මේ වෙන කොට අපේ මුල් කාපින මිත්‍රයෝ දහයකට කිට්ටු ප්‍රමාණයක් හිටියා. අපි හැමෝ ම වගේ දවස පුරා යුනියේ වල බැහැලා උදේට ගෙදරින් වදෙන් පොරෙන් බැඳලා දෙන බත් එක ගිලලා හවසට ගෙදර ගියා. ආපහු පාන්දර ම ආවා. ඔය අතරේ නාට්‍යක්, ප්‍රසංගයක් වැනි වැල් බයිලාවක් තිබුණොත් මඟනොඇර බැලුවා. සැරයක් නිවාඩු දෙන දවසක පොල්වත්තේ ක්‍රිකට් ගැහුවා. අපි ගොන් නිසා පළමු වසර අන්තිම සෙමෙස්ටරයේ නිවාඩු දෙනකොට ප්‍රධාන ක්‍රීඩාංගනේ මැච් එකක් ගහන්න ගියා. සෙල්ලම් කරන්න හම්බුනේ පැය භාගයයි. උයන්පල්ලා අපිව එළව ගත්තා. තණකොළ පොඩිවෙනවලු. පිට්ටනිය නාස්ති වෙනවලු. අනේ ඉතිං අපි නිවාඩුවට ගිහින් එන කොට ඒකට වෙන්න තියෙන ඔක්කොම වෙලා. දණිහ උසට තණකොළ වැවිලා. කැළෑව වගේ. මෑත කාලීනව කොළ පණස් දෙකේ කුට්ටමින් සරසවියේ ප්‍රසිද්ධියේ සූදු කෙළියා නම් ඒ අපි සෙට් එක තමා. වල බැස්සා කියන්නේ බැහැලා බැහැලා අන්තිමට පතුළේ මරියානා අගාධය හරහා අවීචි මහා නිරයට ම බැස්සා.
අපි කැම්පස් එකට හූවයි බල්ටියයි දුරින් හිටියත් හැමදාම උදේ දේශනයට එන්නේ පරක්කු වෙලා. ඉතිං අන්තිම පේළියේ වාඩි වෙලා කදයක් දාගෙන ඉන්නවා. බුද්ධිමතුන් බිහිවන්නේ අවසාන පේලි වලින් කියලා මං අහලා තියෙනවා. පෙතියට සමන් රාජපක්ෂ සර් බණින්නේත් පුංචි චැට් එකක් දාගෙන හිටි නිසා. එදානම් කස්ටිය ම ටිකක් සාටර් වුනා. කමක් නෑ ගමේ වැඩේනේ කියලා හිත හදා ගත්තා.
ඔය අතරේ අපි වගේ ම අන්තිම පේළියේ වාඩිවෙන අක්කා නගෝ දෙන්නෙක් හිටියා. උන් දෙන්නවත් අපේ වරිග සභාවට ඇතුළත් කරගන්න සනාතන මණ්ඩලය තීරණය කරනවා. ‘බල්ලා සහ හරනේල් කට්ට’ නාටකයේ බල්ලයි අයකටුවයි වගේ උදේ හවා දෙන්නා එකට. තකට තක. උන් දෙන්නා නිසා අපිට කවදා හරි එල්ලෙන්න වෙන බව මං කොච්චර සෙනෙට් එකට කිව්වත්, මොන කණකට ගත්තේ නෑ නෙව. අචිනි පබසරා සහ හිරන්ති උදේශිකා තමයි ඒ මෝඩ ජෝඩුව. රයිනයි-සූකරයි වගේ දන්න කාලේ ඉඳලා මොන්ගල් කපල් එක යම් මට්ටමකට ගේන්න අපේ සුමිතුරෝ සේවයට හැකි වෙනවා. ‘අනේ කාගේ හරි දැරිවියන්නේ’ කියලා අපිත් එක්සත්ව එක්සිත්ව ඒ දෙන්නත් එක් කරගන්නවා.
පළමු වසර තුළ ගම්පහ මල් වත්තට ගියා. තව මාළිගාතැන්නේ ගිහින් නාලා මඤ්ඤොක්කා පුච්චන් කෑවා. ආදී වශයෙන් නොයෙක් නොයෙක් විකාර කළා. හැබැයි අපිට පවත්නා ක්‍රමය ඇතුළෙ වුනත් යමක් කිරීමේ අවශ්‍යතාවය උණ තිබුණා. අපි ප්‍රථම වසරේ ඉන්න කොට තමා කැලණි සරසවියේ පණස් වන ස්වර්ණ ජයන්ති සැමරුම එන්නේ. ඒකට මොකක් නමුත් කළ යුතුයි කියලා අපි හිතුවා. අනිත් හැමෝ ම තම තමන්ගේ අධ්‍යයන අංශ වෙනුවෙන් මහන්සි වෙද්දි අපි අපේ ම වැඩක් පටන් ගත්තා. ඒක ‘සින්දු දන්සැලක්’ කස්ටිය Threaten Endemics කියලා නමක් යෝජනා කරගෙන මේ තියෙන ඩිසයින් එකේ කළුපාට ටී ෂර්ට් එකක් ප්‍රින්ට් කරගෙන වැඩේට බැස්සා. අපිට අවසර ගැනීම අවුලක් වුනා. ජිල්මාට් එකක් වුනොත් කවුද වගකියන්නේ?? ප්‍රශ්න පත්තරයයි. ඒ වෙලාවේ පිහිට වුනේ ප්‍රතිබිම්බ හා දෘශ්‍ය කලා ඒකකයේ අංශාධිපති පැට්රික් රත්නායක මහතා. අපේ පිස්සු අයිඩියාවට සර් ඕකේ එන දීලා කුටියක් සඳහා ඉඩක් වෙන් කර දුන්නා. ඒ ධර්මාලෝක ශාලාවේ කොරිඩෝවයි. එහි ඇතුළේ නාට්‍ය ඒකකයේ කුටිය ඉදි කර තිබුණා.
අපේ අයියලා රීප්ප ගහලා, කළුකොළ අලවා අඳුරු කරලා, පත්තර වලින් වෝල් ආර්ට් පාරක් දාලා අමුතුම තැනක් හැදුවා. ඒ දවස්වල සංචරන අධ්‍යයනයේ අපි සිහිනලන්තයට අහස්යාත්තරාවක් හදනවා. වැඩේ නම් බුදු බයිටක්. නමුත් පළමු වසර අපිට ප්‍රතිපත්ති සම්පාදනයට බැරි නිසා කියන දෙයක් කරලා වෙන දේ බලන් හිටියා. අන්තිමට ලැජ්ජ නැතිව ඒ යානයට Sri Lankan කියලා නම් කළා. මං දවල් කාලේ එයාර් ක්‍රාෆ්ට් එන්ජින්යර් රෑට සින්දු දන්සලේ රසිකයෙක්. දින දෙකක් විතර නයිට් ඇදලා ස්ටෝල් එක හැදුවා. අලුතාගේ යාළුවෝ එහි රාජකාරි හුඟක් අපිට කරලා දුන්නා. උන් නොහිටින්න අපි හාන්සි. සබ්වූෆරයක් ගේන්න වතුරේගම ගයියලාගේ ගෙදර ගියෙත් එදා. අපේ මලයා කැම්පස් එකේ වැඩකට මුලින් ම ආවේත් ඒ දවස්වල. (අන්ඩපාල මල්ලා චිලී-යානි ගැන අපූරු පැහැදිලි කිරීම් කළා.) සින්දු ඇල්බම් පිටින් තැටි වලට පටි වලට සහ එකී, මෙකී, නොකී හැම ආකාරයකට ම නොමිලේ ම කොපි කරලා දුන්නා. අන්තිමේ දී ඒ යාගේ ඉවර වෙද්දි කාගෙ කාගෙත් බඩවල් සුද්ද වෙලා. ධර්මාලෝකේ ඩෙස්ක් දෙකක් අපේ අතින් හොරකම් කෙරිලා. අපි දන්නෙත් නෑ?? අන්තිමට භාරකාරතුමාට නොවඳිනා වැඳුම් වැඳලා යානිගේ යුනි අයි.ඩී එක අරගත්තා. ඇති යන්තම් එයින් ගියා.
කැම්පස් ආපු මුල් අවුරුද්දේ ම මෙහෙම වැඩක් කිරීම සම්බන්ධයෙන් අපි හුඟක් සතුටු වුනා. අන්තිමට මල්වෙඩි සන්දර්ශනේ බලන්න පැමිණි පැට්රික් සර් කට්ටියට ම සුබ පැතුවා. ඒ වෙනකොට අපේ ගොඩක් දෙනා සර්ගේ ගෝලයෝ. එදා රගා මූණ පුරා පාට තවරගෙන මළ පෙරේතයා වගේ. මිනිහා හැබෑවටත් එහෙම තමා. හැබැයි ඒකෙත් කලාවක් තිබුණා. හරි ලස්සනයි. වෘත්තිය විකට ශිල්පියෙක් වගේ. රගා දිහා බලලා පැට්රික් සර් මරු කතාවක් කිව්වා. “ යාළුවා තමුසේට මේ මදියි වගේ. එනවා එනවා ඉස්සරහට ඇවිත් ඩාන්ස් එකක් දානවා.” රගාට වුනේ නන්ද කුමාරයාට පාත්තරේ අල්ලන් ඉඳලා වෙච්චි එකේ අනිත් එක. ඒ අන්තිම දවසේ රෑ බොහෝ දෙනා ධර්මාලෝක පරිශ්‍රයේ මල්වෙඩි බලන්න හිටියා. රගාගේ අතින් ම ඇදගෙන ගිහින් අර සහාව ඉදිරියේ අත ඇරියා. එතන ඩ්‍රාමා ඩිපාර්ට්මන්ට් එකේ අය බෙලිමල් බෙදමින් සින්දු කියනවා. දැන් ඒ තාලෙට රගා වයින් කරලා වගේ වැඩ. යුනියේ නළු නිළියෝ හැමෝට ම හිනා. රගාට ගානක්වත් නෑ. අපිත් හුරේ දානවා. ඔන්න ටිකකින් මගේ ජංගමයාට ඇමතුමක් එනවා. ඒ අරාගෙන්. “අර රගාට කියපන් බං මෙතන බයිටක් නොවී ඉන්න කියලා. අරහේ ඩ්‍රාමා එකේ වුන් ආතල් එකක් ගන්නවා. මෙහේ සර්ලත් ඉන්නවා. අරූ මැද්දට පැනලා මඟුලක් කරනවා.” අරාට අසූ හාරදාහට නැගලා. මං සුපුරුදු පරිදි ශාන්තව උත්තර දුන්නා. “මචා ඔය කතාව උඹලගේ සර්ට ම කියපන් පැට්රික් සර් තමයි ඌව ඇදගෙන ගියේ. උගේ උණ්ඩුකපූච්චෙට වත් ලැජ්ජාවක් දැනෙන්නැති නිසා දැන් ම ගන්න පුළුවන්කමක් නෑ”අරාට කාරණේ වැටහුණු නිසා ඇමතුම විසන්ධි කළා.
