දොළොස් දෙනෙක් ඉද්දි කළාට හතළිහක් පණහක් ඉද්දි කරන්න අමාරුයි. අනික ඉස්සර අපිත් සෙල්ලම් කරද්දි කස්ටිය එවෙලෙට ලියලා උත්තර දෙන වෙලාවල් වගේ දූෂණ අක්‍රමිකතා හේමත් වාර්තා වුනා. විශේෂයෙන් ම අපේ චමිත අයියා, ඒ වගේ විසමාචාර්යන් සඳහා නම් දැරූ අංකූරෙක්.

එදා අපි කළේ මම ගැන ටෝක් ෂෝ එකක්. අතිශය රහසිගත තමුන් ගැන වාර්තාවක්. කොටින් ම තමුන් කවුද කියලා තමුන්ට ම හොයාගන්න පුළුවන් වැඩක්. වැඩසටහන මෙහෙයවන්නා වන ගුරුතුමාත් අදාළ ප්‍රශ්නවලට පිළිතුරු ලියනවා. හැබැයි කාගෙවත් උත්තර කාටවත් පෙන්නන්න කවුරුත් බැඳිලා නෑ. දහම් පාසල නිසා ඒ ප්‍රශ්න දහමට ටිකක් බර කරලා දෙන්න ඇවරිතුමා උත්සුක වුනා. උදාහරණයක් විදියට මට වැඩියෙන් ම තරහා යන්නේ? මම වැඩියෙන් ම කඩන සිල්පදය? තහර ගියාම මං කරන්නේ? අන්තිමට කෑගහලා ඇ‍ඬුවේ? අන්තිමට කරපු මතක හිටින පින්කම? වගේ මහ අංජබජල් කර්පට් ප්‍රශ්න තිබුණ සෙෂන් එක්ක ඒක. අන්තිමට කියවපු පොත? කැමතිම පාට? ආදී සාමාන්‍ය ප්‍රශ්න ඇතුළත් කොටසකුත් ඒ ප්‍රශ්නමාලාවෙ තිබුණා. ඒකෙන් ළමයා ගැන සාමාන්‍ය අදහසක් ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ කොටස අපිට දෙන්න ඕන. මොක ද ළමයින්ට පුද්ගලිකව අපි කතා කරද්දි ඒ අය ගැන පුංචි දැනුමක් අපිට ඒකෙන් ලැබෙන නිසා. අනික් ටික තමුන්ට ගෙදර ගෙනිහින් පරිස්සමට තියලා තව අවුරුද පහකින් අරගෙන බලන්න කියලා ඇවරිතුමා ළමුන්ට යෝජනා කළා.

ඉතිං ළමයි ඔයාලට ම බලාගන්න පුළුවන් තව අවුරුදු පහකින් ඔයා හොඳ මිනිහෙක් වෙලා ද නැත්නම් තවත් නරක ඇට්ටරයෙක් ඇට්ටරියක් වෙලා ද කියලා. ආලෝකයෙන් අන්ධකාරයට ගිහිල්ලා ද නැත්නම් අන්ධකාරයෙන් ආලෝකයට ඇවිල්ලා ද කියලා. ඒකෙ දැනට මගේ ලොකුම රහස වගේ ප්‍රශ්නත් තිබුණා. මට ආලෝකෙ ගෙනදේවි ජෙනරේටරේ නිසා ඕවත් ප්‍රස්න ද නේ ළමයි? ආදී ජෝක්ස් එක්ක වැඩේ සීරීයස් ගියා. ඒකෙ දැනට මගේ ලොකුම රහස වගේ ප්‍රශ්නත් තිබුණා. සමහර විට තව අවුරුදු පහකින් දැන් ඔයාගෙ ලොකු ම රහස එච්චර ලොකු දෙයක් නොවේවි. අද ලියන රහස අනිත් අයටත් පෙන්නලා ඔයා හිනාවේවි. සමහර විට එචාට ඔයාට ලෝකෙන් වසන් කරන්න බොහෝ රහස් තියෙන්නත් පුළුවන්. හැබැයි කාටහරි එදාට දැන් මට ලෝකෙන් වසන් කරන්න එච්චර ලොකු රහසක් නෑ කියලා කියන්න පුළුවන් නම් එයා ගොඩක් හොඳ ළමයෙක්. මොකද දරුවනේ රහස් කියන්නේ බොහෝවිට හොඳ දේවල් ගැන නොවන නිසා. ඔබ විවෘත වෙන තරමට ඔබේ හොඳ බොහෝ දෙනා දකීවි.

