Tuesday, August 30, 2016

අපේ සැට් එක පෝස්ට් වෙඩින් - ඩිනර් පාටි අතින් කටින්



පහුගිය දවසක අලව්වේ වලව්කාර රගා මහතාගේ ගෙදරට කඩහපහත් වුනා. හැබැයි අපි නම් එතුමාගෙ ගෙදර ඇත්තො රංගවේදිනී, නාටක විශාරද ජනප්‍රිය නිළි දිනේකා මැතිනියව ඉන් ඇඩ්වාන්ස් දැනුවත් කරලයි ගියේ. නැතිනම් අපිට ම නේ සුදා ගින්දරේ සෝපාකලා වෙන්න වෙන්නේ. රගා මහතා ගැන සලාද කිහිපයක් ම ලියැවිලා තියෙන නිසා අමුතුවෙන් හේතුපාඨ ලියන්න අදහස් කරන්නෙ නෑ. කොටින්ම කිව්වොත් සුකුරුත්තන් මොත්තෙ නතින් පික්සු පීකුදු - මට සෙට්වෙන අපේ ගැන්සියෙ බොක්ක පිරිසිදු බුවෙක් තමා ඇමති රගා. මේ ආතල් ජීවියාව මුලින් ම සෙට්වුනේ අපේ උඩරට කෝච්චි ට්‍රිප් එකෙන්. ?? ජෙනරල් ඩිග්‍රියක්ක කරපු රගා පස්සේ රුසියාවට යාමත් එක්ක අපේ ඇයි හොදැයිකම් මඟ ඇරුණත් ආපහු ආපු ගමන් අපි සෙට්වුනා.
ඇවරිතුමා ඒ දෙපළට රැග පිණිස සූදානම් කළ දස ප්‍රයාමයේ  කොන්දේසි විස්තර කරමින්..
රගා -  අනේ ආයෙ ඕවා කරන්න බෑ බං....!!! :(

රගා ගැන ලියන්න බොහෝ දේ තිබුණත් ඇවරිගේ පුද්ගලික අදහස හෙවත් මෛමතය මුලින් ම සටහන් කරන්න හිතුවා. ආහ් රගාගෙ ගෙදර යන්න ආරාධනාව ලැබුණෙ ජල්බරි සී.එස්ගේ වෙඩින් මඟුලට ගියාම. සී.එස් නම් අවුලක් - අවුලක් වුනොත් සී.එස් නිසා ඒ මඟුලේ ලියන්න බොහෝ දේ තියෙනවා. මොක ද වවුලාගෙ මඟුලේ එල්ලිලා ඉන්න වුනේ අපිට නිසා. ඒ සලාදෙ පස්සෙ ම ලියන්නම් කෝ. දැන් කතාව රගා ගැන. රගා කියන්නේ සාමාන්‍යෙයන් දෙයක් කෙරෙනවා නම් කතා කරන්න ඕන මිනිහෙක්. මං එහෙම කිව්වේ ඔහු හරි සෘජු පුද්ගලයෙක්. මට මතකයි පිළිකුත්තුව චැලෙන්ජ් එකේ දි නලියා බය නැතුව කඹේ වැඩ ටික දාපන් මම බලාගන්නම් කියලා, කොල්ලො කෙල්ලො හතලිස් ගානක් කඹේ යනකම් අත් කැපෙනකම් නැහුනා. අද ඔහොම හිටියට කන්ද මුදුනට වතුර බාල්දි ඇදපු කොල්ලෙක්. හික්ස්. 

හැබැයි ආයිබෝන් මෙතුමාගේ චරිතෙ නම් එච්චර හොඳ නෑ. අර කලින් කිව්වවගේ ඒරොප්පෙට ගියේ ලංකාවෙ අල්ලන්න තියෙන කස්තිරම් සේරෝම අල්ලලා. කොටින් ම ඡන්දෙත් ඉල්ලුවා නෙව හිටන්. මෙතුමා නිසා අපි අලව්වේ පාතලෙටත් සම්බන්ධ වුනා. ඒ රගා මැතිතුමාගේ ඡන්ද ව්‍යාපාරයට සෘජුව දායක වීමෙන්. හිතන්න මේ ක්සුද්‍ර දේහදාරී ඇවරිතුමා මුළු ගමක් ම සැලෙන්ඩර් වෙන්න ටෝකක් දීලා කවුද ඩෝ දැන් චන්ඩි කියලා ඇහුවා කියන්නේ මොන ලල් එකක්ද? හා දැන් ඒ ඔක්කොම කාගෙ පවර් එකට ද චන්දන බණ්ඩාර ඇමතිතුමාගේ. එතකොට අර වයිපර් සඳුනා ළඳු කැලෑ අස්සේ මේට් එකක් පැද්දේ, ගයියාට රෑ දවල් මාරු වුනේ, කස්ටියක් මහ රෑ ජාමේ අලව්ව බස් ස්ටෑන්ඩ් එකේ ස්ට්‍රොන්ග් වලින් කට හෝදලා කාරිය ඒ ගැම්මට තිත්ත කළුවරේ කිලෝමීටර් ගාණක් කකුල් හතරෙන් අමු කුණුසරුප කියකියා පයින් ම බඩගෑවෙ කාට සීනී කිරලා ද? රගා තුමාට මිසක් වෙන කාටද? තව එතකොට පාරෙ යන ලොරියක් නවත්තලා අනේ බුදු අයියෙ අපි නිදහස් පක්සේ කැපුවත් නිල් බුවාලා කියලා පින්සෙණ්ඩු වෙලා ඒකට නැඟලා විලි ලැජ්ජාවක් නැතිව යූ. එන්. පී එකෙන් ඡන්දෙ ඉල්ලපු රගාගෙ ගේ ගාවින් බැස්සෙ කවුරු නිසාද? ඒ නිසා අලව්ව කියන්නේ ඔයවගේ මහ දහදුරා අත්දැකීම් ලබා දීපු බොහොම ආදරණීය නගරයක්. 

