පහතින් ලියලා තියෙන්නේ ඇවරිතුමාගේ සලාදයේ 2016 දෙසැම්බර් දක්වා ම සේව් කරලා තිබුණ ඩ්‍රාෆ්ට් ෆයිල් එකක්. මේකෙ තියෙන හැටිටත් ඇවරිතුමාගේ හිචිචි මනසේ නිච්චියේ හැටියටත් මේ කියවෙන්නේ දෙකදාස් දහයේ එකොළහේ කතාවක්. ආහ් ඩ්‍රාෆ්ට් එකේ සේව් ඩේට් එක බලන්න කියලා යද්දියි දැක්කේ ඒක මොඩිෆයි වෙන දිනයයි තියෙන්නේ කියලා.
කොහොම වුනත් මේ ස්ටයිල් එක ටිකක් බැලුවා ම මට ම පුදුමයි. ඔයාලත් කියවලා බලන්නකෝ...!!
"ඔන්න ඉතිං ඇවරි ශිවන්දර තුන් වෙනිදා කැම්පොස් ගියා. දැන් අලුත් අවුරුද්දෙ ම වැඩ පටන්ගන්න ඔය අටමඟල ඇරලා තිබුණ එක හොදා.... ලියාපදිංචි වීම්, කාලසටහන් වගේ බයිලා ගොඩක් කරගන්න තිබුණ නිසා විවේකයක් තිබුණෙ නෑ. හැබැයි කවදාවත් නැතුව අපේ පරණ ම මිත්‍ර සමාගමයක් ජයට දාගන්න පුළුවන් වුනා. අර මං කලිනුත් ලියලා තියෙන අලව්වේ වලව් මන්ත්‍රීතුමාගේ පුංචි ඡන්දයේ කැම්පේන් එකට වැඩ කරන්න කියලා Threaten Endemics කස්ටියට නිල ආරාධනා ලැබුණේ එදා. ඒ වගේ ම කාලෙකින් අනුන්ට කඩේ යන්න බැරි වුන හින්දා අයි මැට්ස් කස්ටියගේ පුංචි අටමගලකටත් සෙට්වෙන්න අපි හිතුවා.
අලුතාට අටවක කියන්නෙ හඳේ මොන කෑල්ල ද කියලා ගැටලුවක් ඇති වුනෙත් එදා. අටවක කියන්නෙ අටෙන් එකයි. ඒ කිව්වෙ මේන් මේ වගේ පොඩ්ඩයි. කියලා මෑන්ස් හඳ අටට දේශාංශාකාරව බෙදලා විග්රහ කළා. අනේ ගොඥො හඳේ කලා දහසයයි. කලා සොළොස පිරි පුරහඳ කියන්නෙ?? ආ ඇත්ත ද? අටවක කියන්නෙ හරි ම අඩ හඳ පළුව. කොහෙන් ද ඉඳන් ආපු සී. එස් කිව්වා. අඩා එතකොට මගේ ආර්ට් වර්ක් එක වරදිනවා??? අපේ අලුතා කියන්නෙ කොහොමත් අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහන පොරක්නේ?? ඔළුවටත් උඩින් වතුර ගියා ම තමා මෑන්ස් කලබල වෙන්නෙ.
පළමු භාෂා දේශනයටත් යන්න තිබුණේ සිකුරාදා. මං ටිකක් පරක්කු වෙලා ගියේ ඩොක්ට සොයිසා වැඩ අල්ලලා. මං නිකන් ලෝර්ඩ් වගේ ගිහින් වාඩි වෙන්න හදද්දි.. සොයිසා මහත්තයා මා දිහා බලලා “ඔයා රැග් කරනවා නේද?” කියලා අහපි. ඇති වෙච්චි සතුටට මට අර සෙනඟ මැද්දෙ සොයිසව ඉඹින්න හිතුනා. යකෝ මාවත් එච්චර පොරක් විදියට පේනව ද??? හික්ස් මට හිනා ගියා. උත්තර දෙන්න වෙලාවක් නොතිය ම ප්රශ්නය සභාවට දැම්ම “ඕගොල්ලො දැකලා තියෙනව ද මෙයා රැග් කරනවා.” මං හරි ම අහිංසක විදියට දෙවන වසර නංගිලා දිහාවට මන්දස්මිත් පාරක් දැම්මා. පන්තිය ම එක හඩින් නෑ කිව්වා. හා නංගිලා ඔච්චර කියන එකේ ගිහින් වාඩි වෙන්න. ආචාර්ය සොයිසා අවසර දුන්නා. හිම කුමාරිත් ඇස් පුංචි කරලා විරිත්තනවා මං බලාගෙන....."