ළමයි කොච්චර ඒ ප්‍රශ්න මාලාවට ආසා කළා ද කියනවා නම් සර් තව ප්‍රශ්න දෙකක් අහන්න වගේ ඉල්ලීම් කළා. එතකොට ඇවරිතුමා ඇහුවේ එක ප්‍රශ්නයයි. ජීවිතේ කවදා හරි දවසක කවුරු හරි ඔයාලගෙන් මේ ප්‍රශ්න අහලා තියෙනවා ද කියලයි. බොහෝ දෙනා කීවෙ නෑ කියලා..! කමක් නෑ පුතාලා දැන් මං ඇහුවනේ. තේරුම් ගත්ත ද තමුන් කොච්චර හොඳ ද හෝ නරක ද කියලා. මතක තියාගන්න පිරිසිදු බව හෝ අපිරිසිදු බව තියෙන්නෙ තමුන් අතේමයි. “සුද්ධි අසුධ්ධි පච්චත්තං- නාඤ්ඤමඤඤෝ විසෝධයේ“ ඔබත් මමත් ඇතුළු අපි හැමෝ ම අත්තෝ අසුද්ධා වුනාට බහි සෝබමානා ටයිප් මිනිස්සු. ඇතුළෙන් කුණු වෙලා හිත් අපිරිසිදු වෙලා, වෛරයෙන් වියරු වැටිලා ඕජස් ගලනවා. හරියට හන රෙදි වලින් ඔතපු මළ සිරුරු වගේ.  නමුත් එළියෙන් හැමෝටම පේන්න කසී සළු වගේ සැහැල්ලුවට ජීවත්වන බව පෙන්නනවා. කසී සළු දන්නවනේ? සිනිඳුයි දෙපැත්ත පේන තරම්. ඉතිං ඔබගේ කළු චරිතයක් කියලා, ඔබේ හිතේ ලෝබ, ද්වේෂ, මෝහාදී කෙළෙස් බොහෝයි කියලා පසුතැවෙන්න කොහොත්ම එපා. ඔයාලා අහලා නැතුවත් ඇති,



වැහි වලාකුළ පෑ කළු යැයි ඔබේ
නොහොබිතියි කිසිලෙස් නොසතොස් නොවන්
සිරුර පෑයෙනු ගත් සුදනෝ ලොවේ
නොහඳුනත් උතුමන් ගුණයෙන් විනා

බලන්න වැහි වළාකුළත් එහෙනම් කළුපාටයි නේ. නමුත් එයා තමා වැස්ස ගේන්නේ. ඒවගේ මිනිසුන් උතුමන් වෙන්නේ ඔවුන් තුළ ඇති ගුණයෙන් මිසක් පෙනුමෙන් නොවේ. දැන් ඔයාලගේ රිද්මෙට රොක් කළොත් මේම කියතෑකි.

කාලේ මේතෝ ක්‍යාහුවා දිල් වාලේ හේයි
තේරේ තේරේ තේරේ චාන්දනි වාලේ හේයි
මද සඳෙන් තවත් සුපුන් සදක් උදාවේ..// හොයි හොයි

