Thursday, June 20, 2019

උඩ පැන්නම අහසේ රැඳෙන්නේ නෑ තමයි - හැබැයි පොළොව පැලෙන්න පුළුවන් හෙවත් දන්ත කල්‍යාණියේ ටකටමේනියාව



මහවැලි මහා සෑ රජාණෝ.. 

කොත්මලේ ව්‍යාපෘතිය ඉතා වැදගත් එකක් වුනත්
,කොත්මලේ ව්‍යාපෘතිය නිසා වසර දහස් ගණනක් සිය මුතුන් මිත්තන්ගෙන් උරුම වූ වටිනා ඉඩ කඩම්, දහදිය මහන්සියෙන් තනාගත් ගෙවල් දොරවල්,වගා බිම් ජාතියේ උන්නතිය වෙනුවෙන් පූජා කල දුම්බර මිටියාවතේ වැසියන්ට අපි පින් දෙන්න ඕනා. ග්‍රාම සේවා වසම් 16 ක්, ගම 66 ක්, තේවතු 4 ක්, කඩදොර ශ්‍රී ප්‍රියබිම්බාරමය, මොරපේ බෝධි මාලකාරාමය, මොරපේ සුභද්‍රාරමය, හැදුණුවැව මැදගොඩ ගංගාරාමය, ඔතලාවේ බෝධිරුක්කාරාමය, නවන්ගම අබිනවාරාමය සහ තිස්පනේ ශ්‍රී සුබ්ද්‍රාරාමය වැනි පෞරාණික පන්සල් 18 ක් ද, මොරපේ දේවාලය සහ හැදුණුවැව මැදගොඩ පත්තිනි දේවාලය යන හාස්කම් ඇති දේවාලයන්ද මහා කොත්මලේ ජලකඳ යට සැඟවිලා තියෙනවා.

වේල්ල දිගේ කෙළවරට යන්න අපි කන්ද බැහැලා පිවිසුමට ආව ම පොඩි හාමුදුරුවොත් ඒ ගමනට එක් වුනා. අපි අවසාන කෙළවර දක්වා ම ගමන් කළා. එදා තමා අපේ තරුපබාවෝ කොත්මලා වේල්ල උඩ ස්ථානගත කර ඇති ක්රේන් රාජයාටත් වඩා බරබව අපිත් දැනගත්තේ. ඇගේ තුනු සිරින් බබලනා තබ්බදෝරු සරීර ස්කන්ධය දරාගත නොහී, ඇඹරෙමින් මිරිකෙමින් සිටි මහා වේලි රාජයා විශාල පැල්මක් ඇති කරමින් දෙබෑවී ගියේ ඇස් අදහාගන්න බැරි වෙන අසුරු සැණෙකින්. ඒක නෙමේ ගාණකවත් ගත්තේ ගුම් නාදේ රෑනෙන් රෑනේ විෂුවල් එකේ වගේ මේ හොල්මන සමනල්ලු පදිනවා කියන්නකෝ චාමර. විනාස කාලේ විපරීත බුද්ධීං!!
මෙච්චර හරියක් වෙලාත් මේකිට වගේ වගක් නැති හැටි.... ?
කොත්මලේ ව්‍යාපෘතිය නිසා යටවූ පෞරාණික සිද්ධස්ථානවල ස්වාමින්වහන්සේලාගේ ඉල්ලීම පරිදි මහවැලි කඩිනම් ව්‍යාපෘතියේ නිර්මාතෘ දිවංගත ගාමිණී දිසානායක ශ්‍රීමතාණන්ගේ උදාර පරිකල්පනාව අනුව කොත්මලේ ජලාශය නිසා නැතිවූ පූජා ස්ථාන සිහිපත් කරනු පිණිස මහවැලි මහා සෑය 1983 මාර්තු 20 ආරම්භ කළා.  කොත්මලේ ජලාශයට නුදුරින් මුළු දුම්බර මිටියාවතම දර්ශනීයව පෙනෙන ලෙස මෙම විශ්මිත ස්තුපය සැලසුම් කරන ලද්දේ එවකට මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයේ මුලසුන දැරූ විද්‍යාජෝති ආචාර්ය A.N.S කුලතුංග මහතා. මෙය අඩි 289 ක් උස අතර වට ප්‍රමාණය අඩි 628 ක් පමණ වේ. මෙය සැලසුම් කරන ලද්දේ ශ්‍රී ලංකාවේ විශාලම ස්තුපය වන රුවන්වැලි සෑයට වඩා අඩි දෙකක් පමණ උසින් අඩුවන විදියට. එහි භූගතව විදුලි බලාගාරයට සම්බන්ධ වන උමං දොරටු ආදී බොහෝ දේ ගැන වටිනා විස්තරයක් අපිට දැනගන්නත් ලැබුණා. 
වේලි සාදා ඇත්තේ උඩ පැන විනාශ කිරීමට නොවන බව හය හතර නොදත් ඔබේ දරුවාට කියා දෙන්න.. 
හොම්බයි කටයි බොම්බයි මොටයි කරගන්න අපේ කස්ටිය ගැම්මට උඩ පනින්න ගිහිල්ලා තටු ගළවන් හොටබරි කට බිම ඇණගත් අහෝ ඛේදයකි! ඉරකි, තිතකි වගේ සීන් එකකුත් වාර්තා වුනා. අනේ හැබෑට ම නිම්නයක් අතරින් ගඟක් ගලද්දි ඒ නෙරු දෙක යාකර වේල්ලක් බදින්නේ මේ වගේ පස්ස කැඩිච්චි කඩි පැටවුන්ට උඩ පනින්න නොවන බව මහයො හැටියට කියා දෙන්ට ඕනෑ. කොහේ ද මෙවුන්ට සවුක්යක් කියලා තියෙන එකක්යැ. අන්තිමේ දී අපිට වුනේ සන්දි සුදා හැන්ද ගානේ පොවලා කැඩුම් බිඳුම් තෙල් කුප්පිය ගාණෙ නස්න කරවන්න. ලොල්


