Thursday, August 28, 2014

Princes Mashiyona with Duke of Ambalanthota ප්‍රින්සස් මාෂියෝනා විත් අම්බලන්තොට ආදිපාද..

වෙන වෙඩින් වල මනමාලි තමා පරක්කු වෙන්නේ..
ආගිය කතා, ඕපදූප, පරණ ලව් ගැන යාන්ස් ප්‍රෙන්තන් සමඟ බෙදා ගනිමින් සිටි අපිත් මඟදි කුස පුරා කෙළලා ආවට මොකද මඟුල් කෑමටත් සෙට් වුනා. කට්ලරිවල අඩුපාඩුවක් නිසා හැඳි තිබුණෙ නෑ. අපේ සමහරු නම් සුප් හැඳිවලින් බත් කන්න තරම් ලෝර්ඩ්ලා වෙලා තිබුණා. ඇවරි සහ සී. එස් නම් ප්‍රධාන සුපවේදියාට කියලා මුළුතැන්ගෙයින් හැඳි දෙකක් ගෙන්න ගත්තා. අපි මේසේට එද්දි චිලියා සුප් හැන්දෙන් බත් අහුරු පිටන් ගිලදාන ඡායාරූපය බලධාරියා විසින් කපා හරින ලද බව කියන්න ඕන. අතුරුපස සඳහා එහි සිටියේ අප පමණයි. අපි හිටගෙන ම, හීනියට නටාගෙන රිසි පරිදි බෙදාගෙන අතුරුපස නම් කෑවා. ඉන්පස්සේ නැවතත් පුද්ගලික පොටෝ සුට් තමා. ඔය අතරේ සී.එස් නව යුවල ශාලාව වෙත කැඳවාගෙන ඒමේ වගකීම ඇවරි වෙත පැවරුවා. ඒ අවස්ථාවට නියමිත වෙඩින් මාර්ච් එකක් වාදනය කළ යුතු වුනා.

මං යද්දි දෙන්නා ලක ලැහැත්ති වෙලා ඉවරයි. මාෂිට ඒ ගවුම තිතට මැච් වුනා. ආහ් අපේ චිලී දැන් වෘත්තිය ඇඳුම් නිර්මාණ ශිල්පිනියක්. හරිය (ඒක මේ පේඩ් ඇඩ් එකක්) ඇගේ මල් කළඹ, සපත්තු නියම ගැලපීම දිහා බලමින් මං ඈව කැමරාගත කරද්දි තොටයා කාමරෙන් එළියට ආව. අපි පරක්කු නෑනේ. ඉන් පස්සේ දෙන්නා වෙඩින් මාච් එකට ඇවිදින්න ටිකක් ට්‍රේන් වුනා. නිකන් ප්‍රින්සස් මාෂියෝනා විත් අම්බලන්තොට ආදිපාද වගේ. දෙන්නා අත් දෙක පටලවගන්න හැටි විසඳගන්න ගිහින් තව පොඩ්ඩෙන් මරා ගන්නවා. නෑ අනේ ඔයා අත උඩින් කියලා තොටයා කියද්දි. මාෂි කිව්වෙ ම අත යටින් කියලා. මාත් දෙන්නට ඇවිලෙන්න ඇරලා බලාන හිටියා. යන වෙලාවක යමකෝ කියලා. අන්තිමේදි දෙන්නා ගැටලුව නිරාකරණය කරගෙන මගේ පස්සෙන් ආවා. මේන් එන්ට්‍රන්ස් එකේදි අපි වෙඩින් මාර්ච් එක දාලා දෙන්නව ස්ථානගත කළේ ඡායාරෑප ගන්න.

