Sunday, October 12, 2014

අරාගේ උපන් දිනය හෙවත් ඔබ අමතන හච් දුරකථනය කාර්ය බහුලය :P

අරාගේ මල්ලී විසින් සාදා මව සහ පියා විසින් දුන්
උපන් දින සුබ පැතුම්පත...
අරවින්ද චන්දරපද්ම සහෝදර පරාණයේ ජන්ම දිනය පහුගිය සෙනසුරාදා යෙදිලා තිබුණා. චන්දරේ ඇවරිගේ පාසල් මිත්තරයෙක් වගේ ම සමකාලීන සරසවි මිතුරෙක්. ආනන්දයේ කලා පන්තියෙන් පටන්ගත්තු අපේ මිත්‍රත්වය දැන් වසර දහයක් පැරණියි. අරා, දොඩමා (නිපුණ දොඩංගොඩ) සහ තේජි (තේජිත සෞභාග්‍ය එදිරිසිංහ) කියන තුන් කට්ටුව තමා පාසල් කාලයේ සියලු තුන් යහළු වික්‍රමයන් රඟපෑවේ. මේ තුන් දෙනා ම උසස්පෙළ නාට්‍ය හා රංග කලාව කළ නිසා සැබෑ ජීවිතේ දීත් මුන් තුන් දෙනා ම නළුවෝ.... මුංගෙ රඟපෑම් වලට ඇන්දිච්ච කස්ටිය තාමත් ඇඟගෙන ඉන්න කට්ටිය වගේ ම නමින් හරි මේ අයියලාව දන්න කට්ටිය මේ පුතයලාගේ නළුකම ගැන හොඳ වරුණාවක් කොරාවි. ලොල්    

අපේ යුනියේ අපාය සහාය මිත්තරයන් අතරින් අහිංසක ම මුහුණ තියෙන්නේ අරවින්දට කියලා මට දවසක් නර්මදා කියලා තියෙනවා. ඒ කතාව ඇත්තවෙන්නේ මේ පදනම මත පමණයි. අපේ අරවින්ද චන්දරේට ඕනෑ ම කෙල්ලක් ඇස් වලින් වසඟ කරන්න පැය භාගයක් ඇති. කෙල්ලන්ට ඉතා තියුණු එහෙත් අහිංසක නෙන් කැලුම් මුලින් හෙළන අචාන්දරපද්ම අවසානයේ දී ප්‍රතික්ෂේප කළ නොහැකි බොහො ම ආරාධනීය ඉංගිතයන් පාන බව ඇවරිට බොහෝ සරසවි සුභද්‍රාවන් කියලා තිබුණා. (මේ අදහස සී.එස් ස්ථිර කරනවට සැකයක් නෑ..) කොටින්ම අරාට ආකර්ශනය වුන සරසවි කෙල්ලො එෆ්.බී ෆේක් එකවුන්ට්ස් වලින් ඇවරි අරාගේ යාළුවා කියලා දැනගෙන ඇවරිත් එක්ක මාස ගණන් අරවින්ද ගැන විස්තර දැනගන්න චැට් කරපු කාලයකුත් තිබුණා. හඳ මෝදුවන කාලයේ හොඳටම චන්ද්‍රපද්මෝන්මාදයෙන් හිත පුරවා ගත් කෙල්ලක් ඇගෙත් අරවින්දගේත් විවාහ මංගලෝත්සවයේ දෙවන මනමාලයා වෙන්න ඇවරිට ආරාධනා කළේ ඒ අතරේ. ඈට පිස්සු බව නොදැන අරාට කතාව කීව ම චන්ද්‍රපද්මයා හෙවත් හඳපතයා මාව මරන්න අංගුලිමාලයා සේ කැලණි සරසවි පිට්ටනිය වටේ දුවගෙන ගිය බවත් ලියා තියන්න ඕන.

