ගොඩ කාලෙකට පස්සේ සලාදයක් ලියන්න ආව ම අදාළ
ම නැති මාතෘකාවක් ගැන ලියලා කියලා සසුන් ලැදි පින්වතුන් මල ජම්ප් කරගන්න එපා. මේක
කාලයක් තිස්සේ ඇවරිතුමා ලියා පළ කරන්න හිතාපු කතාන්දරයක්. (ඒ තේමා වාදනය නම්
පුරුදුයි, පුරුදුයි වගේ ඇවරියෝ....) ගොඩක් දේවල් මං කාලයක් තිස්සේ කරන්න
බලාපොරොත්තු වන දේවල් තමා. කොටින් ම ඇවරි කියන්නේ ස්වභාවයෙන් ම අසම්පූර්ණ කතා
වස්තුවක්. එහි සමහර එපිසෝඩ් ලියලා අහවර කරන්න බැරි ජීවිත ගණනාවක් ඊට ගැටගැසී තියෙන
නිසා. කොටින් ම ඒවා ලියා පළ කළොත් පාත්‍ර වර්ගයා වෙනුවෙන් කර්තෘභාග ගෙවන්න ම මට තව
රස්සාවක් හොයා ගන්න සිද්ද වෙනවා. ඒ නිසා වන්නාට යහපත කියලා කොපි රයිට් ඇක්ට් එකෙන්
කවර් වෙන ඇවරියාණෝ වත හෙළි කිරීමටයි යන්නේ..
ගාලු පාරේ පානදුර, මොරටුව බස්වල යන අයට මේ
වචන ටික ඇහිලා ඇති. මෙහෙම කියන්නේ බස් එකට නැගලා පත්තර කොළ වලින් විවිධ විසිතුරු
මෝස්තර කපලා පෙන්වන තරුණයෙක්. පොල්අත්ත, ඉණිමග, මල් පොකුරු ඔහුගේ නිර්මාණ අතර තියෙනවා. පෙන්නන්නයි ආවෙ -
පෙන්නන්නයි යන්නෙ වචන ටික ඔහු ඇදලා පැදලා කියන හැටි හරි අපූරුයි. කතාව මේ විදියට
බස් එකේ නැගලා දක්ෂතාවයක් පෙන්වලා ඩමියක් දාලා කීයක් හරි ඉල්ලන අය ගැන නෙමෙයි
හිගන්නො ගැන. හිගන සලාදයක් ලියන්න තරම් ඇවරි බංකොළොත් වෙලා ද කියලා කවුරු හරි
ඇහුවොත් ඔව් කියන්න පුළුවන්....
දැනට සතියකට විතර ඉහත ඉදන් රෑට ඇවරිතුමා
ගෙදර එද්දි මුණගැහෙන කාන්තාවක් කරපින්නාගෙන, දෙමටගොඩ හන්දියේ හිගමන් යදින ජෝඩුව
තමා මේ සලාදය ලියන්න ආසන්න නිමිත්ත වුනේ. හිගන්නො කිව්ව ම අපි මේ කතා කරන්නේ
වෘත්තිය හිගන්නො ගැන. නැතුව බඩගින්නේ කන්න නැතුව හිගාකන මිනිස්සු නෙමෙයි. මේ
දෙන්නාගේ උපක්‍රමය ඉතා සිත්ගන්නා සුළුයි. බොරැල්ල හන්දිය, කනත්ත ඉදිරිපිට,
කැලණිතිස්ස බලාගාරය, ඔරුගොඩවත්ත හන්දිය (ලාෆ් සුපිරි වෙළදසැල ඉදිරිපිට) වගේ තැන්වල
අනිවා හිගන්නො දකින්න පුළුවන්. නමුත් මේ කරේ තියන් හිගාකෑමේ ස්ටයිල් එක අලුත් ම
සීන් එකක්. රතු එළිය පත්තු වෙනකම් හිගන කත ඉන්නේ පාර අයිනේ ඇති රෝද පුටුවේ. රතු
දැල්වුන ගමන් පිරිමියා ඇය කරේ තියාගෙන පාරට එනවා. අර ගස් නගින මිනිස්සු වළල්ලක්
පාවිච්චි කරනවා වගේ හිගන කාන්තාවගේ බර දරා ගන්න ඔහු පාවිච්චි කරන්නේ දගර ගසන ලද
ලේන්සුවක්. මුල් ම වතාවට නම් කෙනෙක් දැක්කොත් කීයක් හරි දෙනවා. හැබැයි හිගන
මනුස්සයා රෑ දොළහට කලර් ලයිට් එකේ හම්බුනත් කියන්නේ මෙයාට බත් එකක් ගන්න කීයක් හරි
දෙන්න කියලයි.
