Friday, June 29, 2018

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ හෙවත් චිංචි අක්කාගේ දාන පාරමිතාව...


මේ කුජීත අවස්ථාව ළමා නිවාස දානය අහවර කරලා අපි නයිට් විෂන් දාලා කෑම කන වෙලාව...
මයිනාතුමාට දානය සරි කරන්නේ අර කියාපු චිංචි අක්කා ඉදලානි තමා.
මෙහා පැත්තේ ඉන්න තැඹිලි සාරිය මේ පින්තූරෙට අදාළ නෑලු හොඳේ....!





























ඇවරිතුමා ධර්ම විද්යාලයේ දරුවන්ට ධර්ම දානය දෙන්න දාස වෙලා වැඩ රාජකාරි ඉටු කරන බව සලාද කියවන ඈයො දන්නවා ඇති නෙව. 2018 පළමු නිවාඩුව ඇවරිතුමාට පහුගිය දවසක ගන්න සිද්ධ වුනේ රාජකාරීමය කටයුත්තකට කණ්ඩලමට යන්න තිබුණ නිසා. රාජකාරි කියන්නෙත් චැරිටි තමා. කටයුතු ගැන වෙන සලාදයකින් ලියන්න හිතාගෙන නිවාඩුවෙන් පස්සේ ඇවරිතුමා ගිය දහම් පාසල් ගිය ඉරිදා දවස ගැන කෙටි සටහනක් ලියන්නයි කම්පනා කළේ.
කියන්න බැරි වුනා නෙව අපේ දහම් පාසලේ කාලීන වැඩසටහන් යටතේ මව්පිය ගුණ සම්භාවනා වැඩසටහනක් හේම කළා. ඒක අපේ ඇත්තෝ ඔය හිතාන ඉන්න අම්මා තාත්තා දෙන්න ගෙන්නවලා දණ ගහලා වැඳලා ගුණ කියවන වගේ වැඩක් නෙමෙයි. මේක බොහෝ සෞන්දර්යාත්මක වැඩක්. මව්ගුණ පිය ගුණ ඇතුළත් ගීත දරුවන්ට ඒවායේ අදහස් තේරුම් කරමින් ළයාන්විතව ගායනා කිරීමයි මෙහිදී සිද්ධ වුනේ.
වැඩසටහන මෙහෙයවීම සිදුකළේ වසරේ හෘදයාංගම පූරකයා වශයෙන් ඊට කලින් දා රාත්රියේ රයිගම් සම්මානයෙන් පිදුම් ලද මහේෂ් නිශ්ශංක මහතා. මහේෂ් අයියා පුරුදු හිනාවත් එක්ක හැමදේට සන්තෝෂයි, සන්තෝෂයි කියාගෙන ඉතා කුළුපගව අපිත් එක්ක වැඩේ කරගෙන ගියා. ඔහුගේ ගායක මණ්ඩලයත් හොද සහයෝගයක් දුන්නා. ජීවිතේ අපිට හමුවන, අපිට ආදරේ කරන, ආදරේ කියන, හැමෝ එක සිතුවිල්ලකින් හරි අපිව අත්හරිනවා. එහෙම සිතුවිල්ලකින් හරි අත් නොහරින්නේ අම්මා - තාත්තා විතරයි කියමින් තමුන්ගේ මෑණියන් රෑ එළි වෙනකම් ඇඳුම් මහලා ඉදිමුණු කකුල් ඇතිව ඔහු පාසල් යවා ලොකු මහත් කළ අතීතයත් මතක් කළා.
ඇවරි මහේෂ් අයියාගේ සිහිනයකි රෑ හැමදාම බලනවා. බලනවට වඩා ඒක පොඩ් කාස්ට් එකක් හැටියට කන්වර්ට් කරලා අහන්න ඇවරිතුමා ඉතා කැමතියි. මොක දුර ගමන් යද්දි එක දිගට සින්දු අහන්න ගියාමත් එපා වෙනවනේ. අනික මහේෂ් කියන දේවල් නිස්කාන්සුවේ හිතන්න සෑහෙන්න තරමේ නිදහසක් ලැබෙන්නෙ තනියෙන් ට්රැවල් කරද්දි විතරයි. ඒක නිසා පොඩ් කාස්ට් හරි වටිනවා.
