Tuesday, June 8, 2010

මගේ උපාධියත් සින්න වූ වගයි!!

තවත් අධ්යඑයන කොන්ත්රා්ත්තුවක් අත්සන් කළ නිසා මගේ එක ම නිවාඩු දවස වුන සෙනසුරාදාටත් වැඩක් වැටුනා. කැම්පස් වහලා නිකම් ගෙදරට වෙලා ඉන්න එකේ අධ්යුයන පාඨමාලාවක් හදාරන්න කියලා අපේ ගෘහ පරිපාලනයේ නිශේධිත බලය හිමි උත්තරීතර ඒකාධිකරය හෙවත් අපේ පියාණන්ගේ එ දවස පෙම්වතිය, ව්ය වහාර බසින් මගේ මව නියම කළා. කාලා වරෙන්කෝ?? ඇයි වදේ රජයෙන් දෙන එක මදි ද මන්දා.
කැම්සුත් වහලා නිසා ඕන එකක් ඉගෙනගනින් කියලා අප්පච්චිත් පළයන් කිව්වා. මේ නිසා මට ලැබුණු ශිෂ්යනත්වයක් මත London Chamber of Commerce & Industrial Qualification (LCCIQ-UK) හි Dip. In Travel & Tourism හැදෑරීමට මට සිද්ධ වෙනවා. පළමු දවසේ දේශන ඇරඹෙන්නේ නවයට බව දන්වා තිබුණත් අයිෆා සුපිරි තරු කොළඹ බදු අරන් හිටි නිසා ආයතනයට මං යද්දි ටිකක් වෙලා ගිහින්. මූලික හඳුන්වාදීමේ දේශනය එහි පැවැත්වෙනවා. ලස්සන නාග කන්යාෆවක් මටත් එහි පත්රිවකාවක් දුන්නා. අතට අරං බැලුව ම තමා මගේ ඉහ මොළ රත් වුනේ. කිව්වම මොකෝ ආයුබෝන් අපේ විශ්ව විද්යාෙල උපාධිය ම එහි පාඨමාලා තුනක් යටතේ උගන්වනවා. පදනම්, අන්තර් මධ්යමම සහ උසස් වශයෙන්. ආයිස් අම්මා ගුණ්ඩූ... කිව්වලු. පදනම් පාඨමාලාව අටදහසයි, ඊළඟට දසදහසයි, අවසාන මට්ටම පහළොවයි. සියල්ල තිස්තුන් දහසයි. අවුරුදු දෙකයි. ප්රැහක්ටිකල් සහිතයි. බඩ සුද්දයි. නියමයි...
මං නම් පිනා ගියා. අපි අවුරුදු හතරෙන් ගන්න උපාධිය කඩෙන් අවුරුදු දෙකයි. ලංකාවේදී ම ගත හැකි වීමත් සැලකිය යුතු ගණනකින් ලාභදායී නිසාත් මං ඒක කරන්න හිතුවා. රජයේ උපාධිය බල්ලට ගියාවේ... මූලික සුදුසුකම් කිසිවක් අවැසි නෑ. හැබැයි මූලික පරීක්ෂණය නම් සමත් විය යුතුයි. මාධ්යම නම් කඩ්ඩ තමා. සම්පූර්ණ ශිෂ්යවත්ව පහළොස් දාහක් දෙනවා. මේක ලංකා සංචාරක අමාත්යංසශය අනුබද්ධවයි කරන්නේ. අපේ ක්ෂේත්ර්යේ ඉන්න බහුතරය කිසිදු පිළිගත් සුදුසුකමක් නෑලු. කර්මාන්තයට අවශ්යඅ මානව සම්පත බලගැන්වීමට ලු අඩු මුදලට වෙන්දේසියේ ම විකුණන්නේ. අනේ ඉතිං රජයෙන් උපාධි ගන්න අපිට මොකා වෙනව ද ? කියලා මං ලන්ඩන් විශ්ව විද්යා ලේ ප්රොනපෙක්ගෙන් ඇහුවා. අවුලක් නෑලු. ඔයාලා ගැන රජය බලා ගනීලු. ඇරත් දැන් ඔයා අපේ ශිෂ්යෙයෙක් නිසා රජය ගැන කලබල වෙන්න එපාලු!! අනාගත වෘත්තිය ගැන ඒ අය සහතික වෙනවලු.