කුන්දු පනින්නයි වච්චි කියලා දුවන්න අපේ කස්ටියට වෙන තැනක් නැතුව වගේ ඩෑම් එක උඩ ඔට්ටුවට දිවීමේ තරගයක් තිබ්බා. ඇවරිතුමා සාමාන්‍යයෙන් වේගයෙන් ඇවිදින්න දක්ස වුනාට දුවන්න හොරා. රුසිරු තමා තරගෙන් දිනුවේ. අපි මඟකදි සෙරෙප්පු ගලවලා එහෙමම දාලා දිව්වා. ආපහු එද්දි ගන්න පුළුවන් නිසා. ඒ අතින් හරිම නිදහසේ පිස්සු නැටුවා. 

අපේ පැරණි මුතුන්මිත්තන්, ඒ කිව්වේ රාජ ලේ ඇති ආර්යන් ක්ලෑන්ස් වගේ ම මෑත කාලීන දේශපාලන නායකයන් යන දෙපාර්ශවය ගැන ම ආදරේ හිතෙන තැනක් තමා කොත්මලේ කියන්නේ. අපි මෙහේ නිතර ආවේ ගියේ ඇමන්ඩානිගේ හොලිඩේ හෝම් එකක් මෙහි තිබූ නිසා. කැම්පස් යන කාලෙ හිතුන ගමන් ඇවිල්ලා, කොත්මලා ඔයේ නාලා, කැනන් ඩී එකෙන් හිතුන හිතුන පොටෝ ගහලා, රෑට සාම්බාරු එක්ක ඉඩ්ලියක් කාලා, කයියක් ගහගෙන කෝපි ටිකක් බීලා, සාලේ ම කොසී කවුච්එකේ නිදාගෙන උදේ ආයෙත් මාලු බාලා හතරේ බස් එකේ කොළඹ ආපු දවස් අනන්තයි. ඒ සාලෙ ගිනිමැලේ ළඟ සනීපෙට වාඩි වෙලා අපි කියවපුවා, පිස්සු කතා, තාමත් මැවි මැවී පේනවා වගෙයි.
ඊට පස්සේ ආවේ සියල්ලන් පුල පුලා බලා සිටි ජලක්‍රීඩා මංගල්‍යය. නුවර ගියොත් අපි නාන්නේ ගම්පල පාරෙ ජීවමාලී තොටුපලේ.

