Monday, January 13, 2020

යාත්‍රිකයාගේ නික්ම යාම හෙවත් අයිස් කන්දේ පතුළට කිමිදීම....





මේ සදාලයට නිමිත්ත වෙන්නේ මේ ලඟක දි අප අතරින් වියෝ වුන නිපුන මධුසංඛ හිත මිත්‍රයා ගැන. හැමෝ ම මෑන්ස්ව දන්නේ ශාන් එම්.කේ නමින්. රාගම ආසන්නයේ අනාරක්ෂිත රේල් ගේට්ටුවක් ළඟ වාහනේ නතර කරලා හදිස්සියට වාහෙන් දාද්දි සිදු වූ මාරක රිය අනතුරක් නිසා නිපුන අපි අතරින් නොඑනා ගමන් ගිහින් තිබුණා.

සාමාන්‍යයෙන් ඔහු වේගයෙන් රිය පදවන්නෙක් නෙමේ. උගේ වැඩවල පොඩි කලාවක් තිබුණා. සටහන් පොත්වල වුනත් ඉරක් අඳින්න අඩිරූල ඕනවෙන. වැරදුනා ම ටිපෙක්ස් කරලා වේලෙනකම් පොතට පිඹින චරිතයක් තමා නිපුන. අපේ තවත් පාසල් මිත්‍රයෙකු වුන පුබුදු පුබ්බාගේ මළගේ දවසේ අන්තිමට අපි එකට ආව මතකයි.

නිපුන මුලින් ම මට හම්බුනේ හය සී පන්තියේ දී දහය බී පන්තියේ ඔහු ගැන ඇති මතක තමා වැඩියෙන් ම මතකේ ඇඳිලා තියෙන්නේ. මට වගේ ම මගේ අනෙත් බැච් ෆිටානණ්වන පැලා සහ රවීන් දෙදෙනාටත්. අපි හයේ ඉද්දි ම නිපුනගේ තාත්තා නැති වුනා. ඒ දවස්වල ගෙවල් තිබුණෙ කොටුවෙ රථවාහන පොලීසිය ළඟින් තියෙන අතුරු පාරක. මට තාමත් මතකයි. ඒ ඇන්ටි මාර ශක්තිමත් මාතාවක්. කොහොම හරි පසුකාලීනව අපේ පාරවල් වෙනස් නිසා ඔහු මුණගැහෙන්න ම නැති තරම්.

ඔය අස්සේ එක දවසක් රවීනයා හම්බුනා ම නිපුන ගැන කතාවක් ආරංචි වෙනවා. උඹ උගේ සින්දු අහලා තියෙනවා ද බං. අයියෝ සංසාරේ මළ අඳෝනාවක් යකෝ ඒක. පටන් ගත්තු තැන ඉඳන් වැළපෙනවා. හිටහන් මං ලින්ක් එකක් එවන්න. කෝමත් ඇවරිතුමාට දැන් කාලෙ හැදෙන සින්දු දිරවනවා. මොක ද බස් එකේ අඩු ම දවසට පැය දෙකක්වත් සින්දු ඇහෙනවා නේ. ඒවා හිතට එන්නේ නෑ. වැදිලා යනවා. සින්දුව කෙසේ වෙතත් නිපුනගේ කටහඬ අහන්න ආස හිතුනා. කොච්චර වුනත් ඒ දවස්වල නිතර කෑ ගහපු එකෙක් නේහ්!

ඔය අතරේ රවීන් නිපුන ප්‍රසන්ට් කරපු සියතේ රික්වෙස්ට් ෂෝ එකකත් ලින්ක් එකක් දාලා තිබුණා. ඒකෙ කෝල් ගන්න වුන් නිපුනව බයිට් කරන සීන් එහෙමත් තිබුණා. ඒ මොක වුනත් එකක් මම දැනගෙන හිටියා. නිපුන එදා ඉඳන් ම වටේ පිටේ උන් කියන ඒවා එච්චර හිතන මිනිහෙක් නෙමේ. ඒ වගේ ම ප්‍රසන්ටින් වලට ඔහු හයේ පන්තියේ විතර ඉඳන් ම දක්ෂයි. දක්ෂයි කියන්නේ කවුරු මොනවා කිව්වත් උගේ පිටපතකට උගේ රිදම් එකකට වැඩේ කරගෙන ගියා. එඩිටර්ස්ලා මොනවා කිව්වත් අදාළ නෑ බේබි.

මට මතකයි හයේ උදය රැස්වීමක් කරන්න ගිහින් ඕකේ පිටපත ලියද්දි දැන් මේ සභාව ගීතයකින් මල්ඵල ගැන්වීම සඳහා අපේ ආරාධනය... කියලා නිපුන ලියලා තිබුණා. පිටපතේ හැමතැන ම මූ ලියලා තිබුණෙ මල්ඵල ගන්වන සීන් එකක්. ඒ මේ වචනේ වැඩියි බන්. එහෙම නෑ යකෝ ඒක ට්‍රෙන්ඩින් වෙන්නයි යන්නේ. අන්න ඒ වගේ අමුතු ම මාලාලංකාරයක් පොරගේ තිබුණා. පස්සේ පස්සේ වැඩ කරද්දි ඒ උගේ විදිහ කියලා අපි තේරුම් ගත්තා වගේ ම උගේ සමහර සංස්කරණයන් බොහොම කුළුපග සහ විචාරාත්මක වූ බවත් කිව යුතුයි.

අපේ තවත් පන්ති සගයෙක් වුන පුබුදුගේ මළගේ ඉවර වෙලා හත් දොහේ දානෙදි නිපුන හාල් පරිප්පු වගේ දානෙට බඩු වගයක් ගෙනත් දීලා තිබුණා. අපි සල්ලි දෙද්දි ඌ ඉස්සර වෙලා. ඇවරිට නිපුනගෙ තාත්තා තායිවාන් පොඩි කහපාට ට්‍රක් එකක් තෑගි දීලා තිබුණා. ඒක අර බම්බල් බී වගේ රොබෝ කෙනෙක් කරන්න පුළුවන් පුංචි සෙල්ලම් බඩුවක්. දොරවල් දෙක එළියට ඇරියා ම අත් දෙක වෙනවා. කොටන් ම වාහන රොබෝවෙක්. මේ මෑතක් වන තුරු ම මං ළඟ ඒ සෙල්ලම් කාර් එක තිබුණා.

ඔහු අම්මාට බොහෝ ආදරේ කළා. ඊටත් වඩා පුංචි ළමයින්ට ආදරේ කළා. ඔහුගේ පුද්ගලික ජීවිතේ ගැන මුකුත් ම නොලියන්න ගියත් පුබුදුගේ මළගේ ඉවර වුනා ම අපි කතා කරද්දි නිපුනයා සිරා ම කතාවක් තිබුණා. මචං මං ඉඩමක් ගත්තා ඉංගිරියෙන්. මට ඕන ඒකෙ බිල්ඩිමක් හදලා ඉස්කෝලයක් හදලා අනාථ ළමයින්ට උගන්නන්න. ඒ වෙද්දි ඇවරිතුමා ප්‍රනාව් පුන්‍ය පදනමේ වැඩ කරන බව නිපුන දැනගෙන හිටියා. උඹට බෝර්ඩ් එකට සෙට් වෙන්න පුළුවන් ද? මම ප්ලෑනකුත් ඇන්දුවා බන්. දවසක යමන් ඉඩම බලන්න උඹ ආස වෙයි දැක්කා ම. අන්තිම කාලෙ හරි වැඩක් කරන්න ඕන මචං. හරි දැන් ඇයි මට ඕක කියන්නේ? හු** උඹ එදා ඉඳන් ම මගේ මෝල් වැඩවලට සප් එක දුන්නා. මතකනේ උදේ රැස්වීමෙ මල්පල සීන් එක.

අර ටී.වී එකේ බයිලා කියන, මියුසික් වීඩියෝවල හොටු පෙරාගෙන අඬන, පස් කාගෙන වැළලෙන, ශාන් එම්.කේ හෙවත් නිපුන මධුසංඛ ඇතුළේ මෙන්න මේම අති දැවැන්ත චරිතයක් ජීවත් වුනා. ඇත්තට ම නිපුන තමන්ගේ ටාර්ගට් එකට යන්න ලෝකයට ඉස්සරහා මෝඩයෙක් විදියට රඟපෑවා. ඔය උඩ කතාව කියපු වෙලාවෙ ළහිරුත් මමත් ශානකත් කාර් එකේ හිටියා. අපි කතාවෙන් බෝම හිමින් සින්දුවක් කියාගෙන ආවෙ. ඇක්සිඩන්ට් එකක් කිව්ව ම මූ නම් හයියෙන් ගිහින් හැප්පෙන්නෑ කියලා මම ගත්කටට ම කිව්වෙ සින්දුවක් මුමුණගෙන චිල් එකේ ඩ්‍රයිව් කරන එක නිපුනයගේ සිරිතක් නිසා. අයිස් කඳුවල උඩින් පේන ප්‍රමණයට වඩා යට තියෙන කොටස වැඩියි කියලා ඇවරිතුමා අත්දැකීමෙන් කියන්නේ ඒකයි.

