Friday, June 29, 2018

ලිනාරි රප්හේලා දැකුම් පොජ්ජ මන්දු කිරීම හෙවත් කෙල්ලන්ගේ කන් විදින විට ඇවරිගේ නාහෙ විදීම...






ඇවරිතුමාගේ අතිජාත මිත්‍රයන් කොයි තරම් දුරින් හිටියත් ඇවරිතුමා අමතක කරන්නේ නෑ. ඇවරිතුමාට දීර්ඝ කාලීන මිත්‍රයන් නෑ. මොකද කිසිම කෙනෙක් ඇවරිව එච්චර කාලයක් ඉවසන්නේ නෑ. එහෙම ලෝන්ග් ඩෙස්ටිනේෂන් ෆ්‍රෙන්ඩ්ෂිප්ස්, ඇවරිතුමා තියාගන්නේ නැහැ. මොක ද ඒක ටිකක් අපේ ප්‍රොපගැන්ඩාවට කරදරයි. ඒක නිසා මගින් කවුරු හරි දාගත්තත් ඊළඟ හෝල්ට් එකෙන් බස්සලා අපේ ගමන අපේ පාඩුවේ යන්න තමා ඇවරි කැමති. එහෙම අපි කාත් එක්කවත් මිත්‍ර නොවුනාට කා එක්කවත් තරහා නෑ. අපි වතුර වගේ බ්‍රෑන්ඩ් එකක්. අනිත් හැමෝගෙ ම උස් මිටිකම් ඉවසන, කිසි දවසක ඒවාට වචනයකින් වත් අගලු නොතියන, හාම්, හූම් එහෙම ද විතරක් ම අහන චරිතයක් ඇවරි. එතකොට චීත්ත ඇවරියා කියන්නේ ඇයි දන්නෑ. යකෝ වනිතා කටයුතු මගේ අමාත්‍යාංශය. ඉතිං චීත්ත තමා.
අනික් අතින් අපි බොහෝ බරක් ඇති සන්නාමයන්. අනෙකාට දැනෙන්න ජීවත්වෙමින් අනෙකාව ජීවත් කරවීම අපේ කලාව. හැබැයි ඇවරිගේ බොක්කේ ම යාළුවො කියන්නෙ ඇවරිතුමාගේ පවුලේ කොටසක්. පවුලෙ අනික් හතර දෙනා ම එයාලා ගැන දන්නවා, ඒක නිසා ඒ අය ගැනත් ඇවරිතුමා කොච්චර බිසී වුනත් වැඩිපුර සැලකිල්ලක් දෙනවා. රහත්නි සත්‍යාංගි එහෙම චරිතයක්. ඇවරිතුමාගෙ සරසවි මිතුරියක වූ ඇගේ වෙඩිමටත් ඇවරිතුමා ගියා. එක්සත් අරාබියේ සෙට්ල් වෙලා දැන් ඩබල් ඩෙකර් වෙලා, සත් ගුණවත් මවක වූ ඕ තොමෝ පහුගිය දවස්වල ලංකාවට ආව.
“හෙලෝ ඇපෙක්ස් හනිමුන් සේවාව? අපිට හනිමුන් එකට හෝටලයක් බුක් කරන්න පුළුවන් ද? අනිවා මැඩම් ඩබල් රෑම් විත් බේබි කොට් නේද? ඔව් ඔව් හැබැයි දැන් නම් ඒක ටුවින් කරලා ටූ සෙපරේට් බෙඩ්ස් දැම්මත් කමක් නෑ. සිරාවට ඉබ්බි. කියපන් ඉතිං... කොහෙද උඹ ගොඩබාපු වෙලේ ඉඳන් ම ඇවිදිනවනේ බන්. අල්ලන්න අමාරුයි නේ. ඔයාට කියන්න, පොඩි එකීට රෝද හයි කරලා වගේ අනේ, අපිත් එක්ක නුවර, කුරුණෑගල හැමතැනම ගියා. අපි අයෙෂ්වත් බලන්න ගියානේ.
කුමාරයා දැන් එන්නෙ නැද්ද මාව බලන්න...? උඹේ මොනවා බලන්න ද බන් දැන් ගජමන් නෝනා වගේ තබ්බදෝරුවක් නෙව. ඔන්න කෙලී බලන්න නම් එන්න ඕනෑ. සෙනසුරාදාවක ලෙක්චර්ස් එන ගමන් එන්නම්. ඒකත් රෑට හොඳේ. හා එහෙනම් කන්ෆර්ම්ඩ්. සතීගේ අලුත උපන් කෙලි පොඩිස්සිය රනාලි රප්හේලා බලන්න යන්න ඇවරිතුමා දින වකවානු නියම කරගන්නෙ එහෙම. වහාම කාරණය දිනපොතේ අප්ඩේට් කළ ඇවරිතුමා තමුන්ගේ ලේකම්තුමියට කරාබු දෙකක් තෝරන්න කියලා පණිවිඩයක් තිබ්බා. රනාලි අම්මා දාපු නම. රප්හේලා තාත්තාගේ සම්මාදම. ඩයරිය සින්ක් වෙන නිසා නම දැකපු ඈයො ඒ නමට ගොඩක් කැමති වුනා. 
