Wednesday, June 23, 2010

දවසේ ආදරය

දැන් නම් යුනියේ රැග් සීසන් ඉවර වෙලා ලස්සන ලස්සන නංගිලා එහෙම එළියට පහළියට බහින කාලේ.... ගමේ වැල ගමේ කපුටන්ටයි කිව්වවත් ස්ථිර කොකු ඉන්න අයියලත් නංගිලට ඇල්ම බැල්ම දමමින් අනඟ රැඟුම් පානවා මේ දවස් වල නම් හරි සුලභ දසුනක්. සාධු සාධු මල් පිපියන්!! කිව්වලු. ඔන්න ඉතිං අපේ දන්න කියන මිත්ත රයෙකුටත් මේ පාරවත් කැම්පස් එකෙන් ම ගොඩ යන්න හිතිලා. මෑන්ස් මුලින් ම වැඩේට බැහැලා තියෙන්නේ ගහගෙන වහගන්නත් ඉස්සර. කුරුණෑගල පැත්තේ කොරියන් කරන නංගි කෙනෙක්ට සටහන් ටිකක් එහෙම දීලා අයියා ඉතිං ප්ර්ථමයෙන් පන්දුවට පහර දීලා තියෙනවා. අයියාගේ පිති හරඹය නුහුරට බව තේරුම් ගත්ත නඟාත් ආරක්ෂාකාරීව දඟ(ර) පන්දු හදවතේ කඩුල්ලෙන් එපිටට දමමින් නිපන්දු බවට පත් කරගන්න උපරිම උත්සහ අරං තියෙනවා. පස්සේ කතාවෙන් වැඩේ ජල්තර වුනා ම අපේ මෑන්ස් කෙටි පණිවිඩ මගින් සම්බන්ධතා පවත්වන්න ගත්තා.
කෙල්ලත් නිකා හිටියේ නෑ. කැම්පසුත් වහලා නිසා අපේ මැස්ටාට ටෙක්ස්ට් කරලා තියෙනවා. නිකම් මේ දුක සැප අහලා.... ‘ඉතිං කෝමද? ඔහාට වහිනවද??’ වගේ වල්පල් හසුන්.... නමුත් අද “කෙටිපණිවිඩ ඇයි එව්වේ අලුත් වෙවී???” කියලා කෙනෙක් අහනවා!! ඔබ හිතන්නේ මෙහෙම අහන්න ඇත්තේ කවුරු කියලද?? ෂුවර් එකට කෙල්ල කැමති නෑ කියන්න ඇති?? එහෙම වුනා නම් එකක්.
කාලය ගෙවිලා යද්දි මුලින් කතා කරන්න බෑ කියපු කොරියන් කන්යා ව අපේ නරියට කොල් කරන්නත් පටන් ගෙන. දැන් ඉතිං මොබිටෙල්ලගේ කල්ල මරේ. ඔය අතරේ තමන්ගේ හිතේ තිබුණ අදහස පුරුෂ ධෛරිය අරං කියලා දැම්මලු. ඒත් කෙල්ල කිව්වේ “ඒ ගැන දැන් ම කියන්න බෑ. අපි කැම්පස් පටන් ගත්තට පස්සේ කතා කරමු කියලා විතරලු” පස්සේ කැම්පස් පටන් ගත්තම දෙන්න මුණ ගැහිලා. “නෑ මචං, ඒකිගේ ලයින් එකෙන් තේරෙනවා මට කැමතියි වගේ. දැන් මේ පොඩි රංගනයක් කරන්නේ.....” කියලා බුවා ෆුල් ත්රිගලෙන් හිටියා මතකයි. අන්තිමට පස්මහ බැලුම් බලලා, අපේ බුවා නිකමට වගේ කෙල්ලට මෙහෙම කිව්වලු. “ඔයා අර මං කියපු කතාවට මොකද කියනේනේ?” ආ...... මං අම්මටත් කිව්වා. ඒත් වයස තමයි ප්ර ශ්නේ. මං නම් ඉතිං........ (මෑන්ස් අපේ වසරේ වුනාට අවුරුද්දක් වැඩිමල්)
