Friday, June 29, 2018

මාස්ටර්ගේ බූස්ටර් ප්ලෑන හෙවත් ෆන් විත් ඇවරීස් ඒන්ජල්ස් | බැති ගී 1


මේ ඉන්නේ මයිනාතුමා ප්‍රධාන නිල නිවේදක මඩුල්ල... අර ඩ්‍රොන් එකෙන් කොලේ මිසින් වුන පුතා අඩුයි හැබැයි..!
ගෙවුන කාලෙ ඇවරිවිතාන මැතිතුමා බොහෝ මහන්සි වුනේ අපේ චැරිටි ප්‍රෙජෙක්ට්ස් ටික ගොඩ දාගන්න. අනුමත පුන්‍ය ආයතනයක් වන ඇවරිතුමා පින් කකුලක් ලෙස බෞතීස්ම ලැබුවෙ මේ අවුරුද්දෙ මුල් කාර්තුවෙදි. හෙඩ් ඔෆ් චැරිටි නැත්නම්, චැරිටියා කියලා ඇවරිතුමා ආයතනික වශයෙන් හඳුන්වන්නේ ඔෆිස් ගියත් චැරිටි වැඩ ම නිසා. ඒ අතින් විනෝදාංශය ජොබ් එක වුනා ම වෙනම ගතියක් තියෙනෝ.

අද නම් මේ තකහනියේ සලාදයක් ලියන්න ආවෙ අපේ බැති ගී සරණිය ගැන වචනයක් කොටලා යන්න. ඒකත් අපේ මයිනාතුමා කළ ආරාධනයක් නිසා. දහම් පාසලේ බැති ගී සරණියක් අන්තිමට කළේ 2015 අවුරුද්දේ. සාමාන්‍යෙයන් නිවාඩු අඩුවෙන් ගන්න ඇවරිතුමාගේ වසරේ නිල නිවාඩුවලින් එකක් පොසොන් පෝයට වෙන් වෙනවා. 2015 ඊ මේල් එක ම ෆෝවර්ඩ් කළ නිසා ලීව් ඇපෘ වුනා. මේ ඉවෙන්ට් එක පිටිපස්සේත් කතාන්දර ගොඩක් තිබුණත් ඉස්සෙල්ලා ම දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීමක් වෙනකම් ගිය ගමන ගැන පුංචි සටහනක් තියන්න හිතුවා.


ඒ අතීත කතාව පටාන් ගන්නේ ඇවරිගේ බාත්රූම් එකෙන්. ඇවරිගේ පුද්ගලික නාන කාමරය කියන්නේ කොන්ඩොමියම් ඔෆිස් එකක්. ඒකේදි තමා බොහෝ ෆෝන් කෝල්ස් ගැනෙන්නේ. තව කිව්වොත් දවසේ සමරිය බලන්නේත්, ඇවරිගේ අඩහඳයා ඔරිජිනල් ඇවරියා හම්බවෙන්නෙත්. එයා ඉන්නේ එහි ඇති මිනිහා උස කණ්ණාඩිය ඇතුළේ. ඇවරිතුමා දවසක් තමුන්ගේ කෝමල රේඛාවන් අඟලක් නෑර පිරික්සමින් සෝනාබාත් එකක් ගද්දි අඩහඳයා බැති ගීයට මොකෝ කරනවා කියලා ඇහුවා. ‍්ඕක කරපන් මිනිහෝ. තමුන් අවුරුදු උත්සවෙත් රැල්ලේ යැව්වා. දැන් මේකත්...? මිනිහෙක් වුනා ම වැඩක් කරන්න ඕන. කම්මැලි ගං කබරයා. දැන් කරන්න බැරි ඇයි කියලවත් ඇහුවා ද ගල් මූසලයා.. කියාගෙන අඩහඳයා බැනගෙන බැනගෙන ගියේ නැතෑ. පස්වාන් දහසකට තරහ අවසර.... මේ කරනවා අපේ හාවුදුරුවනේ. එකෙන් ම ඇවරි කෝල් කළේ සාරිත සදුන්මිත් ප්‍රධාන ශිෂ්‍ය නායක තැනට. සාරිත... දැන් බක්කි ගීය මොකෝ වෙන්නේ. කරන්න ඕන සර් සල්ලි තමා ප්‍රශ්නේ. මාසයක් විතර තියෙනවා නේ. හරි මාව ඉරිදාට හම්බෙන්න. අපි මේක කරමු.