අන්තිමට අපි කුටිය අස් කරද්දී ඉස්සරහ කූල් ස්පොට් එකේ අයියා, අන්තිම දවස නිසා අපි හැමෝට ම ෆලූඩා දුන්නා මතකයි. අරාට මතක නම් එදා පෙතියත් එක්කත් අන්තිමට පොඩි අවුලක් ගියේ?? ඔක්කොම අස්කළා හැබැයි ගයියාගේ පියාගේ අනුග්‍රහයෙන් අප වෙත ලබා දුන් වයර් රෝල එතීම තමා අමාරු වුනේ. අරාගේ මල්ලි, ප්‍රභාෂ්වර පොඩි චන්ද්‍රපද්මත් අයියා නිසා අමර කට්ටක් කෑවා. අන්තිමට පාප්ප බාල්දිය අතින් අරං, ඇඳුම් ටිකත් කසඩ මල්ලක දමන් ෂෝර්ටක් දාගෙන මං රෑ ජාමේ ගෙදර ගියා මතකයි.
ඔන්න ඔහොම පිස්සු කෙළපු, අපිරිමිත, අසික්කිත, අනුපමේය, අජරාමර පට්ට ආතල් ගනිපු අපි පළමු වසර තුළ කළ හපන්කම්, මෝඩකම්, පුරසාරම් තවත් කල්පයක් කියන්න පුළුවන්. ඒත් අපි හැමෝම පුද්ගලිකව තම තමන්ගේ විෂයන් වලත් උපරිමයක් කරගත්තා කියලා හිතෙන්නේ බහුතරය විශේෂවේදී උපාධි සඳහා සුදුසුකම් ලැබීමත් සමඟ. ඒත් සමග බහුතර පිරිසක් දෘශ්‍ය කලා විශේෂවේදී කරන්න යනවා. ඒ අට දෙනා ම අපේ මිත්‍රයෝ තමා. ඉන් ප්‍රෞඩ කියන ප්‍රසිද්ධ ගායකයා සහ අයිමැට් මාතව ලෙස කිරුළු පළන් අමන්දා ජයවර්ධන හොඳ යාළුවෝ දෙන්නෙක්. මීළඟට වැඩි ම පිරිසක් ඒකෝන් පාර්ශවයේ උදවිය. අපි ඉතිං වරප්‍රසාද නොලබන සුළුතරය. හැබැයි දෙවන වසරට පැමිණීමත් සමඟ අපි සියලු දෙනාට ම වැඩ අධික වෙනවා. කස්ටියකට ඇහුවොත් සූටින්. තවත් අයට ගෲප් සෙමිනාර්. මොන දේ වුනත් අර මුල් යාළුකම් නම් අමතක වෙලා නෑ. අදටත් හැමෝම එක පැදුරේ බත් කමන් එක හැළියේ බුදියනවා. පැදුම මාගලක් වගේ වෙලා හැලිය දෝනාවක් වගේ වුනොත් අවුලක් නෑ. නැත්නම් රගාට හාමතේ ඉඳියි. ප්‍රෞඩට එළියේ ඉන්න වෙයි.
Monday, May 31, 2010
අපි අපි වගේ ද මන්දා....!!
අස්ප කුළප්පුව හැදුනු සිස්සයො ගොන්නු වගේ තප්පුලන්න ගත්ත නිසා අපේ විස්ප විජ්ජාලෙ වහලා දාපු නිසා කස්ටිය ගෙවල් වලට වෙලා දුක සේ ගෘහ විද්‍යාව, සත්ත්ව පාලනය, වතු වැඩ වගේ හස්ත කර්මාන්ත වල නිරත වන බව ආරංචියි. ගෙයක් දොරක් තිබුණ ද නැද්ද කියලා වගේ වගක් නැතිව වගේ වේවැල්දූවේ බෝඩිම් කාමර වල හිටිය රාජකුමාරිකාවෝ මේ දවස් වල නම් අම්මලාට උයන්න පිහන්න උදව් දෙනවලු. “දෙයියනේ කියලා කැම්පස් වහලා ගෙදර ඉන්න ටිකේ අපරාදේ කියන්න බෑ ලමිස්සියො ගෙදර වැඩ නම් හොයා බලා කරනවා. විභාගෙ කාලෙ ගෙදර ආවත් කාමරේට වෙලා පොතේ ම නේ??” අනේ අපි නොදන්න මොනර තැන්න කිව්වලු.
සමහරු ලද අවසරයෙන් මේ ආකාරයට ලකුණු දාගන්න ‘අතරේ යුනි සික්’ හැදිච්ච ළඟපාත අපේ කට්ටිය සෙනසුරදා, ඉරිදා බාහිර සිසුන් වෙසින් ඇවිත් නම ලකුණු කරලා යනවා ඇවරිගේ නේත්තරාවන්ට මට්ටු වුනේ ගිය ශනිදාවෙදි. “ නෑ මචං, නිවාඩු තමා අපි මේ එදා වීසි කරපු බෝතලයක් සොයා ගන්න ආවා”...... අනේ වාසනාවන්. කිව්වට මොකද සමහරුන්ට කැම්පස් වහලා උනත් පුරුද්දට කන්ද නැඟෙනවා. ජිම් එකට වෙලා යාළු මිත්තරයන් එක්ක වල් පල් දොඩන්න තව කාලයක් බලා ඉන්න වෙන නිසා තවත් සමහරුන් කැම්පස් පටන් ගන්නකල් ඇඟිලි ගණිනවා. බාහිර බහිරවයෝ නම් අපේ අයියලා නැති අතරේ ජිම් එකේ බඩ පිනුම් ගහනවලු. ලූලා නැති වලට කණයා පණ්ඩිතයා කියනවනේ.
කොටන්නත් ඇති තරම් වෙලාවක් තියෙන නිසා අපේ අපේ කතන්දර ටිකක් ලියන්න හිතුවා. අනුරපුර පාපැදි සවාරිය, නුවර එළිය හග්ගල සවාරිය ආදී අල ගිය මුල ගිය නිවාඩු ගැන කතන්දර හුඟක් තියනවා. නිවාඩුවට කොහේ හරි යන එක අපේ පුරුද්දක් වුනා. ආපහු හැරිලා බැලුවොත් ඒ වාත කල්ලිය කවදා, කොහොම, කොහේදි හම්බුනා ද කියන්න අමාරුයි. පතාගෙන ආපු කරුමේ සතා නොවී ඔතාගෙන යන්න හිතාගෙන අපි එකිනෙකා ඉවසමින් මිත්‍රයො වුනා. පළමු වසරේ දේශන හරිම සුන්දර සමනල් කාලයක්. උදේ අට වෙද්දි ධර්මාලෝකයට ගාල් වෙච්චි අපි සාද කතාවෙන්, අයී ටී වන්දනවෙන්, දවස ගෙවා දැම්මා. මුලින් ක්ලෝසා ඇරුණා ම මං වෙන කාවවත් දැනගෙන හිටියේ නෑ. කොහොමත් අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑනේ??
දවසක් කැන්වස් දාපු, දුර නොපෙනෙන, රැවුල වවපු කොල්ලෙක් හොස්ටල් ගේට්ටුව ළඟ ඉද්දි තවත් කොල්ලෙක් විස්තර කතා කළා. “මගේ මේස් කුට්ටම හොස්ටල් එකේනේ මචං අරන් යන්න ආවා.” අමුතු ඉලංදාරියා කීවා. මිනිහා ටිකක් රැඩිකල්. හිතන්න එක ම මේස් කුට්ටමක් තියෙන කැන්වස් පළඳින්නෙක්!! මං අලුතාව මුලින් ම දැක්කේ එහෙමයි. අලුතාගේ මිත්‍ර නායකන් ගයියාත් අපේ ගජයා. අපි අතරින් කාර්ය බහුල ම fixed time table එක තියෙන්නේ ගයියාට. DH මිතුරන් අතරින් පෙතියා, නියම බ්‍රයිටා. (ඒ ඉස්සර දැන් රකාරාංශය අඩුවෙලාලු) හැමදාම කෝච්චියෙන් එන කීනා ඒ දවස් වල ධර්මාලෝකය අරින්නත් කලින් ඇවිත් ඉන්නවා මට මතකයි. වීසී සහ කෝබ්‍රාත් මේ අතරේ සිටි මිතුරන්. නමින් ම පැහැදිලි වන අන්දමට මෑන්ස් නයා ම තමා!! මතකනේ සිරස කුමරා. කට ඇරියොත් සමාජවාදියා හැබැයි ඒ ගැන මියුසියස් එකෙන් තමා අහන්න ඕනෑ.
අපේ අනිත් ළඟ ම නෑයින් සම්බන්ධ කරන්නේ අරවින්ද වන්ද්‍රපද්ම කියන චිර ප්‍රසිද්ධ බහුකාර්යය සත්ත්වයා විසින්. අරවින්ද ගැන ඉතිං අමුතුවෙන් පුරප්පට්ටුවක් දෙන්න ඕන නෑනේ. හිත හොඳ හාදයා. හැබැයි තව දසමයක් එහේ මෙහේ වුනා නම් අරවින්ද ගැන මෙහෙම කියන්න වෙන්නේ මගේ මළකඳට තමා. (ඒක පරණ කතාවක්) ඔහුගේ හොඳ ම යාළුවා විදියට තමයි csව අඳුන්වලා දෙන්නේ.මගේ දැනුමේ හැටියට ඌ තමයි තමන්ගේ කාඩ් එක තමන් විසින් ම නිර්මාණය කරගත් එකම තැනැත්තා. ‘නම ම නේ බං, ඒක ඔය අපත නම් වලට වඩා නම්බුයි!!’ ඒ දවස් වල අපි ELTU යන කාලේ දවසක් අපිට උගන්නපු මිස් එදායින් පස්සේ එන්නේ නෑ කියලා කිව්ව ම csට මිස්ට තෑග්ගක් දෙන්න ඕනැයි කියලා හිතෙනවා. පස්සේ අපි දෙන්නා පයින් ම කිරිබත්ගොඩට ගියා මතකයි. එදා තමයි පොර නාට්‍ය නළුවෙක් කියලා මං දැනගත්තේ. ‘මට හොඳ නළුවෙක් වුනොත් ඇති වෙන ලොකු ප්ලෑන් නම් නෑ’ එදා එහෙම කිව්ව cs අද වෘත්තිය කැමරා ශිල්පියෙක් වෙන්න අයිමැට් කරනවා. හැබැයි නළුකම අතහැරපු නැති එක ගැන මං සතුටුයි. (cs අයිමැට් ස්පෙෂල් කිරීමත් තවත් මෙහෙයුමක ප්‍රතිඵලයක්. නැත්නම් විශේෂ ප්‍රවේශ විද්‍යාර්ථියෙක් යැයි කියමින් csට නැටුම් ස්පෙෂල් එකක් තමයි කරන්න වෙන්නේ)
අලව්ව වෙන්ඩ නාගරික මන්ත්‍රී චන්දන මහතා (රගා)ත් සීසර් JRරුත් csගේ රූමලා. කොහොමින් කොහොමම හරි රගාගේ අයියාගේ වෙඩින් මඟුලටත් අපිට ආරාධනාවක් ලැබෙනවා. අන්න ඒ ගමනේ දි තමයි අලව්වෙන් වලව්වක් ගන්න ගියපු ලොකු පොළගෙක් අමාරුවේ වැටෙන්නේ. පස්සේ කාලෙක වෙළඳ ව්‍යාපාරික වෙන්ඩ මන්ත්‍රී රගා මහතා ටියුෂන් කඩයක් දාගෙන චන්දන සෑර් විදියට මූණත්තහඩුව අලුතින් ටින්කරින් කරගත්තට පස්සේ ඒ පන්තියේ මුල් ම ශිෂ්‍යයින් විදියට රඟපාන්නත් අපිට ම ආරාධනා කරනවා. මොකක් හරි අහේතුවකට මට යන්න බැරි වුනත් ක්ලෝසා, ලයිටා, පෙතියා, කිනා එක්සත් පෙරමුණ මේ ගමනට එකතු වෙනවා. ලයිටා හෙවත් ආලෝක බණ්ඩාර ගැනත් වදනක් කියන්න ඕන. කාලයක් අලුතාගේ චමරියේත් හිටියා.
