Monday, March 2, 2020

පොෂ් අඟනුන් හා ලබු කිරිබත් කෑම හෙවත් ගුරු චාරිකා පළමු ‌‌වෙඩිල්ල...


නෙල්ලිගල සැට් එක...
මෙවරත් ධර්ම විද්‍යාල ගුරු චාරිකාව ඇවරි සංවිධානය කළේ සුපුරුදු පරිදි ප්‍රශ්න පත්තර හැට හුටාමාරක් අස්සේ. යනවයි යනවායි කියලා බර තොගයක් හිටියත් අන්තිමේ දී වැඩේ වෙද්දි යැවෙන්නේ වැඩිහිටි ම ගුරුවරු කිහිපදෙනා, ඇවරිතුමා, අපේ පොඩි හාමුදුරුවො ඇතුළු දන්නා කියන සුපුරුදු ගුරු මණ්ඩලයක් ම තමා. ඉතිං ඒ සෙනසුරාදා ගිය චාරිකාවේ සිකුරාදා සවස වෙනකනුත් බස්දාලා වැඩේ ඕකේ වෙලා නෑ.

යන එන තැන් ගැන ඇහුවාම, බෙහෝ දෙනා නෙල්ලිගල යමුය කී නිසා නෙල්ලිගලත් මාළිගාවත් බලන්න යන්න කතිකා කරගත්තා. ඒ අතරේ පරණ කාලේ නෑදෑ ගමනක් යන්නත් අපි නියම කරගෙන තිබුණා. ඒ අපේ කාලෙ බුද්ධ පුත්‍රයෙක් බලන්න යන්න. ගොඩාක් ආදරයක් කොළඹින් අරන්. මේ සියලු කටයුතු චමරි අක්කා මැදිහත් වීමෙන් කළ නිසා ඉතා ම පහසු වුනා.

හැමදාම වගේ මේ චාරිකාව ඇවරිතුමා වැඩිහිටි ගුරුවරුන්ගෙන් බැණුම් අහලා තමා පටන් ගන්නේ. ඒ ප්‍රමාද දෝෂය වෙනුවෙන්. හැබැයි මේ පාර නම් කස්ටිය හතර හතරාමාර වෙද්දි ආවා. අපි මුලින් ම යන්න යොදාගත්තු නෙල්ලිගල අව්ව සැර වෙද්දි ගල රත්වෙන නිසා පාන්දරින් යන තරමට හොඳා. කොහොම හරි පහවිතර වෙද්දි නඩේ පිටත් වුනා. අපේ බස් රියැදුරු සහ සහයක තරුණ පහේ ඩබලක්. වංගු හේම කන්ටේනර්වල කෙලින් කළා කණේ වැලි ගෑවෙන තරමට. කොටින් ම පාන්දර වෙලත් සින්දු කියපු අපේ සින්දු විනාඩි ගාණකට තවත්තන තරමින් අයියා වගකීමෙන් එලෙව්වා. අපි පිළිමතලාව හරහා නෙල්ලිගලට එද්දි අටහමාර විතර වෙලා. සුවදායක පරිසරේ අප්පා. වැලි මළුවේ අපි හාත්පස නරඹමින් වඳින්න ලක ලැහැස්ති වෙද්දි එහේ හාමුදුනමක් අපේ පොඩි හාමුදුරුවන්ට හීල් දානෙට ආරාධනා කරලා වැඩමවන් යන්න වැඩියා.

පඩිපෙළේ දායක පිරිස...
සාමාන්‍යයෙන් අපේ වැඩිහිටි ගුරුභවතුන් පොඩි හාමුදුරුවන්ට හීල ලැහැස්ති කරගෙන එනවා. හැබැයි ඒවා බස් එකේ. අපේ රියැදුරු මහත්තයාත් මළුවේ නිසා යතුරු අපිට ම දුන්නා, යද්දි දෙන්න කියලා. එහේ දාන ශාලාව ඇවරිට මතක් කළේ සිරීපාදේ මළුවේ ස්වාමීන් වහන්සේගේ දාන ශාලාව. ඉතා ම පිරිසිදු හුරුබුහිටි තැනක්. වැඩ කළේ තරුණ ඇබිත්ත මහතුන්. අපේ හාමුදුරුවන්ට ඔවුනුත් දානය පිළිගැන්වීම සිදු කළා. වළඳලා හාමුදුරුවො අපිට එකතු වෙද්දිත් අපේ අය වඳිනවා. එහි විශාල ධර්ම ශාලාව, හාත්පස දර්ශනය දැකබලා ගනිමින් හිතේ හැටියට නිදහසේ අව්වෙන් බාධා නොවී වැඳගත්තු අපි ආපහු නුවර බලා ගියේ තලාතුඔය පැත්තෙන්.