අනතුරෙන් පස්සෙත් පැය කිහිපයක් ජීවත්වනු නිපුන බෝම ශාන්තව සැතපිලා හිටියා. මල පැන්නම රතුපාට වෙලා ලේ පිරෙන කම්මුල්වල අනතුරේ කැළැල් තිබුණා. කැඩුණු දත පෙන්නලා මෝඩ පාටට හිනාවෙන, හැමතිස්සෙ ම කණ්ණාඩිය බලලා කොණ්ඩෙ හදන, ඇහි බැමේ කැළළ වහගන්න විලාසිතාවට ඇහිබැම හදපු ඒ සුකුරුත්තන් ජීවිතේ ඇතුළෙ දිගක් පළලක් හරියට ම කියන්න නොදන්නා මහා ආත්මයක් නිදන්ව තිබූ බවත් ඇවරිගේ සුපුරුදු කාර්ය බහුලත්වය මත හිදිසි අනතුරකින් මියෙනා තුරු ඔහුට එකදු ඇමතුමක් හෝ දීමට නොහැකි වූ බවත් අතිශය ආත්ම කම්පාවෙන් සටහන් කර තැබිය යුතුයි!

උපදිනා ජාති දක්වා මෙවන් අකල් වියෝවක් නොවී උතුම් නිවන් සම්පත් සාක්ෂාත් කරගන්නට වාසනාව ලැබේවා! සුබ ගමන් මිත්‍රයා...    


Friday, January 10, 2020

2020ට ආවඩා ආයුබෝ කීම හෙවත් පුංචි පැංචියන්ගේ මුහුරත් උළෙල


ඇවරිතුමාගේ අලුත් නව වසරේ මුල් ම සලාද අතර එන සුපුරුදු කතාවක් තමා පළමු ශ්‍රේණියට ළමුන් භාර ගැනීමේ කතා වස්තුව. හැමදාමත් ලියැවෙන නිසා මේකේ අමුත්තක් නැති වෙන්නත් පුළුවන්. ඇවරිගේ ලේකම්තුමියක් තමා මරු කතාවක් කීවේ. දැන් මෙදාපාරත් ඔයාගේ යාළුවෝ ළමයි අරං එයි නේද දහම් පාසල් දාන්න. හේ හේ ඒක දැන් සාමාන්‍යකරණය වෙලා අනේ. එකෙක් හරි ඉන්නවා ඉන්ටර්වීව් එකේ. ඇයි එහෙම අහන්නේ? නෑ වයසයි නේ ද දැන්? මියැසි ආයෙත් නක්කලේ දානවා.
2020 පුංචි පැංචියො අහුර...

මේමනේ මැඩම් ඔයා අල්ලගත්තු තැනයි වැරදි එක්කෝ අපි ජාතියට ළමයෙක් හදන්න ඕනෑ. නැත්නම් ජාතියේ දරුවන්ට සේවය කරන්න ඕනෑ. දෙකම පුළුවන් නම් වඩා හොඳයි. (හැබැයි මේ ටික ඇවරි කිව්වේ ඉංග්‍රීසියෙන්.) කිව්වත් වගේ මෙදා නම් අලුතින් යාළුවන්ගේ දරුවෝ ඇවිත් හිටියේ නෑ. වෙනදා වගේ ම බුදාරාවෝ ළමා පාර්ට් එකෙන් වැඩසටහන මෙහෙය වීමට ගත්තා. ඇත්තට ම ඉරිදාත් දේශන යෙදුණු නිසා ඇවරිතුමාට මෙදා මේ වැඩේට සක්‍රිය ව දායක වෙන්න වුනේ නෑ. අපේ ඉන්ද්‍රාණි ටීචර් සහ මනෝරි අක්කා තමා වැඩ සියල්ල සංවිධානය කළේ. 



ඒ කොස්ටියුම් එකට මං කැමතියි... මාර නීට් ඒ අතිං..


හැබැයි මෙදා පාර අලුත් ම ගුරුතුමියක් බොහෝ වැඩ කරලා තිබුණා. ටිකක් අභියෝගාත්මක නැටුම් තුනකුත් එක්ක. ප්‍රභාවී තමා ඒ හපන්කම කළේ. මෙච්චර කාලයක් පූජා නැටුම කරලා දීපු අපේ ගයනි අක්කාට නිවාඩුවක් හම්බවුනා. ගයනි අක්කාත් ඒ නැටුම් ගැන ගොඩාක් වර්ණනා කළා. ඇත්තට ම පොඩි උන්ගේ ඩාන්ස් එකක කොරියොග්‍රෆි කියන්නේ පට්ට වහක් බේබි. නමුත් ප්‍රාභාවි ගාණට වැඩේ බැලන්ස් කරන් තිබුණා. ඇඩෙන ම කාරණේ ඒ වෙනුවෙන් ම සැකසුණු ඇඳුම් පැළදුම් එක්ක. අපි තවත් වත්කමක් එකතු කරගත්තා කියලා හිතෙනවා.



ලස්සන පොල්තෙල් පහන අමිල අයියා සහ වින්දනාවෝ මෙහි වෙති...



හැමදාමත් වගේ ලංකා බැංකුව අපේ පොඩ්ඩන්ට තෑගි දෙන්න ආව. අලුතින් එකවසරට ගන්න හැමෝට ම තෑග්ගක් දෙනවා. තව අපේ ප්‍රධානාචාර්ය හාමුදුරුවොත් පිරිත් නූල් බඳිද්දි අතට තෑග්ගක් දෙනවා. ඒවා චාරිත්‍ර ඉතිං. කවුරුත් ඇඩුවෙනෑ මේ පාර. කෑම මේසයකුත් ඇරලා හැම පන්තියේ ම දරුවන්ට පුංචි සංග්‍රහයකුත් පළමු ශ්‍රේණිය හා දෙවන ශ්‍රේණිය එකතු වෙලා එදාට දෙනවා. කොටින් ම අපි හැමෝ ම අලුත් දරුවන්ව සමරනවා. මෙදා ලාංජනය වුනේ මාළුවෙක්. ඒක ආදරේ පිරුණු දවසක්. තව ලස්සන පොල් තෙල් පහනකුත් හදලා තිබුණා.



හැමදාමත් වගේ නව වසරේ ඕපනින් සලාදය චාරිත්‍රානුකූලව මේම පටන් ගන්න අතරේ ඔබ තමුන්නාන්සේලාගේත් කරන කියන රැකි රක්ෂා කටයුතු, අධ්‍යාපනික කටයුතු ආදී සියලු යහපත් පැතුම් ඉටුවේවා යි ඇවරිතුමා ප්‍රාර්ථනා කරනවා. දැන් ඉස්සර වගේ දිගට ලියන්න කම්මැලියි. පින්තූර කතාන්දර තමා වැඩි. 2020 කිව්ව ම ගැම්මක් තියෙනවානේ. 

ඉතිං අපි බලමු. වෙනසක් වෙයි!!!

Thursday, December 26, 2019

කතෝලික සම්භව විවාහ සම්ප්‍රදාය හෙවත් නත්තලට පල්ලි යාම.



පහුගිය විසිහතර වෙනිදා නත්තල් කටේ ඇවරිතුමා අනිවාර්ය රාජකාරි වෙනුවෙන් වාර්තා කරලා තිබුණේ ස්විස් ඒජන්තවරියක් මුණගැහෙන්න යන්න. ලංකාවේ පහුගිය දවස්වල ප්‍රසිද්ධ ස්විස් අක්කා ප්‍රැන්සිස් වගේ අහලකින්වත් නොයන මේ සුරුපී ලලනාව ඇවරිට බැලන්ස් කරන්න වුනේ බෙලිහුල්ඔය ගිහින්. පිස්සු නැත්නම් සෝක් ආයිබෝන්. මොනා කරන්න ද යන්නෙපෑය.

කොළඹ එද්දි හතර විතර වුනා. අපේ ඔපීසියේ බහුතරයක් දෙනා කතෝලික හෝ කතෝලික සම්භව නිසා බොහෝ වර්ක්ස්ටේෂනස් පාළු වෙලා. ඒ අතින් ක්‍රොස් කල්චර් මැරේජස් එහේ ගොඩක් තියෙනවා. තාත්තා බුද්ධාගම අම්මා කතෝලික නැත්නම් අනික් පැත්ත වගේ ම තාත්තා මුස්ලිම්, අම්මා බෞද්ධ දැන් ඉස්ලාම් වගේ ම තාත්තා දෙමළ අම්මා බෞද්ධ දැන් තාත්තාත් බෞද්ධ වගේ සම්පූර්ණ වෙනස් විවාහ ඇති හදවතින් ම සිරිලාංකික රාජකාරී පරිසරයක් එහි ඇත්තේ. 