පිටිසර මිතුරාන කියල පෝස්ට් එකකුත් රගා ගැන ලියැවිලා ඇති. තව දවසක් මං ඔෆිස් යද්දි මඟදි මුණගැහිලා අපි කැසරෝල් එකෙන් දවල් කෑමට සෙට් වුනා මතකයි. ඒ නිසා රගා කියන්නේ ක්ලැසික් බුවෙක්. අපිට තනියෙම පැකේජ් හොලිඩේ එකක් කරන්න චැලෙන්ජ් එකක් ආව ම නලියා බය වෙන්න දෙයක් නෑ බං අපි කරමු කියලා වැඩේ පටන් ගන්න මාව තල්ලු කළෙත් රගා. සාමාන්‍යෙයන් මාව රගාට කොච්චර දැනෙනවා ද කිව්වොත් මං දෙයක් කියන්න කලින් බුවා ඒක කියනවා. අපි එහේ ගියේ සෙනසුරාදා. මං සිකුරාදා උදේ රගාට රී කන්ෆර්ම් කරන්න කතා කළා ම පොර මට සිරා උත්තරයක් දුන්නා. ආ වරෙන් වරෙන් මචං. මං මෙසේජ් එකක් දාන්න හිටියේ බිසී ඇති කියලා. ඔය ගෝරිල්ලා වගේ හිටියට හරි සංවේදී, සරල වගේ ම ප්රැක්ටිකල් මිනිහෙක් රගා. ඒ හින්දා ඇවරිතුමා එදත් පොර වෙනුවෙන් හන්ඩ්‍රඩ් පසන්ට් කළා. හෙටත් කරනවා. මොක ද එහෙම ක්ලාසි විනාසකාරී මිත්‍රයො ගොඩක් මට නැති නිසා.   
2011 දී චන්දන සහ දිනේකා පස්වන ප්රේම සැමරුම කැවියේ පොල්වත්ත ක්‍රීඩාංගනය
අරා, සුගී, සී.එස්, ගයියා, සීසර් අයේෂා සහ සත් මෙහි වෙත්
රගාතුමාත් ළඟදී විවාවප්‍රාප්ප වුනා. චී හලෝ ඇවරි ඔයා නම් ඒක නිකම් ලියුවේ අභාවප්‍රාප්ත වුනා වගේ නේහ්. නෑ සාමාන්‍යෙයන් ඒ දෙක ම එකට රයිම් වෙනවා තමයි නමුත් මේ කාරණේදී ඒකෙන් මූට හරි ගියා. ඇතා පිටේ අවිදින් රගාතුමා අතගත්තේ දිනේකා මැතිනියව. එතුමිය එක ම එක පාරක් කැම්පස් ආව. ඒ රගා සහ දිනේකාගේ පස්වන ප්රේම සැමරුම් උත්සවයට 2011 අවුරුද්දේ දී. අපේ කස්ටිය ඒ ඉවෙන්ට් එක ප්ලෑන් කළ හැටි සේයා රූ වල තිබුණා. එදා තමා අපේ අයේෂා මැතිනිය හා හා පුරා කියලා ශ්‍රද්ධා භක්තියෙන් බල්ලෙකුට අයිසින් කැව්වේ. බුකියෙන් හොරාගත් ඒ ඓතිහාසික සේයාරුව පහතින්. පස්සේ හැමදාම අයිසින් කන්න වුන නිසා කැම්පස් එකේ දඩාවතේ ගිය බල්ලන්ට අයේෂා වහ කඳුරු වුනා.  
 
ඒ අයිසින් බල්ලන්ට තමා දිරවන්නේ....
රගාගෙ හෝම් කමිනයට ඇවරිතුමාත් ගයියාත් ගියා. අපි දෙන්නාව ගොඩක් දෙනා අඳුනන් නැති වුනත් එහෙ ඇමතිතුමාත් ශාන්ත බණ්බාරත් අපි දෙන්නා ගාවින් වාඩි වුනා. දෙන්න එකතුවෙලා බාර් එක රොක් කරලා, වී අයි පී සර්විස් එකක් අරන්, මචා වෙනකම් ම නටලා, ඉත්තෑ මස් කාලා, වැඩේ වස්ති වෙලා වරකාපොළ ඔරලෝසු කණුව ළඟ රූටලා යාපනේ බස් එකේ අන්තිම සීට් එකේ ඉඳන් මහ හයියෙන් ප්‍රශ්නයක් කතා කර කර ගෙදර ආපු විනාසකාරී දවසක් වුනා. මට වඩා හොඳට ගයියාට මතක ඇති විස්තරේ. 

රගාගේ වෙඩිමට ආදිපාද තොටමුණට හා සුගී ෂීණන්ට ආරාධනා කළත් යන්නට බැරි වුනා. ඒ නිසා දවසක් ඉල්ලුවා ම නිවාඩු කාලෙ ඉස්කෝලෙ නැති වාසියත් අරන් ගුරුවරු තුන්කට්ටුව වැඩේ සෙනසුරාදාට පන්ගාර්තු කරගත්තා. ඇත්තට ඇවරිට නම් මේ තුන් දෙනා ගැන හරි ඉරිසියාවයි. ඇයි වදේ අපිට කියලා කපේකට තියේ ද මාසයක් නිවාඩු. අනික් මිනිස්සු නිවාඩු යද්දිත් අපි ඔන් කෝල් ඉඳන් ඔක්කොම හරි ද කියලා බලන්න ඕන. ට්‍රැවල් ඉන්ඩස්ට්‍රි එකේ අවුල ඒක තමා. 

