“අප්පා....මේ පාර මාද දන්සැල් තොගයක් නේ????” තැන තැන කතා වෙනවා මාත් අහගෙන. ඇත්තට ම පොසොන් එකය වඩා දන්සැල් වැඩි වෙලා ද අපේ ගමේ නම් එහෙමයි. පොසොන් නිවාඩුවට ගමේ යන්න යොදා ගෙන හිටියත් අන්තිම මොහොතේ ගමන අවලංගු කරන්න අපේ ප්රමවහන අධිකාරිය තීරණය කළ නිසා පොසොන් සමරන්න ගෙදර ඉන්න පුළුවන් වුනා. නමුත් එදා මං ගෙදර හිටියේ නා ගන්න ආපු ටිකට විතරයි. පොසොන් දා උදේ ම රාගමට යන්න වුනා. අතර මඟ දෙල්පේ හන්දිය හරියේ දී දවසේ පළමු දන්සැල මඤ්ඤොක්කා දන්සැලක් වැන්දා. එතනින් ම සව් දන්සැලක් වැඳ ගත්තා. උදේ කෑම ෂේප්. ඒ ගියේ අපේ ඥාතී නිවසකට එහි ගිය කාරිය කරගෙන නැවත එද්දි බත් කන්න වෙලාව ඇවිත්...
නුවර පාරේ අතර මඟ දන්සැල් කිහිපයක් තිබුණත් අපේ රියදුරු මස්සිනා කිරිබත්ගොඩින් දන්සැලක් වඳිමු කිව්ව නිසා අපිත් ඉවගෙන ආවා. තාමත් දොළහයි කාලයි. කන්න ඕනකමක් තිබුණා ම නොවෙයි. නමුත් අන්තිමේ දී කිරිබත්ගොඩ එක ම දන්සැලක් වත් නෑ.....!!! වෙන්න බෑනේ. යකෝ දුටුගැමුණු උන්නාසේ පස් දවසක් ම ස්ටෑන්ඩ් එකේ මහදන් දුන්නු හැටියට එකක් වත් තියෙන්න එපෑයැ. නමුත් කාරණේ ඇත්ත. තිබුණ එක ම දන්සැලත් අනූෂා මේමා සාප්පුවට නුදුරින් තිබුණත් ඒකත් රෑට. කාරි නෑ ගෙදර ගිහි න් ම කනවා කියලා හිතාගෙන ගෙදර යන්න හදද්දී අප්පුච්චා ඇමතුමක් දුන්නා. “පුතා තැඹිලිගස්මුල්ලේ දන්සැලේ අපි දැන් ඉන්නේ. ඔයාලත් මඟ නම් කාලා ම එන්න නැත්නම් දැන්ම ආවොත් අපි එක්ක කතෑකි!!” ඒ කියන්නේ ගෙදර ගියත් දවල්ට කෑම නෑ කියන එකනේ?? අපිත් තැඹිලිගස් මුල්ලට ම ආවා. ඒ අප්පච්චිගේ ගජයෙක්ගේ තැනක්. දුල්ෂාන් ෆැෂන් ආයතනයේ දන්සැලට කලින් හමුවුනේ බොදු කිතුනු එකමුතුව පවත්වන බත් දන්සැලක්. මගේ පාසල් ප්රේැමයක් එහි සිටි නිසා ඒ දන්සැලින් පළමුව කන්න මට හිතුනා. ඇය භක්තිමත් කිතුණියක්.
මචාට වදනක් දාලා ඒ දන්සැලට ගියපු මට ඈ උපරිම අන්දමින් සංග්ර්හ සත්කාර කළා. ඔය වෙලාවේ තවත් හෝල්ට් එකක් දුරින් ඉන්න ගෙදර උදවිය ගැන මතක් වෙච්චි නිසා ඇමතුමක් දුන්නා. “මල්ලා, ඉක්මණට වරෙන්. මෙන්න අක්කා බෙදාගෙනත් ඉන්නවා.” දැන් නම් ඉතිං යන්න ම ඕන. මං පාසල් ප්රේටමයට සමුදුන්නා. එහි සිටි බොහෝ දෙනා එසේ මයි. නමුත් කන්න ආපු බහුතරය සි.බු ඒ අතින් ඒ අය නත්තලට වඩා පොසොන් එකට දන් දෙනවා.
දැන් දන්සැල අංක දෙක. මං යද්දි ගේට්ටුවට ම අංගාරක්ෂකයෙක් හිටි නිසා ලෝර්ඩ් වගේ මං ගියා. අප්පා කස්ටිය පෝලිමේ... මේ දන්සැල හැමදාම නියම තත්ත්වය ආරක්ෂා කරමින් දෙන ග්රෑගන්ඩ් දන්සැලක් තවත් පේන දුරින් මං කිව්ව කිතුණු දන්සැල තිබුණත් වැඩි පිරිසක් හිටියේ මෙහෙන් කන්න බලාගෙන. ඇත්තට ම හරිම නිදහස් කන්නේ මොනවද කියලා හිතා ගන්න බැරි තරම් නමුත් ඔබට හිමිවන්නේ විනාඩි තිස්පහක පමණ කාලයක් පමණයි. පලතුරු, අයික්රීමම්, වැනි විවධ ආහාර එහි ඇති පදම් මං නම් පමණ දැන කාලා එළියට ආවා. අපි හෙමින් ගෙදර එන්න එන කොට දන්න කියන බුවෙක් පාරේ කොඩියක් වනනවා. අප්පට සිරි ඊළඟ හන්දිය ගල්පොත්ත හන්දියෙත් මහා බත් එකක්. “දැන් නම් කන් බෑ බොස්.... මේ කාලා එන ගමන්” කමක් නෑ අය්යා බැහැලා එන්ඩකෝ.... බලවත් පෙරැත්තය නිසා මට බහින්න ම වුනා. අන්තිමට කටක් දෙකක් කාලා මං යන්නම් කියලා පාරට බැස්සා.
කාලා වරෙන්කෝ දැන් මචාත්, ගියා බසුත් ෂුවර් නැති නිසා පයින්ම තවත් හෝල්ට් හතරක් විතර පදිනවා කියලා හිතාගෙන ඉස්සරහට එද්දි තවත් බත් දන්සැලක්. “ආනේ.... පුතා එන්න එන්න. අපෙනුත් කටක් කන්න” මේ දන්සැල තිබුණේ දිමුතු ලී මෝලට නුදුරින් පිහිටි ඉන්ධන පිරවුම්හලේ. මට නම් දැන් ඉස්මුරුත්තාවටත් එනවා. නමුත් නොකෑවොත් ඒ මිනිස්සුන්ට මදි කමක් නිසා කෑවා. “ආ.. මෙන්න ගෙදරටත් ගෙනියන්න..” න් නෑ.... ඇන්ටි මම... “කමක් නෑ පුතා ගෙනියන්න. හිත සතුටින් දෙන දේනේ...” ම්හ්....
හෆ්ෆා... මරුනේ අපෙ පැත්තෙ නෑනේ මෙහෙම දන්සැල්... එල එල මෙහේ එක දන්සලක පෝලිමේ අඩුම ගානෙ 100 ක් විතර කස්ටියක් සෙට් වෙලා ඉන්නෙ....!!! එකකින් කාල අනිකෙ පෝලිමේ ඉන්නකොට අරකෙන් කාපුවා දිරවලත් ඉවරයි...!! හික් හික්...!!!
ReplyDelete