Friday, June 18, 2010

පැනෝරාමා Inside Story

පැනෝරාමා බලන්නට අපි අලුතාගේ මිත්තරා ඩීන් සහ තවත් අය එනකම් චාටරේ කාලා යන්න පිටත් වුනානේ. විවිධාකාර ගමන් මාර්ග ගැන තවත් සාකච්චා රාශියක් පවත්වලා අපි අන්තිමට කලා භවනට ආවා. එදා කන්ටේනරයක් පාළම උඩ පෙරළිලා දැන් යට තියෙන කන්ටේනර් පෙට්ටියෙන් ට්රේ ලරය උඩ තියෙන කන්ටේනරයට බඩු පටවනවා. “ඇයි මචං අර උඩ තියෙන එකෙන් යට එකට පටවන්නේ???” අපේ ප්රෞමඩ අහනවා. මෑන්ස්ට කොහොමත් පේන්නේ upside down යකෝ උඩ එකෙන් යට එකට නෙමේ යට එකෙන් උඩ එකට..... යට තියෙන්නේ accident වුන එක ගොඥා... ළඟපාත, කාරණේ පැහැදිලි කළා.
අන්තිමට විවෘත කරලා හැට පැයකින් පස්සේ අපිත් ගියා. ඩලස් අන්කල් එතකොටත් ප්රනදර්ශනේ බලනවා. තව බොහෝ අය එහි සිටියා. හැබැයි අපිට නියම කතාව හොයා ගන්න පුළුවන් වුනේ ඊට පහුවෙනිදා සෙනසුරාදා එතුමා හමුවුනාට පස්සේ. එදා අපිට ප්රනදර්ශනේ බලන්න යන්න ඕනකමක් තිබුණේ නෑ. නමුත් මාත් කොළඹ රස්තියක් දාපු නිසාත් අයිමැටේ කට්ටියත් කොළඹ සිටි නිසාත් අපි සෙට් වෙලා ප්රතදර්ශනේට ගියා.
“ඉතිං කොහොම ද ?” බොහොම සැහැල්ලු විදියට කතාව පටන් ගත්ත එතුමා පරි දර්ශන හෙවත් පැනෝරාමා ඡායාරූප තාක්ෂණය ගැන පහදා දුන්නා. සාමාන්යය විදියට ගන්න ඡායාරූප ෆොටෝෂොප් වලින් එඩිට් කළ හැටි, එහිදී මතුවන අභියෝග, ගත්ත මෙවලම් ගැන එහෙම අපූරුවට කියා දුන්නා. “මේක මැජික් එකක් නෙමෙයි” ඔහු හිනා වෙවී කිව්වා. ඒත් පියවි ඇසින් එක ම තලයක බලන්න බැරි සියල්ල මේ විදියට දැකීම අපිට නම් විශාල මැජික් එකක් තමා. තමන් සාර්ථක තැන් වගේ ම අසාර්ථක වුන තැන් පවා ශිෂ්ය.න්ට පෙන්වන්න තරම් ඔහු කාරුණික වුනා. පොළොන්නරුව හා දළදා මාළිගය වැනි ඡායාරූප වල සංස්කරණ දුෂ්කරතා මතුවූ ස්ථාන දක්වලා තාමත් ඒවා තියෙනවා කිව්වත් තේ‍නුවර මහතා විසින් ම පෙන්වා දෙනකම් අපිට ඒවා අඳුන ගන්න බැරි වුනා. මං නම් මීට කළින් කිසිම වෘත්තිකයෙක් ඒ ආකාරයට කටයුතු කරනවා දැකලා නෑ. තමන් දෙයක් කරලා පොර වෙනවා මිසක් එය කළේ මෙහෙමයි කියලා අනිත් අයටත් අත්හදා බලන්න යැයි කියන්න තරම් නිහතමානී මිනිස්සු හරි අඩුයි.
මේ සෑම සේයා රුවකට ම අපූරු කතාවක් වගේ ම නිල අනුග්රානහකයෙකුත් ඉන්නවා. ඒ ගැන ඔහු මෙහෙම කිව්වා “මං ඡන්දෙ ඉවර වෙලා තමයි මේ වැඩේට බැස්සේ. මගේ වගකීමක් විදියට සලකලා සන්ධාන අපේක්ෂකයකුගේ නිල ඡායාරූප ශිල්පියා විදියට කටයුතු කළා. මාස ගණනක් මගේ ආයතනය Photo Company වහගෙන අපේක්ෂකයා වෙනුවෙන් වැඩ කළා. සමහරු මට කිව්වා ඔන්න කඩේ යනවා කියලා, නමුත් ඒ මගේ මතවාදය. ඉන් මං ලක්ෂ එකහමාරක් විතර උපයා ගත්තා. හැබැයි මේ වෙද්දි winning photographer කියලා නමක් හදාගන්න මට පුළුවන් වෙලා තියෙනවා. මොක ද මං ෆොටෝ ගහන්න තෝරා ගත්තොත් මේ වෙනකම් අපේක්ෂකයා දිනන නිසා.” මං කලිනුත් කිව්වනේ ඔහු වෘත්තිය ගෞරවය ඉහළින් සලකන්නෙක් කියලා!!
“මුලින් මං වෑන් එකේ ගියා. ඒක කරදරයි. මොක ද නවත්වන්න කියද්දි සීන් එක පහුවෙලා. ඊළඟට කාර් එකේ ෆොටෝ ගන්න ගියා. නමුත් මට වටපිට බලන්න බෑ. එළවන්න එපැයි! පස්සේ මං බයිසිකලේ ම ගියා. අර ඉසුරුමුණිය වගේ ඡායාරූප ගන්න ලේසි වුනා. ඒ විහාරගෙයි ටයිල් අල්ලලා තිබුණ නිසා. අපේ සමහර ඡායාරූප ශිල්පියොත් ෆොටෝ ගන්නේ ටයිල් ක්රපමේට. ටයිල් පහක් එහායින් ලයිට් තියලා, මනමාලි මැද හිටවලා ෆෝකස් කරනවා. ටයිල් නැති හෝල් එකක් නම් මිනිහා අමාරුවේ. නමුත් පොළොන්නරුවේ දී ඉරක් ඇඳන් හිතේ මිම්මෙන් ගන්න වුනා. ඔය කුරුණෑගල ඇතුගල ගනිද්දි දවල් දොළහයි. නමුත් අවුලක් ම නෑනේ නේද?”
මේ විදියට මේ දුෂ්කර ව්යාවයාමය පිළිබඳ අපූරු කතන්දර රැසක් කී ඔහු ඇතැම් සේයා රෑ සඳහා නැවතත් එහි යාමට වූ බවත් කිව්වා. අම්පාරෙන් පටන් ගත්ත ගමන කොළඹින් සාර්ථකව අවසන් කළ ෆොටෝ මස්තාන් කෙනෙක් ගැන ලියැවෙන මගේ සටහන නවත්වනවා. හොඳ අත්දැකීම් ගණනාවක් ප්රවදර්ශනයෙන් ලැබුණා. තවත් පුංචි කතාවක් තියෙනවා අපේ ෆැකල්ටියේ සර් කෙනෙකුත් කුරුවිට ඡායාරූපය දැකලා තුටු පහටු වුනා. එය මීට කළින් ෆේස් බුක් හි තේනුවර මහතා විසින් දැමූ සේයාරුවක්. “ඒ ෆොටෝ එකේ අතු දෙකක් තිබුණා. මං එදා comment කරලා ඒ අතු දෙක අස් කරන්න ඉන් අවහිර බවත් ඇස ඊට ඇදී යන බවත් කිව්වා. මට සතුටුයි අද එකක් අයින් කරලා. දැන් අපේ අවධානය කෙළින් ම භූ දර්ශනය වෙත යොමු වෙනවා.” සමහර විට මේ සිද්දිය අපේ ප්රිධාන චරිතයට මතකත් ඇති.