ඇවරිතුමා ටිකක් කලින් ගිහින් සුගීතුමාගේ ගෙදරට සෙට් වුනා. තේකක් කාරිය බීලා කාලෙකින් පත්තරයක් බලමින් සුගීලාගේ ගෙදර කුරුළු සද්ද ඇහෙන ඉස්තෝප්පුවේ ඇවරිතුමා වාඩි වෙලා හිටියෙ හරි ම ආසාවෙන්. මොක ද මේ දවස්වල ඇවරි පිතාට බදුර්දීන් දිස්ටිය වැහිලා වත්තේ කාලාන්තරයක් සෙවන දුන් වනස්පතීන් කිහිපයක් කපා ලී ඉරීම නිසා අව් කූටකේ කෙලින් ම මිදුලට දැන් එනවා. ඉතිං කලින් සින්දු කී කුරුල්ලො කවුරුත් එන්නේ නෑ. තව කාලයක් යයි ගස් ටිකක් වැවෙන්න. අපි වැස්සට කලින් පටන්ගමු. ඇවරිපිතා සැහැල්ලුවෙන් කීවට වත්තෙ මහ ගස් හතරක් කැපුවා ම මේ තරම් දැනෙනවා නම් මුළු කැලෑවක් එළි කළා ම දැනෙන මූසල හැඟීම කොහොම ද කියලා මට හිතාගන්න පුළුවන් වුනා. අපේ මිදුලේ දැන් රෑට නිල් අහස පේනවා. සාමාන්‍යෙයෙන් අපේ මිදුල කෑලෑවක් වගේ. මිදුලට ඇවරිතුමා පය තියන්නේ රාත්‍රී දොළහෙන් පස්සේ. මං අඩිය තියද්දි හැමදාම නාගීනා ශිවන්යා අඩන සද්දේ නවත්තනවා. ගොඩක් දවස් වලට බතල හාරන්න එන ඉත්තෑවො රංචුව මගේ ටෝච් එළියට පහුබහිනවා. එක පොදියට ගස් වැවිලා හැදුන ඒ අඳුරු ගුප්ත වටපිටාවේ ඒ සත්තුන්ට ආරක්සාව තියෙනවා. දැන් මූකලාන එළි කල දවසේ ඉඳන් ඉත්තෑවො දැක්කේ නෑ. නාස් පුඩු අකුළුවන ලීකුඩු ගඳ එක්ක එන මූසල හිස් හැඟීමට වඩා කෑලි කැපෙන අඳුරේ රැහැයි-මැඩි සංගීතෙන් ඇති කරන බයපක්සපාතී භ්‍රාන්ත තැතිගැන්මට මං හුඟක් ආසා කළා. සුදුරෙදි හොරා, සිවුරු හොරා‍, අවිච්චියා, සැළලිහිණි, ගිරා මයින ගොඩක් කුරුල්ලන්ට සෙවන දුන් අපේ මිදුලේ දැන් බෙහෙතකට කණාමැදිරියෙක් හොයාගන්න නැති හැටි මට ම පුදුමයි. 

ආහ් තව සුගීලගෙ ගෙදර කුරුළු කණුවකුත් තිබුනා. ඒක මං ඉතා ආස කරන නමුත් තාමත් කරගන්න බැරි වුන වැඩක්. දඩෝරියත් එක්ක කුරුළු කණු ගහන්න බෑනේ. නමුත් ආයෙත් විෂ් ලිස්ට් එකට ආසාවක් එකතු වුනා. 

ප්‍රථම ධ්‍යානයට සම වැදීම සහ දෝලා කුමාරිගේ කතාව ඇතුළත් වෙඩින් ට්රීට් ඩිනරය ගැන ඊළඟ පෝස්ටුවෙන් ලියන්නම්. රගා සහ එම මැතිනියට සුබ මංගලම් පතමින් අලව් සවාරිය මුල් ඇපිසෝඩය නිමාවට පත් වෙනවා හේනං...!!


සාදය සඳහා පෙර සූදානම.. අයිසින් වර්කින්ග්
ගයියා බබල් ගර්ග් ගේ ලැප දෙස බලමින් මචං මේන් මේකෙන් බුබුළු එනවා....!!!!

පශ්චාත් අවුරුදු ඇවරියාලංකාරයේ සංක්ෂිප්ත ප්රුකාශනය හෙවත් දින ගෙවෙනා සැටි ඔබ දැන සිටියා....



ජීවිතය යනු ඔබට මඟහැරුණු ප්‍රමාණය නොව ඔබ විසින් අල්ලාගන්නා ලද ප්‍රමාණය යැයි කව්දෝ කෙනෙක් කොහේ හරි කියලා තියෙනවා ඇවරිතුමාට මතකයි. ඒ නිසා ම මඟ හැරුණු දේවල් ගැන හිතලා ඉහිරුණු කිරට අඩන්නේ නැතිව තියෙන හකුර රැකගන්න කියලා හිතාන බ්ලොගයක් ලියන්න. කම්පනා කළා. 
 
ඇත්තට ම පහුගිය කාලෙ බ්ලොග් නොලියෙවෙන්න හේතු ගොඩක් තිබුණා. ඇවරිතුමා තමුන්ගේ දිනපොත වගේ ම වත් පොතත් අප්ඩේට් කරන්නෙ නැත්තෙ විශාල දුර්භික්ෂ අහේනි කාලයක් හෝ ඩෝන්ඩ් කෙයාර් කියලා හිතාගත්තු කාලෙකට විතරයි. ඔය කාරණා දෙකට ම එකපාර මුහුණ දෙන්න සිද්ධ වුන නිසා බ්ලොග් ලියවීම ගොඩක් පමා වුනා. අවංකව කිව්වොත් ඇවරිතුමා අන්තිමට සතුටින් හිටියෙ මැයි මාසෙ විතර. පහුගිය මාස තුන ම බොහොම උපේක්ෂාවෙන් අතීරණයෙන් හිටි මාස තුනක් වුනා. ඒවා වචනින් කියන්න බැරි තරම් දිග දවස් ඇති කාලයන් වුනා. අතීරණය අවසානයේ දී ලැබුණු තීන්දුව එච්චර සුබදායක වුනේ නෑ. අපිට වැරදුනා ම කියන්නත් බෑ. මොක ද හැම කළු වළාවක ම රිදී ඉරක් තියෙනවා වගේ පහුගිය කාලෙ ලැබුණු අලුත් ප්‍රමෝෂන් එක නිසා සතුටක් නැත්තෙමත් නෑ. 

මිනිස්සු උනා ම තමුන් සතුටුවෙන දෙයක් කරන්න ඕන කියලා කතාවක් තියෙනවානේ. ඉතිං මාත් සතුටු වෙන කාරණා කිහිපයක් තියෙනවා. ඇවරිතුමා තමුන්ගේ බුද්ධිමය ශ්‍රමය දන් දීමෙන් ගොඩක් තෘප්තියට පත්වන චරිතයක් නමුත් මූල්‍යමය අතින් ගත්තොත් ඒක කිසිම වටිනාකමක් නැති දෙයක්. වෘත්තිය ජීවිතයේදී නම් අපි අනුන්ගේ මුදල් ඔවුන් වෙනුවෙන් පරිහණය කරමින් ඔවුන්ගේ සිහින හැබෑ කරන්නට වෙහෙසෙන පිරිසක්. සරලව කිව්වොත් හීන වෙළෙන්දන් වන අපිට අනුන්ගේ හනිමුන් එකක් අපිට සෑහෙන්න වැදගත් දෙයක්. අනුන්ගේ නිවාඩුවක් අපිට ගොඩක් වැදගත්. හැබැයි ඇත්තට ම අපි නිවාඩු කවදද කියලා ඇහුවොත් ඒකට උත්තරයක් නෑ. 2016  අවුරුද්දට මේ දක්වා ඇවරිතුමා රාජකාරී නිවාඩු අරන් තියෙන්නේ දෙකයි. එකක් අප්‍රේල් දා හතර. දෙක ගිය සිකුරාදා මගේ දරුවන් වෙනුවෙන් තිබුණ වර්ක් ෂොප් එකක් සහ සවස සී.එස් ගේ වෙඩිමට යන්න ගත්තු නිවාඩුව. පහුගිය අවුරුදු තුනට ම ඇවරිතුමා ඇනුවල් දාලා ම නෑ. 