පුරුක් ‌දෙකක් එකට හමුව...

උදේ කෑම ගන්නොරුවේ හෙල බොජුන් එකෙන් ගන්න හිටියත් අලුත්වැඩියා කටයුත්තකට එය වහලා තිබුණා. ආයෙත් හෙළ බොජුන් එකක් ගූගල් අක්කා පෙන්නුවේ කිංග්ස්වුඩ් විද්‍යාලය කිට්ටුව කේ.එෆ් සී එක ඉස්සරහා. අපි දෙපාරක් නොහිතා එහි රථ ගාලට බස් එක දැම්මා. පිටින් ගේන කෑම එහි ගන්න පුළුවන් වුනත් එකපාර අපි විස්සක් විතර බැහැලා අපේ මුල් ලිහද්දි එහි දැනටත් කෑම ගන්න අයට අවහිර වෙන්න පුළුවන්. මේකනිසා අමිල අයියා මුලින් ම නිසි අවසරය අරන් ආවා. ඊළඟට අපේ කෑම දිග ඇරෙන කම් සෙනඟ අඩුවෙනකම් අපි ඇපටයිසර් මිලදී ගන්න ඕනෑ. අමිල අයියාත් ඇවරිත් කොළ කැඳ කෝප්ප හතරක් ඇණවුම් කරලා වටේ ම යැව්වා. ඊළඟ මේන් කෝස් එනකම් ක්ෂණික ආහාර. ඔය වණ්ඩු, පැණි කිරිබත්, රෝල්ස්, කට්ලට්, වඩේ වගේ එසැණ හැපෙන ඒවා.

මේ පෙරහැර යද්දි අර කෑම විකුණන ඇන්ටිලා ටික ඇවරිතුමාට ලැයින් වෙලා. අපි දාහක විතර කෑමත් අරගෙන ඒ වෙද්දි. දැන් අපේ වැඩිහිටි ගුරුභවතුන් තමන් ගෙනාපු කෑම දිගහරිනවා. අපේ සුජාතා අක්කා ලොකු කවුපි පළඟානක් හදන් ඇවිත්. මාලනී ටීචර් ඉඳි ආප්ප, තව කවුද ටෝස්ට්, බුදාරාගේ පරෙිප්පුව වගේ ම පොල්සම්බෝල, කිරිබත් සහ සැන්විච් පාන් ගොඩාක් තිබුණා. ඇයි පොෂ් විදියට නූඩ්ල්ස් හදලා ලන්ච් බොක්ස් එකේ දාන් ආව කොළඹ නඟා මනුෂි හේම අමතක කරන්න බෑ ඕන්. ඇවරිතුමා හිටි හැමෝ ම අතරේ කෑම බෙදාහැරීම කළා. මදිපාඩු වගේ ම හොදි සහ සම්බෝල, අපේ රියැදුරු සහ සහයක කෑවේ තෝසේ. පස්සේ ඔවුන්ට කව්පි බෙදුවා. සාමාන්‍ය පාරිභෝගිකයන්ගෙන් වුනත් අපි කවුපි කනවාද කියලා අහලා පිඟන්වලට හැන්දක් විතර බෙදුවා. මොකද වැඩි වෙලා තියාන්න බෑනේ. පොල් එක්ක.

කොච්චර කෑවා ද කියනවා නම් බඩවල්වලට අඳුනගන්න බැරි වෙන තරමේ කෑම අටෝරාසියක් අපි කෑවා. ඇවරිතුමා ප්ලේන්ටි කිරි තේ ඕඩර් කළේ කෑමෙන් පස්සේ. යද්දිත් අපි මේස අස්කරලා, පිහදාලා කෑම ඇන්ටිලාට පින් දීලා ඒ අය එක්ක සෙල්ෆි ගහලා ෆුල් විනෝදයක් දීලා ආවේ. ආයෙත් බය නැතුව එහි යන්න පුළුවන් හැටියට. කෝමත් ට්‍රිපක් යද්දි කඩවල් ආක්‍රමණය කියන්නේ අපිට අමුතු දෙයක් නෙමෙයි. ගියපාරත් කෑම කඩයක් උදේ ම විවෘත කරවලා කෑම කෑවා මතකයි.

උදේ කෑමෙන් පස්සේ අපේ මහේෂ මැතිතුමා නුවර තිබූ කථික තරගයක් විනිශ්චය සඳහා කිංග්ස්වුඩ් විද්‍යාලය වෙත යාමට අපෙන් වෙන්වුනා. එතුමා එහි රාත්‍රිය ගත කොට පහුවදා එන බව කී නිසා අපිට නැවතත් චාරිකාව හා මයිනාතුමාව සම්බන්ධ කරගත නොහැකි නිසා එතුමාට අපි නුවරින් සමු දුන්නා.

කුජීත සංගමය...



No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....