මේ කියන දවසේ අපිට තිබුණු ලොකු අභියෝගය වෙසක් දානය ගැන තමා මොකද දාහක් පමණ වන උවැසි උවැසියන්ට වෙසක් පෝ දින හීල් දානය වාර්ෂිකව පවත්වනන්නේ ධර්ම විද්යාලයේ අනුග්රහයෙන්. මදිවට එදා අවුරුදු නිවාඩුව දෙන දවස. අස්සේ ශිෂ් සමිතිය. ඇවරිගේ පන්තියේ දරුවනුත් සඳහා සහභාගී වුනා. ඇවරිතුමාගේ පන්තියේ දරණි දුව පැණ මඩ කඩිති සින්දුව ශිෂ් සමිතියේ කියලා පස්සේ ඇවරිතුමාව මුණ ගැහිලා නියම කතාවක් කිව්වා. සර්, සින්දුව මං කිව්වේ සර්ට.. අපේ ළමයි දහම් පාසල් එන කාලෙකත් සර් දහම් පාසල් එයි. ඒකනම් ෂුවර්. පොඩිකමට කෙල්ල එහෙම කිව්වට ඒක එහෙම වෙන්න පුළුවන් විත්තිය කල්පනා කරපු ඇවරිතුමාට තනියම හිනාවක් ගියා
ශිෂ් සමිතිය පවත්වන්නේ ළමයින්ගේ කුසලතා එළිදක්වන්න නෙව. දැන් ඔය ලංකාව දන්න රණසිංහ ප්රේමදාස ජනාධිපතිතුමාත් ඇවරිගේ ධර්ම විද්යාලයේ ආදි ශිෂ්යයෙක්. එතුමාගේ පන්තිභාර ගුරුවරයා කේයස් හෙවත් කලල්ඇල්ලේ ආනන්ද සාගර නැතිනම් සාගර පළන්සූරිය ප්රේමදාස ශිෂ්යයාට කතාවක් කරන්න කිව්වා ඔහු පුටුව යට හැංගිලා තියෙනවලු. නමුත් පස්සේ ලංකාව හොල්ලන තරමට කතා කරපු ජනාධිපතිවරයෙක් වුනා. වගේ ළමයින්ට ගුරුවරුන් පුදුම කරවන්නත්, ගුරුවරුන්ට ළමයින් පුදුම කරවන්නත් ලැබෙන අවස්ථාවක් තමා ශිෂ් සමිති කියන්නේ. කවි සින්දු ගායනා නෙමෙයි. දැනුම මිනුම තරග, නාට් වගේ ලොකු ලොකු ව්යාපෘතිත් එහි තියෙනවා
එදා නම් ඇවරි ඒවාට එපමණ සම්බන්ද නොවුනේ දානකටයුතු කට ළඟට ඇවිදින් තිබූ නිසා. දාන ලේඛන සමාලෝචන සටහන් සෑදීම බාරගත්තේ බුදාරා, සමාරා සහ වින්දනා. වින්දනා මැතිනිය අයිස් නේ. ඉතිං අනිත් අංගනාවන් දෙන්න තමා ගොඩක් වැඩ කළේ අම්මපා. ඉඳිආප්ප විසිපන්දාහක් කිව්ව පොඩිද? පොල් සම්බෝල, ලූණු තෙල් දාලා, පරිප්පු ආදී ගොඩක් දානෝපකරණ ප්රමාණයන් එකතු කරලා මදිපාඩු සොයාගන්න ඕන. නැත්නම් එව්රිබොඩි තින්ක් සම්බොඩි වුඩ් ඩූ ඇන්ඩ් නෝබොඩි ඩස් තමා. බාරගත්ත දානෝපකරණ වුනත් කෝල් කරලා රී කන්ෆර්ම් කරගන්න ඕන. නැත්නම් ඒත් එක ආනිශංසය තමා. පන්තිවලින් අඩුවෙන් එකතු වුනත් පාලක මැදිරියේ ඇත්තෝ ඒවා ගානට බැලන්ස් කරගන්න ඕන. නැත්නම් අන්තිමේ ජාතිය අමතද්දි උත්තර බඳින්න වෙනවා දානය මදිවීම සම්බන්ධයෙන්. ඔය දේවල් නිසා හෝම්ව්ර්ක් අපි හරියට කරලා ඉන්න ඕන.
