ඇවරිතුමා ගොඩක් කැමති වැඩකරන ප්‍රජාව සමඟ කාලය ගත කරන්න. බස්එකේ
කෝච්චියේ ගියත් ළඟ ඉන්න එකා එක්ක චැටක් දාගෙන යන ඇවරිතුමා, කැබ් එකක ගියොත් ඩ්‍රයිවර් කොල්ලත් එක්ක කතා නොකර යන්නේ බොහොම
කළාතුරකින්. ඒ කියන්නෙ ඉතා ම හාඩප් අවස්ථාවක කන සාක්කුවේ දාගෙන නිදාගෙන යන වෙලාවක
විතරයි ඉතිං. කතාව විතරයිනේ අපිට මිනිස්සුන්ව මිත්‍ර කරවන්නේ.
සාමාන්‍යෙයන් පාරෙදි කුණු අතුගාන මිනිස්සුන් එක්කත් ඇවරි හිනාවෙලා
කතා කරලා තියෙනවා. එක දවසක අතුගාන මනුස්සයෙක් තමා අතුගෑමේ නියම ටෙක්නික් එකත්
කියලා දුන්නේ. එයා කිව්වේ ඉදලේ අග්ගිස්සෙන් ම පොළොවට ලම්බකව අල්ලනව නම් ගොඩක් වේට්
එකකින් පහසුවෙන් අතුගාන්න පුලුවන් කියලා. කෝමත් ඒ ඒ මිනිස්සුන්ගේ ජීවිත සහ
වෘත්තීන් ගැන දැනගන්න ඇවරිතුමා ඉතා ම කැමැත්තක් දක්වනවා. කවදා හරි ඇවරිට ටී.වී ප්‍රෝග්‍රෑම්
එකක් නිෂ්පාදනය කරන්න දුන්නොත් අනිවා එතුමා තෝර ගන්නෙ ඒ සබ්ජෙක්ට් එක. අද කියන්නත්
යන්නේ එහෙම වෘත්තිකයෙක් ගැන කතාවක්.
එතුමිය පශු වෛද්‍යවරියක්. මේ ළඟක දි පත්වීම් ගත්තු දොස්තර හොඳහිත
නෝනා තාම සත්තු එක්ක කතා කරන බාසාව තාම ඉගෙන ගන්න ගමන්. එතුමිය විශේෂ කොන්ත්‍රාත්තුවකට
අනුරාධපුරයට කැඳවන්නේ අටමස්ථානය ආශ්‍රිත බල්ලන්ට වාසෙත්තමී සැත්කම් සිදු කරන්න.
ඔටාරා ආන්ටිගේ එම්බාර්ක් කස්ටිය තමා මේ ව්‍යාපෘතිය රන් කරන්නේ. ඔයාට කියන්න අනේ
අපේ සර් සතාව අල්ලලා බලලා කියනවානේ කලින් ඔපරේෂන් කරලා ද නැද්ද කියලා. ඇවිදින
විදිහෙනුත් එයාට කියන්න පුළුවන්. ස්කිල්ස් කමින් විත් එක්ස්පීරියන්ස් බේබි. දැන්
අදට සත්තු කී දෙනෙක් ව ගත්තාද? අද දහතුනක් විතර
ගත්තා. හිටන් ඉඳලා ම පණ ගියා.
දැන් ඕක ගොඩක් රිදෙනවද සත්තුන්ට. හිහි නෑ අනේ.. කොහෙත්ම රිදෙන්නේ නෑ.
නිකම් ඉදිකටුවක් ඇණෙනවා වගේ වේදනාවක් විතරයි.. අම්මාපල්ලා? පිස්සුද මනුස්සයෝ? ආවුච්... සැර වැඩිද
මන්දා... සතාගේ බඩ පළලා ආයෙත් මහලා ඒ තුවාලත් වේලෙන්න ඕන. මාසයක් විතර එයාව
බලාගන්න ඕන. බෙහෙත් දෙන්න ඕන. ඒකට සෑහෙන්න සල්ලි යනවා. අපේ ගෙවල් ළඟ ගෙදරක දෙපාරක්
ඔපරේෂන් කරලා බල්ලට ගොඩක් අමාරු වුනා. ඔයා මේ මඟුලක් කතා කරනවා ඇවරිතුමූ. එව්වා මොනා ද වත්තල හේමාස් එකේ
වැරදි ස්කෑන් එකකින්, ළමයා ඉන්නේ පැලෝපියන්
ටියුබ් එකේ කියලා අම්මාව ඔපරේෂන් කරලා ලක්ෂ දහයක් දිලා කේස් ක්ලෝස් කළා.
හැබැයි මේවයිදි දොස්තරලාට ම වැරැද්ද කියන්න බෑ. අන්න වෘත්තිය පාවා
නොදිමේ හණමිටි ගතිය එළියට ආව. ඇයි යකෝ ඩොකා නෙමෙයි නම් බාබර් යෑ ඔපරේට් කරන්නේ.
