මේ
කතාව ලියැවෙන්නේ ආලෝක වර්ෂ බර ගාණකට පස්සේ 2019 අවුරුද්ද ඉවර වෙන්න ඔන්න මෙන්න
කියල තියලා. සලාදය නොලියනවා කියලා කනු කුනු ගාණ අයට කියනන්න තියෙන්නේ ඒ නිසා
ඇවරිතුමාගේ සවුක්කියත් අන්තෙට ම පිරිහෙලා කියලායි. හරියට නිකන් අතපය තලා දැම්මා
වගේ පුල් මාර්වලස් පීලින්ග් එකක් එන්නේ සලාද නොලියවුන නිසා වෙන්න ඕනෑ.
2019
කියන්නේ සලාද ලියන්න තරම් ගුවන් තොටිල්ල ප්‍රශ්න නැතිව යාත්‍රා කරපු කාලයක් නෙමේ.
රැකියා වෙනස, ඉරිදාත් වැටුණු දේශන මාලා, කන්සල්ටන්සි සේවා සහ ඇවරියානෝ සිහිනය ආදී
බොහෝ හැල හැප්පීම් මත කාර්ය බහුලව ගෙවුනු කාල පරිච්ඡේදයේ දුක්ඛ දායක ම කතන්දරේ
ආරාධිත සලාද මඟහැරීම. මේ ආරාධිත සලාද කියන කැටගරියේ එන්නේ ඇවරිතුමා අනිවාර්ය සේවා
ලියා තැබිය යුතු දින සටහන්, සැමරීම්, මතකයන් වගේ ලල් සලාද සැට් එකක්. කෝම නමුත්
ඇවරිතුමා අලුත් තැන පුල් ආසික් සුප්පෙක් යටතේ රාජකාරියට නිල වෙලා තියෙන නිසාත් ඒ
හැම උලව්වකට වඩා පහුගිය අවුරුදු හයේ ම නොවිඳපු සසිරි බර මෙසිරි ලංකාවේ නිවාඩු
කැලැන්ඩරයේ ආල්හ්දජනක රජයේ සහ වෙළඳ නිවාඩු සඳහා සුදුසුකම් ලැබීම මත සලාද සඳහා
අලුතින් කාලයක් වෙන් කරවා ගන්න පුළුවන් වෙලා තියෙනවා.
මූ පොඩිකාලෙත් මේම මල් වට්ටියට හිනා වෙනවා....... |
දැන්
ඇයි මේ හදිසියේ කොටාන්න හිතුනේ කිව්වොත් අපේ ෆෝකසින්ස්ලාගේ ප්‍රමිද වින්දික
කුලරත්න (ලුමිනස්) හෙවත් බාත්කණ්ඩේ මලයා උගේ විස්ස විජ්ජාල ජීවිතේ අවසාන වසරේ
හිටන් අන්තිමට කොරාපු මියුසික් වැඩ ගැන දාපු පෝස්ටුවක් බුකියේ කියෙව්වා. නොදන්න
අයට ලුමිනස් ගැන ටිකක් ලියන්න එපෑය. වින්දික (නෑ ප්‍රමිද තමා ඇවරිතුමා කියන්න
කැමති නම. නමුත් ඌ කැමති සහ කැම්පස් එකේ ඌට කියන්නේ වින්දික) අපේ අම්මාගේ පොඩි
නංගීගේ දෙවැනි පුතා. අපේ වස්තු පුංචිගේ බඩ පිස්සා. අයියෝ සිරිසේන. ඇවරිතුමා මේ
නෑකම් කියන්න යාමෙන් කෙළ පැමිණි පොරක් හරිය.
අතුරු
කතාව - ඔන්න දවසක් ඇවරිතුමා පොඩි කාලෙ බාලදක්ෂ කරන දවසක ඇඳුම අරන් යන්න අමතක වෙනවා.
රෙදි නෑ... දැන් රෙදි නෑ...!! ඉස්කෝලෙ ඔෆිස් එක ඉස්සරහ කොයින් බූත් එකෙන් කෝල්
එකක් ගන්න ඇවරියානෝ මාමාලාගේ ගෙදරට කතා කරලා ලොකු මාමාට ම සැර ටෝකක් දෙනවා.
හලෝ..