කන්ද  මුදුන්නේ  පොකුණක්      තනාලා      
එදිය කෙළින්නට තිසරෙක් මවාලා               
එලිල මෙපිල මල් දෙපිලක් සැදීලා 
බිසව් නාති රැලි උකුලෙන් වසාලා 

සියලු ජලචර සත්ත්වයන් ඥාතී නිවසින් බස්සපු කෝච් රාජයා ජලභීතිකාව නැති අයත් එක්ක පේරාදෙණි ගියා කෑම ගේන්න. ඒ ගිහින් එද්දි ටිකක් පරක්කු වෙලා. ජලකෙළියට අපි කලින් ඉඳන් ම සූදානම් වෙලා ගියේ. ඇවරිතුමා ගිල්බර්ට් රග්බි බෝලෙයි කලින් ට්‍රිප් එකේ අර නාන ළඳුන්ගේ දිය රෙදි කඩපු සීන් එක වෙලාවෙ ගත්ත බෝලෙයි දෙක ම අරන් ගියා. එතන හිටි ඕලෙවල් කොල්ලො සෙට් එකකුත් අපිත් එක්ක ජලතරංගයට එකතු වුනා. පීල්ල දිගේ ලිස්සන සීන්, ගැඹුරු ම තැනට පීනන සීන් ආදී බොහොමයක් ජලචර ජල්තර එහිදී සිදු වුනා.


අප්පු තාන් තාන් තාන් - ගොරක ඩේන් ඩේන් ඩේන්....// හොඳට බැලුවොත් මැතිනිය පිස්සා නම් ඔළුව වනයි වන වනානේ වන වනා තාලෙට ඔළුව වනනවාත් බලා ගන්න තිබුණා. පැත්තෙන් ඉන්න බුලෝත් නිකන් බර්සෝරේ තාලෙට නටන ඇක්ෂන් එකක් දෙන්නේ. ඒ අතරෙ තවත් කුජීත අවස්ථාවකට ගරුතර ව්ද්වතත් සභාවේ අවධානය යොමු කරන්න කැමතියි. නාටකාංගනාව, නෘත රැජන හෙවත් සිංහලෙන් ම කිව්වොත් ඩ්‍රාමා ක්වීන් අපේ තරුපබා සාගර වතුර ගහන්නත් ඉස්සෙල්ලා කවර්කරන් ඉන්නේ ඇයි කියලා පැහැදිලිනේ..? අනේ අම්මපල්ල ඇම්බැක්කෙත් නෑ ෂුදේව මේම කැටයම්. මයිනා ඒ ඕපෙ පසිඳුට කියද්දි අපි දැක්කෙත් නැතෝ - අපි ඕපපට නැතෝ කියාගෙන පසිඳුවා දෑත්න් ම මූණ වහගන්නවා.    

අප්පු තාන් තාන් තාන්...
වතුර වෑස්සෙන සීසෝවේ කෙළවරට ගිහින් තවත් ඉහත්තාවට යන්න අපි සැලසුම් කළේ කස්ටිය වැඩියි කියලා හිතලා. ඇවරිතුමා දියකාවෙක් නොවන නිසා ඉක්මණින් ජල සන්නිය හැදිලා දන්ත කල්‍යාණියට ටකටමේනියාව හැදෙන්න ගන්නවා. යූ නෝව්, අර ගල් ගැහෙන සීතලට දත්සැට් එක මැන්ඩලින් ගහන්න අවස්ථාව. බැස සීතල ගඟුලේ නාල නාලා පීනසේ නඟෝ කියාගෙන ගොඩට එන ගමන් අවසාන හරියේ දී ගෙබ්බා පොළොවේ ගැහැව්වා වගේ ආපහු වතුරට වැටෙන ඇවරිතුමාට අපේ අයයි බටු කොල්ලො සැට් එකයි නොසෑහෙන්න හිනාවුන බවත් ලියන්න ඕන.


හිරිකිත් රොසාන්ගේ මල්ලි වගේ සික්ස් පැක්ස් ඇති හොට් හොට් මෙවනාගේ කළුගල් පොකුණේ කෝමල රේඛාවන් විදහා දැක්වෙන ඡායාරූපයත් ඉතා උක්කුස්ට එකක්. උඩ පැනලා, දිව විකාගෙන, වැඩ දාලා ගහපු ඩෑෂ් එකට සෑ වාව් කියාගෙන ලකුණක් එකතු වුනාත් ඒ පොටෝව දැකපු ඇවරිතුමාගේ ලේකම්තුමිය නම් කිව්වේ මෙවනා හරියට ස්ලටී ඩොල්ෆින් ට්‍රේනර් කෙනෙක් වගේ කියලා. ඇහැට කණට පේනන කොල්ලෙක්ට පාඩුවේ ඉන්න දෙන්නැති සමාජයක් දැන් තියෙන්නේ හැබෑට. 

සැැලෙන ලෙලන දළුව විලස බෝල පාස් කිරීම..