දැන් වර්තමාන කියැවීමට යමු..!!!
කාලය මැව්වෙනසක අරුමේ කියන්නේ ඇවරිට දැන් මෙහෙම ලියන්න ඉතා අමාරුයි. නාකි වුනා ම එහෙම තමා පුතා. ජොයින්ට්ස් දර දර ගානවා හා නෑ ද? මොනා ද ඇවරි උයා...? ඇවරී.. උයා දැන් රිටයර් වෙන්න වගේ කතා තොපිත් මට කියාවි. ඇවරිතුමාගෙ නිල සංස්කාරකවරුන් කිහිප දෙනා ම එහෙම කිව්වා. ඒකට නම් කාරි නෑ කියමුකෝ. ඒත් 2016 ගෙවිච්ච විදිය ගැන කම්පනා කළාම ඇවරිට මාර ඇවරි තික්ග්කිග් එකක් ආව.
පළමුවෙනි කාරණේ ඇවරි ගැන දුකක්.
මගේ ම බ්ලොග් එක මම ම කියෙව්වා ම 2016 දී හිතෙනවා මොන කාලකණ්නිකමක් ද මේ කියලා. මොක ද මං 2012/13 දී කරපු මෙහෙයුම් වලින් 10%ක් වත් දැන් කොකරන නිසා. සිරාවට ඒ දවස්වල පැය පහක් හයක් නිදාගෙන කැම්පස් වැඩයි, ඔෆිස් වැඩයි, ප්‍රින්ටින්, ෂෝස්, දහම් පාසල්, හන්ටින්, කොටු පැනිලි, සියල්ල බැලන්ස් කරපු ඇවරිතුමා දැන් පඩි ගනිමින් වැඩ කරමින් සිටින බොහෝ අලස ජීවියෙක් වෙලා.
සාමාන්‍යයෙන් ඉස්සර එන්නේ ඩේලි ෂෙඩියුල්ස් දැන් වීක්ලි අප්ඩේට්ස්. හැබැයි කිසි මහන්සියක් නෑ. මොක ද වැඩ අඩුයි. සීට් එකේ හිටියොත් ඇති. නමුත් ඒක නෙමෙයි ඇවරි කැමතිවුන ජීවිතේ. දේවල් මහන්සියෙන් දැනෙන්න කරන්න තමා ඇවරිතුමා කැමති. දැන් ඇවරි කරන වැඩ නිකන් සිල්ලර ලොසින්ජර ගේම්. අපිට මීට වඩා හැපනින් ජීවිතයක් තිබුණා මහත්තයෝ...!! නිරසයි අතරමඟ අවහිර නොදුටු බිම කියන්නේ මේකට වෙන්න ඕන. කෝමත් හැප්පි හැප්පි ගලන කොටයි ගඟක් ලස්සන කියනවනේ මෙයා.
දෙක අයි ඇම් ද බොස් ඇන්ඩ් ඉට්ස් මයි ඔතෝරිටි චින්තනය
අපි ජූනියර් එක්සකටිව් ඉන්න කාලෙ අයිස් ගහන්න හිතුනා ම බොසා පිටින් දාලා ෂේප් වුනාට දැන් අපි බොස් වුනාම කරන හැම ප්‍රොසෙසයක ම හැම සැකසීමකම අවසානයක් තියෙන්න ඕන. වැඩක් කොහේ හරි නැවතිලා නම් ඇයි නැවතුනේ? කවුරු නිසා ද? මොනා ද විකල්ප? මොනා ද කරලා තියෙන්නේ? කෝ චේස් අප්ස්? පුෂ් කළේ නැද්ද? කතන්දර රාශියක්. ෂූ ඇහුවමත් දාඩිය දානවා නේහ්!!
තුන මයි කාර් මයි ප්‍රෙට්‍රල්
තමුන්ට හරි කියලා හිතෙන තීරණයක් අරන් පස්සේ ඉහළට රිපෝට් කරන නිසා වැඩ හුඟක් ලේසි වුනාට ඒ හරහා මගේ වැඩේ මං කරගන්නන් කියලා හිතන ලොකු සීන් හැඟීමට ඇවරි එච්චර ආස නෑ. වැඩක් නැවතුනොත් මට ම කැමැත්තෙන් පටන් අරන් යන්න වෙනවා. ඇදගෙන යන්න කවුරුත් ම නෑ. අන්තිමේදී වැඩේ නොකෙරුණොත් තමා ඉන්වෙස්ටිගේෂන් යන්නේ. එහෙම දිගට ම උනන්දුව පවත්වා ගැනීම මාර අමාරු වැඩක්.