කොටින් ම ඇවරිගේ සුපීරියර් තුමාත් රෝ.ක හැබැයි වෙසල් එකේ ඉස්සරහ ඇත් දළ දෙකකින් වට කරපු බුදු පිළිමයක්? චීෆ් ඔයා කැතලික්? එතකොට සීයාගේ සියවෙනි උපන්දිනේ ට ගිය සතියේ දානයක් දීලා මේ පිරිත් නූලක් බැන්දේ? මං රෝමානු කතෝලික නෝනා බුද්ධාගමේ. ළමයි බෞද්ධ හැබැයි ඉරිදාට පල්ලි යනවා. මම ඉරිදාට පල්ලි යනවා සලාක දානෙත් පන්සලට දෙනවා. ඒක තමා කාර් එකේ පිළිමයක් තියෙන්නේ. හා ඒක වයිෆ් තියපු එකක්. ඇයි උඹ ඊට උඩින් කුරුසයක් එල්ලෙනවා දැක්කෙ නැද්ද? හෑ.

එතකොට ගෙදරදි ආගම ප්‍රශ්නයක් නෑ? අපි ඒවගේ හරියට නොදන්න දේවල් ගැන වාද කරන්නෙ නෑ. මං දෙයියො ඉන්නවාද කියලා ලොකුවට හොයන්න යන්නේ නෑ. වයිෆ්ටත් මේ ආත්මේ නිවන් දකියි කියලා ලොකු විශ්වාසයකුත් නෑ. හැබැයි දෙන්න ම ඕනෑ ම වෙලාවක ආගමික වැඩවලට පන්සල් පල්ලි යන්න වුනොත් යනවා. ඒ අතරේ අපේ අනෙක් බඩී මෂ්කිගේ පළමු මිඩ් නයිට් මෑස් එක. බඳින්න කළින් නම් එයා රෑ පල්ලි යන්න කලින් කතා කරලා මං නිදා ගත්තා. මේ සැරේ මං එයා එක්ක යන්න එපැයි. ගවුමකුත් අලුතින් ගත්තා. මට බය නිදිමතේ ඇදන් වැටෙයි ද කියලා. ආහ් බය වෙන්න එපා බ්ලෙස්ඩ් වොටර් දාද්දි ඇහැරෙයි. ඒ අතරේ අනෙක් අය මෂ්කිව පුරුදු කරනවා. දැන් ෆාදර් ළමයින්ව බැප්ටයිස් කරනවාද කියලා ඇහුවොත් ඔව් කියන්න. එකෙන් ම ඔව් තමා. ඊළග නත්තතලට අපි ලංකාවෙ ඉඳී ද දන්නෑනේ??   

අර විවාහයෙන් පස්සෙ ඉස්ලාම් වුන හෙළ බොදු කතත් එක්කත් ඇවරි ෆෝරම් එකකදී කතාබහ කළා. ඒ දැරිවි හොදට දහම් පාසල් ගිහින් ධර්මය අභිධර්මය ගැන පාරප්‍රාප්ත කෙල්ලක්. දහම් දැනුම ඉවෙන්ට් එකට කරලා කප් ගහපු පොරක්. අපි සෑහෙන්න කතා කළා. ඈට ඇඩෙන තරමට. සමහර විට අපි කලින් මුණගැහුණා නම් මගේ තීරණේ වෙනස් වෙන්න තිබුණා. එහෙම හිතන්න එපා. මේක චාන්ස් එකක් කරගන්න. මං රතු පල්ලියටත් ගියා ගිය සතියේ. ඇවරි කතාව වෙනස් කළා. මං හිතන්නේ ඔයා ඔය හස්බන්ඩ් හදලා දීලා තියෙන බබල් එක ඇතුළෙ ඉන්නකම් ආරක්ෂිතයි. හැබැයි බහුතර මුසල්මානුවො ඒක පුපුරුවන දවස වැඩි ඈතක නෙමේ. ඔව් දැන් මං ඉස්ලාම්. අම් නොට් අ රේසිස්ට්. ඇවරි පිළිවදන් දුන්නා.   

සිංහල දමිළ විවාහයත් පට්ට ලල්. අපේ ඉවෙන්ට්ස් ගොඩකදි මට ඒ ජෝඩුවත් හමුවුනා. ටීම් එකේ දී ඒ කොල්ල මාර කෙයාරින්ග්. අපි හැමෝම ගැන. මං දෙමළ දන්න නිසා හැකි තරම් දෙමළ කට්ටියට දෙමළින් කතා කරනවා. එයාලගේ ස්ලෑන්ග්ස්, ඩබල් මීනින්ග් වුනත්. තව සින්දු ට්‍රාන්ස්ලේට් කරන්න වගේ වැඩ. ට්‍රිප් එකක අපි රවුඩි බේබි ගතියට ම කිව්වා. එතකොට එයාලා අපිට රිලේට් වෙනවා. වැරදි උන් ම හදනවා. ඒකට අපේ සිංහල කෙල්ල තමා කම්මැලි ආච්චි. අනේ මට බෑ දෙමළ ඉගෙන ගන්න. ඒකට මං එයාව සිංහල කරන්න ට්‍රයි එකක් දෙනවා. අනේ මෝඩියේ ඒ රාජකීය පුත්‍රයා කෝමත් සිංහල දන්නවා. ඔයා දෙමළ ඉගෙන ගන්න එකයි වටින්නේ. පිස්සු ද අනේ අපි දෙන්නගේ සාමාන්‍ය බාසාව එක්කො ඉංග්‍රීසි නැත්නම් ප්‍රංස. ආහ් ඔව් මට අමතක වුනානේ ප්‍රංශුවා.

මගේ රස්සාවෙ මං ප්‍රියත ම පාර්ට් එක මේක. එක එක භාෂා ආගම් සිරිත් විරිත් චාරිත්‍ර බොහොමයක් ඉගෙන ගන්න. රට රටවල් ගැන දැනගන්න එක වෘත්තිය අවශ්‍යතාවක්. මෙදාපාර ෆ්ලෝර් එකේ නත්තල් ගහ දැම්මෙත් අපි. ඇවරිතුමාට මෙදා පාරත් රෑ දොළහට පල්ලි යන්න වුනේ නෑ. ගෙදර ඇවිත් නිදාගත්තු නිසා. සමහර විට ලබන අවුරුද්දේ බකට් ලිස්ට් එකෙන් ඒක අයින් කරන්න පුළුවන් වෙයි. හැබැයි එන සෙනසුරාදා කුලියාපිටි යද්දි නම් නත්තල් අසිරිය හොඳින් ම සමරන්න පුළුවන්.

ලැබුවා වූ නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. කාදිනල්තුමා කටුවපිටියට ගිහින් කළ සංවේදී දේව මෙහෙය ඇවරි නැරඹුවා. පුද්ගලික නාලිකා දෙකක ක්‍රියාකලාපය දෝෂ දර්ශනයට ලක්වීමත් බොහෝ කතාවුන මාතෘකාවක් වුනා. කොහොම නමුත් නත්තල අපේ ආදරය බෙදා දෙන කාලය. නත්තලට අපි විශේෂයෙන් කලේ ටිකක් පිස්සු වැඩක්. ඇවරි ඔරලෝසු පරිත්‍යාග කළා ළඟ ඉස්කෝලෙක ගණිතාගාරයක් වෙනුවෙන්. නත්තලත් එක්ක ඕලෙවල් ඉවර වුනා ම අපි ප්‍රදානය කරන ශිෂ්‍යත්ව වැඩසටහනට ළමයි හොයන්න ඕනෑ නේද කියලත් මතක් වුනා.

බාලයන් මා වෙතට එන්න ඉඩ දෙනු කියා - කියයි අදත් ඒ ජේසු තුමා.... අන්තිමට පල්ලි ගිය කාලෙ කියපු කැරොල් තාම මතකයි. ඒ මාබිම කල්වාරියේ දී. නැවතත් ඉක්මණින් එහි යායුතුයි.!!   

අහෝ සුවපති නොදිටි මොක්පුර...



මේ දිනවල රහස් පොලීසිය සමඟ හොරා පොලිස් ගේමක් ගසනා හිටපු සුවපති රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කර පැය හතළිස් අටක් ගෙවී ඇතත් ඔහු ආගිය අතක් නැත. රටේ සියලු දෙනා දන්නා අඳුනන රාජිත ජීව ග්‍රහයෙන් අධිකරණයට ඉදිරිපත් කොට දඬුවම් ලබා දීමට තරම් වැඩ කරන අපේ විරුවා කිසිදු ආයාසයක් නොදැරීම සතුටට කරුණකි. අවශ්‍ය වන්නේ වැරදිකරුවන් මර්දනය කිරීම නම් එය දැන් සිදු වී හමාරය. තවත් සොයාබලා අත්අඩංගුවට ගෙන මාධ්‍ය සන්දර්ශන පවත්වා ක්‍රියාපටිපාටිය දිග්ගස්සන්නට රාජිත කෙනෙක් නැත. අඩුම තරමින් ඔහුගේ මිනියවත් නැත.  