වත්තල සිද්ධියේදී මේ යූරින් එක බලලා වැඩට යන්න ආපු අම්මා යන්න හදද්දි දොස්තර කාර්
පාර්ක් එකට ඇවිල්ලා තමා ඉක්මණට ඇඩ්මිට් වෙන්න කියන්නේ. ඉතිං වෙන කෙනෙක්ට වගකීම
පවරන්න විදියක් නෑනේ. එහෙම නෙමේ අනේ දැන් මගේ අතින් එකම සතාට දෙපාරක් ඔපරේෂන්
කෙරෙන්න පුලුවන්. මොක ද මට එච්චර එක්ස්පීරියන්ස් නෑනේ. අනික පාරේ ඉන්න බල්ලන්ට
රෙකෝර්ඩ්ස් හිටන් නෑනේ.
ඒනිසා අපේ සර් නම් කියන්නේ ඒ සැත්කම කළාම කනේ පොඩි කැපුමක් දාන්න
සම්මතයක් ඇති කරගන්න ඕනලු. එහෙම වුනා ම කාටත් ලේසියි නේ. එයාට ටිකක් රිදෙයි. නමුත්
සීසන් එකේ දී දඩාවතේ ගිහින් මෙයාල කෝමත් කන් ඉරාගන්නවානේ. දෙපාරක් බඩ කැපුවොත් ඊට
එහා. අපිත් මේ යෝජනාවක් හැටියට කරන්නයි ඉන්නේ. හැබැයි ඕක කිව්ව ම සින්හල බවුජ්ජ ප්‍රජාව
රෙදි කරේ තියන් එයි. සත්ත්ව හිංසනේ කියලා.
හිතලා බලන්න. මේ සැත්කමෙන් සතාට ජීවිත අවදානමක් තියෙනවා. කනක් කපලා
තිබුණොත් ඊළඟට එයාව දකින අය අඳුනගනීවි එයා වාසෙත්තමී කරපු සතෙක් කියලා. සමහර විට
එයාගෙම ගෙයක්, එයාගෙ ම පවුලක්
ලැබෙන්නත් බැරි නෑ. මොක ද ගොඩාක් වල් බල්ලන්ව අපි ගෙදර අරන් නොයන්නේ මේ පැටව් කේස්
එක නිසා. අපි මෙච්චර වියදම් කරලා ඔපරේට් කරන එකේ කණත් කැපුවොත් ඒ සත්තුන්ට වඩාත්
යහපත් අනාගතයක් ලැබීමේ සම්භාවිතාවක් තියෙනවා. ඔයා නම් හොඳ එම්බාර්ක් එකට ම තමා.
මානව අයිතිවාසිකම් බල්ලට ගිය රටක බලු අයිතීන් කොහේ ආරක්සා වෙන්නද අනේ. දැන් උපාසක
නෝනා ශ්‍රී මහා බෝධිය වැන්දාද? අද රෑ වඳිනවා. දවල්ට
මෙහේ පිව්චෙනවා අයියෝ.
පිච්ච මල් පූජාවට එන්න බලන්න. අපිට ඉන්න වෙනවා. මං වෙනුවෙන් මේ කතාව
තව කාට හරි කියන්න. කන් කපනවාට අකමැති අයගෙන් සාධාරණ හේතුවක් බලාපොරොත්තු වෙන බවත්
කියන්න. එහෙම නම් මම තිබ්බා. මතකනේ ජුලි 7. ඇවරිතුමාට
තිබු රාජකාරී එක්ක පිච්චමල් පුජාව මඟ හැරුණත් සියත කවරේජ් එක නම් දවස පුරා බැලුවා.
අනුරාධපුරේ නිතර යැවෙනවා. රජරට විශ්ව විද්‍යාලෙ වැඩවලට. නමුත් දළඳා මාළිගාවට වගේ
සෙනිකට වැඳලා එන්න හිතෙන්නෙ නෑ. අනික කැම්පස් එක මිහින්තලේ නිසා වව්නියා හයිවේ එකේ
විදලා එනවා මිසක් ආයෙත් පූජා නගරයට යැවෙන්නේ නෑ. කර්මය එයාකාර වේ.... බේබි!! දබ්බී
සූප රසං යථා (හැන්ද හොද්දේ රස නොදන්නාක් මෙන්)
කොහොම නමුත් මගේ උගත් මිතුරිය කියපු කාරණාව ගැන බොහෝ දුරට හිතා බලපු
ඇවරි ඇය වෙනුවෙන් මේ සලාදය පළ කරන්න හිතුවා. අර කිව්වත් වගේ ඒ යෝජනාවට විරුද්ධ
වෙන්න හේතුවක් තියේ නම් පහලින් කොටාගෙන යන්න ඕනෑ....!
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....