Monday, June 4, 2018

ඇවරි හාමිනේගේ අයි ෆෝ්න් අඩව්ව හෙවත් මෝඩයාගේ ගෑනු සතා මෝඩිය වීම


මේ නම් ඇවරි හාමිනේ අල්ලපු අඩව්වක් ගැන කතාන්දරයක්. සාමාන්‍යෙයන් ඒ උත්තමාවිය ගැන කතාන්දර පබ්ලිෂ් වෙනවා අඩුයි. ලියවුනත් ඒවා වට්ස්ඇප් හරහා ෂෙයාර් වෙනවා මිසක් බ්ලොග් එකට එන්නේ නෑ නෙව. එතුමිය බෝම කරුණාවෙන් ඇවරිතුමා ඉවසගෙන මේ හැම ඇවරියා වෙන්චර්ස් එකකට ම හාන් හූන් කියමින් සියල්ල බැලන්ස් කරන චරිතයක්. මැඩම් වඩා කැමති තිරය පිටුපස වේදිකා පරිපාලනය වගේ වැඩවලට. ඔය රඟන වැඩ එතුමියට ටිකක් දිරවනවා මදි. She is a girl of her own. ඇවරිතුමා ප්‍රතිපත්තියක් හැටියට එයාව වෙනස් කරන්න යනේනේ නෑ. As it is. බාරගන්නවා මිසක්.

ඒ අප්සරාව කොච්චරවත් ඇවරිට සප්‍රයිස් ම තමා දෙන්නෙ. අනික විශ්වාස කළ නොහැකි තරම් ම ඒකාධිපති චරිතයක්. මොනව හරි කරන්න ඕන වුනා ම, රට වටේ ම ඉන්න මිනිස්සුන්ගේ උපදෙස් විචාරන එතුමිය අවසානයේ ඇවරිතුමා එක්ක ඒවා සමරයිස් කරනවා. හැබැයි අන්තිමේ දී එතුමිය කැමති ඔප්ෂන් එකට යන බව ඇවරිතුමා අත්දැකීමෙන් දන්නවා. හිටපු ගමන් ඇයි ඒක නෙමේ ද ගත්තේ කියලා ඇහුවොත්. නෑ ඔයාට ඕන වුනේ මේකනේ. ඉතිං මම ඒක ගත්තා වගේ ආන්දමික වැඩත් කරනවා. කෙටියෙන් ම කිව්වොත් එතුමිය පුල් මාර්වලස් චරිතයක්. හැබැයි මල පැන්නා ම ජය මෑ කාලි වගේ තමා.

මේ කියන දවසේ රාජකාරීමය වැඩකට ඇවරිතුමා හිටියේ කණ්ඩලමේ. කණ්ඩලම හෝටලයේ ප්‍රනාව් පුන්‍ය පදනමේ ක්‍රිකට් උපකරණ බෙදා දීමේ වැඩසටහනකට ඇවරිතුමාට සහභාගී වෙන්න තිබුණා. ඒ ගැන වෙන ම ලියන්නම් කෝ. මැතිනිය දවස පුරා ම යම් යම් අප්ඩේට්ස් එව්වත් හවස එතුමියගේ මෑණියන්දැගේ ෆෝන් එකෙන් මට ඇමතුම් කීපයක් ම අරන් තිබුණා. සාමාන්‍යෙයන් ඇවරි හාමිනේ හේම ෆෝන් එකේ ම එල්ලිලා ඉන්න චරිතයක් නෙමේ. නමුත් මොකක් හරි අවුලක් කියල ඉවෙන් වගේ දැනගත්තු ඇවරිතුමා කට්ටට බෙර ගහන්න හිතාගෙන ශාන්ත ස්වරයෙන් ඊළඟ ඇමතුමට උත්තර දුන්නා.

