එක
දවසකට මෙච්චර හැපනින් නම් වැඩියි තමා. අපේ ගුරු මණ්ඩල සාමාජික පතිරණ මහතාගේ
ස්වාමි දියණිය චම්පා විජේසුන්දර මහත්මිය අභාවප්‍රාප්ත වුනේ දවස් කිහිපයකට කලින්.
පිළිකාවකින් කකුල් දෙක ම ඉවත් කරලා හිටි ඒ මැතිනිය එක්තැන් වෙලා ඉද්දි පුරා මාස
හයක වගේ කාලයක් අපේ පතිරණ මහත්මයා ඉතා ආදරෙන් බලා කියා ගත්තා. කොටින් ම ඒ කාලය
පුරා ම පාන්දර හතරට නැගිටලා රාගම රෝහලට ගිහින් උදේ ලෙඩාව බලලා දහයට ධර්ම විද්‍යාලයේ
අවසාන පන්තියේ දේශනයත් කරලා දොළහට ආයෙත් ලෙඩාව බලලා ආදී වශයෙන් ඉතා ම කැප
කිරීමකින් ඒ ගුරුභවතා තම ස්වාමි දූ බලා ගත්තා.
මේ
සලාදේ නම් කොහෙමත් ම පූර්වාපර සන්ධි ගැළපෙන එකක් වෙයි කියලා හිතන්න අමාරුයි. මොක ද
ඇවරිතුමූ මාර ම කොන්පියුස් අද. නමුත් දවසක් තුළ මං විඳගත්ත දේවල් බොහොමයක් නිසා
රැන්ඩම්ස් කීපයක් ලියන්න බැලුවේ. මගුලට නොගියත් මරණෙට යාම ඇවරිගේ පිළිවෙත බව මේවා
කියවන උදවිය දන්නවා ඇතිනේ. ඉතිං මේ මරණෙටත් ඇවරි ගියා. අපේ මයිනා තුමා එක්ක පාලර් එක වහනකම් ම එහි හිටියා. හත්දොහේ පිංකම තිබුණු
ඉරිදාවේ බණ ගෙදර වෙනුවෙන් සහෝදර ගුරුභවතුන්ගෙන් ආධාර පත්‍රය එකතු කළෙත් ඇවරි. ඒ
වැඩත් එක්ක පින්කමට යාම අනිවාර්ය වුනා.
සවස්යාමේ
ඇවරිතුමා ලක ලැහැස්ති වෙද්දි කාරිය ස්මග්ලින් නිශා ඇවරිතුමාගේ නිල නිවසට ආවේ
බිස්නස් වවැඩකට. එතුමා එක්ක ආගිය කතා බහ නිසා දවස ෆුල් මාර්වලස් වෙලා තිබුණේ. නිශා
ගැන වෙන ම පෝස්ටුවක් ලියන්න හිටියත් ඒක මිස් වුනා. මේ පාර චරිතයක් එක්ක ඒක
ලියන්නම්. ෂුවර්. පොර නම් කියවන්න වටින චරිතයක්.
පතිරණ
සර්ගේ පුත්‍රයා ළහිරු ඉතා නිහඩ චරිතයක් වුනාට ඇවරිතුමාට ඔහු මතක හිටින කාරණාවක්
තිබුණා. හැමදාම වෙසක් පහන් කූඩු තරගය වෙනුවෙන් පොල් මටොළු, වේලපු හබුරු කොළ, ළූණු
සිවි මොකක් හරි ජිල් මාර්ට් එකක් අමුණලා ලස්සන පහන් කූඩුවක් පන්සලට එවන්න ඒ පොඩ්ඩා
අමතක කළේ නෑ. පොඩ්ඩා කිව්වට මේ අවුරුද්දේ උසස් පෙළ විභාගයත් ලියනවා. ඇවරිතුමා හැමදාම
ඒ කූඩුව විශේෂයෙන් බලලා පේන තැනක එල්ලන්නේ ගොඩක් කතාබහට ලක්වන කූඩුවක් එවන නිසා. දවසක්
මේකේ අයිතිකාරයා එක්ක කතා කළා ම මේ අදහස් හේම දීලා තිබුණේ නැසීගිය චම්පා
විජේසුන්දර මාතාව තමා. ඒක නිසා ඒ දවස්වලත් ඇය සැලකිය යුතු චරිතයක් හැටියට ඇවරිතුමා
කියවාගෙන තිබුණා. අද බණ ගෙදර ගියා ම තමා දන්නේ දේවි බාලිකාවක වූ එතුමිය
ඉගෙනීමෙන් පරතෙරට ගිය කාන්තාවක් වූ බව. ඇගේ සමකාලීන මානිල් ගුරු මහතාත් ඒ ගැන
තහවුරු කළා.
මතක
බණට වැඩ ම කළ අපේ පණ්ඩිත හාමුදුරුවො පැයක් එක සීරුවට බණ කිව්වා ආයෙත් ඇඩෙන්න.
අනිත්‍ය ගැන අපූරු විග්‍රහයක් කළ අපේ පොඩී හරි බුහුටියට දහම් කරුණු ටිකක් කියලා
දුන්නා.