අලකලංචි අස්සේ විහාරමහා දේවි ළමා නිවාසයට රාත්රී ආහාර දානයක් දෙන්නත් අපේ ශිෂ් නායක පිරිස ඉරිදාවෙ යොදාගෙන තිබුණා. අපි හැමෝම මහන්සිවෙලා දාන ලේඛනවල වැඩ හමාර කරද්දිත් ශිෂ් නායකයො ළමයින්ට ගෙනියන්න තෑගි සූදානම් කරනවා. පොත්, ගම් බෝතල්, පුයර සහ ඕඩික්ලෝන් ඇතුළත් තෑගි ඇසුරුම්වල වැඩ අහවර වෙලා නැති නිසා ඇවරිතුමා ඇතුළු කණ්ඩායම වැඩේටත් එන්ටර් වුනා. අහු අස්සේ අයිස් රාජිනිය මිසින්. ඇවරිතුමාට අභිනයෙන් කතා කළ බුදාරා ගේට්ටු කණුවක් බදාගෙන හිටි අංගනාව කැමරාවට අහු කරගත්තා. මැඩම් අපි යන්න කියලා. ඔබතුමී මල් කැඩුවට කමක් නෑ. මේ ගේට්ටු කණුවෙන් බැස්සනම් හොඳයි. අනේ අම්මාපල්ල මේ කෙල්ලන්ගේ කැටයම්. මල්හෝත්රාව ෆෝන් එක කණේ ගහගෙන ගේට්ටුවේ එල්ලිලා එහාට එකපාරයි මෙහාට එකපාරයි ගේට්ටු පදිනවා. මොන ජීවිත චාමර මෙව්වා??
ළමා නිවාස දානය ගැන දන්න නිසා ඇවරිතුමා වහා තමුන්ගේ දායක පින්වතුන්ටත් වග මතක් කරමින් පිනට ඇදලා ගන්න අමතක කළේ නෑ. මුලින් කතා කළේ මිනෝලි මැතිනියට. මචං හවසට ළමා නිවාසෙට වරෙන් කිව්වත් කෙළි සිඟිත්ත නිසා මැතිනිය පැමිණීම තහවුරු කළේ නෑ. ඊළඟ ඇමතුම මයිනාට. මහ බැංකුවේ වෙන්න අධිපති මහේෂ නිර්මාල් හෙවත් මයිනා මහතා ඉදිරිදාවෙත් ඔෆිස්. බජට් එක තාම ඉවර නෑ බං. මං අදත් වැඩට ආවෙ අයි.එම්.එෆ් යන චාර්ට් වගයක් අඳින්න. බොහොම බැරෑරුම් රාජකාරියක් කරන එතුමා වුනත් ඇවරිගේ කීමට එන්න පොරොන්දු වුනා.
බුදුන් පවා චිංචි මානවිකාවට සමාව දුන්න එකේ ඇවරිත් ලෝකල් චිංචිං නෝනා හෙවත් සුලාටත් ඉන්වයිට් කළේ එතුමිය ළමයි සම්බන්ධ පින්කම්වලට බොහොම කැමති නිසා. වෙද්දිත් මැතිනිය ඉරිදාවෙ කඩුවෙල අසපුවේ දී ලේ දන්දීලා උඩු කුරිඤ්ඤං ගහලා හිටියේ. පයින්ට් එකක් ගත්තා බං මට මේ පණ නැතුව ඉන්නේ. අනේ මේ අලියට පෑගිලත් ඔය හොඳින් ඉන්න බොට ලේ පයින්ට් එක කජ්ජක් සුලා කිව්ව අනිත් පැත්තේන් ඇහුණ වචන සෙට් එක ලියන්න තරම් ශිෂ්ට නෑ ඉතිං.

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....