(ඒකේ නම් අපේ යාළුවෝ බර ගාණක් තාවකාලිකව හිටියා. අර විශ්ණු දෙවියො බටකොළ කන්න කැලේට වෙලා කාලයක් හිටියේ. අන්න ඒ වගේ අපේ අයියලටත් නරක දසාව ලබලා බටකොළ කන්න වුනා ම නවතින්නේ අලුතාගේ ග්‍රීන්ලන්තයේ තමා!! වයිපර්, කීනා ඒ ආකාරයට එහි නැවතී සද්බාවයෙන් බටකොළ අනුභව කළ අය හැටියට දක්වන්න පුළුවන්.) කොහොම කොහොම හරි පන්තියේ වැඩේට අලව්වට ගියපු අපේ පිරිස ඉක්මණට එන්න හිතාගෙන දුර බස් එකකට නඟිනවා. අන්න එතනදී ක්ලෝසා කළ සමාජ සේවයක් නිසා තමයි පෙතියාට සතියකට වරක් ඉබ්බාගමුව-කොළඹ දුර ගමන් සේවාවන් ආරම්භ කරන්න සිද්ධ වුනේ.

Saturday, May 29, 2010
WESAK BOUTIQUE 2

අපේ මල්ලි කඩේ ඉඳිද්දි මාර වැඩ කරන්නේ. පුංචි එකෙක්ට වෙස් මුහුණක් විකුණලා ත්රීන විලරේට නැඟලා ඒක දාගනිද්දි වෙස් මූණු දෙකක් තිබුණ නිසා පොඩි එකා තාත්තට ටිකක් ඉන්න කියලා එක මූණක් ගෙනත් දුන්නා. ප්ලාස්ටික් චීන මූණු ගලවාගන්න අමාරුයි. මමත් කඩේ හිටි නිසා වැඩේ ජල්තර වෙච්ච බව මල්ලි දැනගත්තා. පොඩි එකා මල්ලි ළඟට ඇවිත් “මාමේ මේකේ තව මූණක් තිබුණනේ” කිව්වා. “තමක් නෑ, ඔයා ඒක ගෙදර ගෙනියන්නැතිව අරං ආව නිසා ඕක ඔයා ම අරං ගිහින් මල්ලිට දෙන්න”. අපේ වෙස්සන්තරයා කිව්වා. ඒත් මට මල්ලියෙක් නෑනේ?? නංගියෙක් නම් ඉන්නවා!! එහෙනම් අපි නංගිට අර මිකී මවුස් දෙමු. වෙස් මූණ ගලවලා පුංචි එකාව පිටත් කරලා ඇරලා කැෂියර් එකට ඇවිත් රුපියල් තිහක් දාපු අපේ එකා මං දිහා බලලා “මොනවා වුනත් ඌ අවංක කොල්ලා” කිව්වා. “හ්තම්....ඒකට උඹ මෝඩ වෙස්සන්තරයා.” මං නෝන්ඩියක් දැම්මා.
සාමාන්යකයෙන් එළිය පෙට්ටි වලට ගහන සත්සතිය බන්ඩලේ සත් සතිය සෙට් හතක් එනවා. කොළ හතළිස් නවයයි. නමුත් පණහක් වෙන්න සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය කියලා අමතරව මුල් කොළේ එකතු කරලා තියෙනවා. ඒක කාටවත් විකුණන්නේ නෑ. ඉතිං බාප්පා මල්ලිට කිව්වා සත්සතිය වෙන් කරලා කට්ටල හදන්න කියලා. මේ මකබාස් ලේසියට පළමු සතිය හත අරගෙන රෝල් කරලා සෙලෝටේප් දැම්මා. සත්සතිය පැක් එකක් එවන්න කියලා බාප්පා කිව්ව ම මෑන්ස් පළමු කට්ටලය ගෙනිහින් විකිණුවා. ඉතිරි කට්ටල හතත් බැඳලා ඉස්සරහට යැව්වා. හවස ආපහු අර කස්ටමර් සත්සතියත් අරං එනවා. “අයියෝ මුදලාලි, මේකෙ තියෙන්නේ පළමු සතියෙන් කොළ හතක් නේ???” නයි කයි ද ටිපිටිප් කිව්වලු! බාප්පා නිකමට අනිත් ඒවත් ඇරලා බැලුවා. එතන තුන්වෙනි සතියෙන් කොළ හතක්. අපි දැන් දෙවන සතිය කාටද විකුණලා. වෙලාවට තවත් බන්ඩල් තිබුණ නිසා අර මනුස්සයට සති හත එකතු කරලා දුන්නා. රෑ වෙද්දි දෙවන සතිය විතරක් ගෙනිච්ච එක්කෙනත් ඇවිත් මාරු කරගෙන ගියා. “මහලොකුවට අවසාන විභාගෙත් පාස් කරපු ධර්ම විද්යා්ලෙ ප්රඑධාන ශිෂ්යස නායකයා, සත් සතිය අඳ්ර නන්නේ නෑ....??” පොඩි පුතා අන්තෙට ම පච වුනා. ඔය වගේ අත්දැකීම් විශාල ප්රකමාණයක් වෙසක් කඩය හරහා අපි ලබා ගත්තා. විශාල ලාභයකුත් උපයන්න හැකි වුනා.
වෙසක් දවසේ රෑ අපි කඩේ සව්කොළ විකුණන්න උනන්දු වුනේ නැත්තේ දැන් සව්කොළ වලින් කරන වැඩ ඉවර නිසා. නමුත් කට්ටියක් ඇවිත් සව්කොළ, බකට්, බකට් කම්බි, හැමදේ ම අරං ගියා. ඔවුන්ට දෙන්න කැපූ උණ බට හෝ නිම කළ කූඩු නම් තිබුණේ නෑ. මේ අමුත්තන් ටිකක් සුවිශේෂ නිසා පුංචි අම්මා මේ පොසොන් එකට කූඩු හදන්න ද? කියලා ඇහුවා. බලද්දි ඒ අය මහනුවර ගිහිල්ලා වෙසක් දා තොරන් බලාගෙන මහ රෑ ගෙදර යන ගමන් දැන් බඩු අරං යන්නේ හෙට (වෙසක් දාට පහුවෙනිදා) ගෙදර කූඩු එල්ලන්න!! හරි අපූරුයි....
මේ වෙසක් එකට මට පන්සල් යන්න බැරි වුණ අනිත් හේතුව තමයි මම ගියපු ළදරු පාසල වන යොෂීඩාවේ බැති ගී සරණියේ කටයුතු වලට හවුල් වෙන්න තිබීම. අපි ගියපු යොෂීඩාවට දැන් යන්නේ අපේ අක්කගේ පුංචි දඟකාරයා. අපේ අක්කත් ගියේ යොෂීඩාවට. ඒ අපේ පවුලේ පළමු පරම්පරාව, ඊළඟට අපේ අයියලා සහ පුංචි අක්කලා, මං-නංගි - මල්ලි තුන්වෙනි පරම්පරාව, දැන් මේ හතරවෙනි පරම්පරාව, පරම්පරා කීයක් ගියත් සපුගස්කන්ද යොෂීඩා ෂෝකංජිය තාමත් එහෙමමයි. අපේ කාලයේ විදුහල්පතිනිය තාමත් එහි සේවය කරනවා. නමින් ඈ ෂර්මිලා ලංකාතිලක මිය. කාරණේ තාමත් ඇයට අපි ගියා ම නමින් අඳුනා ගන්න හැකි වීම, මගේ පළමු ගුරුතුමිය තිලකා රණසිංහ මහත්මිය දැකගන්නට ලැබීමත් වැදගත් සිදුවීමක් වුනා. එදා ඈ තරුණියක්, අද දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඇය වයසට ගිහින්. අපි වැඩිහිටි වෙලා. නමුත් අදත් පුංචි බබාට අපිව මතක් වෙලා තියෙන්නේ කියලා ඈ පුරුදු විදියට තරවටු කළා. එක පාරක් මං තිලකා ටීචර් එක්ක තරහා වෙලා සඳමාලි ටීචර්ගේ පංතියට ගියේ “ඔයා හොඳ නෑ. ඔයත් එකක් මං තරහයි කියලා.” සති ගාණක් මං බලෙන් ම ගිහින් ඒ පන්තියේ වාඩි වුනා. හැබැයි තිලකා ටීචර් මා එක්ක තරහා වුනේ නෑ. අන්තිමේදී පෙරහැරේ යන්න යාළුවන්ට මං නැතිව බෑ කියපු නිසා ම ටීච ම ඇවිත් මාව යාළු කරගත්තා. ඒ අතීතය හරි සුන්දරයි.