හාස්‍යට කරුණ නම් රාජිතට වරෙන්තු නිකුත් කෙරුණේ සුදු වෑන් සිද්ධියක් සම්බන්ධයෙනි. සුදු වෑන් මගින් පැහැරගත් සියල්ලන්ට කතාවක් හා එහි යාමට හේතුවක් තිබුණේ වී නම් රාජිතට සුදු වෑන්වල යාමට ශුද්ධ වූ අයිතියක් ඇත. රාජිතගේ කුණුපය ගැන වද වෙනවාට වඩා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගොස් සිස්ටම් එක ස්ට්‍රීම්ලයින් කිරීම වැදගත් වැඩකි. කුණු ලොරිය නිහඬව කුණු රැගෙන යනු මිස ඒ කුණු වලට කුමක් කරතැයි අපට කියන්නේ නැත. රටවැසියන් ලෙස අපට අවැසි වන්නේ කුණු ඉවත්වීම මිස එය සිදුවන හැටියක් නොවේ. ඉඳින් රෝම වැසියනි සීසර් කුණු ඉවත් කර ඇත.     

තවත් ඔබට රාජිත ම අවශ්‍ය නම් අතුරුදහන් වූවන්ගේ කොමිසටමට නොපමාව දන්වන ලෙස මතක් කර සිටිමි!

ඔල මොල රුපුන් දප මැඩ පෑ උපා නැණ - කළ මුළු ලක්දිව එක් සේසත් සෙවණ

Wednesday, December 25, 2019

පර්කෂන් තලා භාත්කණ්ඩයේ එස්රාජ් ගැසීම හෙවත් මගේ කාලයේ ගුත්තිලයන් දෙදෙනා හමුව....




මේ කතාව ලියැවෙන්නේ ආලෝක වර්ෂ බර ගාණකට පස්සේ 2019 අවුරුද්ද ඉවර වෙන්න ඔන්න මෙන්න කියල තියලා. සලාදය නොලියනවා කියලා කනු කුනු ගාණ අයට කියනන්න තියෙන්නේ ඒ නිසා ඇවරිතුමාගේ සවුක්කියත් අන්තෙට ම පිරිහෙලා කියලායි. හරියට නිකන් අතපය තලා දැම්මා වගේ පුල් මාර්වලස් පීලින්ග් එකක් එන්නේ සලාද නොලියවුන නිසා වෙන්න ඕනෑ.

2019 කියන්නේ සලාද ලියන්න තරම් ගුවන් තොටිල්ල ප්‍රශ්න නැතිව යාත්‍රා කරපු කාලයක් නෙමේ. රැකියා වෙනස, ඉරිදාත් වැටුණු දේශන මාලා, කන්සල්ටන්සි සේවා සහ ඇවරියානෝ සිහිනය ආදී බොහෝ හැල හැප්පීම් මත කාර්ය බහුලව ගෙවුනු කාල පරිච්ඡේදයේ දුක්ඛ දායක ම කතන්දරේ ආරාධිත සලාද මඟහැරීම. මේ ආරාධිත සලාද කියන කැටගරියේ එන්නේ ඇවරිතුමා අනිවාර්ය සේවා ලියා තැබිය යුතු දින සටහන්, සැමරීම්, මතකයන් වගේ ලල් සලාද සැට් එකක්. කෝම නමුත් ඇවරිතුමා අලුත් තැන පුල් ආසික් සුප්පෙක් යටතේ රාජකාරියට නිල වෙලා තියෙන නිසාත් ඒ හැම උලව්වකට වඩා පහුගිය අවුරුදු හයේ ම නොවිඳපු සසිරි බර මෙසිරි ලංකාවේ නිවාඩු කැලැන්ඩරයේ ආල්හ්දජනක රජයේ සහ වෙළඳ නිවාඩු සඳහා සුදුසුකම් ලැබීම මත සලාද සඳහා අලුතින් කාලයක් වෙන් කරවා ගන්න පුළුවන් වෙලා තියෙනවා.

මූ පොඩිකාලෙත් මේම මල් වට්ටියට හිනා වෙනවා.......
දැන් ඇයි මේ හදිසියේ කොටාන්න හිතුනේ කිව්වොත් අපේ ෆෝකසින්ස්ලාගේ ප්‍රමිද වින්දික කුලරත්න (ලුමිනස්) හෙවත් බාත්කණ්ඩේ මලයා උගේ විස්ස විජ්ජාල ජීවිතේ අවසාන වසරේ හිටන් අන්තිමට කොරාපු මියුසික් වැඩ ගැන දාපු පෝස්ටුවක් බුකියේ කියෙව්වා. නොදන්න අයට ලුමිනස් ගැන ටිකක් ලියන්න එපෑය. වින්දික (නෑ ප්‍රමිද තමා ඇවරිතුමා කියන්න කැමති නම. නමුත් ඌ කැමති සහ කැම්පස් එකේ ඌට කියන්නේ වින්දික) අපේ අම්මාගේ පොඩි නංගීගේ දෙවැනි පුතා. අපේ වස්තු පුංචිගේ බඩ පිස්සා. අයියෝ සිරිසේන. ඇවරිතුමා මේ නෑකම් කියන්න යාමෙන් කෙළ පැමිණි පොරක් හරිය.

අතුරු කතාව - ඔන්න දවසක් ඇවරිතුමා පොඩි කාලෙ බාලදක්ෂ කරන දවසක ඇඳුම අරන් යන්න අමතක වෙනවා. රෙදි නෑ... දැන් රෙදි නෑ...!! ඉස්කෝලෙ ඔෆිස් එක ඉස්සරහ කොයින් බූත් එකෙන් කෝල් එකක් ගන්න ඇවරියානෝ මාමාලාගේ ගෙදරට කතා කරලා ලොකු මාමාට ම සැර ටෝකක් දෙනවා.

හලෝ.. මේ ඩොක්ටර් අල්විස්ගේ නංගිගෙ පුතා, නලින කතා කරන්නේ ඉද්කෝලෙ ඉදන්. මගේ බාලදක්ෂ ඇඳුම ගෙදර දලා ඇවිත්. අම්මා එද්දි ඉස්කෝලෙට අරන් එන්න කියන්න. ආහ් මේ ඩොක්ටර් අල්විස් කතා කරන්නේ. මගේ නංගිගේ පුතාගේ ඇඳුම නංගි එද්දි ගේන්න කියන්නම් හරිනේ? කියලා මාමා ෆෝන් එක තිබ්බා. ගෙදර ආවාම දුවන්න පාරවල් නෑ. ඈ බොල චූ කොල්ලො.. නලින කියන්නේ මගේ නංගිගේ පුතා කියලා මං දන්නේ නෑ එතකොට? ඇත්තට ම ඒ කාලේ ඒ නම්බර් එකට ගොඩක් කෝල්ස් එනවා. කවුරු ගනීද කියලා දන්නේ නැති නිසාත් මං කොයින්ස් දාලා කතා කළ නිසාත් එහෙම විස්තර ඇතුව කිව්ව බව මාමාට කියලා යන්තම් ෂේප් වුනා.

අපි ලොකු වෙද්දිත් මොබයිල් තියා ෆෝන්වත් තිබුණේ නෑ. මට තාම මතකයි විනාඩියට රුපියල් එකොළහක් ගෙවලා තත්පර 59න් කට් කරන්න කතා කරපු දවස් තිබුණා. දැන්ටත් නම් විකුණනන්න ඇවරි හරි දක්ෂයා. I’m Nalina calling from අහවලාස් ඔෆිස් කියලා පටන් අරන් වැල් බයිලා මරන්න ඇවරි දක්සයා. එහෙම කතා කළා ම අහවලා හෙවත් ලොක්කට පට්ට වාසියි. කොක්ටේල් ඉන්විටේෂන් හම්බෙනවා. ඩිනර් අවුටින්. හැම්පර්ස් තව ෆැම් එන්න කියනවා එක මඟුලයි. දැන් උඹ මාව විකුණලා එක එකීව ෆෝම් කළා නම් උඹ ම හැන්ඩ්ල් කරපන්. ආ පලයන් ගිහිල්ලා හම්බවෙලා ම නළවලා වරෙන්. ඉබ්බා දියේ දැම්මා ම ඇන්නෑවෙ කිව්වාලු.       

ආයෙ කතාවට. සංගීතයට උපන් හපන් බාත්කණ්ඩේ ලියෝවෙක් හැටියටත් ගොඩක් ඉවෙන්ට්ස් කරලා තියෙනවා. දක්ෂ පර්කෂන් ආර්ටිස් කෙනෙක්, වයලින්, ගිටාර්, කී බෝරඩ් ආදී හැම දේම වාදනය කරන්න පුළුවන් පොරගේ යාත්‍රා කොන්සර්ට් එක (මොරටුව විශ්ව විදයාලයේ CMS එකේ) බලන්න ඇවරිතුමා විශේෂයෙන් මහරගම යූත් එකට යනවා. මට මතක හැටියට ඒ දවස්වල පී.ඒ හිටපු රවුඩි බේබි ඇවරිතුමාට බුක් කරපු කැබ් එකත් පරක්කුවෙලා පැය බාගයක් විතර පරක්කු වෙලා තමා කොන්සර්ට් එකට සෙට් වෙන්නේ. එච්චර මියුසික් ෆෑන් නොවුනට ඇවරි මාතාවත් මේ ජිල්මාර්ට් එක බලන්න ගිහින් තිබුණා. ඒක ගැම්මෙන් එක පවුලේ කල්ට් එක. කවුරු හරි පවුලේ කෙනෙක් පෆෝර්ම් කරනවා නම් අන්තිම තත්පරේ හරි අපි යනවා.

