Sunday, March 15, 2020

පින්තාලිය සහ අමිල තියරිය ‌හෙවත් මහවාසල පනික්කි රාළලාගේ ‌බේගල් සාජ්ජය..


 ඇවරියානෝතුමා මඟුල් මඩුවේ දී ගත් නිල ඡායාරූපය...

ඕන් අපි සුපුරුදු පරිදි දළදා මාළිගාවට ගියේ විශේෂ ප්‍රවේශයෙන්. එදා සිතුල්පව්වේ නායක හාමුදුරුවන්ගේ දවල් දානය. ඉතිං එහේ කැපකරු දායක පිරිස් ගොඩක් ඇවිත් හිටියා. සාමාන්‍යයෙන් දවල් ගියොත් දානෙ කාගෙන්ද කියලා ඇවරිතුමා කලින් දැනගන්නවා. හැබැයි එදා සෙනඟ ටිකක් වැඩියෙන් සෙනඟක් මාලිගාවේ හිටියා. වෙනදාට නම් අපේ හාමුදුරුවො නිසා වැඩහිඳිනා මාළිගාවේ ඇතුළට ගොහින් ම වන්දනාමාන කරගෙන පල්ලේ මාලෙන් එළියට එනවා. නමුත් අද සෙනඟ වැඩි නිසාත් දරුවන් වන්දවනා නිසාත් වැඩි පිරිසක් එහි හිටියා.
බේගල් සාජ්ජය අතරතුර....
බලද්දි අපේ සිඟිති අක්කලත් එතැන. සුදු මැණිකේ වන්දවන්න ඇවිල්ලා. පල්ලේ මාලෙට බහින පඩිපෙළේ දී සිඟිති අක්කා, ලහිරු අයියා සහ පොඩි විකීත් මුණගැහෙනවා. “කෝ උඹේ අංගනාවො ටික වැඳලා කරලා ඉවර ද?” සිංගා අංගනාවො කීවේ වැඩිහිටි ගුරුවරියන්ට. ඇවරිතුමා පොඩි විකී වඩාගෙන නව බුදුමැදුර පැත්තට ගියා. එහිදී මාලනී ටීචර් වගේ සිඟිති අක්කාටත් උගන්නපු ගුරුවරු කතාබහ හේමත් කළා. එළියට ඇවිත් කස්ටියක් පහන් පත්තු කරන තැනට ගියා. තවත් අය මඟුල් මඩුව ළඟ නැවතිලා කතාවක්. බැලින්නම් බුදාරාවෝ සහ තිලිණියෝ වොෂ් රූම් ගිහින්. ආයෙ කීයට ද ඒ ද දන්නෑ ඉතිං.

කට්ටිය ආවාම අපි කෞතුකාගාරය ඉසස්රහා ලගේ ගහගෙන කයියක් දාගෙන හිටියා. මනුෂි තව පොඩ්ඩෙන් විසාල ගල්මුවා පින්තාලියකට යටවෙනවා. මේ පින්තාලියේ ලිඩ් එක අපිට අයින් කරන්න බෑනේ. බර වැඩියි. ඒ වුනාට පින්තාලි තියෙන්නේ පාරේ යන සාමාන්‍ය මිනිස්සුන්ට වතුර බොන්න. ඒකෙන් තේරෙන්නෙ එක්දාස් අටසිය ගණන්වල මිනිස්සු හයිය හත්තියට හිටියා කියන එකයි. ෂා අයි.ටී ඩ්‍රිග්‍රියක් තිබ්බාට පුරාවිද්‍යා ටෝක් දෙන්නේ නේද නඟා? “හා පුළුවන් නම් මේක උස්සලා බලන්නකෝ පොඩි පහේ බරක් ද කියලා.” ඕවට කියන්නේ ආස්කින් ඇන්ඩ් ඊටින් කියලා. අනේ රාජසිංහ ඇත්තෝ මාව ගොඩදාලා දෙනවා හොඳයි. රාසිං දෙයියන්ගේ අනුහසින් ඇවරිතුමා පින්තාලි පිධානය එක මිටින් ගත්තා. ඔය අස්සේ අමිල අයියා ඇවිත් පින්තාලිය පිළිබඳ මිල කළ නොහැකි ඒ අමිල මතය ඉදිරිපත් කරන්න ගත්තා. “නෑ... නෑ... මේකට වතුර පුරවලා තියෙන්නේ ඔය මැද කෑල්ල වෙන ම අරන්. පේනවනේ කට්ටයක් තියෙනවා. එතනින් වෙන් කරනන් පුළුවන් මුළු පින්තාලිය ම.” අපි ආයෙත් එහෙම උස්සලා බලන්න ට්‍රයි එකක් දුන්නේ නෑ.” ලොල්.  

