Tuesday, June 8, 2010

බොලිවුඩ් වන්දනය නිමයි'.....


පහුගිය කාලේ අපි ඉන්දියාව ගැන කතා කරපු විදියට අපි ජීවත් වෙන්නේ ලංකාවේ ද නැත්නම් ඉන්දියාවේ ද කියලත් පැහැදිලි නැති තරම්. මුලින් ම අයිෆා ගැන මෛ මතය ඉදිරිපත් කරන්න කැමතියි. අයිෆා නිල සංවිධායකයින් ගැන නම් කියන්න දෙයක් නෑ. සංචාරක මණ්ඩලය වැඩක් කළොත් හත් පොළේ. මේ වගේ අවස්ථා සම්බන්ධීකරණය පිළිබඳ ඔවුන්ට ඇත්තේ කුප්රඅකට ඉතිහාසයක්. (මතකනේ හික්කා ෆෙස්ට් එක) අපි ලක්ෂ ගණන් වියදම් කරලත් බහුතර නළු නිළියන් ආවේ නෑ. කාරණය වුනේ තමිල්නාඩු ජනතා විරෝධයට ඔවුන් බිය වීම. ඊටත් වඩා තමිල්නාඩු වෙළඳපොළ නැති කරගන්නට ඔවුන් කැමති වුනේ නෑ. ඒක ලංකාවත් එක්ක සලකද්දි විශාල අගයක්. අපි ලංකාවට නො පැමිණි නිසා විජය ඉන්න චිත්රඒපටියක් වර්ජනය නොකළත් ලංකාවට ආව නිසා තමිල්නාඩු ජනතාව එහි චිත්රඩපට වර්ජනයක් කරන්න පුළුවන්. අපිට ඒ අතින් කේවල් කිරීමේ හැකියාව බින්දුවයි. ගුරු බලලා ප්රුභාකරන්ට අට්ටි පිටින් කප්පම් ගෙවපු ශ්රීන ලාංකික අපි ඊට වාඩුව ගන්න මනිරත්නම් ‘රාවණා’ චිත්රුපටිය අරන් ලංකාවට එනකම් බලාන හිටියත් ජීවිත අවදානම සලකලා බුවා ආවේ නෑ. (ප්රමඥානෝචිත මෙව්ව එක තිබුණු නිසා)
දැන් අයිෆා ඉවරයි. මොනා ද ලැබුණේ?? ඇයි මොනා ද නො ලැබුණේ?? කොළඹ හිඟන්නන් නැති කළා. කඩිමුඩියේ පාරවල් ටික හදලා දැම්මා. සුගතදාස ස්ටේඩියම් එක, අනේ දුප්පත් අපේ එක ම ජාත්ය න්තර ක්රීනඩා පිටිය නිත්යා නෘත්යදශාලාවක් කළා. (ඒකේ 5000කට අසුන්ගන්න හදන්න ගියත් 2000කින් සෑහීමකට පත්වෙන්න වුන එක වෙන ම කතාවක්.) තව.... සංචාරක දේශාන්තයක් ලෙස ලංකාව ප්ර්වර්ධනය වුනා. තව... ඔව් තව වෙන මොනවද - මාමයිට් වගේ??? නිකත් යන්ඩ ලොක්කා.
අර සුපර් ස්ටාර්ලත් පැමිණීම ප්රමතික්ෂේප කළාම දැන් නිකන් සුද්දෙක්වත් මේ මිනීකන්නන්ගේ දේශයට පය තියන්නේ නෑ. “අමිතාබ් වගේ ම ෂාරුක් ඛානුත් බෑ කිව්ව එකේ අපි වගේ සොක්කො ලංකාවට ගිහින් මැරුම් කන්න යැයි” ඔව් කියන්න සතුටුයි යුද්දෙ ඉවර වුනත් ලංකාවට යාම අනතුරුදායකයි. (නෑ මං කිව්වේ තාම බිම් බෝම්බ තියෙනවනේ) කාරණේ අපි ගොඩයන්න හිතාගෙන කරපු වැඩේට නළු නිළියන් පොල්ල තිබ්බ නිසා පාරා වලල්ලක් වෙලා අපේ ම හෙනේට හිටි එකයි. ඒත් කස්ටිය නාවේ මෙහේ ආරක්ෂක තත්ත්වය මත නොවන බව පමණක් අපිට ජාත්යහන්තරයට ඒත්තු ගන්වන්න පුළුවන්. ඊටත් කාලයක් යාවි.