ගොඩක් අපේ අය අහන්නේ ඔයා කවද්ද නිවාඩු යන්නේ කියලා. අපි ට්‍රැවල් නොකර අනිත් මිනිස්සුන්ව ට්‍රැවල් කරවන එක අපේ වෘත්තිය වෙලා. අපි නොබැඳ අනුන්ගේ වෙඩින් ප්ලෑන් කරනවා. අනුන්ගේ හනිමුන් ඇරෙන්ජ්මන්ට්ස් කරවනවා හරි ම විනෝදජනකයි. හැබැයි අදටත් හනිමූනර්ස්ලා අපිට ම කතා කරන්න හේතු ගොඩක් තියෙනවා. මුල් ම කාරණය අපි අවංකව, ජෙනුයින් සර්විස් එකක් දෙනවා. ඔයා රෑ තුනට හතරට කීයට කතා කළත්, අපි කතා කරනවා. දෙක සම්පූර්ණ කස්ටමයිස්ඩ්, ටේලර්ඩ් සර්විස් එකක් බජට් එකේ හැටියට කරලා දෙන නිසාත් අපේ කලින් වැඩ හොද නිසාත් ඒ අය කතා කරනවා. අපි  තෝරාගත් බොහෝ ම සීමිත පිරිසකට ගුණාත්මක සේවාවක් දෙනවා. ඒ ගැන අවංකව ම ඇවරිතුමාට සතුටුයි. 

ගොඩක් දෙනා පැකේජ් හොලිඩේස් හෝල්සේල් කටෝෆ් ප්‍රයිස් ඇඩ් කරලා කොන්දේසි සහිතයි කියන කාලෙ අපි ඇත්ත කියලා වැඩේ කරලා දෙනවා. විශේෂයෙන් ම මාලදිවයිනේ බුකින්ස් වැඩියි. අනික දැන් ඉන්න තරුණ ප්‍රජාව රුපියලට වඩා ඩොලරයට සන්වේදීයි. පුතා දවසට ඩොලර් කීයක විතර හෝටලයක් ද බලන්නේ? අගෝඩා එකේ මේ ගානට තියෙන එකක්....??? හරි පහසුයි. දැන් ගුවන් ටිකට්පත් වුනත් එහෙමයි. කොහොම නමුත් විශ්වසනීය සේවාවක් කියන එකේ තේරුම මං දැන් දන්නවා. ඇත්තට ම ඔයා කලින් කියපු එක හොඳයි. නැත්නම් අපිත් දන්නේ නෑනේ. අපි මොනාට ම එන්ටයිටල්ඩ් කියලා. කොටින් ම ලංකාවෙ ඉන්නේ හනිමුන් කර්ටසීස් ටිකවත් හරියට අරන් දෙන්න බැරි ටුවර් කන්සල්ටන්ට්ලා. ඒකට අපි. කන්ට්‍රැක්ට් එකේ තියෙනවා නම් වයින් බොට්ල් එකයි, බෙඩ් ඩෙකෝ එකයි, කැන්ඩ්ල් ලයිට් ඩිනර් එකයි, හාෆ් අ මිනිට් කපල් ස්පා එකයි අඩු නැතුව අපි ඉල්ලනවා. වෙලාවකට ඊ මේල් හරහා ගහ මරා ගන්න ඒවත් නැතිව නෙවෙයි. මොනාට ද මේ ඉතිං? අනුන්ගේ හනිමුන් එකක් වෙනුවෙන්....!!!  

ඇත්තට ම දේවල් හරියට ම කරන්න අපි සෑහෙන්න මහන්සිවෙනවා. නමුත් අවසානයේ දී අපේ සේවාදායකයො ම මචං සේරම හොඳට කෙරුණා. තෑන්ක්ස් කියලා අහවර වෙලා පළමු විවාහ සංවත්සරයටත් අපිට ම කතා කරද්දි දැනෙනවා අපි ඒ මිනිස්සු ගෙවපු මුදලට සාධාරණයක් කළා කියලා. අන්න ඒ පන්ච් එක තම අපිට ඊළඟ බුකින් එක කරලා දෙන්න ඕන කියන සිතුවිල්ල ඇති කරන්නේ. නැත්නම් මේක අපේ රස්සාව ම නෙමෙයි නේ. දවස ම ඉන්වොයිස්, එකවුන්ට්ස්, එක්ස්චේන්ජ් රේට්ස්, ටී ටී ට්‍රාන්ස්ෆර්ස් එක්ක හිරවෙලා ඉන්න ෆයිනෑන්ස් මැනේජර් කෙනෙකුට හනිමුන් ස්පෙෂලිස්ට් කෙනෙක් වෙනවා කියන එක හරි අමාරු වැඩක්. නමුත් අපේ සතුට තියෙන්නේ එතන. රාජකාරි අතින් නම් ඇවරිතුමාට තියෙන වැඩ මේ කපේට අහවර කරන්න බෑ. 

හැම සේල් එකකට ම ඉන්වොයිස් එකක් තියෙන්න ඕන. බෑන්ක් රෙකන්සිලේෂන්, කම්පනි ක්‍රෙඩිට් කාර්ඩ්, යුටිලිටි පේමන්ට්ස්, ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්ස්, එක්ස්ඡේන්ඩ් රේට්ස්, වැට් පෝස්ටින්, සප්ලයර් පේමන්ට්ස්, කස්ටමර් රෙසිප්ට්ස් ඉවරයක් නෑ. මොක ද මේවා හැමදාම පැටව් ගහන වැඩ. ගිය මාසෙ ටික රිකන්සයිල් කරලා ඉවර වෙද්දි තව මාසෙක ස්ටේට්මන්ට්ස් ඇවිල්ලා. ඇයි තව ඉවෙන්ට්ස් සෙට් වුනා ම. තව එතකොට කම්පනි සී.එස්.ආර් ප්‍රොජෙක්ට්ස්. කාල ඉන්න බැරි පර්චසින්. ඇල්පෙනින්තෙ ඉඳන් ටොයිලට් පේපර් එක දක්වා පර්චසින් කරද්දි එපා වෙනවා. නමුත් ඒක ආතල් වැඩේ. අපේ සැපයුම්කරුවන් බොහෝ දේ උගන්වනවා. මෙහෙම සලකා බැලුවා ම ඉතිං සදාකල් වැඩ. නමුත් ඇවරිතුමා කවදාවත් ටෙන්ෂන් ගන්නෙ නෑ. හරියට වෙලාවට කඩේ වහනවා. කූල් එකේ ඉන්නවා.

