Monday, January 25, 2016

මරණවා මේ ට්රි ප් එක කොහොම හරි යමන් දෙවන කොටස ඔව් සර් මාෂි කාර් එකේ....!!

සලාද ලියන්න වෙලාවක් වෙන්වෙන්නේ සතිය අග වුනාට සති මැද සලාද ලියලා හරි 2015න් 2016 ගෙනාපු බැක්ලෝඩ් එක අහවර කරන්න හිතුවා. අපි හා හා පුරා කියලා ගියපු විනෝද චාරිකාවක් ගැන කස්ටියට ලිව්වා මතක ඇතිනේ. මේ එදා ට්‍රිප් එකේ ඉතිරි හරිය. උලත් එකයි පිළත් එකයි - මළත් එකයි නැතත් එකයි කියාගෙන දුකත් සැපත් තුටින් විඳගෙන, ඉන්න අපේ කස්ටිය කොච්චරවත් පස්ට බිසී ඉතිං. අද මළගෙදර වැඩ කරනවා මචං පාංසකූලෙ දෙන්න කලින් වරෙන් කිව්වොත් එහෙම, එල කිරි යාළු රෑ වෙලා හරි එන්නම් මචං. මිනිය නැති වුනාට ඔය පුටු ටිකක් හරි අදින්න බැරියැ කියන ජාතියේ පොට්ට නවුෆර්ලා තමයි අපිට ඉන්නේ. ඇයි වාහෙ මිනිය නැතිව මළගෙදර බලන්න යන්නේ මොන ටීක්--ඩයක්ද?? එහෙව් ලෙවල් එකේ අජපාල බුවාල එකතු කරනවාට වඩා හොඳයි ලාහට ගෙම්බො අල්ලනවා. අවාසනාවට රෝස මලක් පරවෙයි නෙමෙයි, එහෙම දවසක් උදා වුන නිසා වාසනාවට ට්‍රිප් එක යන්න ලැබුණා.

කොහොමත් අනික් හැම ගැන්සියක ම වගේ අපේ ගැන්සිවලත් ලොරි ටෝක් දීලා අවසානෙදි ථූපාරාමෙට දන්දෙන්න පත සයිස් ගල්කණු ඉතිරි කරපු ජාතික පුත්‍ර රත්නයන් හෙවත් පච පචෝරිස්ලා නැතිව නෙමෙයි. මුල්ම විශ්ව විද්‍යාල චාරිකාව වුන නුවරඑළි ගමනේ දී පොඩි මැණිකේ කොළඹින් ඇදලා වේයන්ගොඩට එනකම් ම කීනා රේමන්ඩ්ව හම්බුවෙන්න ගිහින් ටොයිලට් එකේ. ඒ ග්‍රෙගරි වැව වටේ කෑම්ප් ගහන්න කතා කරපු මිනිස්සු. කටින් කයිවාරු - ටීක් අච්චාරු කියන්නේ ඕකට තමා. හැබැයි ඇවරිගෙත් ඒ හරිය එහෙම ම තමා කියලා අපේ බුවාලා කියන්න ගත්තේ එදා හවස් වෙද්දි.

අපි ගියපු සෙනසුරාදාවේ මාෂියෝනා උපාසිකා මාතාවට පේරාදෙණිය විස්ස විජ්ජාලෙ එම්. ඒ ලෙක්චර්ස්. කොහොමත් මාෂියෝනා කියන්නේ සසුන් ලැදි, පින් කැමති, පරහිතකාමී, දෑ හිතකාමී චුල්ල සුභද්‍රාවක් හැටියටනේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. කිව්ව ම මොකද ආයුබොවන් ඔය දැරිවි සිරිමත් මගෙ සකි වගේ අලුයම පිබිදිලා, ආදිපාද තුමාට කෑම බීම සරි කරලා, කඩවත හිටන්, හිටන් ම පේරාදෙණි යනවා නොවැ හැම සෙනසුරාදාවේ ම. අම්මපා. ඇල්මෙන් අකුරු උගනිව් එම්. ඒ තකා. බාගදා ඒ විදියට වැඩ සිද්ද වුනා නම් අපේ ගංගාවන්ට එදා මෝඩ ජෝක් එකක් රඟ දක්වන්න නොවෙන නිසා ඇගේ ජාමය බේරෙන්න තිබුණා. නමුත් සාමාන්‍යෙයන් කන්තාවො කියන දේ ම කරනවා නම් මෙලහකට ලෝක විනාස දහ පහළොවක් ඇති වෙලා කියන්නේ කට කහනවාට නෙමෙයි නේ.