බූ මොකෝ අම්මගේ ෆෝන් එකෙන්..? ඉතිං කෝමද? ඕල් ඕකේ නේද? ඔයාට මම එව්ව මසේජස් ඩිලිවර් වෙලා තිබුනෙ නෑ? ආ ඒවා මං බලන්නම් අනේ.. ඔහේ වැඩ ෂේප් නේහ්? මං ප්‍රශ්නයක් අහන්න ද? ඔයා ඉතිං ප්‍රශ්න පත්තරක් නේ. අහන්න අහන්න. වඳුරාගේ ගෑනු සතා මොකාද? වැඳිරී... වැද්දාගේ ගෑනු සතා මොකාද? වැද්ද මනුස්සයෙක් නේ. සතා කියන්න එපා ඉතිං. වැද්දාගේ ස්ත්‍රීලිංග පදේ වැද්දි... එතකොට මෝඩයාගේ....? මෝඩි නේ ඉතිං. තැන්ක් යූ බබා...!! අපේ අම්මත් ඔය ටිකම කිව්වා. හප්පා මොකක්ද කරගත්තේ? ඔයාට එහෙම ක්‍රෙඩිට් එකක් ලැබෙනවා කියන්නේ ජින්ජි බිරානා තමා.

ලොස්ට් මයි අයිෆෝන්. දැන් රින්ග්ස් යනව ද? ඕකේ කොහේ දි ද? ටුක් එකේ. ඇයි ටුක් හා අද කාර් එක ගෙනිච්චේ නෑනේ..? මං පික් මී එකට කතා කළා ද? පාරෙ ටැක්සියක ආවෙ. මං කොච්චර ඔයාට කියලා තියෙනවා ද පික් මී එකක එන්න කියලා. අහන්නේ නෑනේ මෝඩ ගහ. ආහ් දැන් ඔයා පික් මී එකක ගිහින් ටැබ් එකක් නැති කරගත්තෙ. හම්බවුනා ද? මට සද්ද දාන්නෙ...!

හරි හරි.. දැන් ඉතිං අපි මේක හොයා ගන්න බලමු. මම ඩිනර් එකට යන්න ඕන. ගිහින් ආපු ගමන් ගන්නම්. ඔයා ඉමි එකයි අනිත් ඩොකියුමන්ට්ස් එහෙම හොයාගන්න කෝ. බොක්ස් එකේ ඇති. ඇවරිතුමා රාත්‍රී කෑමවේලට ඉඳලා ආපහු කාමරේට ආපු සැණින් මැතිනියට ගත්තා.   

තාම රින්ග්ස් යනවා. කවුරුත් ගන්නේ නෑ. බූ මට හි‍තෙන්නේ ඔයා ගෙදර ම කොහේ හරි දාලා ඇති. සයිලන්ස් නේහ් ඇත්තේ නේද? ඒක හාමිනේගේ තවත් පුරුද්දක්. රින්ගර් ඕෆ් කළා ම ආයෙත් ඕන් කරන්න බුලත් දෙන්න ඕන. ඇවරිතුමා නම් කළුබෙරි ජංගමයා කාමරේ මේසේ උඩින් තියන්නේ ලවුඩ් දාලා. නිදා ගන්නා ඕන වෙලාවක එහෙමයි. ඇවරිතුමාගේ දුරකථන පාවිච්චිය සම්බන්ධ එතික්ස් ඉතා හොඳයි. කොච්චර කරදරකාරයෙක් වුනත්, මොන ම අවස්ථාවක වුනත් ෆෝන් ආන්සර් කරනවා. මඟඇරෙන ඇමතුම්වලට හැකි ඉක්මණින් ආපහු කෝල් කරනවා. මොක ද අපි කරන වැඩත් එක්ක කොහේ මොකක් වෙලා ද දන්නේ නෑනේ. විශේෂයෙන් ම නොදන්නා අංක වලින් ලැබෙන ඇමතුම්. අනික කොච්චර අමාරු වුනත් ඒ කෝල්ස් හරහා එන පණිවිඩ ගන්නත් ඒවායෙ එන ඉල්ලීම් ඉටු කරන්නත් තමා අපි ඉන්නේ. 24/7 හදිසි උපකාරක සේවය..  

