දැන්
හැදෙන පරම්පරාව ඉතා ම ඉන්ඩිවිජුවලිස්ට්ලා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. උන්ගෙන්
කණ්ඩායම් වැඩක් කරගන්නවා කියන්නේ ඉතා ම අමාරු වැඩක්. මොක ද තනියෙන් ම දෙයක කරන්න
උත්සාහ ගන්න අය තමා වැඩි. ඔන්න අපේ දහම් පාසලේ දෙවන වාරයේ විභාග කටයුතු හේම ආවා. විභාග
වලදී ප්‍රශ්න පත්‍ර ධර්ම විද්‍යාලය තුළ දී ම සැකසෙන්නේ විභාග කමිටුව මගින්.
සාමාන්‍යයෙන්
දහම් පාසලේ දී ගැහැණු පිරිමි වෙන් වෙන් ව වාඩි කළත් විභාගයේ දී එක බංකුවක තිදෙනා
බැගින් වාඩි කරවීම සිද්ධ වෙනවා. එහෙම කරන්නේ කොපි කිරීම්, අසා ලිවීම් වගේ විභාග
අක්‍රමිකතා වළක්වන්න. ලොකු සීන් එකේ ඉන්න බුවාස්ලා සහ බුවීස්ලා කිසිම විටක එහා
පැත්තේ ඉන්න කොල්ලා හෝ
කෙල්ලගෙන් එක උත්තරයක් හෝ අසා නොගන්නා බව අපි පළපුරුද්දෙන් දන්නවා. දෙතුන්සීයක්
විභාගය ලියුවත් මීයට පිම්බ ගාණට නිශ්ශබ්දතාවයකින් විභාග පවත්වන්න අපිට පුළුවන්
වෙලා තියෙන්නේ මේ සාර්ථක ක්‍රමවේදය නිසා. හැබැයි පුතයව එහෙම වාඩි කරවන්න ලොකු
ගේමක් ගහන්න ඕන. ගෑනු ළමයෙක් ළඟින් වාඩි වුනොත් අතක් පයක් ගැළවෙයි වගේ හිතාගෙන තමා
කොල්ලො ඉන්නේ. ඒත් පන්තියේ කාටිස් එකක් පුපුරවලා හරි, කොස්සක් කඩලා වගේ හරි මොකක්
හරි කුප්ප වැඩක් සිද්ධ වෙලා කවුද කළේ කියලා අහන්න කෝ. මළාට එකෙක්වත් පාවාලා දෙන්නෑ
මුළු පන්තිය පිටින්ම පනිෂ්මන්ට් එක කාලා අඬාගෙන ගියත්...
ඒවා
නිල නොවන මට්ටමේ මාර පොලිටික්ස්. අපිත් කොරවෙන ජාතියේ ඩීල් තමා දැන් ළමයි ළඟ
තියෙන්නේ. අපි වටේ ගිහින් කැටේ පුරවන් එද්දි උන් නාහෙන් රිංගලා තියෙයි. ලොවෙත්
විභාග දවසේ සවස් වරුවේ පන්තියේ පාඩමක් කරන්න වෙන්නෑ. මොකද වෘත්තිය සමිති ලෙඩේ අදින
නිසා. එදාට ගොඩක් වෙලාවට ශිෂ්‍ය සමිති තමා තියන්න වෙන්නේ. නමුත් ඒකෙදිත් හැමදා ම
සින්දු කියන ළමයා ගීත ගායනා කරනවා විනා අලුත් කථිකයො බිහි වෙන්නෙ නෑ. ඇත්තට ම අපේ
එහෙම ඕපන් ස්ටේජ් එකක් ප්‍රමෝට් කළත් මාර්කට් එකක් නෑ. ඉතිං ඇවරිතුමා අලුත් සෙටප්
එකක් හැදුවා විශේෂයෙන් ම දහම් දැනුම ප්‍රමෝට් කරන්න.
දැන්
ඉස්සර අපිට ගොඩක් පාඩම් වුනා ට මේ අයියලා පොතේ ගුරුන් හෝ ගිරවුන් නොවන නිසා
කිසිවක් පාඩම් නෑ. මුන්ට එක කවියක් ලස්සනට තාලෙට සමුද්‍රඝෝෂෙට කියන්න බෑ. මං
හිතන්නේ කවි පාඩම් කරපු අවසාන පරම්පරාව අපි වෙන්න ඕනා. කිසිම සාහිත්‍ය
රසාස්වාදනයක් නෑ. රස නිෂ්පත්තිය ගැන දන්නේ නෑ ආදී චෝදනා ගොඩාක් නිසා ඒ දේවල් අලුත්
විදියට දෙන්නේ කොහොම ද කියලා ප්‍රශ්නයක් අපිට තිබුණා. ඒ වගේ ම දහම් දැනුම අංශයෙන්
අපෙන් ගිළිහෙන තරඟ දක්ෂතාවය නැවත අප වෙත ගන්න ගරිල්ලා සැලැස්මක් ඉදිරිපත් කිරීමේ වගකීමත්
ඇවරිතුමා වෙත තිබුණා. බැමිණිතියා සාගතය වෙලාවෙ මුඛ පරම්පරාවෙන් පැවත ආ ත්‍රිපිටක
ධර්මය විනාශ වී යා නොදී ස්වාමීන් වහන්සේලා වැලි ගොඩකට පිට දීගෙන කර කොළ අනුභව
කරමින් පාඩම් කළාය කියලා සඳහන් වෙනවනේ. දැන් වෙස්සන්තරේ පී.ඩී.එෆ් ඔන්ලයින්
තියෙනවා. නමුත් බාලේ පෙම්බර කොණ්ඩා බැන්දත්... කඳුළු වැටෙන්න භක්තියෙන් කියන්න
දන්න එකෙක් නෑ. දැනගෙන හිටිය අපේ ආච්චිලා මැරිච්ච තැන්වල ගසුත් පැළවෙලා.