සෙනසුරාදා මාෂි සුභද්‍රාවට නැඟිට්ටවන්නේ ම ආදිපාදතුමා. එතුමා ම උයාගෙන දවල්ට කාපු නිසා ලොකු ඉෂූ එකක් වුනේ නෑ. එහෙව් රටේ වෙලත් මේ කෙල්ල අනුන්ගේ නෝට්ස් වගයක් පොට්ට කොපි ගහන්න අරං ඇවිත් තිබුණා.

අපේ බුවාලා බුවීලා එම් ඒ කරපු හැටි අපූරු කතාන්දර ගොන්නක්. අත උස්සලා කැම්පස් ගිය නිසාත්, ඒ කාලෙ කළ බොහෝ ළාමක ටින් ටින් වැඩ නිසාත් කාටවත් පළමු උපාධිය ලොකු බරකට දැනුනේ නෑ. ඒ උපාධිය මත පිහිටා ලබා ගත්ත රස්සාවෙන් ඩොටේ පත්වීමක් හම්බෙලා පරස්තාවට කෙළවෙන්න ගියාම දෙන්නා දෙමහල්ලො යෙත් හම්බවෙන්න හදාගත්තු උගුලක් තමා එම්. ඒ කියන්නේ. නෑ නෑ හැමෝට ම නෙමෙයි ඔය හද්දා වන්නියේ ඉඳලා සිකුරාදා හවස කොළඹ පැදපු ගුරිච්චියන්ට මේ කතාව අදාළයි.

කොහොමින් කොහොම හරි ඉරගල වැටිලා දවස උදාවුනා ම මාෂියෝනාවට ලැක්චස් කට් කරන්න සිත් පහළ වෙනවා. උඹලා අපේ අම්මාට කේලම කියන්නේ නැත්නම් මං ලෙක්චර් කට් කරන්නම්. අපි එකඟ වුනේ එක පයක් කරේ තියාගෙන දෙපයින්. නැත්නම් මේ වහන්තරාව ඇන්න යන්න ආයෙත් හවහට පේරාදෙණි වරකෝ....ඒත් මේ නෝට්ස් ටික නොදී යන්න හොඳ නෑනේ. දැන් ඒ කෙල්ල ඇවිත් ඇති.

බිය නොවන්න අක්කණ්ඩිය... නෝට්ස් ටිකට මම බෙල්ල තියමි කියලා කාටත් ඇහෙන්න කාහල නාදයක් දාලා වැඩේ කලාස් කරන්න බාර ගත්තේ ගංගා මැතිනිය ඉතිං. සුපුරුදු පරිදි මේ දැරිවි හිල් පොල්කට්ටෙන් නාගන්න යන වග ඉවෙන් දැනගත්තු අරවින්ද මහත්තයා ගත්කටට ම කිව්වේ බොරුවක් කියන්න පුළුවන් කෙනෙක්ව එහි යවන්න කියලයි. ගංගාවෝ ගමේ අවුරුදු උත්සවේටත් ලොකු ම බොරුව කියලා කප් ගහපු බොරු ඔස්තාර් කෙනෙක් කියලා අරා දන්නේ නැතුව ඇති මයෙ හිතේ. හැබැයි යාළු මේ දෙන්න ම එකතු පහදු වෙලා අපිට බොරු කියද්දි නම් හරි ම තාත්විකයි. අම්මාපල්ලා... මං කියන්නේ සහතික ඇත්ත.