මේ ඩොක්ටර් අල්විස්ගේ නංගිගෙ පුතා, නලින කතා කරන්නේ ඉද්කෝලෙ ඉදන්. මගේ බාලදක්ෂ
ඇඳුම ගෙදර දලා ඇවිත්. අම්මා එද්දි ඉස්කෝලෙට අරන් එන්න කියන්න. ආහ් මේ ඩොක්ටර්
අල්විස් කතා කරන්නේ. මගේ නංගිගේ පුතාගේ ඇඳුම නංගි එද්දි ගේන්න කියන්නම් හරිනේ? කියලා
මාමා ෆෝන් එක තිබ්බා. ගෙදර ආවාම දුවන්න පාරවල් නෑ. ඈ බොල චූ කොල්ලො.. නලින කියන්නේ
මගේ නංගිගේ පුතා කියලා මං දන්නේ නෑ එතකොට? ඇත්තට ම ඒ කාලේ ඒ නම්බර් එකට ගොඩක්
කෝල්ස් එනවා. කවුරු ගනීද කියලා දන්නේ නැති නිසාත් මං කොයින්ස් දාලා කතා
කළ නිසාත් එහෙම විස්තර ඇතුව කිව්ව බව මාමාට කියලා යන්තම් ෂේප් වුනා.
අපි
ලොකු වෙද්දිත් මොබයිල් තියා ෆෝන්වත් තිබුණේ නෑ. මට තාම මතකයි විනාඩියට රුපියල්
එකොළහක් ගෙවලා තත්පර 59න් කට් කරන්න කතා කරපු දවස් තිබුණා. දැන්ටත් නම් විකුණනන්න
ඇවරි හරි දක්ෂයා. I’m Nalina
calling from අහවලාස් ඔෆිස් කියලා
පටන් අරන් වැල් බයිලා මරන්න ඇවරි දක්සයා. එහෙම කතා කළා ම අහවලා හෙවත් ලොක්කට පට්ට
වාසියි. කොක්ටේල් ඉන්විටේෂන් හම්බෙනවා. ඩිනර් අවුටින්. හැම්පර්ස් තව ෆැම් එන්න
කියනවා එක මඟුලයි. දැන් උඹ මාව විකුණලා එක එකීව ෆෝම් කළා නම් උඹ ම හැන්ඩ්ල් කරපන්.
ආ පලයන් ගිහිල්ලා හම්බවෙලා ම නළවලා වරෙන්. ඉබ්බා දියේ දැම්මා ම ඇන්නෑවෙ කිව්වාලු.
ආයෙ
කතාවට. සංගීතයට උපන් හපන් බාත්කණ්ඩේ ලියෝවෙක් හැටියටත් ගොඩක් ඉවෙන්ට්ස් කරලා
තියෙනවා. දක්ෂ පර්කෂන් ආර්ටිස් කෙනෙක්, වයලින්, ගිටාර්, කී බෝරඩ් ආදී හැම දේම
වාදනය කරන්න පුළුවන් පොරගේ යාත්‍රා කොන්සර්ට් එක (මොරටුව විශ්ව විදයාලයේ CMS එකේ) බලන්න ඇවරිතුමා විශේෂයෙන් මහරගම යූත් එකට යනවා. මට
මතක හැටියට ඒ දවස්වල පී.ඒ හිටපු රවුඩි බේබි ඇවරිතුමාට බුක් කරපු කැබ් එකත්
පරක්කුවෙලා පැය බාගයක් විතර පරක්කු වෙලා තමා කොන්සර්ට් එකට සෙට් වෙන්නේ. එච්චර
මියුසික් ෆෑන් නොවුනට ඇවරි මාතාවත් මේ ජිල්මාර්ට් එක බලන්න ගිහින් තිබුණා. ඒක
ගැම්මෙන් එක පවුලේ කල්ට් එක. කවුරු හරි පවුලේ කෙනෙක් පෆෝර්ම් කරනවා නම් අන්තිම
තත්පරේ හරි අපි යනවා.
පට්ට
ම සෝලෝ වයලින් පාර්ට් එකකුයි කන්ඩක්ටින්ග් වැඩකුයි කරපු ප්‍රමිදයා වගේ ම ස්ටෑන්ඩ්
බයි මී අකපෙලා එකත් පරණ සෙට් එක කියපු කේමදාසගේ සින්දු ටිකයි, නානායක්කාරවසම්ගේ
දේශනේයි හැම දෙයක් ම මම වින්දා. ඇත්තට ම අපූරු ප්‍රසංගයක්. ඊටත් අපූරු වැඩේ ඇවරිගේ
පර්ස් එක නැති වුන එක. ඒ දවස්වල පාවිච්චි කළේ ලෙදර් දිග පර්ස් එකක්. සෘජුකෝණාස්‍රාකාර.
සාක්කුවේ දාන්න බැරි තරම්. ඔය කියන දවසේ ෂෝ එකේ අන්තිමට ඔකෙස්ට්‍රා එක කර්ටන් කෝල්
එක ප්ලේ කරලා නවත්තලා ආපහු ප්ලේ කරද්දි ඇවරිතුමා මෙලෝ සිහියක් නැතුව හයියෙන් ම
අත්පුඩි ගහලා අවසානෙදි සීට් එකෙන් පර්ස් එක ගන්න අමතක කරනවා.