පට්ට ම සෝලෝ වයලින් පාර්ට් එකකුයි කන්ඩක්ටින්ග් වැඩකුයි කරපු ප්‍රමිදයා වගේ ම ස්ටෑන්ඩ් බයි මී අකපෙලා එකත් පරණ සෙට් එක කියපු කේමදාසගේ සින්දු ටිකයි, නානායක්කාරවසම්ගේ දේශනේයි හැම දෙයක් ම මම වින්දා. ඇත්තට ම අපූරු ප්‍රසංගයක්. ඊටත් අපූරු වැඩේ ඇවරිගේ පර්ස් එක නැති වුන එක. ඒ දවස්වල පාවිච්චි කළේ ලෙදර් දිග පර්ස් එකක්. සෘජුකෝණාස්‍රාකාර. සාක්කුවේ දාන්න බැරි තරම්. ඔය කියන දවසේ ෂෝ එකේ අන්තිමට ඔකෙස්ට්‍රා එක කර්ටන් කෝල් එක ප්ලේ කරලා නවත්තලා ආපහු ප්ලේ කරද්දි ඇවරිතුමා මෙලෝ සිහියක් නැතුව හයියෙන් ම අත්පුඩි ගහලා අවසානෙදි සීට් එකෙන් පර්ස් එක ගන්න අමතක කරනවා. 


පර්ස් එක නැතිවීම කෙසේ වුවත් ඇවරිතුමා ගොඩක් පශ්චාතාප වුනේ ප්‍රමියාට කීයක්වත් දෙන්න නැතිවුන නිසා. එක්කො මල් ගෙනියන්න ඕන. නැතිනම් සල්ලි දෙන්න ඕන. දැන් දෙක ම නෑ. යුනි අයිඩී. එකයි. ආනන්ද අයිඩී එකයි නැතුව අනිත් ඔක්කොම ප්‍රශ්නයක් නෑ. කාර්ඩ්ස් සී4 කැන්සල් කරන්න පුළුවන්නේ. කෝමත් මට අයි.ඩී දෙකක් තියෙනවා. එකම නම්බරේට හැබැයි!

හැබැයි වැරැද්ද පී. ඒ අතේ. එයා හිටිය නම් ඒ ඔක්කො ම එයා ගාවනේ. කෝමින් කෝම හරි ගෙදර ඇවිත් පැයකින් විතර ප්‍රමියා කතා කරලා කිව්වා පර්ස් එක හම්බුනා කියලා. ඇහිඳපු කෙනෙක් ඩීන්ට දීලා තිබුණා. ඊටත් දවස් හතරකට විතර පස්සේ ඇවරිතුමා පර්ස් එක ප්‍රොෆෙසර්ගේ ගෙදරින් ගත්තා. ඒ අතින් මෝරලා පට්ට ආහ්. උන්ට වෙලාව තියෙන්නේ කෝම ද අප්පා මේවා කරන්න. මට තේරෙන්නෙ නෑ. පුදුම බැලන්ස් කිරිල්ලක්.    



ප්‍රමියා ඉංජෙක් වුනත් මියුසික් අතහරින එකක් නම් නෑ. ඒක ෂුවර්. මොක ද ඌට තරම් කැපවෙලා ඒක කරන්න පුළුවන් තවත් අයෙක් නෑ. මේ වෙලාවේ මගේ අනිත් කසිනා හෙවත් අපේ මනුවංශ මාස්ටර්ගේ බඩපිස්සා සුදීප්ත ලේකම්ගේ කොලූ ගැනත් සටහනක් තියන්න ඕනෑ. සුදීත් 2019 පහුගියදා පළමු පන්ති සාමාර්ථයක් එක්ක සෞකලාවියේ උපාධිය හමාර කරනවා. ඊයේ පෙරේදා දිසුර සංගීත නිකේතනයේ නියෝජ්‍ය කළමනාකාරතුමාත් වුන නිසා ඒ වෙනුවෙනුත් සුබ පැතුම් එකතු කරනවා. 
සුදීප්ත ලේකම්ගේ වෙන්ඩ ගාන්ධර්ව මලයා.. 

මේ වගේ රසයක් තියෙන ප්‍රෝ ලෙවල් සෞන්දර්යයවේදීන් අපේ පවුලේ සිටීම වාසනාවක්. දුක කියන්නේ මුන් ඔක්කො ම එක දවසක එකට එකතු කරන්න බැරි එක. අපේ අල්විස් වරිගේ මහ හූරා චමිත හෙවත් හිච්චි මහත්තයා ජපානයෙන් ලංකාවට ඇවිත් ඉන්න නිසා පැදුරක් සෙට් කරන්න ප්ලෑනක් තියෙනෝ. ජනේරුවේ ඉඳන් ම රිද්මෙට රොක්වෙන්නයි කල්පනාව.. හොඳා.. හොඳා....

Thursday, July 25, 2019

මල් වියන් අතුරා... ආඩම්බරෙන් ඔබ එනමඟ මා සරසන්නම් යැයි දිවුරා හාතාවාරිය වැල්ගෙන ගෙලේ එතීම. | Episode 1

උපන්දින කුමාරිය.. බුලෝ.. !

බූ බබගේ විසිඑක් වැනි උපන්දිනය වෙනුවෙන් සප්‍රයිස් පාර්ටියක් සූජානම් කරන්න අපේ ගැන්සිය ප්ලෑන් කරලා තිබුණේ ගොඩාක් කාලෙකට ඉස්සර වෙලා ඉඳලා. බුලෝ ගැන සලාදය කියවන අය දන්නවා ඇතිනේ. ඒ දැරිවි කොච්චරවත් ඇවරිතුමාගේ සියලු ම වැඩ රාජකාරි කලට වෙලාවට කරලා දුන්නා. දුකට සැපට බැලුවා, දානෙට මඟුලට නම් ආවේ නෑ. කොටින් මයිනාතුමා සහ පවුලේ පිරිස ඇරුණා ම මුන් එකෙක්වත් අපේ පිරිතට ආවේ නෑනේ..? අමතක කරලමු පැරණි කතා කියලා ඇවරිතුමා ඒවා නොසලකා හැරියා. මේ කියන දවසේ ඇවරිතුමා මයිනාතුමාට කතා කරලා එතුමාත් ආරාධිතයෙක් නිසා එහි යන්න යෙදුනා.

එදා උදේ බුලෝ මහරගම පිළිකා රෝහලට තම උපන්දිනේ වෙනුවෙන් සුප් දානයක් දුන්නා. ඒ දානය වෙනුවෙන් අපි කාටවත් සහභාගී වෙන්න බැරි වුනේ ඇත්තට ම රාජකාරි නිසා. අනික ඇවරිතුමාගේ පුද්ගලික ලේකම්තුමියත් ඒ ගැන ඇවරිතුමාට නොදැන්වීම නිසා ඇවරි හිතාන හිටියේ ඒ කටයුත්ත පහුවදා කියලා. අන්තිමේ දී වැඩේ මිස් වුනා. බූගේ ඒ පිංකම අහවර වෙලා දියතේ ඉඳලා ගෙදර ආවම ආයෙත් සප්‍රයිස් පාර්ටියට ඇය කැඳවාගෙන ඒම බුලෝගේ පියතුමා භාරගත් නිසා ඇවරිතුමා සැනසිල්ලේ හිටියා. මොක ද ඒතනදි තමා සප්‍රයිස් දිය වෙලා යන්නේ.

අපි දෙන්නා යන ගමන් ටෙඩියෙකුත් ගත්තේ බුලෝ හේම සුකුරුත්තන්වලට ආස නිසා. බුලෝ වෙනුවෙන් සෙසු තෑගිත් මයිනාතුමා ගෙනාපු නිසා හිතුවාටත් වඩා කළින් අපි ඉවෙන්ට් එක තිබුණ තිලිණිලාගේ ගෙදරට ආව. අපි දෙන්නා සුහද මාවතට කලින් පාර ගජබා මාවතෙන් හරවලා තවත් බයිටක් කෑවා ඉතිං. කෝමින් කෝමස හරි ගෙදර ගියාට එහි කිසි ම පාර්ටි ගතියක් නෑ. නිවැසියොත් නෑ. අපි ම ගේට්ටුව ඇරගෙන මිදුලේ වාහනෙත් දාලා කතා කළත් කවුරුත් නෙමේ දොර ඇරියේ.