කින් කාන් කළ පාහර වැඩේ නිසා ආයෙත් බොලිවුඩ් නම් බලන්නෑ කියලා හිතුවත් එක අතකට අපේ සිනමාව බැරිනම් අල්ලපු වැටේ සිනමාව හරි දියුණු වෙනවනේ කියලා හිතුව ම ඒක කොරන්නත් බෑ. ඉන්දියාව පව්නේ. සංචාරක පැමිණීම ගත්තොත්, අයිෆා බලන්න ම කියලා විශාල පිරිසක් ආපු බවක් පෙන්නුම් කරන්නේ නෑ. අනික ඉන්දියානුවන්ට අමුතුවෙන් ලංකාවට එන්න කියන්න ඕන නෑ. පූජනීය ස්ථාන බලන්න වගේ ම හැකියාව තියෙන ඉන්දීය මධ්යටම පන්තිය ඇඳුමක් ගන්නත් එන්නේ ලංකාවේ ඔඩෙල් එකට. අපිටත් බුදුහාමුදුරුවෝ නිසා ඉන්දියාවට යන්න බල කරන්න අවශ්ය් නෑ. කොහොම නමුත් නිල ගුවන් සමාගම නම් තමන්ගේ සේවාදායකයන්ට ඉදිරි එම සති අන්තයට පෙර ගමන් වාර සියල්ල වෙන් කර ඇති බව සේවාදායකයින්ට ප්රමකාශ කිරීමත් සමඟ සමහරුන්ට කළින් ම ඉන්දියාවට යන්නත්, කළින් ම පිටත් වෙන්නත් සිදු වුනා. මගේ පුද්ගලික මතය නම් අයිෆා මෙහේ කරලා යුද්ධය ඉවරයි යැයි පම්පෝරි ගහන්නත් අවශ්‍න්ය‍ නෑ. බැලුවා ම ලංකාවේ අපි හැරුණා ම මුළු ලෝකය ම දන්නවා යුද්දෙ ඉවරයි කියලා. නමුත් අපිට ෂූවර් නෑ. ඒකනේ අපි අනවශ්යක ප්ර චාර කරන්නේ (ප්රමභාකරන් තාම ජීවතුන් අතර වෙන්නත් පුළුවන්....??? අපි ම මරා දැමූ ප්රපභාකරන්ට අපි ම පණ දෙන්නේ ඔන්න ඔය වැඩසටහන් හරහා)

දැන් ආදායම. අපි හිතුවේ අයිෆා කප්රුකක් කියලා. ඔව් ඒක කප්රුකක් තමා. චින්තාමාණික්යභක් ම තමා. නමුත් මොකක් හරි අවුලක් නිසා සිතූ පැතූ සම්පත් ඉන් නොලැබීම ගැන අපි දුක් වෙනවා. ඒක කප්රුකක් නොවුනා නම් මාපා යාපා එච්චර කට්ටක් කාලා අපිට ගෙන්න ගන්නේ නෑනේ. බලන්න ටිකට් එකක් වුනත් කීයක්ද? හැබැයි විශ්වාස කරන්න ලක්ෂයකට වැඩි ප්රෑවේශ පත්රල දහ පහළොවක් විකුණගන්න අපි සමත් වුනා. බොලිවුඩ් සික් එක එපමණ ගහපු පිරිසුත් මෙහි වැඩ වාසය කරනවා. කාරි නෑ. ඒකෙන් වත් බඩේ කැක්කුම හොඳ වුනානම්.

නමුත් මැච් එක නම් චව්වා. අපි මැච් එක ගැහුවා නෙමේ. ගහන්න සිද්ද වුනා. තමිල්නාඩු ප්ර ජාවගේ විරෝධයට උත්තරයක් හැටියට උතුරේ නිවාස සියයක් හදන්න පොඩි ජොලි වැඩක් කළා. වියදම මිලියන හතරක් වගේ ජුව්ඩක්. අපේක්ෂිත ලාභය තුන් ගුණයක්. ඉතිං නරක ද? නෑනේ මස්සිනා!! නමුත් කාට ද අපි ටිකට් වික්කේ??? වෙන කාට ද අපිට ම තමා.... මේ කොදෙව්වේ බහුතර අහිංසක ජනතාවට! අපි වෙනුවෙන් අපි ම නේ ඉතිං. අපේ රටේ මිනිස්සුනේගේ මුදලින් අපේ ම මිනිස්සුන්ට. හා දැන් හොඳයි තොපි, බහුතර සිංහලයෝ දෙමළ ජනතාවට ගෙවල් සීයක් හදන්න වෙන විදියට ආධාර ඉල්ලුව නම් දෙයි ද? දෙයි මේන් කියලා. ඉන්දියාව හරි අපූරු විදියට වැඩේට අපිව සම්මාදම් කරගත්තා. කොහොම ද ටිකිරි මොළේ?? ෂාවාහ් පුත්තර් ෂා වහ්. ජෙය හින්, වන්දේ මාතරම්!! ‍
අවුලකට තියෙන්නේ මොක්කුන් ද ඒ ප්ලේ කළේ?? සමහර එළුවන්ව ඉන්දියාව වත් දන්නේ නෑ. අපේ එකා, බඩා සොනික් නම් තමන්ට රගර් වගේ ම ක්රිේකටුත් බැරි බව ඔප්පු කළා. ලකුණු හතරයි පොලු. මල්වට්ටියයි!!! කෝමද අනාකි?? විදෙස් මාධ්යේකරුවන් සමඟ හරි හරියට ඈ වැඩ කළ හැටි නම් අගෙයි.

2 comments:

  1. අනේ අපේ මිනිස්සුන්ගෙ හිත් රිදෙයිද දන්නෙ නෑ අයියා........

    ReplyDelete
  2. ඇවරි, ඔබේ ආරක්‍ෂාව ගැනත් ටිකක්‌ හිතන්න හොදේ..

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....