පට්ට ම ආතල්. බඩු ම තමා. මට දැනගන්න ඕන විශ්ව විද්යාගල ශිෂ්ය යෙක් විදියට මට අන්තෙට ම ඒ ආකාරයට කෙළවෙලා ඉද්දි ඔය විශ්ව විද්යාදල අධ්යා්පනය පුද්ගලීකරණය කරන්න එපා කියලා කෑ ගහන බොන්ඩිගේ පුතාලා ළඟ පාතක ඉන්නව ද කියලයි. ඉන්නව නම් උන් දැන ගන්න ඕන දැනටමත් පුද්ගලීකරණය වෙලා අහවර වග.
මං ප්රයමාද වෙලා හරි නියම තැනට ගියයි කියමුකෝ... ඉන් පස්සේ තිබුණේ වෙල්කම් පාර්ටියක්. අපි හැමෝ ම හඳුනාගන්න අවස්ථාව ඉන් ලැබුණා. කියලා වැඩක් නෑ. එහි හිටියේ සංචාරණය ඉගෙන ගන්න අපි වගේ කුරුමිට්ටෝ වෙනුවට ඉහළ වෘත්තිය නිපුණත්වයක් ඇති වෘත්තිකයින් පිරිසක්. ඒ අතර ගුවන් සේවිකාවන් දෙදෙනෙක්, සංචාරක නියෝජිතායතන (Travel Agency) වල පිරිස්, ගුවන් ටිකට්පත් මෙහෙයුම්කරුවන් (Ticketing Officers), හෝටල් ක්ෂේත්ර යේ අය, බැංකුකරුවන්, වරලත් ගණකාධිවරුන් සහ ගෘහ නිර්මාණ ශිල්පිනියක් යන අය කැපී පෙනුනා. කියන්න සතුටුයි මං තමා පුංචි ම එකා. බහුතරය අවුරුදු තිහට ඉහළ උදවිය. ඒ අය සියල්ලන් පැමිණ සිටියේ තම වෘත්තිය සුදුසුකම් ඉහළ නංවා ගන්න මිස අලුතින් යමක් ගෙන ගන්න නෙමේ. මට ඔවුන් වැදගත් වන්නේ ඔවුන්ගේ සම්බන්ධතා ජාලය අනාගතයට වැදගත් නිසයි. ඒක සංචරණය පිළිබඳ වෘත්තික සමුළුවක් වගේ.
සංචාරක මණ්ඩලයේ අයත් පාඨමාලාව අධ්යකයනයට පැමිණ සිටියා. ඒ අය අතර අයිෆා සංවිධායකයින් ද සිටි අතර ඔවුන් කළින් ම දන්වා බැහැර ගියා. මෙහෙම ගෙවලා ඉගෙන ගන්න තැන්වල විවිධ වයස් මට්ටම් වල පිරිස් සමඟ ඉගෙනීම මට අමුතු අත්දැකීමක් නෙමේ. කළින් කොළඹ විශ්ව විද්යාිලයේ දෙමළ ඉගෙන ගනිද්දීත් ඒ වගේ තමා. සමහරු අපේ අම්මලගේ වයසේ උදවිය. අපි ඔවුන්ට සර් හෝ මැඩම් කියද්දි ඔවුන් අපිට පුතා කියනවා. අපූරුයි. එහිත් දැන් මට අලුත් යාළුවෝ පිරිසක් ඉන්නවා.
හැබැයි මේ අලුත් යාළුවෝ බහුතරය ව්යාරපාරය තුළ හොඳින් පදම් වෙච්චි අය. ඇතමෙක් ප්රඅකට ආයතන වල අවුරුදු දහය දොළහ සේවය කර තිබෙනවා. ඔවුන් තාමත් පටන් ගත්ත තැන ඉන්නේ ලංකාවේ අධ්යාුපනය ලබා ඉහළට යන්න අවස්ථා නැති නිසා කියලා හැමෝම වගේ කිව්වා. කාරණේ ඇත්තක් තියෙනවා. තාමත් ලංකාවේ කිසිදු රජයේ හෝ පුද්ගලික විශ්ව විද්යා ලයක සංචරණය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා දෙන්නේ නෑ. (කැලණිය නම් කාට කාට හරි විකිණෙන නිසා ළඟදීම හෝල් සේල් ප්ර්යිස් එකට මේ උපාධියත් විකුණනවා. ෂුවර්)