ටික වෙලාවකින් දැළිකුණු පෙරාගෙන ගෙදර ඇත්තො මංගො හාමිනේ දොර ඇරියා. මං මේ තාම ලැහැස්ති වෙන ගමන්. මෙවන් නානවා. අපි හාතවාරියා වියනක් යටින් ගෙට ඇතුල්වුනා. දැන් මිදුලේ තියෙන වාහනේ දැක්කොත් සැකයක් ඇති වෙයි ය කියලා උඩ ගරාජ් එකට අරින්න තිලිණියෝ යතුරක් දුන්නා. යතුර ගත්තු ඇවරිතුමා එළියෙන් ඇවිත් ගේට්ටුවේ ඉබ්බෙක් හොයනවා. කොයි ගේට්ටුව ද මනුස්සයෝ එළියෙන් ලොක් කරන්න තියෙන්නේ? ඉබ්බා තියෙන්නේ ඇතුළෙන්. මෙන්න මෙහෙ දෙන්න යතුර දැන්!! කාලා වරෙන්කෝ. ඇතුළෙන් ලොක් වෙන ඉබ්බොත් ඉන්නව කියන්නකෝ චාමර. මට රවනා තිලිණියෝ දොර ඇරලා අපට රවාගෙන යන්න ගියා.

සාලයේ තිබූ ලයිට් සැකසුම්වලට දායක වුන අපි ළමාතැනීගෙන් ගෙදරට ආපු අයට තේ එකක්වත් දෙන්නැද්ද අහලා කුස්සියට ම ගිහින් තේ හාදවාගත්තා. කෝමත් එයා තේදනවා - තේ බෙදනවා රෝසා තමා. රෝසාට වඩා වෙනස් වෙන්නේ එක එක දවසට එක එක පදමට හදන නිසා.  එකක් මයිනාට දීලා ඒ වෙලාවෙ ආපු කණිෂ්ක සුද්දාට එකක් දුන්නේ කණී එක්ක ආපු කණබණේ ප්‍රමියා තේ නොබොන බව කිව් නිසා. හැබැයි කෑමක් කිව්ව නම් ඕකා අතාරින්නෑ. පුදුමයි තේ බොන්නෑ කිව්ව ම. අපි ඒ ගැන කතාබහ කරමින් ඉද්දි තමා තරු පබාවෝ වින්දනා සීන් එකට එන්ටර් ද ඩ්‍රැගන් වුනේ. හරියට ම කිව්වොත් එතුමියටගේ මකරාක්ෂ රියැදුරු තෙමේ තමා එතුමිය ඇරළවන්න ආවේ. අපි කොච්චරවත් කිව්වත් රන්දික කොලූව එක්කන් එන්නැයි කියලා ඒක නෙමේ එක්ක ආවේ.

කොහොම නමුත් ඒ උඩැක්කිය මේ ඉවෙන්ට් එකේ ප්‍රධාන සංවිධායිකාව. එන්නේ අන්තිම විනාඩියත් පහුවෙලා. හරස්ගම ආදිපාද ඊට එහා. මේ සුහද මාවතට ම ඇවිල්ලා පල්ලමට එන්න වාහනයක් එවන්නලු. උගේ ගණකම යකෝ. අර තල්කොලෙයි, පාවඩ කච්චියයි, උඩුවියනයි, බෙර කාරයො ටිකත් යැව්වනම් අපේ ආරච්චිලා මැතින්දාව ලකේට ම වඩම්මන් එන්න තිබුණා. අපරාදේ කියන්න බෑ කණිෂ්ක සුද්දා ඒ හැමෝට ම වී.අයි.පී වෙල්කම් එකක් දීලා ගෙදර පෝර්ටිකෝව යටට ම බැන බැන හරි එක්ක ආවා ඕන්. හැමෝ ම ආවා ම තවත් නොවිසඳුනු ගැටලු ටිකකට උත්තර හොයන්න තිබුණා. 21ට පුම්බපු ඉලක්කමේ එකෙන් හුළං යන නිසා මයිනාතුමා දන්නා සියලු සෙප්පඩ විජ්ජාවන් දාලා යන්තන් සන්තන් පදං විසඳුමක් දෙන්න ගියත් හුළං යාම නැවතුනේ නෑ. ඒ අස්සේ මොකෙක් දෝ මයිනෙක් ඒකට ඩබල් ටේප් දාලා වැඩේ ජමාරේ ජමල්ලා වෙලා තිබුණේ.      

ෆොටෝ කතාව...


හොඳවෙලාවට නිලසාද සත්කාරක මෙවනා ඇඩිෂනල් එකේ ඉලක්කමක් ගෙනැත් තිබුණා. නැත්නම් ගෙම්බිට ජෙක ජෙක කියාගෙන දෙවන උපන්දින සැමරුම තමා ගන්න වෙන්නේ. පොරගේ වැඩ දෙකේ පන්තියේ ළමයෙක්ගේ වගේ කියන එක වෙන ම කතාවක්. අවාසනාවට ඇත්ත කතාවක් කියන්නේ බුදාරා දෙවන ශ්‍රේණියේ පන්තිභාර ගුරුතුමී වීම. ළමයි කොච්චර හොඳින් ගුරුතුමීට උගන්නලා තියේ ද කිව්වොත් අවංකෙට ම ඉස්කෝලෙ ගුරිච්චිත් උන්ගේ බජාර් එකේ ම ජොහාර් කෙනෙක් කරගෙන තියෙන්නේ. බටු ඇට දෙකක්වත් උස නැති බුලෝ පන්තියේ ඉද්දි පොඩි උන් අතරෙ අපටත් හොයා ගන්න අමාරුයි.

කොහෙමින් කොහොම හරි සියලු දෙනා එකතු පහදු වුන වෙලාවේ පොඩි පෙර පුහුණුවක් කරමුයි කියලා කතා වෙලා ස්ටෙලා වුනා. දැන් දොර ඇරියා ම ස්නෝව් ස්ප්‍රේ එකෙන් නාවලා අපි මේ හාතවාරියා වියන යටින් උත්තමාවිය කැන්දාගෙන කේක් ටේබල් එක ළඟට ගේනවා. අම්ම ගහයි හාතවාරියා වියන. අර හැමදාම පෝඩියම් සරසලා පුරුද්දට මුන්ට හාතවාරිය, වැල් පෙනෙල හා නෑ, අරලිය කොළ, ක්‍රෝටන් ඉති හේම පෙන්නන්න බෑ. මයික් ටයිසන්ලා නෙව. කවුරු වුනත් ඒ වැල්වලට ලයිට් වැල් දාලා පින්තූර ඒල්ලලා තිබුණ වැඩේ ඉතා ම අපූරුයි. මං හිතන්නේ මෙවන්ගේ අයිඩියාක්ස් එකක් වෙන්න ඕනෑ. දැන් කට්ටිය ඇතුළෙ ඉඳන් මේ කේක් එක පත්තු කරලා අරන් එනවා පස්සේ බුලෝ කේක් කපනවා. ඒකයි ප්ලෑන් එක. සරිගම කන්නා හෙවත් ප්‍රමිතයා දහ විදියකට විතර හැප්පි බර්ත්ඩේ සින්දුව ගහලා බැලුවා. ඔව් ඔව් අර භක්ති ගීතයේ හිටි ගල් ආඳා තමා. නම එහෙම වුනාට වැඩවල නම් කිසිම ප්‍රමිතියක් නෑ. කළොත් මොකක් හරි, අන්දොස් ම තමා. කට්ටියට ම සෙන් සැපගන් වුනේ උත්තමාවිය සැපත් වෙන වෙලාවේ. අපේ බුවාස්ලාට සහ බුවීස්ලාට කොච්චර කිව්වත් සද්ද වහලා ඉන්න උන්ට තේරෙන එකක් යැ? එවෙලෙ නිකම් බූ බබා එනවා කිව්වා ම ගෝනි බිල්ලෙක් එන ගානට තමා කස්ටිය වැඩකටයුතු කළේ.

ඔය අහු අස්සේ ඇතුළෙ කෑම කාමරේ පැත්තෙන් සද්දයක් ඇහෙනවා. මෙන්න කනෝ... නෑ නෑ කන්න එනෝ කියලා. අපිත් සෙනිකෙට ඒ පැත්තට යද්දි තිලාරයි, අපේ හිරුෂිමායි ප්‍රමිතයාව වට කරගෙන. බලද්දි පොර කේක් එක කපන්න කලින් කේක් එකට අතවර කරන්න ආපු නිසා කෙල්ලො දෙන්න ගේම ඉල්ලලා. කොහොමත් ඇරලා බලන්න තියෙන මලු ඔබලා බලන එක පොරගේ පුරුද්දක්. හොඳ බබා වගේ ඉන්නකෝ. කපපු ගමන් ලොකු ම කෑල්ල දෙන්නම් මයෙ අම්මා. බඩජාරි චාමරව යන්තම් බැලන්ස් කරන් එද්දි ඒ ශුභාරංචි පණිවිඩේ ආවා. උත්තමාවිය සැපත් වෙනවා ලු. දැන් නම් මේකත් කොටියා ආව වගේ සෙල්ලමක් වෙන්නයි යන්නේ.