නාන තටාකය මේ නොවැ මැණීකේ කබරගොයා, දියබරියා සහ ටිකිරිලියා සෙල්ලම පටන් ගත්තේ රුසිරු කොලූ. දියබරියා වතුර යටින් ගිහින් ටිකිරිලියාගේ කකුලේ වලලුකරෙන් ඇල්ලුවා ම කබරගොයා උත්පල තමා මාට්ටු වෙන්නේ. මොකද තඩිබඩා හිපෝ පැටියා වගේ වතුරේ කොහොම ගිලුනත් මාට්ටු වෙනවනේ? දියබරි රුසිරු කොයිතරම් ඒ වැඩේ දක්ෂ ද කිව්වොත් මෑන්ස් මතු වෙන්නේ තවත් කිලෝමීටර් ගාණක් එහායින්.

අපි නම් ආයිබෝන්, දෙසිත සහ කොකුම් පිනි දිය සඳුන් ගෙනාවෙ නැති නිසා ලයිෆ් බෝයි ගාලා නෑවා. නාමු තොසේ - වාපි ජලේ - සෙම්බු තාල උකුලේ හොවා ආදී වශයෙන් අංගනාවො නානුමුරේට කවි කිව්වට ගිලිලා නාන්නත් බය තේ උඩිච්චියෝ අහසට පිඹිනා බකට් කළේයා කියමින් බකට් අඩව්වක් ඇල්ලුවා. සමහරක් නාන තොටේ සලු පාලි ඇඩම්ස් ඔන්ලි නිසා ලියන්නත් බෑලු ආයිබෝන්. රන්විල රිද්දිවිල කෙළිනා බිසවුන්ට නාලා ගොඩ එන්ට සෑහෙන්න වෙලා ගියා මයෙ හිතේ. මුන් ඊට පන්සේ ලන්ච් ඇවිත් කනවා නෙමේ බත් පිඹිනව බොලන්. ඇවරිතුමා බයවුනේ කෑම මදි වෙයි කියලා.
  1. බොහෝ කතා බහට ලක්වූ පුද්ගලික 


නා පිරිසිදු වී, සුවඳැති සඳුනුත් ගාගෙන අපි කෙළින් ම ගියේ දළදා මාළිගාව වන්දනාමාන කරගන්න. මාළිගාව වඳින්න මල්වතු පාර්ශවෙන් අපේ පන්සලේ කාලකෙට කලින් වැඩ වාසය කළ පුංචි හාමුරුනමකුත් වැඩම කළා. ඒ පහන් පත්තු වුන ගමන් ම තේවාව වෙලාවේ දළදා වැඳීම ඉතා ම අපූරු අත්දැකීමක්. එදා නම් ඇවරිතුමාට වැඩ හිඳිනා මාළිගාවට යන්න නොහැකි වුනේ සුදු ඇඳුමකින් නොහිටි නිසා. තරුපබා නම් බස්එකේ දී චේන්ජ් එකක් දා ගත්තා. නමුත් අපේ බොහෝ දෙනා වැන්දා. ඒ ගැන සිතට සතුටුයි.

කොහොමින් කොහොම හරි එදා ආරක්ෂාව තර කරලා තිබුණේ ගුවන් හමුදාවේ සංවත්සරයක් වෙනුවෙන් පැවති විශේෂ පූජාවක් නිසා. වැඩ සිටිනා මාළිගයට යන්න නොහැකි වුන නිසා මඟුල් මඩුව පැත්තේ කරක් ගහපු ඇවරිතුමාට පාසල් මිතුරෙක් වුන ජයසුරිය පියාසර කපිතාන්තුමාව හම්බවෙන්නේ ඉතා අහම්බෙන්. නලියා කොහේ ද බන් මෙහේ? යමන් මොනා හරි කන ගමන් කතා කරමු කියමින් මඟුල් මඩුව කෙළවර තිබූ නිලධාරීන්ගේ කලාපයකට ගෙනිහින් හොඳට කන්න බොන්න දුන්නා. කපිතාන්තුමාගේ සංග්‍රහ සත්කාර විඳි ඇවරිතුමාට ආවේ මොකා එක්ක ද කියලත් අමතක වුනා කියන්නකෝ. මචං මං අත්‍යවශ්‍ය රාජකාරියක ඉන්නේ. දැන් යන්න ඕන බොක්ක. ආහ් කෝ උඹලා අපේ තැන්වලට ආවත් ඉන්නේ නෑනේ. එල එල මොනවා හරි තිබුණොත් කියපන් කියලා එතුමා ඇවරිට සමු දුන්නා. අප්පට කස්ටිය කොහේද කියලා හොයලා බලද්දි පාතමාලෙන් ආපු අය පිටත් වෙලා ගිහිල්ලත් එක්ක. ඇවරිතුමා පත්තිරිප්පුව ඉස්සරහ දී නඩේ අල්ලා ගත්තා.