සිතුවිලි වර්ෂාවට අදාළ ඒ පෝස්ටුව ඇවරිගේ සලාදය ඩ්‍රාෆ්ට් වල තිබී ඇවරිට කියවන්න ලැබුණා. සලාදයේ ප්‍රකාශිත පෝස්ටු තරම්ම අප්‍රකාශිත පෝස්ටු එමටයි. ඒවා පබ්ලිෂ් කරන්න ඕන හතර රියනේ වැළලෙන්න බලාගෙන. ඇවරිට දුකක් දැනුන ම, දේවල් වැරදියි කියලා හිතුනා ම මං කළේ ඒ සිද්ධි නම් ගම් සහිතව ලියපු එක. ඇවරි හැමට සමාව දීලා ඉන්න, බොහොම දියාරු කොන්ද පණ නැති, මතයක් නැති ටයිප් එකේ මිනිහෙක් කියලා බොහෝ දෙනා කිව්වත් ඇවරි එහෙම ඉන්නේ ඇයි කියලා හොයන්න උත්සාහ කරපු කෙනෙකුට මේ ළඟ දි ඊට පිළිතුරක් හමුවුනා. ඒ සමහර දීර්ඝ රචනා සමහර මිත්තරයන්ට ඊ මේල් මගින් ලැබුණත් කිසිවෙක් අතට නොගිය සටහන් මේ මොහොත වන විට 82ක් දක්වා වැඩිවෙලා. ඒ තමා ඇවරිත් එක්ක වැළලෙන අනුන්ගේ අතීතය. ඇවරිගේ හිතේ හතර කොන මායිම් හොයන්න ආපු කෙල්ලක්, හිත් රිදවන සුළු ඒ සියලු සටහන් කියෙව්වා. ඇය කීවෙ ඒ නිවටකම  නොවන ඇවරිගේ ආදරේ කියලයි. මිනිස්සුන්ගේ හොඳ නරක හරි සියුම්ව ලියලා තියෙන ඒ පෝස්ටු වලින් වෙන වැඩක් කරන්න ඈ යෝජනා කළා. දැනට ඒ ඇති. නැවතත් උපන්දින පෝස්ටුවට.
අරාගේ මව විසින්  ළතෙත් දරු පෙම - අකුරු කළ කවි පෙළ...

චන්දරේගේ පුරප්පට්ටුව හමාර කොරමින් වර්තමාන කතාවට එළඹීමටයි දැන් යන්නේ. දැන් අර කලින් කී බඹර සැණකෙලි අතහැරලා අපේ ගංගාවන්ට ඇසට අසුවන මානයට වී, උදේ හවා දිවි කතරක ගංගාවයි - මට හමුවූ ගංගා යනුවෙන් ජප කරමින් යෙහෙන් කල් අරින හඳපත් මහතාට උපන්දින දා උදේ සුබපතන්න ඇවරි ගත්ත ම ඇමතුම විසන්ධි කළ නිසා බුකියට වැදී සුබපතන්න ඇවරිට සිද්ද වුනා. මිඩ් ඩේ ඇවරිට ලැබුණ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් කියැවුනේ චන්දරේ මහතා එම මැතිනිය සමඟ ඒ ශනිදාවේ ප්‍රාන්තයෙන් පිටට නුවර පැත්තේ සංචාරයක් සඳහා ගිය බවයි. දහවල් එකට විතර ඇවරිට ඇමතුමක් ගත් සඳපතා දැන් දළදා මාළිගයට පැමිණි බවත් උපන් දින සාදයට අදාල සංවිධාන කටයුතු සඳහා ඇවරිව ඇමතීමට බලාපොරොත්තු වන බවත් කියමින් සුබ පැතුම් පිළිගත්තා.

සවස ඈවර විතාන අම්බලන්තොට ආදිපාදවරයාගේ “කැදැල්ල“ වෙත ගියේ තීන්ත ගෑමේ කටයුත්තකට දායක්වය දක්වන්න. ආදිපාද තොටමුණ උදේ පාන්දරින් චන්දරේ අමතලා උපන්දිනය සඳහා සුබපතන්නේ නැතිව වෙඩිමක සූටින් එක් ගැන කියලා තියෙනවා. ඇවරි එදා අරාගේ උපන්දිනේ කියලා මතක් කළා ම ආදිපාද තොටමුණ සහ මාෂියෝනා කුමරිය එසැණ කොන්ෆරන්ස් කෝල් එකකින් සුබ පැතුම් එක් කළා.
ඇරවරිගේ චර පුරුෂ සේවාවට පින්සිද්ධ වෙන්න හඳපතයාට උපන්දිනයට ලැබුණු හොඳ ම තෑග්ගේ පින්තූරයක් සලාදයේ පළ කිරීමේ අවස්ථාව හිමි වුනා. මේ සිංහල ගුරුතුමියක වන චන්දරේගේ අම්මා විසින් තම පුතණුවන්ට දෙන ලද උපන්දින සුබපැතුම. එහි අරවින්ද ඉපදුණු දිනයේත්, සරසවියට ගිය පළමු දිනයේත්, 26 වැනි උපන් දිනයේත් ඇගේ හිතැඟි අපූරුවට කවියට නඟලා තිබුණා. මවකගේ අපරිමිත දාරක ප්‍රේමය හොඳින් පැහැදිලි වන ඒ පැදි පෙළට ඇවරිත් හුඟක් කැමති වුනා. ඒක දැක්ක ම අපේ අරාට කඳුළුත් ආව කියලයි වාර්තා වෙන්නේ.

