Friday, June 4, 2010

ගයියාගේ තැබූ කණුවක මහත!!


ඉස්සෙල්ලා ම එකතු වෙන්න හිටියේ ගයියා. අපි මිරිස්වත්තට කිට්ටු කරලා ඇමතුමක් දුන්නා. “මචාලා මට නම් එන්න බැරි වෙයි වගේ. මේ ප්රරවාහන ඇමතියට අලි ම ගහන්න මිරිස්වත්තට එන්න බස් එකක් නෑනේ. දැන් පැය බාගයක් වෙනවා. තරහ නැතුව එකෙක් බැහැපන්කෝ!!” ගයියා පින්සෙණ්ඩු වුනා. මාර හුට්ටප්පරයයි. “මූ මේ හද්ද ඩොටේ ඉඳගෙනත් කිව්වේ කොහොමද? දැන් ඉතිං කාපංකෝ” අනේ ඉතිං දොස්තර හොඳ හිත ක්ලෝසා අලව්වට ම ටිකට් අරං, ගයියාට පෙර ගමන් දෙන්න මිරිස්වත්තෙන් බැස්සා. කීනාවත් නිට්ටඹූවෙන් අරං අපි අලව්වට ඉර මුදුන් වෙන ජාමේ සැපත් වුනා. ඒ වෙද්දි අපේ අප්රොමාද මිතුරන් දෙදෙනා අඹේපුස්සේ. තවත් මිනිත්තු පහළොවයිනේ කියලා අපි අලව්ව හන්දියේ ලගා ගහගෙන හිටියා.
කස්ටිය ම සෙට් වුනා ම අපි නෙළුම්දෙණිය පාරේ තිබුණු මළගමට පිටත් වුනා. වෙන්ඩ මන්ත්රීව තුමා සද්බාවයෙන් අපේ දූත පිරිසට ආරක්ෂක රථ පෙරහැරක් ටවුන් එකට එවන්න ඇහුවත් පයින් එන දුර කීව නිසා අපිත් පාද යාත්රාපවට කැමති වුනා. ඇවිද්ද පය දහස් වටීලු. තව හැතැප්ම ගණනාවකට සුදු කොඩි නම් පේන්න නෑ. “අරූ අරහෙම කිව්වට මචං බස්එකෙන් යන්න තරම් දුරක් ඇති. පයිනුත් ඉතිං කීයට හරි යන්න පුළුවන්නේ.” මං තව දුරයි ද කියලා අහපු ප්රදශ්නෙට කීනා උත්තර දුන්නේ ඒ විදියට. මේ පළාත් වල ගව්වත් පයින් යන දුරක් තමා. යකෝ ගව්වක් කියන්නේ හැතැප්ම හතරක්?? ගරුතර මැතිඳානන්ගේ නිල රථය ගෙන්වා ගත්තා නම් හොඳයි කියද්දි ම ඈතින් සුදු කොඩියක් පෙනුනා. ඈත තියාම ගරු වෙන්ඩ මන්ත්රී්තුමා අත වනනවා. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා. “යකෝ අපි ආවේ මළ ගෙදරක තෝව බැහැදින්න නෙමේ. ටිකක් වගකීමෙන් හැසිරියන්. ඡන්ද දායකයෝ බලන් ඉන්නවා.” මං මතක් කළා ම රගා වැදගත් බැරෑරැම් පෙනුමක් ආරූඪ කර ගත්තා. ඒ අතින් නම් මූඩ් ෆික්ස් කරන්න රගාට ඉඟුරු බිස්කට් ඕන්නෑ.