හතර ඉන්කේස් ඔෆ් එමර්ජෙන්සි
දැන් නම් වෙන්න තියෙන නරක ම දේවල්වලට ඇවරිතුමා හිත හදාගෙන ඉන්නේ. සහ අපිට පළපුරුද්දත් එක්ක වෙන්න තියෙන නරක ම දේවල් වෙලා තියෙන්නේ. මීට වඩා නරකක් වෙන්න බෑ. වැඩක් වැරදෙන්න කලින් ට්‍රේනීස්ලාට මෙතනයි වරදින්නේ මෙතනදි පරිස්සම් වෙන්න කියලා කියන්න පුළුවන්. ඒක පළපුරුද්ද. අයියෝ කෙළවුනානේ කිව්ව ම ප්‍රශ්නයක් නෑ, ඊළඟට මේමයි කියලා රෙක්ටිෆයි කරන්න පුළුවන්. කොහේවත් උත්තරයක් නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැතුව කොන්දේසි විරහිතව සාධාරණ හේතුදැක්වීමක් හා පාපොච්චාරණයක් කරන්න පුළුවන්. ඒ නිසා ඔළුවට කිසිම ප්‍රශ්නයක් නෑ. පොඩිමවත් පීඩනයක් නෑ. මාර සැහැල්ලුයි. අන්න ඒ සැහැල්ලුව හරි බරක්. සිරාවට ම 2017 දී ඒ සැහැල්ලුව මැනේජ් කරගන්න විදියක් හොයා ගැනීමයි ඇවරිතුමාට ඇති ලොකුම අභියෝගය.
පහ ආත්තමාත්තකාමීකමේ අන්නතය
ඇත්තට ම 2000 දී සිටි ඇවරිතුමාට සාපේක්ෂව 2016 දී සිටින ඇවරිවිතාන ඉතා ආත්ත මාර්තකාමී ජීවියෙක්. අපි කරන්න පුළුවන් වැඩ බොහොමයක් අපේ නොවන නිසා මඟ හැරලා තියෙනවා. වෙන කෙනෙක් වෙනුවෙන් කාලයක් යෙදවීම කියන්නේ දැන් නම් කරන්න අමාරු වැඩක් නෙමෙයි. කරන්න බැරි වැඩක්. මොකද ඇවරි තමුන් වෙනුවෙන් සියලු ම කාලය වැඩ කර ඇති නිසා. එතකොට කරදර අඩුයි. බයක් කියලා ඇත්තේ ම නැති තරම්. දුකක් කියලා මතක ම නැති තරම්.
කොටින් ම ඇවරිතුමා 2016 දී ඇඩුවේ පහුගිය ඉරිදා ඒ 'සනම් තේරේ කසම්' ෆිල්ම් එක බලලා. පැය දෙකක් එක දිගට කඳුලු නොවේලා මී හරකා වගේ ඇවරිතුමා සතුටට ඇඬුවා. ඉතා ම සනීපයි. නමුත් ඇවරි කියන්නේ මෙහෙම මනුස්සයෙකුට නෙමෙයි. කාලය සහ අත්දැකීම් විසින් පරිණත කරන ලද හදවත් නැත්තෙක් කරන ලද ඇවරි පිළිබඳ සාධාරණ කියැවීමක් ඇවරිට ම තියෙනවා.
ඇත්තටම මං හිතන්නෑ මාව ආපහු දිය කරවන්න පුළුවන් කියලා. මං ගොරතර රකුසෙක් වෙලා. ක්ලාසි අලසයෙක් වෙලා. මේ තත්ත්වයෙන් මිදෙන්න 2017 දී පුළුවන් වෙන්න ඕන ඇවරි. ඔයාව බේර ගන්න ඒරොප්පෙන් කුමාරිකාවක් එන්නෑ. ජස්ට් ඩූ ඉට් මෑන්. ඔයාට හරියට ම ඕන මොනාද කියලා දැනගෙනත් වෙලාව නාස්ති කරන්න එපා. එයා යද්දි කියව්වා අමතක ද...?
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....