ඇවරිතුමා ගේ ප්‍රතිපත්ති ප්‍රකාරව ගායකයින්ට
නම් සල්ලි දෙනවා. හිගන්නන්ට නම් දෙන්නේ නෑ. මොක ද බොහෝ දෙනාව ඇවරිතුමා දන්නවා වගේ
ම මේ බජාර් එකට මල්ලී - අහසත් නෑ... පොළොවත් නැති නිසා ඔවුන් ඇවරිවත් දන්නවා.
සාමාන්‍යෙයන් පොත් විකුණන මිනිස්සු, හිගන්නො, පිළිකා රෝගීන්, ආධාර පත්‍ර,
චයිනා-මයිනා ඔක්කොම සෙට් වෙන්නේ ඇවරි තුමා වැඩට යන දවල් එකොළහමාරත් දොළහත් අතර ඉරට
හැතැප්මට පායන වෙලාවට. ඔවුන්ගේ ඉලක්කය දිනයේ හමුවන අවිනිශ්චිත පාරිභෝගිකයන්ට
කඩිනම් අවශ්‍යතාවක් ඇති බවට මවා පාලා තමන්ගේ වෙළදාම කරගන්න. බලන්න මාත්තයා, මට
ලයිට් බිල්, වතුර බිල්, කඩකුලී ගෙවන්න නැති නිසා පොත් පහ ම සීයට දෙනවා. කොච්චර
සිම්පල් ප්ලෑනක් ද? ඔය විකුණන මිනිස්සු නම් කමක් නෑ කියමුකො. කෑලි ගානට පොත්
විකුණන ගොඩක් දෙනා මාලිගාවත්තේ බුවාලා. ඊයෙ ආවෙ නැ නේද? නෑ සර් ඊයේ 138 රූට් එකේ
නේ හිටියේ කියලා පොරවල් ම කතාවට සෙට් වෙනවා. හැබැයි මේ අය පොත් විකුණලා සික් එක
නැති කරගන්නවා මිසක් දුර බස්වලින් බෑග් අරන් බහින්න, චේන් කඩන් දුවන්න, පොකට්
ගහන්න වගේ රොම්පි වැඩ කරන්නේ නෑ වගේ ම බෞද්ධ කොඩි විකුණනවා වගේ චාටර් ගේම්
ගහන්නෙත් නෑ.
හැමදාම වැඩට යද්දි ඒ අයත් හැමදාම එනවා. ඉතිං
අපි හිනාවුනාම ඒ අය හිනාවෙනවා. කතා කළොත් කතා කරනවා. ඇත්තට ම ඒ මිනිස්සුන්ට මට වඩා
සල්ලි තියෙනවා. නැත්තෙ පිළිගැනීමක් විතරයි. සමාජය තුළ හිගන්නන් ලෙස අධිනිෂ්චය වීම
නිසා යම් පසුගාමී මානසිකත්වයක් මිසක් සල්ලි බාග අතින් ඒ අය ස්ථාවරයි. දන් අර කොළඹ
කොටුවේ සිට මුහුදුබඩ මාර්ගයේ පානදුර දක්වා හිගාකන පිළිස්සුනු ගැහැනිය ජීවත්වෙන්නේ
දෙමටගොඩ මහල් නිවාස සංකීරණයේ. ඒ ඔවුන්ගේ ජීවිතය.
ගණිකාවන්ගේ තත්ත්වයත් මීට සමානයි. අපි
ගල්කිස්ස හබ් එකේ ඉන්න නිසා නිතර දකිනවා. කවුරුත් ඒ කාන්තාවන් පහත් කොට සලකන්නෑ.
මොක ද වීල් අයියලා, වටේ ලොජ් ටික දුවන්නේ ඇගේ කොමිස් මුදල්වලින්. ඉතිං හිගන්නො
කියන්නේත් ඒ වගේ. වෙනසක් නෑ. ඒකත් රස්සාවක්. ඇවරිතුමාට නම් මල පනින්නේ කඩු ගිලින
එකා හරි ටියුබ් ලයිට් කන එකා හරි නැග්ගොත් තමා. මට ඒ දර්ශන නම් බලන්න ම බෑ. බුවා
නැග්ගොත් ඇවරිතුමා ඉදිරි පෙළ අසුනකට මාරු වෙනවා. හැබැයි ඇවරිතුමා බසයේ හිටියොත්
ඉදිරි අසුනකට මාරු වෙනකම් බුවා වැඩේ පටන් ගන්නෙ නෑ. ඒකටයි ඩීල් දාගන්නවා කියන්නේ. හැමදාම
යන නිසා පොරත් අපිව දන්නවා.
