ඇවරි නියොජ්‍ය ප්‍රධාන
ශිෂ්‍ය නායක ලෙස කටයුතු කළ එක කඨිනයක ධාරාණිපාත විදියට වැස්සා. දැන් පාන්දර දෙකත්
පහුවෙලා ඒත් පෙරහැර හැදෙන පාටක් නෑ. වැස්ස නිසා. එන පොට හොඳ නෑ වගේ තේරුණ නිසා
ඇවරි ශිෂ්‍යනායකයන් ලවා දහම් පාසලේ ළමයින්ගේ බෞද්ධ කොඩි පෝලිම හා ශිෂ්‍ය නායකයන්ගේ
සේසත්, අව් අතු මුර අතු අංගය වැස්සේ ම පෙළ ගස්වන්න කටයුතු යෙදුවා. මල් බයිසිකල්
ගෙනියන පැටව් වගේ ම හැමෝ ම වැස්සේ තෙමුණා. අපි එළියට බැහැපු බව දැකපු නායක
හාමුදුරුවෝ පන්සල් මිදුලට ඇවිත් දායකයන්ටත් එන්න කිව්වා. කවුදෝ ගෙනත් අල්ලපු
කුඩයක් අපේ නායක හාමුදුරුවො කාරුණිකව ප්‍රතික්ෂේප කළේ අපි වැස්සේ තෙමෙන නිසා. එදා
පොඩිඋන්ට අසනීප වුන බවක් මතක නෑ. අපි ළමයි පෙරහැරක් පටන් ගත්තේ ඒ විදියට.
ඇවරි ප්‍රධාන
ශිෂ්‍ය නායකයාව හිටි කාලෙ ස්කොඩ් එකේ ගියපු මගේ ශිෂ්‍ය නායකයෝ මාකොළ හන්දිය මැද්දේ
කොඩි ගෙනියන ගමන් මෝලම් තාලෙට නටලා ධර්ම විද්‍යාලයේ නම්බුව වනසන තැනට කටයුතු කළා.
උන් කොච්චර හෑව ද කිව්වොත් මහ පාරේ බෞද්ධ කොඩි අරං එකා පිට එකා කෝච්චි පවා ගිහින්
තිබුණා. ඇවරි පෙරහැරේ කඨීනය ළඟ නිසා ඒ
කිසිවක් දැක්කෙ නෑ. සහකාර ප්‍රධානියෙක් කියපු කතාව අහලා ඇවරි පෙරහැර මුලට එද්දි
ඇවරිගේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වාසනා තත්ත්වය සමථයකට පත් කරලා තිබුණා. හැබැයි ඒ වාඩුව
ගන්න පහුවදා මීටින් එකේ දී මං පලු යන්න බැන්නා කියලා මතකයි. අනික් පැත්තට මං වාසනාගෙනුත් නොසෑහෙන්න
බැනුම් ඇහුවා. “ඔයා කියන්නේ මාර කතාවක් නේ. ඒ මෝලම් සද්දෙට අපිත් නැටවෙනවා. තරුණ
ළමයි ටිකක් නැටුව ම මොකද? අනික මේක දළදා පෙරහැර නෙමේනේ. ඒ හරිය කරුවලත් එක්ක. පොඩි
උන් ටිකක් නටලා සතුටු වුනා. ඒකට මේ ඩෝං යන්න ඕන නෑනේ?? වාසි මට බැන්නේ ඒ විදියට.
කොහොම නමුත් ඒ සිද්ධියෙන් සති කිහිපයක් යනකම් මං ප්‍රිෆෙක්ට්ස් මීටින් ගියේ නෑ,
වාසනාට ම බලාගන්න දුන්නා.
ඇවරි කඨිනය
ගන්න කලින් ප්‍රධාන ශිෂ්‍ය නායකයා විදියට නියම ස්ථානයේ ගමන් ගන්නවා. එහෙම යන අතරේ
ඇවරිගේ නරක ම පුරුද්දක් තමා මයිමින් කිරීම. ඒ ගැන හොඳින් ම දන්නේ මගේ එහා පැත්තේ
පෙරහැරේ යන වාසනා. “එක්කෝ ඔයා සින්දුව කියන්න. නැත්නම් මමත් පද මතක් කර කර ගිහින්
කොහේ හරි වලකට වැටෙන්න ඉඩ තියෙනවා. “ කවුරු මොනව කිව්වත් පෙරහැරක කොඩියක් ගෙනියනවා
කියන්නේ අමර කට්ටක් ඉතිං. අපි කට්ට රහ වෙන්න පෙරහැරේ යන ගමන් සින්දු කිව්වේ ඒ
විදියට. කඨිනයට පහුවදා අපේ ගමේ පන්සලේ සියක් නමක් වීෂයෙහි සාංඝික දානය පිරිනැමෙනවා.
