Friday, August 29, 2014

සුරතල් කැදැල්ලක නිදහස් රසය විඳී...

ඇවරි සාමාන්‍යයන් සති අන්තයට කාර්ය බහුල වුනාට හුදකලා යාත්‍රාවට අවස්ථාවක් ලැබුණොත් අතහරින්නේත් නෑ. දැන් නම් ටිකක් විතර සංවිධානගත සති අන්ත සැලසුම් ඇති නිසා කලින් ම අදාල සති අන්තයේ කළ යුතු දේවල් පෙළගස්වා ගැනීම සිරිතක් වෙලා. ඉතිං මේ සතියේ ඇවරිගේ සති අන්ත සැලසුම් වල කැදැල්ල 2014ත් ඇතුළත් වෙලා තිබුණා.
හිස සතපන්න කොට්ට තෝරමුද‍‍..?

මගේ සබ්ජෙක්ට් එකත් එක්ක කැදැල්ල අදාල වෙන්නෑ. නමුත් ගෘහ නිර්මාණය කියන්නේ ඇවරිගේ කැමති ම විෂයක්. මොකද ආයුබෝං අපි දන්නැති වුනාට සංචාරක ආකර්ෂණ කියන බොහොමයක් තැන් එක්කෝ භූ දර්ශන නැතිනම් ගෘහ නිර්මාණ තමා. අනික කැදැල්ල දැන් කාලෙ නිවාස තාක්ෂණය ගැන දැන ගන්න යාවත් කාලීන වෙන්න අපූරු අවස්ථාවක්. ගියපාර මං මුහුදු වැල්ලෙන් බිත්ති බඳින කස්ටියකට කතා කළා මතකයි. රුපියල් සියයක ප්‍රවේශ පත්රයක් අරං ඇතුල් වුනාට මොක ද කැදැල්ල බලන්න ගිහින් මුල්න් ම මට පහු කරන්න තිබුණේ සල්පිල් සීමාවක්. මට නම් අරහං වුනා. නැති මඟුලක් නෑ වගේ ම ඇති මඟුල් අස්ප ගණන්. ඊළඟට මගේ අතට කූපන් දෙකයි. සිම් පතකුයි ලැබුණා. මං තුනම කුණු බක්කියට දැම්මා. දුන් කෙනා මට එපා කියන්න අවස්ථාවක් දුන්නෑ. ඒක මට දුන්නේ මේක අල්ලගන්න. මට පිටිපස්සෙන් එන අයටත් දෙන්න තියෙනවා කියන්නා වගේ හදිසියකින්.
ලයන්කෝ නවතම හඳුන්වාදීම...

මේ වගේ ප්‍රදර්ශන වල හැම බඩුවක් ම විකුණන නිසා ආපු වැඩේ කරගන්න ටිකක් අමාරුයි. ඇතුල්වුන ගමන් ම ඇවරිව අල්ලගත්තේ එච්. එන්. බී ඉන්ෂුවරන්ස් එකෙන්. අයිසේ ගෙවල් හදන තැනක රක්ෂණ මොකට ද? එහෙම කියන්න එපා සර්. ගේ හදන අතරෙදි මළොත්? වෙනවට නෙමෙයි ගෙයි වැඩ යන අතරේ සර්ට කරදරයක් වුනා මොනවාද කරන්නේ? මට හිනා ගියා බන්ස්. මං මෑන්ස් සනසලා ඉදිරියට ගියා. අති බහුතරය තිබුණෙ ඉන්ටීරියර් ඩෙකෝ. ඩ්‍රෙපර්ස්, ෆැබ්රික්, සොෆා, බ්ලයින්ස්, කර්ටනින්, බ්ලා බ්ලා බ්ලා...... හැබැයි හොඳම නිමාවට තිබුණා. එච්. එස් ෆැබ්රික්ස් වල මං සෑහෙන්න වෙලාවක් ගත කළේ ඒ අයගේ කුටියේ වූ පිළිවෙල නිසාමයි.
මටත් කුෂන් එකක් ඕන...