ඉතිං හිගන්නො කියන්නේ බොහොම ගරු කටයුතු
පිරිසක්. මොක ද හිගා කෑවට ඒ අයගෙත් ආචාර ධර්ම තියෙනවා. ඒව නම් මේ සලාදෙ නොලියන තරමට
හොදා. හිගන්නන් සම්බන්ධ පුද්ගලබද්ධ ප්‍රතිපත්තිත් හරි අපූරුයි. ඇවරිගේ මාතාව ළමයි
වඩාගෙන හිගාකන අයට සල්ලි දෙනවා. ඇවරිගේ නැගණි පරාණය ඕනෑම හිගන්නෙකුට හමුවන පළමු
අවස්ථාවේ පමණක් සල්ලි දෙනවා. තව දුන්නත් වැඩක් නෑනේ ලොකූ.. ඒ මනුස්සයා එක ම
නැතනේ?? ඒ හරිය තේරුම් ගන්න තමුන්ට දන් දෙන්න ම සිද්ද වුන එකනේ වැඩේ. නෑ නෑ ඒක මං
අනුග්‍රහ භක්තියෙන් නොව පූජා භක්තියෙන් දුන් දානයක්. සාදු කියන්න පින්වතුනි...!
සාදු සාදු සාදු
ඇවරිතුමාගෙ ඩැයිවර් මාතලී තමා අපූරුම කතාව
කිව්වේ. දැන් සර් අපි භාණ්ඩ හා සේවා අරගෙන ඒකට මුදල් සරිලන මුදල් දෙනවා. හිගන්නා
මොක ද කරන්නේ උගේ දුක අපිට විකුණලා අපේ අනුකම්පාව මුදල් කරගන්නවා. අනුකම්පාවට සේල්
එකක් තියෙන්නෙ වැරහැලි ඇදන් ඉද්දි, තුවාලයක් තියෙද්දි කියලා උන් දන්නවා. මං
හිගාකෑව නම් දුක කියලා ඉල්ලන්නේ රුපියලක් විතරයි. රුපියලක් දෙන්න කවුද අකමැති
වෙන්නේ. තියෙන අය වැඩිපුරත් දෙයි. දැන් බලන්න සමහර වෙලාවට අතේ රුපියල් පහ
තියාගෙනත් අපි නොදී ඉන්නවා, අනිත් ඔක්කොම දහය, විස්ස දෙද්දි රුපියලක් දීලා
හිගන්නන්ගේ ගණකම බලන්න අකමැති නිසා. හිගමන් ඉල්ලන එකත් ලොකු සීන් දාන කාලයක්නේ
මේක. අහවලා මෙච්චර දුන්නා, මෙච්චචර දුන්නා කියනවාට වඩා ඌ බලන්න ඕන යටහත් පහත්ව
අපෙන් කීයක් හරි දත ගලවා ගන්නනේ. ඒකට දැන් කාලෙ හිගන්නෝ ඉතිං මුන්ට හරියයි ද
සර්...?
දැන් කියමු බලන්න එහෙම හිගාකාලා හරිගියපු
මිනිස්සු ගැන? ඇයි සර් හිඟන මුදලාලියා. බැංකුවේ ප්‍රයෝරිටි කස්ටමර්. ඩේලි රෝලක්
දානවනේ සුද්ද ලාභයෙන්. මොකෝ බදු ගහනවා කියලයැ? ඔහු හිනාවෙවී කියනවා. අර දුප්පතුන්
නැති ලෝකය කතාවේ වගේ ඇවරි විශ්වාස කරන්නේ නම් මිනිස්සුන්ට ජීවත්වෙන්න ක්‍රමයක්
හදලා දෙන එන හිඟාකන තැනට වැඩ සිද්ධ කරනවාට වඩා පිනක් වෙනවා. කෝ මේ උසින් බලලා
සිකුරුටි ද කම්කරු ද කියලා නියම කරන මඤඤ්ං ඔස්තාර්ලා ඉන්න රටේ සමෘද්ධියත් හොරා
කද්දි දුප්පත්කම පිටු දැකීම හීනයක් ම විතරයි. දුගී බවේ විසම චක්කරේ හැමදාම එකම
තැන.
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....