මාබිම ආසන අංකල්, (එයා තමයි හැමදාම සියක් නමට ම ලෑලි දාලා ආසන පනවන්නේ. ඇවරි කැමති
ම චරිතයක්) ආසන හදලා සියක් නමකගේ කකුල් හෝදලා හරි පිළිවෙලට දානෙ දෙනවා. නමුත් අපේ
දායකාවො කෑමට කරන සූස්තර යුද්ධය හාමුදුරුවො නික්ම ගියාමයි බලන්න පුළුවන් වෙන්නේ. දායකයො
සප්පායම් වෙන්න ගියා ම කෑම වර්ග අස්ථාන ගත කිරීම්, ඇතුළෙන් බෙදා දීම්, බැණ
අඩගැසීම් සියල්ල දැකබලා ගන්න පුළුවන්. හරියට අර නිඝන්ටයන්ට දන් දුන්නා වගේ. අපිටත්
නිල වශයෙන් මේ දානෙට දවසක් යන්න වුනා. කලින් දා පෙරහැරට එන දායකයෝ දානෙට එන්නේ
අඩුවෙන්. ළමයි නම් එන්නැති තරම්. දානෙ දෙද්දි ඒ අය නිදිනේ.
ඒ දානෙ අපිට
මඟ අරින්න බැරිවුනේ ස්ථානය පිළියෙළ කරන්න ශිෂ්‍ය නායකයන්ට භාර වී තිබුණ නිසා.
ඇතිවන තත්ත්වය ගැන දන්න නිසා වාසනා ලවා ශිෂ්‍ය නායකයන්ට කෑමට පිඟන් කලින් ම ලෑස්තිකරවන්න
මං උපදෙස් දුන්නා. එදා දායකයන්ට කෑම දෙද්දි අපේ පිරිස පූර්ව සූදානම නිසා යහමින්
කෑවා. හැබැයි ඊළඟ කඨිනයේ දී ළමයින්ට කෑම පාර්සල් ගෙන්නන්න පොඩිහාමුදුරුවො මට
රුපියල් දෙදහසක් එවලා තිබුණා. ඉතිං හිතාගත්තැහැකිනේ සියක් නමක දානයක් දීලා අවසානයේ
දායක ඇත්තෝ කෑමට මරා ගන්න අපූරුව??
ඉතිං මේ සියලු
රසයන් කැටිවුන ගමේ පන්සලේ කඨිනය කියන්නේ පින් වැඩෙන වටිනා අවස්ථාවක්. මුල් කාලෙ
අපි කප්රුක එහෙමත් හදලා තියෙනවා. කප්රුක කියන්නේ අර කැමති කැමති දානෝපකරණ එල්ලන
ගහට, පිරිකර, සල්ලි, ඉදල් කොසු, ආදී ඕනම දෙයක් කප්රුකේ ගැටගහන්න පුළුවන්.
දැන් ළමෝට නම් මේ තරම් හොඳට කඨිනට විඳින්න පුළුවන්කමක් නෑ. පහුවදා පන්තිනේ.
හැබැයි අපි
නම් එදා රාත්‍රිය අපේ සමකාලීන අයියලා අක්කලා එක්ක ප්‍රීතියෙන් ගත කරනවා. දැන් උන්
බැඳලා ළමයිනුත් ඉන්නවා. හැබැයි අපි එකතුවුන තැන හරිම රසවත්. අහලපහල දායකයන්ගේ
රැවුම් ගෙරවුම් වලට අහිංසක අපි නිරන්තරයෙන් ලක්වෙන්නේ කඨීන දා රෑ අපේ
සිරික්කියයි, දාංගලේයි හොඳටෝ.... ම වැඩි හින්දා!!!!
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....