ඔය ඇවරිතුමා ළඟින් ඉන්නෛ් අපේ සුදු පුතා කණිෂ්ක...
ඔව් ඔව් ගල්රෝලකට අඩ තියන්න ගිය පුත්තරයා තමා.. ඒකත් සුපිරි යාන්ස් එක ලියන්න බෑනේ යාළු
මේ ඉන්නේ ඇවරිගේ පුද්ගලික කාර්ය මණ්ඩලය බුදාරා, වින්දනා, සමාරා, හංසනී සහ තරුපබා යන අය..
තව මෙඩූෂා මේකේ අඩුයි. එතුමිය මේ වෙද්දිත් ත්‍රිමලේ වළං කටු ගොඩකට යටවෙලා ඇති...!
.
ඊළඟට ඇවරි කතා කළේ සුදු පුතාට. සුදු පුතා කියන්නේ අපේ කණිෂ්ක කොළුවට. දී භක්ති පූජා කරන්න නම් ප්‍රොපෙසනල් බොඩියක් ඕන. සරිගම කන්නෙක්. මොක ද පුරුදු කිරීම් ගැන වගකීම ගන්න එපෑය. බැකප් ටීම් නම් අවුට් සෝස් කළා කියමුකෝ. ෆන්ඩ්ස්? පාස් ද බෝල් බේබි. වැල යන පැත්තට ගහ උළුවස්සා තමා. ඔන්න දැන් ඉරිදා උදේ පළමු සැසිය. සාරිත.. පුතා කියන්න මේ භක්ති ගීතේ ලබන විසිහත කරන්න බැරි වෙන්න හේතු දහයක් දැන් කියන්න. ලොකුවට ම තියෙන්නේ සල්ලි අමාරුකම් තමා සර්. සල්ලි කොච්චරක් ගැන ද අපි මේ කතා කරන්නේ සාරිත? හ්ම් අඩු ම ලක්ෂයක්වත් යයි නේ සර්. ලක්ෂයක්වත් නෙමෙයි සාරිත මට ඉලක්කම හරියට ඕන. බලන්න ඔයාලාට එස්ටිමේට් එකක්වත් නෑ. ඉතිං කෝම ද වැඩක් කරන්නේ. මට දොළහට දහම් පාසල ඇරෙද්දි සවුන්ඩ්ස් ප්ලස් ලයිට්ස් කොටේෂන් එකක් ඕන. පතිරණ සවුන්ඩ්ස් වලට කතා කරලා දැන් ම ගන්න. දොළහට කණිෂ්ක අයියා එනවා අපි කතා කරමු. සෙෂන් එන්ඩඩ්.

ඒ අතරේ ඇවරි ගියේ ප්‍රධානාචාර්ය අපේ පොඩි හාමුදුරුවො බැහැදකින්න. අපේ හාමුදුරුවනේ භක්ති ගීතෙ කළොත් මොක ද? සල්ලි තමා නලින ප්‍රශ්නේ..? වෙන අවුලක් නෑනේ අපේ හාමුදුරුවනේ? ඔයාලා බාරගෙන කරනවා නම් කරන්න. හරි හාමුදුරුවනේ මම කරන්නම්. ඒකත් හරි. ඒ අතින් ඇවරිගේ සුපීරියස්ලා ඉතා ම සිරා. කැලණි කැම්පස් එකෙන් චැරිටි ප්‍රෙජක්ට් එක අයින් කළ බව ඇවරිතුමා සි.ඊ.ඕ.ට කිව්වෙ වට්ස්ඇප් එකේ. ඉට්ස් යෝ බේබි මෑන්. ඉෆ් දේ ඩිස්රෙස්පෙක්ට් යූ. ආස්ක් යුවර් වී.සී ටු ෆක් ඕෆ්. ප්‍රසීඩ් විත් ජැෆ්නා. කීප් මී පෝස්ටඩ්. පේනවනේ වැඩේ සරලයි. වා නම් වා - පෝ නම් පෝ.