 ඔච්චර වැඩ වැඩිනම් උඹට ඇසිස්ටන්ට් කෙනෙක් දෙන්නම්. ඇවරිතුමාගෙ බොස්තුමා හැමදාම කියන්නේ ඔය කතාව. ඉතිං ඉන්ටව් කරනවා. ඔන්න ඉතිං අංගනාවක් ගත්තාය කියමුකෝ. දැන් ට්‍රේනින්. මාස දෙකක් ඇතුළත ඇවරිතුමා ඇසිස්ටන්ට්ව හදලා තමුන්ගේ පොටෝකොපියක් ගානටම ගන්නවා. බොස්තුමා ලංකාවට ආවම තමා අපූරු කතාව. එතකොට ඇවරිතුමා ලොකු වැඩ වලට යන නිසා පොඩි වැඩ ඔක්කොම ඇසිස්ටන්ට් තමා කරන්නේ. ආහ් මේ කෙල්ලව හොඳට හදලා තියෙනවනේ, මෙයාව අපි සේල්ස් ටීම් එකට දාමු. තව කෙල්ලක් හොයා ගන්න බැරුව යැ...?? විශ්වාස කරන්න ආයුබෝන් ඇවරිතුමාට ලැබුණු මානව සම්පත් දෙකක් ම අපේ බොස්තුමා කොල්ලකාල තියෙනවා. ඒක නිසා මං කියලා තියෙන්නේ මට තව කෙල්ලොත් එපා. මම නම් මලාට උන්ව ට්‍රේන් කරන්නෙත් නෑ කියලා. හැබැයි අවංකව කිව්වොත් ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්න එකේ හොඳකම කියන්නෙ ඇවරිතුමා එතකොට ටිකක් පිළිවෙලට වැඩ කරනවා. මොක ද හදිසියේවත් ඇසියට මං කරපු දෙයක් හොයා ගන්න පුළුවන් වෙන්න එපැයි. ඉතිං රැකෝර්ඩ් පිළිවෙලට තියලා තියන්න ඕන.  

සාමාන්‍යෙයන් වෙඩිමකට ගියොත් සලාදයක් ලිවිම දැන් පුරුද්දක් වෙලා. මේකත් එහෙම සලාදයක කවර් එකක්. ඒක හෙට අනිවා ලියනනම්. අපි කුණාටුවකින් එළියට ආව විතරයි. දැන් ඉතිං හුළඟ ගෙනියන පැත්තකට යාත්‍රා කරන්නයි තියෙන්නේ. ඒ කොයි පැත්තට වුනත් අදාළ නෑනේ..  

Sunday, June 19, 2016

කටු බොඩියෙන් වැඩ ගැනීම හෙවත් වෛරසක් හා සති දෙකක් කල් ගෙවීම



ලෙඩ පාටක් ඇත්තෙ ම නෑ..! :)
පහුගිය දවස්වල ඇවරිතුමා අතිශය කාරය බහුල වූ නිසා සලාද කිහිපයක් ම ලියන්න මඟහැරුණා. මොක ද ඇවරිට රාජකාරී වශයෙන් ලංකාවට එන ක්රකට් කණඩායම් දෙකකත් අපේ සුපුරුදු ඩෙසටිනේෂන් වෙඩින් පැකෙජ් දෙකකත් වැඩ එකවිට සිදු කරන්න වුන නිසා හරිම අවිවේකී කාල පරාසයක් තමා ගෙවුනේ. මාස්ටර්ස් කරගන්න කියලා අම්මා කෑ ගහන නිසා ඒ වෙනුවෙනුත් කාලය යොමු කරන්න ඕනෑ ය කියලා අදහසක් ඇවරිතුමාට තිබුණා. කොහොමින් කොහොම හරි ජුනි මාසෙ ඇවරිතුමා පුංචි පහේ ඇකඩමික් වෙන්චර් එකකටත් රැජිස්ටර් වුන නිසා තවත් වැඩ එකතු වුනා. 

මඟ හැරුණ සලාද නම් වශයෙන් මේවා. 

- මාවතේ ගායනය හෙවත් කවිකාරියේ සින්දු කියනා ළදේ ජාගොඩ වර්ෂන්
- පොල් වත්තේ ඉත්තෑවා මස් කිරීම හෙවත් මන්ත්‍රී රගාගේ හෝම් කමින් සලාදය
- මෙනි හැපී රිටර්න්ස් ඔෆ් ද ඩේ හෙවත් සතුරාගේ උපන් දිනයට මිතුරාගේ සුබපැතීම
- අයිස් පෙට්ටියේ ජාතකය සෙවීම හෙවත් ඒජන්තවරයාගෙන් ම පමණක් මිලදී ගැනීමේ න්‍යාය
- කැලණියේ ශිෂ්‍ය අරගලය හෙවත් උදේ දිවා නොව දැන් මහ රැයේත් මහපාරේ ජෝගි නැටීම

මේ සලාද ටික ලියාගෙන හැකි ඉක්මණින් පළ කරනවා ඇත්තට ම මේ ලියන මොහොත වන විට අපි පොසොන් සලාදයත් ලියන්න කටයුතු ලෑස්ති කරගන්න ඕනා. කොහොම නමුත් පොසොන් දවසේ ඇවරි එච්චර සනීපෙකින් නෙවෙයි හිටියේ. 