සුපුරුදු පරිදි ගංගාවෝ තම සප්‍රයිස් ගිෆ්ටය චන්දරේ උදේ නැඟිටිද්දි කාමරේට ම යැව්වා කියලයි අපිට වාර්තා වෙන්නේ. ඇවරිත් දන්න තරමින් පහුගිය හැම අවුරුද්දක ම ඇගේ තෑගි, උපන්දින දා පාන්දරට අරාගේ කාමරයට ම ලැබීමෙන් ගංගාවන්ගේ බල පරාක්රමය කියාපාන බවයි, අපේ චිලී වැනි ආදරය පිළිබඳ ආචාර්ය උපාධි ඇති බවලත්තු අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ.

කුණාටු මහා සමුද්‍රයේ - ඔරුවක් යන්නා - නැවී අහා පරීස්සමෙන් එය පදවන්නා.... කියවනේ. ඇවරිත් අරවින්ද චන්දරේ එක්ක කාලගුණේ හොඳ කාලයේ දී වගේ ම කුණාටු සහිත ධාරාණිපාත වැස්සේත් ඔරු පදින්න සහාය වෙලා තියෙනවා. ජීවිතේ ඉතිරි කාලෙදිත් බිතුසිතුවම් රෑ මෙන් පිටුනොපාමින් - යුතු මතු වැඩ ම තෙපලමින් අභිවෘද්ධිකාර මිතුරෙක් වන්නට ප්‍රතිච්ඥා දෙමින් ඇවරිගේ සලාදයෙන් අරවින්ද චන්ද්‍රපද්ම සහෘදයාණන්ට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා.


ප.ලි - අරා ගැන ඊළඟ සලාද පෝස්ටුව ලියැවෙන්නේ “අරවින්දගේ පාර්ටි කෙරුවාව“ නමින්... දැන් ම හෙඩිම ලිව්වේ දැනටමත් බ්ලොගයකට කරුණු තියෙන නිසා. ස්ටේ ටියුන්ඩ් ම තමා!!!     

7 comments:

  1. අරවින්ද කෙසේ වෙතත්, ඇවරිනම් කාගෙදෝ මන්දා සොඳුරු බල පරාක්‍රමේකට යටවෙලා ඇසට අසුවන මායිමේ, බඹර සැනකෙලි විඳිමින් ඉන්නව කියලයි අපිට ආරංචි...

    ReplyDelete
  2. මගේ ප්‍රාණ සම මිතුරියක කී කතාව....
    නැව් පැදීම කොහොම වෙතත්, අන්තිමට කුණා‍ටු සාගරේ නැව් පදින්න ගිහින් නොමැරී ගොඩ ආවෙ අමාරුවෙන් බව හිතේ තියාගනිං. තවපොඩ්ඩෙන් අමුඩෙත් නැතුවයි එන්න වෙන්නෙ...
    කුණා‍ටුවට අහුවෙලා යටගිය අතීතේ සුං බුං ආපහු ගොඩ ගහන්ඩ වුවමනාවක් නැතිබවත් හිතට ගනිං

    @පබී...කවුද ඔය බොරු කතා පතුරවන්නේ හැබෑට හා..??

    ReplyDelete
    Replies
    1. මූදේ කුණාටු තියෙනවා කියලා නැව් මහ පාරේ යනන්නේ නෑ නේ. ඉතිං එක සැරයක් අමුඩේ විතරක් ඉතුරු කරගෙන මූදු ගිහින් ආවත් ආයෙත් යන්න වෙන්නේ මුහුදෙම තමා. නැව මාරු උනා කියලා මුහුද මාරු වෙන්නේ නෑ බොල

      Delete
    2. ඈ මොකක් අරවින්ද? ඇහුනේ නෑ...

      Delete
    3. පබී අපහාස කරන්න එපා දැන් අරා හොදට නැව් පදින්න දන්නවා... හා නැත්ද??... නැවිගේටර් හොද නිසා නැව නියම වරායට යනව මිසක් අරා පදවන නැව්...ලොල්

      Delete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....