එනවයි කිව්වට නෑ තව ආවේ.. මා හද පිදුවා ප්‍රේම ද්වාරේ.. හා ඔබ නාවේ ඇයි? කියකිය සමහරු ගේ වටේ මැරිගෝ රවුන්ඩ් පදිනවා. මේව දැකලා අපි කෝම ද නිවන් දකින්නේ කියලා හිතන් ඉද්දි ඇවරිතුමාට රාජකාරී කෝල් එකක්. හැමදා නියං එකදා වැහි වළාවේ කිව්වලු. ඒ ඔක්කකො ම අස්සේ තිලිණි ගිහින් පිච්ච මලක් දාලා වතුර වීදුරුවක් ගේනවා. කෙල්ලව චාරිත්‍තරේ හැටියට පිළිගන්න එපැයි. දැන් විසි එකක් නෙව. අපරාදෙ තව සුදු රෙද්දකුයයි වතුර කළේකුයි දුන්න නම් නාවලා ම ගෙට ගන්න තිබුණ. මැතිනිය මට රවාගෙන ගෙට ගියා කියාන්කෝ.

ප්‍රධාන සංවිධායක පුත්‍රයා දීලා තියෙන ගේම ගැන පැහැදිලියි නේහ්?



පින්තූර ගැලරිය මෙතැනින්.. පොටෝ කැචර් මයිනා සහ මෙවනා තමා ඕන්

Monday, July 22, 2019

හැපනින් බෝමා දිනයක් ගෙවීම හෙවත් මතක බණ පෙරැළිය



එක දවසකට මෙච්චර හැපනින් නම් වැඩියි තමා. අපේ ගුරු මණ්ඩල සාමාජික පතිරණ මහතාගේ ස්වාමි දියණිය චම්පා විජේසුන්දර මහත්මිය අභාවප්‍රාප්ත වුනේ දවස් කිහිපයකට කලින්. පිළිකාවකින් කකුල් දෙක ම ඉවත් කරලා හිටි ඒ මැතිනිය එක්තැන් වෙලා ඉද්දි පුරා මාස හයක වගේ කාලයක් අපේ පතිරණ මහත්මයා ඉතා ආදරෙන් බලා කියා ගත්තා. කොටින් ම ඒ කාලය පුරා ම පාන්දර හතරට නැගිටලා රාගම රෝහලට ගිහින් උදේ ලෙඩාව බලලා දහයට ධර්ම විද්‍යාලයේ අවසාන පන්තියේ දේශනයත් කරලා දොළහට ආයෙත් ලෙඩාව බලලා ආදී වශයෙන් ඉතා ම කැප කිරීමකින් ඒ ගුරුභවතා තම ස්වාමි දූ බලා ගත්තා.

මේ සලාදේ නම් කොහෙමත් ම පූර්වාපර සන්ධි ගැළපෙන එකක් වෙයි කියලා හිතන්න අමාරුයි. මොක ද ඇවරිතුමූ මාර ම කොන්පියුස් අද. නමුත් දවසක් තුළ මං විඳගත්ත දේවල් බොහොමයක් නිසා රැන්ඩම්ස් කීපයක් ලියන්න බැලුවේ. මගුලට නොගියත් මරණෙට යාම ඇවරිගේ පිළිවෙත බව මේවා කියවන උදවිය දන්නවා ඇතිනේ. ඉතිං මේ මරණෙටත් ඇවරි ගියා. අපේ මයිනා තුමා එක්ක පාලර් එක වහනකම් ම එහි හිටියා. හත්දොහේ පිංකම තිබුණු ඉරිදාවේ බණ ගෙදර වෙනුවෙන් සහෝදර ගුරුභවතුන්ගෙන් ආධාර පත්‍රය එකතු කළෙත් ඇවරි. ඒ වැඩත් එක්ක පින්කමට යාම අනිවාර්ය වුනා.

සවස්යාමේ ඇවරිතුමා ලක ලැහැස්ති වෙද්දි කාරිය ස්මග්ලින් නිශා ඇවරිතුමාගේ නිල නිවසට ආවේ බිස්නස් වවැඩකට. එතුමා එක්ක ආගිය කතා බහ නිසා දවස ෆුල් මාර්වලස් වෙලා තිබුණේ. නිශා ගැන වෙන ම පෝස්ටුවක් ලියන්න හිටියත් ඒක මිස් වුනා. මේ පාර චරිතයක් එක්ක ඒක ලියන්නම්. ෂුවර්. පොර නම් කියවන්න වටින චරිතයක්.

පතිරණ සර්ගේ පුත්‍රයා ළහිරු ඉතා නිහඩ චරිතයක් වුනාට ඇවරිතුමාට ඔහු මතක හිටින කාරණාවක් තිබුණා. හැමදාම වෙසක් පහන් කූඩු තරගය වෙනුවෙන් පොල් මටොළු, වේලපු හබුරු කොළ, ළූණු සිවි මොකක් හරි ජිල් මාර්ට් එකක් අමුණලා ලස්සන පහන් කූඩුවක් පන්සලට එවන්න ඒ පොඩ්ඩා අමතක කළේ නෑ. පොඩ්ඩා කිව්වට මේ අවුරුද්දේ උසස් පෙළ විභාගයත් ලියනවා. ඇවරිතුමා හැමදාම ඒ කූඩුව විශේෂයෙන් බලලා පේන තැනක එල්ලන්නේ ගොඩක් කතාබහට ලක්වන කූඩුවක් එවන නිසා. දවසක් මේකේ අයිතිකාරයා එක්ක කතා කළා ම මේ අදහස් හේම දීලා තිබුණේ නැසීගිය චම්පා විජේසුන්දර මාතාව තමා. ඒක නිසා ඒ දවස්වලත් ඇය සැලකිය යුතු චරිතයක් හැටියට ඇවරිතුමා කියවාගෙන තිබුණා. අද බණ ගෙදර ගියා ම තමා දන්නේ දේවි බාලිකාවක වූ එතුමිය ඉගෙනීමෙන් පරතෙරට ගිය කාන්තාවක් වූ බව. ඇගේ සමකාලීන මානිල් ගුරු මහතාත් ඒ ගැන තහවුරු කළා.

මතක බණට වැඩ ම කළ අපේ පණ්ඩිත හාමුදුරුවො පැයක් එක සීරුවට බණ කිව්වා ආයෙත් ඇ‍ඩෙන්න. අනිත්‍ය ගැන අපූරු විග්‍රහයක් කළ අපේ පොඩී හරි බුහුටියට දහම් කරුණු ටිකක් කියලා දුන්නා. 

අනන්වාතෝ තතෝ ආහ
අනනුන් ඤාතෝ ඉතෝ ගතෝ තමා ගාථාව. කවුරුත් අපිට මේ ලෝකෙට එන්න කිව්වේ නෑනේ. අපි ගන්ධබ්බව කුසක පිළිසිඳගත්ත. ඉතිං පස්සේ නෑදෑ සම්බන්ධකම් හදාගෙන දැන් මේ ලෝකෙ හැරදා යද්දි කාකත්ථ පරිදේවනා. නැත්නම් වැළපෙමින් ශෝක කරනවා කියලයි උන්වහන්සේ තේරුම් කරලා දුන්නේ. ඊට ලස්සන කතාවස්තුවකුත් කිව්වා.

දවසක් ගොවියෙක් තමුන්ගේ පුතත් එක්ක කුඹුරට ගියාලු. කුඹුරට ආ නාගයෙක් මේ පුතාට දෂ්ට කළ නිසා පුතා මියැදුනාලු. ඒ ළඟින් ගිය කොල්ලකු අතේ තාත්ත ගෙදරට පණිවියක් යැව්වලු අද දවාලට එක්කෙනෙක්ට විතරක් කෑම ගේනනය කියලා. තව සුදු ඇඳුමකින් සැරසිලා පවුලේ හැමෝටම ඒ කිව්වේ හාමිනේයි, දුවයි සේවිකාවයි, හැමෝට ම කුඹුරට එන්න කිව්වලු. දවල් කෑම කාපු ගොවියා පවුලේ අයත් එක්ක එකතු වෙලා අවශ්‍ය වත් පිළිවෙත් කරලා පුතා වළදැම්මලු. කිසිදු අයුරකින් ශෝක නොකළ මේ ගොවි පියා ගැන පැහැදුනු ශක්‍රයා මහළු වෙසකින් පෙනී සිටිමින් තමුන්ගේ අතිජාත පුත්‍ර රත්නය වළ දැමීම ගැන අබැටක හෝ ශෝකයක් නොවන්නේ කෙසේදැයි ප්‍රශ්න කළා ම මේ සංසාරේ ඔහු තමාට පුත්‍ර වූ අවස්ථා බොහෝ විය හැකි බවත් සසර ගමන එසේ වන බවත් දක්වීම නිසා ශක්‍රයා තම වෙසින් පෙනී සිට සාදු කාර දුන් බව දේශනා කළා.  