වෙන්ඩ මන්ත්රී රගාත් CSසුත් සීසර් JRරුත් එක ම චමරියේ. සීසර්ට ජේ. ආර් කියන්නේ ඒ තරම්ම හෝදන නිසා. බෝඩිමේ ෆිට් එකට සීසරුත් ඇවිත් හිටියා. අපි හැමෝම අවසන් ගෞරව දැක්වුවා ම රගා මන්ත්රීනතුමා අපිව ගරාජය වෙත කැඳවා ගිහිල්ලා කන්න බිස්කට් හා බොන්න බීම දුන්නා. ඔය වෙලේ තමයි දවසේ චරරිතය CS පිළිබඳ මුල් ම කතාව ඇහෙන්නේ. උදේ CS අරාට කෝල් කළා ම මචං මං මේ රගාගේ ආච්චිගේ මළ ගෙදර යන ගමන් කිව්වලු. අපිත් ඒ වෙලාවේ බස් එකේ. අපිත් එන බව අරා කියලා තියෙනවා. එ වෙද්දි බුවා ගලගෙදර හරියේ. අවසන් කටයුතු කරන්න මොහොතකට හරි කළින් මෑන්ස් එයි කියලයි අපිත් හිතුවේ. පස්සේ අපිත් කෑමට ගියා. කාලා නැවත අපි මළ ගෙදරට එද්දි CS කෙටි පණිවිඩයක් එවනවා. “ ඒ.. අද වැඩ කරනවද? මට අමතක වුනානේ බං. මං දන්නෙ නෑ මචං. බලපන්කෝ මං මේ කුරුණෑගලට එන ගමන්. අයියට පොත් ටිකක් දෙන්න ගියා. රගාට කියපන් මං නයිටට එනවයි කියලා.” ෆුල් හින්දුස්ථානි. ඌ එන්නේ නයිටක් ගහන්න. ඒත් මිනිය ගත්තට පස්සේ මොන කප් ගැහිල්ලක් ද? රගාත් එදා රෑට ගෙදර යනවා කිව්වා. ඒ අලකලංචි අස්සේ මන්ත්රීස රගා සයිලන්සරේට කකුළ පුච්චගෙන නොන්ඩි ගහනවා. මළගෙදර වැඩ ටිකක් අහවර වුනා ම රගා එනකම් හිටියා මේ ආරංචිය දැනුම් දෙන්න.
“ඕකා ඔහොමමයි. මං ඌට ආච්චි නැති වුනා කිව්වේ ඊයෙ රෑ. ඒක ඇහුවමත් ආ මළා ද හොඳයි, හොඳයි මචං වැඩ ටික හොඳට කරපන්කෝ. ලස්සනට කරපං අඩුපාඩුවක් තියන්නැතිව.”වගේ වැල් බයිලා ටිකක් කියලා මාත් එන්නම් කිව්වා. අද උදේ කෝල් කළා ම ඌට ඒකත් මතක නෑ “ආ.... ආච්චි මළා කිව්වනේ බං. හරි හරි කෝකටක් උඹ කකුළ වහගනින්කෝ” කියලත් කිව්වා. අද වැඩ කරන බව කිව්ව ම අනිවා එන බව කිව්වා. ෂුවර් එකට ම මූ සුරනිලයි ගෙදර යන්නැති. නැත්නම් මෙච්චර පරක්කු වෙන්න බෑ. රගා මන්ත්රීරතුමා තම මිතුරාගේ ප්රනමාදය ගැන හිත පුරවා ගත් දුකකින් කිව්වා. මේ වෙලාවේ ම හාමුදුරුවෝ අවමංගල සභාවට වැඩම කළ නිසා අපිට පුටු ටිකක් අදින්න සිද්ද වුනා. අපි ඒ වැඩේ කරලා එද්දි තවත් මැසේජ් එකක්. “මචං මට අද මළ ගෙදර වැඩ කරන බව ඔළුවට ගියේ නෑ. සුරනිත් අසනීප වෙච්චි නිසා බෙහෙත් ගන්න ගියා. අයියට පොත් ටිකක් දෙන්නත් යන්න තිබුණා. දැන් ඔතන පුටු අදින්න වගේ වැඩක්වත් නැද්ද??” CSට දිවැස් තියෙනවා ද මන්දා “මචං අපි මෙතන දැන් පුටු වගයක් ඇදලා සාධාරණයක් ඉෂ්ට කළා. උඹ දැන් ඇවිත් වැඩක් නෑ. අවුලකට කියනවා නෙමේ ඔතනින් කොළඹ බස් එකේ කොළඹ ම පලයන්. අපිත් ආදාහනේ කරලා එනවා.” අපේ පාර්ශවය දන්වලා ඇරියා.

1 comment:

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....