උත්තමාවිය වැළහින්න වගේ අඬනවා ඉතිං. ගෑනු ළමයින්ට ෆෝන් එක කිව්වම සියල්ල ඩොට් කොම් නේහ්. ඇවරිතුමා බොහොම ඉවසීමෙන් ඇගේ සෝකාලාපය අහගෙන හිටියා. ඔයා ගෙනත් දුන්න කවර් එක බබා. අනේ මගේ ෆෝන් එක. දැන් රින්ග් කරන්න එපා. මොනව කරන්නත් බැටරි තියෙන්න ඕන. ඇපල් අයි. ඩී එක දාලා ෆයින්ඩ් මයි ඩිවයිස් එකෙන් ට්‍රැක් කරමු. කාර්ඩ්ස් බ්ලොක් කරලා, සෝසල් මීඩියා එකවුන්ට්ස්වල පාර්වර්ඩ් මාරු කරන්න. ඩිවයිස් එක ඉරේස් කරනව ද නැද්ද කියලා හිතන්න. උදේට පොලිසියේ පැමිණිල්ලක් දාලා ටී. සී. ආර්. එල් යමු. ඔයාට දැන් එක්ස් එකක් ම ගන්න පුළුවන්. මෙහෙම පොර ටෝක් ඉෂූ කළාට මේ වෙනකොටත් අයි ෆෝන් එක කෑලිවලට යන්නත් පුළුවන් බව ඇවරිතුමා දැනගෙන හිටියා. දුක් වුනා කියලා වැඩක් යැයි. ඇවරිත් ටැබී නැති වුන වෙලාවෙ අනේ මගේ රන්මුතු වල්ලියා ගොනා කිය කිය හූල්ලමින් විරවපට්ටම් ගහලා හිටියේ.

පහුවදා උදේ ම මැතිනිය පොලිසි ගිහින් විදුලි සන්දේශෙටත් ගිහින් පැමිණිලි කරලා තිබුණා. ඒ වෙද්දි ඇවරිතුමා නැවතත් කොළඹට පැමිණෙමින් හිටියේ. මේ ඔයා ඩයලොග් එකවුන්ට් මැන්ජර්ට කතා කරලා බලන්නකෝ. මම මිනිස්ටර්ගෙ පර්සනල් ස්ටාෆ් එකේ කොන්ටැක්ට් එකකටත් ගත්තා. ඔයාට පිස්සු ද නැත්නම් හැටි ද දරුවෝ. මම අපේ එකාට ගන්නම්, ඒත් මිනිස්ටර්ව ගාව ගන්නේ මොකට ද?

නෑ අනේ මේක ලංකාවනේ. නැතුව වැඩක් කරගන්න පුළුවන් ද හොඳයි? ඇවරිතුමා මුකුත් කිව්වේ නෑ. ගෑනු එහෙමයි. මිනිස්සු තමුන්ගේ පුද්ගලික අරමුණු වෙනුවෙන් යන්න පුළුවන් උපරිම දුරක් යනවා. ඒකේ ලොකු වරදක් නෑ. නමුත් හැමෝ ම එහෙම කළොත් ඇතිවන තත්ත්වය ගැන ඇවරිට හිතාගන්න පුළුවන් වුනා. ඒ අතින් වෙලාවට ඇගේ ජංගමයා නැති වුනේ. ප්‍රෙන්ස්. නැත්නම් සදා සොත්ථි ම තමා.

මැතිනිය කළොත් ලොවෙත් ඔයාකාර හිට් එකක් තමා. ඇවරිතුමාගේ ඩ්‍රාමා ක්වීන් හාමිනේ මෑතක දී දුන්න හොඳ ම වස්තිය ඒක. පහුවදා ම ඕ තොමෝ එක්ස් එකක් ගත්තා. දැන් නැතිවුන එක ගැන වගේ වගක් නෑ. තාම උන්ගෙන් අප්ඩේට් එකක් නෑ බබා. ඩිවයිස් එක ඉරේස් කරමු. අවසානෙට ඉරකි තිතකි තමා...!

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....