හරි
දැන් එච්චර ම හාත සීන් නෑනේ. පෙළපොත් වෙනුවට ටැබ් දෙන කාලේ අසවල් පොතේ අසවල්
පිටුවේ ඇති බව මතක තියා ගත්තා ම ඇතිනේ. සහස්සරේ වේගෙන් යන දැන් මේ කාලේ -
කෝම්පිට්ටු උයලා වැඩක් තියේ ද රාළේ කියලා අහන්න පුළුවන්. ඇත්තට ම ඔව්. නමුත් මතකයේ
තබා නොගන්නා තාක් කල් ඒවා ප්‍රායෝගිකව භාවිතා කරන්න ඔබට නොහැකි වෙනවා. පස්සේ ඔබේ
පරිකල්පනය මොට වෙනවා. දැනුවත් බව නැති වෙනවා චින්තනය පටු වෙනවා කිව්වට උන්ට
තේරෙන්නේ නෑ. පස්සේ තේරෙන විදියට මේම කිව්වා. ඔය හැමතැනක ම අපි ඉගෙන ගන්නේ
සිද්ධාන්ත විතරයි. ප්‍රායෝගිකව යොදා ගන්න කරලා බලන්න වෙනවා. ඒ දැනුමෙන් අලුත්
දෙයක් හිතන්න නම් අර දැනුම අත්පත් කරගෙන තියෙන්න ඕන. හරි වැඩි කතා ඕනෑ නෑ. අපි
දැන් කණ්ඩායම් වැඩක් කරන්නයි යන්නේ. කවුද කැමැත්තෙන් ඉදිරිපත් වෙන්නේ.
අපි
නම් මළත් නැගිටින්නෑ සර්. ඇවරිතුමා මේ බව දන්න නිසා නායකයෙක් සහ නායිකාවක් අහඹු
ලෙස ගත්තා. පස්සේ කොල්ලො දෙන්නයි, කෙල්ලො දෙන්නයි කැමැත්තෙන් උච්චි උච්චි දාගෙන
එන්න කියලා යැව්වා. උන් මාර නම් දාගෙන ආවේ. කැප්ටන් ඇමරිකා ද තෝර් ද? ටීනා ද
යුරේනි ද? (දෙන්න ම එපා) සංගීත් ද බාචි ද? මුන් යකෝ.... බැනලා වැඩක් නෑ පුතී ඒක
තමයි ඒ ජෙනරේෂන් එකේ පල්ස් එක. අපි මේ කොන්ටිනෙන්ටල් ඩ්‍රිෆ්ට් එකට කැමැත්තෙන් හෝ
අකමැත්තෙන් එකඟ වෙන්න ඕන. නැතිනම් ඩයිනෝසරයින් වගේ වඳ වෙන්න ඕනා.
පළමු
වටයේ දහම් දැනුම ප්‍රශ්න ලියන ලද චිට්වලට උත්තර දීම තිබුණෙ. ඇවරිතුමා කලින් දා
පැයක් අරන් ප්‍රශ්න හදාගෙන තිබුණා. ඒවා නොදන්න තරගකරුවන්ට ප්‍රේක්ෂකාගාරයත් ආක්ස්
දි ඕඩියන්ස් හරහා උදව් කරමින් සම්බන්ධ වුනා. දෙවන වටයේ විනාඩි තුනට අභිධර්මය හා
සම්බන්ධ වචන හැකි ප්‍රමාණයක් ලියන්නයි තිබුණේ. කට්ටිය කෑ කෝ ගසමින් උනන්දුවෙන් වචන
ලියන වෙලාවේ අපේ මයිනා මහතාත් පන්තියට ආවා.
තුන්වන
වටය තමා ඉතා ම රසවත්. ඇවරිතුමා ගීත දහයක් තෝරාගෙන ඒවායේ විස්තර කාඩ්පතක ලියා
තිබුණා. දරුවන්ට අදාළ ගීත තේරීමටයි තිබුනෙ. තරගකරුවන් අංකය තෝරාගත් පසු වේදිකාවේ
කෙනෙක් තමා අදාළ කාඩ්පත කියෙව්වේ.
