Monday, June 14, 2010

රැජිනගේ රතු එළිය.......

එදා අග බිසවගෙන් ඇමතුමක් ආවා. කලිනුත් කිව්වා වගේ මගේ අනාචාරයේ හැසිරීමට එරෙහිව ඈ හවුස් කෝට් එකේ කේස් එකක් ෆයිල් කරලා තිබුණ නිසා මා එක්ක තරහෙන් තමා ඉන්නේ. ඇමතුම දුන්නේත් ඇගේ කළමනාකාරිය. ස්ත්රීණ රත්නං - පුස්තක රත්නං කියාගෙන ඉන්න මට ඉන් එහාට දෙයක් නැති නිසා එක ඇමතුමෙන් ම මං ඈ ළඟ. මොන දේ වුනත් අග බිසව තරහා වුනා ම නිකන් කසනවා වගේ දැනෙනවා. ඇයි දන්නෑ. වලියෙන් පස්සේ ඈ හමුවුනේ එක්වරයි. ඒ සිද්ධිය සමථ මණ්ඩලයට දාපු නිසා සමථ මණ්ඩලය කැඳවපු දවසේ විතරයි!! “ජීවිතයේ මට ඇති වටිනා ම වස්තුව පවුලයි කියාගෙන සමථ මණ්ඩලය ඉස්සරහා ලෝකෙට ම පේන්න සමාදාන වුනාට මොකද එතනින් එළියට ආ ගමන් ඈ මගේ ඇඟට ගොඩ වුනා. “තමුසේ මගේ විස්වාසෙ කඩ කළා. පිට ගෑනු ඉස්සරහ මට අවනම්බු කළා. මෙතනදි සමාදාන වුනත් මට තමුසෙව එපා......බ්ලා බ්ලා බ්ලා බ්ලා... ආදී වශයෙන් කණ පිරෙන්න වදන් වැලක් කර්ණ රසායන බෙලෙක් සරෙන් හුස්ම නාල්ලා ම කී එතුමිය පිට වෙලා ගියා. දැන් ඈ ම මට එන්න කියලා......
මං යද්දි උත්තමාවිය තේ පානය කරනවා. මං බලාන හිටියා. මොකක් හරි අහේතුවකට ඇගේ තේ කෝප්පට ඉහිරුණා. බොහොම ආචාරශීලී විදියට මගේ ලේන්සුව දුන්නත් ඈ පිළිගත්තේ නෑ. අග බිසව ඒ අතින් නම් හරි මුරණ්ඩුයි. මං කැමතිත් ඒ නිසා ම තමයි!! පස්සේ ඇගේ කළමනාකාරිය හෙවත් මගේ වෙනත් අන්තඃපුර සේවිකාවකට අවශ්යව කාරණේ කියලා මම එන්න ආවා. කොහොමත් ඇගේ ගණන් බලන්න ඕන ඊළඟ නැව ගොඩබානකම් විතරයි. නමුත් ඒ ටික කාලෙට හරි අගබිසවක් නැතිව ‘රාජ වෛශ්යා භූජංග මණ්ඩපය’ පාළු කරන්න මං කැමති නෑ. අයිසේ අග බිසවක් නැති රජෙක් හිටියා නම් ඒ මං ම වෙන්නැති. යකඩ දෝලිත් පුංචි බාල්දියක් දාගෙන කොරහත් බිඳගෙන ම ගිය එක විශාල පාඩුවක්. හිටිය නම් තාවකාලිකව අග බිසව තනතුරේ වැඩ බලන්න වත් දාන්න තිබුණා. මේ අලකලංචි නිසා ම අන්තඃපුර සේවිකාවන් කැඳවා පත්තරේ දැම්ම දැන්වීමට සාර්ථක ප්ර තිචාර ලැබුණත් තාම සම්මුඛ පරීක්ෂණයක් තියන්න වෙලාවක් ලැබුණේ නෑ.
ලග්නාධිපති බුධ මහ දසාවේ සෙනසුරු ඒ රාෂ්ටකයක් නිසා මගේ සිකුරා නීච වෙලා කියලයි අනාගත වෘක්තෘ කීවේ අම්මපා කාරණේ ඇත්ත. සංඛ්යා්ත්මකව කිව්වොත් පහුගිය සතිය තුළ විතරක් මා එක්ක තරහා වූ කතුන් ගණන 13ක්. අපේ පිය මහ රජාණන්ගේ අග බිසොව හෙවත් මව් බිසොවුන් වහන්සේ ඒ ලැයිස්තුවේ ඉදිරියෙන් ම සිටිනවා. නමුත් ඉන් බහුතරයකට සුදුසු සීනි බෝල දීලා, ප්ර තිජීවක සපයලා, ඉන්ජක්ෂන් හේම දීලා ජාමේ බේර ගත්තත් භද්රණ කන්යාහවන් දෙදෙනෙක් යළිත් දිනා ගන්න බැරි වුනා. විවාහය බාල වියේ දී හෙවත් කවුරුත් දන්න වි.බා.වියේ වගකිව යුතු තනතුරක් උසුලපු පැණිමාලි කෙනෙක් සහ නුවන් කුලසේකරගේ නැඟණියක වන පාංශු දේහධාරීන්ගේ සංගමයේ යාවජීව සාමාජිකත්වය හිමි, ජාත්යෙන්තර සබඳතාවන්හි ප්රාදීපස්ථම්භයක් වන් කේතලේ මල්ලක් මෙලෙස මා හා උරණ වූ කන්යාකවන් අතර ප්රණධානයි.