යොෂීඩා රාත්රීෑ කඳවුර, පෙරහැර, පියවරුන්ගේ-මව්වරුන්ගේ-ගුරුවරුන්ගේ දින සැමරුම් උත්සව, සිඟිති පොළ ආදී කතාන්දර රාශියයි. අදටත් අක්කගේ පුතා ගේන්න ගියා ම අර දඟකාර පුංචි උන් අතරේ බටු ඇට දෙකක් උස නැති මං වගේ එකෙක් ඉන්නව ද කියලා හොයන එක නතර කරලා නෑ. මේ ඉමේජ් එකේ තියෙන්නේ නම් පුංචි උන් කියපු බැති ගීයක්. ආට් වර්ක් එක අලුතාගේ. වෙසක් දාට කළින් දවසේ පාන්දරම කුණු කෙළ පිටින් අලුතා වැඩ ම කළේ පරිගණකයට. මං යද්දි නිල් කොටු සරමක් ඔළුවේ හිටන් ඔතාන ග්රී න්ලන්තයට වෙලා නිදි දෙව්දුව තදින් වැළඳගෙන හිටපු අලුතා මං ගිය නිසා ඈ ජනේලෙන් පිටමන් කරලා ඇඟ මැලි කඩමින් දොර ඇරියා. අපරාදේ කියන්න බෑ මොන ජිල් මාට් එක වුනත් අලුතා කරගහනවා. එදා අපි මේ කොළේ නැවත ෆොටෝ ප්රිදන්ට් කරලා බැති ගීය කියපු ළමුන් විසි පස්දෙනාට ම දුන්නා.
WESAK BOUTIQUE 1
වෛශාඛ මංගල්ය ත් ඔන්න ඉතිං ඉවරයක් වුනානේ. හැබැයි අපේ අය බුදුහාමුදුරුවෝ විකුණන් කන එක නම් මේ ආත්ම හතකටවත් නවත්වන්න බෑ. ඒ අතින් හොඳ වෙලාවට තමයි බුදුන්වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවීම කියන තෙමඟුල ම එක ම දවසක සිදුවුනේ. නැත්නම් වෙන වෙන ම රජයේ නිවාඩු තුනකුයි. දන්සැල් හැට හුටාමාරකුයි.... අප්පේ වෙන ම සෙල්ලමක් වෙනවා?? මේ කාරණා තුනේ දී ම බෞද්ධ අපි ප්රිහය සංවේග උපදවා ගන්න ඕනැයි කියලයි තියෙන්නේ. ඒකටයි සිල් සමාදන් වෙන්නේ. ‘මචං සිල් ගන්නවානම් අඩු ම තරමේ කැලණියේ හරි ගංගාරාමේ හරි දානේ හොඳට දෙන තැනක ගන්න ඕනෑ.’ මා මිත්ර කෑම දාසයෙක් එහෙම කිව්වට ඒකෙත් වැරැද්දක් නෑ. බුදුහාමුදුරුවොත් කන්න දීලා නේ බණ දෙසුවේ??
තුන්සිය හැට පස් දවසටම බඩ රස්සාව කරගන්න හැල්මේ දුවන මිනිස්සු වෙසක් දවසටවත් ගමේ පන්සලට ගියත් මේ පාර මට නම් එහේ යන්න බැරි වුනා. ගමේ පන්සලත් එක්ක තරහ නිසා නෙමේ. වැඩ රාජකාරි අධික නිසා. අපේ පුංචිලාගේ කඩයට අලුතින් වෙසක් ෂොප් එකක් එකතු වුනා. එහි වෙසක් සැමරීමට අවශ්යඩ සියල්ල එකම වහළක් යටින්මිලට ගන්න පුළුවන්. සැකිලි අටපට්ටම් වගේ ම ඕනෑ ම කෙනෙකුට අලවා ගන්න කියලා කෑලි විසිහතර බැගින් සුද්ධ කර රබර් බෑන්ඩ් දාපු බට පතුරු, තව ලස්සනට වැඩ දාලා අලවලා වැස්සට නොතෙමෙන්න පොලිතින් වලින් ආවරණය කරපු කූඩු ආදී සෑම කූඩු විසඳුමක් ම එහි වුනා. තරු, නෙළුම් මල් හැරුණා ම කාඩ්බෝඩ් සහ ප්ලාස්ටික් කූඩු වලටත් ඉල්ලුම තිබුණා. අපේ බාප්පා පැරණි දේට හරි කැමතියි. ඉතිං ඔට්ටපාලු වලින් එකතු කරපු අටපට්ටම් කූඩු විස්සක් අපි විශේෂයෙන් ම හදලා විකුණන්න තිබ්බා. ඉස්සෙල්ලාම විකිණිලා අවසන් වුනෙත් ඒ කූඩු ටික.
ඇත්තට ම කූඩුවක් හදනවට වඩා කඩෙන් ගන්න එක පහසුයි. හැබැයි ඔබ කඩෙන් කූඩුවක් මිලට ගන්න තරම් පහසුවෙන් එය හදන්න බැරි බව දැනගන්න ඕනෑ. හදන හදන කූඩුව පැය බාගයක්වත් එල්ලී නොසිට විකිණී ගියත් එය විකිණෙන්න යන අඩ පැය තුළ බට කලින් සූදානම් කර නැත්නම් කූඩුවක් තනා නිම කරන්න බෑ. ඇත්තට ම කිව්වොත් අපි වෙසක් දවසේ රෑ විකුණන්න නිම කරපු කූඩු විස්සක් සූදානම් කළා. ඒවා එදා විකිණුනේ වැඩි ම මිලකට. කඩෙන් ගන්න එක කවද ගත්ත මොක ද කියලා මිනිස්සු හිතනවා. හැබැයි අන්තිමට ඒ අය වෙළඳසැලට එද්දි සාමාන්ය් මිලට තිබුණු කූඩුවක් ගිනි ගණං වෙලා.
ගියවර අපිට වෙසක් බඩු වෙළඳාමෙන් සැලකිය යුතු පාඩුවක් වුනා. ගබඩා වල තිබුණු පරණ වෙසක් කාඩ් මුලින් මුලින් විකිණීම නිසා ඒවා ඉවර වුනා. පස්සේ අපි අලුතින් කාඩ් ගෙන්නුවා. අවාසනාවට වෙසක් දවසේ රෑ කඩේ අස් කරද්දි නැවත ගෙනියන්න කාඩ් පණහක් නෑ. වෙසක් දවසෙත් කාඩ් ගත්ත මිනිස්සු ගැන නම් මට හිතා ගන්න බෑ. ඇයි වදේ කවදා මේවා තැපැල් කරන්න ද?? සෙලෝපේන් බකට් දාහක් සහ සව් කොළ බකට් දාහක් ගෙන්නුවත් වෙසක් දවසේ හවස හතර වෙද්දි බකට් ටික ඉවරයි. අපේ බාප්පා නෑ බෑ කියන්න කැමති මිනිහෙක් නෙමේ. ඒ නිසා ම ගිය අවුරුද්දේ විකුණගන්න බැරුව ඉවත් කළ හොඳ බකට් අපි රැපියල් දෙක ගානේ වික්කා. ඒ සමාන්යර මිලට 50%ක් අඩුවෙන්. ඉස්සෙල්ලා බකට් දුසිමේ පාට කැමති පරිදි තෝර ගන්න බෑ. නමුත් කවලමේ තිබුණ බකට් වලින් කැමති පාට තෝර ගන්න මේ පාර අවස්ථාව හිමි වුනා.
හැබැයි කොහොම වුනත් අපිට ඉල්ලන තරමට දෙන්න නම් හැකි වුනේ නෑ. නමුත් ලබන පාර අපි අඩුම මිලට පළමු ශ්රේිණිය සව් කොළ දෙන්න ඕනෑ කියලා බාප්පා කිව්වා. පළමු ශ්රේ ණිය සව්කොළ රිම් එකක් රු850/=යි. දෙවන ශ්රේිණිය 650/-යි. මේ දෙවන ශ්රේ ණිය තත්ත්වයෙන් බාලයි. දුර්වර්ණයි. පාප්ප ගාලා අලවන්න ගිහින් රැළි නොහිටින්න ඇද්ද ම සව්කොළේ අතට එනවා. හැබැයි ඒක ගෙනාව ම කොළයක් රු. දෙකකට වගේ මුදලකට දෙන්න පුළුවන්. නමුත් වැඩක් නෑ. අපේ බාප්පා කිසි ම දෙයක් නියම මිලට විකුණන්න කියලා නීති දාන්නේ නෑ. සම්පූර්ණ ගාන හැදුවත් රෝද ගණන් වලට සල්ලි ගන්න කියලයි එයා කියන්නේ. පොඩි උන් බඩු ගන්න ආපු හැම විට ම සව් කොළයක් හරි දෙකේ කාඩ් එකක් හරි නොමිලේ දුන්නා. වතාවක් මං දන්නැතුව රු. සීයට මිල කරපු ලොකු බෞද්ධ කොඩිය එකක් හැත්තෑව ගානේ දුසිමක් විකිණුවා. අපේ මල්ලි ඒක කිව්ව ම බාප්පා “හැමදා ම වෙසක් නෑනේ” කියලා හිනාවුනා. හැමදා ම වෙසක් නැති නිසා තමයි වෙසක් තියෙන ටික කාලෙට හොඳ වෙළදාමක් කරගන්න ඕන කියලා මල්ලි වාද කළා. චූටි පුතා, හැමදාම මාත් එක්ක ගනුදෙනු කරන මිනිස්සුන්ටයි මං වෙළඳාම් කරන්නේ. ඉතිං ඒ මිනිස්සුන්ට වාසියක් වුනා ම මොකෝ?? බාප්පා දින්නා.

Friday, May 21, 2010
[Episode 4]
මේ සියල්ල මෙසේ වෙන අතරේ අලයන්ගේ මීටිමක් අල බැම්ම පරිශ්ර.යේ පැවැත්වුනා. ඉන්පසු දරුණු ගැටුම් වාර්තා වුනේ නෑ. දෙගොල්ලන්ගේ ම මනා සූදානමක් තිබුණා. පොලු මුගුරු ලෙලවමින් අලයින් වෝම් අප් එක ගනිද්දි පොද්දන් එක්කාසු කළ ගල් සහ බෝතල් කන්ද දෙස බලමින් උදම් ඇනුවා. කඳුළු ගෑස් ප්රලහාර එල්ල කළ විට වතුර බෑග් පිටින් ධර්මාලෝක ශාලාව සහ තැපල්කන්තෝරුව දෙසින් උස්සන් ආවේ ගැහැනු ළමයි විසින්. අනික් කඳවුරේ ජිම් එක බණ්ඩාරනායක නේවාසිකාගාරය ආදී තැන්වල වතුර බට ස්ථානගත කරලා තිබුණා.