ඔය අතරේ කපල් එක ඩාන්සින් ෆ්ලෝ එකට ඇදගෙන යන්න වෙලාවක් එවලා එස්.එම්.එස් එකත් ආවා. අපි වෙලාවට ඇවිත් තොටස්ව ඇදගෙන ෆ්ලෝ එකට ගියා තොටයා නටද්දි දීපු රැග නම් අමතක වෙන්නෑ. රගාත් එකතු වෙලා අන්තිමේ දී සී.එස් කැමරාවත් තියලා ඇවිත් අඤ්ඤකොරොස් බ්‍රේක් ඩාන්ස් එකක් දැම්මා. ටික වෙලාවකින් අරත් ෆ්ලෝ එකේ. යකෝ කවුද කැමරා කරන්නේ. ඔටෝ පයිලට් බං ඔටෝ පයිලට්...!!! කොහොම නමුත් කාලෙකින් ඇවරි දාඩිය දාන්න නැටුවා. යුනියේ යාළුවො ගොඩක් ෆ්ලෝ එකේ හිටි නිසා අපි කැම්පස් සෝෂල් එකේ නැටුවා වගේමයි. තොටයා සෑහෙන කාලයක් හොස්ටල් හිටි නිසා ඒ මඟුල් ගෙදර වැඩිම කැම්පස් යාළුවො සහභාගී වුන මඟුල හැටියට වාර්තා ගත වුනා. 

ඉවසයි ද මන්දා.... අපි දුන් රැගින්...

මාෂි නම් වයින් කළ බෝනික්කි වගේ නැටුවා. තොටයාගේ තට්ටු තට්ටු ඩාන්ස් ස්ටයිල් එකෙත් පුංචි මෙව්ව එකක් තිබුණා. හැබැයි මචං අර බෙලෙක්කිගේ වොයිස් එක සික්ස් එයිට් වලට නම් නියමෙට ගියා. ගයියාට ඈ නිසා මල්සර හී සරේ මිස් වුනේ කණ ගාවින්.

ඊළඟට මංගල සභාව, යූෂුවලි බෝරින් පාර්ට් එක කිව්වට ආයුබෝන් ෆන් ටයිප් ෆැමලි වෙඩින් වල හැපනින් මංගල සභා තමා තියෙනවා. ඇයි ද කිව්වොත් එහෙම වෙඩින්ස් වලට අපිට තර්ඩ් පාර්ටි ෆ්‍රෙන්ඩ්ෂිප් ඉන්විටේෂන් දුන්නට අපිත් ඉවෙන්ට් එක ඉවර වෙද්දි ෆැමලි ම වෙන නිසා. ඉතිං ඒ කතා පවුලේ හෑල්ලක් වුනාට අපිට රිලේට් වෙනවා. ඇයි මුං දෙන්නා ගැන ඕපයක් නේ බං කියැවෙන්නේ. ඒකත් වෙන තැනක නොකියැවුණ එක්ස්ක්ලූසිව් එකක්. ගොඩක් යාළුවන්ගේ ෆන්ටයිප් නෑයො ඉන්න වෙඩින් වල මංගල සභාව ඇවරි මිස් කරන්නේ නැත්තේ ඒ නිසා. හයික්ලාස්, ස්ටීරියෝ ටයිප්, නෑයො සෙට් එකක් හිටියොත්, අද දින විවාහ ප්‍රාප්ත වූ නව යුවල වගේ තැනකින් පටන්ගෙන... හැලි සභාවක් තමා එළියට එන්නේ. එතකොට කාපුවා දිරවනකම් පැය භාගයක් ඇලට් එකක් දාතැහැකි.
අද විතරයිනේ අනේ... ලැජ්ජ වෙන්න එපා අයියෝ...
 මාෂිගේ තාත්තා පුබුදු මහතා, සියලු කටයුතු කරලා අවසානයේ නිවේදක කටයුතුත් කරමින් වෙඩින් එක පීක් එකට ගෙනාවා. පුබුදු අංකල් පට්ට රහක් ඇති මිනිහෙක්. ඕයි චිත්‍ර උපාධියක් නැතිව කිසිදු මූලික සුදුසුකමක් නැතිව උසස් පෙළ දරුවන්ට චිත්‍ර උගන්වලා විසි ගාණක් ඒ සාමාර්ථ සහිතව සමත් කළ ගුරුවරයෙකුගේ දුලභ කතාව කියූ අංකල්ගේ ගජ යාළුවා නියමයි. කොහේ ද ඉදිරි පෙළ අසුන් අරං හිටි ඇවරිට වහාම මංගල සභාවෙන් නැඟිට පසුපසට ස්ථාගත වෙන්න වුනේ ඉදිරි කටයුතු සැලසුම් කරගන්න තිබුණ නිසා. අර තොටයගේ ආච්චි කියපු හිටිවන කවි පෙළ නම් අපූරුයි. ඇවරි සෑහෙන්න ඇයට චියර් කළා.