දැන් නම් උන්නාන්සේ ලොකු හාමුදුරුවො ම තමා. ඒ වචන, ඒ විරාමයන් ගැනීම්, ඒ අවධාරණය කිරීම් ඒ වගේ නොදන්න ගාථා අරන් පැහැදිලි කිරීම් පර්ෆෙක්ට්. පැය කෝම ගියාද කියලා නෑ. කටහඩ පාලනය ඉතා දියුණුයි. හරිම ආස හිතුනා. හොර අලියා වගේ සමහර දේවල් රැල්ලේ යැව්වට අපේ පොඩිනම සුපිරි බුලට් එකක් බව අත්දැකීමෙන් ඇවරිතුමා දන්නවා. කොච්චර වැදුනා ද කියනවා නම් පහුවදා උදේ ම කෝල් කරලා ගාථාව අහගන්න තරම් ඇවරිතුමා උනන්දු වුනා. අප්පේ මගේ බණ අහන්න මෙච්චර කැමතියි කියලා දන්නෙ නෑ නෙව. පොඩි හාමුදුරුවො අපි ඉන්න තැන බණ කියන්නෑ නෙව. අපිත් අර වගේ පොට්ට චාන්ස් එකක් පාද ගත්තොත් මිසක්. නලිනලා කරන වැඩවලට වැඩලා බෑ දුවන්න ම වෙනවනේ. පොඩි හාමුදුරුවොත් සැර ම දෙසුවා.

සාමාන්‍යයෙන් ඉස්සර හත් දොහේ පින්කමකට මළගෙදරට තරම් ම සෙනඟක් හිටියත් දැන් කාලෙ වෙනස් වෙලා හින්දා බණ අහන්න එචචර සෙනඟක් එන්නේ නෑ. හැබැයි කන වෙලාවට බුරුතු පිටින් පාත් වෙන්නේ. මේ ගැන දන්න හාමුදුරුවො කන්න ආපු උඹලාට දෙන්නම් ජම්බු කියලා සමහර වෙලාවට නවය, දහය විතර වෙනකුත් බණ කියනවා. මොකෝ අපි එපා කිව්වයි කියලා නවත්තන්න බෑනේ. සුනාථ ධාරේථ චරාථ ධම්මේ කියලා අහගෙන ඉන්න වෙනවා. එහෙම වැඩවලින් මුල ඉඳන් ශ්‍රද්ධාවෙන් බණ අහපු දායකයො වගේ ම සංවිධායක පාර්ශවයත් බොහොම අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඇවරිතුමාට ඒ වගේ සර්ව රාත්‍රික බණකටත් සහභාගී වෙන්න තිබුණ නිසා ඒ ගැන හොඳින් ම දන්නවා.

අපේ හාමුදුරුවො නම් පැයට විනාඩි දහයක් විතර වැඩි වෙන්න බණ හමාර කරලා පින් දුන්නා. ශ්‍රාවකයන්ට කරුණාවෙන් ධර්ම දේශනය වෙනුවට දෙන්නම් බැටේ බණක් කියලා වැඩක් වෙන්නෑනේ. චීවරයට මෙච්චර කෙණෙහිලිකම් කරන කාලෙ ඇවරිත් මුව හම ආයෙ ආයෙත් තළන්න යන්නේ නෑ.

Friday, July 12, 2019

අසෝක වීදුරු කුඩු කර සවුදිය පිරීම හෙවත් අලුත ගෙනා මනාලියට අතක පතක ගොරක පතක ගැරීම.

සහභෝජන සැසිය...

පහුගිය සතියක ඇවරිතුමා තම ගුරු මණ්ඩල සභිකයන් වෙනුවෙන් පවත්වන දානය පිරිනැමුවා. මේ පාර ඩ්‍රාමා ක්වීන් තිලිණි මැතිනියත් ඒ සඳහා සම්මාදම් වුනා. ඊට කලින් සතියේ අපි එහේ යන්නත් යෙදුනා. ඒ රෑ කෑමකට. එහි හයිලයිට්ස් හිටන් ලියන්න වටිනවා.

කලකට පස්සේ වෙලකට බැස්සේ කියලා දහම් පාසල් ගියා ම හා හා පුරා කියලා ආරාධනාවකුත් ලැබුණා. ඒ අපේ තිලිණි මැතිණියගේ ගෙදර රෑ කෑමක් සඳහා. මීට කලින් අපි චණ්ඩි රැජිනගේ ගෙදර රෑ කෑමකට ගියා මතක ඇතිනේ. ගොහින් සින්දු කියලා හේම වටපිටාවේ මිනිස්සු හිටන් විනෝද කරලා ආවේ. මේ පාර පෙර වැරදි නිසා එච්චර ලොකු සීන් දාන්න ගියේ නෑ. බොහොම සාමකාමී ආකාරයට වීදුරු කෝප්ප පොළොවේ ගසමින් පැවති ඒ සාදය ගැනත් වචනයක් නොලිව්වොත් මදි වගේ නෙව.

තිලිණි මැතිනිය තමුන්ගේ උපන් දිනය වෙනුවෙන් සාදයක් නොපැවැත්වීම නිසා අපිට පරණ ණයක් තිබුණා. පස්සේ කාලෙන් කාලෙට ඒ ගැන කතා වුනත් අවසානයේ දී හදිසියේ ම ඉරිදා රැයක කෑමට එන්නැයි ඇරයුමක් ලැබුණා ම අපි සෙනිකෙට සෙට මෝල් වුනා. කෝමත් අපේ උන්දැලා කා කිව්වොත් උම්බෑ කියන්න හොම්බ උස්ස ගත්ත ගමන් ම නෙව. ඕන් ඉතිං මායි මයිනායි එහි ගියා. බූ බබාට හූවෙ දුර නිසා එතුමිය කලින් ම ඇවිත් හිටියා. මොන පස්සු ද ඈ නානවලු. හැබැයි අපේ මෙවන් පුතා නම් කලින් ම ගිහින් තිබුණා.

කොල්ල ගෙට වෙලා ද මන්දා අපිටත් හොයා ගන්න පුළුවන්කමක් තිබුනෙ නෑ. බලද්දි මෙවනා අතක පතක - ගොරක පතක කරකර අලුත ගෙනා මනමාලිට චිකන් කරියක් ඒදනවා. ඇත්තට ම අපේ බුවාස්ලට සුපිරියට ම උයන්න පුළුවන්. මේ අයගේ කුකින් ඩෙමෝවක් මේ වසරේ හෝ සූදානම් කරන්න ඇවරිතුමා හිතාගත්තේ කණිෂ්ක, මෙවන්, රුසිරු, බුදාරා මොනගල් ඩොල්කිය වගේ ම මයිනා මහතාටත් සුපිරියට උයන්න පුළුවන්. ඒකටත් හරියන්න චණ්ඩි තරුපබාට ලුණුවත් බලන්න බෑ කියාන්කෝ. ඒකටත් හරියන්න ඒ ඉබ්බි නොදන්න වන්නමක් නෑ. නටපු නැති අඩව්වක් නෑ. ලොල්

වෘත්තිය ප්‍රමාණ සමීක්ෂකයෙකු වුන තිලිණි මැතිනියගේ ස්වාමි පුත්‍ර තෙමේ අපේ මයිනා මහතා සමඟින් බර කදේකට සෙට් වෙද්දි කණිෂ්ක සුද්දත් ආපු නිසා සියලු දෙනා ම කුස්සියට සෙට් වෙනවා. ඒ වෙද්දි පපන් බැදීම විතරයි ඉතුරු වෙලා තිබුණෙ. හැමෝ ම මේසේට කෑමට ආවත් හරි කෑම බෙදා ගන්න අතරේ ලොකු කතාවකට සෙට් වෙලා ඇවරිතුමා වතුර වීදුරුවක් පොළොවේ ගහනවා. අයියේ කෑමට වතුර අල්ලන එක සිංහල චාරිත්‍රයක් අනේ... ඒ කෝප්ප පොළොවේ ගහන්නේ නෑ. ඔයාලා මහ ගොඩේ අනේ. බටු ඇට දෙකක් උස නැති, තමන් හරි පොස් කියල හිතන් ඉන්න බූබම්බා කියපි. ඒත් කමක් නෑ. ඔයාට කොහොමත් සීනි අමාරුවනේ. ඉතිං ඉන්සියුලින් මදි වෙලා අත වෙව්ලුව වෙන්නත් බැරි නෑ. තබ්බදෝරු තරු පබාවෝ කියපි. ට්‍රෙඩ් මිල් එකේ ලිස්සලා ම වැටියන් මයෛ අම්මා!!!

කෑම නම් මදි නොකියන්න බෙදාගෙන අපේ සෙට් එක කොත ගහලා තිබුණු බත් පළඟානක් අහවර කළා. තව ඩිසර්ට් හේමත් වළඳලා ඉස්මුරුත්තාවට එනකම් ම කාලා බීලා හේම තමා ගෙදර ආවේ. තිලිණියේ බළල් හාමිනේත් පොඩි පොඩි වෙළඳ දැන්වීම් කීපයක් දාපු බව මතක ඇතිනේ. මැතිනියගේ කුකින් වරදක් ම නෑ හැබැයි. අවසාන වශයෙන් වීදුරු කෝප්පයකටත් ණය වෙලා කාලා බීලා වීදුරු කටුත් ඇහිඳලා තමා අපි ආවේ. ගිය තැන විනාසයි ඉතිං. ආයෙත් එහෙන් බත් කනවා බොරු යාළු.