මෙවර පොලිසිය පොදු සතුරාගේ භූමිකාව රඟ නොපෑම නිසා ගැටුම පාලනයකින් යුතුව සිදු වුනා. මොන කචලය සිදු වුනත් දොළහයි තිහ වෙද්දි කෑම ගෙනෙන ඇන්ටි පුරුදු පරිදි කෑමත් අරං ආවා. ඇතිවූ තත්ත්වයන් යටතේ ඉක්මණින් සරසවි බිමෙන් පිට වෙන්න මාන බලපු දෙපිරිසේ ම ගැහැනු ළමයින්ට නම් කෑම ගන්න ඉස්පාසුවක් තිබුණේ නෑ. ‘කෑම දෙන්න ද’ කියල සුපුරුදු ප්රෑතිවාදනය ඉදිරිපත් කරන්න ඇයටත් නිනව්වක් තිබුණේ නෑ. හැබැයි බල කඳවුරු දෙකෙන් එකකටවත් යා ගන්න බැරුව පාරේ හිටි පිරිසට නම් කෑම වෙලාව මතක් වුනා. ඔවුන් බොහෝ දෙනා එහි රැඳී සිටියේ තම යහළුවන් හෝ පෙම්වතුන් පැමිණෙනකම්. අර තායිලන්තයේ රතු කමිසකරුවන් වගේ ඇන්ටිගෙන් කෑම අරගෙන හුඟ දෙනා පාරේ ම තියන් කෑවා. සමහරු දුරස්ථ අධ්යරයනේට ගියා. මාත් ඇන්ටිගේ දෑත ශක්තිමත් කරන්න හිතාගෙන කෑම එකක් මිලට ගත්තා. ලූණු කිලෝවකට සැමන් කුඩු සුඟක් පමණ යෙදූ ඒ කෑම එක අලුතා සහ සී.එස් කෑවේ තළුමරමිනුයි.
සරසවි යුධ පිටියේ නිල ප්ර වාහන සහකරු වුනේ කොළ පැහැ ත්රීසරෝද රථයක්. ආර්. පී. ජී, ෂෙල්, මල්ටි බැරල්, බබා මෝටාර්, කණ ගාවින් ගියත් උඩට යන අය පරිස්සමට ගෙනියන්න මේ ත්රීෝවිල් රියදුරා සැදී පැහැදී සිටියා. ට්රිමප් එකකට රුපියල් පණහයි. මේ වෙලාවේ සල්ලි වලට වඩා ගල් පාරක් නොකා ෆැකල්ටියට යාම සැපයි කියලා හිතපු බොහෝ දෙනා ඉන් ගමන් පහසුව සලසා ගත්තා. ඒක ෆුල් ඉන්ෂුවර්ඩ් වීල් එකක්. අංකල් හැමෝටම පේන්න ‘මෙම රථයට ගොඩවන ඔබ අසීමිතව රක්ෂණය කර ඇත.’ කියලා එල්ල ගෙන තිබුණ නිසා කල්ල මරේ. “ඇරලා ගියා ම අවුලක් නෑ. ඕන්නම් වීදුරුවක් කුඩුවෙයි වෙන මොනා වෙන්නද?” අංකල් ගාණක් නැතුව කිව්වා.
හරියට හරි. ‘ඕන්නම් දින නියමයක් නැතුව වහයි, වෙන මොනවා වෙන්න ද? මාත් කල්පනා කළා’ ඔය සේරම මැද වහන බව ආරංචි වුනා ම ගම්බට්ටොත් වයින් වෙන්න ගත්තා. ඇයි හත්වලාමේ උන්ටනේ බඩේ පාර වදින්නේ?? මේ නිසා ම වලි දාගත්ත අයට ගමේ ගණන්කාරයෝ ඇවිත් සද්ද දාලා ගියා කියලයි ආරංචිය. අවසානෙදී කිරිබත්ගොඩ එස්. අයි සමරසිංහ මහතාට තුවාල ලබන්න සිද්ධ වුනා. අවසානයේ දි සභාතොමෝ සතුටින් විසිර ගියහ. ෆස්ට් ඉයර් මොරාල් පැටව් ෆිට් තමා කියලා ගෙදර ගියා. පුරා පැය හතරක් තිස්සේ තිබුණු ඔපරේෂන් ගැහුවා - වැහුවා නිම උනේ ඔන්න ඔය විදියට. මුන් නම් හැත්ත පිටින් ම වැද්දගෙ පරපුරේ උදවිය බලපන්කෝ ඇන්නා පැන්නා වගේ ගැහුවා - වැහුවා.... මාරයි ආ.. අපේ සී.එස් නම් උගේ ෆිල්ම් එකේ එඩිටින් ඉවර කරගන්න පුළුවන් නිසා ආරංචිය ලැබුණු ගමන් ල ස් ස න යි කො ල් ලෝ...............!!! කියලා මහ හයියෙන් හිනා උනා.
“රැඟුමක් රඟලා - බෝතල් පොලු ගෙනැවිල්ලා
ගල් මුල් වලින් කරන සිල්ප පෙන්නුවා...
වී.සී ලොක්කා මේ අලකංචි දැකලා
දින නියමයක් නැතිව සරසවි වැහුවා.. මචං..
නෑ කිසි බේදේ සමඟිය හා සහයෝගේ
අල - පොදු අපි එකතුව කැම්පස් වැහුවේ... ප්රී.තියෙන් ... ඕජායේ...//
[Episode 3]
මේ සියල්ල මෙහෙම වන අතරේ මගේ නිරීක්ෂණ අක්ෂියට තවත් අංකුට්ටෙක් අසුවුණා. මිනිහා නහරකාරයෙක් වගේ පෙනුනේ එච්චරට හීට් වෙන වලියක් අස්සේ N3 විවෘත හා දුරස්ථ අධ්යඋයන කේන්ද්රකය ළඟ තමන්ගේ පල්සරේ නවත්වගෙන විමසිල්ලෙන් පැය ගණනක් වලිය දිහා බලන් සිටි නිසයි. මට ඌ කව්ද කියලා දැනගන්න ලොකු උවමනාවක් තිබුණා. පොර නිකන් ධ්යානනයට සම වැදිලා වගේ වලිය නරඹමින් බවුන් වඩනවා. ළඟට ගිහින් පනාවක් දාලා “අයියා සිරස කෲද?” කියලා ඇහුවම මෑන්ස් හිනාවෙලා නෑ කිව්වා. සාමාන්ය යෙන් ප්රා දේශීය වාර්තාකරුවන් බයිසිකල් පාවිච්චි කරන නිසාත් ළඟින් හිටි සිරස කාරයා පොරත් එක්ක හිනා වූ නිසාත් මං බුද්ධිමත්ව ඇසූ පළමු ප්රකශ්නයෙන් ම පච වුනාට වස ලැජ්ජාවෙන් බේරෙන්න ගොඩක් වෙලා වලිය යනව ද? වගේ කංජි ප්රමශ්නයක් අහුවා. ඔව් මල්ලි දැන් ටිකක් වෙලා. කවුද ඉස්සෙල්ලා ම ගැහුවේ?? මං දෙවන වතාවටත් නෑවා. “එහෙම කියන්න බෑ දෙගොල්ලෝ ම ගැහුවා.” තවත් වල්පල් කතාකර කර ඉන්දැද්දි බුවා වැදගත් ප්රවශ්නයක් ඇහුවා. ගහගන්න කළින් අර ජාතික ඇඳුම ඇඳපු කෙනෙක් හිටියේ ඒ කවුද? මෙතෙන්ට පේන්නෑනේ මල්ලි. ආ... ඒ අපේ විද්යාඇපීඨයේ පීඨාධිපතිතුමානේ. කවුද නලින් ද සිල්වා?? ඔව් එතුමා තමා. ඒකත් එහෙමද? (ඇයි වදේ කැම්පස් එකට ම ජාතික ඇඳුම අඳින්නේ එතුමා විතරයි කියලා මූ දන්නේ නැද්ද?) හැබැයි මෑන්ස් පීඨාධිපතිගේ නම දන්නවා.
“දැන් එතකොට එතුමාත් මේකට හවුල් ද?” මෙහෙමනේ අපි කළින් ම ගේම දුන්න නිසා. පාඩමක් උගන්න කියලා ඕඩරයක් දෙන්න ඇති. කොහොමත් විද්යාිපීඨ සිසුන් වෙනුවෙන් පෙනී සිටීම එතුමාගේ වගකීමනේ? මේවා යුතුකම්.... මාත් ෂේප් නියාවෙන් උත්තර දුන්නා. පොරටත් හීනියට හිනාවක් ගියා. මේ පැත්තේ කට්ටියට ටිකක් අවාසියි වගේ නේ. උන් අර බිල්ඩිම පිටිපස්සෙන් ගහන්න හදනකොට ම රාළහාමි කඳුළු ගෑස් පෙන්නනවා. ජිම් එකේ පිටිපස්සට අත දික්කරපු ආගන්තුකයා කිව්වා. මං කොච්චර ට්‍රයි කළත් ඒ කවුද කියලා හරියට දැනගන්න බැරි වුනා. අඩිඩාස් සපත්තු, අව්කණ්ණාඩි, පොයින්ට් එක තියපු මුහුණ ගණන්කාරයෙකුගේ විලාසයක් මවා පෑවා. ඒ හයේ හතරේ පොර CID එකෙන් වෙන්නත් පුළුවන්. නැත්නම් කුළියට තමන්ගේ මැරයන් යොදවන ලොක්කයියා වගේ හයිකාරයෙක් වෙන්නත් පුළුවන් 12.50ට මං එතනින් ඉවත් වෙන කොටත් පොර චුයින්ගම් හප හප ඒ ආසන්නයේ සිටියා. මතු ආරක්ෂාවට කියලා අංක තහඩුව නම් ලියාගත්තා. කොයි හැටි වෙතත් මහාචාර්යතුමා සම්බන්ධයෙන් මෑන්ස්ගේ ආකල්ප එතරම් හොඳ නැති බවයි මට පැහැදිලි උනේ.
මං මුලින් ම කිව්වනේ බුධදා දින මත මගේ පැතුම් රැඳී ඇත කියලා. ඔන්න ඉතිං මං පෙරුම් පුරපු අවස්ථාවට ලං වුනා. අග බිසවුන් වහන්සේ පරිවාර යකඩ දෝලියන් සමඟ කොයි කාටත් හොරා ගෙදර යන්න මේ වලි අස්සේ පල්ලම් බහිනවා. කාට වහන් වුනත් පතාගෙන ආපු කරුමක්කාරකමට වහන් වෙන්න බෑ කියනවනේ. විනාඩි දෙක තුනකින් ඈ මා අබියස සිටියා. සත්තකින් ම මං හිතුවා නවතීවි කියලා. මොන උප දුම්රිය ස්ථානයක නොනවත්වා ධාවනය කරන සීග්රිගාමී දුම්රියක් වගේ ඈ මා දුටු නුදුටු ලෙසින් බස් නැවතුම වෙත ගියා. මාත් ඉතිං පසුගමන් කොට අඟල් ගණනක පරතරයක් සහිතව හිටගත්තා. දැන් මං අවබෝධතා ගිවිසුමේ වගන්ති එකින් එක ඈට ඇහෙන්න කියවනවා. ඈ වගේ වගක් නැතුව පාර බලාගෙන. මං මං ගැන ම දුක හිතුනා. ඒත් ටික වෙලාවකට විතරයි. මාරාවේෂයෙන් ආපු කඩවත කොටුව නැඟුණු රාජකුමාරි ගැත්තාට අනුකම්පා නොකර ම යන්ට ගියා. මක් කොරන්න ද? ගිවිසුමේ වගන්ති එස්. එම්. එස් කරනවා කියලා හිතාගෙන මං යළිත් යුධ පෙරමුණට යන්න හදද්දි පොලිස්කාරයෙක් හිනා වෙලා ගෙදර යන්නද කියලා ඇහුවා.