දැන් නම් උන්නාන්සේ ලොකු හාමුදුරුවො ම තමා. ඒ වචන, ඒ විරාමයන් ගැනීම්, ඒ
අවධාරණය කිරීම් ඒ වගේ නොදන්න ගාථා අරන් පැහැදිලි කිරීම් පර්ෆෙක්ට්. පැය කෝම ගියාද
කියලා නෑ. කටහඩ පාලනය ඉතා දියුණුයි. හරිම ආස හිතුනා. හොර අලියා වගේ සමහර දේවල්
රැල්ලේ යැව්වට අපේ පොඩිනම සුපිරි බුලට් එකක් බව අත්දැකීමෙන් ඇවරිතුමා දන්නවා. කොච්චර
වැදුනා ද කියනවා නම් පහුවදා උදේ ම කෝල් කරලා ගාථාව අහගන්න තරම් ඇවරිතුමා උනන්දු
වුනා. අප්පේ මගේ බණ අහන්න මෙච්චර කැමතියි කියලා දන්නෙ නෑ නෙව. පොඩි හාමුදුරුවො අපි
ඉන්න තැන බණ කියන්නෑ නෙව. අපිත් අර වගේ පොට්ට චාන්ස් එකක් පාද ගත්තොත් මිසක්. නලිනලා
කරන වැඩවලට වැඩලා බෑ දුවන්න ම වෙනවනේ. පොඩි හාමුදුරුවොත් සැර ම දෙසුවා.
අනන්වාතෝ තතෝ ආහ
අනනුන් ඤාතෝ ඉතෝ ගතෝ තමා
ගාථාව. කවුරුත් අපිට මේ ලෝකෙට එන්න කිව්වේ නෑනේ. අපි ගන්ධබ්බව කුසක පිළිසිඳගත්ත.
ඉතිං පස්සේ නෑදෑ සම්බන්ධකම් හදාගෙන දැන් මේ ලෝකෙ හැරදා යද්දි කාකත්ථ පරිදේවනා.
නැත්නම් වැළපෙමින් ශෝක කරනවා කියලයි උන්වහන්සේ තේරුම් කරලා දුන්නේ. ඊට ලස්සන
කතාවස්තුවකුත් කිව්වා.
දවසක්
ගොවියෙක් තමුන්ගේ පුතත් එක්ක කුඹුරට ගියාලු. කුඹුරට ආ නාගයෙක් මේ පුතාට දෂ්ට කළ
නිසා පුතා මියැදුනාලු. ඒ ළඟින් ගිය කොල්ලකු අතේ තාත්ත ගෙදරට පණිවියක් යැව්වලු අද
දවාලට එක්කෙනෙක්ට විතරක් කෑම ගේනනය කියලා. තව සුදු ඇඳුමකින් සැරසිලා පවුලේ හැමෝටම
ඒ කිව්වේ හාමිනේයි, දුවයි සේවිකාවයි, හැමෝට ම කුඹුරට එන්න කිව්වලු. දවල් කෑම කාපු
ගොවියා පවුලේ අයත් එක්ක එකතු වෙලා අවශ්‍ය වත් පිළිවෙත් කරලා පුතා වළදැම්මලු.
කිසිදු අයුරකින් ශෝක නොකළ මේ ගොවි පියා ගැන පැහැදුනු ශක්‍රයා මහළු වෙසකින්
පෙනී සිටිමින් තමුන්ගේ අතිජාත පුත්‍ර රත්නය වළ දැමීම ගැන අබැටක හෝ ශෝකයක් නොවන්නේ
කෙසේදැයි ප්‍රශ්න කළා ම මේ සංසාරේ ඔහු තමාට පුත්‍ර වූ අවස්ථා බොහෝ විය හැකි
බවත් සසර ගමන එසේ වන බවත් දක්වීම නිසා ශක්‍රයා තම වෙසින් පෙනී සිට සාදු කාර දුන්
බව දේශනා කළා.
සාමාන්‍යයෙන්
ඉස්සර හත් දොහේ පින්කමකට මළගෙදරට තරම් ම සෙනඟක් හිටියත් දැන් කාලෙ වෙනස් වෙලා
හින්දා බණ අහන්න එචචර සෙනඟක් එන්නේ නෑ. හැබැයි කන වෙලාවට බුරුතු පිටින් පාත්
වෙන්නේ. මේ ගැන දන්න හාමුදුරුවො කන්න ආපු උඹලාට දෙන්නම් ජම්බු කියලා සමහර වෙලාවට
නවය, දහය විතර වෙනකුත් බණ කියනවා. මොකෝ අපි එපා කිව්වයි කියලා නවත්තන්න බෑනේ. සුනාථ
ධාරේථ චරාථ ධම්මේ කියලා අහගෙන ඉන්න වෙනවා. එහෙම වැඩවලින් මුල ඉඳන් ශ්‍රද්ධාවෙන් බණ
අහපු දායකයො වගේ ම සංවිධායක පාර්ශවයත් බොහොම අපහසුතාවයට පත් වෙන්න පුළුවන්.
ඇවරිතුමාට ඒ වගේ සර්ව රාත්‍රික බණකටත් සහභාගී වෙන්න තිබුණ නිසා ඒ ගැන හොඳින් ම
දන්නවා.
අපේ
හාමුදුරුවො නම් පැයට විනාඩි දහයක් විතර වැඩි වෙන්න බණ හමාර කරලා පින් දුන්නා. ශ්‍රාවකයන්ට
කරුණාවෙන් ධර්ම දේශනය වෙනුවට දෙන්නම් බැටේ බණක් කියලා වැඩක් වෙන්නෑනේ. චීවරයට
මෙච්චර කෙණෙහිලිකම් කරන කාලෙ ඇවරිත් මුව හම ආයෙ ආයෙත් තළන්න යන්නේ නෑ.
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....