ඒ සතිය පුරා ම ඇවරිතුමා වෛරසයක් එක්ක බොහොම යහතින් සහජීවනයෙන් කටයුතු කළා. ඇත්තට ම ඇවරි උණ හැදුනා ම පැනඩෝල් බීම අතහැරලා හුඟක් කල්. ඒ ටිකේ මං ගොඩක් ශරීර පුෂ්ටියෙන් කෙට්ටු වුනා. ඒක බොහොම අමාරු කලායක් මගේ මැෂින් එක බෑ බෑ කිය කිය වැඩ කරපු කාලයක්. 

හැබැයි ඒ හැම වෙලාවෙ ම මං මෙඩිටේට් කලා. එයාව තේරුම් අරන් කන්න බොන්න දුන්නා. ඒත් සමහර වෙලාවට මගේ ඇඟ කෑම නැතිම වුනා ම බීම මුකුත් නැති වුනා ම ඩිහයිඩ්‍රේට් වෙලා වමනෙට එන තරම් ම ඩවුන් ගියා. ඒකත් මහපාරෙ. හැබැයි කවදාවත් මාව ඇඳට කරලා අකුලලා තියන්න එයාට ඕන වුනේ නෑ.

ඒ වෛරස් එක හරි අමුතුයි. එයා එකපාර ඇඟ ම උණ ගන්වනවා. ආයෙත් පැය බාගයක් නිදා ගත්තා ම සියල්ල ඩවුන්. එයාට ඒසී එක පෙන්නන්න බෑ. කට තිත්ත කරවනවා. හැබැයි ඇති වෙන්න කන්න පුළුවන්. ඒ කෑවත් පැය දෙකක් ඇතුළත ආයෙත් බඩගිනියි. කොටින් ම බඩ ඇකිලිලා වොමිට් වෙන්න සිග්නල් කරනවා. ඒ කියන්නේ එයාට තව කෑම ඕන. ඒ කෑව ම නිදිමත එනවා. හෙම්බිස්සාව පැසවලා. කැස්සත් තියෙනවා. කොහොම වුනත් මාව කෙලින් තියන්න තරම් වෛරස් එක කාරුණික වුනා. මං ඒකා කියපු කිසිවක් මායිම් කළේ නෑ. 

සමහර සප්ලයර් මීටින්ස් වලට මා යා යුතුම වුනා. එතකොට මං ගොඩක් හිත තද කරගත්තා. ලෙඩෙක් නැති ගානට හිටියා. නමුත් ආයෙත් ඔෆිස් ඇවිත් පැය කිහිපයක් නිදා ගත්තා. කොටින් ම මට ඒ කාලෙ වෙන කිසි දෙයක් ඕන වුනේ නෑ. ෆෝන් චාර්ජ් කරන්න හරි ම කම්මැලියි. කළුබෙරියා කීයට ඩෙඩ් වුනා ද කියලා මං දන්නෙ නෑ. සියලු සම්බන්ධතා ඊ මේල් මාර්ගික වුනා. වෙලාවට වාහන ආව. නැංගා ගියා. ටීම් එක චෙක් කළේ මගේ පික්අප් එක විතරයි. මං වෙලාවට නැංගා නම් ඉතිරි වැඩ ටික හරියට යයි. 
 
ආහ් අපේ කට්ටියගේ බල කිරීම නිසා මං ලේ සාම්පලයක් ගන්න ගියා. හයියෝ නර්ස් නෝනා මුලින් ම වමට විද්දා. ලේ ආවෙ නෑ. ඊළඟට දකුණට විද්දා. මං දත කාගෙන හිටියා. ඇත්තට ම ඒ සති කීපය මට දරා ගැනීම කියන එක හොඳට ම පුහුණු කරපු කාලයක්. මං මගේ කටු ඇඟට හුඟක් ආදරේ කරන්නෙ ඒකයි. එයා කවමදාකවත් මට බෑ කියලා නෑ. ෆුල් බොඩි චෙකප් එකක් දාලා අඩුම දවස් තුනක්වත් හොස්පිටල් ඉඳලා ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරගන්න ඕනකම හොඳට ම තිබුණත් වෙලාවක් නෑ. 

කොහොම නමුත් ඉක්මණට ඇඟට නිදහසක් දෙන්න ඕන. මොක ද එයා වුනත් දරා ගන්න සීමාවක් තියෙනවා. තවත් වද දෙන්න මං ආස නෑ. මොක ද මගේ කටු බොඩිය මං වෙනුවෙන් ඇති වෙන්න මෙහෙ කරලා තියනවා. හොඳම දේ එයා කවදාවත් බෑ කියන්නේ නෑ....!
  

ඇවරියානෝ වෙසක් සැමරූ හැටි හෙවත් වෛශාඛ ස්පැසල් 2016



මෙදා වෙසක් සැමරීම් ගැන කතා කෙරුවොත් බොහොම ඉක්මණින් වෙසඟ ලැබුවාය කියලා කියන්න පුළුවන්. ඒ එක්ක ම ආපු ගංවතුර නිසා ඇවරිතුමාට නම් වෙසක් සමරන මූඩ් එකක් තිබුණෙ නෑ. ඇවරි විලාස්හි සියලු දෙනා බොදුනුවෝ වුනාට ගෙදර වෙසක් සමරන්නේ ඇවරි මාතා සහ ඇවරිතුමා විතරයි. අපේ ගෙදර අනෙක් ඈයෝ ආමිසයට වඩා ප්‍රතිපත්තිය හොඳා කියාගෙන එදාට බණක් දහමක් අදහගෙන ඉන්න ලෝක බවුද්ද ප්‍රජාවක්. මං කිව්වෙ අපේ බඩී බෝම්බෙ හේම ඒ ටයිප්. ගංවතුර ආපු දවස් ටිකේ ම ඇවරිතුමා කැලණි පාලම උඩ බැහැලා ඒ මිනිස්සු එක්ක කතා කරලා ආව. 
ඇත්තට ම රට බොහොම අසාරයි - ඉන්න වුන්ගෙත් විකාරයි කියලා හැමෝ ම මැසිවිලි නන කාලෙක දේවෝ වස්සතු කාලේන වැඩිවෙලා ආපු ගංවතුර එක පැත්තකින් බොහෝ දේ ගැන ආයෙත් හිතන්න අවස්ථාවක් උදාකරලා දුන්නා. එයින් ඇවරිතුමා පුද්ගලිකව දැන උගෙනගත්තු පාඩම් බොහෝමයි. එක තමා අනිත්‍යතාවය. බණ ලියනවා හේම නෙමෙයි ආයිබෝං අපි විසින් රැස්කළාවූ භෞති සම්පත් සියල්ල සොබාවික ආපදාවකින් එක මොහොතකින් නැති වෙන්න පුළුවන්. දෙවැන්න මනුස්සකම. අර කෝච්චිවල මිනිස්සු බත් පැකට් නන්නාදුනන මිනිස්සුන් වෙනුවෙන් පූජා කළේ බොහොම සතුටින්. උතුරායන මනුස්සකමකින්. මොකෝ කවදාවත් ඒ මිනිස්සු දැකලා අදුනගෙන තියනවා කියලයෑ. හැමදාමත් කන බත් එකනේ බං. අද කැන්ටිමෙන් කනවා. ඒක මහ පුදුම කැක්කුමක්.