පොලිසියට සෘජුව මැදිහත් වෙන්න ඉඩ නොදුන් නිසා ඔවුන් බස් නැවතුමට ආරක්ෂාව යොදවන්න තීරණය කරලා. “මල්ලිලා අද යුධ ජයග්රිහණයේ වර්ෂ පූර්ණය සමරනවාද?” කොස්තාපල් ඇහුවා ඒකනේ අයියා, අපි සංකේතාත්මක සංග්රාදම භූමියක් විශ්ව විද්යාරල භූමිය තුළ නිර්මාණය කරලා, ‘කොළඹ මැවෙන වන්නි සටන 2’ කැලණියේ පෙන්නන්යි ගියේ. කොහේ ද මේ ඔයාලටත් නිකන් ඉන්න බැරුව ඒක සීරියස් අරං හැත්ත බුරුත්ත ම කැම්පස් එකට ආපු නිසා අපිට සිරාවට ම ගහගන්න වුනා. අනික මේක කැම්පස් එක ඇතුළේ අයට විතරයි. මේ බලන්න ටිකට් එක ‘මිතුරන් අතරේ පමණයි’ දැන් ඔයාලා ආව ම මීඩියා කාරයෝත් ආවා. උන්ගේ පබ්ලිසිටියට හෙට වෙද්දි රට ම එන බව දන්න නිසා අපේ කුලපතිතුමා විශ්ව විද්යාාලය වහන්න තීරණය කළා. “ඒක තමයි නේ මල්ලි. අපේ ජනාධිපතිතුමාට තිබුණේ යුධ ජයග්රිහණය වෙනුවෙන් අද රජයේ නිවාඩු දිනයක් ප්රලකාශයට පත් කරන්නයි. එහෙනම් මේ නිසි අවුලක් නෑනේ.” පොලිස් අයියයි මමයි දෙන්න ම අපේ කුණු කුරහන් සාටකේට දාලා මරෝ කියලා ඇතිල්ලුවා. දෙන්නට ම සැටිස්. “මල්ලිලාට හරි සැප නේ. වහගන්න ගහගත්ත ම හරි. ඒ මොනව උනත් ඔයාලා
අපිට වඩා ඉගෙනගෙන තියෙනවානේ??” චැහ්ඃ... කුජීජීජීජී...තයි. අයියගේ ඒ තවුන්සන්ඩ් ටෝකට නම් මට කාලා ඉන්න බැරි උනා. එතන ම තාර පාර ඩ්රිහල් කරගෙන යමලොවට ගියා නම් සැපයි කියලා හිතුනා. මුනිවත හොඳයි දෙබහින් දුක වැඩි හන්දා යැයි හිතාගෙන, මං ක්ෂණිව එතැනින් ගිරා මාරු උනේ අර අට පාස් රාළහාමිත් එක්ක තවත් ටිකක් චැට් කළා නම් මං ඇටිසලාාාාාාට් වෙයි කියන බයටමයි. උණ්ඩුකපූචිචෙ කපලා නිසා ලැජ්ජාවක් නම් තිබුණේ නෑ.
[Episode 2]
GB – 8464 ටාටා කැබ් රියෙන් සිවිල් පිට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සරසවියේ නව මුරපොළ අසලට පැමිණියේ ඔය අතරේ. පැමිණි විගස කඳුළු ගෑස් විදිනයන් දෙකක් ඒ දෙදෙනාට තෑගි කරන්නට කොස්තාපල්වරයෙක් කටයුතු කළා. නිලධාරීන් දෙන්නාගෙන් ම නිදිමත පෙරෙනවා. කතා කරලා බැලුවම ඒ ඩබල වෘත්තිය කඳුළු ගෑස් ප්රතහාරකයෝ දෙන්නෙක්. ඒකයි විශේෂයෙන් ම ගෙන්වා ගෙන තියෙන්නේ.
වලියට මුල් ම මාධ්යග ආවරණය ලබා දුන්නේ සිරස. කළු හාදයෙක් නිල් ජැකට් එකක් දාගෙන සිරස ලාංජනය දරන කැමරාවක් පොලිතින් මල්ලක ඔබා ගෙන ඇවිදින් හිටියා. NTV සහ ස්වාධීන රූපවාහිනිය පැමිණ වැඩි වෙලා නොහිට යන්න ගියා. මුල සිට අග දක්වා සිටිමින් අ ටු z යුධ බිමෙන් රටට වාර්තා කළේ සියත ටී.වී කණ්ඩායමයි. චාටරේ කන ගමන් සියතේ සහය කැමරා ශිල්පි සංජීව අපි එක්ක කතාවට වැටුනා. “මචං මොකද මේ කේස් එක?” ‘දන්නැද්ද ලොක්කා මණ්ඩලේ කචල්නේ??’ “මොකද උඹලට ළඟදි එග්සෑම් එකක්වත් තියෙනවාද?” පොර නක්කලේට ඇහුවා. ටික වෙලාවක් කතා කරගෙන යන කොට මෑන්ස් අලගිය වැලගිය මුලගිය සියල්ල වමාරන්න ගත්තා. ‘දැන් බ්රේිකින් නිවුස් එකක් දැම්ම ද?’ අපිත් හීනි සාටරයක් දැම්මා. “කොහේ ද බං මේ මදියි. අඩුම තරමේ එකෙක් මැරිලා පහක්වත් හොස්පිටලයිස් වෙන්න ඕනෑ.”
කනින් කොනින් කඹ ඇදිල්ල ගැනත් පොරට ආරංචි වෙලා තිබුණා. මිනිහට අමාරු වුනේ සිද්ධියේ විවිධ අවස්ථා එකම නූලකට අමුණ ගන්න. “මල්ලි එතකොට ඊයේ මොකද වුනේ?” තවත් අතුරු ප්රිශ්නයක් ‘ඊයේ අපි විද්යා පීඨ කෙරුමෙකුට නසරානි වෙන්න නෙළුවා. අද ඉතිං මේ ඒකට රිටන් එක දෙනවා. ඉල්ලුම සැපයුම න්යායය වගේ මේක හරි සරලයි. උන් ඉල්ලුවාම අපි දෙනවා, අපි ඉල්ලද්දි උන් දෙනවා” එකෝන් එකේ පොද්දෙක් පැහැදිලි කළා. “හරි දැන් අරක ද විද්යාඅ පීඨය?” සංජීව බුවා ජිම් එකට අත දික් කළා.මම ඔළුවේ අත ගහගනිද්දි පොද්දා විස්තරේ කිරීම සිදු කළා. ‘නෑ.... නෑ... අයියා අරකයි විද්යාට පීඨය. ඔය ඉන්නේ රනර්ලා ඔක්කොම සෙට් වෙලා’ හ්ම්..... උන් චන්ඩිද? වයි නොට්? අතක් නම් අතක්, පයක් නම් පයක්, සරුවාංග නම් සරුවාංග, අංග ඡේදන නම් එහෙම. ඕල් ඉන්ක්ලූසිව්. එහෙමයි කියලා අපිත් සෙකන්ඩ් වෙන්නෑ. එළ බොක්ක ආ.. පොද්දා සුපුරුදු පරිදි කට මැත දෙඩෙව්වා.
“මොනවා උනත් උඹලා හරියට ගහගන්නවත් දන්නේ නෑ. බලපන්කෝ අර ජ’පුරේ නියමෙට ගහගන්නේ? පැයයි දෙකයි සේරම ඉවරයි. හරි සනීපයි. සුවදායකයි. ඒකට මෙහේ. පැය බාගෙකට එක ගල් පාරයි. අපි ජ’පුරේ වලි කවර් කරලා කැලණියට ආව ම නිකන් එක දිගට ටුවෙන්ටි බලලා වන් ඩේ මැච් එකක් බලනවා වගේ. හරි ම බෝරින්. සියතයා නසරානි ටෝකක් දුන්නා. ආන් මල්ලී, කියනකොට ම සිරා පාරක් ගැහුවා. කියාගෙන ම බුවා වාශ්ප වුනා.
ආයෙත් ගැටුම උත්සන්න වුනා. පහළ ඉඳන් ආපු ත්රී විල් කාරයෙකුට පොලිස් නිලධාරියා අත දාලා නවතින්න අණ කළා. “එහේ ගහගන්නවා. වටේ පාරෙන් යන්න.” නිලධාරීයා කිව්ව ම “නෑ මං ගමේ කෙනෙක්. මට යන්න ඕනෑ.” වීලරේ සත්තමක් දැම්මා. “හහ්... ඔයා දන්නව ද ඉල්ලන් කෑම? ඉන්ෂුවරන්ස් එක තර්ඩ් පාර්ටි නේද? කමක් නෑ. යනවා යනවා. හැබැයි කුඩු කළොත් අපි නෑ.” මිනිහා පාර ක්ලියර් කරලා අපි හිටපු තැනට ඇවිත් මෙහෙම කියනවා. “වෙපන් එක තිබුණට මල්ලි මේ වෙලාවට වැඩක් නෑ. මොකෝ මුන්ට වෙඩි තියනන්නයැ?” ඒක ඇත්ත ඒකනේ ඔයාලා කඳුළු ගෑස් ගහන්නේ නේද? අපේ හැකරයෙක් ඇහැව්වා. “ඒත් කොල්ලෝ නීතියේ හැටියට ශිෂ්ය යන්ට කඳුළු ගෑස් ගහන්න තහනම්. අපි හෙල්මට් දාගෙන හිටියත් කරුම වෙලාවට ගල් පාරක් පත බෑ වුනොත්, සොරි ම තමා.” කොස්තාපල් තම රාජකාරිමය අවධානම ගැන එහෙම විස්තර කළා. ටී 56ක් උරින් දරාගෙන, කඳුළු ගෑස් තුවක්කුවක් දෝතින් අරං, හෙල්මටයක් හිස අරා, මාස්ක් එක මුව තවරා ඉන්න කැරලි මර්දනේ කාකිකාරයොත් කැම්පස් වලි වලට මෙච්චරට ම බය නම් ලේන්සුවෙන් මුහුණ වහගෙන, ගඩොල් බාගයක් කෙළල අරින අපේ ගරිල්ලා අයියල වලියක් කිව්ව ම දත කට පූට්ටු වෙලා දණිස් පණ නැතිව සෙම දාගෙන වැටෙන්න ඕනෑ කියලා මට හිතුනා.