මිසින් ජෝනා දෙවන කොටස රඟ දැක්වුනේ එහිදී. මේපාර ජෝනා ඩබලක් වෙලා. හිතාගන්න පුළුවන් ද කවුද මේ මෝඩ ජෝඩුව කියලා. ඒ තමා තරුපබා සහ සාගර ඩබල. දෙන්නා ම ඇවරිතුමා එක්ක මඟුල් මඩුව ඉස්සරහ පිච්ච ගස් පේළිය ළඟ හිටියා. අයියේ අපි පොටෝ ටිකක් ගහන් එන්නම් කිව්ව ම මාත් හා කිව්වා. කවුද හිතුවේ මුන් දෙන්නා සෙනිකෙට හැමෝගෙන් ම වහං වෙයි කියලා. උන් දෙන්න වෙනම සූටින් ගිහිල්ලා. සින්දුව පින්වතුනි වික්ටර් අංකල්ගේ හඳපානේ.. අඩ අඳුරේ.. කාල වරෙංකෝ චාමර.

ඈවරවිතාන දැන් සුපිරිය ම ෆොක්ස් වෙලා තුම්මුනින් දාඩිය වෑස්සෙනවා හරියට කැලණි ගඟෙන් මහ මුහුදට ගලනවා වගේ. පල්ලෙහා වළාකුලු බැම්ම හරියේ මට පේනවා පොඩිහාමුදුරුවො ළඟ කස්ටිය පේළි පේළි පේළි සැදී කුටු කුටු ගානවා. යකුනේ ගිය දිහාස් එකකින් වරෙව් මගේ සායම යවන්නේ නැතුව. දළදා හාමුදුරුවන්ට ම ඔප්පු වෙච්චාවෙ ආයිබෝන්. මාළිගාවේ සිල් සුවඳට ඉව අල්ලමින් ඉස්සරහින් පේන නාථ දේවාලය දිසා හිස් බැල්මක් දාගෙන කල්මරමින් ඉද්දි ඕන් හීනෙන් වගේ ඇහෙනවා මේන් මෙයා මෙතන. ඇති යන්තන් තොපි ඩබල තාම ඉන්නවා. මං හිතුවා අල්ලපු වැටේ කරාටි පන්තියට ගියාවත් ද කියල. ආහ් නෑ නෑ. කරාටි ක්ලාස් අද නෑ. සාගර හැරෙන තැපෑලෙන් උත්තර දුන්නා. අබ කෑව මිනිහට නේ දන්නේ ආයිබෝන්.

ආයෙත් පිළිවෙලකට පැක් වෙචිචි අපි සවස කෑමට ජිනදාස අංකල් ළඟ නැවතුනාමත් සිරා කතා ටිකක් වුනා. සින්දු කියලා වෙනම ලෝකවල හිටි අපේ කස්ටිය ටොයිලට් මාරු කරගෙන. දවසේ අවසාන භෝජන සංග්‍රහය හෙවත් සහභෝජනය වූ එය රටේ මහ එකාගේ ප්‍රියතම කෑම වන ආප්පයෙන් හමාර කරන්න හිතාගත්තත් කොත්තුවක් දෙකක් හේමත් පල්ලම් බැස්සා. ආයෙත් ගෙදර එනකම් ම නොනවතින ගීත රැල්ලක් සමඟින් දනමන පොබයන යාමේ සත්සර රාව නැංවූ ගුනරතන ගුරු චාරිකා 2018 ඒ ආකාරයට නිමා වුනා.
සොමියට වරෙන් පුතා සීට් නැතත් බස් එකේ....! මයිනා ඒත් එල්ලිලා කියන්ඩකෝ... කුජීතයි මෙයාලා

නිකම් හිතලා බලන්න මෙයාලා මේ සිද්ධිය වුනේ 2018 දෙසැම්බර්. දැන් බ්ලොග් ගත වෙන්නේ 2019 ජුනි. තථත්‍ය කාලය සහ බ්ලොග් අවකාශය අතර මාස ගණනාවක පරතරයක් ඇති බව පේනවනේ?


No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....