ඒ කතාව අහපුවාම සාමාන්යනයෙන් ඌ සතුටු වෙන්න එපැයි. නමුත් උනේ අනිත් පැත්ත. හවස් වරුවේ දේශන වලටවත් ඉන්නේ නැතිව මෑන්ස් කළින්ම චමරියට ගිහින් දහ අතේ කල්පනා කරලා. පස්සේ උදේ ඇවිත් කෙල්ලට කියලා ඌ ගැන තියෙන අදහස අත් ඇර ගන්න කියලා. දවල් කෑමට අපි සෙට් වුනා ම පොර සොම්නසින් කියනවා. “අඩා.... මං වෙන්නැති මචං පෙරුම් පුරලා කෙල්ල හා කිව්ව ම බෑ පහුවදා ම බෑ කියපු එක ම කොල්ලා....” හ්ම්.... මට උඹ ගැන ආඩම්බරයි පුතා.... තිත්ත කසාය රස කරමින් බොන අපේ එකෙක් කිව්වා.
ඇත්තටම මොකද බං වුනේ??..... “නෑ බං ඒකිට ගෙයක් අතුගාන්න බෑ...... කෑමක් උයන්න බෑ..... මෙලෝ කමකට නෑ. ඉතිං එහෙම බෑනේ බං. මං මේ හෙට අනිද්දා පාර්ලිමේන්තුවට යන්න ඉන්න එකා. මොකෝ කවදහරි ඒකිත් ඇමති ආර්යාවනේ??. හරි දැන් උඹ කොහොමද ඒ කෙල්ලට උයන්න බැරි බව දන්නේ?.. කතා කරද්දි මං වචනයක් දාලා අහගත්තා. දැන් ඒකද එකත්...
ඒත් මචං උඹට ගෙදරින් කතා කරපු කටයුත්තක් තියෙනවනේ??? ඔව් බං.. ඒකිව තමා බඳින්නේ දැන් මේ කෙහුරිට කැමතියි කිව්වේ මොන ඇන්නෑවකට ද? ඒ කැම්පස් එකේ කොක්ක කර ගන්නේ, ඒත් එහෙම කෙල්ලොත් එක්ක හිටියොත් මගේ ඔළුව කචල් වෙලයි නවතින්නේ.. අනේ විහිලුවටවත් මේ කැම්පස් එකෙන් තව කොකු නම් එපා.....!!
අපේ මිත්තපරයා පහුගිය දේවල් මතක් වෙලා ද කොහෙ ද කෑමත් අහවර කරලා නැඟී සිටියා. දැක්කනේ ගෑනු ළමයි බැරි උනත් උයන්න පුළුවන් කියන එක ඇඟට ගුණයි. මොකෝ බැන්දට පස්සේ උයන්න බෑ කියලා ලිහන්න යැයි?? හැබැයි මේ වගේ අන්ඩපාල කොල්ලෝ පුංචි උපායකින් පරීක්ෂා කරලා බැලුවොත් තමා වැඩේ. මං නම් හිතන්නේ අපේ මිත්ත්රයා කළින් ම වල්ගේ පාග ගත්තා...... කාරි නෑ. ගිය හකුරට නාඩන්නේ කියනවනේ!!

3 comments:

  1. සහතික ඇත්ත.....ඒ උනාට දැන් ලංකාවෙ තියෙන Take Away ලෝඩ් එක දැක්ක හිතෙනව දැන් ගෙවල්වල උයන්නෙම නැතුවා වත්ද කියල......අනිත් එක Campus ලව් නම් ඉතින් එක එක Reasons වලටනෙ.....දන්නවනෙ ඉතින් බත් ආදර....Note ආදර...එහෙම....

    ReplyDelete
  2. අනේ පව් අනාගත් ඇමතිතුමා...!!!

    ReplyDelete
  3. W-wash
    I-iron
    F-feed
    E-Entertainment

    what else??

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....