හෙලෝ නලීන්... අපි දැන් කඩවත තව පැය බාගෙන් ඔතන. පැය බාගෙකින් අරාට ගත්තා ම. කෝ බං මේ ගංගා තාම ලෑස්ති නෑනේ. මං ඇඳගෙන ඇවිත් ඉන්නේ. අපි වැඩි හොඳට, රුපියල් දෙකේ කෝල් එක ගැන නොහිතා අරාලගෙ ගෙදෙට්ට ගත්තා ම ප්‍රභාෂ්වර මලයා කියන්නෙ මෙහෙමයි. ආහ් අයියා මේ දැන් නාගෙන උඩහ ගෙදරට ගියානේ අයියේ. ඇත්ත ද මල්ලි හේනම් දැන් අඳිනවා ඇති නේහ්... මුගේ වජංබඉබඉයජවපං්‍

සීන් එක ඉතා ම නාටකීයයි. අපිට මලපනිනා සුළුයි. හැබැයි දෙන්නා ම වෙලාවට නාවට කාරිය අපි කිව්වොත් මචං තව ටිකක් පරක්කු වෙලා වරෙං කියලා පොල්ලෙන් ගැහුවා වගේ ඔන් ටයිම් එනවා. ඒ ඇවිල්ලත් ගංගා අද පාඩම ගම්පෙරළිය නේද කියාගෙන වාහනේ කොහේ හරි නවත්තාගෙන කොකන් පපා ඉඳීමට කාරුණික වුනත් එහෙම දවසට අරා, අඩුම තරමේ ත්‍රීවිල් කාරයෙක් එක්කවත් මොකක් හරි ගුස්තියක් අල්ලගෙන තමා එන්නේ. ඒක නිසා වැරදීමකින්වත් මේ ඩබල කියන වෙලාවට ම ආවොත් එදාට අපි ඩෙවල් කන්නේ. හාෆ් බොයිල් නෙමෙයි බුල්ෂයි එක්ක. රියෙලී...?? ඔව් මෙයා.     

අවසානෙට වැඩේ කරන්න තරමට ඉතුරු වුනේ ගංගාවෝ ම තමා. ‘වෙන්න කමා වැදි රජිඳේ -  නැත මට අන් සරණා තමයි.‘ අපි ගංගාව උඩ පේරාදෙණිය පාරේ දේශන ශාලාව වෙත ඇරලුවා. විනාඩි විස්සක් විතර ගත වුනත් කිසිදු ප්‍රතිචාරයක් නෑ. එකත් එකට ම තමුන්ගේ වැයික්කිය නිසා කාව හරි හම්බ වෙලා කයියකට ප්ලග් වෙලා ඇතිය කියලා හිතාගෙන අපිත් කරබාගෙන හිටියා. විනාඩි හතළිස් පහකට විතර පස්සේ සිනා මුසු මුහුණෙන් ආපු ගංගාවෝ කාරයට ගොඩ වුනා. නෝට්ස් ටික දුන්න ද? දුන්නා දුන්නා. සර් මොක ද කිව්වේ. ඒ සර් මං අඳුනනවනේ මාෂි. මෙහේ කොහේ ද කියලා අහලා කතා බහ කළා. අපි ට්‍රිප් එකක් යනවා කියලා මං සර්ට කිව්වා. සර්ට බොරු කියන්න බෑනේ අනේ. ඔයත් යන බව කිව්වා. සර් හිනාවෙලා කමක් නෑ කිව්වා. ඒත් ලෙක්චර්ස් එන්න කිව්වා.

චපල විය සිත ගුරුන් බැති පෙමිනා...
මේ යෝදි රථයේ සිටිතැයි මාහට කියැවුනා...
ඇත්තට ම ගංගා ඔයා නම් පංකාදු පහයි හෑ. මාෂි වෙව්ලමින් කිව්වා. හොඳ වැඩේ තොපි බළලුන් ලවා කොස් ඇට බෑව්වට. අරා සුපුරුදු පරිදි ගංගාභිනන්දනාව පටන් ගැනීමේ තේමා වාදනය ඇරඹුවා. ඔව් ඔව් ලබන සතියේ සර් මුළු පන්තිය ම ඉස්සරහා බාවයි මාව. මාෂි ඇඩුම් ස්වරයෙන් කියද්දි ගංගා එහෙම වෙන්නෑ ඔයා කිරිත් එක්ක සමහන් බොනවනේ වගේ ලොරි ටෝක් එකක් තමා දුන්නේ.


අපෝ මාෂි ඔයාව බාවලා ඒ අහිංසක මනුස්සයා හිරේ විලංගුවේ යන එකක් නෑ, මේ පින් කඳක් වගේ ඉන්න නාලක අයියා ගියාට. ගංගාවන් තොටමුණ ආදිපාද තුමාගේ බටර් තලියක් තවරද්දී අපි කුණ්ඩසාලේ හරහ දිගට ම දිගනට ඇදුනා. 

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....