Sunday, June 19, 2016

කටු බොඩියෙන් වැඩ ගැනීම හෙවත් වෛරසක් හා සති දෙකක් කල් ගෙවීම



ලෙඩ පාටක් ඇත්තෙ ම නෑ..! :)
පහුගිය දවස්වල ඇවරිතුමා අතිශය කාරය බහුල වූ නිසා සලාද කිහිපයක් ම ලියන්න මඟහැරුණා. මොක ද ඇවරිට රාජකාරී වශයෙන් ලංකාවට එන ක්රකට් කණඩායම් දෙකකත් අපේ සුපුරුදු ඩෙසටිනේෂන් වෙඩින් පැකෙජ් දෙකකත් වැඩ එකවිට සිදු කරන්න වුන නිසා හරිම අවිවේකී කාල පරාසයක් තමා ගෙවුනේ. මාස්ටර්ස් කරගන්න කියලා අම්මා කෑ ගහන නිසා ඒ වෙනුවෙනුත් කාලය යොමු කරන්න ඕනෑ ය කියලා අදහසක් ඇවරිතුමාට තිබුණා. කොහොමින් කොහොම හරි ජුනි මාසෙ ඇවරිතුමා පුංචි පහේ ඇකඩමික් වෙන්චර් එකකටත් රැජිස්ටර් වුන නිසා තවත් වැඩ එකතු වුනා. 

මඟ හැරුණ සලාද නම් වශයෙන් මේවා. 

- මාවතේ ගායනය හෙවත් කවිකාරියේ සින්දු කියනා ළදේ ජාගොඩ වර්ෂන්
- පොල් වත්තේ ඉත්තෑවා මස් කිරීම හෙවත් මන්ත්‍රී රගාගේ හෝම් කමින් සලාදය
- මෙනි හැපී රිටර්න්ස් ඔෆ් ද ඩේ හෙවත් සතුරාගේ උපන් දිනයට මිතුරාගේ සුබපැතීම
- අයිස් පෙට්ටියේ ජාතකය සෙවීම හෙවත් ඒජන්තවරයාගෙන් ම පමණක් මිලදී ගැනීමේ න්‍යාය
- කැලණියේ ශිෂ්‍ය අරගලය හෙවත් උදේ දිවා නොව දැන් මහ රැයේත් මහපාරේ ජෝගි නැටීම

මේ සලාද ටික ලියාගෙන හැකි ඉක්මණින් පළ කරනවා ඇත්තට ම මේ ලියන මොහොත වන විට අපි පොසොන් සලාදයත් ලියන්න කටයුතු ලෑස්ති කරගන්න ඕනා. කොහොම නමුත් පොසොන් දවසේ ඇවරි එච්චර සනීපෙකින් නෙවෙයි හිටියේ. 

ඒ සතිය පුරා ම ඇවරිතුමා වෛරසයක් එක්ක බොහොම යහතින් සහජීවනයෙන් කටයුතු කළා. ඇත්තට ම ඇවරි උණ හැදුනා ම පැනඩෝල් බීම අතහැරලා හුඟක් කල්. ඒ ටිකේ මං ගොඩක් ශරීර පුෂ්ටියෙන් කෙට්ටු වුනා. ඒක බොහොම අමාරු කලායක් මගේ මැෂින් එක බෑ බෑ කිය කිය වැඩ කරපු කාලයක්. 

හැබැයි ඒ හැම වෙලාවෙ ම මං මෙඩිටේට් කලා. එයාව තේරුම් අරන් කන්න බොන්න දුන්නා. ඒත් සමහර වෙලාවට මගේ ඇඟ කෑම නැතිම වුනා ම බීම මුකුත් නැති වුනා ම ඩිහයිඩ්‍රේට් වෙලා වමනෙට එන තරම් ම ඩවුන් ගියා. ඒකත් මහපාරෙ. හැබැයි කවදාවත් මාව ඇඳට කරලා අකුලලා තියන්න එයාට ඕන වුනේ නෑ.

ඒ වෛරස් එක හරි අමුතුයි. එයා එකපාර ඇඟ ම උණ ගන්වනවා. ආයෙත් පැය බාගයක් නිදා ගත්තා ම සියල්ල ඩවුන්. එයාට ඒසී එක පෙන්නන්න බෑ. කට තිත්ත කරවනවා. හැබැයි ඇති වෙන්න කන්න පුළුවන්. ඒ කෑවත් පැය දෙකක් ඇතුළත ආයෙත් බඩගිනියි. කොටින් ම බඩ ඇකිලිලා වොමිට් වෙන්න සිග්නල් කරනවා. ඒ කියන්නේ එයාට තව කෑම ඕන. ඒ කෑව ම නිදිමත එනවා. හෙම්බිස්සාව පැසවලා. කැස්සත් තියෙනවා. කොහොම වුනත් මාව කෙලින් තියන්න තරම් වෛරස් එක කාරුණික වුනා. මං ඒකා කියපු කිසිවක් මායිම් කළේ නෑ. 

සමහර සප්ලයර් මීටින්ස් වලට මා යා යුතුම වුනා. එතකොට මං ගොඩක් හිත තද කරගත්තා. ලෙඩෙක් නැති ගානට හිටියා. නමුත් ආයෙත් ඔෆිස් ඇවිත් පැය කිහිපයක් නිදා ගත්තා. කොටින් ම මට ඒ කාලෙ වෙන කිසි දෙයක් ඕන වුනේ නෑ. ෆෝන් චාර්ජ් කරන්න හරි ම කම්මැලියි. කළුබෙරියා කීයට ඩෙඩ් වුනා ද කියලා මං දන්නෙ නෑ. සියලු සම්බන්ධතා ඊ මේල් මාර්ගික වුනා. වෙලාවට වාහන ආව. නැංගා ගියා. ටීම් එක චෙක් කළේ මගේ පික්අප් එක විතරයි. මං වෙලාවට නැංගා නම් ඉතිරි වැඩ ටික හරියට යයි. 
 
ආහ් අපේ කට්ටියගේ බල කිරීම නිසා මං ලේ සාම්පලයක් ගන්න ගියා. හයියෝ නර්ස් නෝනා මුලින් ම වමට විද්දා. ලේ ආවෙ නෑ. ඊළඟට දකුණට විද්දා. මං දත කාගෙන හිටියා. ඇත්තට ම ඒ සති කීපය මට දරා ගැනීම කියන එක හොඳට ම පුහුණු කරපු කාලයක්. මං මගේ කටු ඇඟට හුඟක් ආදරේ කරන්නෙ ඒකයි. එයා කවමදාකවත් මට බෑ කියලා නෑ. ෆුල් බොඩි චෙකප් එකක් දාලා අඩුම දවස් තුනක්වත් හොස්පිටල් ඉඳලා ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරගන්න ඕනකම හොඳට ම තිබුණත් වෙලාවක් නෑ. 

කොහොම නමුත් ඉක්මණට ඇඟට නිදහසක් දෙන්න ඕන. මොක ද එයා වුනත් දරා ගන්න සීමාවක් තියෙනවා. තවත් වද දෙන්න මං ආස නෑ. මොක ද මගේ කටු බොඩිය මං වෙනුවෙන් ඇති වෙන්න මෙහෙ කරලා තියනවා. හොඳම දේ එයා කවදාවත් බෑ කියන්නේ නෑ....!
  

2 comments:

  1. කටු බොඩි වලට ලෙඩ අඩු යි..

    ReplyDelete
  2. ඒකනම් එහෙම තමයි..

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....