Thursday, March 12, 2020

මෙවන් කුමාරගේ විශේෂ සලාදය ‌හෙවත් එතනින් එහාට මනුස්සකම මහත්තයා...!


පහත ඉතා ‌කෙටි සලාදය මෙවන් කුමාර තැබූ සටහනක්. වටිනා නිසා සදාලයේ ඉඩක් ‌‌වෙන් කළා.

අද මං ක්ලාස් යනකොට මේ බ්‍රේල් වලින් උගත් මහත්මයව හම්බ උනා......මං ත්‍රීවිල් එකක යන නිසා එයාවත් යන්න ඕන තැනටම ඇරලවන්නම් කියලා මං කිව්වා....යනකොට ගොඩක් දේවල් කිව්වා ජීවිතය ගැන.....කොරෝනා ගැන(කාලෝචිත නිසා) හොදට ඉගෙන ගත්ත කෙනෙක්.......ඇන්ටි බයොටික් සෙන්සිටිව් ටෙස්ට් එක කරන හැටි ලස්සනට කිව්වා.......හොද මොළයක්......එදා තාක්ෂණයෙහි දුර්වලතාවය මත ද මන්දා ඉගෙන ගැනීම අතර මග නැවතිලා.....ගොඩාක් රස්සා කරලා......දැන් කඩවත ඇන්ඩෲ වොච් එකේ ටෙක්නීශියන් ක්‍ර්නෙක්....දෑස්ම අන්දයි.....කනේ මිම්මට ගොඩාක් ‌දේවල් කරන්නේ.....ගෙදර හොද එළ්වළු වගාවකුත් තියනවලු අපි ඔය වස විස කන්නෑනේ මහත්තයා කිව්වා.......තාම අම්මව බලාගන්නවා......නංගිට උගන්නලා කැම්පස් යනකම්ම......මං කඩේටම ඇරලලා ආවා යනකොට මෙච්චරයි කිව්වේ...."මහත්තයා බීපු කිරි වලට ණය නොවී දෙමව්පියන්ට සලකන්න.....රටට දෙයක් කරන්න.....බුදුන් වදින්න......පස්සේ මං ටුක් එකෙන් බැහල සල්ලී දෙන්න පර්ස් එක ගත්තා.....කිරිබත්ගොඩ ඉදල දැන් කඩවතටම ආවා....ගාන 250යි.....මනුස්සයා කිව්වා 100ක් දෙන්න මහත්තයා......කිරුබත්ගොඩ ඉදාලද් මහරට වෙනකම් ගාන සීයයි එතනින් එහාට මනුස්සකම මහත්තයා කියලා.....මන්ග් හිනාවකින් ආචාර කරලා 200ක් දීලා ආවා!!!!

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....