Sunday, June 27, 2010
නොනිමි වන්දනාව...
යන්තම් ඉවරයි කියලා හිතාගෙන තව ටික දුරක් යද්දි ඈතින් තවත් දන්සැල් කොඩියක් වැනෙනවා... දුරට ම කෝප්ප දැක්ක නිසා බත් නොවන බව දැනගෙන මාත් ආවා. වැඩිම උනොත් බීම එකක් බොන්න වෙයිනේ... එච්චරයි. නමුත් වැඩේ ජෝන් බාස්ට ගියේ ඒ සමනල කුෂන් එකේ සව් දන්සැල නිසා... සව් නම් රහයි නමුත් දැන් නම් මගේ බඩ ඩ්රැනනේජ් වලක් වී ගෙන එන බව තේරුණ නිසා හෙමින් ආපු බස් එකක එල්ලුනා. 230 මාර්ග අංකයේ අංකයේ කැලණිය බසයකටයි මං ගොඩවුනේ. වෙනදා සද්ද දාන කොන්දා මල්ලි, අද වගේ වගක් නැතුව ඩ්රකයිවර් බාප්පා ළඟ යන නිසා සල්ලි දෙන්නෙ කාට දැයි මට අවුලක්. නෑ ඉතිං මේ පුන් පෝය දවසේ ඉබ්බට යන්න බෑනේ??
“ඇයි පුතා ඉස්සරහ ගහලා තියෙන්නේ, දැක්කේ නැද්ද??? අද පෝය දවසේ කැලණි බස් වල සල්ලි ගන්නේ නෑනේ. පුතාට සල්ලි දෙන්න ම ඕන නම් කැලණියට ගිහින් හිඟන්නෙක්ට දෙන්න!!” අන්කල් කෙනෙක් එටිසලාට් වෙන්න මඩක් ගැහුවා. ලැජ්ජාව දෝතින් අරං අර ඇන්ටි දුන්න බත් පතත් කිහිලි ගන්නගෙන මාකොළින් බහින්න අන්තිම පඩියට බැස්සම බස් එක අයිනට කරලා නතර කළා. ඒ එක්කම නැග්ගේ කොමඩු පිඟානක් අතින් ගත්ත තරුණයෙක්. කොමඩු කොමඩූ..... කියමින් කොමඩු බෙදූ ඔහුගේ කොමඩු සංග්රාහයෙන් පසු අතුරු ආන්තරාවක් නැතිව මාකොළට සැපත් වුනත් ගෙදර යන්න පෙර, මගේ උදර රාජයා දුර ගමනක් යාමට සුහද ආරාධනයක් කළ නිසා බාප්පාගේ කඩයට ගොඩ වැදෙන්න සිද්ධ වුනා. කතා නොකර ම පැය භාගයක් කොමඩය මත දන්සැල් දුන් අයට ස්තුති කතාවක් හද පිරි බැතියෙව් මිමිණුවා. ඇත්තට ම ඉතිං මගේ බඩජාරි කමට ඒ අහිංසකයො මක්ක කොරන්න ද?? එළියට එද්දි පුංචි අම්මා පන්සලින් ඇමතුමක් දුන් බවත් ඉක්මණින් එහි යන ලෙසත් කිව්වා. “හවසට මෙතන දන්සැලටත් එන්න උදව් කරන්න” ඒකටත් හා කිව්වා මතකයි....
හෑ... හප්පේ දැන් ඉතිං යමන්කෝ... කල්ක ඇබින්දක්වත් බොන්න කලින් ම ඒ සැණින් ක්රිතයාත්මක කළ ජංගමයාට පන්සලින් ඇමතුමක් “හාමුදුරුවනේ මේ දැන් එනවා. අවසර” නමුත් එළියට බහින කොට ම මාකොළ බත් දන්සැල දැකලා මගේ ආමාශය නැවතත් කණු කුණු ගාන්න ගත්තා. එන පොට හොඳ නැති නිසා කවුරුත් දකින්න කලින් ම පන්සල් මාවතට වැටුණා. යද්දි කාණ්ඩෙ බැති ගීයට ගජරාමෙට වැඩ. එහි සංවිධාන කටයුතු වෙනුවෙන් සහය දුන් මම ඒ සියල්ල නිම කර ඇඳුමක් දමන් එන්නම් කියලා පන්සලින් ඇවිත් නා ගත්තා. කඩි මුඩියේ ඇඳුමක් දමා ගෙන බැති ගීයට ගිය මට සිදු වුනේ සංග්රිහ කමිටුව මෙහෙයවන්න. අපි බීම එකක් හැදුවා. නමුත් බොන මිනිස්සු ගැන දුක හිතෙන නිසා මං නම් කටේ වත් තිබ්බේ නෑ.... ඒ වැඩ හමාර කරලා දන්සැලටත් එන බව පොරොන්දු වූ නිසා එහි ගියා.