මං කළුවුනාට මොකද හවතක් තියෙනවා කියලයි කියන්නේ. ඔබේ චන්ද්‍රයා මමයි. හරියට අභ්භා මුත්තෝච චන්දිමා වගේ. නැත්නම් වළා ගැබෙන් මිදුන සඳක් වගේ. තාමත් පරක්කු නෑ, චුට්ට චුට්ට නරක අඩු කරගන්න උත්සාහ කරන්න. හරියට අර රන්කරුවා රිදියෙහි මළ අරින්නාක් වගේ. (කම්මාරෝ රජතස්සේව - නිද්ධමේ මල මත්තනෝ) ඇවරිතුමා තමුන්ගේ කී නෝට් ස්පීච් එක අහවර කළේ කොල්ලො කටවල් ඇරන් සීතල වෙලා ඉද්දි. සාමාන්‍යෙයන් පන්තියේ දී සින්දු කියලා, බයිට් කරලා පිස්සු නටවලා තමුන්ගේ ළමයින්ව ඕන තැනට ගෙනල්ලා හෙළට පලච්චාවෙ කියලා තල්ලු කරන එක ඇවරිතුමාට සාමාන්‍ය දෙයක්. හැමදාම දහම් පාසල් ආව කියල තේරුමක් ම නෑ. අඩුම තරමේ එකෙක්වත් තමුන්ගේ ජීවිතය වෙනසක් කරගත්තා නම් අපේ කාලයට සාධාරණයක් ඉෂ්ට වෙනවනේ.


මේ අවුරුද්දේ ඇවරිතුමාට කරගන්න බැරි වුනේ බේබීස් ඩේ අවුට් එක විතරයි. ඒකත් කූල් ප්ලෑනක් 2017ට පෝස්ට්පෝන්ඩ් හැබැයි. තවත් හැපනින් ඉරිදාවක් අහවර වුනේ ඒ විදියට. දහම් පාසලේ හිටි ඇවරිතුමාට සෙනිකෙට ආපු කෝල් එකක් නිසා සෑහෙන්න හැපී එකක් ආව. ඒ සෙනික ඇමතුම් සලාදය පසුව බලාපොරොත්තු වන්නලු හොඳේ..!!

ප.ලි - අර උඩ සින්දුවේ ඉස්සර ජනප්‍රිය ලින්ඩ්සේ බාලිකා වර්ෂන් එකක් තිබුණා අපේ රුසිරු අරුණෝදි අක්කා නිතර කියපු.
මද සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ //
අපි බඳිමු ඕන කෙහෙම්මලක් උනාවේ //
ඕනෙනම් තවත් ඩිවෝස් එකක් උනාවේ හොයි හොයි//

Thursday, December 8, 2016

අතීත කතාවක අඵවුණු මතකය හෙවත් කොම්ෆර්ට් සෝනයේ යෙහින් වැජඹීම...!!






පහතින් ලියලා තියෙන්නේ ඇවරිතුමාගේ සලාදයේ 2016 දෙසැම්බර් දක්වා ම සේව් කරලා තිබුණ ඩ්‍රාෆ්ට් ෆයිල් එකක්. මේකෙ තියෙන හැටිටත් ඇවරිතුමාගේ හිචිචි මනසේ නිච්චියේ හැටියටත් මේ කියවෙන්නේ දෙකදාස් දහයේ එකොළහේ කතාවක්. ආහ් ඩ්‍රාෆ්ට් එකේ සේව් ඩේට් එක බලන්න කියලා යද්දියි දැක්කේ ඒක මොඩිෆයි වෙන දිනයයි තියෙන්නේ කියලා.

කොහොම වුනත් මේ ස්ටයිල් එක ටිකක් බැලුවා ම මට ම පුදුමයි. ඔයාලත් කියවලා බලන්නකෝ...!!