කෙළෙස්
ප්‍රහීන කරන ලද රහතන් වහන්සේලා අහසින් වැඩම කළ හෙයින් හිරු රශ්මිය නැති වී, වී
වේලා ගන්නට නොහැකි විය. සේරුන් සමූහයා පිහිනන අනුරාධපුර වැව් දිය මත මානෙල්,
නෙළුම්, ඕලු මල් පිපී තිබේ.
ගීතය
දන්නෝ බුදුන්ගේ. කියාගන්න සෑහෙන්න අමාරු වුනා. සමරහරු අනුරාධපුරය ඔබයි වගේ ඒවත් කිව්වා.
ඒවා අපි පිළිගන්න ඕනා. ළමයින්ට ඇහෙන දේනේ...!!!
සත්සර
නඟලා ටිකින් ටික සෙලවෙන ළා දලු බෝපත්වල නාදය ඔබට ඇසුණා ද? හිම කඳු මුදුනින් හමන
සීතල සුවඳ මන්ද මාරුතය පීරා නේරංජනා ගං තෙරින් එන්නේ සඳුන් සුවඳයි.
ආ
සර් මහබෝ වන්න ම. සින්දු වේ මුල මොකක් ද? ටර ටන් ටටන් ටර ටන් ටටටටං.... මුල කියන්න
ඉතිං. වැලි තල අතරේ අනේ. කවුද ලිවුවේ මානවසිංහ. අපි කියමු ද? හා අනේ ෂෝක් සර්..!! ටර
ටන් ටටන් ටර ටන් ටටටටං.... (නටන ගමන්)
ඊළඟට
කාර්ඩ් එක ගත්තු කොල්ලා ලැජ්ජාවෙන් ඇඹරෙනවා. එක්කෝ මේක සර් ම කියන්න. මට නම් බෑ.
ඔබ
ඉතා සෝබමාන කාන්තාවක් බව සැබෑය. අඩ සඳක හැඩය ගත් පටු නළළ, අඳුන් ගල්වන ලද ඇස්,
දේදුනු මවන ඇහි බැමි ඇති ඔබ ඇස්වලින් විදුලිය මැව්වද මට කම් නැත. කරුණාකර මෙතැනින්
ඉවත්වන්න.
ඔය
ආකාරයට ගීත දහයට කතා දහයක් කියමින් ගිය ඒ සෙෂන් එක අපූරු එකක් වුනා. ඒ සින්දු දාලා
අහන්න දෙන්න වුනා නම් ගොඩක් හොඳයි. පහුගිය අවුරුද්දේ ඇවා කළ මියුසික් තෙරපිය
සලාදයේ ඒ ගැන ලියැවිලා ඇති. එතන සහෙන්න මීටරෙන් ඉන්න සවිඤ්ඤාණික නාඩි කීපයක්
අල්ලාගන්න ඇවරිතුමාට පුළුවන් වුනා. මේ වගේ හිටි ගමන් මා දැල් දාලා මාලු බෑම ඇවරිගේ
විනෝදාංශයක්. වෙනත් දහම් පාසලකින් ආපු දරුවෙක් දහම් දැනුමට කරේ තියන් උත්තර දුන්නේ
බෝනස් ප්‍රශ්නත් අරගෙන. ඒ කියන්නේ චිට් එකේ තියෙන ප්‍රශ්නයට අමතරව ඊට අදාල ක්ෂණික
ප්‍රශ්නයක් ලබා ගෙන ඒකටත් හරි උත්තරේ දුන්නොත් ලකුණු දෙගුණ වීමේ පදනම යටතේ.
මේ
අදහස ඇවරිගේ ඔළුවට ආවෙ ඉතා ම අහම්බෙන්. වැඩියෙ හිතන් නැතිව අපි කරලා ම බැලුවා. අපි
වෙනස් වෙන්න ඕන කොහොම ද කියන එක ගැන අදහසක් ගන්න මේ නියාමන ව්‍යාපෘතිය ඉතා ම
වැදගත් වුනා. මීටරෙන් ඉන්න නාඩි කීපයක් ලයින් කරගත්තනේ. අගෝස්තු නිවාඩු කඳවුරත්
අපි කෝම හරි කරන්න ඕනා. මේ අත්දැකීම් අපිට ළමා කාලයේ තිබුණා වගේ ම දැන් ඉන්න
දරුවටන්ටත් තියෙන්න ඕනා. අපි ඒවා ඩිෆෝල්ට් කරනවා කියන්නේ අපේ පිරිහීම මිසක් ඒ
ළමයින්ගේ වරදක් නෙමේ. මීට වඩා වැඩ කරන්න ඕන ඇවරි. අනේ මට බෑ. හැබැයි අපිට
පුළුවන්...
වැඩෙයි .... ලියමනාවයි දෙකම ඉස්තරම් .....
ReplyDeleteස්තුතියි ඇනෝ
ReplyDelete