ගංවතුර කියන්නෙ අපිට උපරිම වශයෙන් සතුටු වෙන්න ලැබුන අවස්ථාවක් කිව්වොත් මට පිස්සුය කියාවි. නමුත් කෑම බීම දීපු, ආධාර සපයපු අය තම තමන් තනිව සංවිධානය වෙලා වතුරෙ බැහැගෙන වැඩ කළේ ඒ ඒ අයගේ පුද්ගලික තෘප්තිය වෙනුවෙන්. ඒ වැඩවලින් ඔවුන් ලැබූ සංතෝෂය මුදල්වලට ගන්න බෑ වගේ ම අනුමෝදන් වූ පුන්‍යස්කන්ධය මෙපමණය කියා කියන්නටත් බෑ. ගංවතුරට උදව් කරපු මිනිස්සු ලැබුවෙ අප්‍රමාණ සතුටක්. ඇයි උපකාර ලබාපු මිනිස්සු. ආගම, ජාතිය පැත්තකට දාලා මිනිස්සු හැටියට එකාවන්ව නැීටින්නට මේ කාලෙ මිනිස්සුන්ට මතක් කරපු ගංවතුරට බොහොම පින්. කොටින්ම සුපර් මාර්කට්වල රාක්ක සුද්ද වෙනකම් මිනිස්සු බඩු අරන්. ලාෆ් එකේ වතුර බෝතල් තොග අවසන්. ලක්ෂ හයක අපේ ම නෑයෝ අසරණ වුනා ම මිලියන විස්සක නෑයෝ පුදුමාකාර සහයෝගයක් අවංකව ම ලබා දුන්නා. 
කරුණාව කියන වචනයේ බෞද්ධ නිර්වචනය තියෙන්නේ අනුන්ගේ දුකේ දී ඇතිවන අනුකම්පාව කියලා. තනි තනි මිනිස්සු කිසිදු ලාබ ප්‍රයෝජනයක් නැතිව හැකි අයුරින් කළ උපකාර බොහෝමයි. ඒ හැටියට ගත්තොත් 2016 වෙසක් පෝය බොහෝ දෙනාට වෙසඟේ නියම අර්ථය භ්‍රක්ති විඳිමින් ගත කරන්න පුළුවන් වුනත් ගංවතුර ආපදා තත්ත්වයන්ට පත් වුන ජනතාවට වෙසක් සමරන්න නොලැබීම ගැන ලොකු දුකක් තියෙනවා. ඇවරි ලොකු අටපට්ටමක් නිවසේ පෝටිකෝවේ පට්ටල් කළේ හුදෙක් ම ඇවරි මාතාවගේ ඉල්ලීමකට කන් දීමක් වසයෙන්. අපිට මොන වෙසක් ද කියලා අහලා ලෝක මිත්‍යදෘස්ටිකයෙක් හැටියට අසාදු ලේඛනගත වීමට ඇවරිගේ තිබූ නොසතුට කූඩුවක් සෑදීමට පෙළඹූ බව කියන්න කැමති. වෙසක් පෝ දින සෙනසුරාදාවේ ඇවරියෝ ද අසවේදු සුපුරුදු පරිදි ධර්ම විද්‍යාලයට වාර්තා කොළා.
මනුරාජ සම්මත චාලිත්තරේ හැටියට කීයක් සිල් ගත්තත් ධර්ම විද්‍යාලයේ සිසු දරු දැරියන් සහ දෙමාපියන් තමා සිල් ඇත්තන් වෙනුවෙන් හීල දන් දෙන්නෙ. ගිය පාර අපි ඉඳිආප්ප දහතුන් දාහක් ඉලක්ක කරලා දානය පිළියෙළ කළා. ඉඳි ආප්ප, පොල් සම්බෝල, පරිප්පු සහ ලූණු තෙල් දමා බැදුමට අමතරව පාන් තමා හීලට දෙන්නේ. ගිය පාර ඉතිරි වුන නිසාත් මෙවර අයහපත් කාලගුණය නිසා බොහෝ දෙනා සිල් වර්ජනයක නිරත වන දවසක අපි සූදානම් වුනේ ඉඳිආප්ප නවදාහකට පමණයි. ඊට අවැසි අඩුවැඩිය සම්පාදනය වුනා. ඒ ඒ පන්තිවලින් දාන ලේඛන හදලා අවසානයේ කාර්යාලයේ සිට අවසාන පුරෝක්ත අපේෂිත අගයන් ලබා ගෙන තවත් මදිපාඩු බාර ගන්නා හැටියට ළමුන් දැනුවත් කිරීම ආදී බැක් ඔෆිස් වැඩ ගොන්නක් වෙසක් දානය හා බැඳී පවතිනවා. ඒක හැමදාම සිදු වුනේ අමිල අයියා සහ ගයාන් අයියාගේ මූලිකත්වයෙන්. වෙසක් දා ඇවරිතුමා හය වෙද්දි පන්සලේ. 
සාමාන්‍යෙයන් ඇවරි කෙරෙන වැඩ නොසොයන නොකෙරෙන වැඩ කරවන පොරක්නේ. එදා ඇවරිතුමා කිරි කොකා වගේ කිට මරාගෙන රාජකාරී කළුබෙරිය සහ අයිඅපෝනයත් අත දරාගෙන බොහොම සද්දා බක්තියෙන් අපේ පංචායුධ කුමාරයා වගේ තමා සීන් එකට එන්ටර් වුනේ. අනික් හැම දේම ගානට ගිය නිසා ඇවරි නිතරගයෙන් ම බාර ගත්තේ පිළිගැනීමේ නිලධාරියාගේ තනතුර. මැනේජර් ෆ්රන්ට් ඔෆිස්.