ඔය අතරේ තමා ඇවරි ගෙනාපු ස්නෝ ස්ප්‍රේ එක නැති බව සුගියා වාර්තා කරන්නේ. ඇවරිට ස්ප්‍රේ එකක් දාන්න මතක් වුනේ කලින් දා ඔපීසියේ දී. ඒත් රාත්තිරියේ ගන්න කඩයක් නොතිබුණ නිසා අමල්කා හොට් ලයින් ගත්ත ම උදේ හතට බඩු දෙන්නම් කිව්වා. එච්චර කට්ටක් කාල හොයාගත්තු ස්ප්‍රේ එක නෑ කිව්ව ම ඇවරිට යකා නැංගා. අන්තිමේ දී කස්ටිය මේස යට හේම රිංගලා පැත්තක දාලා තිබුණ ස්ප්‍රේ එක හොයන් ඇවිත් කපල් එක යන්න කලින් ගැහුවා. හැබැයි වුන දේ ගැන මං මුකුත් ලියන්නෑ, ඇයි තව සමහරු සබන් බෝල පිම්බුවා, නූල් ඇද්දා කතන්දර ගොඩයි. ඒ හැමෝට ම මොකක්හරි බාල්දියක් පෙරළන්න අවංක ඕනකම තිබීම ගැන ඇවරි සතුටු වෙනවා.

මංගල්‍ය නියමෙට ගියා. නිල කැමරා ශීල්පී සී.එස්ගේ හැසිරීම ඉතා සතුටුදායකයි. සී.එස් මෙදා හෝටලයේ කිසිවකට හානි නොකර අපේ කස්ටය හදපු හෝර්ඩින් එක විතරක් කඩා දැමීම ගැන ඇවරි අවංක ආදර ස්තූතිය පළ කරනවා. මෑන්ස් උදේ ෂූට් එක පරක්කු කළ නිසා රගා කාපු කට්ට ගැනත් ලියන්න වටිනවා. රගාට තුනට කාර්එක ඕන කී නිසා රගා දෙකට නැඟිටලා සී.එස්ට ගත්තලු. නිදිමතේ ආන්සර් කළ සී.එස් මචාං තොටගෙ ෆෝන් දෙකම ඕෆ් බං එන වෙලාවක් තාම නෑ.... අපි දන්නෑ බං අපි නිදි කියලා කට් කරලා තියෙනවා. අන්තිමේ දී ෂූට් එකට එද්දි පාන්දර පහයිලු. ඒ මුළු කාලයේ ම කාර් එකට වෙලා රගා සී.එස්ගෙ හක්කේ තියන සෙම ඇරෙන්න මුවකින් කියා නිම විය නොහෙන ගුණ කදම්බය සුද්ද සිංහලෙන් වැදෑරුවා කියලයි වාර්තා වුනේ.

පිස්සු ද නෝන එන්න අපි නටමු....
අවසානයේ දී රෑසිරි වස්සන වෙඩිමක ලස්සන හා එකතු වෙන්නට අපිට අවස්ථාව ලැබුණා. මාෂි සහ තොටස්ගේ යුග දිවියට ඇවරිගේ සලාදයේ සුභාශිංසන පිරිනමන අතරේ ලාහෙන් මනින්න දරු සම්පත් ලැබී දෙන්නා දෙමහල්ලන්ගේ ජීවිත සතුටන් පිරේවා කියලා ප්‍රර්ථනා කරමින් තොටකුමාර මහේෂී මංගල්‍ය පිළිබඳ ඉන්සයිඩ් ස්ටෝරිය මෙලෙස අහවර කරනවා.

  

2 comments:

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....