ඔපරේෂන් ගැහුවා-වැහුවා...!!

[Episode 1]
බදාදා කියන්නේ මට නම් අතිශය කාර්ය බහුල දවසක්. මොකද කිව්වොත් දවස පුරා ම දේශන පැවැත්වෙනවා. නමුත් එදාට මං අවදි වෙන්නේ ටිකක් ප්රුමාද වෙලා. පළමු දේශනය එකොළහට තියෙන නිසා සතිය මැද එකතු වන කුණු රෙදි ටික සෝදා ගන්නට බදාදා උදේ වරුවේ සුබ නැකතක් යෙදෙනවා. සුපුරුදු පරිදි දවස පටන් ගන්න මං ළතැවුනේ රෙදි හේදුවට වේලගන්න අව්වක් නැති වෙච්ච නිසා. වැස්ස වළාහක දෙවියොත් පියම්බිකාව එක්ක කොක්ක දාගෙන හට්ටි මුට්ටි පොඩි කිරීමේ පුන්යක කර්මය හේතුවෙන් මිලි මීටර බර ගණනක වරුසාවක් වහිනවා. “මගේ කලිසම වේල ගන්නට අව්ව නැති වූ ලෝකයේ...” කිය කිය තෙත බරිත ඩෙනිම ඩ්රසයරයට දාලා මමත් ලක ලැහැස්ති වුනේ එකොළහේ දේශනයට යන්න.
මගේ මෝනින් ෂෝ එක ටිකක් අපතට් උනේ, උදේ පාන්දර ම ක්ලෝසා කතා කරලා දුන්න ආරංචිය නිසා. “මචං මෙහේ ගහගන්නවා. මං මේ ලෙක්චරේට යන ගමන්. උඹත් ඇවිත් ම බලපන්.” හත්තිලව්වට ගහපු කලාබරේ කිව්වලු. සීවරං දෙයියනේ මගේ කසාදෙත් කැඩෙන වැඩක් නේ මේක?? මට දෙලෝ රත්වුනා. පරදාර සේවනය නිසා අගබිසව මට විරුද්ධව හවුස් කෝට් එකේ කේස් එකක් ෆයිල් කරලයි තියෙන්නේ. උසාවි නියෝගය ප්රයකාරව ඈ මට බ්රුහ්ම දණ්ඩය පනවලා අදට දින පහක්. අයියෝ අද කොහොම හරි සාකච්චා මාර්ගයෙන් සමථයකට පත් කරගන්න ඕනෑ. නැත්නම් ප්රේටම පූජාසනේ සුනේ සුන්.... කොහෙද වලි සුනාමියට මං හදපු වැලි මාළිගා ගසා ගෙන ගියානේ?? හිතෛෂී අන්තඃපුර සේවිකාවන් මගින් මඟට ම ඇමතුම් දෙමින් ගෙදර ඉන්න කිව්වත් “බිය නොවන්න සොඳුරිය, මාගේ මේ දුන්නෙන් හා කඩුවෙන් මම ඔබ ආරක්ෂා කරමි” වගේ පොර ටෝක් ටිකක් දිදී මං පාරට ආවා. අවංකව කියනවා නම් මොනව හරි උනොත් දුවා ගන්න පාරත් මදි වෙනවා. අර ප්රෞ ඩ කියනවා වගේ ඒත් ඒක දන්නෙ මං විතරනේ?? මේ සියලු කැටයම් අග රැජින සමඟ යළි සන්ධාන ගත වීමේ ද්වන්ධ අරගලය වෙනුවෙන්. අපි වෙනුවෙන් මං කියලා හිතාගෙන සරසවි යුධ පෙරමුණට යන්න මං තීරණය කළා. හෙල්මට් එකක්, සිද්ධාර්ථ තෙල් කුප්පියක්, තෙත තුවායක් වගේ අඩුම කුඩුම ටිකක් තිබුණ නිසාත් යන්තරේ කරේ තියෙද්දි කිරි පාට පිරිත් නූලක් අතේ තිබුණ නිසාත් චකිතයත් තිබුණේ නෑ. අතපාළුවට දොදොල් පත්ත දුමෙන් ගන්න මං අමතක කළේ නෑ.
වෙලාව දහයයි කාලයි. වේලාසන වැඩි ද මන්දා?? කිරිබත්ගොඩ ගලලා නිසා සැලකිය යුතු වෙලාවක් වාහන පෝලිමේ ගියා ම එකොළහටවත් කැම්පස් යනවා බොරු. මර්වින් අංකල්ට පින් සිද්ධ වෙන්න දහයයි හතළිස් පහ වෙනකොට මං කැම්පස් එක ඉස්සරහා. ( මර්වින් අංකල් ඉක්මණට ඇළ කපපු නිසා වතුර බැහැලා ගිය බවයි මිනිස්සු කියන්නේ) කලබලේ පාර පැනලා ඉක්මන් ගමනින් උඩට යන්න එනකොට හෝල්ට් එකේ හිටපු මිනිස්සු මා දිහා බැලුවේ කන්න වගේ. හැමෝ ම අමුතු හිනාවක් දැම්මේ ‘තමුන් පණ කඩන් දුවන් ගියාට වැඩක් නෑ කියන්න වගේ. ටිකක් උඩහට නඟන කොට ම කාකි කෝට් සමඟ අයියලා හරි හරියට ගුස්ති අල්ලනවා දැකගන්න පුළුවන් උනා. ‘ඇර සොයිසා ඇර’!! පාර දිගේ දුරස්ථ අධ්යාුපනේට ම ආවා. ඝෝෂාව සමඟ වලිය නැඟලා යනවා. වෙලාව 11.05 යි. දෙපැත්තට ම ගල් පියාඹනවා. එතන නිකම් මුල්ලි වයික්කාල් වගේ. පොද්දෝ වීදුරු බෝතල් උඩින් එවන කොට අලයෝ පොලු මුගුරු උරුක් කරන් ඒවා බ්ලාස්ට් කරනවා. තව ටිකක් සංවර්ධනය කළ නම් පොර පොල් වගේ ජාතික ක්රීුඩාවක් ආරම්භ කරන්න තිබුණා. දහයාමාරට පටන් ගත්ත වලිය කූටප්රා ප්තියට පත් වුනේ 11.15 විතර වෙන කොට මේ වෙන කොට A3 ක්රී්ඩාගාරය වගේ ම N3 විවෘත හා දුරස්ථ අධ්යයන කේන්ද්රනය ආදී උස් තැන්වල අතුරු සිදුරු නැතිව කට්ටිය පිරිලා. ඒවා A ශ්රේ ණියේ නැරඹුම් මැදිරි.
“නුවරු සඳලු සිය දහස් පුරා නැඟෙමින් ඝෝෂා දෙන්නට වන. ජනී ජනයා මැසි මත්තෙහි මැසි බඳිමින් කුමක් වන්නේ දෝහෝයි බලා සිටියහ. අයෙක් අනේ අපොයි! කීහ. තවකෙක් සාධු සාධූ යැයි කියන්නට වන.”
- විද්යායචක්රහවර්තී, බුත්සරණ - නාලාගිරි දමනය
මහපාර තමයි එකම අභය ස්ථානය. පාර පුරා පොලිස් ආරක්ෂාව. කැලණි පොලිස් අධිකාරී කිත්සිරි ගනේගම මහත්තයා 61-7142 නිල රථයෙන් සිද්ධියට එන්ටර් වුනේ මේ වෙලාවේ. සයිරන් ගහගෙන පළාතම අඩවගෙන ආපු ගනේගම අංකල් නිසා හිටපු පොලිස්කාරයින්ට සේලයින් ටිකක් ලැබුණා. ප්රොථම කඳුළු ගෑස් ප්රගහාරයටත් අණ දුන්නේ ගනේගම. නමුත් කිසිම විටක ගැටුම පාලනයට පොලිසියට නිල වශයෙන් අවසර ලැබුණේ නෑ. ඔවුන් කළේ මහජන හා දේපළ ආරක්ෂාව වෙනුවෙන් කැරලිකාරී පිරිස් මර්දනය කර විසිරුවා හැරීම පමණයි. LE - 9019 සෝකෝ රථයක් තෙල් බැම්ම ඉස්සරහ නතර කරගෙන ජිම් එක හා විද්යාණ පීඨය අතර මහපාරේ පොලිසිය හිටියේ ගැටුම තරමක් හෝ නතර කරන අදහසින්.
වාර්ෂික චාරිකාව
දැන් වැහි කාලේ උනාට අපේ අධ්ය යනාංශ වල ඇත්තන්ට වාර්ෂික චාරිකා එහෙම යන්න මතක් වෙන්නේ මේ කාලේ තමා. චාරිකා ගැන කතා කරද්දි මා අයත් වන සංචාරණ විශේෂවේදී අධ්යයයන චාරිකා සඳහා ඇත්තේ කුප්රතකට ඉතිහාසයක්. අපේ උන්දැලා චාරිකා සංවිධානයේ කොපමණ කෙළ පැමිණි ද කිව්වොත් එපමණ කෙළ පැමිණියි. අපි දවස් දෙකේ චාරිකා තනි දවසින් ගිහින් ආපු උදවිය. තව පැය අටක් කොළඹ සිට නුවරට චන්දනාවේ ගිය අය. ගිය පාරත් ෆීල්ඩ් ට්රිිප් එක කුජීත වෙච්ච නිසා මේ පාර වැඩේ හරියට කරමු කියලා කස්ටිය කතා වුනා.
අපරාදේ කියන්න බෑ දින දෙකක් අනුමත කරගෙන අපි වැඩේට බැස්සා. දැන් කොහේ ද යන්නේ??? කොහේ ද යන්න ඕනෙ??? සභාපතිතුමා ප්ර ශ්නයක් ඇහුවා. අපි යන්නේ දකුණට හයිලෙවල් පාරෙන් ගිහින් ගාලු පාරෙන් එන්නයි හිතන් ඉන්නේ.... නරක ම නෑ. හැබැයි අපිට නූතන ලංකාවේ අගනගරය බලන්න ඕනෑ. හරි අපි හම්න්තොට පෙන්නන්න ලෑස්තියි. මේ එකඟතාවයන් මැද අපි ගමනට ලැහැස්ති වුනා. වවුල්පනේ ගුහාව, හුම්මානය, උණවටුන ආදී කී නොකී දාහක් ස්ථාන අත්හැර දැමූ අපි පහුගිය 14 වැනිදා පහේ කණිසමට චාරිකාව ආරම්භ කළා.
