මයිනාතුමාගේ උපන්දිනේට පහුවදා අපි ආදි ශිෂ්‍ය බණ
පින්කම හා සහභාගී වෙන්න පන්සල් ආවා. ආදි ශිෂ්‍යයන් විශාල ප්‍රමාණයක් අපේ ධර්ම විද්‍යාලය
ආශ්‍රය නිශ්‍රය කරගෙන හිටියත් මේම හරි වැඩකට සෙට් කරගන්න පුළුවන් වෙන්නේ ගොඩක් අඩු
ප්‍රමාණයක්. කොහොම නමුත් හැම මාසෙක ම පළමු සෙනසුරාදාවේ අපේ පන්සලේ විශේෂ ධර්ම
දේශනා පින්කමක් සිද්ධ කෙරෙනවා. මේ පාර මුණසිංහ පවුලේ උදවිය සමඟ ආදි ශිෂ්‍ය
පිරිස දායකත්වය අරගෙන තිබුණා.
මුණසිංහ පවුලේ වැඩිමල් ම පුතා සිසිර මුණසිංහ ශ්‍රේෂ්ඨාධිකරණ
නීතීඥතුමාත් අපේ ආදි ශිෂ්‍යයෙක්. එතකොට ඒ ස්වාමි දියණිය අපේ මුදිතා අක්කා එහෙමත්
මුතුහර ළමා සමාජ ආදි සාමාජිකාවක් නිසා ඇවරිතුමා දැනගෙන හිටියා. ඒ පවුලේ දරුවො
තුන්දෙනාමත් පින්කමට සහභාගී වුනා.
ධර්ම දේශනාව සඳහා වැඩමවා වදාළේ කැලණිය වේවැල්දූව
ඤාණවිමලාරාම විහාරවාසී ශාස්ත්‍රවේදී දළුගම සමිතඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ
බෞද්ධයා නාලිකාව ඇතුළු තවත් ස්ථානයක බණවර දෙකක් අවසාන කරලා වෙහෙස වෙලා තමා මෙහි
වැඩම කර තිබුණෙ. නමුත් කර්මය සහ කර්ම විපාකය මාතෘකා කරගෙන වැදගත් ධර්ම දේශනයක්
සිද්ධ කරන්න කටයුතු යෙදුණා.
පන්සිල් දීලා දේවාරාධනාවෙන් පස්සේ පටන් ගත්තේ ම කාටද එපා
වෙලා නැත්තේ කියලා අහලා. උන්වහන්සේ පහදලා දුන්න විදියට මේ සියලු වේදිතයන්, විඳීම්
අපිට ඉක්මණින් එපා වෙනවා. ඒවා හරසුන් බව වැටහෙන්න ගන්නවා.
කාලා රසමුසු භෝජන කරපෙම්
ගාලා සුවඳැති සඳුනුත් මනරම්
ලාලා අබරණ නිසි ලෙස සැරසුම්
පාලා ගිය වැනි බහුරෑ කෝලම්
ඉතිං එහෙම වුනා කියලා අපි ආසාව අතඅරිනව කියලා ද? අපි අවම
වශයෙන් කෙස් ගහක්වත් අත්හරිනනේ නැති මිනිස්සු. දැන් ඔය ඇත්තන්ගේ එක කෙස් ගහක් හරි
ඉදිලා ඇත්නම් කොච්චර අකම්පාල වෙන්නැද්ද. ඒක නිසා මේ කාම ලෝකයේ රසයි සුඛයි ආත්මයි
කියලා බදා ගන්නා හැම දේම එපාවන සුළුයි.
හැබැයි එක දෙයක් එහෙම එපා වෙන්නේ නෑ. ඒ තමා ආර්ය වූ
සම්බුද්ධ දේශනාව. බුදු බණ අහලා එපා වුන කෙනෙක් කියන්නකෝ බලන්න. දැන් රතන
සූත්‍රය අපෝ කොල්ල කාලෙත් ඇහුවා. දැනුත් අහනවා. අනේ එපා වෙලා තියෙන්නේ කියලා කියන
කෙනෙක් ඉන්නවා ද? නෑනේ. අන්න ඒකයි වෙනස. අනිත් කොයි දේත් එපා වුනාට ධර්මය එපා
වෙන්නේ නෑ.