සඳ මෝල් වෙනවා. අපේ බාප්පලා, මාමලා. අප්පච්චිලා එක්ක හරි හරියට මල්ලාත් කෑම බෙදනවා. බාප්පා පෝලිම් නවත්වනවා. එහි බත්, කරවල, අඹ මාළුව, පරිප්පු, සලාද, පපඩම් තිබුණා. සලාදය මල්ලි බෙදනකොට කරවල බෙදීම භාර වුනේ අප්පච්චිට. ඒක හරිම සකසුරුවමින් කරන්න ඕන වැඩක්. අප්පච්චි ලෝභ නැතත් සකසුරුවම් නිසා පැය ගාණක් යනකම් කරවල වල අහේනියක් තිබුණේ නෑ. නමුත් සලාදය නම් රෑ දහය වෙද්දි ඉවරයි. අන්තිමට මං බෙදුවේ පරිප්පු. පුරුද්ද වැඩේට අමතර සුදුසුකමක් වුනා. අපේ සරසවියේ මංගල ඉලංගසිංහ ආචාර්යතුමාත් දන්සැලට සිය පවුල සමඟ පැමිණ සිටියා.
මේ සියල්ල සංවිධානය කළේ මාකොළ ජිල්ලා නම් තරුණ මහතෙක්. සියලු දන්සැල ඔහුගේ ධනයෙන් හා සීමිත දානපතීන්ගේ ආධාරයෙන්. කතා කළයුත්තේ මේ ජිල්ලා අන්කල් බෞද්ධයෙක් නොවීමයි. ඔවුන් අපේ පුංචිගේ කඩේට අසල්වැසි කඩයේ හිමිකරුවන්. කිතුණුවන් වුනත් ඔවුන් දන්සැල හරි අපූරුවට පැවැත්වූවා. අපි 12.30 විතර වෙනකම් කෑම දුන්නා. අන්තිමට දන්සැල නිමා කරලත් තියෙන හැටියට කන්න කැමැති පිරිසට එන්න කියලා කෑම දුන්නා. අප්පච්චි වෙනදා මේ වැඩ වලදි ඉක්මණින් ගෙදර යන්න කැමති වුනත් මේ දන්සැල නිමා වෙනකම් ම වගේ හිටියා. යන්කෝ.. කියලා මල්ලි කිව්ව ම කොහොමත් දැන් ගිහින් නිදාගන්න එකනේ කියලා ෂේප් වුනා.
පහුවෙනිදා බුද්ධාගමේ හැටියට බණක් කිව්වා. නමුත් දන්සැලට ගෙනා කෑම වැඩි වෙලා. හාල් මුට්ට, පරිප්පු, කරවල ඉතිරි වුන නිසා ඒවා වියළි සලාක හැටියට දෙන්න කතා වුනා. අන්තිමේදී ඒකටත් විශාල සෙනඟක් මාකොළ එකතු වෙලා හිටියා. මගේ හරි අපූරු පොසොන් සැමරුම් මේ විදියට නිමා වුනත් මෙදා පොසොන් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන් ම බොදු කිතුණු එකමුතුවෙන් සංවිධානය වූ පොසොන් සැමරුම් වල අමුතුම කලාවක්, හැඩයක් සහ අලුත් බවක් තිබුණා. ඒකට මං හරි කැමතියි ;)
Subscribe to:
Post Comments (Atom)
මට්ටක්කුලිය මෝදර වෙසක් දන්සැල් වල දමල තියෙන්නෙ දෙමල සින්දු පොඩ්ඩක් ඔලුව දමල බැලුවහම කියපි යෙන්න ඇය්යා සව් තමා තීනව දෙකක් දාගමු පොඩ්ඩක් පෝලිමට සෙට් වෙන්න...ඒක අපෙ ටැමිල් මුස්ලිම් මික්ස් දන්සලක්...මචන් උන්නං බණපදයක් අහලකවත් අහපු නැති සෙට් එකක්...ඒත් අවුලක් නෑ වෙසක් ෆන් එක උපරිමයෙන් උනුත් ගත්ත,,....
ReplyDelete..බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිනායනව නැද්ද....වෙලාවකට රහත් වෙයි කියලා බයත් හිතෙනවා.. :D..ෆට්ට කතාව....
ReplyDeleteඅයියෝ අයියා රහත් වෙන්න නම් එපා... මට නම් සෝවාන් වුනා ම ඇති...තැන්වේවා කමෙන්ටුවට!!
ReplyDelete