තවත් තැනක සාමාන්‍ය සැපයුම්කරුවන් කුෂන්, කෝට්ට, පුටු කවර, ආදිය සැපයීමේ යෙදුනා. අම්මයි තාත්තායි කුෂන් තෝරද්දි සමහර පොඩ්ඩෝ ඇඟිලි ඉරුවේ මේ විදියට. තවත් සමහර අයට එහි තිබූ ඇතැම් අංග විනෝද ඔංචිල්ලා වැනි වුනා. මෙවැනි චිල්ල මලයක් ජෙට්වින් යාල හෝටලයට එක් කළ පසු එය අද එහි අනන්‍යතාවක් තරමට ජනප්‍රිය වෙලා. ගේකටත් එහෙම අයිටම් එකක් දැම්මම යුනික් ස්ටයිල් එකක් එනවා කියලයි රෙප් කිව්වේ. හැබැයි වියදම ටිකක් සැරයි ඉතිං. තවත් තැනක පොඩ්ඩන්ට නියම ඇඳක් ලයන්කෝ සමාගම විසින් හඳුන්වා දීලා තිබුණා. සිංගප්පූරුවෙන් ආනායන කරන ලද එම ඇඳ කාර් එකක හැඩයෙන් නිර්මාණය කරලා තිබුණා. ඔවුන් ඇඳ ගෙන්වලා මෙට්රස් ලංකාවේ හදනවා කියලයි කිව්වේ.
මේවගේ ඩිෂිබිල් එකක් බෙල් එකක් වෙනුවට??

පැන්ට්‍රි කබඩ් තාක්ණය දැන් ලංකාවෙ ටිකක් ඉදිරියට ගිහින් ඇති බව මං දැක්කා. පැන්ට්‍රි කබඩ් ලීයෙන් කළා ම සත්තු ගහන නිසා දැන් දැන් මල නොබැ‍ඳෙන වානේ වලින් හදන පැන්ට්‍රි කබඩ්ස් වලට වැඩි ඉල්ලුමක් ඇති වෙලා. පොදුවේ ගත්තහම බිමට ටයිල් දැමීම වෙනුවට කරන්න වැඩ කෝටියක් ඇති බව මං වටහා‍ගත්තේ එතනට ගිහිල්ලා. 


ඔංචිලි චිලි ච්ල්ල මලේයා‍‍....
පාර්ටිෂන් ගහන කලාවෙත් අලුත් අලුත් දේවල් ඇති බව මං දැන කියා ගත්තා. හැබැයි ඒවා කොච්චර කලක් පවතිනවද කියන එක තමා ගැටලුව. හැමෝ ම වර්ග අඩි ගැන තමා කතාව. කැදැල්ලේ ෆාස්ට් මූවින් කන්සියුමර් ගුඩ් එකවුනේ කොට්ට. දැන් කාලෙ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න වල හැටියට හරියට නින්ද යන්නෑ තියන එක පැහැදිලිව පේනවා නේද කියලා සමාජ විද්‍යාත්මක මතයක් සභාගත කළේ  ඇවරිගේ ගමන් සහයිකාව. ඇත්තට ම කොට්ට විකුණපු බුටික් දෙකේ ම සෑහෙන රෂ් එකක් තිබුණා. අත‍ට ගන්න කොට්ට ඔබලා බලලා තියලා ගියේ එහෙමත් අයෙක් තමා. කිව්වට මොකද ආයුබෝන් ඇවරිත් මේ ළඟදි කොට්ටෙ මාරු කළා.   



ඒ ඉස්සර තමා ‍හිසේ අමාරුවට ‍කොට්ටෙ මාරු කළා වගේ කිව්වේ. දැන් කාලෙ ඇත්තට ම කොට්ටෙ මාරු කළොත් හිසේ අමාරු නැති වෙනවා. නිකමට මාරු කරලා බලන්නකො. ඒ නිසා වෙන්නැ මයෙ හිතේ වැඩි ම පිරිසක් ගත්තේ කොට්ට.


පර්සියානු බුමුතුරුණු..
ඩී.එස්. අයි සැම්සන් හි නිවස උළු සහ තවත් කුඩා කර්මාන්තකරුවකුගේ උළු ගැන සෑහෙන්න තරමේ විස්තරයක් කරනන් තරම් ඇවරි ඉගෙන ගත්ත. මේ සියලු කාරණා කටයුතු හමාර කොරද්දි වේලාව සෑහෙන්න හවස් වෙලා තිබුණා. එදා දවසේ මහේන් අයියා මුණ ගැසීමත් ඇවරිට වැදගත් සිදුවීමක් වුනා..

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....