මේ ජෝඩුව ම පට්ට ආඩම්බරයි. අපිත් ඉතිං don’t care තමයි. විමර්ශන අංශයේත් ජංගම දුරකථන පාවිච්චි කරලා දෙන්නා ම කුප්රලකට ඉතිහාසයක් තියෙනවා. දවසේ වැඩි හරියක් ජිම් එකේ වල් පල් දොඩන කාන්තාවට හිම ස්වර්ණ සම්මානය (The Gossip Couple of the year 2009) ද මේ ජෝඩුව විසින් දිනා ගත්තා. අර කේතලේ මල්ල නම් පාංශු දේහධාරීන්ගේ සංගමයේ ‘උණ’ නිසා ද කොහෙ ද හරි ම එඩිතරයි. කොටින් ම වලිය තිබුණු දවසේ කරදරයක් නැතිව ෆැකල්ටියට යන්නත් ඈ සමත් වුනා. “මං අද ආවේ මේ article එක දෙන්න, අනේ please මාත් එක්ක ෆැකල්ටියට යන්න එන්න.” ඈ බැගෑපත් වුනා. ඇගේ ඉල්ලීම අහක දාන්න වුනේ දුවන කෝච්චි වලට බෙල්ල තියන්න එපා කියලා පැණියා මාව දැනුවක් කළ නිසා. කොහොමත් කොණ්ඩේ වනාගෙන, තොල් සායම් තල්ලියක් තවරන්, ගරාන්ත කළු ඇඳුමක් ඇඳන් ආපු ඈට කිසිදු අනතුරක් නොවී සංගමන්කන්ද තුඩුවට උනත් යන්න පුළුවන් බව මට වැටහුණා. අනික එදා කෙළ ගන්න අස්සේ මෝහිනී සැබෑ වෙසින් දැක්ක ම කොහොමත් කොල්ලෝ බය වෙන්නැති. ෂුවර්....
කතාව මේකයි. කොහෙන් කොහෙන් හරි අර ප්ර්දීපස්ථම්භයේ ‘සිලුවට්’ ඡායාරූපයක් අපිට ලැබුණා. ඒ සාධක අනුව ඇගේ අනාගත සහකරු ගැන අපි කරපු අදහස් දැක්වීමක් නිසා තමයි මේ කුමාරිකාවෝ තරහා වුනේ. පැණිමාලි ඇතුළු සියලු දෙනා ඇගේ වෙන්ඩ හබියා ගැන පසුගාමී අදහස් තමයි දක්වලා තිබුණේ. දැන් අර ඡායාරෑපයේ ඉන්න නිරූපණ ශිල්පියා අපි දන්න කියන කෙනෙක්. ඉතිං කාගේ වුනත් මෑන්ස් පව්නේ කියලා හිතලා මං බේරගන්න comment එකක් දැම්මා. ඔන්න ඕකට වැඩිපුර ම තරහා ගත්තේ වි.බා.වියේ රාජිනිය. “ඔයා මොකට ද මගේ යාළුවට එහෙම කිව්වේ???” ආදී වශයෙන් ප්රාශ්න පත්තරයක් ඈ දිග හැරියා. මං ගැටලුව උත්සන්න වෙන්න ඉස්සර කේතලේ මල්ලට කතා කළා... “මෙහෙමයි ඔයා කියන ඔය ෆොටෝ එකේ නියම කෙනා ඉන්න බෑ” ඇය මගේ එක තර්කයකට පිළිතුරු දුන්නා. හරි ඒ කියන්නේ මගේ comment එක ඇත්ත නියම කෙනෙක් ඉන්නවා ?? මාත් ගොඥා ඇහුවා. “අයියෝ ඔයා දන්නවනේ එහෙම එක්කෙනෙක් කියලා නැති බව” ඈ සරලව සුගමව පැහැදිලිව උත්තර දුන්නා. මගේ සරුවාංගෙ ම සීතල වෙලා දතකට පූට්ටු වුනා. දැන් ඉන්න කෙල්ලෝ රට්ටු පද හදන්න ඉස්සෙල්ලා තමන් ම හදා ගන්න කැමතියි කියලා මං අහලා තිබුණත් ඒක හරියට ම ඇත්තයි කියලා හිතුනේ ඒ සිද්ධියෙන් පස්සේ!!!

1 comment:

  1. පහුගිය දවසක මේ කතාවේ ප්රතධාන චරිතයක් රඟපාන කේතලේ මල්ල ගමේ ගියපු නිසා ඇගේ සහෝදරයන් දෙදෙනා විසින් තමන්ගේ හිච්චි නඟාට කරපු නවනිංගිරාව වෙනුවෙන් දණ්ඩෙන් පහර කෑ නාග රාජයන් දෙදෙනෙක් සේ කිපිලා ලියුම්කරුට මරණ තර්ජන හේමත් කළා. හැබැයි මුලින් ටිකක් හරහට කතා කළත් පස්සේ සහෝදර දෙබෑයන් වෙනුවෙන් බාල සොයුරු තුමා ෆිට් එකට කතා කරලා මෙහෙමත් කිව්වා.....
    “ඇත්තට ම මල්ලා, මොනා වුනත් උඹ පරම සත්ය. ම කියලා තියෙනවා. අපිටත් ඔය ටික හිච්චි නඟාට කියාගන්න බැරුවයි හිටියේ....අම්මපා” දෙදරන දඟර සුළං කිව්වලු!!

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....