2 comments:

  1. සාමාන්‍යෙයන් මම බ්ලොග් බොහෝවක් කියවනවා. නමුත් මීට කළින් මට මේ බ්ලොගය ඇස නොගැටුනේ ඇයි කියල මටම පුදුමයි.
    අමන්දාට බොහොම ස්තූතියි මේක මට පෙන්නුවාට..

    ReplyDelete
  2. " තමන් සාර්ථක තැන් වගේ ම අසාර්ථක වුන තැන් පවා ශිෂ්ය.න්ට පෙන්වන්න තරම් ඔහු කාරුණික වුනා. පොළොන්නරුව හා දළදා මාළිගය වැනි ඡායාරූප වල සංස්කරණ දුෂ්කරතා මතුවූ ස්ථාන දක්වලා තාමත් ඒවා තියෙනවා කිව්වත් තේ‍නුවර මහතා විසින් ම පෙන්වා දෙනකම් අපිට ඒවා අඳුන ගන්න බැරි වුනා. මං නම් මීට කළින් කිසිම වෘත්තිකයෙක් ඒ ආකාරයට කටයුතු කරනවා දැකලා නෑ"

    මේ කතාව එක්ක 100% එකඟයි මොකද ඔය ටික අපිටත් ඔහොමම පෙන්නලා කිව්වා මෙන්න මේ තැන් අව්ල් කියලා හොඳට බලන්න කියලා.

    බාගෙට වැඩක් කල එකෙක් ඒකෙ අඩුපාඩු වෙන අයට පෙන්නලා දෙන්නේ නැහැ, 100% ක් සාර්ථක කෙනෙක් තමා තමන්ගේ වැඩේ අඩුපාඩු පෙන්වන්නේ, මොකද ඒ කෙනාට ඒ අඩුවෙන් නැතිවෙන 2% මහා කජ්ජක් නෙවේ...

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....