මාව සාමාන්‍යෙයන් එහෙම කන තැන්වල ඉස්සරහට දැම්මා ම මිනිස්සුන්ට වැඩියෙ කන්න හිතෙන්නේ නෑ කියලා බොහෝ දෙනාගේ විශ්වාසයක් තියෙනවා. ඇවරිගේ කාන්ති කඩා හැලෙන ස්ලිම් දේහ ලාලිත්‍ය දැක්කා ම තරබාරු කතුන්ට එහෙම ඩයට් කරන්න ආසාවක් ඇති වෙනවලු. මේක කතාවට කියනවා නෙමෙයි. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි. ගිය අවුරුද්දට එපිට අවුරුද්දේ අපේ ගයියලාගේ දන්සැල රෑටත් දෙන්න බඩු ඉතුරු වුනේ ඇවරිතුමා ජනතාව ඇතුළුවෙන තැන පිළිගැනීමේ රාජකාරී කළ නිසා. මෙවරත් අපි බුෆේ ටයිප් තමා හීල් දානෙ දුන්නෙ. ඒ කිව්වෙ සිල් ඇත්තෝ පෝලිමේ ඇවිදින් බෙදා හදා ගන්න ඕනෑ ලු. 
ආ කොහොම ද? සිල් ගත්තා ද.. හරි වැස්ස නේ. පිඟානක් තියේ ද? ආදී සම්පප්පලාප ටිකක් හිනාවෙලා කතා කරන්න තියෙන්නේ. හැබැයි හැමෝට ම ලන්ච් ෂීට් දෙන්න, විශේෂයෙන් ම මිනිස්සු ඉක්මණට යවන්න ඕන. පෝලිමේ රස්තියාදු කරවන්න හොඳ නෑ. යන්නැත්නම් පෝලිමේ නම කියලා ඉන්න අම්මලාට අත ඉක්මන් කරන්න කියන්න ඕන. පෝලිමේ ඉන්න අයට අත හෝද ගන්න පහසුකම් තියෙනවාද බලන්න ඕනෑ. ලොකුම දේ කතා කරන්න බැරි වුනත් හැමෝ ම එක්ක හිනාවෙන්න හරි ඕනෑ. ඒකෙන් තමා මිනිස්සුන්ට හැඟීමක් එන්නෙ. ආ මේ ධර්ම විද්‍යාල ප්‍රජාව අපි වෙනුවෙන් දානෙ සූදානම් කරලා කියලා. ඇවරි හිටියේ දාන ශාලාව දොරකොඩ. ඒ වෙද්දි අපේ ශිෂ්‍ය නායක ළමයි, දෙමාපියෝ සිල් ඇත්තන්ට පෝලිමේ එන අතරේ දානය බෙදාගන්න සියල්ල සූදානම් කර අවසන්. නමුත් අපි ආයෙත් අහන්න ඕන ඔක්කොම හරි නේද? කියලා. එකනේ කෙයාරින් කියනනේ. 
මේ  බුෆේ ක්‍රමයට අපේ සමහරුන්ගේ එපමණ ප්‍රසාදයක් නෑ. නමුත් එක්ප්‍රස් දානයක් එහෙම නැතිව කරන්නත් බෑනේ. ඉතිං වෙන විසඳුමක් නෑ. කියන්න සතුටුයි අපි විනාඩි හතළිහක් වගේ ඇතුළත සියලු පෝලිම් අහවර කළා. ඉන්පසු දාන ශාලාව තුළට ගොස් දන් බෙදීම තමා තිබුණෙ. ඇවරිතුමාට අපේ ප්‍රධානාචාර්ය හාමුදුරුවො මුණ ගැහු‍ණෙ ඒ වෙලාවෙදි. ආ නලින අර පරිප්පු එකක් හලා ගත්ත වැඩේට මොක ද වුනේ...?? උන්නාන්සේ එසේ ඇහුවා ම මං උඩ බිම බැලුවා. පස්සේ හොයලා බැලින්නම් අපේ දේවකී අක්කා පරිප්පු බාස්කට් එකක් සාරියේ හලාගෙන. ගයාන් අයියා අල්ලපු අඩව්වක් නිසා අක්කා පරිප්පු නාපු බවයි වාර්තා වුනේ. කොහොමින් කොහොම හරි ගයාන් අයියාට දේවකී අක්කා වෙනුවෙන් අලුත් සාරියක් දෙන්නත් කටයුතු සිද්ද වුනා.

අපරාදෙ කියන්න බෑ සියලුදෙනා එක්සත්ව වැඩ කළා. ඒක නිසා දානය ලොකු ගැටලුවක් වුනේ නෑ. ඉතිරි වුන දාන සියල්ල පැකට් කළ අපි කොට්ටුන්න ප්‍රදේශයේ ගංවතුර නිසා අවතැන් වූ ජනතාවට යවන්න කටයුතු කළා. එම රථ පෙළපාලිය අහවර කළායින් පස්සෙ ඇවරිතුමා ගෙදර සම්පාප්ප වුනේ මෑණියන් වෙනුවෙන් තමුන් හදන්නට බාර ගත් අටපට්ටම අලවා දමන්නට. එන ගමනේ දී ඇවරිගේ බාප්පාතුමා හෙවත් ජොනතන් ජයාගේ වෙසක් බුටිකයෙන් සව්කොළ හේම කාරිය ගත්තා. ඇවරි කලින් දා පොඩ්ඩක්වත් ඇහැ පියෙච්වෙ නෑ. මොකද කූඩුව බඳින්න තිබුණනේ. පස්සේ ටිකක් ඇල වුනාට මොකෝ ඇල ගඟ වුනා. නැඟිටලා ශිෂ්‍ය නායකයන් ඉදිකළ දර්ශනීය වෙසක් පහන් කූඩුව බලන්න ගියා. එහි වැඩ අවසාන වී තිබුණෙ නෑ. එතනින් කෙළින් ම ගියේ මාකොළ තොරණ බලන්න. ඒ දවස අවසානයි. වෙසක දා කළ වැඩ වගේ ම අපිට මඟ හැරුණු වැඩත් එමටයි. ඒ අතරින් ගයියා හා සුගීගේ බත් දන්සැල් දෙක, ඉන්ද්‍රානි මැතිනියගේ පෙර පාසල් දරුවනගේ පෙරහැර ආදී කටයුතු මඟ හැරුනා. ඇවරිගේ වෛශාඛ ප්ලෑන්ස් අහවර වුනේ ඒ විදියට.