ඉල්ලන් යං අපි ගේම....! |
දිනයේ අවසාන ගමනාන්තය වුනේ අපේ
සුදස්සී හාමුදුරුවන්ගෙ බඹරගල රාජමහා විහාරය. තැන ගැන කතා කළොත් යාංගල් මෝදර
පහුවෙද්දි තියෙන අතුරුපාරෙ බඹරගල ගමට කිලෝමීටර් හතක් විතර. ඤාණානන්ද හාමුදුරුවන්ගෙ
පොල්ගහවෙල අසපුව පේන දුරින්. දැන් ගජ ඉලන්දාරි වයසේ තරුණ බුද්ධ පුත්‍රයෙක් වෙන අපේ
සුදස්සී හාමුදුරුවො මල්වතු පාර්ශවයෙන් මහණ කළා ම අපේ නායක හාමුදුරුවන්ගේ
භාරකාරත්වයට පමුණුවනවන්නේ තවත් සාමණේර හාමුදුරුනමක් එක්ක. ඒ අනිත් හාමුදුරුවො
ගියවර අපිට දළදා වහන්සේ වන්දනා මාන කරවීමට වැඩම කළා. මේ හාමුදුරුවො අපිට හරි
සමීපයි. නිතර අයියා කියාගෙන වෙසක් කාලෙට කූඩු හදන්න, භක්තිගීත තරග අරවා මේවා මොනවා
කළත් අපිට උපකාර කරලා තියෙනවා.
නමුත් වයසින් වැඩෙද්දි උපසම්පදාවට
නුවර වඩින හාමුදුරුවො බඹරගල පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ ඇවෑමෙන් පන්සල මල්වතු මහා
විහාරයට පවරා ගත්තාට පස්සේ එහි ලොකු හාමුදුරුවන්වහන්සේ වෙලා මීට අවුරුදු හතරකට
ඉහතදී මේ පන්සලට වැඩම කරනවා. ඒ ඇවිත් අදට දකින්න තියෙන ලොකු සංවර්ධනයක් කරලාත්
තියෙනවා. ඒ පන්සල් අක්කර ගාණින් රජවරු දළදාගම් හැටියට ගම්වර පුදපුවා. අපේ සුදස්සී
හාමුදුරුවො ඒ ලෙවල් ලියලා සිංගප්පූරුවො චැංගි විශ්ව විද්‍යාලයට ඇතුළත් වුනාලු. ඕන්
ඒ අතරෙ දි අම්මලාට මල්වතු පාර්ශවය දන්වලා තියෙනවා මේ පන්සල භාර ගන්න බුදුපුතාව
එවන්නැයි කියලා. ඉතිං ආයෙත් ලංකාවට ඇවිත් වැඩ බාරගෙන. නමුත් ඉගෙන ගන්න ඕන නිසා පිරිවෙන්
අධ්‍යාපනයට යොමු වෙලා. දැන් ලබන මාසෙ ඉඳන් ඉස්කෝලෙක වැඩ කිව්වා. ළමයි දෙසීයක විතර
දහම් පාසලකුත් ඒ පන්සලේ කරගෙන යනවා. හැබැයි හාමුදුරුවො ප්‍රධානාචාර්ය වුනාට
ඉගැන්වීම් නොකරන බව කිව්වේ සිනාවෙමින්.
ඉතිං මෙහේ වාස දේස කෝමද අපේ හාමුදුරුවනේ කිව්ව ම. ගමේ නේ. මේ දායක පවුල් පන්සීයක් විතර ඉන්නවා. ආපු මුලින් ම මං කළේ සලාක දානය බෙදා දීමට ගෙන් ගෙට යාම. ඒ අය පන්සලත් එක්ක මුලින් වැඩි ඇයි හොදැයියක් නෑ. දැන් නම් යනවා එනවා. මිනිස්සු ගොවිතැන් කරන්නේ. ලොකු සල්ලියක් නෑ. පන්සල නම් අපේ නෑයෝ, මල්වතු පන්සලේ ආධාරවලින් මගේ ම මුදලින් දියුණු කරගත්තා. ඔය බෝධි ප්‍රාකාරෙත් මං ඇවිත් තැනෙව්වේ. ගමේ කොල්ලො ටික, පොලිසිය නිසා ඔළුව උස්සන් ඉන්නවා. අනික තනි මට යැපෙන්න මේ ඕන තරම් පොල් ගස් තියෙන්නේ. දානෙ නැත්නම් පොල් සම්බෝලයක් කොටා ගත්තා. බතක් ගහ ගත්තා එච්චරයි නෙව. තමුන්ගේ දායක කාරකාදීන් ගැන අපේ හාමුදුරුවො කතා කළේ එහෙම.
හැබැයි අපට තේරුණ හැටියට
උන්වහන්සේට දායක කාරකාදීන් මාර ආදරයක් තියෙන්නේ. අපිට කෑම මේසයක් වෙන ම ලෑස්ති
කරලා තිබුණෙ හිතවත් දායක මහත්තයෙක්ගෙ ගෙදර. ඔය පොටෝවෙන් ම පේනවනේ කට්ටියගේ සූදානම.
