Tuesday, June 8, 2010

අලි මදිවට හරක්

බාහිර සිසුන්, කැලණියට වසරකට හතළිස් දහසක් බාහිරව ලියාපදිංචි වෙනවා. දිවයිනේ සිව්කොනින් සෙනසුරාදා උදේට එන මේ අමුත්තන්ගෙන් සමහරු බසයට නඟින්නේ සිකුරාදා රෑ. විවිධ අපහසුතා, දුෂ්කරතා ඒ ජීවිතවල ඇති. නමුත් මොන ගැටළුව නිසාවත් ඔවුන් මරා ගන්නේ නෑ. අපි වගේ ගහ ගෙන වහගන්නේ නෑ. ඒ ගෙවලා ඉගෙන ගන්න නිසා ද මන්ද. මං දවසක් අම්මගෙන් මේ ගැන ඇහුවා.
“ඒ අය තමන්ගේ රැකියාවල ඉදිරිය සඳහා උපාධිය කරන මිනිස්සු. සමහරු තුන් පාර ම ඇණ ගෙන බාහිරව පෙනී සිටින්නේ. ඒ අය ගිනි පෙනෙල්ලෙන් බැට කාපු අය. කණා මැදිරි එළිය කෝමත් බයයි. තවත් කල් මරමින් අත්හදා බලන්න ඔවුන්ට අවස්ථාව නෑ. සුදුසුකම් මත ඉහළට යන්න උපාධිය අත්යිවශ්යම නිසා ඔවුන් ඕනෑම වගකීමක් ගන්නවා. එහෙම ගන්න බාහිර අපේක්ෂකයින් හා ඔයා ව එක ම සම්මුඛ පරීක්ෂණයට යැව්වොත් සත්තකින් ම බාහිර උපාධිධාරියා තෝරා ගන්නවා. ඒ මොකද ඔයාලා අවුරුදු හතරක් හෝ පහක් නාකි වෙද්දි ඒ කාලය තුළ ලබන සුළු හෝ වෘත්තිය අත්දැකීමෙන් අර ළමයා ඔබට ඉදිරියෙන් සිටින නිසා. ඒක හින්දා පිස්සු නොකර වැඩ කරලා පන්ති සාමාර්ථ්යඉක් ගන්න..... (අම්මට පිස්සුද කියලා අහන්න බැරි කමට මං මට ම හිනා වුනා)”
හරි ඒත් මං කරන්නේ කවුරුත් නොකරන ලංකාවේ තාම අඩු උපාධිධාරීන් පිරිසක් ඉන්න උපාධියක්නේ?? මට අවුලක් නෑ මං ගැලවෙන්න තරක කළා.
“ අන්න පුතා ඔයාට වැරදුනා. දැන් ඔයාලා උපාධිධාරීන් වෙන්න ඉස්සර ඔය ෆීල්ඩ් එකේ මිනිස්සු වැඩ කළේ නැද්ද?? වෘත්තිය මට්ටමේ චරිත ඉඳලා නැද්ද?? එක ම දේ ඔවුන්ට වෘත්තිය සුදුසුකම් ඔප්පු කරන්න සහතික නැති එක විතරයි. නමුත් අවුරුදු ගාණක් පදම් වෙලා ගත්ත ඒ අයගේ දැනුම, පළපුරුද්දත් එක්ක ඔයාලාට හැරෙන්නවත් බෑ. ඒ අය උදේ හවස වැඩ කරන්නේ එක ම ෆීල්ඩ් එකක. ඒ අය ඉස්සරහා ඔයා අඟුටුමිට්ටෙක් විතරයි. දවසක ඒ අයටත් සුදුසුකම් ලබා ගන්න ක්රදමයක් ලැබුණොත් ඒ අය ඔයාලට වඩා ඉස්සරහින් ඉඳීවි!! ඒ නිසා නියම තරඟකරුවන් හඳුනාගෙන පුංචි තැන ඉඳන් පටන් ගන්න”
අම්මා එදා කියපු කතාව දැන් ඇත්ත වෙලා කියලා දැන් මට පේනවා. කාරි නෑ. මගේ අලුත් යාළුවෝ වගේ ම ලෙචාත් කිව්වේ තව වයස තියෙන නිසා අවුලක් නෑ කියලා. ඒත් අවුලක් නැත්තෙමත් නැති වගේ මගේ පුංචි පුංචි නුවණිනා වැටහෙනවා.!!

2 comments:

  1. ඒත් මල්ලි හෝ නංගි ජීවිතේට පිකට් එකක් රැලියක් කියන්නෙත් මාරම අත්දැකීමක්...ඒවත් ගන්න ඕනි...බාගෙට ඉගෙනගන්නත් ඕනි..අනාගතේ රස්සාව ගැන හිතන්නත් ඕනි..ඒක තමා ජීවිතේ..කියන්නෙ..එකක් අල්ලන් බෙදාගන්න බැරිව මරාගන්න හදන එක නෙමෙ...

    ReplyDelete
  2. indi කිව්ව කතාවට මමත් එකඟයි. අපි ඉස්කෝලෙ හරි විශ්ව විද්‍යාලෙ හරි ගිහින් ඉගෙන ගන්න එකම විතරක් කලොත් කවද හරි අපි එතනින් ඉවත් වෙලා ආපහු හැරිල බලනකොට තේරෙයි අපිට කොච්චර දේවල් මග හැරිලද කියල. කවද හරි අපිට කියන්න වෙන්නේ ලෙක්චර් හෝල් එකේ පුටු බන්කු රත් කර කර හිටිය කියල විතරයි. රසවත් සිද්ධි මොකවත් නෑ. ඉගෙන ගන්න ගමන් අනෙක් ආතල් ගන්නත් ඕන, හැබැයි මොන පිස්සුව නැටුවත් ආපු වැඩේ හරියට කරගත්තෙ නැත්නම් ඉතින් බඩුම තමා....

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....