දැන් මීට් ද ටීම් අවස්ථාව. සාරිත ලන්සුව කීයද? උපරිම විස්සයි සර්. ඩෙකෝ. රිෆ්රෙෂ්මන්ට් ඔක්කොම දායකයන්ගෙන් ගත්තොත් වියදම විස්සයි. සතුට කොච්චරක ද සාරිත? මේ ළමයි කීයක් වෙනුවෙන් ද? එකස්පෙක්ටඩ් රිටර්න් එක ලක්ෂ කීයක් ද සාරිත? ළමයි විතර ද පුතා? දෙමාපියො. සාමාන්‍ය වැසියෝ. හුදී ජනයා? තව එතකොට..... ඒ ඔක්කොට ම අපි ගෙවන්න ඕන මිනිස් පැය ඇරුණා ම රුපියල් විසි දාහක් ද සාරිත...? ඒ සල්ලි හොයා ගන්නවා නම් මේක නොකෙරෙන්න තව තියන ප්‍රශ්න මොනවා ද පුතා.? ඔයා හිතන්නේ රුපියල් විසිදාහක් කියන්නේ ප්‍රජෙක්ට් හෙඩ් හැටියට මට ලොකු ගාණක් කියල ද? ඔයාට උත්තර නෑනේ? එහෙනම් අපි මේක කරනවා. ෂට් ද ෆක් අප් ඇන්ඩ් ගෙට් ද ජොබ් ඩන්. දැන් ම ස්පොන්සර් ලෙටර්ස් ගහන්න. අපි සල්ලි හොයාගනිමු. බැරි වුනොත් මේ මම සම්පූර්ණ ගාණ ම මම දෙනවා. ඒත් සර්...... 

මහරජ සාරිත, මම මේ පඩිපෙලේ ම අවුරුදු පහළොවකට කලින් භක්ති ගීත කියපු කෙනෙක්. මගේ මල්ලිලා පල්ලෙහා අඩි හතළිහේ කන්ටේනඒ දෙකක් උඩ භක්ති ගීත කියද්දි වැඩකරපු කෙනෙක්. අද මම මේ ඉවෙන්ට් එකේ ලොක්කා. ඔයා වගකියන ප්‍රධානාචාර්ය හාමුදුරුවො ඇතුළු ගුරු මණ්ඩලයට, දෙමාපියන්ට, ළමයින්ට, හැමෝට ම වග කියන කෙනා. එතකොට මටත් වඩා ඇපයක් ඔයාට ඕන ද මේ වැඩේ පටන් ගන්න...? කොහෙත්ම නෑ සර්. එහෙනම් ඔයාගෙ ස්ටාෆ් එක, ඒ කිව්වේ ශිෂ්‍ය නායකයො අපිට ඇටෑච් කරන්න. ෂාදී හෝජායේන්ගී බොස්. බෑන්ඩ් බජායෙන්ගී. පක්කා.

දෙවනුවට ඇවරි හැරුණෙ ප්‍රොපෙසනල් බොඩිය සුදුපුතා කණිෂ්ක දිහාවට. මම මේ කතා කරන්නේ කාංචනා අක්කට පස්සේ අපි හදපු හොඳ ම ගායකයාට. කාංචිලා ලුම්බිණියේ බුද්ධගයාවේ කියානෙ චක්ඛුං උදපාදී ගාද්දි ඔයා ජංගි අඳින පොඩි කොල්ලෙක්. සුරංග අයියලා කරපු දහම් පාසලේ භක්ති ගීතෙදි ඔයා පහේ හයේ වෙන්න ඕන. හර්ෂ අයියලා කරපු භක්ති ගීයේ දී ඔයා සෝලෝ කියන්න තරම් පොරක්. දැන් බලන්න තමුන් දිහා ඉලන්දාරියා. තමුන් සංගීත ගුරෙක්. අධ්‍යක්ෂකවරයෙක්. මේ වැඩේ ගොඩදාන්න තරම් පුළුවන්කමක් තියෙන කෙනෙක් තව නෑ. අනික මේක ඔයාගෙ යුතුකමක්. එදා අපි බජට් නොබලා ඉවෙන්ට් එක ගොඩ නොදැම්මා නම් ඔයා ගායකයෙක් විදියට එළියට නොඑන්න ඉඩ තිබ්බා. අද ඔයාගේ වාරේ. තව අපිට දිනන්න මිනිස්සු ඕන. ඔඩිෂන් ටිකත් මේකෙන් ම ගොඩ දාගන්න. කැන් යූ ෆිල් ද රිදම් පුතා? ඕයේ අනිවා. අපි කරමු අයියේ. ඒ වචනය සෑහෙන්න හයියක් වුනා.