සුද්ස්සී හාමුදුරුවොත් ඉක්මණින් වැඩම කලේ ගුරු හාමුදුරුවන් වූ අපේ පොඩි හාමුදුරුවො
බැහැ දකින්න. සුදස්සී හාමුදුරුවන්ගේ දායකයො මදි නොකියන්න අපිට සැලකුව බව කියන්න
ඕන. මෙහේ කලින් ඇවිත් තියෙන අපේ අමිල අයියා කන තැන තත්පර නොවී අපිව කටුසු කොන්ද
නඟින්න එක්ක ගියා.
කටුසු කොන්ද කියලා අපි කිව්වට ඒක පන්සලේ
තියෙන ගල් තලාවක්. උඩට නඟින්න පඩි හේම දාලා තිබුණා. හැබැයි ටිකක් අවදානම්. හුළඟ තද
නිසා. ඊට නැංගා ම ඉර බැසීම ලස්සනට පෙනුනා. විසාල වෙල් යායවල් පැත්තකින් විසාලෙට
පේන අසපුව. පොල් රුප්පාවල්. අප්පා කියාගන්න බැරි සුන්දරත්වේ. තව පොඩ්ඩෙන් හැබැයි
ඇවරිතුමා ගලෙන් පල්ලට පත බෑ වෙනවා හූනා පොළේ ගැහුවා වගේ. ඒක වුනේ ටයිටැනික්
පෙන්නන්න ගිහින්. මනුෂිට පොටෝ කෑල්ලක් අල්ලන්න කියලා අත්දෙක විහිදනවාත් එක්ක ලොකු
හුළඟක් ඇවිත් ඇවාතුමාව ගහගෙන යනවා. වෙලාවට ළඟ තිබුණු පහන් කණුවක නැවතිලා බේරෙනවා. නැත්නම්
අම්මාපල්ල කෑලි හොයන්න වෙනවා.
බඹරගලින් පිටත් වීම ටිකක් සෙන්ටිමෙන්ටල්, අපේ ම සහෝදරයෙක් දාලා එනවා වගේ හැඟීමක් ආවා. උන්වහන්සේට නම් ඒ හුදකලාව, අඳුර භාවනාවක්. ආයෙත් දවසක එහි එන්නැයි ආරාධනා කරපු අපේ සුදස්සී හාමුදුරුවො පරිස්සමෙන් ගම් රටවල් බලා යන හැටියට ආශිර්වාද කළා.
කන්න හපන්නූූ කියලා බෙදා ගන්න කෙනාගෙන් ම තේරෙනවානේ? |
බඹරගලින් පිටත් වීම ටිකක් සෙන්ටිමෙන්ටල්, අපේ ම සහෝදරයෙක් දාලා එනවා වගේ හැඟීමක් ආවා. උන්වහන්සේට නම් ඒ හුදකලාව, අඳුර භාවනාවක්. ආයෙත් දවසක එහි එන්නැයි ආරාධනා කරපු අපේ සුදස්සී හාමුදුරුවො පරිස්සමෙන් ගම් රටවල් බලා යන හැටියට ආශිර්වාද කළා.
බොහෝ ම පැරණි පින්තූරයක්... |
එතනින් පටන් ගත්තු ගෙදර එන
මියැසියට විවිධ වැඩසටහන් ඇතුළත් වුනා. ඒ ගීතය තේරීමේ තරග වටයත් එක්ක. විරුද්ධ පිළ
දෙන ගීතය අභිනයෙන් තම කණ්ඩායමට තේරුම් කිරීමත් එවිට අනෙක් කණ්ඩායම නොමඟ යවනා සුළු
කතාන්දර කීමත් ඉතා ම විනෝදජනක වුනා. දෛවයෝගයකින් එහෙ
ම රඟපාන්නේ කෝමද හලෝ? තව රුසිරුට දුන්න සින්දුව මතක නැති වෙලා දහ පාරක් විතර කියන්න වුනා.
හැමෝම සින්දු රඟපාලා අහවර වෙලා තමා
නන්ස්ටොප් සාජ්ජේ පටන් ගත්තේ. ඒක මාවරමණ්ඩිය දක්වා එක පිම්මට ආවා. සංඥා කුළුණු ළඟ
නතර කරද්දි විලි ලැජ්ජාවයි. කස්ටිය නටන නිසා බස් එක පැද්දෙනවා. බස්එක උඩයනවා වගේ
නේද අමිල කියලා අහලා පොඩි හාමුදුරුවො පිටිපස්ස හැරෙද්දි අපේ අය නටනවා. ඩී.එස් බස්
එකක් දිගට ම අපිව ෆොලෝ කළේ එචච්ර සද්දයක් අපි දාපු නිසා. හැමෝ ම ඒසී එකෙත්
දාඩිය දාන්න නැටුවා. මනුෂි තමා ප්‍රධාන නැට්ටිච්චි. ජම්පින් නැතිවීමේ වාසිය හොදට ම
අත්විඳි අපේ නඩේ තවත් චාරිකාවක් හමාර වුනේ ඒ ආකාරයට.
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....