ඊළඟ කාරණේ සත්ට ගෙනියන දේ. ආහ් සතී බලන්න යන පළමු පාර නෙමෙයි මේ. ඇවරිතුමාට මත හැටියට අපි කැම්පස් ඉවර වෙලා සත් මුලින් ම රට යද්දි ඇගේ උපන්දින ප්‍රිය සාදය සමරන කොටත් ඇවරිතුමා Happy Birthday Sath කියලා ලියපු දිග බැනර් එකක් එක්ක තෑග්ගක් ගෙනිච්චා. ආයෙත් සැරයක් අඹ චට්නියක් හදාගෙන ගියා. තවත් පාරක් උදේ පාන්දර හතරයි ගානෙ ෆ්ලයිට් එකක සත් එද්දි තුනට නැඟිටලා නිදිගැට කඩ කඩ එයාර්පෝර්ට් ගිහින් හතට විතර ඇගේ මීගමු ගෙදරදී උදේ කෑම කෑවත් මතකයි. ඒක නිසා කොහොම කොච්චර බිසී වුනත් ආව කිව්වොත් එතුමිය බැහැදකින්න යන එක නිල කටයුත්තක් වන තරමට ම වැදගත් දෙයක් වෙලා. මේ පාර කෑම හැදීමේ කොන්ත්‍රාත්තුව ඇවරි දුන්නේ පැණි වළලු චක්‍රවර්තී විරුදය ලත් ආදර රන් මැණිකාට.
වැඩ කටයුතු මෙහෙම ප්ලෑන් වෙන අතරේ ලේකම්මිටිය කෝල් කරලා නැති ප්‍රශ්නයක් පටලවනවා. දැන් කරාබු දෙන්න ඔයා දන්නවා ද ඒ කෙල්ලගේ කන් විදලා ද කියලා...? හරි හරි කෙල්ලෙක්නේ ඉෂ්. ආයෙ කාරාබු නැතුව මොනවා දාන්නද? පොඩි කෙල්ලගෙ කන් විදිල්ල කෙසේ වෙතත් ඔයාගෙ නම් නාහෙ විදලා අනේ..! මාස කීය ද ඒ ළමයට තාම කන් විදලත් නෑ. සුපුරුදු පරිදි මගේ ලේකම්තුමිය කාන්තා කටයුතු සම්බන්ධයෙන් ඇගේ කෘතහස්ත, පෘථුල ඥාන මහිමය පැය ගණනාවක වට්ස්ඇප් කෝල් එකකින් ලඝු කොට දැක්වීම නිසා ඇවරිතුමාට දිව හපාගෙන අහගෙන හිටියා. හරි ඉෂ් මොකද්ද ඔප්ෂන් එක. අපි මොනව ද ගන්නේ. මං කියන්නම් හැබැයි මටත් මොනාව හරි අරං ඕන. ඔයාට බුල්ටෝ ටොපියක් දෙන්නම් මයෙ අම්මා ඉක්කණට කියන්නකෝ මොනා ද දෙන්නේ කියලා. බුට්ටෝ ටොපිය තියාගෙන රෝල්කරලා, ගහගන් ඔයාගෙ...---- ගේන එක මං ගේනත් පෙන්නම්. ගොන් උලමා.
ඇවරිතුමාට තාම ප්‍රෙෂර් නැති නිසා ඉතිං හොඳයි. නැත්නම් මේ ගොජබි ගොබිලි කරන වැඩ වලට ඩේලි බේසිස් උඩුකුරුඤ්ඤං ගහන්න වෙන්නේ. දැන් ඉතිං මොන හාතයක් උස්සන් එයිද මන්දා. කෝම උනත් ඇගේ සෙන්ස් එක ගැන දන්න නිසා ඇවරිතුමා කලබල වුනේ නෑ. හැබැයි පොඩි චකිතයක් නොතිබුණා නෙවෙයි. මට රවනා එතුමිය සීට් එකට ඇවිල්ලත් වැඩියෙ කතා බහ කළේ නෑ. 
ටිකක් සැරට ම බිසී වුන නිසා ඒ ඇගේ උදහස ගැන සොයාබලන්න වෙලාවක් ලැබුණෙත් නෑ. කාන්තා පාර්ශවේ ඇත්තෝ් සාමාන්‍යයෙන් තරහා එකතු කරගෙන ගොඩ ගහගන්න දක්ෂයි නෙව. පස්සේ මුරුගසන් වරුසාව වගේ කඩා හැලෙන්න ගන්නවා දොඹෙන් ආයෙ. ලේකමීගේ නිහඩතාවය මත ඉතා ආසන්නයේ  බෙංගාල බොක්කේ අවපීඩයක් ඇති විය හැකි බව දැනගෙනත් ඇවරි ගිනි කන්ද පුපුරනකම් හිටියේ ලාවා බලන්න ආස නිසා....!!



No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....