"ඔන්න ඉතිං ඇවරි ශිවන්දර තුන් වෙනිදා කැම්පොස් ගියා. දැන් අලුත් අවුරුද්දෙ ම වැඩ පටන්ගන්න ඔය අටමඟල ඇරලා තිබුණ එක හොදා.... ලියාපදිංචි වීම්, කාලසටහන් වගේ බයිලා ගොඩක් කරගන්න තිබුණ නිසා විවේකයක් තිබුණෙ නෑ. හැබැයි කවදාවත් නැතුව අපේ පරණ ම මිත්‍ර සමාගමයක් ජයට දාගන්න පුළුවන් වුනා. අර මං කලිනුත් ලියලා තියෙන අලව්වේ වලව් මන්ත්‍රීතුමාගේ පුංචි ඡන්දයේ කැම්පේන් එකට වැඩ කරන්න කියලා Threaten Endemics කස්ටියට නිල ආරාධනා ලැබුණේ එදා. ඒ වගේ ම කාලෙකින් අනුන්ට කඩේ යන්න බැරි වුන හින්දා අයි මැට්ස් කස්ටියගේ පුංචි අටමගලකටත් සෙට්වෙන්න අපි හිතුවා.

අලුතාට අටවක කියන්නෙ හ‍ඳේ මොන කෑල්ල ද කියලා ගැටලුවක් ඇති වුනෙත් එදා. අටවක කියන්නෙ අටෙන් එකයි. ඒ කිව්වෙ මේන් මේ වගේ පොඩ්ඩයි. කියලා මෑන්ස් හඳ අටට දේශාංශාකාරව බෙදලා විග්රහ කළා. අනේ ගොඥො හ‍‍ඳේ කලා දහසයයි. කලා සොළොස පිරි පුරහඳ කියන්නෙ?? ආ ඇත්ත ද? අටවක කියන්නෙ හරි ම අඩ හඳ පළුව. කොහෙන් ද ඉඳන් ආපු සී. එස් කිව්වා. අඩා එතකොට මගේ ආර්ට් වර්ක් එක වරදිනවා??? අපේ අලුතා කියන්නෙ කොහොමත් අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහන පො‍රක්නේ?? ඔළුවටත් උඩින් වතුර ගියා ම තමා මෑන්ස් කලබල වෙන්නෙ. 

පළමු භාෂා දේශනයටත් යන්න තිබුණේ සිකුරාදා. මං ටිකක් පරක්කු වෙලා ගියේ ඩොක්ට සොයිසා වැඩ අල්ලලා. මං නිකන් ලෝර්ඩ් වගේ ගිහින් වාඩි වෙන්න හදද්දි.. සොයිසා මහත්තයා මා දිහා බලලා “ඔයා රැග් කරනවා නේද?” කියලා අහපි. ඇති වෙච්චි සතුටට මට අර සෙනඟ මැද්දෙ සොයිසව ඉඹින්න හිතුනා. යකෝ මාවත් එච්චර පොරක් විදියට පේනව ද??? හික්ස් මට හිනා ගියා. උත්තර දෙන්න වෙලාවක් නොතිය ම ප්රශ්නය සභාවට දැම්ම “ඕගොල්ලො දැකලා තියෙනව ද මෙයා රැග් කරනවා.” මං හරි ම අහිංසක විදියට දෙවන වසර නංගිලා දිහාවට මන්දස්මිත් පාරක් දැම්මා. පන්තිය ම එක හඩින් නෑ කිව්වා. හා නංගිලා ඔච්චර කියන එකේ ගිහින් වාඩි වෙන්න. ආචාර්ය සොයිසා අවසර දුන්නා. හිම කුමාරිත් ඇස් පුංචි කරලා විරිත්තනවා මං බලාගෙන....."

දැන් වර්තමාන කියැවීමට යමු..!!!

කාලය මැව්වෙනසක අරුමේ කියන්නේ ඇවරිට දැන් මෙහෙම ලියන්න ඉතා අමාරුයි. නාකි වුනා ම එහෙම තමා පුතා. ජොයින්ට්ස් දර දර ගානවා හා නෑ ද? මොනා ද ඇවරි උයා...? ඇවරී.. උයා දැන් රිටයර් වෙන්න වගේ කතා තොපිත් මට කියාවි. ඇවරිතුමාගෙ නිල සංස්කාරකවරුන් කිහිප දෙනා ම එහෙම කිව්වා. ඒකට නම් කාරි නෑ කියමුකෝ. ඒත් 2016 ගෙවිච්ච විදිය ගැන කම්පනා කළාම ඇවරිට මාර ඇවරි තික්ග්කිග් එකක් ආව.