මුලින් ම ගියේ බෝපත් ඇල්ලට. දැන් නම් ඒක බලන්න යනවට වඩා හොඳයි නොගිහින් ඉන්න එක. ඒ තරම් ම පරිසරය විනාශ කරලා. බෝතල් කටු හැම තැන ම. ප්රා දේශීය සභාවෙන් රු.6/=ක මුදලක් අය කළාට එහි කිසිදු සංවර්ධනයක් නෑ. අඩුම වශයෙන් පිටාර යන ගංගාව තරණය කරමින් එහා ඉවුරට යන්න ක්ර මයක් නෑ. මගේ වෙලාවට පාරු කරුවෙක් කැඩුණු පාරුවක් අලුත්වැඩියා කරන්න ඉවුරට ගෙනාවා. පාරුවක් කිව්වට උණ බම්බු පුරුද්දපු පැළැල්ලක්. දැන් මට ඉවසිල්ලක් නෑ මේකට නඟින්න. පාරු කාරයා නම් ගොඩ දාගත්තැකි. නමුත් නිසි බලධාරියා තමා අවුල වෙන්නේ??
කලින් කියන්න බැරි වුනානේ. කාන්තා පාර්ශවයත් ගිය නිසා වගකීම පිළිබඳ විශාල ගැටලුවක් මතු වුනත් මෙලාති සල්ඩින් අපේ ආචාර්යවරිය තනිවම ඒ සියල්ල බලා ගත්තා. නිලන්ත රාමනායක සහ දර්ශන රත්නායක යන ආචාර්යවරුත් විශාල සහයෝගයක් දුන්නත් සම්පූර්ණ වගකීම කරට ගත්තේ මැඩම් තමා. ඒ අතින් නම් ඈ යකඩ ගැහැනියක්. මං ඉතිං කුණු කුණු ගාලා පාරුවට නැඟ ගත්තා...... කරුමයක මහත පාරු කාරයා මාවත් ඊට නැඟගත් අපේ අටුවාවත් අරං එහා ඉවුරට ගමන් කළා. අපූරු වැඩේ. වතුර තිබුණේ ඔහුගේ පපුව හරියට පාරුකරු දියේ බැහැලා පාරුව තල්ලු කරනවා. වතුරේ නිසා සීයක් දැම්මත් බරක් නෑ.
එහා ඉවුරට ගිය අපි ඉහළට ම ගිහින් සේයා රූ ලබා ගෙන ඉක්මණට පැමිණියේ නැත්නම් බැණුම් කෙළ කෝටියක් අහන්න වෙන නිසා. අපිව එගොඩ කළාට සන්තෝෂට වශයෙන් මං රුපියල් පණහක් දුන්නත් ඔහු ගන්න බෑ කිව්වා. අපි උදේට කෑවෙත් බෝපත් ඇල්ලෙන් මයි. ඒ ළඟ ගෙදරක ඉන්න ආච්චි කෙනෙක් එක්ක කතා කළා ම අපිට බොන්න වතුර දුන්නා. අපරාදේ කියන්න බෑ අපේ ගෙදර වගේ ලෑලි බංකුවකට වෙලා කෑවා. දැන් මගේ නෑයෝ එහෙත් ඉන්නවා.
මීළඟට අපි නැරඹුවේ සංඛපාල විහාරය. වැඩි දෙයක් කියන්න නෑ. හැබැයි එහි දොරක ලියා තිබූ දහ අට කවිය ද මොකක්ද එකක් මේ ගමනේ දී මට දකින්න ලැබුණා. ඇඹිලිපිටියේ අපේ සගයෙක් තමා ඒක පෙන්නුවේ. කොයි පැත්තට කියෙව්වත් සිව්පද කවියක් ඉන් ලැබෙනවා. මීළඟ සැරේ ගියා ම ඔබත් බලන්න.
සවස් වෙන කොට අපි උඩවළව ජාතික වන උද්යානනය නරඹන්න යොදා ගෙන තිබුණා. මා පුද්ගලිකව ලද භාග්යවවත් ම අවස්ථාවක් ලෙස එය සඳහන් කරන්න පුළුවන්. අපේ බස් එකේ පිරිස හැත්තෑවකට අධිකයි. නමුත් අපි වෙනුවෙන් උඩවළව සෆාරි හෝටලයේ ෆෝ වීල් ඩ්රුයිව් කැබ් රථ හතරක් සූදානම් වී සිටියා. පාක් එක සවස වහනකම් ම අපි රවුම් ගැහුවා. හැබැයි ඉතිං අලි විතරයි දැක්කේ. නමුත් අමතක නොවන ගමනක් වුනේ වළවල් ගොඩැලි මතින් යන ජීප් රථයේ ප්ර වේශමෙන් දෙඅතින් නොඅල්ලා සිටීම. අපි ඊට ඔට්ටුවක් දැම්මා. උණ හපුළුවා වගේ එල්ලී ගිය මට එය අමාරු වුනේ නෑ. හැබැයි අපරික්ෂාකාරීව ගමන් කිරීම යටතේ මිස් නම් කණ පැළෙන්න බැන්නා.

Thursday, May 20, 2010
පමා වූ ලියමන
මේ දවස් වල හරිම වැඩ. ඒ නිසා කිසිවක් ගැටගහ ගන්නත් වෙලාවක් තිබුණේ නැති තරම්. නමුත් දැන් කාලේ සිදු වුන දේවල් ගැන කතා කරනවාට වඩා අයිනක් අල්ලන් හිතන්න දේවල් හුඟක් තිෙයනව කියලයි මට නම් හිතෙන්නේ???... මුලින් ම පහුගිය කාලේ අපේ විශ්ව විද්යා්ල ආර්ථික විද්යාි අධ්යැයන අංශයේ සිසුවියක් මිය ගිය පුවතක් වාර්තා වුනා නේ... අර පත්තර වලත් ගියේ. අකාලයේ මියගිය ඒ සොයුරියට නිවන් සුව ලැබේවායි පතනවා. අපේ ක්ලෝසා නම් මළගෙදර ගියා. ඒ වගේ ම තවත් ඛේදනීය සිදුවීමක් වුනේ දෙවන වසර සභාපති මාතලන් සොයුරාට අමානුෂික ලෙස පහර දීම සහ ඉන් ඔහුට බලවත් ලෙස ශාරීරිකව තුවාල සිදු වීමයි.
කතන්දරේ හැටියට රෑ කෑමට කඩේට ගියපු මාතලන්ට විද්යාබපීඨ සිසුන් පහර දුන් බවයි කියැවෙන්නේ. ඉන් ඔහුගේ උකුල් ඇටයට තුවාල වුනා. හොයලා බලපුවා ම හරි අපූරු කතා තමයි අපේ ම සගයොත් කිව්වේ.. මචං ඔය අ----නේ ගහලා තියෙන්නේ. ඌ කොහොමත් පාතාලයා. කස්ටිය ම ඒ කොල්ලා ගැන විවිධ ප්රඔතිරූප මවා පෙන්වීමක් කළා. අහපු හැටියට මං හිතුවේ නම් මේ ප්රතභාකරන් තරම් ගණන් කාරයෙක් වෙන්නැති කියලා. (කාරණේ ඇත්ත තමා) හැබැයි සියලු මූලාශ්ර අනුව මේ පුද්ගලයා පීඨය විසින් නොසලකා හරින ලද තත්ත්වයක් පෙනුනා. කවුරුත් ඔවුට පක්ෂව මතයක් ප්රකාශ කළේ නෑ. තවද කවුරුත් මේ සිද්ධිය පිටින් දමා විශ්ව විද්යානල කටයුතු වලට බාධා පමුණුවන්න දරුණුවට උත්සහ කළේ නෑ.
ඒක තරමක් සුභවාදී තත්ත්වයක්. පහුගිය කාලය පුරාවට ම පොඩි පොඩි ගල් පාරවල් නම් ගියා තමා. ඒත් ගැටුමක් සඳහා මඟ පෑදුනේ ම නැති තරම්. පොලීසියත් සීරුෙවන් සිටි නිසා සියල්ල යථා පරිදි සිදුවුනා. ඇත්තට ම කිව්වොත් විද්යාම පීඨ සිසුන්ට උනත් ශිෂ්යි ක්රි යාකාරිකයකුට පහර දීම එතරම් බරපතල සිදුවීමක් වුනේ නෑ. ඒක අපේ වැඩක් නෙමේනේ කියන එක තමයි හැමෝගේ ම අදහස වුනේ. කවුරුත් අවම වශයෙන් තුවාල ලැබූ උන්ට මොකක් උනාද කියලවත් බැලුවේ නෑ. (මමත් හේම තමා) නමුත් මුහුණු පොතේ එහෙම හරි නිර්භීතව මේ වලි නිසා අසාධාරණයට ලක් වන සිසුන් අදහස් දැක්වීම සාධනීය ලක්ෂණයක්. අඩුම තරමේ ඊට තමන් විරුද්ධ බව වත් කියාගන්න පුළුවන් වුනා නේ.
කොහොම නමුත් මේ පහර දීමෙන් පසුව විද්යාවපීඨ සිසුන් මැරයන් ලෙස හංවඩු ගැහෙන්න වුනා. තාප්පයේ විශාල පෝස්ටරයක් එහෙම ප්ර්දර්ශනය වෙද්දි වමාර ගන්න බැරුව තම නිර්දෝශී භාවය වෙනුවෙන් පෙනී සිටින්න ඔවුන්ට සිදු වුනා. ඊට ඔවුන් යොදාගෙන තිබුණේ හාෆ්ෂීට් කොළ කිහිපයක් පමණයි.
කරුණු කාරණා මේ අයුරින් සිදු වෙද්දි නැවතත් ආසන්න වශයෙන් වලියක සේයාවක් දකින්න ලැබුණේ 18 වැනිදා උදේ ජිම් කැන්ටිම ඉස්සරහ දී. විශාල පිරිසක් විද්යාවපීඨ සහෝදරයකුට වට කරගෙන ගැහුවා. අනේ මම කාරණේ නම් දන්නේ නෑ. (හැබැයි කලින් තුවාල ලද මාතලන් සහෝදරයා මහපොල අත්සන් කිරීමට පැමිණි නිසා කට්ටිය ටිකක් මොරාල් පිට හිටියේ) පස්සේ ගුටිකාපු එකා වැස්සේ ම තෙමි තෙමී යන්න ගියා. මේ හේතුවෙන් ජිම් කැන්ටිම නොනිල වශයෙන් විද්යා සිසුන්ට තහනම් කළාපයක් වුනා. පස්සේ නම් අවුලක් වුනේ නෑ වැස්ස තමා කොස්සකට හිටියේ. මේ නිසා සියලු ම අධ්යහයනාංශ සවස තුන වන විට වසා දමන්න නියෝග කෙරුණා. සියලු දේශන අවලංගු වූ අතර අපිත් හූල්ල හූල්ල ගෙදර ආවා. ඇයි යකෝ අද දේශන ඉවර වුනේ දහයටනේ. තැපලා තැපලා අන්තිමට නාගෙන ලෙක්චර්ස් ගියා ම නැතිලු අපිට ගෙදර යන්නලු.... පුහ් උන්ට ගිය රට!!!
Subscribe to:
Posts (Atom)