ඊළඟට කෙටි එහෙත් ක්ෂණික සැලසුම හෙවත් මාරස්ටර් ගැසූ බූස්ටර් ප්ලෑන. සුදුපුතා කොන්දේසි මේමයි. මේකෙ දි සින්දු කියන්න කැමති හැම ළමයා ම වැඩේට ගන්න ඕන. කාවවත් රිජෙක්ට් කරන්න බෑ. ළමයි තෝරන්න වෙලාවක් මට නෑ. ප්ලේ බැක් සින්ගර්ස්ලා කෝමත් සින්ග් කරන නිසා පොඩි උන් ශ්‍රැතියට කිව්වත් ඉන් පිට කිව්වත් මට කමක් නෑ. උන්ට මයික් ඕනත් නෑ. මේ අත්දැකීමයි වටින්නෙ. අනික මේක රියැලිටි තරගයක්වත්, ගායන තරු අභිෂේකයක්වත් නෙමෙයි. ඉතිං ඔකෙස්ට්‍රා එකක් ලොකුවට ඕන නෑ. ට්‍රැක් එකට සින්දු කියන්නෙ. සෝලෝ ටිකට විතරක් බෑන්ඩ් එක ප්ලේ කරයි. ඒකත් මට ඉන්ස්ට්‍රෘමන්ට් හතරක් ඇති. කී බෝර්ඩ්, ගිටාර්, තබ්ලා, නටබලා. ගුරුවරුන්ට සින්දු දෙකක් දෙන්න ඕන. ට්‍රැක්ස් ටික හරි නම් අද හවස ඉඳන් වුනත් ප්‍රැක්ටිස් දාන්න පුළුවන්. එක්කෝ මං සතියක් දෙන්නම් සින්දු ටික තෝරලා දෙන්න. ඩෙකෝ වැඩ ආදි ශිෂ්‍යයො කරාවි. ඉතිරි වැඩ මං කරන්නම්. පැය දෙකෙන් ඉවර වෙන්න ඕන. ඊට වඩා බෑ. ප්‍රශ්න තිබුනොත් මට කතා කරන්න.

අවසානය මිස් සැමට සිනා හෙවත් තරුපබා ප්‍රධාන ඇවරීස් ඒන්ජල්ස් නැත්නම් පුද්ගලික කාර්ය මණ්ඩලය කැමති කරවා ගැනීම. කෙල්ලනේ මට මේක කරන්න ඕන. මට බෑ. හැබැයි අපිට පුලුවන්. ඒකනේ උඹලා මගේ පුද්ගලික කාර්ය මණ්ඩලය හැටියට ඉන්නේ. සුදුපුතා එක්ක එකතුවෙලා සින්දු ටික තෝරලා දෙන්න. හැමෝ ම පුළුවන් තරම් ප්‍රැක්ටිස් එන්න බලන්න. ගේමක් ගහමු. හා අයියේ තමා. ඒ අතින් උන් ඉඳින් කිව්වත් හා අයියේ.. සිටින් කිව්වත් හා අයියේ කියන ගැන්සියක්. ඒකනේ මං ආදරේ...
මිස් කාරියකරවන රත්නායකලාගේ ගංකබර ධේනුව සමඟින් ඈවරවිතාන සහ මයිනා පෙරේරා යන මහත්වරුන්...! 

1 comment:

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....