පළමුවෙනි කාරණේ ඇවරි ගැන දුකක්.
මගේ ම බ්ලොග් එක මම ම කියෙව්වා ම 2016 දී හිතෙනවා මොන කාලකණ්නිකමක් ද මේ කියලා. මොක ද මං 2012/13 දී කරපු මෙහෙයුම් වලින් 10%ක් වත් දැන් කොකරන නිසා. සිරාවට ඒ දවස්වල පැය පහක් හයක් නිදාගෙන කැම්පස් වැඩයි, ඔෆිස් වැඩයි, ප්‍රින්ටින්, ෂෝස්, දහම් පාසල්, හන්ටින්, කොටු පැනිලි, සියල්ල බැලන්ස් කරපු ඇවරිතුමා දැන් පඩි ගනිමින් වැඩ කරමින් සිටින බොහෝ අලස ජීවියෙක් වෙලා. 

සාමාන්‍යයෙන් ඉස්සර එන්නේ ඩේලි ෂෙඩියුල්ස් දැන් වීක්ලි අප්ඩේට්ස්. හැබැයි කිසි මහන්සියක් නෑ. මොක ද වැඩ අඩුයි. සීට් එකේ හිටියොත් ඇති. නමුත් ඒක නෙමෙයි ඇවරි කැමතිවුන ජීවිතේ. දේවල් මහන්සියෙන් දැනෙන්න කරන්න තමා ඇවරිතුමා කැමති. දැන් ඇවරි කරන වැඩ නිකන් සිල්ලර ලොසින්ජර ගේම්. අපිට මීට වඩා හැපනින් ජීවිතයක් තිබුණා මහත්තයෝ...!! නිරසයි අතරමඟ අවහිර නොදුටු බිම කියන්නේ මේකට වෙන්න ඕන. කෝමත් හැප්පි හැප්පි ගලන කොටයි ගඟක් ලස්සන කියනවනේ මෙයා. 


දෙක අයි ඇම් ද බොස් ඇන්ඩ් ඉට්ස් මයි ඔතෝරිටි චින්තනය
අපි ජූනියර් එක්සකටිව් ඉන්න කාලෙ අයිස් ගහන්න හිතුනා ම බොසා පිටින් දාලා ෂේප් වුනාට දැන් අපි බොස් වුනාම කරන හැම ප්‍රොසෙසයක ම හැම සැකසීමකම අවසානයක් තියෙන්න ඕන. වැඩක් කොහේ හරි නැවතිලා නම් ඇයි නැවතුනේ? කවුරු නිසා ද? මොනා ද විකල්ප? මොනා ද කරලා තියෙන්නේ? කෝ චේස් අප්ස්? පුෂ් කළේ නැද්ද? කතන්දර රාශියක්. ෂූ ඇහුවමත් දාඩිය දානවා නේහ්!!


තුන මයි කාර් මයි ප්‍රෙට්‍රල්
තමුන්ට හරි කියලා හිතෙන තීරණයක් අරන් පස්සේ ඉහළට රිපෝට් කරන නිසා වැඩ හුඟක් ලේසි වුනාට ඒ හරහා මගේ වැඩේ මං කරගන්නන් කියලා හිතන ලොකු සීන් හැඟීමට ඇවරි එච්චර ආස නෑ. වැඩක් නැවතුනොත් මට ම කැමැත්තෙන් පටන් අරන් යන්න වෙනවා. ඇදගෙන යන්න කවුරුත් ම නෑ. අන්තිමේදී වැඩේ නොකෙරුණොත් තමා ඉන්වෙස්ටිගේෂන් යන්නේ. එහෙම දිගට ම උනන්දුව පවත්වා ගැනීම මාර අමාරු වැඩක්. 