ඒ මගේ වයසක යාළුවෝ ගැන. එහිදී මට හමුවූ තරුණ යාළුවන් ගැනත් කියන්න ඕන. ඒ සහතිකය ජාත්යුන්තරව පිළිගන්න නිසා බොහෝ දෙනා හදන්නේ ඒක කරලා රට පනින්න. ගුඩයිඩියාවක්....කොහොමත් ලංකාවේ තරුණයන්ගෙන් බහුතරයක් විදේශගත වීමේ අපේක්ෂාවෙන් ඉන්න බව පහුගියදා කොළඹ විශ්ව විද්යාතලයේ සමාජ විද්යාත පීඨය කළ සමීක්ෂණයෙන් හෙළිවුනා. මේ රටින් නියම විදියට යන්න බැරි නම් බෝට්ටුවක හරි යන එක තමා ප්ලෑන. අපි ලෝකෙන් උතුම් රට යැයි කිව්වට උන්ගේ හීන හැබෑ වෙන්නැත්නම් අත්තටු හයිය වෙච්ච ගමන් උන් පියාඹලා යනවා. අපි විදග්ධ බසින් ඊට ‘බුද්ධි ගලනය’ කියනවා. කොහොමත් ගිලෙන නැව් වලින් ඉස්සෙල්ලා ම පනින්නේ මීයෝ කියනවනේ??
එහි සංවිධානාත්මක දේශන ක්ර?මයක් ද තියෙනවා. සාමාන්යෙයෙන් තමන් දැනුමෙන් සන්නද්ධ නැත්නම් බොරු උගන්වන්නැතිව ළමයින්ට හරි දේ උගන්වන්න තමන් ඉගෙනගත යුතුයි කියලා මතයක් දැන් ගුරුවරු අතර තියෙනවා. මං දෙමළ කරන කාලේ අපේ පන්තියේ බොහෝ පාසල්වල ද්රරවිඩ භාෂා ගුරුවරු කොළඹ පැමිණ ඉගෙන ගෙන ගමේ ගිහින් ඉගැන්නුවා. දන්න තරමින් රාජකීය විදුහලේ ද්රිවිඩ ගුරුතුමියත් අපේ ගුරුතුමාගෙන් ඉගෙන ගත්තා. ඊට ලැජ්ජා විය යුතු නැහැ. ඉගෙන ගෙන ඉගැන්වීම අද ප්රුවණතාවක් (trend) වෙලා. අපේ විශ්ව විද්යා‍ලයේ ජර්මන් භාෂා ආචාර්යවරිය මීට ටික කළකට ඉහතදී Goethe Institute හි ජර්මන් ඉගෙනනිද්දි ඈට අක්කා යැයි කියූ මල්ලියෙක් අද ප්රGථම වසර සිසුවෙකුව එහි පැමිණ ඈට කටපුරා මිස් කියනවා.
මේ නිසා අද අපි වෙසෙන දැනුම ප්රා ග්ධනය වෙන සමාජය කුහක නැහැ. හැමවිට ම බෙදා ගන්නට බලා සිටිනවා. තත්ත්වය එහෙමයි. වැඩිහිටි ප්රහජාව අතරේත් උසස් අධ්යාගපනය ගැන විශාල පිබිදීමක් තියෙනවා. අපේ අම්මා වුනත් අද මා සරසවියට යන විට අපි නිසා අඩාල වූ පශ්චාත් උපාධි කටයුතු යළි ආරම්භ කරලා (ඒකෙන් මටයි වදේ, නමුත් ඈට කටයුතු අඩාල කළ කරදර කාරයාත් මම මයි)

2 comments:

  1. කතාව නම් සහතික ඇත්ත

    ReplyDelete
  2. උපාධි විකිණෙන හැටි බලන්න ගන්න SUNDAY OBSERVER එක.වෙනම කොටසක උපාධි හෝල් සේල්!!!

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....