දැන් පින්වතුනි කර්ම කියලා අපි හිතන්නේ ගොඩක් වෙලාවට අපි
කරන දේ නෙව. නමුත් අපි කියන දේත් ඉතා ම බලවත් කියපු හාමුදුරුවො කතාන්දරයකුත් කියලා
දුන්නා.
ඔන්න එක පවුලක පුතෙක් තමුන්ගේ අම්මාට නොදකින් කියනවා.
නොදකින් කියන්නේ දකින්න නොලැබියන් කියන එකනේ. එතකින් රැස් කරගත් අකුසල කර්මය ඊළඟ
ආත්මේ විපාක දුන්න මේ විදියට. ඒ ආත්මෙ දී මේ පුතා වස්තු සම්භාර ඇති ධනවත්
නාවුකයෙක් බවට පත්වෙනවා. ඉතිං මේ නැව්පති තෙමේ අලුතින් ම තැනවූ නැවේ පළමු චාරිකාව
යන අතරේ මුහුද මැදදි නැව කාර්මික දෝෂයකට ලක්වෙනවා. ඒ කාලෙ රට්ටුන්ගේ කතා අනුව
මිනිස්සු කතා වෙනවා මේ නැවේ කවුරුහරි පව්කාරයෙක් ඉන්නවා ඒක නිසා තමයි නැව ක්‍රියාත්මක
නොවෙන්නේ කියලා.
ඉතිං මේ පව්කාරයාව හොයාගන්න කුසපත් ඇදීමක් සිදු කරනවා.
ඕන් ඉතිං අර නැව්පතියා තමා පව්කාරයා හැටියට තේරෙන්නේ. හැමෝ ම හිතන්නේ ඒක වෙන්න
බැරි වැඩක් කියලා. මොක ද නැව්පතියා තමා මේ නැවේ අයිතිකරු. පිරිස ආයෙත් කුසපත්
ඇද්දා. නැවතත් පව්කාරයා ඔහු. නැවතත් කුසපත් ඇදීම සිදුකළා. එවරත් ඔහුමයි. අවස්ථා
තුනේ දී ම නැව්පතියා පව්කාරයා වුන නිසා පිරිස තනි බෝට්ටුවකට ඔහු නංවා මුහුදේ පාකර
හරින්නට තීරණය කළා.
තෙරක් නොපෙනෙන සාගරයේ පාවෙලා ගිය නැව්පතියා ගොඩබිමතට
සේන්දු වුනා. එහි දී ඔහු දැක්කා මුහුද දිහා බලාගෙන මල් මලයක් දමා ගෙන වෙරළේ ඉන්න
තරුණයෙක්. ගිහින් ඔශුගෙන් මල් මාලය ඉල්ලුවා. “අනේ ඔය මග් මාලය දෙන්නකෝ..” පළමු
ඉල්ලීමේදී ම ඒ තරුණයා මල් මාලය දැම්මා. ඔහු සතුටු වුනා තමන්ගේ කර්මය ගෙවී අවසන්
වීම ගැන. නැව්පතියාට මල් මාලයක් වගේ පෙනුනේ උරචක්‍රමාලාව. එය කැරකෙන වාරයක් පාසා
ඔහුගේ ගෙළ කැපි කැපී පසාරු වෙනවා. ලේ ගළනවා. නමුත් හිස කඳින් වෙන්වෙන්නේ නෑ.
තමුන්ගේ අම්මාට නෙදකින් කී නිසා කිසිවෙක් නොමැති පාළු දූපතක තමුන්ගේ කර්මය ගෙවමින්
තවත් කෙනෙක් එහි එනතුරු බලා සිටින බවයි හාමුදුරුවො දේශනා කළේ.
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....