ඊළඟට රාජාව බලන තැනට යනවා. එතන ඉස්සරහා බැම්මේ වාඩි වෙන එක ඇවරිගේ පුරුද්දක්. එතැනට නාථ, විෂ්ණු, දේවාල හොඳන් පේනවා. ඇවරි තරුණ ගුරුවරුන්ට වැල් බෝධිය, සහ විෂ්ණු දේවාල බෝධිය ගැන කියලා දුන්නා ඈතින් පේන නිසා. වගේ ම රජ්ජුරුවො වැඩ හිටපු මහ වාසල ගැනත්. වෙන්ඩ දොස්තර රුසිරුට ඒ කතා ගොඩාක් හිතට අල්ලලා ප්‍රාකාර සීමාවෙන් එතෙර වෙලා විෂ්ණු දේවාලයට ගිහින් වැඳගෙන එන්න ගියේ අපේ උත්පලත් එක්ක. ගියපාර වගේ මාළිගාව ඇතුළේ මිසින් වෙලා ඇවරිතුමා එක්ක හැංඟිමුත්තො හැංඟියෝ කෙළින්න, වැඩිහිටි අත දරුවො කවුරුත් නොහිටි නිසා වන්දනාවෙන් පස්සේ අපි නතර වුනේ රෝයල් හෝටල් සමූහ ව්‍යාපාරයට අයත් පේරාදෙණිය තානායමේ. අපේ හාමුදුරුවන්ට දවල් දානය එහෙන් සූදානම් කරලා තිබුණා.

දැන් වසර කිහිපයක් තිස්සේ දන්නා හඳුනන එහි කළමනාකාරතුමා ඉතා ම කැමැත්තෙන් දානය පිළිගැන්වීම සිදුකළා. අපේ පිරිසටත් කෑම පාර්සල් ලබා දුන් නිසා අපි කෙළින් ම ගියේ කුරුණෑගලට. තවත් පැයක් විතර ඇතුළත අපි රිදී විහාරෙට ආවා. ඒ වෙද්දි රිදී විහාරෙ ලොකු ඉදිකිරීමක් සිද්ධ වෙනවා. අපි නායක හාමුදුරුවන්ව බැහැදැකලා දවල්ට කන්න තැනක් ඇහුවා ම විහාරෙ වෙන ම පැවති දහම් පාසල් ගොඩනැඟිල්ල ඒ වෙනුවෙන් සකස් කරලා දුන්නා. ඉක්මණින් පිරිසට ආසන පනවපු අපි හැමෝට ම දවල් කෑම සූදානම් කළා.

අපි කාලා අහවර වෙනවත් එක්ක ම අයිස්ක්‍රීම් සීයා කෙනෙක් ආවා. උත්තමාවියන්ට අයිස්ක්‍රීම් කෑමේ දොළක් උපන්න නිසා ඇවරිතුමා සාරිතට ගණන් කතාකරගන්න කිව්වා. අත හෝදන්න එළියට එන හැමෝට ම හිම කිරමක් දෙන්න සූදානම් වුනේ එහෙම. ඒ හිමකිරමේ විශේෂත්වය වුනේ වැනිලා, චොකලට්, ෆ්රුට් ඇන්ඩ් නට්, ස්ට්‍රෝබෙරි ජාති හතරින් ම ලබා දීම. ඇවරිතුමා බිල් ගෙවන්න ඇවිදින් කතා කළා ම ඒ සීයා අවුරුදු තිස් හතක් ම ආදර උණුසුම පාමින් සතුට බෙදන්නෙක්. ගම කුරුණෑගල හැබැයි අපේ ප්‍රාන්තය හොඳින් දන්නවා. බැලුව ම අපි කාලා තියෙන්නේ ඇඩ්වින්ස් අයිස්ක්‍රීම්! ආනේ කිරිබත්ගොඩ ස්කීම් එකේ. අපි නිතර එහෙන් බඩු ගන්නවා. බැලුවව ම ගැට්ටමෙ නෑයෝ පුතී.  

අපි එන්න කලින් සියල්ල අස්පස් කරලා අතුගාලා කඩදාසි ආපහු බස් එකට දාලා ඉඳුල් බල්ලන්ට කන්න දාලා අවසන් කළා ම රිදී විහාරය ඉදිරියේ පන්සලේ පිරිකර කඩේ ඇත්තො අපිට කතා කරලා ආධාරයක් කරන්න කිව්වා. විහාර සංවර්ධනයට ආධාර කළා ම එතුමා කතෝලිකලු. නෝන බුද්ධාගමේ. මේවා ශාසනකාර්ය දැන් මේම හදලා කරලා තියෙන නිසා නේ ඔබතමුන්නාන්සේලා ඇවිදින් ප්‍රයෝජන ගන්නේ. ඇත්ත කතාව. දැන් කස්ටිය නාන්න පොරේ. නාන්න නන් නාන්න නෝනා කියමින් හැමෝ ම ලොකු සීන් දෙනවා.

ඔය අතරේ අපේ හාමුදුරුවන් බලන්න යන්න කුරුණෑගල දී ෆුඩ් සිටියක අපි නතර කරනවා. මේන් අපේ හාමුදුවන්ගේ ප්‍රධාන දායකයෙක් බස්එකට නඟිනවා. බලද්දි ඒ අයියලා දුවලාගේ ගෙදර ඇවිත්. ඒ අක්කාත් මමයි අමිල අයියයි පාර පනිද්දි මුණගැහුණා. බලද්දි හාමුදුරුවන්ගේ දායකයො හැම තැනක ම.  


බඹරගල පන්සලේ නුවර යුගයේ චිත්‍ර...





No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....