හතර ඉන්කේස් ඔෆ් එමර්ජෙන්සි
දැන් නම් වෙන්න තියෙන නරක ම දේවල්වලට ඇවරිතුමා හිත හදාගෙන ඉන්නේ. සහ අපිට පළපුරුද්දත් එක්ක වෙන්න තියෙන නරක ම දේවල් වෙලා තියෙන්නේ. මීට වඩා නරකක් වෙන්න බෑ. වැඩක් වැරදෙන්න කලින් ට්‍රේනීස්ලාට මෙතනයි වරදින්නේ මෙතනදි පරිස්සම් වෙන්න කියලා කියන්න පුළුවන්. ඒක පළපුරුද්ද. අයියෝ කෙළවුනානේ කිව්ව ම ප්‍රශ්නයක් නෑ, ඊළඟට මේමයි කියලා රෙක්ටිෆයි කරන්න පුළුවන්. කොහේවත් උත්තරයක් නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැතුව කොන්දේසි විරහිතව සාධාරණ හේතුදැක්වීමක් හා පාපොච්චාරණයක් කරන්න පුළුවන්. ඒ නිසා ඔළුවට කිසිම ප්‍රශ්නයක් නෑ. පොඩිමවත් පීඩනයක් නෑ. මාර සැහැල්ලුයි. අන්න ඒ සැහැල්ලුව හරි බරක්. සිරාවට ම 2017 දී ඒ සැහැල්ලුව මැනේජ් කරගන්න විදියක් හොයා ගැනීමයි ඇවරිතුමාට ඇති ලොකුම අභියෝගය. 


පහ ආත්තමාත්තකාමීකමේ අන්නතය
ඇත්තට ම 2000 දී සිටි ඇවරිතුමාට සාපේක්ෂව 2016 දී සිටින ඇවරිවිතාන ඉතා ආත්ත මාර්තකාමී ජීවියෙක්. අපි කරන්න පුළුවන් වැඩ බොහොමයක් අපේ නොවන නිසා මඟ හැරලා තියෙනවා. වෙන කෙනෙක් වෙනුවෙන් කාලයක් යෙදවීම කියන්නේ දැන් නම් කරන්න අමාරු වැඩක් නෙමෙයි. කරන්න බැරි වැඩක්. මොකද ඇවරි තමුන් වෙනුවෙන් සියලු ම කාලය වැඩ කර ඇති නිසා. එතකොට කරදර අඩුයි. බයක් කියලා ඇත්තේ ම නැති තරම්. දුකක් කියලා මතක ම නැති තරම්. 

කොටින් ම ඇවරිතුමා 2016 දී ඇඩුවේ පහුගිය ඉරිදා ඒ 'සනම් තේරේ කසම්' ෆිල්ම් එක බලලා. පැය දෙකක් එක දිගට කඳුලු නොවේලා මී හරකා වගේ ඇවරිතුමා සතුටට ඇඬුවා. ඉතා ම සනීපයි. නමුත් ඇවරි කියන්නේ මෙහෙම මනුස්සයෙකුට නෙමෙයි. කාලය සහ අත්දැකීම් විසින් පරිණත කරන ලද හදවත් නැත්තෙක් කරන ලද ඇවරි පිළිබඳ සාධාරණ කියැවීමක් ඇවරිට ම තියෙනවා. 

ඇත්තටම මං හිතන්නෑ මාව ආපහු දිය කරවන්න පුළුවන් කියලා. මං ගොරතර රකුසෙක් වෙලා. ක්ලාසි අලසයෙක් වෙලා. මේ තත්ත්වයෙන් මිදෙන්න 2017 දී පුළුවන් වෙන්න ඕන ඇවරි. ඔයාව බේර ගන්න ඒරොප්පෙන් කුමාරිකාවක් එන්නෑ. ජස්ට් ඩූ ඉට් මෑන්. ඔයාට හරියට ම ඕන මොනාද කියලා දැනගෙනත් වෙලාව නාස්ති කරන්න එපා. එයා යද්දි කියව්වා අමතක ද...?
 
මම ඉන්නේ මැද
2017 දී දකුණට වැඩියෙන්..!!