පර්ස් එක නැතිවීම
කෙසේ වුවත් ඇවරිතුමා ගොඩක් පශ්චාතාප වුනේ ප්‍රමියාට කීයක්වත් දෙන්න නැතිවුන නිසා. එක්කො
මල් ගෙනියන්න ඕන. නැතිනම් සල්ලි දෙන්න ඕන. දැන් දෙක ම නෑ. යුනි අයිඩී. එකයි. ආනන්ද
අයිඩී එකයි නැතුව අනිත් ඔක්කොම ප්‍රශ්නයක් නෑ. කාර්ඩ්ස් සී4 කැන්සල් කරන්න පුළුවන්නේ. කෝමත් මට අයි.ඩී දෙකක්
තියෙනවා. එකම නම්බරේට හැබැයි!
හැබැයි
වැරැද්ද පී. ඒ අතේ. එයා හිටිය නම් ඒ ඔක්කො ම එයා ගාවනේ. කෝමින් කෝම හරි ගෙදර ඇවිත්
පැයකින් විතර ප්‍රමියා කතා කරලා කිව්වා පර්ස් එක හම්බුනා කියලා. ඇහිඳපු කෙනෙක්
ඩීන්ට දීලා තිබුණා. ඊටත් දවස් හතරකට විතර පස්සේ ඇවරිතුමා පර්ස් එක ප්‍රොෆෙසර්ගේ
ගෙදරින් ගත්තා. ඒ අතින් මෝරලා පට්ට ආහ්. උන්ට වෙලාව තියෙන්නේ කෝම ද අප්පා මේවා කරන්න.
මට තේරෙන්නෙ නෑ. පුදුම බැලන්ස් කිරිල්ලක්.
ප්‍රමියා
ඉංජෙක් වුනත් මියුසික් අතහරින එකක් නම් නෑ. ඒක ෂුවර්. මොක ද ඌට තරම් කැපවෙලා ඒක
කරන්න පුළුවන් තවත් අයෙක් නෑ. මේ වෙලාවේ මගේ අනිත් කසිනා හෙවත් අපේ මනුවංශ
මාස්ටර්ගේ බඩපිස්සා සුදීප්ත ලේකම්ගේ කොලූ ගැනත් සටහනක් තියන්න ඕනෑ. සුදීත් 2019 පහුගියදා පළමු පන්ති සාමාර්ථයක් එක්ක සෞකලාවියේ උපාධිය හමාර කරනවා. ඊයේ පෙරේදා
දිසුර සංගීත නිකේතනයේ නියෝජ්‍ය කළමනාකාරතුමාත් වුන නිසා ඒ වෙනුවෙනුත් සුබ
පැතුම් එකතු කරනවා.
සුදීප්ත ලේකම්ගේ වෙන්ඩ ගාන්ධර්ව මලයා.. |
මේ වගේ රසයක් තියෙන ප්‍රෝ ලෙවල් සෞන්දර්යයවේදීන් අපේ පවුලේ
සිටීම වාසනාවක්. දුක කියන්නේ මුන් ඔක්කො ම එක දවසක එකට එකතු කරන්න බැරි එක. අපේ
අල්විස් වරිගේ මහ හූරා චමිත හෙවත් හිච්චි මහත්තයා ජපානයෙන් ලංකාවට ඇවිත් ඉන්න නිසා
පැදුරක් සෙට් කරන්න ප්ලෑනක් තියෙනෝ. ජනේරුවේ ඉඳන් ම රිද්මෙට රොක්වෙන්නයි කල්පනාව..
හොඳා.. හොඳා....
සංගීතය කිසිදා අප ආහාරය නොකර ගත්තෙමු. මන්ද ඒ අප සංගීතයට ආදරය කල නිසාය. සත්තකින්ම කිසිදු දිනෙක සංගීත පංතියක හිටගෙනවත් නොසිටි මුත් ඇසුවේ සරල සාස්ත්‍රීය ගීත ලෙස ගුවන් විදුලියෙන් ලේබල් කල් ගීතය. "හෝපලු වනපෙත" සිට "මාරම්බරී" තෙක්ද "කුණ්ඩුමණී" සිට "අඳුර අඳුර මගේ" තෙක්ද ඉන් අනතුරුව ගසල් බජන් ද රසවින්දෙමු.
ReplyDeleteඒ සියල්ල ඇඟෙන් ආකොටින්ම බොක්කෙන් ආ ඇම්මකින් මිසක රැල්ලකින් ගලා ආ දෙයක් නොවේ. සත්තකින්ම එවන් ශාස්ත්‍රීය මට්ටමේ මෙන්ම සරළ ගී ගැයෙන පැදුරක් යනු මගෙත් සිහිනයකි! මට නැතත් ඔබට එය ඉක්මණින්ම රස විඳින්නට ලැබේවා!
බොහොම ස්තුතියි කොමෙන්ටුවට... ඔබේ චාරිකා සටහන් කියවමින්...
ReplyDelete